11 October 2011

මෙන්න මෙහෙමයි තරහා වෙන්නේ...

අද පෝය ඩේ... ඒ කියන්නේ හොලි ඩේ... හොලි ඩේ කියන්නේ නිවාඩු දවස්වලට නේද..ඒත් මට ඒක එහෙම නෙවෙයි මං අදත් වැඩ..අද විතරක් නෙවෙයි දැන් දවස් දෙකක ඉඳන්ම මං වැඩ පොලේ.. අදත් එක්ක තුන් වැනි දවස මේ යන්නේ... සමහර විට හෙටත් අදින්න වෙයි කියලා හිතෙනවා.. මගේ රාජකාරි සඟයා උන්නැහේගේ දෝණියැන්දා බලන්න රත්නපුරේ ගෙහුන්... එහෙම වෙලාවට ඉතිං මං දිගටම රාජකාරියේ..ඒත් ඉතිං මේකත් නරක නැහැ..මොකද කන්ද නගිනවා වගේම පල්ලමත් අහුවෙනවානේ.. මමං මේකට හරියන්න දවස් දෙක තුනක් නිවාඩු ගන්නවා පස්සේ... හැබැයි මං මේ මාසේ කලින්ම දවස් දෙකක් නිවාඩු දැම්මා පහුගිය සතියේ.. ඒ ඉතිං පොඩි පින්කමකට සහභාගී වෙන්න යන්න තමා... ඒත් හෙටත් ඉන්න උනොත් මට ආයෙමත් දවස් දෙකක් විතර නිවාඩුවක් ගතෑකි... එහෙම නිවාඩු අල්ලලා තමා මට රස්තියාදු පාරවල් දාන්න යන්න සෙට් කරගන්නේ...

හරි ඉතිං අද පෝය දවසේ අපි කරන්න ඕන පින් අතේ වැඩනේ... ඉතිං මාත් අද උදේම හිතාගත්තා අද දවස සන්සුන් මනසින් ගත කරන්ට ඕනය කියලා.. ඒත් මොන.. උදේ පාන්දරම ජීමේල් එකවුන්ට් එකට ගියාම ඒකට ඇවිත් තිබුනා පණිවිඩ කිහිපයක්..එයින් එකක් අර අපේ තිස්ස අයියාගේ ඊයේ දාපු ලිපියට වැටුන කොමෙන්ටුවක්... ඒක දාලා තිබුනේත් අපේ තවත් බ්ලොග් කාරිනියක් වන බින්දි සහෝදරිය විසින්..ඒක කියෙව්වමයි මට තේරුනේ ඊයේ මං ඒ ලිපිය කියෙව්වට මට මග ඇරිච්ච දෙයකුත් තියේ කියලා... ඒ ගමන ගිහින් ආපහු බැළුවා..ඇත්තනේ මෙන්න තියෙනවා යටින් තවත් පාරවල් දෙකක් වෙනත් තැන් දෙහෙකට යන්ට..කොහේද ඉතින් කලින් වතාවේ ඔවා පෙනුනේ නැහැනේ..වෙන වෙන තොරණ්වල අසිරිය බැළුවා මිස...

ගිහින් බැළුවම මට සංසාරේ කලකිරුනා... හපොයි මේ යෝධයා මොකටද මේ වහන්තරාව මෙතන එල්ලුවේ කියලා... සමහර විට දැන් හැදෙන සමහර සින්දුවල තරම අපට හිතා ගන්න කොල වැඩක් වෙන්න ඇති..මොකද ඔය හාදයා කිව්වොත් කියන්නේ හතර බීරි කතාවක්..දවසක් විතර කල්පනා කලාම තමා උන්දෑ කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න ඇහැකි... කොහොම ගෙවල් දොරවල්වල මිනිස්සු ජීවත් වෙනවද මංදා... සමහර විට උන්දෑ ලංකාවට ආවම කියලා යන කතාවල තේරුම අහ ගන්න උන්දැගේ මායියා ඊ ළග වතාවේ උන්දෑ ගෙදර එනකල් ඉන්නවා ඇති.. එහෙව් අටමගල් කියන හාදයා.. ආස්සරේ කොරලම බලන්න ඕන පුතයගේ තරම...මං හිතන්නේ මේකත් එහෙම එකක් වෙන්න ඇති...

ඇත්තටම ඒක ඇහුවාම මට මේ ලගදී සිද්ධ වෙච්ච අප්‍රසන්න සිදුවීමක් සිහියට නැගුනා...

ඒකත් මේ ගීතයක් සම්බන්ධ සිදුවීමක්...

මේ ළගදී මං බස් රේඩියෝවේ කතා බහකට එකතු වෙච්ච විත්තිය කිහිප දෙනෙක් ඇරුනම අනිත් අය දන්නවනේ... ආන්න ඒ වැඩ සටහන විකාශය වෙන්න තිබුන දවසේ දවල් මට ඊමේල් පණීවිඩයක් සහ මූණු පොතටත් පණිවිඩයක් වශයෙන් පණිවිඩ දෙකක්ම ඇවිත් තිබුණා කෙනෙක්ගෙන්...

මල්ලී හදිසියකට කතා කරන්න ඕන ඒ හින්දා දුරකථන අංකය එවන්න කියලා.. ඒ කියන කෙනාගේ දුරකථන අංකයත් සමඟින්ම එවලා තිබුනා... මාත් ඉතිං මොනවා හරි විපත්තියක් කරදරයක්ද කියලා දන්නේ නැති හින්දා වැඩිය කාටවත් නොදෙනවා උනත් මගේ දුරකථන අංකය සඳහන් කරලා පණීවිඩයක් යවලා මගේ සුපුරුදු වැඩ රාජකාරිවල නිරත වෙලා හිටියා...ඒත් පැයක් දෙකක් යනකලුත් කිසිම හා හූවක් නැහැ... ඔය අතරේ මං වෙන යාළුවෙක් එක්ක කතා බහ කරමින් ඉන්න වෙලාවේ මට මතක් උනා යකෝ අර හදිසියක් කිව්ව කෙනාට මගේ අංකේ ලැබිලා නැතිවද..කියලා.. ඒ පාර මං කෝකටත් කියලා ගත්තා බලන්න ඇමතුමක්.. මිනිහෙක් හදිසියක් කරදරයක් කියලා කියන්නේ හදිසියකට කරදරයකටනේ..එහෙම නැතිව වෙන වෙන වල්පල් වලට නෙවෙයිනේ...

අනේ ඉතිං මං මේ හදිසියක් කියලා හිතාගෙන කතා කලාට ඇත්තටම එහෙමට හදිසියක් නෙවෙයි...
මං එදා හවස බස් රේඩියෝ වැඩ සටහනට යන හින්දා ඒ කතා කල කෙනාගේ වැඩක් කරවගන්න තමා කතාකරලා තියෙන්නේ... මොකක්ද මංදා ඒ කෙනාගේ පුතෙක් හදපු සිංදුවක් ගැනයි කතාව කිව්වේ... මට තේරුන විදියටනං බුද්ධිමය දේපල පනත ගැන ගැටළුවක්ද කොහේද... ඇත්තටම මං එතනින් එහාට විස්තර අහගෙන හිටියෙත් කිසිම උවමනාවකින් නෙවෙයි.. මොකද ඇත්තටම හිතේ අප්‍රසන්න ගතියක් ඇති වීම නිසා.. හදිසියක් කියලා කිව්ව හින්දා දුන්නා මිසක් නැත්තං මං දුරකථන අංකය වැරදිලාවත් දෙන්නේ නැහැ..ඒත් හදිසියක් කියලා මේ වගේ දෙයක් කතා කරන කොට මං කතා කල මෝඩකං කියලා හිතාගෙන කොහොම හරි ඇමතුම අවසන් වෙනකල් අහගෙන හිටියා... ඔය අස්සේ එයාගේ පුතෙක් කරපු මොකක්ද මංදා ගීතයක් ගැන කියලා මගෙන් ඇහැවුවා ඔයා අහලා තියෙනවා නේද මල්ලි කියලා.. අනේ ගත් කටටම මං ඇත්ත කිව්වා...

....................මං ඔය අළුත් සින්දු අහන්නේම නැහැ...

වෙන මොනවා කියන්නද..? ඇත්තටම අහම්බයකින් ඔය කොහේ හරි යද්දී ඇහුනොත් ඇර මංනං වැරදිලාවත් දැන් හැදෙන සින්දු අහන්නේ නැහැ... ඇත්තටම අහන්න දේකුත් ඒවායේ නැති තරං..ඉඳ හිට හොඳ ගීතයක් දෙකක් එළියට ආවොත් ටික දවසකින් කොහේදි හරි යන්තං හරි අහුනොත් ඒක හිතට ඇල්ලුවොත් හොයාගෙන අහනවා ඇර... අළුතින් බිහිවෙන ගීතවල මටනං තියෙන්නේ පුදුම කන්දොස්කිරියාවක්... මේක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් තත්වයක්.. හැමෝගෙම රසවින්දනය එක වගේ නැහැනේ... ඔය මගේ රස වින්දනය... ඒත් මං හිතන්නේ නොකිව්වට හුග දෙනෙකුට ඔය වෙනස දැනෙනවා... මටනං තදින්ම දැනෙනවා... ඒ හින්දා ඇත්තටම මංනං අළුත් ගීත අහන්නේම නැති තරං...වැරදීමකින් හරි හොඳ ගීතයක් බිහි උනොත් ඒක අපිව සොයාගෙන එනවා.. එහෙම නැතිව ගීත පස්සේ ගිහින් අහන්න දෙයක් අදනං නැහැ...

මං සාමාන්‍යයෙන් ගෙදර ඉන්න දවසට දවසම සින්දු අහ අහ ඉන්න මනුස්සයෙක්... ඒ අතරේ වැඩිපුරහ ඉන්නේ වික්ටර් රත්නායකයන් සහ සෝමතිලක ජයමහ කියන දෙපල.. එයින් අමතරව අමරදේව මාස්ටර්..සනත් නන්දසිරි..සුනිල් එදිරිසිංහ..අමරසිරි පීරිස්..එඩ්වඩ් ජයකොඩි.. මිල්ටන් දෙපළ.. සුජාතා අත්තනායක... ෆ්‍රෙඩී සිල්වා.. කලාවතී... හරුන් ලන්ත්‍රා... දයාරත්න රණතුංග.. ෆිලික්ස් ඇන්ටන්... ජෝතිපාල.. ලක්ෂ්මන් විජේසේකර... ප්‍රියා සූරිය සේන.. මර්වින් පෙරේරා.. රෝහණ සිරිවර්ධන.. වසන්තා සන්දනායක..නන්දා මාලනී..එම් එස් ප්‍රනාන්දු.. ඔය කියන පිරිස තමයි අතරින් පතර මාව වික්ටර් සහ සෝමතිලක ජය මහ කියන දෙපලගෙන් අහකට අරගෙන ගීතයකින් දෙසවන් පුරවන්නේ...

එයිට අමතරව ඉඳ හිට නන්ස්ටොප් උනත් මං නොඅහනවා නෙවෙයි... ජොලි සීයාගේ ගීතයක් උනත් අහන වෙලාවල් තියේ.. හින්දි රීමික්ස් දෙකතුනකුත් මගේ ලයිස්තුවේ තියෙනවා... තේරුමක් නොදනිතත් යන්තං අහන් ඉන්න ඇහැකි ඉංග්‍රිසී ගීත කිහිපයකුත් තියෙනවා කියහංකෝ... (UB 40 ලගේ සහ අර ලයනල් රිචී උන්නැහේ එහෙම තමා.. ආ තව අර බොබ් කොළුවත් ඉන්නවා..ඊට අමතරව අර ලස්සනට ගිටාර් වාදනයක් එක්ක යන හොටෙල් කැලිෆෝනියා සින්දුවත් ඇතුළුව..) ඒ ඉංග්‍රිසි ගීත කිහිපයට භාෂාව ඒ හැටිම හරස් වෙන්නේ නැහැ කනට ගහන්නේ නැති ගීත... නැත්තං ඉතිං මං අහයියෑ...

ඉතිං ඔහොම ගීත අහන මට හදිසියකට කියලා කතා කරලා ඒ අයගේ ගීතවල අයිතියක් රැක දෙන්න හරි.. ඒ වගේ කියලා ඒ හරහා නැති ප්‍රසිද්ධියක් දෙන්න හරි මාව කඩේ යවන්න හදනවා කියලා තේරුනාම මට යක්ෂාවේස නොවී තියෙයිද..? බොහොම අමාරුවෙන් ඉවසලා කතාව ඉවර කරලා දැම්මා... ඉතිං මං ඔය කතාව එවෙලේ කතා කර කර හිටිය යහළුවාට කිව්ව ගමන් මගෙන් ඇහැවුවේ

"අනේ ඒ අයගෙනුත් හොරකම් කරන අය ඉන්නවද කියලා" ඒ වචන ටිකට හිනා ගිහින් මං ටිකක් කූල් උනේ නැත්තං එවෙලේ තමා මේ මේ පෝස්ට් එක ලියවෙන්න තිබුනේ...

ඒක එහෙම එතනින් නවත්තලා ඉන්න කියලා හිතාගෙන හිටියට මෙන්න නැවතත් මගේ මූණු පොතේ පණිවිඩ අතරටත් අර කෙනා පණිවඩ එවනවා පරණ පුවත්පත් වාර්ථාවක්ද මොකක්ද දාලා.. හොඳ වෙලාවට ඒකේ අකුරක් නෑර ඉංග්‍රිසියෙන් තිබුනේ.. ඒ හින්දා හොඳට ගියා... ඒ වෙලාවේ මං තීරණය කරපු විදියටම අදාල කෙනාව මුණු පොතෙන් ඉවත් කරලා දැම්මා. මොකද මට තව දුරටත් මිතුරු මිතුරියන්ගේ ගොඩේ එහෙම කෙනෙක් තියා ගන්න උවමනාවක් නැති හින්දා...

...................................
දැන් තේරෙනවා නේද මං කොච්චර පහසුවෙන් මිනිස්සු තරහා කරගන්න දක්ෂද කියලා..? ඔන්න යකාගේ තරම.. ඇත්තටම හදිසියක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා තේරුම් ගන්න මිනිස්සුන්ට බැරි ඇයි කියලා මං කල්පනා කලා ඔය සිදුවීමෙන් පස්සේ... මිනිහෙකුට ලෙඩක් දුකක් කරදරයක් විපතක් කිව්වනං මං ඇර වෙන කෙනෙක් මේ වෙලාවේ ඒකට පිහිටක් උපකාරයක් කරන්න නැහැ වගේ තේරුනානං මේ මොහොතේම කර කර ඉන්න රස්සාව දාලා හරි රටේ අනිත් කෙරවලට ගිහින් හරි කෙනෙකුට උදව් කරන්න මං දෙපාරක් හිතන එකෙක් නෙවෙයි.. ඒත් මෙහෙම හදිසියක් කියලා කියන්න බැරි දෙයක් හදිසියක් කියලා ඉස්සරහට දැම්මම ඇත්තම හදිසියකදී මොකක්ද මිනිස්සු ඒකට පාවිච්චි කරන වචනේ..?

ඉතිං ඔය කතාව මට ආයෙමත් මතක් උනේ මේ තිස්ස අයියා දාපු අමුතු පන්නේ සින්දුව ඇහැවුව වෙලාවේ තමා... ඇත්තටම මං ඉන්න විදියෙන් මට හොද සින්දු මග ඇරෙන්නත් පුළුවන්..ඒත් ලේ කෝප කරගන්නවට වඩා මේ හැමදාම අහන ගීත ටික අහගෙන පාඩුවේ ඉන්න එක හොඳයි කියලා මට නැවත නැවතත් හිතෙන්නේ මෙහෙම වෙලාවට තමයි...

හරි ඔන්න මගේ හිතේ කේන්තිය ඉවරයි... ලොකු බරක් මං බිමින් තිබ්බා... තවත් කෙනෙකුට මේක හොය හොයා හිටිය ප්‍රශ්නයකට පිළීතුරක් වෙයි කියලත් මං දන්නවා.. උත්තරේ දැන ගත්තම ඇති..ආයේ ආයේ කතා කරන්න මට ඕන නැත...

37 comments:

  1. දැන් හැදෙන සිංදු වලට වඩා ඉස්සර තිබුන සිංදුනං හොඳයි තමයි.
    'හොඳ ගීතයක් බිහි උනොත් ඒක අපිව සොයාගෙන එනවා.. එහෙම නැතිව ගීත පස්සේ ගිහින් අහන්න දෙයක් නැහැ...' ඒ කතාවනං සම්පූර්ණ ඇත්ත.

    ඔය කෝල්එක දීපු කෙනා මාරයගෙ හැටි දන්නැතිව වෙන්න ඇති ඔය දේ කරන්න ඇත්තෙ.

    ReplyDelete
  2. කියලා වැඩක් නෑ අයියේ... දැන් හදන සමහර සින්දු අහනවට වැඩිය හොදයි කන පොලේ ගහනවා... කොහෙන් හරි පද පේලි ‍දෙක තුනක් හොයාගෙන ඒකට සින්දුවේ තේරුමේ අහලකින්වත් යන්නේ නැති රැප් කෑල්ලකුත් පූට්ටු කරලා ඩිජිටල් මියුසික් පාරකුත් දාලා ඒක එලියට දානවා.. මෙලෝ රහක් නෑ....

    ReplyDelete
  3. මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා මම,කේන්තියක් ආවාම පැත්තකට වෙලා ලියන්නයි තියෙන්නෙ. දැං මාර කේන්තියත් නිවිල ඇති, අපි නොදන්නවය මාරය ඇල්වතුරත් නිවලලු බොන්නෙ,

    ReplyDelete
  4. නෑ කීවත් අහන්න පුලුවන් අලුත් සින්දුත් හැදෙනවා ටිකක් විතර..

    ReplyDelete
  5. ඇත්තටම කේන්තිය නිවා ගන්න මේක නම් හොඳම ක්‍රමයක් මාරයෝ . . .

    "අනේ ඒ අයගෙනුත් හොරකම් කරන අය ඉන්නවද කියලා"

    හික් හික් හික් . . මටත් එහෙම හිතුනා බන්z . . .

    ReplyDelete
  6. පෝය ඩේ හොලිහේ වෙන්ටු ටෙම්පල්. වී ඔෆර්ඩ් ෆලවර්ස් ඇන්ඩ් වර්ෂිප්..... ඔන්න සුද්ද සිංහලෙන්ම කිව්වා....

    ReplyDelete
  7. අපි දැන දැනම කාට හරි කඩේ යනවා වගේ නෙවෙයි. කව්රු හරි අපිව ගොනාට අන්දලා කඩේ අරින්න හදන එක. ඇත්තටම මට නම් එහෙම දෙයක් වෙනවා වගේ තේරුනොත් මාරයා ආවේශ වෙනවා. කේන්ති යන්නේ ඌ වෙනුවෙන් කඩේ යන්න උන එකට නෙවෙයි. අපි ගොනාට ඇදපු එක ගැන. බලාගෙන යන කොට මාරයාත් මට වඩා ඉවසනවා වගේ.

    ReplyDelete
  8. තේරෙන්නේම් නැති භාෂාවක් උනාට මේ සින්දුව අහපන් ඔක්කොම කේන්ති නිමෙයි. මමත් උඹ හම්බ වෙන්න එන්න ඉන්නේ. මේ දවස් වල මාර කට්ටක් කන්නේ. මේක තමයි හිත නිවෙන්න තියෙන එකම දේ. මේකත් නැත්නම් මම කොහෙද කියල මටම හිතාගන්න බෑ.

    http://priyathama-sangeethaya.blogspot.com/2010/06/yafa-sheli.html

    ReplyDelete
  9. මාරයෝ ..මේකෙ තියන සමහර දේවල් මෙතන නොලිව්වනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ...කොහොම වුනත් උඹ ලියන්නෙ උඹ ට ඕන දේ මිසක් මට ඕන දේ නෙවෙයිනෙ..හරි ඒ කතා වැඩක් නැහැ......

    ඒත් 500 නවත්තන්න හදනවනම් ඊළඟ පියවරටත් අඩිය තියලම හිටිය නම් නේද හොඳ..අපි පටන් ගමු අලුත් බ්ලොග් එකක් අලුත් විදියකට....

    ReplyDelete
  10. අපොයි අයියට කේන්ති යන තරමක්. ඒත් ඉතිං කඩේ යවන බව දැන දැනම කේන්ති නොගෙන ඉන්නෙ කොහොමෙයි.

    මාත් අහන්නෙ වැඩි පුරම ඔය අයියා කියපු අයගෙ ගීත තමයි.ඒත් අලුත් සිංදු කීපයකුත් තියෙනවා අහගෙන ඉන්න පුලුවන් මට්ටමේ.

    අනේ මාත් ගීතයක් කරන්න කියලා හිතාගෙන ඉන්නෙ.අයියා අහන්නෙ නැති වෙයිද මන්ද..:((

    ReplyDelete
  11. මටත් ඔය අලුත් සිංදු පේන්න බැහැ .. ඒවයින් එකක් දෙකක් තමයි හොඳ ඒවා තියෙන්නේ.
    මම ලඟකදි ඇහැව්වා මෝහන් රාජ් ගෙ සිංදු ටිකක් .. නියමයි. වැඩි හරියක් එයාගෙ තාත්තා [ආර්.මුත්තුසාමි පැරණි චිත්‍රපට වලට ගැයූ] කියපු ඒව තමයි. ඒ වුනාට ඒ පැරණි ගතිය එහෙමම දැනෙනවා ...

    ''ඔය කෝල්එක දීපු කෙනා මාරයගෙ හැටි දන්නැතිව වෙන්න ඇති ඔය දේ කරන්න ඇත්තෙ. ''
    ප්‍රසාන් කියපු මේ කතාවට මම එකඟයි .. අන්න ඒකයි මම මාරයාට කොච්චර ආදරේ වුනත් එල්ලි එල්ලි කතාවට නොයන්නෙ.

    ReplyDelete
  12. කොහොමත් හොඳ රසවතෙක්නං උබේ ඔය සම්පලේම තමා අහන්නේ මාරයියේ......

    ReplyDelete
  13. දෑන් ටිකකට කලින් මගේ මරනය මුහුනු පොතේ දාලා තිබුනා සිංදුවක්.ඒක ඇහුවාම අනේ අපොයි කියලා හිතේනවා.....

    ReplyDelete
  14. ඔය දැන් හැදෙන සින්දු ගැන නම් අපි දෙන්නම ඉන්නේ එක බෝට්ටුවේ. අහන්න බෑ බන් කන් දෙක රිදෙනවා.
    හින්දි සින්දුනම් පරණ ඒවාට ආසයි.. මම හින්දි චිත්‍රපටි බලන්නේ නැති නිසා මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ. එක නිසා අහු උනොත් කලාතුරකින් තමා අහන්නේ.
    කඩු සින්දු අහන එකනම් දැන් ටිකක් වැඩිවෙලා තියෙන්නේ. (දේසේ හැටියට වාසේ කිව්වලු) උබ කිව්වා වගේ සමහර ඒවා තියෙනවා හරි ලස්සන.
    මෙන්න මේක මම හරි කැමති කණ්ඩායමක් කියන කැමති එකක්...වෙලාවක් තියෙනවනම් අහපන්..හරි ලස්සනයි.
    http://www.youtube.com/watch?v=jFLqGqmIrQU

    ReplyDelete
  15. මමත් ඔය මාරයියා කියපු ලිස්ට් එෙක් සින්දු විතරයි අහන්ෙන් .දැන් තියෙන්නෙ අහන්න පුලුවන්ද?
    උඔ හැඩකාරයි කටකාරයි සොකරී යන්න එපා------
    උඩුකුරුව වැතිරීල සයනේ ඉන්න හොදා----------
    මෙවා සින්දුද

    ReplyDelete
  16. Raj සමඟ එකඟ වෙමි. හැබැයි ඔය කියන සැම්පලේට කපුගේ ත් එකතු උනානම් නේද හොඳ?

    @ නිසූපා: කියන්නකො බලන්න. කවුරු නැතත් මම නම් කන් දෙකේ ඇඟිලි ගහගෙන හරි අහනව :D

    ReplyDelete
  17. මාර අයියේ, මං ඔයාව එහෙන් මෙහෙන් කියවනවා.Comment කරන්න පෝලිමේ ඉන්න වෙන නිසා මිට කලින් Comment කරේ නැ.500න් නවත්තන එක අපරාදේ. අන්තිම පොස්ට්3 කියෙව්වම හිතෙනවා ඒවා අපිව විතරක්ම ඉලක්ක කරන් ලියපුවා නෙමෙයි කියලා.යටින් පොඩි ලවක් යනවා වගේ.
    මට හිතෙනවා ඔයා' ඔයාට අත අරින්න බැරි දෙයක් නැ කියලා තව කෙනෙකුට සහ ඔයාටම ඒත්තු ගන්වන්න හදනවා කියලා.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මන් දන්නේ නෑ මොකෝ කියලා මම කලින් දාපු කොමෙන්ට් එක ගැලවිලා.
    කොහොමහරි උබ අර අලුත් සින්දු ගැන කියාලා තියෙන කතාවනම් හරියටම හරි බන්.. අරන් ඉන්න බෑ කන්දොස්කිරියවල්. ඔක්කොම නෙවෙයි හැබැයි. 99.99% වගේම.
    හින්දි සින්දු ගැන මගේ දැනීම බොහොම අල්පයි.. දන්නේ අර හද්ද පරණ ඒවා තමා. හින්දි චිත්‍රපටි බලන්නේ නැති නිසා වෙන්න ඇති.
    කඩු සින්දුනම් අහනවා තරමක්. (දේසේ හැටියට බාසෙනේ) හොද ඒවත් තියෙනවා ඒවගේම තමා අහන ඉන්න බැරි ඒවත් තියෙනවා.
    මම ගොඩක් අසයි සංගීත කණ්ඩායමක් කියන සින්දුවක් මේක. අහල බලන්න වෙලාවක් තියෙනවනම්. http://www.youtube.com/watch?v=jFLqGqmIrQU

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. @ මාරයා,
    ඩිලීට් කොරපු කොමෙන්ට් එක කියෙව්වට, මං එහෙම කිව්ව කියල කාටවත් කිව්වෙ නැතුවට කමක් නැහැ...හිකිස්...

    ReplyDelete
  22. @ ඩිලීට් කළාට අපි දැක්කෝ..

    හික්ස්....රෝල් කරලා.....හික්ස්....බි.පෙ.සි

    ReplyDelete
  23. මේකට කමෙන්ට් එකක් ලියන්න හිතලත් ආයිත් නිකම් හිටිය. දැන් හිතෙනවා ලියලම දන්න. මටත් දිනක් මාරයා මල්ලිත්, අපේ තව බ්ලොග්කරුවෙක්ගේත් උදව් අවශ්‍ය වුනා. මගේ පුද්ගලික වැඩකට. මම පොඩි හීයක් යැව්වා. ඔබ එතකොට අර කෝච්චි ට්‍රිප් එක ගිහින්. ඇවිත් දවසින් මට පිළිතුරු ලැබුනා හීයකින්ම. මම ස්තුති කලා. එපමනයි. ඔන්න මාරයගේ වැඩ. මෙහෙම වුවත් මම දන්නවා, ඔය දුරකථන වලින් මිනිස්සුන්ට තියන කරදරයක්. ඒ නිසා පමන දැන පාවිච්චිය තමයි හොඳ. දැන ඇදුනුම් වුවත් ඒ වගේ තමයි. මම එබැවින් ඔබගේ ප්‍රතිපත්තිය අගයමි.

    ReplyDelete
  24. මට නම් සංගීතයට බේද නැ , අලුත්ද , පරණද , මොන භාෂාවද , තේරුමක් තියනවද නැද්ද ඒවා මොකුත් නැ , ස්ංගීතය ලස්සන නම් ඇහුවා

    ReplyDelete
  25. දුරකතනය කියන්නෙ නං හෙනම වදයක් තමයි වෙලාවකට. ඒත් මොනව කරන්නද . . .

    ReplyDelete
  26. ඉතිං ඇයි තකහනියක් උඹ 'කතාබස්' එකට යන නිසාම උඹට මේ ප්‍රශ්නෙ ඉදිරිපත් කොරල තියෙන්නෙ ? ඒ සිංදු හොරකං කොරල තියෙන්නෙ වැපාවත්ද? :D :D

    උඩ ලිස්ට් එකෙන් දිවුල්ගනේ මග ඇරිල වගේ.....

    ReplyDelete
  27. අලුත් සින්දු 100ක් ගත්තොත් යන්තම් 1 - 2ක් තියෙනව අහන්න පුළුවන්.... මම නම් අහන්නෙම නැති තරම් දැන් එන එව්වා....

    ReplyDelete
  28. මිනිහා මාරයවත් කඩේ යවන්න හදන මිනිහෙක්නේ! ඇත්තම මාරයාද දන්නෑ?

    ReplyDelete
  29. අළුත් සොන්දු සමහරක් හොදයි සමහරක් නරකයි...
    කවුද අප්පේ මේ අපේ මාරයාවත් කඩේ යවන්න හදපු මනුස්සයා... මේක කියෙව්වට පස්සේ නම් ආයෙමත් අයියට කතා කරන එකක් නෑ...

    ReplyDelete
  30. දැන් එතකොට යාළු වෙන්නෙ කොහොමෙයි....

    ReplyDelete
  31. අලුත් අයගේ හොද සිංදුත් තියනවා..ඒත් නන්දා මාලනී... සෝමතිලක ජයමහ... අමරදේව... සුනිල් එදිරිසිංහ... ජෝති... කේ.සේන... වගේ අයගේ සිංදු හැමදාම අලුත්.
    කිසිම අප්පිරියාවක් නැතිව අහන්න පුලුවන්.
    වෙන මොකවත් උවමනා නැ...ඔය රියලිටි ෂෝ වලට එන හැමෝම වගේ කියන්නේ (කීමයි ගායනයයි අතර වෙනසක් තියනවා නේ) අමරදේව ශූරින්.. සුනිල් එදිරිසිංහ ..සෝමතිලක ජයමහ... ජෝතිපාල වගේ අයගේ සිදුනේ...

    උදාහරණයක් විදියට බැලුවොත්...
    කේ.සේන - මවකගේ උණුහුම
    නන්දා මලනී - සුලං කපොල්ලේ...
    වගේ සිංදු අපිත් කිසිම අප්පිරියාවක් නැතිව අහනවානේ

    ReplyDelete
  32. ඇත්තටම මාර අයියේ දුරකතනේ කියන්නේ මාරම වාතයක් තමයි.
    කිව්වට විශ්වාස කරයිද මංදා...මම මුලටම ජංගම දුකක් පාවිච්චි කොරන්න ගත්තේ මේ අවුරුද්දේ.ඒ ෆැකල්ටි අවුට් වෙලා ටේ‍්‍රනිං යන මුල දවසේ අපේ අම්මිගෙන් ලැබුණු තෑග්ගක් විදියට. ඒත් ඒකේ නම්බර් එක දන්නේ අපේ අම්මි තාත්ති නැන්දි විතරයි මගේ හොදම යාලූවො දෙක තුන විතරයි.
    ඒ නිසා මට නං හිසරදයක් නෑ පෝං එකෙන්

    ReplyDelete
  33. ආහ්.. මන් මේ පෝස්ට් එකෙන් ගියා තිස්සගෙ බ්ලොග් එකට..ඒක කියවා කියවා හිටිය.. ලියන්න හිටිය කමෙන්ට් එක අමතක උනා මාරෙ ! හැමෝම මාරෙගෙ 500 නවත්වන එක වැරදියට තෙරුම් අරන්. මාරය කිව්වෙ තව 500කින් නවත්වනවා කියල. ඒ කියන්නෙ, තව හාර සීය අනූ ගනනක් තියේ !

    ReplyDelete
  34. අම්මට සිරි..මේ ලියන්නා තමයි ලියන්නා..අනේ අප්පේ උඹ ඉන්න ඕන ඔතන නෙවෙයි මචෝ...
    ඒයි මාරය..දැන් ඉතින් ලියපන්...

    ReplyDelete
  35. වැඩිය හිතල කරපු දෙයක් නෙමේ වෙන්න ඇති මලේ . ඔන්න ඔහේ ඔව්ව අමතක කරලා දාන්න . අපිට වඩා අත්දැකීම් ඇති අයෙක් විදියට මේවා දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් ඇතිනේ .බ්ලොග් ලියන දෙන්නෙක් අතර නොහොඳ නෝක්කාඩු දැක්කම ගෙදර දෙනෙක් රණ්ඩු වෙනවා වගේ මට දැනෙන්නේ

    සින්දු නම් ඉතින් ලස්සන අලුත් ගී නැත්තේ නැහැ . මටත් ටිකක් ඔය පරණ සින්දු තමා වැඩියම හිත යන්නේ . අහන්න අප්පිරිය නැති රසවත් තනුවක් ඇත්නම් අහනවා අලුත් වුනත්.

    කිත්සිරි ජයසේකරගේ ''කැමේලියා මල් සුවඳට ..'' සින්දුව අහල බලන්න .

    ReplyDelete
  36. ඒ වගේ උන් එක්ක නම් තරහා වුනාට අවුලක් නෑ....

    ReplyDelete
  37. The Hotel California... THC = Ganja... Now listen to the song again. You will get the real meaning...

    ReplyDelete