15 October 2011

දුමින්දගේ මරණය...

මේ ඔබ පුල පුලා බලාපොරොත්තුවෙන් සිටි පුවතද..? ඊයේ රාත්‍රිය වන තෙක්ම මාත් මේ පුවත ලැබේවියැයි බලා සිටින ලදි. එහෙත් නින්දට විනාඩි කිහිපයක් තිබියදි මට මොන මොනවාද මංදා සිතුනි..ඒ නිදි විකාරයෙන් විය හැක. එහෙත් අද උදෑසන අවදිවන විට මට මෙම පුවතින් වැඩක් නැත යැයි සිතෙනා විට මට හිතුනේ මං නිදි විකාරයෙන් යැයි කියා සිතූ දේවල් නිදි විකාරම නොවන බවයි... මට දැන් උවමනා නැත..ඌත් ඔහේ හිටියදෙන්...

ලේ රත් වූ විට මරගෙන කන්නට තරම් කේන්තියක් ආවත් සිංහල අපගේ සාමාන්‍ය ක්‍රමය වන්නේ ටික කලකින් ඕනෑම දෙයක් අමතක කර දැමීමයි. මමත් ඒ අතරින් එකෙකි. ඉඳින් මෙසේ සිතීම කෙරෙහි මට මා ගැන පුදුමයක් නැත.
..................................

ඒ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට එරෙහි අවසන් යුද්ධ සමයයි..එහි නිමාව දැකිමට ආසන්නයේ නොව ඒ වන විට යන්තම් මාවිල් ආරුව බේරා ගත් අවදියයි... ඔය අතරේම ජෙනරාල් සරත් ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඔහු මාරාන්තික තුවාල ලබා ප්‍රතිකාර ලබන කාලයයි... මා සිටියේ එවකට පැවිදිවය... ලංකාවේ සෑම ගමක් ගමක් පාසාම..නගරයක් නගරයක් පාසාම පන්සල්වල බෝධී පූජා පැවැත්උනි... මා සිටි පන්සලේ ඊට වඩා වෙනස් යමක් වීමට හැකියාවක් නැත..අපිද මුළු ගමම එකතුව බෝධී පූජා තැබීමු. දිනක් නොව සති ගනනාවක්ම දිනපතාම බොධි පූජා තැබිණී... ජාතියේ පිනට හෝ කුමන හෝ දෙයකට ඔහු සුවපත් වූවා පමණක් නොව අවසනදී පෙරටත් වඩා දරුණු ආකාරයෙන් යුද්ධය ක්‍රියාත්මක වන්නට විය...

පන්සල ආසන්නයේ සිටිනා විශ්‍රාමික ගුරු භවතියකි. "උපතින්ම සිංහලය ජාතිය කොට ගෙන.. බුදු සමය ආගම කොටගෙන යූ ඇන් පීය පක්ෂය කොටගෙන ජනිතව තිබිණි."

පන්සලේ කුමන හෝ කටයුත්තක් සිදු කෙරෙන අවස්ථාවක මා එදෙසට යන විට ඇයත් තවත් කිහිප පොළක්මත් බරපතල ලෙස කතාවක් කරගෙන යන ලදි..මං එනවා ඇය දුටුවේ නැත.

"අනේ ඇත්තමයි මේ යුද්ධේ ඉවර ‍කලොත් මං ඊ ළඟ සැරේ මහින්දට චන්දේ දෙන එක දෙනවා බොරු නෙවෙයි... අනේ උන්දෑ කොරන යුද්දේ.."
.........................................................

යුද්ධයේ අවසාන දින කිහිපයයි... දායක පිරිසත් සමග පන්සලේ වැඩ කටයුතු පිළීබඳව කතා බස් කොට හමාරව එවකට කොතැනත් වාගේ සිදු වෙමින් පැවති යුද්ධය මාතෘකා කොටගෙන කතාව ඇදී යන ලදි. එදා කතාවට සම්බන්ධ කිහිපදෙනාම පාහේ මෙතනත් සිටිනා ලදි.ඒ අතරින් එක් හිටපු සමූපාකාර තොග ගබඩා ලිපිකරු මහතකු පෙර දිනයක අපගේ ගුරු මහත්මිය විසින් දුන් පොරොන්දුව සිහිපත් කරන ලදි...

"දැන් ලොකු ටීචර් මේ පාර මහින්ද මහත්තයට චන්දෙ දෙනවානේ නේද..?"

"කෝ ඉතිං තාම ඉවර කලායෑ.. ඔහොම ගිහින් අන්තිම කටේ තියලා ඉන්දියාව හරි ඇමරිකාව හරි කිව්වා කියලා ඕක නවත්තලා දාන්න පුළුවන්නේ.. මීට කලින් කී පාරක් සිද්ධ වෙච්ච දේවල්ද ඕවා.."

කිසිවකු කිසිවක් නොකියන ලදි....

අවසානයේදී යුද්ධය අවසන් වන ලදි... නමුත් ඇය චන්දය දුන්නේ මහින්දට නොව ඒ වන විට මහින්දගේ ප්‍රතිමල්ලවයා වී සිටි සරත් ෆොන්සේකාටය... මහින්දව හලන ලදි...

ඊ ළගට පැමිණි පළාත්පාලන මැතිවරණයකදී ඇයගේ දියණියක් මැතිවරණ අපේක්ෂිකාවක් විය... සරත් ෆොන්සේකා එවර සිටියේ යූ ඇන් පීය සමගද.. නැතිනම් ජවිපේ සමඟද යන්න මට දැන් මතක නැත. මට දැනෙන්නේ ඔහුව එම දෙපිරිසම විසින් හලා ඇති බව පමණි.කෙසේ හෝ ඉහත කී ගුරු මාතාවට වූවද දැන් ජනරාල් ෆොන්සේකාගෙන් වැඩක් නැත. ඇය ගේ දියණිය චන්දය ඉල්ලුවේ එක්සත් ජාතික පක්ෂයෙන් මිස වෙන පක්ෂයකින් නොවේ... අදටත් ඇයත් ඇගේ පවුලේ උදවියත් උග්‍ර යූ ඇන් පී සාමාජිකයින් මිස ෆොන්සේකාගේ නමින් ඇති කුමන හෝ පක්ෂයක සාමාජිකයින් නොවේ..පැහැදිලි ලෙසම හෙට රනිල් හෝ සජිත් විසින් නායකත්වය දරන පක්ෂයට එරෙහිව වෙන කුමන හෝ පක්ෂයකින් සරත් ෆොන්සේකා චන්දයට ඉල්ලුවත් ඔවුන් සිටින්නේ යූ ඇන් පීය සමඟ මිස ෆොන්සේකා සමඟ නොවන වග නම් අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් දිනක් ඇය කියා සිටියේ යුද්ධය දිනුවොත් මහින්දට දෙන චන්දය වගය...

මේ ලංකාවේ තත්වයයි...
......................................
දුමින්දට චෝදනා රැසකි.ඒ අතර කුඩු ජාවාරම..ස්ත්‍රී දූෂණ පිළීබඳව නිතර කියවේ..එවැනි දේ අසන්නට ලැබෙනා හෙයින් මා මෙතෙක් සියැසින් දැක නැති..කතා බස් කොට නැති ඔහුගේ මරණය මා හට කුරිරු සතුටක් ලබා දෙන්නට තිබිණී. මෙයට වසර ගණනාවකට ඉහතදී ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වූ අවස්ථාවේදී මාත් රතිඤ්ඤා පත්තු කොට ඇත. ඒ මා විසින් ගෙන ආ ඒවා නොවේ..මගේ පියා ගෙනවිත් දුන් ඒවාය.ප්‍රේමදාස ජනපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා රට දුෂ්කරව පැවති බවත් සෑම තැනම අවනීතිය රජ කරන බවත් එවකට සෑම මාධ්‍යයකින්ම පුන පුනා කියනා ලදි. මා රතිඤ්ඥා පත්තු කලේ ඒ කරුණු නිසා නොවේ.. විජය කුමාරණතුංගව ඝාතනය කල දිනයේ මගේ පියාගේ දෑසින් ගලා හැළුනු කඳුළු සිහි කරමිනි..එම මරණයන් දෙක අතර වැඩි කාල පරතරයක් නොතිබූ හෙයින් පොඩි එකකු වූ මට ඒම සිද්ධි දෙක එකිනෙක යාකර සතුටු වීමට හැකියාවක් තිබිණී..තාත්තාව අඩවපු එකා ඉවරයි.. ඒ මා එදා දුටු ආකාරයය..මන්ද ඒ දිනවල රටම විශ්වාස කලේ ජවිපේ හරහා කුලියට ගත් දෙදෙනකු හරහා විජයව මරවන ලද්දේද ප්‍රේමදාසය යන්නයි.. අද වන විට එම මතය ඇත්තේ කුමන තැනකදැයි කිසිවකුට එක එල්ලේ කිව හැකිද..?

භාරත ලක්ෂ්මන් කුමන ආකාරයක වූවත් දැන් ඔහුගේ නුගුණ ගැයෙන්නේ නැත. එහෙත් දුමින්ද අද දවසේ දුෂ්ඨයාය... ඒහෙත් හෙට දවස ගැන කිව හැක්කේ කුමක්ද...? වීරයා මැරෙන්නට ඒ හැටි වේලාවක් යන්නේ නැත. එසේම දුෂ්ඨයින් වීරයින් කෙරෙන්නටද ගත වන්නේ එයටම සමාන කාලයකි. අපට අද පෙනෙන්නේ දුමින්දත්..භාරතත්..මර්වින් සිල්වාත් පමණි.. ඔය කියන තිදෙනාවම මා ඇසුරු කොට නැත. මා ඔවුන් පිළීබඳව ආසා ඇත.. ඒ අතර හොඳත් ඇත...නරකත් ඇත... දෙකින් කොයික වැඩිද කියා තීරණය කරන්නට බැරි තරමටම දෙපැත්තටම සමාන වන ලෙස කරුණු අසා ඇතිවා මිස ඒ එකක්වත් මා ප්‍රත්‍යක්ෂ ලෙස නොදනිමි. එහෙත් මා දුමින්දගේ මරණය අපේක්ෂා කලා නොවේද..? වරද ඇත්තේ දුමින්දගේද..ඔහුට කිරි පොවා වැඩූ මිනිසුන්ගේද..?

ගෝටාභය..මහින්දට දස අතින් ඇඟිළී දිගූ වී ඇත. පුවත් අඩවි සෑහෙන කරුණු කියයි... මා වික්ෂිප්තව බලා හිඳිමි. මහින්ද පිළීබඳව බලාපොරොත්තු අත් හැරීමට මා සූදානම් නැත..මන්ද යත් ඒ මගේ අවසන් බලාපොරොත්තුව බැවිනි. ඉහත කී ගුරුවරිය සේම මාද අන්තවාදී විය හැක..එහෙත් එය එසේමය. ඇයට එයට හේතු තිබිය හැක..මටද හේතු තිබේ... ඒවා ලියන්නට මේ ලිපිය යොදා ගැනීම අපහසු බැවින් ඒ පිළිබඳවත් ඉදිරියේදී ලියන්නට අදහස් කරමි. නමුත් ඇත්ත වශයෙන්ම මා සිටින්නේද යම් තරමක කල කිරීමකිනි.

ඇයි දුමින්දට තවමත් සලකන්නේ..? එහෙත් කාලය විසින් ඔය ගැටළු වලට කුමන ආකාරයේ විසඳුම් දේවිදැයි මා නොදනිමි.එය කාලයටත්..මහින්දටත් තබා මා බලා සිටිමි... මා හදිසි වූවාට වැඩක් නැත..චෝදනා ආවේ මහින්දට පමණක් නොවේ...

ප්‍රේමදාසට චෝදනා රැසකි... ලලිත්..කොබ්බෑකඩුව..විජේවීර...ආදීන්ගේ මරණයන් පමණක් නොව තව විශාල ලයිස්තුවක් ඔහුගේ නමට ඉදිරියෙන් එවකට ලිය වී තිබිණි.ඒ අතර සොත්ති උපාලිලා හුරතල් කිරීමත් තිබිණී.

ජේ ආර්ටත් තිබිණි... ඒ ගෝනවල සුනිල්ගෙන් මෙම කාඩ දේශපාලන ප්‍රවාහයට අත්පොත් තැබීයැයි කියන පළමු චෝදනාවත් සමඟින්ය... එපමණක් නොව යාපනය පුස්තකාලයට ගිනි තැබීම වැනි චෝදනාත් ඔහුට ඇත..

චන්ද්‍රිකාටත් ඇත... එම ලයිස්තුව දෙවැනි වෙතොත් ඒ ප්‍රේමදාසට පමණි...

රනිල්ට බටලන්ද වදකාගාරය හා සබැඳි චෝදනා රැසකි..එම චෝදනාවලට අනුව ඔහු අමු තිරිසනෙකි.කොල්ලන්ට වද දීම බලා තෘප්තිමත් වන විකෘති ආශා ඇත්තෙකි. වදකාගාරයට ගෙන ආ තරුණයින්ට ලිංගික පීඩා කර ඔවුන් මරා දැමූ විකෘති කාම පිපාසාවක් ඇත්තෙකි...ඒ පමණක් නොව පක්ෂයේ හිටපු මහ ලේකම් වරයාට වස දීමක් ගැනද ඔහුගේ නම ඈඳී තිබිණී...

සජිත්ට ඇත්තේ නිධන් හොරකම් පිළීබඳ හා ඇතුන් මරා දළ කැපීම වැනි චෝදනාය...

තව තවත් මෙම ලයිස්තුව දිගු කරන්නට ඇවසි නැත..
මේ අතීතයයි... අද මහින්දට සේම එදා ඔවුන්ටද ඇති පදමට චෝදනා තිබිණී... මහින්දට එරෙහිව සිතන්නට යන විට ඒ පිළීබඳවත් මා සිතිය යුතුව ඇත. උනුත් කලානං මූටත් කරන්න බැරිද නොව... කාලාන්තරයක් තිස්සේ ආ දේවල් එක රැයකින් වෙනස් කිරීම පහසුද යන්නයි...

දුමින්දව දේශපාලනයට ගෙනාවේ මහින්ද නොවේ... මර්වින් සිටියේ මහින්ද ලග පමණක් නොවේ... හෙට ආණ්ඩුව පෙරලන්නට සහය දෙනවානම් ඔය කිය දෙදෙනාම නැවතත් ආපසු තමා ලගට ගැනීමට රනිල් දෙවතාවක් සිතයි කියා සිතන්නටද බැරිය... වරක් ඔහු මේ සඳහා ලං කරගත්තේ අද බොහෝ විවේචනවලට අසුවී ඇති එස් බී දිසානායක හා මහින්ද විජේසේකර වැනි අයයි...

ඉස්සරම මට මතක තිබුනේ පනින්නට දක්ෂයා රොනී බවයි..එහෙත් අද..නොපැන්න එකෙක් හොයන්නට සෑහෙන මතකයක් තිබිය යුතුය... තව අවුරුදු දෙකකින් පසුව දුමින්ද ගැන අසනා එකෙකුට කුමන අන්දමේ දේවල් අසන්නට වේදැයි මා නොදනිමි.

මොන දේ වූවද රටේ නීතිය ගැන අළුතින් සිතා වැඩ කරන්නටත්... දැනට යන රටාව බිඳ දැමීමටත් මේ සුදුසුම කාලයක්ය යන බව මට සිතෙයි. දුමින්දගේ මරණය ගැන සිතනවාට වඩා එය යහපත්ය.. භාරතගේ මරණය උඩින්වත් දෙපැත්තේම සිටිනා චණ්ඩින් එළීයට ඇද දමා පක්ෂ ටික සුද්ධ කර ගැනීමටත්... ටවුන්වල කප්පං කාරයින්..තගාලා දේශපාලනයට එන මාවත් අහුරා දැමීමත් වැදගත්ය...

ජෙයරාජ්..දමු දසනායක වැන්නවුන් බිහි උනේ එක්සත් ජාතික පක්ෂයේ මැර දේශපාලනයට එරෙහිව මෙන්ම පාලිත රංගේ බන්ඩාර හා ඕලිත ප්‍රේමරත්නලාත් බිහි වූයේ එම හිඩැස හරහාය... අද ඒ හිඩැසින් රිංගා ආ සරණලා..මර්වින්ලා..දුමින්දලා පමණක් අල්ලාගෙන කෑ ගැසීම විහිළුවක් පමණකි.

භීෂණය ඇති කලේ යූ ඇන්පීයයැයි කියා අත හෝදා ගැනීමට පොදු පෙරමුණටවත්... පෙරමුණේ උන් මිනී මරනවායැයි කියමින් කෑ ගසමින් අතීතයේ එයට මුල් ගල් තැබූ යූ ඇන්පියටවත් ගැල වී යාමට ඉඩ තැබිය යුතු නොවේ... කල යුත්තේ භාරතගේ මිනියට උඩින් හෝ මේ සමාජයේ ඇති කර ඇති වැරදි ක්‍රමවේදය වෙනස් කරලීමට පාරක් කැපීමයි..එහෙත් එය කල හැක්කේ කාටද..?

මහින්දට හා රනිල්ට එය හැකිය..එහෙත් තනිවම නොහැක... මන්ද යත් මෙතෙක් කලක් යන උන් පත් කර යැව්වේ ඔබ අපිම වන හෙයිනි... මේ ලයිස්තුවෙන් ටිකට් එක නොදුන හොත් අනිත් පැත්තෙන් ටිකට් එක රැගෙන ඉල්ලා හෝ උන් පාර්ලිමේන්තු ආවේ ඔබේ අපේ මනාපයෙනි. එහෙයින් සෑම දෙනාම ලයිස්තුවේ මොකා හිටියත් කතිරය ගසන්නට පෙර ‍එක පාරක් හිතනවා නම් එය යහපත්ය..

අපේ උන් නොසිතනවා නොවේ..එහෙත් ඒ වෙලාවට හිතෙන්නේ මුන්ගේ චණ්ඩිකම් නොව..තමාගේ දැන හැදුනුම්කම් හා නීතියට පිටින් වැඩක් කර ගැනීමට ඒ ඒ එකාලගෙන් තමාට ලැබිය හැකි සහය ගැනය... එහෙම කර කර මහ උන්ට බනින එක දැන් පුරුද්දට ගිහින් ඇත. මහ උනුත් පොඩි වාසියක් නිසා සල්ලි වියදම් කරන ඕනම හිපාටුවෙක් ලයිස්තුවට දමා එවයි.. මේ ක්‍රමය වෙනස් කරන්නේ කවදදා..කවුරුන්ද..?

කණගාටුයි එහෙම එකෙක් තාම ඉපදිලා නැත.ඉපදේදැයි සිතන්නටත් බැරිය. ඉන්නා එකෙක්වත් එහෙම සකස් කර ගන්නට හැකිවේදැයි නොදනිමි..එහෙත් උත්සහ දැරීම නම් යහපත්ය... අරූ එපා කියා මූටද..මූ එපා කියා අරූටද දෙන ක්‍රමය තුල එවැන්නක් සිහිනයක් පමණකි. විරෝධතා දක්වන්නට හැර මටත් මෙය කල හැකි ක්‍රමයක් නොපෙනෙයි. බොහෝ මධ්‍යස්ථ ලෙස ලියනවා යැයි කියන හැම එකාටමත් ඇත්තේ ඔය ගැටළුවමය..අපි කොහොමද කරන්නේ..?

මොකා හරි ඒ ගැන හිතලා ලියනවා නම් හොඳය...නැත්තං වෙනදා කලා වගේම ඊ ළග චන්දයත් මහින්දට දෙන්නං වාලේ දීමට මටත්..රනිල්ට දෙන්නං වාලේ දෙන අයට එසේ කිරීමටත් හැකිය.

මා දකිනා අන්දමට අවසානයේ වීමට හැකියාව ඇත්තේත එයම පමණී. දුමින්ද හෝ භාරත ලාංකීය දේශපාලනය වෙනස් කරනු ඇතැයි සිතනවා නම් එය සිහිනයක් පමණකි..මන්ද යත් දෙතුන් පැත්තම එයට වග කිව යුත්තන්ගෙන් පිරී ඇතිවාක් මිස සුදනන් සිටින තැනක් දැනට නැත...
............................................

මේ දිනවල සෑම අතම පුවත්ය..එසේම ඒවාට ඇත්තේද පුදුම ඉල්ලුමකි..මා මෙහි මුලින් යොදා ඇති ප්‍රවෘත්තිය වෙනුවෙන්ම පුවත් බලන්නන් එමට‍ය... එහෙත් ඒ අතර සුවිශේෂ ලිපි කිහිපයක් මගේ අවධානය දිනා ගන්නට සමත් විය..ලියන්න හිතුනොත් ඊ ළගට ඒක ලියන්නට සිතමි...

සාලිය අශෝකමාලා...ජීවමාන කරවන්නට තිබූ අවස්ථාවක් අපෙන් ගිලිහී ගොස් ඇත.

107 comments:

  1. මං මුළින්ම. :D කමෙන්ට් එක දාලා පෝස්ට් එක කියවන්න පටන් ගන්නම්.

    ReplyDelete
  2. අර චෝදනා නම් දුමින්දට තියෙනවා.
    රට යන හැටි නේ....

    ReplyDelete
  3. හෑ, මම මැර දේසපාලනය නවත්වමි!
    මාරයියේ මටත් චන්දයක් දියන්!

    අනේ මංදා රට බල්ලට, බල්ලා පාරට, පාර දවස් 100න් ගල් වලට!

    මම 4ද මංදා :D

    ReplyDelete
  4. මාරයාට අනුව මහින්ද රාජපක්ෂ සත්ගුනවත් උපාසකයෙකි. රනිල් ගැන චෝදනා මතක්වෙන විට මහින්ද ගැන මුකුත් මතක් නෝවේ.
    "දමු දසනායක වැන්නවුන් බිහි උනේ එක්සත් ජාතික පක්ෂයේ මැර දේශපාලනයට එරෙහිව" කියන මාරයාට පාලිත රංගේ බන්ඩාර පොලිස්කාරයෙකුව සිට දේශපාලනයට පැමිනියේ දමු ගේ මැර ක්‍රියා වලින් පීඩාවට පත්වයැයි කියන්නට මතක් වෙන්නෙ නැත.

    ReplyDelete
  5. 'සාලිය අශෝකමාලා...ජීවමාන කරවන්නට තිබූ අවස්ථාවක් අපෙන් ගිලිහී ගොස් ඇත'
    ඔක්කොම හරි මේක තමයි හිතාගන්න බැරි

    ReplyDelete
  6. //තමාගේ දැන හැදුනුම්කම් හා නීතියට පිටින් වැඩක් කර ගැනීමට ඒ ඒ එකාලගෙන් තමාට ලැබිය හැකි සහය ගැනය..//

    පොඩි එකා ඉස්කෝලෙ දාගන්න මමත් ඔය වගේ වැඩක් කලා...චික්..මමත් මැර දේශපාලනයට උදව් කරලද....පොඩි එකා ඉස්කෝලෙට යවන එක නවත්තන්නද ?
    මම හතරද පහද ?

    ReplyDelete
  7. අලුත්ම පොලිස් වාර්තා පවසන පරිදි දුමින්ද සිල්වා රෝහල්ගත වීමෙන් පසු රැකවරණය අහිමි වී සිටින හෙරොයින් ජාවාරම්කරුවන් උන් හිටි තැන් අතහැර පලා යාමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මත් කුඩු හිඟයක්‌ ඇති වී තිබේ.

    ReplyDelete
  8. ඔබ සඳහන් කරපු චෝදනා ලයිස්තු අතර පැහැදිලි වෙනස් කම් තියනව

    ජේ . ආර් - ඔප්පු වුනේ නැ උසාවියක් හරහා , හැබැයි ජේ. ආර් රට බාර ගන්නකොට නොතිබිච්ච දේශපාලන සංස්කෘතියක් රට දීල යන කොට ඇති වෙලා තිබුනා .. ඒ නිසා ජේ . ආර් වක්‍රාකාරව හෝ වග කියන්න වෙනව

    ප්‍රේමදාස .. මේයාට තියෙන්නෙත් උසාවියට ආපු නැති චෝදනා . නමුත් ජේ ආර්ට වඩා ප්‍රභල ලෙස මෙය මේවාට වග කියන්න ඕනි කියන කාරණයට වීවිධ සාධක තියනව . පුද්ගලයින්ගේ ප්‍රකාශ , සටහන් ආදී ගොඩක් දේ . කොහොම උනත් ජෙ. ආර් ගෙ යුගයට වඩා අතිශයින් දරුණු භීෂණයක් දිගින් දිගටම පවත්වාගෙන යාම ගැන ඔහු වගකිව යුතුයි . සියලුම ඝාතන චෝදනා වලට වගකිව යුත්තෙක් නොවුනත් අදාල පරිසරය රටේ පැවතීම ගැන ජනාධිපතිවරයා විදිහට ඔහු නෙවෙයි නම් කව්ද වගකියන්නේ . ප්‍රේමදාස මැරුණාම ඔබ විතරක්නෙවෙයි රට පුරා කී දෙනෙක් සතුටු උනාද , චන්ද්‍රිකා නෝනා කොලඹත් ඇතුලුව රටේම ඡන්ද ගත්තෙත් ඒ නිසා

    රනිල් වික්‍රමසිංහ - බටලන්ද චෝදනා , උසාවියට ආවා නමුත් ඔප්පු කරගන්න බැරි උනා . නීතිය අනුව නිවැරදි කරුවෙක් . ඒ නිසා කලින්ට වඩා තත්වය වෙනස් , ඒ උනත් ලංකාවේ නීතියේ තියන අඩු පාඩු කම් නිසාත් , රනිල්ගෙ ශූර මොලය නිසාත් , නීතිවේදියෙක් නිසාත් ගොඩක් දුරට නීතියෙ හිඩැස් වලින් රිංගුවා වෙන්න පුලුවන් .

    මහින්ද රාජපක්ෂ - සුනාමි සීද්දිය හැර මොකුත් උසාවි ගියෙ නැ , ඒකත් ජනාධිපති උනාට පස්සේ ඉවත දාන්න උනා ජනාධිපති බලතල නිසා . අනෙකුත් චෝදනා තවමත් එල්ල වෙමින් තියෙන්නෙ , අනාගතයේදී මොනවා වෙයිද කියන්න බැ . හැබැයි ඒ සමහර චෝදනා වලට පක්ෂපාත කරුණු සාධක පේන්න තියෙනව මොකද මේ යුගය ජේ. ආර් ප්‍රේමදාස යුගයට වඩා වෙනස් .ජනතාවට තොරතුරු ලැබෙන මාධ්‍ය වැඩියි , ජනතාව දකින දේ විශාලයි , ඒ නිසා මහින්දට කරන චෝදනා වලින් ඇත්තය කියල හිතෙන එව්වාත් අමු කෙබ්බ කියල හිතෙන එව්වාත් දෙකම තියනව . ඉස්සරහට තමයි බලන්න වෙන්නේ ඔප්පු වේවිද නැද්ද කියල . කොහොම උනත් නාස්තිය සහ දූෂනය ගැන මහින්දට තියන චෝදනා ඉවත දාන්න බැ ඇස් පනා පිට පෙන්න තියෙයි . එක උදාහරණ - බාල තෙල් , මිහින් ලංකා ,එයාර් ලංකා , රූපවාහිනි සංසථාව ..... මේ ගැන කියන්නේ කෝප් වාර්ථාව මම නෙමේ

    ඊට අමතරව හම්බන්තොට වරාය , දැයට කිරුල , අධිවේගය ත් ඒ යටතේ තියෙනව . මේ නවතම සාධකය

    http://lankacnews.com/sinhala/news/30244/

    ReplyDelete
  9. හොඳ ලිපියක් මාරෙ අයියෙ... මට හිතෙන ඒව්ව පෝස්ටුවක කොටන ගමන්.. ඒකෙම දාන්නම්...

    ReplyDelete
  10. දුමින්ද, භාරත හා අනෙක් හැමෝම වැරදි , නමුත් මහින්ද හරි නේද?ඉතාම හොඳ රෙදි සේදීමක්

    ReplyDelete
  11. @ANO 15,2011 6:15 PM - මම මහින්දට කඩේ යමි කියල කියා ගන්න මාරයා නම් මොකෝ , අපේ මාතලන් සහෝදරයත් ඔය රෙදි සේදීමම කරල තිබුනෙ හරි අපූරුවට

    ReplyDelete
  12. මල්ලී ඔබගේ අදහස හරි. මේ හැම දෙනා අතම වැරදි නිකම්ම වැරදි නෙමේ මහා වැරදි ගොඩක් තිබෙනවා. අද වීරයා හෙට නෝන්ඩි වීමට ඇති ඉඩත් එසේමයි. කෙසේ හෝ දැන් නම් මේ මජර දේශපාලන පක්ෂ ක්‍රමය විහිළුවක් වී ඇත්තේ. ඒ නිසා කෙසේ හෝ වසර කීපයකට අපේ නායකයෝ එක් වී රට දියුණු කරන ක්‍රමයක් ගැන හිතුවොත් හොදයි මට හිතෙන්නේ. මහින්ද ජනාධිපතිම වෙලා, රනිල් අගමැති වෙලා. සියළුම පක්ෂ වලින් 10- 15 අතර ගනනක් ඇමති මංඩලය වෙලා වසර කීපයක් රට කලොත් විතරයි මේක මිනිස්සු ඉන්න රටක් බව අනික් ලෝකයාට පෙන්නන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි යන අතක් බලා ගන්න එක හොදයි වගේ මට හිතෙන්නේ......

    ප/ලි
    දුමින්ද මැරුනත් නැතත් මේ ක්‍රමය වෙනස් විය යුතුයි. දැන් නම් එයා මැරුනත් හිටියත් එකයි. සංසාරේ....... කුණු සංසාරේ......

    ReplyDelete
  13. ඇනෝ, සහ බුවා,
    මම හිතන්නේ දැනට ජීවත්ව සිටිනා දෙශපාලකයින් අතරින් වඩාත්ම අඩුවෙන් මැරක්‍රියා, දූෂණ ක්‍රියා, භීෂණය පැතිරවීම, ආදියට නම කියවෙන්නේ රනිගේ. ජේ. ආර්ගෙයි, සහ ප්‍රේමදාසගේ කැබිනෙට්ටුවේ සිටීමෙන් යම් වගකීමක් ආවත් බටලන්දට බුවා කියන පරිධිම නීතියෙන් නිවැරදිකරු වූ නිසාත් ඒ ඉතාමත් අඩු සහභාගීත්වයක්. ඒ නිසා දැන් මේවා විසදා ග්න්න හැකියාවක් තිබෙනවා. අපි තාම පරක්කු නැහැ. මේ වැඩකට නැති ය්ක්කු එලවලා දාල උගත්, වැඩක් කල හැකි මිනිස්සු හොයා ගත යුතුයි.

    ReplyDelete
  14. @නලිනි චන්දිමා...

    ඔට්ටුයි දෙවෙනි එකක් දාන්න බැහැ මේකට අදාලවනං..ඕනනං තොට පිස්සුද කියලා දායි...හික්

    ReplyDelete
  15. @මධුරංග...

    චෝදනා නං හැම කෙනාටම මල්ලි..ඒත් මේවායේ ඇත්ත නැත්ත අපි දන්නවද හරියටම..මමං කියන්නේ දුමින්ද ගැන විතරක් නෙවෙයි...

    ReplyDelete
  16. @මලියා...

    පිස්සු කෙලින්න එපා බං මං මේ හදන්නේ මෙහෙම ලියලා කට්ටිය කොර කරවලා..අන්තිමට මංම ඉල්ලන්නයි.. උඹ ඉල්ලලා කොහොමද..නිකා හිටු

    ReplyDelete
  17. @ඇනෝ-1...

    ඇනෝලාට උත්තර දීමට මා යොමු වෙන්නේ නැති මුත් මේකට යමක් කියන්නම්... මගේ අර කාලාන්තරයක් තිස්සේ තියෙන පුරුද්ද හින්දා තාමත් ලේසියෙන් මහින්දට විරුද්ධව වචනයක් ලියා ගන්න නිකං මෙව්වා එකයි වගේ..ඕක තමා ඇත්තම කතාව. නැතුව මං වම්බොට්ටලා සමඟ මහින්දගේ සම්බන්ධකං ගැනත් කතා අහලා නැතිව නෙවෙයි...

    සමහර ආරංචි වලට අනුව මහින්ද රෑ වෙන කොට යකෙක්ගේ වෙස් ගන්නවා කියනවා.

    අනේ ඉතිං ඔහේලාට අපිට පුරුද්ද අත් ඇරගන්න ලේසියෑ ආයිබෝං... කේන්ති ගන්ට එපා...

    ආ අනිත් දේ අර දමු සහ රංගේ ගැන හං අදහස් කලෙත් ඔය ටිකම ලියන්න තමා ඒත් බලමුකෝ ඒක ඒ අදහස මතු වෙන විදියට ලියවිලා නැතිවා වගේනේ.. ඒ ගැනත් සමා වෙන්ට..තමුන්නැහේ කියන කාරණාවලට මං එකඟයි.

    ReplyDelete
  18. @චතුරංග ජයවර්ධන...

    බලමු ඒ ගැනත් ලියන්ට හිතේ තියෙනවා...

    ReplyDelete
  19. @ලකී...

    4ත් නෙවේ 5ත් නෙවේ 6ය.

    මචෝ මෛත්‍රී භාවනාව කියා දෙද්දිත් බුදු හාමුදුරුවෝ මුලින් ඉගැන්නුවේ තමන්ගෙන් පටන් ගන්න... උන්වහන්සෙත් එහෙම කිව්වේ ප්‍රායෝගික නොවෙන දෙයක් කියලා වැඩක් නැති හින්දා..උඹ නාඩ හිටිං.

    ReplyDelete
  20. @ඇනෝ-2...

    තවත් ආරංචියක්...නේ?

    ReplyDelete
  21. @බුවා...

    ඔබ කියන කරුණු වලට මං එකඟයි..මං මෙතන කියන්න හැදුවේ සංසන්දනාත්මකව මෙයාලා හොඳයි මෙයාලා නරකයි කියලා දෙයක් නෙවෙයි..කාටද චෝදනා නොතිබ්බේ සහ..ඒ හැම දේම ඔප්පු කලාද සහ ඒ ඔප්පු කරන මාර්ග පිළිබඳව සෑහීමකට පත් වේවිද කියන එකයි..මට ඕන ඒ ටික කියා ගන්න..හොඳම උදාහරණය ඔබ විශ්වාස කරනවාද දැනට පවතින නීතිය යටතේ දෙන තීන්දු සර්ව සාධාරණයි සහ..නිවැරදිම ඒවා කියලා...

    අර චන්දන කත්‍රිආරච්චිත් අද නිදැල්ලේ කියලා කට්ටියක් කියන්නේ නිකං නෙවේනේ...

    ඒ වගේ තත්වයක් යටතේ නීතියෙන් ඔප්පු වීමම හෝ නොවීම මතත් අපිට කියන්න පුළුවන්ද මේක තමා හරිම දේ කියලා.. මටනං මේ හැම දේම ප්‍රශ්න විතරයි තාමත්...

    ReplyDelete
  22. @සාතන්...

    දාහං දාහං මලේ...

    ReplyDelete
  23. @ඇනෝ-3...

    හුටා දැන් එහෙම කතාවක් පේනවද මේකේ..?
    හත් ඉලව්වයි..මං මේ හිතං හිටියා අදනං මං මහින්දටත් විරුද්ධව ලිව්වා කියලා...

    මේක හරියන මගුලක් නෙවෙයි..මට මක් කරලවත් මහින්දට විරුද්ධව ලියන්න බැරිද මංදා..මේක මේ ජානවලින් එන ලෙඩක්ද කොහේද...? ඇත්තම කතාව ඕකයි.

    ReplyDelete
  24. කත්‍රි ආරච්චිගේ චෝදනා නීතිපති ඉල්ලා අස් කරගත්තනේ (මිනි මැරුම් ) . රනිල්ට විරුද්ධව නඩු විභාගය තිබුනේ චන්ද්‍රිකා නෝනගේ කාලෙ නිසා ඒ වගේ සප් එකක් නම් ලැබුනා වෙන්න බැ , හැබැයි රනිල්ගේ දක්ෂතාවයෙන් හෝ නීතියේ අඩු පාඩු වකින් පොර ලිස්සලා ගියා වෙන්න පුලුවන් , ඒ වගේම මහ වෙදනා කියනව වගේ රනිල් තමයි ඔය ලිස්ට් එකේ ඉන්න අඩුම භීෂණ චෝදනා සහ දුෂණ චෝදනා කිසිවක් නැති කෙනා . මේ වෙලාවේ නැතත් සංසන්ධනයක් ඕනි වෙනව ඡන්දෙකට ගියාම

    මට එජාපයේ වෙන්ට නායක ගැන මාරය ලියපු එක දැක්කේ නැනේ , නැත්නම් ඌ ගැනත් ලියනව , ඒක්කො ඕනි නැ හාල් පාරුවෙක් ගැන මොකට ලියනවද

    ReplyDelete
  25. සාලිය අශෝකමාලා කතාව මොකද්ද?ඒක තේරුන්නෙ නැත.

    ReplyDelete
  26. @වෙද මහත්මා...

    ඔබ කියන්නේ ජාතික ආණ්ඩු ගැනද..? ඔකෙත් තව පැත්තක් තියේනේ..

    ඇයි වදේ ඔක්කොම එකතු වෙලා රට හදන එක පැත්තකින් තියලා උං හැදෙන්න ගත්තොත් ඉඳ හිටලා මාධ්‍ය ප්‍රකාශයක් හරහාවත් විරුද්ධ වෙන්නේ මොක්කුද එතකොට..? හොඳට හිටියොත් හොඳා නරකට හිටියොත්..? කාලා හමාරයි.. අපි ඉවරයි...ඇයි යකඩෝ අපි දන්න විදියටනං මේ දෙපැත්තෙම ඉන්නේ හෝරු මංකොල්ලකාරයෝ දූෂකයෝ...මුං එකතු වෙලා කොරයිද අපිට..?

    අනිත් දේ අර දෙවෙනි කොමෙන්ටුවෙන් කියලා තියෙන කාරණාව ගැනත් කියන්න දෙයක් ඕන..

    අඩුම චෝදනා කියලා නිදහස් කරන්නත් බැහැනේ..නේද..? මොකද මුලින් කරන කෙනා එකක් කලාම දෙවැනියා දෙකක් කරනවා.. එහෙම බැළුවම දැන් කිය විදියට බයානකම බුවා එන්නේ මහින්දගෙන් පස්සේ..එතකොට අද තියෙන දේකටත් වඩා දෙගුණයක් ඊ ළග එකා කරනවා..

    දෙවැනි කාරණාව රනිල්ට චෝදනා තියෙන්නේ තම බලය යටතේ නෙවෙයි තමන් දෙවැනි තලයේ බලයක් නියෝජනය කරන කාල සීමාවක් හරහා කියන දේ...

    බලයක් කියලා දෙයක් අතට ගත්ත ගමන් කරපු දේවල් හරහා ආව චෝදනා තමා දිගු දුර විහිදුම් බලකායට සිද්ධ වෙච්ච නස්පැත්තිය වගේ දේවල්.. ඒ හින්දා මං කියන්නේ මේ කාරණා සම්බන්ධව රනිල්ට හෝ මහින්දට..එහෙමත් නැත්තං චන්ද්‍රිකාට හරි ජේ ආර්ට ඇති කුට්ටිය කිසි සේත්ම අඩු වැඩි වෙන්නේ නැහැයි කියන එක..හැබැයි එක්කෙනෙකුට මුළු මහත් ජාතියම ගරු කරනවා ඔතනදී..ඒ ඩීබී විජේතුංග.. ඒ හැර අනිත් එකෙක්වත් අරූට වඩා මු හොඳයි කියලා කියන්න පුළුවන්ද..?

    ReplyDelete
  27. @මාතලන්...

    හරි හරි මාතලන් මචෝ..පරිස්සමෙන් ලියහං..බරපතල චෝදනා එල්ල වේගන එනවා බොට...

    ReplyDelete
  28. @නලිනි චන්දිමා...

    හපනි.. ඔයා දිනුං...

    ReplyDelete
  29. @නදී...

    ඉන්නකෝ මං ලියන්නං ඒ ගැන...

    ReplyDelete
  30. අනේ ඕව ගැන හිතුවහම වෙන්නෙ අපේ ලේ පිච්චෙන එක විතරයි.....

    ReplyDelete
  31. මාරේ අයියේ, මේක ලංකාව බං... දේශපාලකයෙක් අතින්, අඩුම තරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් වත් මේ යන ක්‍රමය වෙනස් වෙන්නෑ... අපේ ජහමනයාගේ ආකල්ප වෙනස් වෙන කල් මේ රට වෙනස් වෙන්නෑ... ඒකට එක් තරමකට දේශපාලුවෝ වැරදි තමා. ඒත් ඉතින් අපෙත් මෝඩකම් නොවැ... අපේ වැරදිවලට උඩින් තවත් වරද්දන්නට එන දේශපාලු තුමාලට දොස් කියලා අපිට අත් පිහිද ගන්න පුළුවන් ද ? එහෙම බලන් ඉඳලා හරියයිද ? එතකොට රට හැදෙයි ද ?

    අපේ ජනමතය වෙනස් නොවනා තාක් කල් ලංකාව කොතරම් සංවර්ධනය වුවත් නොදියුණු රටකි... දේශපාලනයෙන් තොරව පිළිතුරක් ලැබේ යයි සිතමි...

    ReplyDelete
  32. මේවා කුජ මාරුවේ ප්‍රතිපලද මාර අයියේ? දන්න කියන ගොඩක් අය මැරෙනවානේ :)

    ReplyDelete
  33. අනේ මන්ද මේවට මොනවා කියන්නද කියල ... නඩුත් හොරාගේ ,, බඩුත් හොරාගේ මොකද කරන්නේ ...

    ReplyDelete
  34. චික්..මාරයාත් පිස්සු කෙලිනවනේ.මං හිතුවේ ඕකා මළා'මයි කියලා.අම්මපා...ඕකා මළොත් මං කිරිබත් උයලා කාක්කන්ට කන්ඩ දානවා.මාත් මහින්ද අන්කල් ගැන ව්ස්වාසෙන් හිටියෙ.දැන් නම් එපා විගෙන යන්නේ.ම්ම්ම්.. එපාම වෙලාද කොහේද.
    චන්ද දායකයො විදියට අපිට කරන්න පුළුවන් තොරා ගැනිමක් වීතරයි.ඉතිං අඩුවෙන් නරක එකාව හරි,වැඩක් කරගන්න පුළුවන් එකාව හරි අපි තොර ගන්න ඕනෙ.ඒ ඇරෙන්ඩ ඔය චන්දෙන් කරන්න පුළුවන් මගුලක් නැ.ඒත් එහෙමයි කියලා අපි නිකන් ඉන්න හොද නැ.අපිට පුළුවන් හැම විදියකින්ම මේවාට විරුද්ධ වෙන්න ඕනෙ.අඩු ගානේ පොලෝසියට ගලකින් ගහලා හරි 'සප්' 1ක් දෙන්න ඕනෙ.

    ReplyDelete
  35. මේ රජ කුමරා සාලිය වගේ නොව ලව් එක හැරදා රජකම ම තෝරා ගත්තේය.

    මං නං සාලියටත් උපදෙස් දෙන්නේ වෙනස් විදියකට කටයුතු කරන්නයි.

    හැබැයි මේ අශෝකමාලා එඩිතර කෙල්ලෙකි. සාලිය ට ගේම දෙන්නට තරම් දක්‍ෂබව පෙනේ!

    ReplyDelete
  36. දුටුගැමුණු සම්බන්ධ කතා බොහොමයක් පොර ගැනම විතරක් නෙමේ.

    කැළණිතිස්ස ල, ගෝටයිම්බර ල ත් ඕවට සම්බන්ධයි. ලාවට නෙමේ, සිරාවටම.

    දුටුගැමුණු පුරා වෘත්තයට සම්බන්ධ තවත් පොරක් තමයි සාලිය කුමාරය. සාලිය කියන්නෙ දුටුගැමුණු ගෙ පුතා.

    ලව් කරන, ලව් එකට ලව් කරන, අපි බොහෝ දෙනෙකුට නම් සාලිය කාරයව පේන්නෙ එළකිරි පොරක් වගේ.

    අශෝක වනය මැද්දේ, අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් කෙල්ලට ඇතිවුනු ලව් එක නිසා සාලිය මාගම් පුරේ රජ පවුලෙන් කැපුනනේ.

    තමන් ගෙ තාත්ත එලාර ට බැෂ්ටිය දීල මුළු රටේම පාලනය අල්ලගත්ත. ඊලඟ ට, ඌව වෙල්ලස්ස යි මාගමයි විතරක් නෙමේ මුළු රටම හිමි වෙන්න තිබුනෙ සාලියට යි.

    ඒ සේරම රජ සැප ආදරය වෙනුවෙන් පූජා කලා. අපේ ලව් සික් කාරයෝ සාලිය වීරයෙක් විදියට සලකන්නේ අන්න ඒ නිසයි. නියම එස්.පී.බී.ආර්. [SPBR] කෙනෙක් හෙවත් සත්‍ය ප්‍රේමෙ බෲංග රාජයෙක්!

    සේරම කියවන්න මෙතනින්.
    http://kathandara.blogspot.com/2009/11/blog-post_30.html

    ReplyDelete
  37. උඹ මුකුත් දන්නේ නැති පොන්නයෙක් බව මෙම ලිපියෙන් ප්‍රත්‍යයක්ෂයෙන්ම අවබෝධ වේ.තීරණයක් නැති උඹලා වැන්නවුන් නිසා තමයි මේ රට ගොනුන් පාලනය කරන්නේ.කොසොල් රජතුමා දුටු සිහින සැබෑ වන කාලයේ උඹලා වැනි පිස්සු ගොන්නු බිහිවීම අරුමයක්ද නැත.

    ReplyDelete
  38. කැළණිතිස්ස, ගෝඨයිම්බර කියනකොට මං හිතුවෙ වෙන සීන් එකක්. :D

    ReplyDelete
  39. මෙහිදී මමත් මාරයාට එකඟයි. වග කිව යුත්තේ මහජනතාවම තමයි.
    අනික මටත් මහින්ද මහත්තයට විරුද්ධ වෙන්න හිත හදා ගන්න බෑ තවම.[වැරදි නොකරන මිනිහෙක් හින්ද නෙවෙයි]
    කොටින්ගෙන් රට බේරා දීමට ක්‍රියා කරපු නිසා. පිටරටවල ඉන්න බැල්ලිගෙපුතාල සහ මෙරට ඉන්න පිටරටවලට පුක දීගෙන ඉන්න බැල්ලිගෙපුතාල ට යටත් නොවී ... කොන්ද කෙලින් තියාගෙන යුද්දෙ ඉවරකරපු නිසා.
    [මේකෙ අගය සමහර බැල්ලිගෙපුතාලට තවම තේරෙන්නෙ නෑ]
    මේක මතක් වෙනකොට මහින්ද රටෙන් කෑල්ලක් කෑවත් කමක් නෑ කියල හිතෙනව.

    ReplyDelete
  40. කවුද වෙනස් කරනනේ කිය කිය ඉන්නේ නැතුව ජන්දය දෙන්න සුදුසු එකෙක් නැති මේ රටේ එකෙකුටවත් ජන්දය දෙන්නේ නැතුව හිටපන්.උඹ කවුරු හරි ගොනෙකුට ජන්දය දුන්න කියලා ඒක මුළු රටටම ලැජ්ජාවක් නැතුව කියන එකත් නවත්තපන්.ඒ වගේම මුළු රටේම ජඩ වැඩ කරන කාළකණ්ණි ගැන දන්නෑ කියන එකත් නවත්තපන්.උන් ගැන යම්කිසි දෙයක් දන්නේ නැත්නම් මොකටද උඹ ඕව ගැන කතා කරන්නේ මොනවද උඹ මේ රටේ කරන්නේ.ඔය ගොන් වැඩ නිසා තමයි ඔය උඩ තියෙන කමෙන්ට් එක දැම්මේ.

    ReplyDelete
  41. @ඇනෝපිලිස් ...

    ඒකනං එහෙමයි...

    ReplyDelete
  42. @kumaraya
    "මේක මතක් වෙනකොට මහින්ද රටෙන් කෑල්ලක් කෑවත් කමක් නෑ කියල හිතෙනව."

    අනේ පොන්නයෝ හැමදේටම වෙන රටවල එවුන්ට බනින්නේ නැතුව තමන්ට කරන්න පුළුවන් දේ කරපන්.අපේ රටේ තාම ඉතිරි වෙලා තියෙන්නේ පිටරට උන් කරපු වැඩ විතරයි.උඹ වගේ බැල්ලිගේ පුතාලා තමයි මේ රටේ වැඩිපුරම ඉන්නේ.බොරුවට කියවනවා විතරයි වැඩක් කරන්නේ නෑ.රට බේර ගන්න එන උගේ වගකීම.උගේ විතරක් නෙමෙයි එතැනය එන හැම එකාගෙම වගකීම.එහෙම කරයි කියලා ඌට රට කන්න දෙන්න බැහැ.මොකද ඒ දෙය කලේ ඌ විතරක් නෙවෙයි.ඒක ඉවර කරන කොට ඌටවත් උඹ වගේ පොන්නයින්ටවත් මුකුත් නැති වුනේ නැහැ.නැති වුනේ රට වෙනුවෙන් දිවි පිදුවේ අපි අතරම හිටපු අහිංසක මිනිස්සු.ඔන්න ඔය ටික දැන ගනින්.

    ReplyDelete
  43. @චතුරංග පෙරේරා | chathuranga Perera...

    මචං අපි වෙනස් නොවී මහ උන් වෙනස් වෙනකල් බලං ඉන්නකල් මේක වෙනස් කරන්න බැහැ..අපේ උංනං වෙනස් වෙයි මේං කියලා...

    හෙට උදේට ගිහින් බලහං අපේ උන් ඕනම තැනක පෝලිමක් පැනලා ඉස්සරහට යන්න මොන තරං ගේමක් දෙනවද කියලා...

    විභාග ලියන උන් කී දෙනෙක් කොපි කරනවද කියලා..

    තමන්ගේ පඩිය..වාසි අනිත් උන්ට වඩා ඉහලින් තියෙන්න ඕන කියලා ස්ට්‍රයික් කරනවද කියලා..මැහ එකාම බලන්නේ තමන්ගේ වාසිය..එහෙම ඉඳගෙන තමා මේක යහපත් වෙනකල් බලං ඉන්නේ...

    ඔයිට වඩා මොනවද බං කියන්න තියෙන්නේ... රටක ඉන්න උන්ගේ හැටියට තමා උංට නායකයොත් ලැබෙන්නේ...

    ReplyDelete
  44. @සයුරි...

    මං දාපු කුජ මාරුව ගැන ලිපිය බැළුවද සයුරි..? කිව්ව දෙයක් ඇත්ත වෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවනං මං සතුටුයි..ඒත් මේවට සතුටු වෙන්න පුවවන්ද..?

    ReplyDelete
  45. @Sanjaya සිතුවිලි...

    හැමදාමත් වගේ කියලත් එකතු වෙන්න ඕන...

    ReplyDelete
  46. @KC...

    මල්ලි මං හුගාක් දේවල් දන්නේ නැහැ..ඒත් ප්‍රංශ විප්ලවෙන් පස්සේ බලය අතට ලැබුන උන් එතනින් එහාට මොකද කරන්නේ කියලා තේරුං ගන්න බැරිව පිස්සු නටන්න ගත්තය කියලා අහලා තියෙනවා...පොඩ්ඩක් හොයලා බලන්නකෝ එතනින් පස්සේ බලය ගමන් කරන්නේ කොයි අතටද කියලා...

    අපි පොලිසියට ගල් ගහයි. ඒ නැති වෙන්නෙත් අපේම දේපල කියන කාරණාව පැත්තකින් තියමුකෝ...හැම එකමෙ නරක නැහැ කියන එකත් පැත්තකින් තියමුකෝ... ඒත් අපි ගහන ගලකින් වාසිය ගන්නේ අපි හීනෙන්වත් නොහිතුව තවත් යක්ෂයෙක්නං මොකද වෙන්නේ..?

    ReplyDelete
  47. @කතන්දර...

    ඔබ හරි ඔය කතාව තව ටිකක් ගලපලා අතින් පයින් ටිකක් දාලා ගන්න තියෙනවා වගේම තව ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා..අපි හෙට දිහාවට බලමු...

    ReplyDelete
  48. මොකවත් කියල බැනුම් අහන්න බයයි . මෙව්වා නිකන් දැලි පිහියෙන් කිරි කනවා වගේ බ්ලොග් පොස්ට් නේ .

    මොන අලකලංචි තිබ්බත් BBC හරි CNN හරි පත්තරයක් හරිබලද්දී අතන මෙතන බෝම්බ පිපිරිලා දහයක් සියක් මලා කියද්දී මට දැන් විශ්වාසයි ඒ ලංකාවේ නෙමේ කියල . ඇෆ්ගනිස්තානේ , පාකිස්තානේ ඉරාකේ ලිබියාවේ වෙන්න ඇති කියල ලංකාවේ නෙමේ කියල සතුටක් ද [කාලකන්නි සතුටක් වෙන්න ඇති ] ඇති වෙනවා . ඒ රටවල වෙන එක හොඳයි කියලා නම් නෙමේ . අපේ රටේ නෙමේ කියල .

    ReplyDelete
  49. @ මාරයා :
    දැන් මෙතනත් දේශපාලන කණ්නාඩි දාගෙන කට්ටිය කෙළ ගන්නවා. ජනාධිපතිවරයගේ නම ගෑවුනොත් ඔහොම්මයි. ලංකාවේ ඉන්න ඔක්කොම දේශපාලන සත්ත්වයෝද කොහෙද ?

    මාරේ අයියේ, උඹ කිව්වා වගේ අපේ උන් වෙනස් වෙන්නෑ. වෙනස් කරන්නත් බෑ... භේදයකින් තොරව හරි දේට අත් උස්සන්නත්, වැරැද්දට පයින් ගහන්නත් අපේ අයට තාම බෑ. අම්ම වුනත් *ස කමේ යනවා නම් වැරදියි නොවැ. කමක් නෑ අම්මනේ කියලා කට පියන් ඉන්න පුළුවනිද ?

    තමන් අතේ වැරදි වැඩි මිනිහා අනෙක් මිහිහාගේ වැරදි හොය හොය ගහයි... ඕක තමා ලංකාවේ හැටි... අපි පිරිසුදු ජාතියක් නෙවීනේ දැන්... අපිට සිංහලයෝ කියන්න බෑ. අපි කලවම් ජාතියක් දැන්...!

    අපි සුද්දන්ට බැන්නොත් ඒකටත් අපිට බනිනවා... රටේ වැරදි වලට බැන්නොත් ඒකටත් බනිනවා... මේවා කථා කරනවට වඩා හොඳයි තමන්ගේ පාඩුවේ හම්බකරන් කාලා, ලෝකෙටත් කරන දෙයක් කරගෙන පාඩුවේ ඉඳලා වලට යන එක...!

    මහවෙදනා අයියා පෝස්ට් එකක කිව්වා වගේ ලංකාවේ ඉපදුනු එකට වෙලාවකට ලැජ්ජයි !!! වැරැද්ද කාගේද ? කොතැනද ? කවුරුත් දන්නෙත් නැත...!

    ReplyDelete
  50. @ඇනෝ-4...

    ඇත්ත ඇත්ත..මං මොකුත්ම දන්නේ නැති හින්දා තමා මේ දැන ගන්න උත්සහ කරන්නේ..ඕකට ඔය හැටි කේන්ති ගන්න ඕනය..? හිමිං කිව්වනං ඉවරයි නෙව...

    මං කියන දේ හරියටම මීටර් නැතිවා වගේදත් මංදා...

    ඔය කිව්ව කොසොල් රජ්ජුරුවන්ගේ සිහින ගැන එක්දහස් නවසිය අසූ ගණන්වල මැද භාගයේදී..ඒ කියන්නේ අපේ ජේ ආර් උන්නැහේ රජකං කරද්දීත් ඇත්ත දිනකර පත්තරවල ආටිකල් ගියා..බලන්ට ලස්සනයි...

    එතකොට අපේ ප්‍රේමදාස උන්නැහේ රට කරවන කාලෙත් අර රෝහණ කුමාරගේ තීරු පත්තරවල ඒ කිව්වේ අර ත්‍රිශුලේද කොහේද කියලා ආව පත්තරේ එහෙමත් ගියා නෙව ඔය ටිකම...ආ තව රාවයෙත් ගියා..ඒ දවස්වල තිබුනා යුක්තිය කියලත් එකක්..ඒකෙත් ගියා...

    දැන් ආයෙමත් යනවා... ගොසිප් නිව්ස් යන වෙබ්වල අඩුවක් නැතිව... ඕක තමා හැටි..

    හෙට කරූ මහතැන් රජ උනත් අනිද්දට ලියන එකා ලියනවා ඔය හීන ටික ඔක්කෝම යසට ගලපලා..ආයේ ඉස්පිල්ලක් පාපිල්ලක් එහෙ මෙහෙ වෙන්ට නොදී..

    ඕක තමා හැමදාම සිද්ධ වෙන්නේ..ආන්න ඒ කරුණාවත් අමතක කොරන්ට එපා..මගේ නොදන්න කොම කොහොම වෙතත්

    ReplyDelete
  51. @නලිනි චන්දිමා...

    අම්මපා කැළණි තිස්සට ගෝඨයිම්බර කිව්වේ සීයා රජ්ජුරුවෝ කියලද දන්නේ නැහැනේද..? දැන් එහෙමනං දෙකක් නැහැ රජ පප්පා...

    ReplyDelete
  52. @මාරයා : ඔව්, කුජ මාරුව ගැන බැලුවා. ඒක නම් සහතික ඇත්ත කියලා මට දැන් හිතිලා තියෙන්නේ. මේ වගේ වැඩ වෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති. වැදගත් අයත් කී දෙනෙක් මැරුණද. ජෝ, ස්ටීව් ජොබ්ස්, ඩෙනිස් රිචී...කවදාවත් අහපු නැති තරම් රිය අනතුරු ගැනත් අහන්න ලැබුනා.

    ReplyDelete
  53. @kumaraya...

    අයියේ කේන්ති නොගෙන හිටිං...
    ඔහොම ලේ රත් වෙලා කතා කරන්නේ ජාති වාදියෝ සහ ගොන්නුළු.

    උඹත් බලහං ඒ කියන විදියේ ගොනෙක් නොවී ඇනෝ කෙනෙක් හැටියට ඇවිත් ජාති ආලයක් නැති මධ්‍යස්ථමතධාරී සියල්ලදත් කොන්ද පණ තියෙන පොරක් වෙන්ට ඒකයි නම්බු.. මෙහෙම ඇවිත් කියන්ට තියෙන දේ කියලා පඩත්තල කතා අහන්නේ මොකටද..?

    ReplyDelete
  54. //මේක මතක් වෙනකොට මහින්ද රටෙන් කෑල්ලක් කෑවත් කමක් නෑ කියල හිතෙනව //

    අහවල් එකකටද කැල්ලක් .... රටේ කැලි කඩන් කන්න හැදුවේ ප්‍රභාකරන් ගොය්යනේ ..අපේ මහරජතුමාට ඔය ගෙඩිය පිටින් රට තියෙන්නේ . කනවද නැද්ද අපි දන්නේ නැ . උඹ කියනව නම් කැවට කමක් නැ කියල ඔන්න ඔහේ කාපුවාවේ නේ

    ReplyDelete
  55. @චතුරංග - මිනිසා යනු දේශපාලන සත්වයෙකි කියල කව්දෝ කියල තියෙයි .. කව්ද???? ආ...පෝ සුද්දෙක් ..සුද්දෙක් , එනිසා අපේ රටේ දේශප්‍රේමී ජනතාවට අදාල වෙන්නේ නැ , සමාවෙන්න .. එහෙමනම් වෙන මොකක් හරි අවුලක් ඇත්තේ ඔතන

    ReplyDelete
  56. ඇනෝට ...
    ඇයි ඉතින් කුපිත වෙන්නෙ ඇනෝ ...
    නියම විදිහට නමින් ලියන්නකො බය නැතුව මං වගේ.
    පිට රටට පුක දීගෙන ඉන්න උඹල වගෙ එවුන්ට හුඟක්ම රිදුන නම් ..
    මගෙ කමෙන්ට් එක ගැන සතුටට පත් වෙන්නම්.

    ReplyDelete
  57. හපොයි මූත් දැන් දේශපාලන බ්ලොග් ලියන්න යන පාටයි.

    ReplyDelete
  58. @ඇනෝ-4...

    උඹ කියන එක හරි... චන්දේ නොදා හිටියොත්නං හරි තමා..මාත් ඕක හිතනවා..ඒ උඹ කිව්ව හින්දා නෙවෙයි යාළුවා..එක පාරක් අපේ සෝම හාමුදරුවොත් කිව්වා ඔය කතාව... ඒ හින්දත් නෙවෙයි හැබියි..ජනාධිපතිවරණයකදී සීයයට 50 ඉක්මවන්න බැරි උනොත් වගේ අවස්ථාවකදී සහ දෙවෙනි මනාපය ගැනීමත් සාර්ථක නොවුනොත් වගේ කියන අවස්ථා වලින් යම් හරියක් කරන්න පුවවන් කියලා දන්න හින්දා..

    ඒත් ඔතනත් පොඩි අවුලක් තියෙනවනේ..මං අර කිව්වේ ගුරුතුමියගේ කතා වස්තුව... ඒ වගේ උන්දලා මොන දේ කලත් චන්දේ නොදී ඉඳිද..? නැහැ රටේම මැදහත් චන්ද ටික නොදා ඉන්නවා කියලා තේරුන ගමන් පක්ෂවල ඉන්න අරටු බැහුපු උන් කොහොමවත් චන්දේ නොදී ඉන්නේ නැහැ..එතකොට උපරිම ට්‍රයි එකක් දෙනවා තමන්ගේ පැත්ත ගොඩ දා ගන්න. අපි ගෙදර ඉඳි..වෙන්න ඕන දේ සහ ඔය ඇනෝතුමා වගේ අයට කරගන්න ඒන දේත් ලස්සනට කර ගනී හැරෙන තැපෑලට..ඕක දෙපැත්තෙම උන් දන්න ඇත්ත කාරණාව.. එහෙම තියෙද්දී චන්දේ නොදී ඉඳී කියලානං හිතන්න එපා... අනික චන්දේ කියන්නේ අපේ අයිතිවාසිකමක්ය කියලත් කියන්නේ..

    අනිත් දේ තමා යාළුවා මං මොන ගොනාට දුන්නත් මං ඒක කියන්න කිසිම තැනකදී බය වෙන්නේ නැහැ. හරි හෝ වැරදි හෝ වේවා..අපි කල දේ වගකීම අපි ගන්න ඕන එහෙම නැතිව හැංගිලා හූ කියන එක හරි... අනේ අපේ නෙවෙයි වගේ ඉන්න එකනං මං දකින විදියට ඔය ඔබතුමා කියන විදියේ නපුංසක ලිංග ගනයට වැටෙන ක්‍රියාවක්. (සමාවෙන්න ඕන නපුංසක ලිංගයෙන් ශාරීරිකව උපන් අයට අපහාසයක් කරන්නට සිතුවා නොව සාමාන්‍ය භාවිතාවේ යෙදෙන ආකාරයට වචන භාවිතා කලා පමණි)

    ඒ හින්දා මං කල දේ හෝ කරන්නට හිතන දේ කියන්න මං දෙපාරක් කල්පනා කරන්නේ නැහැ..මිනිස්සු මට ගල් ගැහැවුවාත්..මාව පිළීකුල් කලත් ඒක ගැන හිතන්න කලින් මං හිතන්න ඕන මං මගේ වචනෙට අවංකද කියන එක.

    ඊ ළගට..දෙයක් දන්නෙප් නැහැ කියලා ඒ ගැන කතා නොකර ඉන්න ඒනද..?අනිත් උන්ගෙන් අහලා දැන ගන්න හරි..අනිත් අය ඒ ගැන හිතන විදිය දැන ගත්තම මොකද වෙන්නේ..? ඔයා හරි අන්තගාමීයි වගේනේ යාළුවා... අපිට හිතන්න කතා කරන්නත් තියෙන නිදමසට බාල්දි දාන්න හදන්නේ..? අම්මපා තමුන්නැහේ කාට හරි ආවඩනවවද්ද..? අනේ කලින් කියන්ට ඒ කාටද කියලා..මොකද වැරදීමකින්වත් තමුන්නැහේලගේ මීනය හැබෑ වෙලා තමුන්නැහේලටම ගිය කාලයක් ආවොත් අපිට කතා කරන්ට තියා හුම් කියන්නට හම්බ වෙන එකක් නැහැ...


    අනිත් දේ තමා ඔය විදියට කමෙන්ට් එකක් දැම්මා කියලා මං වෙව්ලලා උන ගනී කියලා හිතුවදෑ... අනේ කේන්ති ගන්නේ නැතිව හිටිං මාත් මේ යසට ඉන්නේ ගානක් නැතිව...

    ReplyDelete
  59. @මාරයා
    අනේ යකෝ උඹ මොනවද කියපන් රට වෙනුවෙන් කරලා තියෙන්නේ.උඹ මිනිස්සුන්ට බොරු කරන එකනේ කරන්නේ.කේන්දර බැලිල්ලයි නැකැත් හැදිල්ලයි කරලා මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කනවා.පට්ටපල් බොරු වැඩකට නැති ( බුදු දහම තුල නොමැති මෙන්ම බුදු දහමට පටහැනි) ජොතිෂ්‍යයක් මාකට් කරන එකනේ උඹ කරන්නේ.උඹෙයි ඔය හොරුන්ගෙයි වැඩි වෙනසක් තියෙනවද කියලා බලපන්.ජාතිය ගැන කැක්කුමට වැඩකට නැති පල් හෑලි ලියලා වැඩක් නැහැ.ඒ ගැන වැදගත් යමක් ලියපන්.රටට වැඩක් ඇති දෙයක් කරපන්.කොසොල් රජතුමා දැකපු හීන වලට බුදුන් වහන්සේ දුන් අර්ථ කථන කවදාවත් වෙනස් වෙන්නේ නෑ.ඒක අතීතයේදී කියන්න පුළුවන්.හැබැයි එදාට වඩා එහි බලපෑම අද වැඩියි.ඒක තේරුම් ගන්න ටිකක් මොළය දියුණු කරගත්තනම් මේ ටික හොඳට තේරෙයි.භාෂා ශෛලියෙහි කිසියම් අවි‍ඥානික බවත් තිබුණත් කියන්න උත්සහා කරන්නේ කාටවත් කඩේ යන්න එපා කියන එකයි.

    ReplyDelete
  60. @බින්දි...

    මං ඔය වැඩේ හැමදාම කරගන්න දෙයක්... පොස්ට් සීයක් ලියලා එකතු කරගන්න අය හුග දෙනෙක්ව පොස්ට් දෙකකින් නැති කරගන්නවා... ඒත් ඉතිං මොනවා කරන්නද... හිතට හිතෙන දේවල් ලියන්නනේ අපි මෙහෙම එකක් අටෝ ගත්තේ.. " ආ එන්න මේ පලතුරු කන්න..මේ පැන් බොන්න" කියන විදියටම ඉන්න ඇහැකියෑ.. ඔන්න ඔහේ ඉඳ හිට බාල්දි හට්ටි මුට්ටි එහෙමත් එහෙ මෙහෙ විසි වෙන්ට ඕන..එතකොටනේ පොඩි ගතියක් තියෙන්නේ...

    බින්දිලා පිට ඉඳගෙන දකින විදියත් අපි ඇතුලේ ඉඳගෙන දකින විදියත් සමානද..වෙනස්ද කියලනං මංදා... ඒත් මං එකක් දන්නවා හැම තැනම තියෙන්නේ අපි දැකිය යුතු නිවැරදිම දේ නෙවෙයි..අපි දැකිය යුතුයි කියලා උං තීරණය කරන දේ...

    හොඳම උදාහරණය තමා මේ වෙබ් වල යන දේවළුයි ලංකාවේ මුද්‍රිත මාධ්‍යයයි අතරම තියෙන පරතරය..රාජ්‍ය මාධ්‍ය කියලා..රාජ්‍ය නොවන කියලා වෙනසක් නැහැ..හැම කෙනාම තම තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව වැඩ...

    ReplyDelete
  61. @චතුරංග පෙරේරා | chathuranga Perera...

    මලයා කියන කතා ටික හරි...

    ඒත් මංනං මේකේ උපන්නා කියලා ලැජ්ජා වෙන්නේ නැහැ බං..ඔය කොයි තැන උපන්නත් එහෙමම තමා..වැරදිලාවත් මං දෙමළ වෙලා මේකෙම උපන්නනං අද මං කොහොම හිතයිද..? ඒ ගැන හිතලා වැඩක් නැහැ..උපන්න එක ගැන තියෙන කලකිරීම හැර ලංකාවේ උපන්නා කියලනං අමුතුවෙන් මොකට ලැජ්ජා වෙන්නද මලේ.. ශය කොයි රටත් ඔහොම තමා...මොකද ඔය හැම රටේම මිනිස්සු ඉන්නවා..මිනිස්සු කියන උන් කොහේ හිටියත්..මොන මොන පාට උනත්..මොන මොන භාෂා කතාකලත් උන් හැමෝම එක වගේ ජාතියක්...

    අල්ලලා දාහං...

    ReplyDelete
  62. @සයුරි...

    මං බලං ඉන්නේ මේ මාසේ 30 ඉවර වෙනකල් සහ ලබන මාසේ 16 පහු වෙනකල්..සිද්ධ වෙන වෙනසක් ඇඟට දැනෙනවද කියලා දැන ගන්න....

    ReplyDelete
  63. @kumaraya...

    අයියේ මං කිව්වනේ... ගණන් ගන්න යන්නේ නැතිව අල්ලලා දාලා හිටිං. ඕවා ඔහොම තමා..තව ඔය පටන් ගත්තා විතරයි..බලහංකෝ හෙට වෙනකොට මං අහ ගන්න දේවල් ටික... මේක ඉවර වෙන්නේ අපි අහගන්න තියෙන ලස්සන වචන ගොඩාක් අහගෙන...

    ඇනෝලා කියන්නේ උඹලා අපි වගේ දෙකයිපනහේ උන් නෙවෙයි බං..සූර වීර එවුවෝ.. උඹ ඔය දේවල් අමතක කරලා හිටිං...

    ReplyDelete
  64. @kumaraya
    "කබල් මාලිගාවක හිටියත්...... කුමාරයෙක් වුණත් ..... මම දුප්පතෙක් ..........."

    උඹ හඳුන්වාගෙන ඉන්න විදියටම දුප්පතෙක්.මොකද බුද්ධියෙන් දුර්වල එකා දුප්පතෙක් වන බැවිනි.

    ඇනෝ විදියට පිළිතුරු දෙන්නේ ඔය අහවල් මගුලේ ඇති එක එකවන්ට් එකකින්වත් මට වැඩක් නැති නිසාත් ඒ වගේම මේ වගේ කුණු ගොඩක මාගේ අනන්‍යතාව හඳුනාගැනීමට තරම් දියුණු බුද්ධියක් ඇති එකෙකු නොසිටීමත් නිසායි.

    ReplyDelete
  65. @සුසන්ත...

    පිස්සුද බං..ඒවා අපිට අයිතියක් නැති ලොකු ලොකු වැඩ..ඒවට ඇති සුද්ධ වූ අයිතිය අපි වගේ මැටි හරක්ට උරුම නැහැ..ඒවායේ උරුමක්කාර පොල්මක්කාර වෙනම කොට්ඨාසයක් ඉන්නවා නෙව...

    ReplyDelete
  66. comment ටික කියවා ඉවර කෙළෙමි. එය සම්පූර්ණ මඩ වලකි.

    ReplyDelete
  67. @ඇනෝ-4...

    ඇත්ත සුදෝ..මං කේන්දරයක් බලලා කීයක් හරි හොයා ගන්නවා... තව ෆැක්ට්‍රියක් මුර කරලා ගානක් හොයා ගන්නවා... ඒ හැම දේම ඇත්තයි.. හැබැයි මං කාගෙවත් ගෙවල් බලෙන් මුර කරන්න ගිහිනු නැහැනේ.. ඒ වගේම තමා ජ්‍යොතිෂය පිළීගන්න අය සහ ඒ ගැන විස්වාසයක් තියෙන කෙනෙක් මං ගැනත් මොනයම්ම හෝ පැහැදීමක් ඇති උනොත් මට කියලා වැඩක් කරගන්නවා ඇර මං පස්සෙන් එලවන්නේ නැහැ නෙව...

    අනිත් දේ තමා දැන් ඔය ලොකේ කෙරෙන හැම වෙළදාමම සාධාරණද..? හැම නිශ්පාදනයම ලොකෙට හිතකර ඒවාද..? අවශ්‍යම ඒවද..?

    අයි ටී ඉගෙන ගත්ත මනුස්සයා ඒක විකුණලා හම්බ කරනවා..මං මගේ දැනුම විකුණලා හම්බ කරනවා...මාත් ජීවත් වෙන් එපෑ... ඒකට හොරකම් කරන්නේ නැතිව සාධාරණ ඒනම ක්‍රමයක් යොදා ගන්න මට අයිතියක් තියෙනවා නෙව..ඇයි මේ ඒකට තමුන්නැහේ එය හැටි කෝප වෙලා..?නිකං දුකයි දුකයි වගේද අපිත් කීයක් හරි හොයනවා වගේ පේනකොට..?

    අනිත් දේ තමා මං රට වෙන්වෙන් මෙලෝ දෙයක් කරලා නැහැ කියමුකෝ..ඒකත් හරි... දැන් ඔය පැටියා මේ වෙනකොට එහෙම කරලා තියෙනවද..?

    ඊ ළගට මං මගේ මේ අටෝගත්ත බ්ලොග් එකේ මට හිතට එන ඒවා නොලියා වෙන අහවල් එකක්ද සුදෝ ලියන්නේ..? ඔච්චරටම අප්සෙට් වගේනං නොබලා ඉමුකෝ...

    ආ කොසොල් රජුගේ හීන නේද..මං කලිනුත් කිව්වේ..එදා ඒදාට ගැලපෙනවා කියලා හිතලා කට්ටියක් ලිව්වා..අද අදට ගැලපෙනවා වගේ හිතෙනවා..ඒ හින්දා කට්ටියක් ලියනවා..හෙට.. ඇයි හෙට මේක නොගැලපෙන යුගයක් උදා වෙයිද..? කේතුමතී රාජධානිය එහෙම පහළ වෙලා.. රාජධානිය හතර කොනේ කප්රුකවල් එහෙම මැවිලා..

    අනික ඉතිං මං කඩේ යන්නේ එළි පිටනේ යාළුවා..ඔහේ වගේ හැංගි හැංගි නෙවෙයි නෙව... අනික කවුද දන්නේ තමුන්නැහේ ඔය තරං කෝප වෙලා වෙව්ල වෙව්ල දඟලන්නේ කඩේ ගියාට පලක් නැති වෙලාද කියලා... ඕවා ඔහොම තමා ටිකක් ඉවසීමෙන් කඩේ යන්ට.. සැනසීම ලැබෙයි...

    ReplyDelete
  68. @සුසන්ත...

    හක් හක් හා..මේවා මොනවද බං බලන්න ඕන අර ගොසිප් ලංකා වගේ එහෙක කමෙන්ට්..අම්මෝ එතන ඉන්න චණ්ඩි..බයේ බෑ...
    හැබැයි උන් ඔක්කෝම ඉන්නේ හැංගිලා... ඒත් අපරාදේ කියන්න බැහැ ඕන තැනක ගේමට බැස්සියෑකි..මාර සූර වීර බුද්ධිමත් මොලේ වැඩුන පොරවල්.. අපි වගේ ලපයි සිපයි එහෙම නෙවෙයි...

    ReplyDelete
  69. හම්මෝ..යන්තං කට්ටිය ඇවිත් ඉවරයි නේද... රෑට කාපුවත් දිරෙව්වා..ආයේ උයන්න වෙයිද මංදා.. කවුද යකඩෝ මේකේ මුලින්ම කොමෙන්ට් කල කෙනා..?
    මං යනවා රවුමක් ගහන්ට...

    ReplyDelete
  70. මම නම් ඡන්දය ලියාපදිංචි කරන්නෙ පදිංචිය සනාථ කරන්න විතරයි. දැං උඔ ඔය තියන දේ හිතුවෙ මම මගේ පළමු ඡන්දය දාන්න ගිය වෙලාවේ. දෙතුන් පැත්තෙම ජරාව නං අපි මොකටද ඒවට අනුග්‍රහය දක්වන්නෙ. ජරාව අඩුම තැනට කතිරය ගහනවා කියන මතේ නම් මම නෑ. මොකද ඒ ගොල්ලන්ගෙ ජරාව අඩුවැඩි වෙන්න එච්චර වෙලාවක් යන්නෙ නැති හින්දා.

    ඡන්දෙ ගැන කතාව එච්චරයි.

    වැදගත්ම දේ, සරත් ෆොන්සේකා මහත්තයට බෝම්බ ගහද්දි මම හිටියෙ කොටුවේ ස්ටේෂන් එකට සම්පත් බැංකුව ගාවින් යන්න තියෙන තැන බෝ ගහ යට. උඔ පන්සලේලු. එතකොට අපි කුරුලු හමුදාවට එද්දි උඔ එකෙන් ගිහිල්ලත් ඉවරද, නැත්තම් ඇවිල්ලා නැද්ද?

    ඔන්න විසදනවනං ප්‍රස්න......?

    මේ තියෙන්නෙ අන්තිමට කොසොල් රජ්ජුරුවො දැක්ක හීන 16, මේ හීන නං ඔක්කොම ඇත්ත වෙලා දැං,

    http://arunasir.wordpress.com/2011/09/11/%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A2%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F-%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1/

    ReplyDelete
  71. @බුද්ධි...

    අනිත් ඒවා වැඩක් නැහැ වැදගත් ප්‍රශ්නේට උත්තර දෙන්නං... මං කුරුළු හමුදාවේ හිටියේ 1998 ඉඳලා 2002 මුල වගේ වෙනකල් මචං... ඒ කියන්නේ උඹ ජූනියර්..හරිනේ...

    මං 23*** නොම්මර රෙගියුලර්... ට්‍රෙඩ් එක ආමර්...

    ReplyDelete
  72. @මාරයියේ
    පොලිසිය ගැන ඔයා දක්වපු අදහස් සම්පුර්ණ ඈත්ත.එත් ඔකුන් මහා එපා කරපු හැත්තක්.මේ ලෝකෙ ඔළුව නැතුව තොප්පි දාන එකම ජාතිය ඔකුන්ය කියලා අමිල තේනුවර ගේ කතාවක තියනවා.(ගලකින් ගසා හෝ සප් 1 ක් දිය යුතුයැයි මා පැවසුවේ හුදු ආතල් 1 සදහා පමණි.ඉහත අදහස් දක්වා ඈත්තේ එංගලන්තයේ පොලිසිය ගැන මිස ලංකාවේ උතුම් පොලිසිය ගැන නොවේ.)

    හැබැයි ග්‍රීස් යකායි අරකයි මේකයි කිය කිය ම්නිස්සු පොලිසියට ආතල් 1ටත් ගහන්නේ ඇයි කියලා සහා ඒ මිනිස්සුම අමී 1 ආවම ආමි 1ට ගරු කරලා සන්සුන් වෙන්නේ ඇයි කියලා ලොකු ලොක්කෝ හොයලා බලන්න ඕන.
    මාරයියේ මං ආනෝට වචනයක් කියන්නන් හොදෙ.මගේ කට කහනවා වගෙ අප්පා...

    @ඇනෝ
    උබනම් මචං සොමියට ගහලා කරුමේට හැදිච්ච එකෙක්ද කොහෙද.උබේ මව් දෙමව්පියෝ උපත් පාලන ක්‍රමයක් ගැන දැනන් හිටියෙ නැ වගෙ.. :D
    (හොද බබාලා ඔක්කම මට සමාවෙන්ට.මාත් ඔය නාක වචන දන්නැ. මේකත් යාළුවෙක්ගෙන් අහන් ලිව්වේ.)

    ReplyDelete
  73. @KC...

    යකෝ ඔහොම කියන්න එපා යකෝ මාත් මාස ගානක් ඔය ගල් තොප්පිය දාගෙන බම්බල පිටිය පැත්තේ පාරවල් මුර කලා දූවිල්ල කකා... ඒත් ඔය පොලෝසියේ තමා..සික් දැන් පොළව පලන් යන්න හිතයි..

    යන්තං අර කුමාරයා අයියව ආංබං කරලා ‍පැත්තකින් තිබ්බා විතරයි උඹ පටන් ගත්තද මේ බුද්ධිමත් පොර එක්ක අංචි අල්ලන්න... හීන් කෝට්ටක් ගන්න කලින් දුවහං කිව්වේ ගෙවල් පැත්තට...

    ReplyDelete
  74. @ ඇනෝ ...
    ඉතින් බුද්ධිමත් ඇනෝ මහත්තයෝ ... කිසිම බුද්ධියක් නැති එවුන් ලියන මේ කුණුගොඩ .. ඔබතුමා වැනි බුද්ධිමතුන් කියවන්නේ මක්කටෙයි ..?
    නොකියවා හිටියාම අහවරයි නෙව.

    ReplyDelete
  75. ඇ... බං මාරයියේ බොලා එංගලන්තේ පොලිසියේත් හිටියද?.එත් ඉතිං එංගලන්තේ පොලිසිය බම්බලපිටියේ මක්කද කරේ?? :D

    @ඇනෝ
    අඩෝ...ඇනෝ.. මේ මාරයියා කියන හිනදා පාඩුවේ යනවා.නැත්තන් තොගෙ ඔළුවට කී-බෝඩ් එකෙන් ගහන්නේ පැණි බේරෙන්න.

    මං මේ නික්මට වගෙ අහන්නේ ඇත්තටම උබට ඔළුවක් තියෙනවද බං??? :D

    ReplyDelete
  76. මගේ ඔලුවට වැටහෙන්නේ නම් බන් රටට වින කරපු උන් සේරම බල්ලෝ වගේ ,මැරිලා යනවා නැත්නම් ලොවෙත් නැති වෙන්න දුක් විදිනවා,,උදාහරන ඕනා තරම් පොඩ්ඩක් දේශ්පාලුවෝ ගැන හොයලා බලද්දී..

    ReplyDelete
  77. මෙතන anno කියන නපුන්සකයා මොකද මේ පොම් වෙලා දගලන්නේ උඹ මාරයට පොන්නය කිව්වට මට හිතෙන විදිහට පොන්නය උඹ එකයි තෝ නමක් නැතිව comment දන්නේ . අනික තෝ මේ තප්පු ලන්නේ මේ ලිපිය ගැන නෙමයි පැහැදිලවම මාරයා එක්ක තියෙන වෛරයකින් බව තමයි පෙනෙන්නේ . නිකන් බොරුවට උම් බැ කියන නෙතුව හිටු . තොපි තමයි යකෝ මානසික රෝගියෝ .කොන්ඳ පන නැති පොන්නයෝ.

    ReplyDelete
  78. උනුත් එකයි. . . .
    මුනුත් එකයි . . .
    මෙදා පාර . .
    අපි . . . ??????

    ReplyDelete
  79. සියලුම ප්‍රවෘත්ති සලකා බලා, නම් ගම් වශයෙන් අනන්‍යතාවයන්ද නොමැතිව බැලූ විට මෙහි ඇත්තේ බල ලෝභය හෙවත් තෘෂ්ණාව පමණකි. ඒ තෘෂ්ණාව මගින් නොයෙක් අපරාධ කිරීමට අනිත්‍ය වූ මිනිස් සිත පොළඹවා ඇත. මේ බව හඳුනා නොගැනීම මේ අපරාධ කල අයගේම අවාසනාවකි.

    ReplyDelete
  80. මගෙ කොමෙන්ටුව මෙතනට සෙට් වෙන්නෙ නෑ වගේ මාරයො. අන්න මගෙ එකේ දැම්මා.

    ReplyDelete
  81. @මාරයා : ඔය සාස්තරේ වරදින්න විදියක් නැහැ මාර අයියේ. ටයිටස් තොටවත්ත මහත්මයත් නැති වෙලාලු නේද..

    ReplyDelete
  82. මාර ...ටිකක් සන්වෙගෙටත්,කනස් සල්ලටත් පත් වෙලා වගේ හැගීමක් දැනෙනවා....මොකද කරන්නේ අපි මේකට..............................?

    ReplyDelete
  83. මට නං හිතෙන්නේ ඇනෝ ට එයා ඇනෝ කෙනෙක් විදියට කමෙන්ට් එකක් දාපු එක ගැන දොසක් කියන්න බෑ.

    මොකද මාරයා ඒකට ඉඩ දීලා තියෙනවානේ. ඇනෝ වෙනුවට අහිංසක, අංගුලිමාල, සල්හාදු, කුණකට්ටා වගේ දැනට සිංහල බ්ලොග් ලෝකයේ භාවිතයේ නොමැති නමකින් ඇවිත් ඔය කමෙන්ට්ස් ටිකම දාන්න තිබුණානේ.

    එහෙම කළා කියා අනන්‍යතාවයක් ඇතිවෙනවාද? ඒවාත් මාරයා, කතන්දරකාරයා වැනි තවත් ඇනෝ නාමයන් ම ය.

    එවැනි ප්‍රොෆයිල් එකක් හදාගැණීමට යන්නේ විනාඩි පහක් බව සලකන විට මේ ඇනෝ ට කම්මැලියා යන නම සුදුසු යැයි සිතේ.

    සරත් ගුණතුංග ට මහේ ආචාරය! Well said mate. පිරුණු කළේ - දෙපෙත්තෙන් දැනේ!

    ReplyDelete
  84. ඔන්න අන්තිම කමෙන්ට් එකත් මගෙන්. :D

    ReplyDelete
  85. http://www.bbc.co.uk/sinhala/news/story/2011/10/111015_harsha_cabraal_fox.shtml

    ReplyDelete
  86. @ කතන්දර : //සරත් ගුණතුංග ට මහේ ආචාරය! Well said mate. පිරුණු කළේ - දෙපෙත්තෙන් දැනේ!//

    කතන්දර අය්යේ, පිරුණු කලේ දිය නොසැලේ... හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා අපි අහලා තියෙන්නේ... මේක මේඩ් ඉන් කොහේ එකක්ද ?

    +1 with Mr. Sarath gunathunga

    ReplyDelete
  87. Sorry I posted wrong link as the comment, check this one... it says Duminda is not a suspect any more (according to the Lakshman Hulugalle)

    http://www.bbc.co.uk/sinhala/news/story/2011/10/111015_duminda_suspect.shtml

    ReplyDelete
  88. මාරය සාලියට අඳින්නද යන්නෙ.

    ReplyDelete
  89. අනේ මාරයෝ කුජ මාරු උනාටනෙමේ කුජගේ දෙක මාරු උනත් මේලෝකෙ ඉන්න හැමෝම මැරෙනවා.

    ReplyDelete
  90. "ඉඳින් මෙසේ සිතීම කෙරෙහි මට මා ගැන පුදුමයක් නැත." මෙතනින් එහාට කියෙව්වේ නෑ බන් . . මොකෝ නිකම් උඹ ගැන තරහක් ඇති කර ගන්නේ එතනින් එහාට තියෙන හුන්නස්ගිරිය කියෝලා . . .

    ReplyDelete
  91. හොඳ ලිපියක් !!!!!!!!!!!!!! නිවීගෙන යන විට පහන දීප්තිමත් වනවා සේ ම මාරයාගේ අන්තිම පෝස්ට් 25 න් 10 ක් වත් සුපිරි පෝස්ට් වනු දැක්ම යහපත්_ඇනෝ ගේ පැතුමයි.

    ReplyDelete
  92. අන්තෝ ජටා බහි ජටා .........
    ඇතුලෙත් ගැට පිටත් ගැට .....

    ReplyDelete
  93. මම මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ ලියන්න හිතාගෙන ආවේ වෙන එකක්, පස්සේ සැර ඇනෝගේ කමෙන්ට්ස් ටික උඩ ඉදලා පහලට කියවන් එද්දි ලියන්න ආපු එක අමතකයි. දැන් ආයේ කියවන්නත් කම්මැළී.

    අනික මන් මේකේ කමෙන්ට් කොළා කියලා රට වෙනස් වෙන එකක්යැ? ඒත් ඔන්න ඔහේ කම්නෙට් එකක් දැම්මා කියෙව්වා කියලා කියන්න.

    ReplyDelete
  94. හොඳ ලිපියක්
    ඒත් මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කම තියෙන්නේ අපේ අතින් ටිකක් දුරක
    මොකද අපි ජන්දේ දාන්නේ නැතුව හිටියත් ජන්ද දාන සුළුතරයක් හරහා හරි කවුරු හරි බලයට පත් වෙනවනේ
    වෙනසක් ඇති කරනවානම් ඇති කරවන්න මුල් වෙන්න ඕනේ දැන් පාලනයේ ඉන්න උදවියම තමයි

    ReplyDelete
  95. ජුංඩක් කුඩු ගෙනාවට සුදු හොර ගෙඩියා
    කන්දක් වගේ දෙපැරැන්දේ ලැග සිටියා
    මිනියක් දෙකක් මැරුවට හරි මොළ කැටියා
    ඇද උඩ ෆයිට් මාගම තිරිසන් පැටියා

    ReplyDelete
  96. 98

    @අන්තිම ඇනෝ
    අනේ.. කොහේද බං මෙච්චර කල් හිටියෙ.සොයි කවිය බං.

    ReplyDelete
  97. @අන්තිම ඇනෝ, උඹ ඕක බූන්දියෙන් නේද හොරකං කලේඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වමු!

    ReplyDelete
  98. යකඩෝ, දැන් තමයි මාරෙ අයිය අපේ පැත්තෙ ඇවිත් කියල ගිය හරුපෙ තේ‍රුනේ...

    ReplyDelete
  99. @"..මන්ද යත් ඒ මගේ අවසන් බලාපොරොත්තුව බැවිනි"

    මගේ නම් දැන් එකම බලාපොරොත්තුව කල්පිත දියසෙන් කුමරුවා ම පමණකි.

    ReplyDelete
  100. අපි කරන රස්සාවල නම් කොච්චර හොඳ වැඩ කෝටියක් කරල තිබුනත් එක ලොකු ගොංකමක් කරොත් ගෙදර යන්න වෙනවා. ඉතිං අපි හැදිල තියෙන විදියට මොකා හොඳක් කරත් ඒක උපරිමෙන්ම පිලිගන්නව වගේම මොකා වැ‍රැද්දක් කරත් ඒකත් එහෙම්ම වැරදියි කියලත් කියනවා. :D

    ReplyDelete
  101. දින කිහිපයක් පැමිණියෙමි සිතුවේ මැදහත් සිතක් ඇත්තෙකු කියාය බලනා විට තවත් රජාගේ ගොට්ටේකි නැවත ඒමට අදහසක් නැත සුබ පැතුම්

    ReplyDelete
  102. තරමක් කාර්ය බහුල බැවින් වෙන වෙනම පිළීතුරු බැඳීමට අපහසු වී ඇති නමුත් අවසාන කොමෙන්ටුව දුටු විට යමක් කීමට සිත් විණි...

    @JEEWAN...

    මැදහත් සිත් නැත්තවුන්ට බ්ලොග් ලිවීම අකැපැ යයි මා මෙතෙක් අසා නැත. මෙතනට යන එන බොහෝ දෙනෙක් එසේ වූ අය වන අතර ඒ කිසිවකුටත් මාගේ දේශපාලන මතය ගැටළුවක් වී ඇතැයි මා නොසිතමි.

    සියළු දෙනා සතුටු ‍කිරීම කිසිවකුටත් කෙදිනකවත් කල හැක්කක් නොවන බව මාගේ වැටහීමයි. බ්ලොග් අවකාශයේ වෙසෙන බොහෝ දෙනෙක් මගේ මතයෙහි නැතැයි කියා මාද එම බ්ලොග්වලට නොයා සිටීමට මටනම් හේතුවක් නැත. සිහි බුද්ධියක් හා සංයමයක් ඇති බොහෝ බ්ලොග් කරුවන්ද එසේ යැයි මා සිතමි. උදාහරණයක් ලෙස ඉහත ඇති "දුකා"ගේ කොමෙන්ටුව බලන්න... මැදහත් භාවය පිළීබඳව එයින් යමක් ඔබට ඉගෙන ගැනීමට හැකි වනු ඇතැයි මා සිතමි.

    රජාගේ ගොට්ටෙකි යන වචන කිහිපය හරහා ඔබත් යම් අයකුගේ ගොට්ටෙක් යැයි මටත් සිතිය හැක. එහෙත් එය මා හට ගැටළුවක් නොවන්නේ ඔබගේ ගොට්ට කොහාට යොමු වූවත් එයින් මට ඇති බලපෑමක් නොවන බැවිනි.

    අප සියළු දෙනාම තම තමන්ට ආවේණික මති මතාන්දර ඇත්තවුන් වන අතර ඒවාට බලපෑම් කිරීමට කාටවත් අයිතියක් නැත. මට මෙන්ම ඔබටද එසේමය... පැමිණීමත්..නොපැමිණීමත් ඔබ සතු අයිතියකි... එය ගණන් ගැනීම හෝ නොගැණීම මා හට ඇති අයිතියකි...
    මහින්ද කියනවා වගේ කියන්නට‍ මා හටත් හැක.
    "දොරවල් ඇරලා තියෙන්නේ..ඕන කෙනෙකුට එන්නත් පුළුවන්..යන්නත් පුළුවන්.."

    පොඩි වෙනසකට තියෙන්නේ මගේ බ්ලොග් එකේ දොරවල් ඇත්තේම නැත... සුභ ගමන් යාළුවා...

    ......................

    කෙනෙකුගේ දේශපාලන කැමැත්ත ඒ අයගේ අයිතියක් වගේම ඒ මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් එයට විරුද්ද මත ප්‍රකාශ කිරීමත් කිසිසේත්ම වරදක් නොවේ...

    "මා තවමත් මහින්ද ගැන බලාපොරොත්තු තබා ගෙන සිටින බහුතර ලාංකිකයින්ගෙන් එකෙක්මි."

    ReplyDelete
  103. ජනාධිපති ක්‍රමය ගෙනාවේ ජේ ආර් මහත්තය ගනන් හදල බලල. හොඳට හඳහන් බලල, එයාට කැමති ගීය ජාතික ගීය ලෙස යොදාගෙන. මේ ක්‍රමය ආදා ඉඳන් ලංකාවේ ප්‍රශ්න. කුලල් කා ගැනීම මරාගැනීම් කෙලවරක් නෑ. පාලකයන්ටත් ඕනෑ ඒකයි. අනෙක් අතින් දෙමල පක්ශ විපක්සෙට එයි කියන බිල්ලා පෙන්වා මෙය තවමත් තබාගෙන ඉන්නවා.
    මොනව උනත් තාම චන්ද්‍රිකා පාරෙ බැහැල යනවා. ඒ ඕනවට වැඩියෙ තමුන්ගෙ බලේ පාවිච්චි නොකල නිසා කියලා හිතෙනවා.
    මනාප ක්‍රමය මිනිසුන් අතර යට ගොස් තිබෙන උස් පහත් කම් නැවතත් ඉස්සරහට ගේන තත්වයක් ඇතිකර ඇත.
    මෙච්චර බලවත් ජනපති තනතුරක් තියෙන රටේ ජාතික ප්‍රශ්නය තවම එහෙමමයි.
    වෙනස්කම් සමහන් කිරීමට වඩා වෙනස්කම් වර්ධනය කිරීමයි ජනපති තනතුරේ කාර්යභාරය වෙලා තියෙන්නේ.
    මේ මිනිමැරීම් ඒවායේ ප්‍රතිපලද?

    ReplyDelete
  104. බලාගෙන යනකොට මාරයියත් නොකරපු දෙයක් නැහැ නොව......
    මාරයියගෙ දේශපාලන මත වලට එකඟ නැතත් ඔබ ගැන ඇති පැහැදීමේ අඩුවක් නම් නැත.

    ReplyDelete