10 October 2011

ජීවිතේ ගීතයක්..ඒ වගේම හීනයක්...

හරි ඔන්න අදත් දවසම පිස්සු ‍කෙල කෙල ඉඳලා අන්තිමේදී හිතුනා ලියන්න ඕන කියලා... ඒත් මොනවා ලියනවාද කියලා තාම අදහසක් නැහැ.. ඒ කියන්නේ ඔළුව හිස්.

ඒත් ලියන්න කියලා ගත්තාම මොනවා හරි ලියන්නම ඕන නැත්තං නිකං මොකක්ද මොකක්ද වගේ...

ඔන්න හරි දැන් මතක් උනා ලියන්න ඕන මොකක්ද කියලා... මං ඔය කිව්වේ ලියන්න හිතුනම ලියන්නම ඕන කියලා..නැත්තං මොකක්ද මොකක්ද වගේ කියලා අන්න එතනින් පටන් ගමු.

ලියන එක ඇබ්බැහියක් වෙලා තියෙන මං මේ ළගදී කියපු දෙයක් සමහර අය දන්නවා ඇති.. ඒ තමා මං අර බස් රේඩියෝවේ කතා බහ කරපු වැඩ සටහන..එතනදී මං කිව්වා මං මේ බ්ලොග් එක 500න් නවත්තන්න හිතං ඉන්න විත්තිය... ඔව් ඒක ඇත්ත... මං හිතන්නේ අමාරුවෙන් උනත් මං ඒක කරන්න ඕන කියලයි. ඒත් ඇයි ඒ..?

ඒකට හේතු කිහිපයක්ම තියෙනවා... එයින් එකක් තමා මං කිසිම දෙයක් කිසිම විදියකින් දීර්ඝ කාලයක් කරගෙන යන්නේ නැති එකෙක් වීම. මං මගේ ඇතුලේ තියෙන ඒ ගතියට හරිම කැමතියි.. හැබැයි මෙයිට අවුරුදු දහයකට විතර ඉස්සෙල්ලා කාලෙකදී මං මගේ තියෙන ඒ ගතියට අකමැති වෙලා හිටිය කාලයකුත් තිබුනා... මට ඒ දවස්වල කිසිම දෙයක් දිග කලක් කරන්න බැහැ... ඒක ගැන අපේ ගෙවල්වල උදවිය..මං දන්න කියන අය මට බොහෝම දොස් තිබ්බා.. ඒ අය විතරක් නෙවෙයි මමත් සමහර වෙලාවට හිතුවා ඇයි මං මෙහෙම වෙන්නේ කියලා...

ඒත් එදාට වඩා අද මං දන්නවා ඒ ගතිය තමා මාව ශක්තිමත් කරලා තියෙන්නේ කියලා... හුගාක් දෙනා බය වෙන හෙට දවස ගැන මං ඒ හැටි බය නොවෙන හේතුව ඒකයි... සමහරු හුගාක් බය මරණය කියන එකට මං ආදරය කරන්නේ ඒකයි... හුග දෙනෙක් ජීවිතය ගැන හිතන්න කල්පනා කරන්නේ නැතිව ජීවත් වෙන විදිය ගැන හිතද්දී මං ජීවත් වෙන්නේ ඇයි කියලා හිතන්නේ ඒකයි...

මට හෙට ගැන ඒ හැටි බය වෙන්න දෙයක් නැහැ..ශාරීරික දුර්වලතාවයක් අසනීපයක් ඇර වෙන ලොකු බලාපොරොත්තු රාශියක් මගේ ලෝකේ නැහැ... පැත්ත වැටිලා තද බල අසනීපයක් වෙනවා කියලා හරියටම දැනුන අන්තිම තත්පරේදී එකතු කරලා ලග තියන් ඉන්න සහ නිතර නිතර අළුත් කරමින් තියා ගන්න මගේ පෙති එකතුව එක පාරින්ම ගිලලා දාන්න ඕන කියන තීරණය අදටත් ඒ විදියටම තියාගෙන ඉන්න තරං මට හයියක් තියෙනවා... මරණය කියන දේත් තවත් එක වෙනස් වීමක් විතරක්ම වෙයි මට.. එච්චරයි ඕක ගැන ඒ හැටි බය වෙන්න ඕන නැහැ.මෙච්චර කාලයක් මේ ලොකේ මිනිස්සු අනිවාර්යයෙන්ම මුහුණ දුන්න දේට ඇයි මං විතරක් බය වෙන්නේ... ඒකත් මං දකින්නේ තවත් එක වෙනස් වීමක් ලෙස පමණයි...මෙච්චර කාලයක්ම වෙනස් වීම් වලින් නරකක් නොවුන එකේ ආයේ ඕකෙන් විතරක් නරකක් වෙන්න හැටියක් නැහැනේ...

මට තාමත් තියෙන්නේ ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය විතරයි... හැම එකාම උපදිනවා.. අනිත් උන් කියන කියන හැටියට හැඩ ගැහෙනවා... අනිත් උන් වගේම එක්තරා ගමනක යනවා.. ඒත් ඇයි ඒ යන්නේ කියන එක ගැන දන්න අයවත් හිතන අයවත් හරි අඩුයි.. ඒ අයට තියෙන්නේ අම්මලා තාත්තලා පෙන්නලා දීපු පාරේ නොනවත්වා යන්න... සමහරු ඔය අස්සේ ආගම් දහම් අනුව හේතු හොයන අවස්ථා දකිතත් මට මෙච්චර කාලෙකට හම්බ උන කිසිම කෙනෙකුට ඒකට උත්තර හොයලා දෙන්න බැරි වෙලා තියෙනවා... සමහරු මෙතනට බුදු දහම ගෙනල්ලා හේතු දක්වයි.. ඒත් දැන් ඉන්න හුග දෙනෙක් මට ඒක අවබෝධ කරවලා දෙන්න තරං හැකියාවක් තියෙන අය නෙවෙයි. සමහර විට මං තාම ඒක අවබෝධ කරගන්න සුදානම් නැද්ද කියලානං දන්නේ නැහැ.. ඒත් තාමත් මට බැහැ... ඒකට හේතුව බණ කිව්වට ඇත්තටම තමන්ට ඒ ගැන අවබෝධය හරියටම නැත්තං එයා කොහොමද මට ඒක ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරවන්නේ..? දැනට තියෙන පොත පත හා ඒවායේ ඇතුලත් කරුණු හරහා ලබා ගත්ත දැනුම හරහා පර්යේෂණ කරමින් ඉන්න අයට නිෂ්ඨාවක් නොදැක තව කෙනෙකුට ඒ දේ කියා දෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ...මාර්ගය එකක් අවබෝධය එකක්... ඕක විවාදාත්මක කාරණාවක්..ඒක අපි පැත්තකින් තියමු.

මං කිව්වනේ මගේ ජීවිතේ යන්නේ වෙනස්වීම් එක්ක කියලා.. ඇත්තටම එදා නොදැකපු වටිනාකමක් මං ඒ තුලින් දකිනවා අද.. ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි මට බොහෝම ඉක්මනට අත අරින්න පුළුවන් කමක් තිබීම... කිහිපයක් දේවල් වලදී පමණක් අත ඇරීම කල් ගියත් එක්තරා තැනකදී මං ඒක අතඅරිනවා ආයේ ඒ ගැන කල්පනාවක් නැතිවම... මේ ලිපියට කලින් ලිවුව කවි පන්තිය අවසානෙදී මං කල්පනා කලේ ඇත්තටම තවමත් මගේ හිතේ ඒ කෙනාට ඉඩ තියෙනවද කියලා.. කවියක් හැටියට ඒක ලියලා ඉවර උනාට පස්සේ තමා මං තේරුම් ගත්තේ කවියකට හේතු පාඨයක් වීම හැර එයින් එහාට මගේ හිතේ එහෙම ඉඩක් නැති විත්තිය... ඒ තමා සාමාන්‍ය මගේ ස්වරූපය...

දන්න අය දන්නවා මං පහු ගිය කාලේ සෑහෙන කාලයක් කැප කලා නැති වෙච්ච ආදරයක් වෙනුවෙන් අඩන්න දොඩන්න.. සමහර විට කෙනෙකුට ඒ හරහා හිතෙන්න පුළුවන් මං ආදරය වෙනුවෙන් හැමදාටම දුක් වෙන මිනිහෙක් කියලා... ඇත්තටම අන්තිම සම්බන්ධතාවය වෙනුවෙන් මං දුක් වෙච්ච කාල සීමාව ටිකක් වැඩි උනත් ඔය මගේ පළමු වැන්නිය නෙවෙයි... මගේ මතකය නිවැරදි නම් ඔය 23 වැන්නිය හෝ 24 වැන්නිය... කලින් විස්සකට වඩා අත ඇරිය මට මොන හේතුවකට හරි මේ පාර ටිකක් වැඩි කාලයක් ඒ වෙනුවෙන් ගත උනා.. ඒත් අවසානයේදී මං අත ඇරියා... දැන් ඒක ඉවරයි.

මං මේ ටික කිව්වේ අත හැරීම ගැන මං සතුටු වෙනවා සහ අතඅරින්න බැහැ වගේ කියන ඒවා අත ඇරියා කියලා අවසානෙදි තේරුම් ගත්තාම හිතට දැනෙන නිදහස විඳින්න මං කැමතියි කියන්නයි. කිසිම දේකට ඕනවට වඩා ඇලිලා ඉන්න එක මහ දුකක්... මං ඒ දුකෙන් ඈතට දුවන්න ඕන...

බ්ලොග් එකත් එයින් එකක්... දැන් මට මේක ඇබ්බැහියක් වෙලා... ඒ හින්දා මං හිතන්නේ මං මේකෙන් ඈත් වෙන එක හොඳයි කියලයි. නැත්තං මේකත් තවත් එක බැඳීමක් විතරක් වෙයි... මෙච්චර දේවල් අත අරින්න පුළුවන් උන මට බ්ලොග් එකක් නිසා මගේ වෙනස් වීම නැති කර ගන්න ඕන නැහැ. ඇත්තටම මේක මට නොවටිනවා නෙවෙයි..ඒත් අත අරින්න බැරි තරමේ දෙයක් බවට පත් කර ගන්න තරම් වටිනවා කියන්නත් බැහැ...

ඔය තමා එක හේතුවක්...තවත් තියේ..

ඒ තමා පොතක් ලියන්න තියෙන කැමැත්ත... මට යන්තං කියවන්න පුළුවන් උන කාලේ ඉඳලම මං හුඟාක් කියෙව්වා... නැති වෙච්ච මහප්පගේ අල්මාරිවල තිබුන පොත්... ලොකු අම්මා ඉස්කොලේ පුස්තකාලෙන් ගේන පොත්.. මහප්පලගේ දුවලා ගෙනල්ලා දෙන පොත්... ටිකක් ඈතින් තිබුන මාමා කෙනෙක්ගේ ගෙදර තිබුන පත්තර චිත්‍රකතා පත්තර... ඊට පස්සේ ඉස්කොලේ පුස්තකාලවල පොත්... එක පාරක් මං පුස්තකාල තුනකට බැදිලා හැමදාම පොත් තුනක් ගෙනත් පහුවදාට ඒ තුනම කියවලා ගිහින් දීලා තව පොත් තුනක් ගෙනාව කාලයක් තිබුනා...

මං ඉස්කෝලේ ගියා ඇර බාහිර පන්තිවලට ගිහින් තියෙන්නේ ජීවිතේටම මාස ගානක් විතරයි.. ඒ නිසා මට කියවන්න ඕන තරම් කාලය තිබුනා..හයේ පන්තියෙන් වගේ පස්සේ මං කවදාවත් ගෙදර වැඩ කරං ගිය ළමයෙක් නෙවෙයි..ඒ වගේම ගෙදර වැඩ පොත් බලන වෙලාවට කොහොම හරි ගැලවිලා ඉන්න පුළුවන් කමකුත් තිබුනා... ඒ හරහා හැම තත්පරයම මට කියවන්න පුළුවන් උනා... අද මට ඒ පොත් ඇතුලේ තිබුනේ මොනවද කියලා මතකයක් නැතත්.. ඒවායේ නම්වත් හරියටම මතක නැතත් මං හිතන්නේ මට අවුරුදු 14ක් විතර වෙනකොට මමං ඒ වෙනකොට නිකුත් වෙලා තිබුන රුසියානු පරිවර්ථන පොත් සියල්ලම පාහේ කියවලා තිබුනා යුද්ධය හා සාමය පොත් කට්ටලය ඇර.. ඒක කියෙව්වේ මං ත්‍රීවීල් එක හයර් කරන කාලේ.. ඒ ඇර මට පොතක් අතෑරුනානං එහෙමත් එකක් තමයි... එහෙම එක පොතක් පස්සේ එළවලා එළවලා මේ ඊයේ පෙරේදා අල්ලගත්තා...
සයිමන් නවගත්තේගමගේ පොත් කියවන්න ගත්ත කාලේ මං ඒවායේ තිබුන සමහර දේවල් ගැන මේ ලොකේ දෙයක් දන්නේ නැහැ.. තනිකරම කුණුහරප වගේ.. ඒත් කියෙව්වා... අවසානෙදී අවුරුදු 17න් පසුව මගේ කියවීම සීමා උනා... ඒත් එක හීනයක් ඇතිව.. ඒ තමා මං පොතක් ලියන්න ඕන කියන එක...

පොත් කියවන හුග දෙනෙකුට මේ හීනය තියෙනවා කියලා මං දන්නවා.. ඒ වගේම හීනය තිබුනට ලියන්නේ එයින් බොහෝම අඩු පිරිසක් විතරයි කියන දේත් පේන්න තියෙන දෙයක්.. ඇත්තටම ලියන්න ඕන කියලා හිතුනට මොකක් ලියනවද කියලා මට තේරුමක් තිබුනේ නැහැ.. කොටින්ම ලියන්නේ කොහොමද කියලවත් මට තේරුමක් තිබුනේ නැහැ... වතාවක් දෙකක් එහෙම ලියන්න උත්සහ කලත් එක පාරක් මා අතින් ලිය උනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේ එකක්..ඒ කිසිම දෙයක් ඒ හැටි දුර ගිය ඒවා නෙවෙයි..ඒත් පස්සෙන් පහු කාලෙක මේ බ්ලොග් එක ලියන්න ගත්තට පස්සේ තමා මට යන්තම් තේරුනේ මං දැකලා තියෙන්නේ මට ලොකු වැඩි හීනයක් කියන එක.. ලියන එක ලේසි නැහැ...

ඒත් කාලයත් එක්ක මං ඔහේ මොනවා හරි ලියන්න පෙළඹුනා.. පෑනකින් කඩදහියක ලියනවා වගේ නෙවෙයි මෙතනදී මට ලොකු පහසුවක් තියෙනවා තාක්ෂණික අතින් ලැබුන ඒ පහසුවත් එක්ක මං අදටත් ඔහේ ලියනවා.. ඒත් දැන් මට තේරෙනවා මං ඒ ඔහේ ලියන එක අඩු කරලා ලියන දේ පිළීවෙලක් කලොත් හොඳයි කියලා... ඒත් මේක මේ විදියට ලියන තාක් කල් මට මං ලියන එකේ අඩුපාඩු හදා ගන්න වෙන්නේ නැහැ... අක්ෂර වින්‍යාසය..ව්‍යාකරණ නීති රීති වගේ දේවල් ගැන මගේ අවධානය එන්න එන්නම දුර්වල වෙනවා.. ඒ මේ නිදහස් ලිවීම හරහා... ඒ විතරක් නෙවෙයි හිතට එන දේ අමු අමුවෙම ලියලා දැම්මම ගොඩාක් දිග කතාවකට ගන්න පුළුවන් කතා වස්තු නිකංම එළියට විසිවෙලා අමු අමුවට මැරිලා යනවා.. කිසිම දෙයක් හිතේ පැහැවන්න ඇරලා පදම් කරලා කලාවකට අනුව එළියට එන්න කාලයක් නැහැ... ඒක හරියට සකස් නොකරපු කුඹුරක වී ඉහිනවා වගේ දෙයක්... පැලවීමේ ප්‍රතිශතය සීයයට එකකටත් අඩුයි..

දැන් මට ඕන මේ දේවල් ටික හදා ගන්න... දැන් මාස ගානක ඉඳන් මගේ නොවන කතා කිපයක් මගේ ඔළුව ඇතුලේ කැරගෙනවා... මට දැන් ඒ ටික පිළීවෙලක් කරන්න ඕන..මගේ ඊ ළග උත්සහය හරියන්න හරි වරදින්න හරි ඒ දේ කරලා බලන එක... ඒක කරන්නනං මං ඔළුව ඇතුලේ තියෙන දේ පදම් කරන්න පටන් ගන්න ඕන..මේ බ්ලොග් එක ලියන තාක් කල් මට ඒක කරන්න වෙන්නේ නැහැ... ඉස්සර තිබුනේ නැති තරං වේගයකින් ලියන්නත්.. බය නැතිව ලියාගෙන යන්නත් මේ බ්ලොග් එක හරහා මට සෑහෙන පුහුණුවක් ලැබුනා..දැන් මං ඒක හරි විදියට සකස් කර ගන්න ඕන කාලේ.. ඒ හින්දාත් මං මේක නවත්තන්න ඕන...

සමහර විට මං පොතක් තියා කවියක්වත් නොලියා ඉන්නත් ඉඩ තියේ ඒ මගේ හැටි... ඒත් පොඩි උත්සහයක් දැරුවට කමක් නැහැනේ... මොකද ඔය පොත් ලියන හීනේ වගේම තමා තවත් තිබුන හීනයක් උනේ දඟ පන්දු යවන්නෙක් වෙන්න.. බොරු කියන්නේ මොකටද කොල්ලෝ හුගාක් දකින හීනේ..ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරන්න..මගේ කැමැත්ත තිබුනේ මුරලිගේ තැනට.. හිනාත් යනවා නේද..? ඒත් ඒක ඇත්තම කතාවක්... අදටත් ලෙදර් බෝලයක ගානට සරිලන තරමක් බර තියෙන ඕනෑම දෙයක් අතට අහු උන ගමන් ලගම තියෙන පොලව මත ඒක දඟ කවන්න මං පුරුදු වෙනවා.. කොටින්ම කිව්වොත් මේ ඉස්සරහා තියෙන ෆැෂන් වැලේ ලොකු ගෙඩි එකක්වත් ඉදෙන්න තියන්නේ නැත්තෙත් ඒ පුරුද්ද හින්දයි.. ඉස්සර ගෙදර තිබුන ජම්බෝල ගහේ ගැට ටික ඉවර කරන්නෙත් ඒකටම තමා.. ඒත් ඒක හීනයක් විතරයි... කොයි තරං දඟ කවන්න පුරුදු උනත් ඒක ඉස්සරහට ගෙනියන්න තියෙන මාර්ගයේ යන්න මට අවස්ථාවක් තිබුනෙත් නැහැ.. මං ඒ හැටි ඒ වෙනුවෙන් කැප උනෙත් නැහැ... දැන්නං මට ලෙදර් බෝලයක් සල්ලි වලට අරගෙන පුහුණු වෙන්න පුළුවන් නේද කියලා මතක් උනෙත් මේක ලියනකොටයි.. ඉස්සර කොහෙන්ද ඕවට සල්ලි වියදම් කරන්නේ... මං චිත්‍ර අඳින්න ආස උනත් චිත්‍ර විෂයක් හැටියට තොර නොගත්තේ ඒවාට ඕන උපකරණ ගන්න සල්ලි හොයාගන්න බැරි විත්තිය දන්න හින්දයි.. අන්තිමේදී මෙලෝ හසරක් තේරෙන්නේ නැති සංගීතයක් කරලා සාමාන්‍යපෙල සහතිකයට එකතු උන එකම එෆ් අකුර එකතු උනෙත් ඒ කරපු දෙයින්ම තමා... ඕවා පරණ කතා..දැන් මොකටද..?

හරි කොහොම උනත් මං මේ බ්ලොග් එක 500 වැනි පෝස්‍ට් එකෙන් පස්සේ නවත්තනවා.. ඒත් මාස තුනකට එකක් හැටියට පෝස්ට් එකක් වැටෙවී..මොකද සින්ඩිවල තව ටික කාලයක් මේක තියෙන එක හොඳයි කියලා මට හිතෙන හින්දා... සමහර විට අත ඇරලා දැම්මට පස්සේ එහෙමවත් නොලියන්නත් ඉඩ තියේ... ඒ තමා මං.. කවදාවත් කිසිම දෙයක් එක විදියකට කරන්න බැරි උන මං...ඉස්සරහටත් එහෙමම වෙන්න කැමති මං.. එහෙමම ඉදලා මැරිලා යන්න කැමති මං...

ඔන්න අන්තිමේදී මං මොනවා හරි ලිව්වා..අගක් මුලක් නැති උනත්..එකකට එකක් විරුද්ද අදහස් තිබුනා උනත් ඔය තමා ලිය උන ටික...හා දැන් ඇති...

37 comments:

  1. මගේ නම් නෑ ඔය අදහස ගැන කිසිම කැමැත්තක්
    අනේ මන්දා ඉතින් :( :(

    ReplyDelete
  2. "පොතක් ලියන්න" ඒක නම් නරක අදහසක් නෙවේ ලියලම බලන්න හරියන්න හෝ වරදින්න නම් කරලම බලන්න එපෑය .හිතේ සැක සංකා තියාගන්නේ නැතුව එක හිතින් වැඩේ කරගෙන යන්න .

    හීන ඉතින් අපි කාලඟත් තියනවා නේ . සමහර ඒවා හීනම විතරයි . මගේ හීන ටික මෙතන ලීවොත් උඹ ආයේ මාව මේ බ්ලොග් එකට වද්ද ගන්න එකකුත් නැහැ

    උඹටනම් අයියේ පොත ලියලා ඒක ජනප්‍රිය උනේ නැතත් අවුලක් තියේද ? ඒක ලියපු සතුටම මදිද ? අනික උඹට තව නැතිවෙන්න දෙයක් තියේද ..? ඒවගේද ඔය ලියන එක ජනප්‍රිය වුනෝතින් නැතිවෙනවට වඩා දේවල් ඇති කරගන්න හැකියි . හැම දේකටම අතගහපු උඹ ඇයි මේ වැඩේට විතරක් දෙපාරක් හිතන්නේ ?

    අවුරුදු දෙකක් බ්ලොග් එක එලටම ලියපු පන්නරය උඹට දැන් තියනවා අයියා. මම කියනවාටවත් වෙන අය කියනවාටවත් අදහස වෙනස් කරන්නේ නැතුව ඒ අදහස උපන් ගෙයිම වැලලෙන්න දෙන්නේත් නැතුව ක්‍රියාවට නංවලා බලන්න .

    හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා !!

    ReplyDelete
  3. අනේ මන්දා මාරයෝ....අද ටිකක් සීරියස් වගේ....

    ReplyDelete
  4. anay kata wahagena nikang liyapang! blog hari poth hari... andara demala nokiya!

    renu

    ReplyDelete
  5. මුලින්ම ඉල්ලා සිටිනවා බ්ලොග් අවකාශය හැර නොයන ලෙස...

    ඒ වගේම ලියන්න යන පොත් ගැන - එය ඉතා අනගි අදහසක්. ලස්සනට, හිතට කාවදින්න ලියන්න ඔබට පුළුවන්. ජය!

    ReplyDelete
  6. oyage jeewithe theory eka mata therenawa... habai thawath theory ekak thiyanawa...

    aei kiyanne ... hondata karanna puluwan deya digatama karanna onae...

    ekeng hama denaatama sathuta bedanawa...

    ithing dekama karapang... blog eka kapuwoth api oheta ewanawa "grease yakinniyek"!!!!

    renu

    ReplyDelete
  7. මලක් තමයි බෙහෙත,,,,

    ReplyDelete
  8. මේකෙ audio එක අහන්න විදයක් නැත්ද?

    ReplyDelete
  9. "පැත්ත වැටිලා තද බල අසනීපයක් වෙනවා කියලා හරියටම දැනුන අන්තිම තත්පරේදී එකතු කරලා ලග තියන් ඉන්න සහ නිතර නිතර අළුත් කරමින් තියා ගන්න මගේ පෙති එකතුව එක පාරින්ම ගිලලා දාන්න ඕන කියන තීරණය අදටත් ඒ විදියටම තියාගෙන ඉන්න තරං මට හයියක් තියෙනවා..." ...ෂිහ්... ලියාපු කැත ඒක...!!!!

    ReplyDelete
  10. මාර තුමා,
    අර කතාවක් තියෙනවා මිනිහෙක් වෙන්න නම්
    1. ගහක් වවන්න ඕනෙ,
    2. පොතක් ලියන්න ඕනෙ,
    3. පුතෙක් හදන්න ඕනෙ කියල. මම හිතන්නේ දැන් මාර තුමා අර ගහෙයි පුතාගෙයි වැඩේ (එච්චර අමාරු නැති වැඩ) හරි ගිහින් වෙන්න ඇති පොතේ වැඩේට (සාපේක්ෂව අමාරු) බහින්න යන්නේ. හොඳයි හොඳයි.. ඔහොම යමු.

    ReplyDelete
  11. ඔබතුමාගේ ජීවන තියරියට එකඟ තාවයක් නම් නැ , ඒත් ඒක ඔබතුමාගේ කැමැත්තනේ , හැබැයි ඒ තියරියට අනුව නම් බ්ලොග් එක අතහරින එක තේරුම් ගන්න පුලුවන් .පොතක් ලියන එක නම් සැහෙන්න වටිනා කියන කාරණාවක් , සාර්ථක කරගන්න ලැබේවා කියල සුභ පතනව

    ReplyDelete
  12. ම්..ම්..ජීවිතය ඇත්තටම ගීතයක් තමා...ඒත් ඒක හීනයක් වෙන්නෙ අපි ජීවිතය භාරගන්න විදිහ අනුව..බ්ලොගය තුලින් අප දකින ඒ සුන්දර (මාර)මිනිසාගේ පොත ලියන හීනය ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  13. ඉස්සෙල්ලම කලේ කැල් එක අරන් ආකයිව් එක එකතු කරපු එක... මේ 472... ඒ කියන්නෙ තව 28 යි... ඒ කියන්නෙ තව වැඩිම උනොත් මාස දෙකයි... අනේ මන්ද මාරය... මොනව කියන්නද...

    පොත ලියන එක නම් උපරිම වටින අදහසක්...

    ReplyDelete
  14. අපොයි,, මම තාම කියවන්න පටන් ගත්තා විතරයි..නවත්තන්න හදනවනේ..

    ReplyDelete
  15. @ සපා
    මොකටද සපා කැල්කියුලෙටර් හරඹ කරන්නෙ..අර තියෙන්නෙ උඩින් මේ වෙන කොට 472 කියලා රතු පාටින් බැබලි බැබලි.....
    කෝකටත් මම මේ සැරේ ගියාම අර පෙති ටික ගැන බලන්න ඕන...කල් ඉකුත් වෙච්ච පෙති බීලා මේකට මොනව හරි වුනොත් එහෙම....

    ReplyDelete
  16. පෙති කිවුවෙ . . . ??? සිල්ඩෙන‍ෆිල් ජාතියක්වත් දැ ???

    ReplyDelete
  17. You are in major Depression !!!!

    ReplyDelete
  18. පොත ලියන්න. බ්ලොග හැර දමා නොයන්න කියන්න අපිට අයිතියක් නැති මුත්....

    කොහොම වුනත් අනිත් දේවල් අත අරිනවා වගේ ඔන්න ඔය පෙති එකතු කිරිල්ලත් ඒ වගේම බ්ලොග නැවැත්වීමේ තීරණයත් අත ඇරලා දාමු... :)

    ReplyDelete
  19. ඉතිං පොත ලියන්න පොඩි පුහුණුවක් මේ බ්ලොග් එක නවත්තන්නේ නැතුව මේකෙන්ම ගන්න බැරි වෙයිද?
    හ්ම්ම්ම්ම් දැන් මේ කිව්ව දේවල් ගමු. මේ දේවල් එක්කහු කරලා මේක කටින් කියනවා වගේ නැතුව කතාවක් වගේ ලියන්න බැරිද?
    ඒ කිව්වේ කාට හරි වෙච්චි දෙයක් වගේ නැත්තම් කාට හරි හිතෙන දෙයක් වගේ?
    මේ පෝස්ට් එකේ කරුණු ටිකම ගත්තොත්.... එකම දේ එක විදිහට ගොඩ කාලයක් කරන්න බැරි කෙනෙක්ගේ සිතුවිලි, එයාට පොතක් ලියන්න තියන බලාපොරොත්තුවක්, ඒත් එක්ක එයා පොත් එක්ක කාලය ගත කරපු හැටි මතක් වෙනවා, ඉටු නොවිච්ච බලාපරොත්තු........
    මේ පෝස්ට් එකේ තියන ඔය කරුණු ටික ගැලපුවානම් මෙතනත් අපූරු කෙටි කතාවක් නේද?
    බ්ලොග් එක නවත්තන්නේ නැතුව ලියන්න ඕනේ කරුණු ටික එකතු කරලා කෙටි කතා ලියමුකෝ.... :)

    ReplyDelete
  20. @ ලකී

    හත්තිලව්වයි මම ඒක දැක්කෙ දැන්නෙ... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ පණ යනව..

    ReplyDelete
  21. අනේ මන්දා ඉතින්....... මොනා වුනත් පොත හොදට තියේවි කියෙලා මට හිතෙනවා.

    ReplyDelete
  22. ඕනම දෙයක් කරපන්...හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා!!!!

    ReplyDelete
  23. බ්ලොග් එක හැර යන අදහසටනම් ඇත්තෙන්ම අකමැතියි.. නමුත් ඒක අයියගේ තීරණයක්...
    පොතක් ලියන අදහස හොදයි.. මේ ලැබුන පන්නරයත් එක්ක පොත ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  24. පොත ලියලා වියරණ, භාෂා විලාස යනාදිය දන්න කෙනෙක් ලවා එඩිට් කරවන්න.

    බටහිර රටවල පොත් ප්‍රකාශන සමාගම්වල එඩිටර්ස් ලා ඉන්නවා.

    ලංකාවේ මේ ගැන ඒවී සුරවීර 60 දශකයේ කතා කළ බව කාලෙකට කලින් ඉරිදා ලක්බීමක තිබුණා.

    ReplyDelete
  25. මචන්, උඹ ඉතින් මේක ලියන්න ගත්තේ ලව් අල වෙලානේ, දැන් එකක් සෙට් වෙලා නිසා මේක ලියන්න ඕන නෑ තමයි. :D :D
    [පුලුවන් නම් කියහන් බලන්න කවුද මේ කමෙන්ට් එක දැම්මෙ කියලා] :P

    ReplyDelete
  26. ඔබ තව දුරටත් මෙහි සිටිනවනම් අපි කැමති, නමුත් ඔබෙ කැමැත්තක් කරන්න..

    මාත් බ්ලොග් නොලියන හේතුව තමයි ඔබ මේ කියන බැදීම..අපිට හිතුනම අත්හැර ගන්න අමාරුයි.. දැන් එහෙම නෑ ඕන මොහොතක මට මෙතනින් යන්න පුලුවන්..

    ReplyDelete
  27. ඉහත කමෙන්ටුවේ සංස්කරණයක් කරන්න ඕන . පරිවර්තනය වෙලා ඇත්තේ කොය්යෝගේ බ්ලොග් එක නෙමේ . පොත් කීපයක් .

    ReplyDelete
  28. මල්ලී,
    ඔබට සුභ පතමි. ඔබ යන අත ඔබ දනී නම් ඔබට වරදින්නේ නැත.

    සියලුම කමෙන්ට් කරුවන්ට, ඔබ සියල්ලන් කියනා දේ මමද අනුමත කරමි.

    ReplyDelete
  29. ඒයි මාරයො දැන් උඹ ගාව පෙති කීයක් විතර තියෙනවද?
    පොත් බැරිනං ඕන එකක් ලියහං හැබැයි මේක අත අරින්නෙ නැතිව.

    ReplyDelete
  30. මේ බ්ලොග් පෝස්ට් එකම මට නම් හීනෙන් කිව්ව ගීතයක් වගේ.. මේ සේරම අතැරලා දමන්න පුලුවන් නම්.. මම මේ කියන්න හදන දේත් අළුයම ලූ කෙළ පිඩක් සේ විසි කරන්න පුලුවන්.. කූඩැල්ලෙක් වගේ ඊළඟ තැන අල්ලගන්න ඉස්සෙල්ල තැන අතාරින්න එපා. ඔය පෙති ටික බෙදා හදා ගෙන බොමු බන් ! (සිරාවටමයි ) ආත්මාර්ථකාමී වෙන්නෙ නැතුව !

    ReplyDelete
  31. මාරයෝ... මම මේ බ්ලොග් 1 ක කියවන්න පටන් ගත්තේ දවස් 3 4 කට කලින්.. නියම බ්ලොග් ක් කියල හිතුනට.. මේ පොස්ට් ක දැක්කහම නම් අපරාදේ නවත්තන්නේ කියල හිතුනා...

    ReplyDelete
  32. ලොකු බැදිමක් නැති උනත් මාරයා අය්යාගේ බ්ලොග් එක කියවන්න පටන් අරන් අවුරුදු 2ක් විතර ඇති, අය්යා කියනවා වගේ ඒ දවස් වල පොස්ට් එකක් වැටෙන්න ගොඩාක් කල් බලාගෙන උන්නු කාලෙක ඔයාගේ බ්ලොග් එක ඒ හැමදාකම අපි ලග උන්නා....
    ජිවිතේ බැදිම් ඇති කරගන්න එක දුක් ගොඩාක් කියන කථාව එක්ක 100%ක් එකගයි...

    බ්ලොග් ‍ෆිල්ඩ් එකෙන් යන්නම ඕනේ නම් යන්න එත් වටිනා කමක් නැති 0ක් අගට එකතු කරලා ලියපු පොස්ට් ගානට...

    ඒ කියන්නේ 500 + අගට 0 = 5000යි..

    ඊට පස්සේ කැමති තිරනයක් ගන්න...

    ReplyDelete
  33. පිරිමියෙක් වුනොත් ගහක් හිටවන්න ඕන, පුතෙක් හදන්න ඕන, පොතක් ලියන්න ඕන කියල කතාවක් මම අහලා තියෙනවා.... එනිසා හිතලා බලන්නකෝ!

    ReplyDelete
  34. අපරාදේ එකතු කරන් තියාගෙන ඉන්නෙ දැන්ම බිලා මැරිය. බුරු තඩියා .. තෝ වගේ හරකෙක්ට මීට වඩා දෙයක් කියනවට වඩා තව පෙති ටිකක් ගෙනත් දෙන එක තමයි කරන්ඩ තියෙන්නෙ

    ReplyDelete
  35. ජීවිතේ හැම දෙයක්ම තාවකාලිකයි සහෝදරයා. ඉතින් කොහොමද සැලසුම් කරන්නේ ?අද හිතන දේ හෙට වෙන කොට වෙනස් වෙනවා. වැඩිය බර හිතට නොගෙන ජීවත් වෙන එක හොඳයි.. අර ජීවිතාවබෝධය නම් කාටවත් දෙන්න බැරි දෙයක්.. ඔයා මහණ වෙලත් හිටියනේ නේද ? තමුන් විසින්ම අවබෝධයෙන් වටහාගතයුතු දෙයක්.. හිත ටිකක් චන්චලයි වගේ.. භාවනා කරන්න පුරුදුවෙන්න..

    ReplyDelete
  36. අනේ අයියේ එහෙම කරන්න එපා . උඹ පුළුවන් හැටියට ලියපන් . උඹ ලියන දේවල දුක, සතුට, ආදරය, මානුෂිය හැගීම් හැම දේම හොදින් තියෙනවා .උඹ හැම දාමත් සයිබ ලෝකේ ඉදපන් අපි වෙනුවෙන් .උඹේ දුක සැප අපිත් එක්ක බෙදාගනින්.

    ReplyDelete
  37. කැමැත්තක්, කොහොම හරි අපි අතරම ඉඳපන් හරිය.....:D

    ReplyDelete