16 October 2011

එදා සාලිය මෙදා නාමල් උනානං...

නිකං ඉන්න බැරුවට අහක යන මඟුල් වලට ඔළුව දාලා පරිප්පු කන එක මගේ සාමාන්‍ය ක්‍රමය නිසා මේකත් ලියමු කෙටියෙන් හරි...

වස්තු බීජය උනේ මේ ඊයේ පෙරේදා දැකපු එක්තරා නිව්ස් එකක්...

"නාමල් රාජපක්ෂ හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර උන්නැහේගේ දෝණීයැන්දෑ අතර ආදර හුට පටයක් තිබී එය නාමල්ගේ මෑණියැන්දැ හට දැන ගන්නට ලැබී..එයින් ඇය මහත් සේ කෝපයට පත් වීම හරහා පවුල් දෙක අතර විරසකයක් නිර්මාණය වූ බවත්... ගෝඨාභය මලයාට ඒ ගැන ඇහැ ගහගෙන ඉන්නට අයියගේ බාරියාව උපදෙස් දුන් බවත්.. ඒ අනුව ගෝඨාභය උන්නැහේ ඒ රාජකාරිය කලාත්"..ආදී වශයෙන් තමා නිව්ස් එක තිබුනේ..

හරි ඒක ඇත්තද නැත්තද කියන්න මං දන්නේ නැහැ..ඒත් ඔය නිව්ස් එකත් එක්ක මගේ ඔළුවට ආවේ මෙන්න මෙහෙම දෙයක්...

පහුගිය කාලේ ඔය නිව්ස් එක ගිය අඩවි හරහාම ගිය තව තව පුවත් වලින් කිය උනේ තාත්තයි පුතයි දෙන්නම පබා කෙලීටයි..අනර්කලී නගාටයි හිත වැටිලාය සහ එතනින් එහාටත් ලොකු ලොකු දේවල් වෙනවාය කියලා තමා..ඕවට හෙලුප් එක දෙන්නේ මර්වින් ගොයියය කියල තමා වැඩි දුර කතා බස්වලින් කිය උනේ... එතකොට මං කල්පනා කලේ ඒ වෙලාවල්වලදී තාත්තගේ බාරියාව සහ පුතාගේ මැණීයැන්දෑ කෝප නොවුනද කියලා..

ඇයි වදේ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙනවට වඩා දෙයක්නේ අර වගේ කෙලියක් උනානං.. ඒත් ඔය කේස් එකේදී ජනාධිපතිගේ බාරියාව කේන්ති අරගෙන දැඟළුවාය හරි..මල්ලිට මුර කොරන්න බාර දුන්නය කියලා හරි කිය උනෙත් නැහැ.. එතකොට ඒ කියන්නේ ඒ ආරංචි බොරුද..? නැත්තං ඔහොම දෙයක් කලාට ඒ ඇත්ති කලබල නොවුනත් මෙහෙම දේවල්වලට කලබල වෙනවද්ද..?

අනිත් දේ තමා අච්චර පබාට සහ අනර්කලීට හේත්තුව දානවනං ඒ වගේ සල්ලාල පුතෙක් මේ තව කෙල්ලෙකුට ලයින් එක දැම්මා කියලා මොකට කලබල වෙනවද..? මේක මට ටිකක් හතර බීරි කතාවක් උනා ඕං...

හරි ඒකත් පැත්තකින් තියමුකෝ..මං කලින් කිව්වා වගේ මේ හැම දේම පුවත් සහ ආරංචි මිස මං ඇස් දෙකින් දැක්ක දේවල්යෑ...
......................................

දුටු ගැමුණු කියන්නේ ඉස්සර කාලේ ලංකාවේ හිටිය රජ කෙනෙක් නෙව...ඔය රජ්ජුරුවෝ ප්‍රසිද්ධ උනේ රට එක්සේසත් කිරීම සම්බන්ධව තමා...

උතුරු පළාත ඇතුළුව ලංකාවේ වැඩි කොටසක් ද්‍රවිඩ රජෙක් වෙච්ච එළාර (ඔය ද්‍රවිඩ කතාව ගැනත් යම්කිසි මතබේදයක් තියෙනවා.. ඒකට නියම උත්තරයක් මෙන්න මෙතන තියෙනවා) පාලනය කරන අතරේ ඉතිරි සොච්චමත් අපේ එක එක්කෙනා විසින් කොටස් කඩාගෙන පාලනය කර කර හිටි කාලේ දකුණෙන් බිහිවෙලා..සේනා සංවිධානය කරලා උතුරු දෙසට ගිහින් එළාරත් එක්ක සටන් කරලා ඔහුව පරද්දලා මුළු රටම ඔහුගේ පාලනය යටතට අරගෙන ලංකාව එක්සේසත් කරපු රජතුමා තමා දුටුගැමුණු..එහෙමත් නැත්තං දුට්ඨ ගාමීණී අභය කියන්නේ...

ඉතිං මෑත කාලීනව දකුණෙන් ඇවිත් ලංකාවේ ජනාධිපති වෙලා කොහොම කොහොම හරි පහුගිය කාලේ ලංකාවේ තිබුණ අවසානයක් පේන තෙක් මානෙක නොතිබ්බ යුද්ධය අවසන් කරලා..රට එක් සේසත් කරපු හාදයා තමා මහින්ද කියන්නේ...

ඉතිං මේ කාරණාවත් එක්කලා මහින්ද උන්නැහේවත් අපේ හුග දෙනෙක් ඔය දුටු ගැමුණු රජුට සමාන කරලා කතා කරන්ට පටන් ගත්තා...හැබැයි ඒක කිහිප විදියකින් උනා...

සමහරු හද පතුලෙන්ම තියෙන ගෞරවය මතත්... සමහරු මහින්දව අන්දලා තාන්න මාන්න ගන්න අදහසිනුත්.. තවත් සමහරු අපහාස කරන අදහසිනුත්... කියන ආකාර කිහිපයකටම තමා නූතන දුටු ගැමුණු පට්ටම මහින්දට එල්ලුවේ...(තවත් දුටු ගැමුණු කෙනෙක් ඉන්නවා..ඒත් ඒ කාඩ්බෝඩ් පට්ටමක් අපි ඒක අමතක කරමු මේකට අඳාල නැති හින්දා..)

සමහරු දුටු ගැමුනුවයි මහින්දවයි සංසංදනය කරන්නත් ගියා.. මොකද දුටු ගැමුණුට වගේම මහින්දටත් හිටියා කර ගහලා වැඩ කරන්න සහෝදරයින්...යුද්දේ දිනන්න මේ දෙන්නටම සහෝදර සහය වැදගත් උනා...

දුටු ගැමුනුට හිටියා දස මහා යෝධයින් කියලා හොඳ සටන්කාමී සෙට් එකක්.. මහින්දටත් සරත් ෆොන්සේකා ඇතුළු සෙට් එකක් හිටියා... ඔය දසමහ යෝධයින්ගෙන් එක යෝධයෙකුත් යුද්ධෙන් පස්සේ දුටු ගැමුණු රජුව අතෑරලා ගියා කියලා පත පොතේ තියෙනවා... මෙදා වංගියෙත් එහෙමම උනා..හැබැයි දසමහා යෝධයා ගියේ වෙන අතක..මෙදා යෝධයා ගියේ තව අතකට... ඔවා කතා කරන්න ගියොත් අදත් ඇනෝලා මෙතන මාව වනසනවා.. ඒ හින්දා ඒ මදෑ...

ඉතිං ඔන්න ඔය වගේ සංසන්දනය කරලා සමහරු ඔය දුටුගැමුණු මහින්දට සමාන කරලා කතා කලා කියමුකෝ... ඒත් ඉතිං ඔව්වා ඒ හැටි හිතට ගන්න දේවල් නෙවෙයි...

ඒ ඔක්කෝමත් හරි කියමුකෝ මෙදා වංගියේ තවත් සමානකමක් වෙන්ට ගිහින් අපි නොදැනම.. ආන්න එකයි මං මේක ලියන්ට හිතුවේ...

දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ පුත්තරයා වෙච්ච සාලිය කුමාරයත් අපේ ඉතිහාසේ බොහෝම පරසිද්දයි.. ඒ ඉතිං මේ රට කරවපු රජකෙනෙක් හැටියට නෙවෙයි... බොහෝම අවංක ප්‍රේමවන්තයෙක් හැටියට...

තමන්ගේ ආදරය වෙනුවෙන් රජකමත් අතෑරලා ගිය අද කාලේ චිත්තරපටිවල විතරක් දකින්න ලැබෙන වීරයෙක් වගේ කෙනෙක් තමා සාලිය කුමාරයා...

මෙන්න බොලේ මේ පාර අර නාමල් ගැනයි හිරුනිකා ගැනයි ගිය කතාව දැක්කම මට හිතුනෙත් යකෝ මේක "ඉතිහාසය නැවත නැවතත් සිදු වෙමින් පවතී" කියලා කවුද මංදා කියාපු දේ ඇත්තද කියලා...

සාලිය කුමාරයා රජකම අතෑරලා අසෝකමාලා එක්ක ගියා වගේ.. නාමලුත් කොහොමද මහින්දටයි උන්නැහේගේ බිරින්දෑටයි පිටුපාලා අර දැරිවිත් එක්ක ගියොත්..? ආසා හිතෙන වැඩේ.. හැබැයි එහෙම උනානං අතීතය එහෙං පිටිංම අපිට නැවත දැක ගන්න තිබුනා...

සාලිය කුමාරයා රජය හැර දැමීමත් එක්ක ඒ චෑන්ස් එක ගත්තේ සද්ධාතිස්ස කුමාරයා වගේ..මෙදා පාරත් බැසිල් උන්නැහේට ඊ ළග උරුමය යයිද කියලයි මං හිතුවේ..කෝ ඉතිං ඒකට නාමල් යන්ට එපෑ... දැනටනං එහෙම වෙන පාටක් නැහැ..ඒත් ඉතිං ඉස්සරහදී හරි එහෙම උනොත්නං මාත් කියනවා මේනං ඉන්නේ දුටු ගැමුණුම තමා කියලා... අනික බය වෙන්ට දේකුත් නැහැ සද්ධාතිස්ස කුමාරයත් අපරාදේ කියන්ට බැහැ රටට හොඳ රජෙක් උනයි කියලා තමා අතීත කතාව අපිට කියන්නේ... ඒ ඔක්කෝම හරිනං ‍මේකත් වෙයංකෝ...

(තවත් මහින්ද අබේසුන්දර කෙනෙක් හරි උපුල් ජෝසප් ප්‍රනාන්දු කෙනෙක්ව ඔයාලට පේනවා පේනවා වගේද..?)

56 comments:

  1. අලුත් කණ්නාඩිය ලස්සනයි.

    මම එක..

    ReplyDelete
  2. හෙහ් හෙහ් මාරයාටත් හිතෙන දේවල්

    ReplyDelete
  3. අනෙ මෙ.. වරිගෙ නහගන්නෙ නැතුව හිටු..

    ReplyDelete
  4. ....අදත් විමසුම පිටපත මාර අයියගෙනි :D

    ReplyDelete
  5. උබ ඉවරයි ලොක්ක...

    ReplyDelete
  6. 500ට එහා යන්නෙ නැති වෙයි වගේ. :D

    ප.ලි. ලකී ඉස්සර වෙලා නේද?

    ReplyDelete
  7. අනේ ගොංපාට් නොදා හිටපන්...හරකෙක් වුන පලියට හැමතිස්සෙම උම්බෑ කියන්න් එපා එතොකොට උඹ හරකෙක් කියලා අනිත් එවුන්ට හොදටම පේනවා....

    ReplyDelete
  8. ඔය නම් හොඳටම කන පොටක් පුතෝ....

    ReplyDelete
  9. මාරෙ අයිය දුටුගැමුණු මහින්ද විතරනෙ.. අනිත් දුටුගැමුණු කව්ද?... ඔයා කියන්නෙ බිමිබිසාර රජතුමා ගැන වෙන්ටෑ.. ;)

    ReplyDelete
  10. මේව ලියල රාජඋදහසට ලක් උනාම ඔන්න අපි දන්නෑ

    ReplyDelete
  11. මාරේ අයියට හිතෙන දේවල් !!!

    "එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා " කිය කියා ඉන්න අති නේ.

    මොනා උනත් ලකී මහත්තයාගේ කෙලි පොඩ්ඩ නම් පංකාදුයි.
    ඒ කෙල්ලත් ඡන්දේ ඉල්ලන්ට වෙන්ටෑ සූදානම !!!

    ReplyDelete
  12. මාරයි මාරයි එළකිරි පොස්ට් එකක්... ඔය කියන විදිහට ඉතිහාසය නැවත සිදු වෙමින් පවතීන නිසා අපිට ඉස්සරහට වෙන දේවල් ගැන හිතාගන්න පුළුවන්නේ.. එත් බලාගෙනයි මාරයටත් මාරු පෙනෙන වෙලාවක් එන්න පුළුවන්...!

    ReplyDelete
  13. මහින්ද දුටු ගැමුණු සංසන්දනය කියන්නේ මජර මෝල් ආතල් එකක් , මාරය ඒක සිරියස් ගන්නේ නැති නිසා ඒක ගැන වැඩිය කියන්නේ නැ , කොහොම උනත් දස මහ යෝධයො සෙට් කරගෙන , අසල් වැසි රාජධානි යාලු කරගෙන , රටේ ආර්ථිකය හදලා දුටුගැමුණුට පසුබිම හදල දුන්නෙ කාවන්තිස්ස කියන දුටුගැමුණුගෙ පියතුමා , එතනින්ම මහින්ද දුටු ගැමුණු සංසන්දනය හබක්

    ඔය නාමල් කථාවට හිරුණිකා නඩු දානවාය කියල තියනව මම දැක්කා , හැබැයි එයාගේ පාසල් කාලයට හැරුණාම නම් ඔය සීන් එකේ ඇත්තක් තියන ලයින් එකක් තියෙන්නෙ , හැබැයි ඔය පහුගිය කාලේ ගොතපු _න්නයෝ කිව්ව ඒවා නම් අමූලික බොරු වෙන්න ඕනි !

    ReplyDelete
  14. " තවත් මහින්ද අබේසුන්දර කෙනෙක් හරි උපුල් ජෝසප් ප්‍රනාන්දු කෙනෙක්ව ඔයාලට පේනවා පේනවා වගේද..? " මහින්ද අබේසුන්දර ගැන නම් කියන්න දන්නේ නැත. හැබැයි උපුල් ජෝසප් ප්‍රනාන්දු ඉතිහාස කතා ගලපනවා දැක නැත. ඔහු බොහෝවිට ගලපන්නේ මෑත දේශපාලනයේ සිදුවීම්ය. කොහොම උනත් මේ පොස්ට් එකේ ඊයේ වගේ වැරද්දක් නැත. මොකද මේ කියපු දේ කතන්දරයක් බව මාරයත් දන්නා නිසාය.

    ReplyDelete
  15. ඒ දවස්වල නම් ඔය ජෝඩුව(හිරු,නාමල්) බන්දන්න යනවා වගෙ රාවයක් තිබුනා.ඒ ඉතින් රජ කාලේ කතාවක් අප්පා.ලකී මළේ අර පුස් ඌරාගේ තියෙන නොසන්ඩාලකම හින්දා.

    "දෙන්නම පබා කෙලීටයි..අනර්කලී නගාටයි හිත වැටිලාය සහ එතනින් එහාටත් ලොකු ලොකු දේවල්" ඕවා දාන්ඩ එපා.ඕකෙන් වෙන්නේ ඇත්තම දෙයක් වුනත් මිනිස්සු විස්වාස කරන්නේ නැතුව යනවා.'අර කොටියා එනෝ' කතාව වගේ.ඇත්තටම ඕවා වුනත් ඒක ඒ ඇත්තන්ගේ මනාපේ නොවෑ.ප්‍රජාත්‍රන්තවාදයට හානියකුත් නැනේ.මිනිස්සු වුනාම ඉතිං අසාවල් තියෙනවනේ.

    අඩේ.... අදත් ඇනෝ කෙනෙක් ඇවිල්ලා. සොයි... අප්පා!

    ReplyDelete
  16. රාජ උදහසට අහුවෙන්න වගේ :O

    ReplyDelete
  17. ඔන්න සුදු වෑන් 1ක් ඔය පැත්තෙ කැරකුනා කියලා පොඩි ආරන්චියක් ආවා ,

    ReplyDelete
  18. මාර ජැකා .........
    විහිලුවක් හොදේ

    ReplyDelete
  19. උපුල් ලියන්නේ පරහට. වසන්ත ප්‍රිය රාමණායකත් වගේ පේනවා... බන්දුල පද්මකුමාරත් වගේ. හැබැයි හඩ්ඩා වගේ නම් නෙමේ...

    ReplyDelete
  20. මට නම් හිතුනෙ නාමල්ගෙ අම්ම ඕකට විරුද්ද උනේ නාමල්ගෙ තාත්තයි අර කෙල්ලයි ගැන හිතල.........

    ReplyDelete
  21. උඹට මාරයියේ දැන් දැන් ජීවිතේ ගැන කලකිරිලා වගේ ........
    සිය දිවි නසා ගන්නවත් හිතිලද ...

    ReplyDelete
  22. මාරේ අයියා 500ට කලින්ම බලෙන්ම විශ්‍රාම යවා ගන්ට වගේ දඟලන්නේ...! කමක් නෑ මාරේ අයියේ... අර උඩම ඇනෝ කියලා තියෙන්නේ උඹට තප්පුලන්නැතුව හිටපන් කියලා...!!! උඹ හරකෙක් නම් අපි ඒ බව පෙර සිටම දන්නවා නොවැ... ඒ නිසා එදා උම්බෑ කිව්වත් අද උම්බෑ කිව්වත් හරකා හරකාමයි. ඇනෝ කිව් පලියට හරකා උම්බෑ නොකියා ඥාව් කියන්නයෑ...

    ප/ලි. හරකා ඌද, මූද, මං ද, නැත්නම් වෙන එකෙක්ද කියා පරිකල්පනය කරගැනීම මැනවි...!

    ReplyDelete
  23. අර 500 යේ කතාව ඇත්ත වෙයි වගේ.... ඔන්න හිටපු ගමන් අතුරුදහන් උනොත් අපි නෑ ඔන්න හොයන්න එන්නෙ....

    ReplyDelete
  24. හික් හික් . . . නාමලාගෙ ඇහැට ඔය කෙලී වැටෙද්දිත් දකුනේම ඇමති පුත්‍රයෙක් කෙල්ලව ඩැහැගෙන ඉවරයි මචං. ඉස්කෝලෙ කාලෙ නං කෙල්ල පොඩ්ඩක් දඟ කලා තමයි හැබැයි චාටර්ම උනේ නෑ

    ReplyDelete
  25. යකෝ ඕනයියා දන්‍න දේවල් .....

    ReplyDelete
  26. මාරයා.... නෑ ..නෑ ... මම එහෙම එකෙක්ව දන්නේ නෑ.... අහලාවත් නෑ.... ඔන්න අපි බේරුනා.

    යකෝ...මේක තරමක් අබුද්දස්ස කාලයක්. කට නෙමෙයි අත පරිස්සමින්. දන්නවානේ අබුද්දස්ස කාලේන ඇනිතින්ග් ඊස් පොසිබල් ටු ..................... වචනේ උඹම පුරෝගනින්.

    ReplyDelete
  27. හ්ම් අකමැති වෙන්න හේතුව කුල ප්‍රස්නයක් වගේ එකක් වෙන්න බැරිද :_/

    කොහොම උනත් මේක නම් නියමයි..හිස්ට්‍රි රිපීට්ස් කිව්වලු

    ReplyDelete
  28. දැන් ඔය පියානෝ,පුතුනෝ දෙක තුන තියන් ඉන්නේ උන්ට පුලුවන් හින්දනේ බන් අපි ඒ ගැන කාරි ගන්න ඕනේ නෑ .. ඒ කාලෙත් දුටුගැමුනුලට,සාලියලට පුලුවන් පුලුවන් විදිහට තියන් ඉන්න ඇති ඒ එයෑයින්ට පුලුවන් හින්දා....
    හා,,හා අර කෙළී නම් සීදේවී කෙල්ල වයසත් 23 යිලු නේ,, ප්‍රාදේශීය සභා ඇමැත්තෙක් නේ අවුරුදු 5ක ඉදන් සෙට් වෙලා ඉන්නවා කියන්නේ,,,අනේ වාසනාවන් ඒ කෙළීටත් පාර්ලිමේන්තුවට යන්න ලැබේවා...

    ReplyDelete
  29. මෙය මේ තුන් ලෝකෙන්ම වැඩිපුරම ඇත්ත කියන ඊ-නිවුස් කතාවක් බැවින් ඇත්තම විය යුතුය

    ReplyDelete
  30. මන් නම් කැමති නැහැ . මෙව්වා පුද්ගලික පලහිලව් . කොල්ලෝ කෙල්ලෝ යාලුවෙන එක අරුමයක්යයි. 500 ත් ෂුවර් නැහැ වගේ . මාරයාගේ බ්ලොග් එක ගොසිප් කාරයෙක් හැක් කරලද

    ReplyDelete
  31. අප්පා මාරයගෙ අලුත් කණ්නාඩියට පේන දේවල්.

    ReplyDelete
  32. මේවා නැතුවත් බැහැ. ඒත් ඉතිහාසය ගැන නම් මම කථා කරන්නේ නැහැ. ලංකාවේ සිරිත කවුරු හරි කැපී පෙනෙන හාදයෙක්ට හරි හාදියෙක්ට හරි ඕපා දූප හදන එකනේ. එක අතකින් බලනකොට ලෝකෙම එහෙමයි. පුහුදුන් මිනිස් ගතිය.

    ReplyDelete
  33. මාරයා බිම් බෝම්බ උඩ ඇවිදින්න ආසයි වගේ. කොයි වෙලාවේ පුපුරයිද දන්නේ නෑ...... Bindi කිව්වා වගේ මාරයාගේ බ්ලොග් එක ගොසිප් කාරයෙක් හැක් කරලද දන්නෙත් නෑ.

    ReplyDelete
  34. නාමල් කුමාරයා කෙසේ වෙතත් පියසේන ගමගේ ගේ පුත්‍රයා සමග ඇති සම්බන්දයනම් නම් සැහෙන දුර දිග ගිය, ඒරොප්පේ සිටි කාලයේ සිටම පවතී එකක් බව නම් මේ ගැන දන්නෝ දනිති. මේ සම්බන්දය වසර ගණනකට එහතදී සිටම පැවතුනු අතර එය බිදී ගිය බවක් නම් අසන්නට ලැබී නැත.
    මගේ කතාව

    ReplyDelete
  35. @අන්තිම ඇනෝ:
    පියසේන ලොක්කගෙ පුතා තමයි තාම ඉන්නෙ.

    ReplyDelete
  36. මොනව වුනත් ඕනය හොඳ එකා....ඉල්ලගෙන කන එක වුනත් බෙදා හදා ගන කනවා..ඔය ඇනෝගෙ නම අහගනින්..පංගුව ගෙදරටම යවන්න...හික්ස්...

    සේරමත් හරි බලපල්ලකො මාරයා බලාගන ඉන්න ලස්සන..අලුත් කණ්නාඩියෙන් වෙන මොනවද දන්නෙ නෑ පෙනුනෙ....

    ReplyDelete
  37. 1) මාරයා කණ්නාඩියට හැඩය.
    2) මාරයා කෙසේ වෙතත් ඕනයාව රහස් පොලීසියෙන් අල්ලා ගෙන ගොස් හතර වෙන් තට්ටුවේ තඩි මිනිසුන් මධ්‍යයේ තබමින්."උබ හරියට දේවල් දන්නවනේ.උඹ දන්න දේවල් සේරම අපිටත් කියහං දැනගන්න." යනුවෙන් ප්‍රශ්ණ කිරීමට ඉඩ ඇත.

    ReplyDelete
  38. උබව සුදු වැන් එකකින් ඉස්සුවොත් එහෙම අපි මේකේ කොමෙන්ට් කරා කියලවත් කියන්න එපා..

    ReplyDelete
  39. ඕනයා ලොකු ටෝක් දෙන්නෙ දැන් ඌ ඉන්නෙ වෙන රටක නිසා, හැබය් ඌට අමතක වෙලා ආපහු ලංකාවට යන්න ඕනෙ කියල නිමාඩුවට එහෙම හික්z

    ReplyDelete
  40. රාජ උදහසට ලක් වෙයිද දන්නේ නෑ අයියේ...

    ReplyDelete
  41. අම්මෝ මාරයියා සුදු වෑන් එකකින් ඇවිත් අරන් ගියොත් තමයි වැඩේ.

    ReplyDelete
  42. අලුත් කණ්නාඩිය නිසා වෙච්චි දැකීමක් වෙන්න ඕනෙ

    ReplyDelete
  43. සාලිය ගේ කේස් එකට දුටුගැමුණු විරුද්ධ වුනේ අශෝකමාලා ගේ කුලය නිසයි.

    ඒ දවස්වල කුලය කියන්නේ පවුලේ බිස්නස් එක. මල් මාල ගෙතීම, රට පාලනය, වලං හැදීම, වෙළඳාම, රත්තරං බඩු හැදීම වගේ ඒවා.

    කුලෙන් පිට පවුලකින් බැන්දොත් පවුලේ බිස්නස් එක දන්නේ නැති හින්දා කරගෙන යන්න බැරි වෙනවා.
    http://kathandara.blogspot.com/2011/03/blog-post_11.html

    දැන් කාලේ ඉතිං සාලියලා, මාලා ලා කවුරුත් එකම පවුලේ බිස්නස් එකනේ කරන්නේ! ඒ ආකාරයේ වලියක් වෙන්න බෑ.

    ReplyDelete
  44. කියවූ නමුත් මේ සම්බන්ධව මුකුත් ලිවීමට පිරියක් නැත !

    ReplyDelete
  45. මාරයා අයියාගේ අලුත් කන්නාඩිය ගොඩක් හොඳ පාටය. ලෝකෙන් අලුතින් දකින සැටියක් පෙන්නුම් කෙරේ.....

    ReplyDelete
  46. මාරයෝ, අපේ රටේ තාම කතා කිරීමේ ලිවීමේ නිදහස තියෙනවනම්, උඹේ අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන එකේ වරදක් නෑ. ඒක උඹේ තියරියට අනුව උඹට හිතෙන දේ....!

    හැබැයි මේකට දාල තියෙන ගොඩක් කමෙන්ට් නිසා හිතෙනවා එහෙම නිදහසක් දැන් අපිට නැද්ද කියලත්.

    අර ඉස්සර පරංගි පන්නලා, ලන්දේසි ආවහම අපේ මිනිස්සු කිව්වෙ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා....!

    ඒකත් ආපහු රිපීට් වෙයිද දන්නෙ නෑ....!

    ReplyDelete
  47. මරු කතාව.
    අතීතය,වර්තමානය එකට...

    ReplyDelete
  48. අනේ මෙ 450 න් විතර නවත්තපංකෝ..

    ReplyDelete
  49. අපොයි. මෙව්වා ආස්කින් ඊටින් වැඩය.. මව් රටේ කෑම හොඳහැටි කා ඇති නිසා ආපහු කෑමට පිරියක් නැත.. මාරයියේ උඹේ කන්නාඩිය ෂුවර් එකටම ගොසිප් කාරයෙක් දාපු එකක් වෙන්නෝනේ.

    ReplyDelete
  50. මේකත් කියෙව්වේ නෑ බන් . . නිකන් මක්කටෙයි උඹ එක්ක තරහා වෙන්නේ . . .

    ReplyDelete
  51. අනේ මන්ද ඉතින් මේවට මොකුත් කියලත් බෑ... නොකියත් බෑ... සද්දෙට වඩා නිස්සද්දෙ හොඳයිලුනේ....

    ReplyDelete
  52. නැත , කවදාවත් නා(න )මල් රටේ රජ වෙන්නේ නැත, ඒ ඌට චන්දේ දෙන්නට තරම් මෝඩයෝ නැති නිසා නොවේ, ඌට රජ වෙන්නට රටක් ඉතුරු වෙන බවක් පෙනෙන්නට නැති නිසාය, ඒකා කිසිසේත්ම රටක් කරවන්න තියා ගෙදරකට වද්ද ගන්නවත් හොඳ නැති කොමිස් කාක්කෙක් බවයි අහන්න ලැබෙන්නේ, උතුරේ සිද්ද වෙන හැම ප්‍රොජෙක්ට් එකකින්ම ඔය නම් තියෙන දෙන්නම හොරා කන බව ඒවායේ වැඩ කරන ඇත්තෝ කියා සිටිති..
    මේ සති 2 කට විතර උඩදී කොලඹ මිනිසු තීරනය කලා තම්න්ව පාලනය කල යුත්තේ කව්ද කියලා,ඒ සියල්ලට පිටින් ඔන්න දැන් මහරජා දාන්න යනවා උන්දැගේ මල්ලිව, අධිකාරියක් හරහා, මේ රටේ තව දුරටත් ඩිමොක්‍රසි කියන එක නැති බවත්, රට උන්ට ගිහිල්ලා ඉවර බවත් පෙන්නලා ඉවරයි, පුලු පුලුවන් එව්වෝ මේක අත ඇරලා කොහාට හරි පලයල්ලා, බැරි එව්වෝ ඉතින් ඔය දැන් ඉන්නවා වගේ දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලා ගෙන ප්‍රශස්ති කිය කිය හිටපල්ලා...
    මේක තව දුරත් අපේ රට නොවෙයි, මේක නීතියක් නැති, මහරජාගේ රට, ඕන දෙයක් වෙද්දෙන්....

    ReplyDelete
  53. හපොයි.. නාමල් නං අත අරියි ලැබේ නං රජ කම... සාලිය ළඟින්වත් යන්න බෑ එයාට...

    ReplyDelete