20 October 2011

මාරයා "ස" බැළු හැටි...


හත් ඉලව්වයි..පටි රෝල්.. විනාසයි... ඉඳලා ඕන නැහැ.. මං අනාථයි...

මදෑ ඉඳලා ඉඳලා යන්න හැදුවා...කෙල උනා නෙව තාප්පෙටම... මටමයි වෙන්නේ...

.....................................


වික්ටර් රත්නායක මහතැන්ගේ "ස" ප්‍රසංගය කිව්වම කවුද නොදන්නේ... ඒත් දැනට අවුරුදු බර ගානකට කලින්නං මං ඕකක් දැනං උන්නේ නැහැ.. ඒත් අපේ යාළුවෙක් දවසක් අපිට මරු කැසට් එකක් අහන්න දුන්නා..එතකොට මට වයස 11ක් විතර ඇති.. අපි පොඩි උන්..ඒ දවස්වල ඉතිං කැසට් පටි මිසක් කොහේද අද වගේ සීඩී.. ඩීවීඩී.. අයි පොඩ්.. ඔය අයි පොඩ් කිව්වට මාත් තවම ඔයින් එකක් දැකලා නැහැ ඇහැට..ඕකෙන් සිංදු අහන්න පුළුවන් කියලා අහලා තියෙනවා විතරයි.. ඒ ඇර වෙන අට මඟුලක් දන්න එකක්යෑ...

ඉතිං මේ අපේ යාළුවා උගේ අයියට කොහෙන්දෝ හම්බ වෙච්ච කැසට් පීස් එකක් හොරන් අහලා..ඒක අපිටත් අහන්න අවස්ථාව සලස්සලා දුන්නා...ඒකත් මේ කියන තරං පහසුවෙන්නං නෙවෙයි ඌ ඒක උස්සං ඇවිත්... තව කොල්ලෙක්ගේ ගෙදර කට්ටිය නැති වෙනකල් ඉඳලා තවත් එකෙක්ගේ ගෙදරකින් කැසට් යන්තරයක් උස්සං ඇවිල්ලා බොහෝම ජිල්මාට් දාලා තමා ඇහැවුවේ..මොකද මේක ඔෆීෂියල් විදියට අහන්න විදියක් නැති වග අරූ අපට කලියෙන්ම කියලා තිබුනා.. අපිටත් ඉතිං එහෙම කිව්වම කොයි තරංනං කුතුහලයක් ඇති වෙනවද නේද..?

ඉතිං කොහොමින් කොහොම හරි අහන්න ගත්තා.. අප්පද බොල.. ඒ ගැනනං කතා කරලා වැඩක් නැත... මේ කැසට් එකේ තිබුන දේවල් මට මෙතන කියන්න විදියක්නං නැහැ ඕං.. දන්නෝ දනිති.. මේ තමා වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය ගැන කවුරුන් හෝ කණ්ඩායමක් නිර්මාණය කරලා තිබුන අර කුප්‍රසිද්ධ කැසට් පටය... ඒකේ භාෂාව ගැන ඇති ගැටළුව නිසා එයින් එහාට දෙයක් කියන්න විදියක් නැහැ.. ඒත් ඒකේ තියෙන සම්මුඛ සාකච්ඡාවේදී වික්ටර්ගේ ගීත රාශියක් ගැන කියවෙනවා.. මම ඒ දවස්වල වික්ටර් රත්නායකගේ.. අමරදේවගේ සින්දු අහන්න ආසම නැති කාලේ...

දන්නවනේ ඉතිං පොඩි කාලෙදී ඕවා නිකං නින්ද යන සිංදු කියන ගොඩේනේ තිබුනේ.. ඒත් ලව්මත ඔළුවට ගහන්න ගත්තට පස්සේ.. ප්‍රථම බූට් රාජයා වැළඳුවට පස්සේ... පණ දාගෙන කෙල්ලෙකුට ට්‍රයි කරන කාලය ලැබුවට පස්සේ අමරදේව දේවරාජයෙක් උනා මටනං.. අනිත් නිදිමත ගායකයිනුත් කියපු හැම සිංදුවක්ම අකුරක් අකුරක් ගානේ බොක්කට වදින්න ගත්තේ ආන්න ඒ කාලේ තමා.. ඊට පස්සේ එච්චර කාලයක් සද්දෙට අහ අහ හිටිය නන්ස්ටොප්.. බයිලා අතෑරලා උණුහුමට තුරුළුවෙන පූස් පැටියා වගේ මමත් අමරදේව..වික්ටර් රත්නායක..මිල්ටන් මල්ලවආරච්චි... ටී එම්..සුනිල් එදිරිසිංහ..කපුගේව ආදරයෙන් වැළඳගත්තා...

ඒත් මං ඔය කැසට් එක අහන කාලේ මං වික්ටර් ගැන එහෙමට දැනගෙන හිටියේ නැහැ...යන්තං යන්තං තමා... ඔය කියන කැසට් එකේ එකම එක සින්දුවක්වත් නැහැ.. ඒත් එහෙම වෙලත් මට වික්ටර්ගේ සින්දු ගැන පොඩි කුතුහලයක් ඇති උනේ ආන්න එදා තමයි කිව්වොත් මං නිවැරදියි... මොකක්ද මේ "ස" කියන්නේ..මේක අහලා බලන්න ඕන කියන උවමනාව මට ඇති උනේ දැනට වසර විස්සකට විතර එහා කාලෙකදී ඔන්න ඔය විදියටයි...

ඒත් වික්ටර්ගේ සින්දුවක් මගේ පපුව කඩාගෙන අමාශයටම බැහැලා තැන්පත් උනේ ඊටත් කාලෙකට පස්සේ... එතකොට මට වයස 15ක් 16ක් විතර ඇති... ඒ ඉතිං මල් පත්තර බලන කාලේ... මං පුංචි කාලේම ජනප්‍රිය මල් පත්තර උනේ..අරලිය.. කුමරි.. වගේ ඒවා තමා..ඒත් මං ආසාවෙන් බලන කාලේ නැගලා ගියේ අර්නස්ට් වඩුගේ කල "සුවඳ" සහ බන්ධුල පත්මකුමාරගේ "සඳරේණු" කියන පත්තර දෙක තමා..මාත් ඉතිං හොටු කඳුළු පෙරාගෙන ඕවත් කියෙව්වා... ඔතනින් මංනං වැඩියම ආසා උනේ"සඳරේණු" පත්තරේට..

ඒ දවස්වල සඳරේණූ පත්තරේට අළුත් අළුත් කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ලිව්වා.. ඒ අතරින් සුවිශේෂම කෙනා තමා "මහේෂ් සත්සර මද්දුමආරච්චි"... ඊට අමතරව මතකම හිටිය චරිතේ උනේ ඒකේ "කොමිටල් විජිතය" ලියපු පසු කාලීනව එෆ් එම් සහ රූපවාහිනී නිවේදකයෙක් උන "සංඛ අමර්ජිත් පෙරේරා" ඔය කොමිටල් විජිතය ගැනනං කියලා වැඩක් නැහැ..පුදුමාකාර හැකියාවක් තිබුන කොල්ලෙක් සංඛ කියන්නේ..ඒ තරං හිනා කාලා මැරුන කතාවක් ඒක... මං ඊට කලින් එහෙම හැකියාවක් දැකලා තිබුනේ "චන්ද්‍ර අනගිරත්න" කියන ලේඛකයගෙන් තමා.. දැන් අපේ සඳරුත් ටික ටික ඒ ගානට ලං වෙන්න ලියනවා කියලත් කියන්න ඕන...

ඉතිං ඔය අතරේ තවත් මගේ හිතට අල්ලලා ගිය කතාවක් තිබුනා..ඇත්තටම ඒක ලියපු කෙනා ලේඛකයෙක් කියලා කියන්න බැහැ... මොකද මං වෙන තැනක ඒ නමින් ලිපි දැකලා නැති හින්දා..ඒ කතාවේ ගියේ කොල්ලෙක්ගේ බූට් කතාවක්ම තමයි.. ඒත් ඒ ලිපි පල උනේ මහේෂ් හරහා... සමහර විට එහෙම චරිතයක් ඇත්තටම නොතිබුනාද කියන්නත් මං දන්නේ නැහැ..ඒකත් මහේෂ්ගේම තවත් නිර්මානයක්ද කියලා කියන්නත් දන්නේ නැහැ.. ඒත් හරිම තාත්විකයි... ඒ ලිපිවල ලිය උනේ ඔය මං අ‍ඳෝනා ලිපි ලියන කාලේ වගේ විරහවත් එක්ක දිනෙන් දින ගෙවිලා යන හැටි තමා... ඒ දින සටහන්වල හිමිකාරයා "චානුක උයන්ගොඩ" කියලා කෙනෙක්...

ඔන්න ඔය ලිපිවල එක දවසක් චානුක ලියනවා එයාගේ ගෑණු ළමයගේ සම්බන්ධ කතාවකදී එක්තරා ගීතයක්... ඒ ගීතය "ප්‍රේමකීර්ති අල්විස්" කියන විශ්වකර්මයා අතින් ලිය උන ගීතයක්...ගායනය වික්ටර් රත්නායකගේ.. ඒත් එදා මට ඕක අහන්න හම්බ උනේ නැහැ...පද පෙල විතරයි මට කියවන්න හම්බ උනේ... මේ තියෙන්නේ ඒ පද වැල..

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක්‌ ඔබ මගේ ඔබ මගේ

නා ගසක්‌ දළු දමා වසන්තය එලඹිලා
මද පවන් රැලි වැදී සැලෙනවිට කැලඹිලා
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුඟ ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්නව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැ‍ඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස් තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම දැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ


එකෙන් මත් වෙච්ච පාර මං එදා ඉඳලම ඕක අහන්න හෙව්වා..දැන්නං පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කලාම ඒක මහ කජ්ජක් නොවුනත්..ඒ කාලේ අතේ සතේ නැති දුප්පත් කොළුවෙක් උන මට එහෙමට වියදං කරලා කැසට් පීස් එකක් අරං අහන්න වත්කමක් තිබුනේ නැහැ... පීස් එකක් ගත්තත් කෝ ප්ලේයර් එකක්.. පුරස්න ගොඩයි... ඒත් මං පහු කාලීනව ඕක හොයාගෙන කනට පත්තියං වෙනකල්ම අහන්න තියා ගත්තා..

ඔයාලටත් අහන්න ඕනනං "මෙතනින්" බාගන්න පුළුවන්

ඉතිං මං වික්ටර්ගේ ගීත වලට ආදරය කරන්න ගත්තේ ඇත්තටම ඔය සිදුවීමත් එක්කම තමයි කිව්වොත් නිවැරදියි..මං ඒ දවස්වල සින්දු පොතක් ලිව්වා.. ඒ කිව්වේ ආස කරන ගීත හොය හොයා මගේ අත් අකුරින් පොතක ලිව්වා... ඒකෙත් ඔය ගීතය ඇතුළුව වික්ටර්ගේ ගීත රාශියක්ම ලියවෙලා තියෙනවා... එක පොත පොත් දෙකක් වෙනකල්ම ලිව්වා..අදටත් මං ගාව ඒ ලියාපු පොත් දෙක පරිස්සං ඇතිව තියෙනවා කියමුකෝ... මං ගෙදරින් පිට වෙලා ගිය දවසේ අරං ගිය ඇඳුම් කෑලි දෙක තුනට අමතරව ගෙනිච්ච එකම සහ වටිනම වස්තු දෙක ඔච්චරයි..මං පන්සලෙන් එන දවසේ අරං ආවෙත් ඔය පොත් දෙක තමා... එක්දහස් නවසිය අනූ තුනේ විතර ලියන්න පටන් ගත්ත පොත් දෙක අද 2011 අවසානය දක්වාමත් කොහොම හරි මං ගාව තියෙනවා.. ඔහොම පරණ දේකට කියලා තව තියෙන්නේ මං පොඩි කාලේ ඉඳලා පාවිච්චි කරපු ක්‍රිකට් පිත්තක් විතරයි. ඒකනං පස්සේ කාලෙකදී ගෙදර ගිය වෙලාවක පැත්තක දාලා තියෙනවා දැකලා ආයෙමත් අරං ආවා...

ඉතිං එහෙම ආසාවෙන් ඇහුව ගීත ටික හැබැහින් අහන්න දවසක් එනකල් මං බොහෝම ආසාවෙන් බලා හිටිය විත්තිය කියන්නත් දෙයක්ද... ඒත් ඔය අතරදී වික්ටර් මහතැන් "ස" නවත්තන කතාවක් මේ ළගකදී පත්තරේක දැකලා මට තේරුණා මං පරක්කු උනා කියලා... ඒත් ඒක නවත්තන්න හේතු හැටියට උන්නැහේ දාලා තිබුන කරුණු ටික දැක්කම මං සතුටු උනා.

ඒත් ඒ තීරණය වෙනස් වෙලා හරි මොනම හේතුවක් නිසා හරි නැවත "ස" තියෙන විත්තිය අහන්ට ලැබුනත් හරියටම තැනක් වෙලාවක් හොයාගන්න විදියක් තිබුනේ නැහැ.. ඔන්න ඔහොම කාලේ යද්දී තමා මේ ඊයේ පෙරේදා මට ජීවිතේ අමතක නොවන තවත් දෙයක් ලැබුනේ...

ඒ තමා මේ බ්ලොග් නිසා දැන අඳුරගන්න ලැබුන සුවිශේෂී කෙනෙක් දවසක් කතා කර කර ඉන්නකොට කිව්වේ..
"වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය තියෙනවාළු B.M.I.C.H. එකේ..ටිකට් තියෙනවා කීල්ස් එකේ මං අද හවස දැක්කේ.. ඔයා බලන්න ආසයි නේද..?" කියලා...

අනේ ඉතිං කුමන කතාද..? ඒ කියලා නැවතුනේ නැහැ තව පොඩ්ඩෙන් එදා රෑම ගිහින් ටිකට් අරං දෙන්න තරං අඳාළ කෙනා ලෑස්තිය..බොහෝම අමාරුවෙන් කියලා නවත්ත ගත්තේ... ඒත් පහුවදා ටිකට් දෙකක් අරං තිබුනා මතක ඇතිව. ටිකට් දෙක මටයි තවත් මගේ ජාතියේම ගීත රුචිකත්වයක් තියෙන තවත් අපේ යාළුවෙකුට එක්ක... ඒත් අපිට මේක අහන්න දෙන්න මෙච්චර මහන්සි උනත් එයා ගීත අහනවා අඩු නිසා යන්නේ නැහැ..සින්දු ඇහෙනකොට ඉන්න තැනින් නැඟිටලා දුවන හැටි මං දැකලා තියෙන හින්දම අපි කරදර කලේ නැහැ යන් කියලා..මොකද ඔතන පැය කිහිපයක් තියාගෙන වද දෙන්න හොඳයෑ මෙච්චර දෙයක් අපි වෙනුවෙන් කරලා... (ඇත්ත කතාව ඉතිං එක්ක ගියොත් අපිට සින්දු අහන්න කෙසේ වෙතත් කන්වල ඇඟිළි ගහන්ඉන්න වෙන හින්දා කියලා එහෙම මං ඔන්න කිව්වේ නැහැ හරිද..?)

ඉතිං එයා කිව්ව විදියටත්.. එයාගෙන් ටිකට් දෙක අරගත්ත මගේ අනිත් යාළුවා කිව්ව විදියටත් ප්‍රසංගය තියෙන්න ඕන අද..ඒ කියන්නේ 2011 ඔක්තෝබර් 20 තමා... ඉතිං මං අද නිවාඩුවක් එහෙම දාලා දත කට මැදගෙන හිටියා කියමුකෝ හවස් අතේ කොඹළ යන්න...

ඔය අස්සේ ඉතිං දන්නවනේ මටත් කට පියං ඉන්න බැරි කමටයි තව එකෙක් දෙන්නෙක් අවුස්සලා කුරිරු සතුටක් ලබන අහිංසක ආසාව හින්දත් අර යාළුවා එවලා තිබුන ටිකට්වල පින්තූරයක් බුකියේ එහෙම දාලා තවත් ඉන්න බැරි කමට ගූගල් බස් එකෙත් දැම්මා...

මල කෙලි දාහතයි කියන්නේ එතකොට තමා... බස් එකේ දාපු ටිකට් එකේ පින්තූරේ බලපු මල්ලි කෙනෙක් කියනවා...

"ඈබං මාරයියේ තොගෙ කැලැන්ඩරේ වෙනස් වෙලාද ඕක තියෙන්නේ අදයෑ..නොවැම්බර් විස්සනේ" කියලා...

ඇහ් මං කලබල වෙලා බැළුවා.. කෙලලා තියෙන්නේ තාප්පෙටම... බඩු බනිස්නේ... සීන් කෝන් එක ඇත්ත..ඒක තියෙන්නේ ලබන මාසේ නෙව... කලබල වෙලා දඩිබිඩි ගාලා යාළුවට කොල් කරලා ඇහැවුවා.. ඌත් කලබල වෙලා ටිකට් දෙක බලලා කිව්වා ඇත්ත නේන්නං කතාව... හනේ වෙච්චදෙයක්..විළි ලැජ්ජාවේ සංතෝසේ බැහැ... කොහොම හරි අපේ අනුග්‍රාහක පාර්ශවයටත් මේක කිව්ව කියමුකෝ එයත් හිනා වෙනවා අපිටම... කාට කියන්නද මේ දුක... හොඳ වෙලාවට මං මේක බස් එකේ දැම්මේ.. නැත්තං අද හවස් අතේ තව පොඩ්ඩෙන් අපි ගිහින් B.M.I.C.H. එක වැඳ පුදාගෙන එන්න තමා වෙන්නේ...

ඒත් ඉතිං උඩ දාගෙන අද යනෝ කියලා බුකියේ දාලා..බස් එකේ දාලා උඩ පැනපු මට වෙච්ච දේ තමා දේ... හලේ..හයියෝ... දැන් ඉතිං තොපිත් මට හූ තියපියවු...

82 comments:

  1. මාරය්යගේ කන්නාඩි දෙක කලින් ගත්තනම් මේ ප්‍රශ්නෙ වෙන එකක් නෑ කියල මට හිතෙනාවා ....

    ReplyDelete
  2. හික්ස්....හොඳ වැඩේ තනියම රජ වෙන්න හැදුවට.............


    මාර පල්එක.... :P ::P

    ReplyDelete
  3. හපොයි දැන්නේ කණ්නාඩි දෙක මතක් උනේ..ඒක තමා අවුල...

    ReplyDelete
  4. ඔය 2011, 2012 වෙනවන්ම් :-D

    ReplyDelete
  5. අපෝ මං නං ඇත්තටම හිනා වෙන්නෙ නෑ.ගියා නම් තමයි මාරයාට මාර වැඩේ වෙන්නෙ.
    අනිත් එක වෙච්ච වැඩේට හිනා වෙනවා නෙවේ මගේ ඔළුවෙ දැන් වැඩ කරන්නෙ කොහොමද මාත් ඉක්මනටම "ස" ප්‍රසංගය බලන්න යන්නෙ කියලා. ඕක මගෙත් හීනයක්.අනිත් එක මුල්ම ස ප්‍රසංග වල හිටපු හුඟක් අපූරු ශිල්පීන්(වාදක,නිවේදක ආදී) දැන් ඉන්නෙ එහා ලෝකෙ ලු නෙ.
    මාර මහත්මයා, අපි වගේ පොඩි ළමයින්ට දැන ගන්නත් එක්ක අර කැසට් එක ගැන විස්තර කියන්නකෝ.(ඒකෙ තිබ්බ වචන නෙවේ) :D

    ReplyDelete
  6. සුදු ඉබ්බාOctober 20, 2011 at 11:26 AM

    කාත් එක්කද බං උබයන්න හිට්යේ
    උත් පොට්ටයි
    තොත් පොට්ටයි

    ස නි ම ම ම ග රි රි ප ගා ප ගා ගා ග නී

    ReplyDelete
  7. මාරයියේ කණ්නාඩි දෙක මාරු කරගත්තානම් හොඳයි වගේ! ඔකේ තව මොන මොන අවුල් තියනවද දන්නේ නෑ. අනිත් එක අයියා බයික් එකේමයි යන්නේ. ඔට ට්‍රැෆික් ලයිට් වල එහෙම පාට මාරු වෙලා පෙනිනොත් ලොකු ලොකු අකරතැබ්බි වලට මූණ දෙන්න වෙයි!

    මෙව්වා මේ අයියාට කොළොප්පං කරන්න කිව්වා කියලා හිතන්න එපා ඕං! :D

    ReplyDelete
  8. මාත් ඔය 'ස' ප්‍රසංගයේ මාරේ අයියා කියපු කැසට් එක අහලා තියෙනවා. ඒක මරු ඈ.

    මාරේ අයියා කන්නාඩි දැම්මම මාර ප්‍රොෆෙශනල් ලුක් එකක් තියෙනවා නෙව !!!!

    ReplyDelete
  9. හූ හූ................................

    ReplyDelete
  10. හූ හූ.......................
    පොට්ට මාරයා.............:D

    කොහොම උනත් ස බලහන් ඒක බලන්නම වටිනවා.
    උඹ වෙනමම ලෝකෙකට ගිහින් එයි.

    ReplyDelete
  11. අර "ස"යන්න නං මාත් අහල තියනවා.
    හූවක් කියන්න හිතුනත්... අනිත් එවුන් කියනවනේ.

    ReplyDelete
  12. අපෝයි ඕක මගෙත් හීනයක්, මාත් ඔය කැසට් කෑල්ල ඇරෙන්න "ස" නම් අහල නෑ.
    උඹ ගියා නම් තමා තවත් ආතල් 1 වැඩි වෙන්නේ මාර අයියේ, අපරාඩේ එහෙනම් මේ පොස්ට් 1 තව වෙනස් විඩිහට අපිට කියවන්න වෙන්නෙ.

    හූ හූ................
    කැ_ සයන්න

    ReplyDelete
  13. මමත් ඒ කාලේ සඳරේණු බැලුවා මචං.. උඹට මතකද “සිතින් සියවර“.. දැන් බොළඳයි කියලා හිතුනත් නියම කථාවක් ඒක... සුප ගෙ කථා වලට වඩා නම් හොඳයි. එහෙම කථා ලියපු මහේෂ් අද මොනවද මේ ලියන ටෙලි ස්ක්‍රිප්ට්...

    සංඛගෙ කොමිටල් විජිතයත් මරුම තමයි.. පොර අපේ දුමී අයියට සමානයි වගේ නේද.. පෙනුමෙනුත් කථා වලිනුත්...

    ReplyDelete
  14. ඔන්න බස් එකේදි නම් පළවෙනි හුව කිව්වෙ මම දැන්නෙ දැන ගත්තෙ මෙච්චර හු කියන කට්ටිය ඉන්නවා කියලා ඉන්නවා කියල. මම නැත්තන් අද මාරයීයාට BMICH විසිතුරු බලලා එන්න තිබුනා..

    ReplyDelete
  15. දැන් අපිට ටිකක් හිනාවෙන්න පුළුවන් වෙයි

    ReplyDelete
  16. තොටුපල අයිනේ කවුද අතවනන්නේ..? @@@@$%&*())*^

    ප්‍රේමකීර්ති මහත්තයගෙ සින්දු නම් මාරායි...

    ReplyDelete
  17. මගෙත් ආසම සින්දුවක් අයියේ ඕක.තැන්කූ ලින්කුව දුන්නට.හය වසරෙ වගේ ඉදන් "ස" බලන්න යන්න ආසාවෙ හිටියට යන්න වුනේ මේ අවුරුද්දෙ තමා. නංගිගෙ AL ඉවරවෙලා ගියා බලන්න. කියන්න වචන නෑ අප්පා.බොක්කටම වදිනවා.මහරගම තරුණ සේවා සභාවෙ පුටු වල ඉදගෙන හිටියට පස්ස රිදෙනවාවත් දැනුනෙ නෑ.

    තව පාරක් බලන්න යන්න ආසාවෙන් හිටියෙ.ඒත් රත්නායක මහත්තයා වැඩේ නවත්තනවානම් බැරි වෙයි වගේ..:((

    ReplyDelete
  18. අම්මප උඹේ කණ්නාඩි දෙක ගත්තෙ මොන දෘෂ්ටි විශේෂඥයන්ගෙන්ද?
    ඒ වගේ එකක් ගත්තනං මාසයක් කලින් වෙන දේවල් බලාගත්තහැකි.

    දැන් ඉතිං අලුත් ප්‍රස්ථා පිරුළක් හැදෙයි "මාරයා 'ස' බැලුවා වගේ" කියල.

    ReplyDelete
  19. හික් නියම වැඩේ......

    අර කැසට් එකේ අහපු ස ප්‍රංගය ගැන මම මෙච්චර කල් අහලා තිබුනට කැසට් එක අහලා තිබුනෙ නෑ. නිකමට යූ ටියුබ් එකේ බැලුවා. මුලින්ම එන්නෙ ඒක තමා.

    ReplyDelete
  20. අයියෝ සල්ලි!! අද නිවාඩුවකුත් දැම්ම නේද

    ReplyDelete
  21. ඔන්න මමත් මාරයා..මාරයා..කියලා බැලුවෙ නෑ, මාර සමාගමට එකතු උනා..
    මගෙත් ආසම සින්දුවක් ඕක... ප්‍රේමකීර්ති ලියාපු සින්දු ටික හොයාගෙන ඇහුවානම් මාරයාට හිතෙයි දැන් තියෙන සින්දු මොනවද කියලා...

    ReplyDelete
  22. චානුක උයන්ගොඩගෙ සටහන් මමත් ඒ කාලෙ හරි කැමැත්තෙන් කියෙව්ව...

    මේ දවස්වල ප්‍රොෆයිල් පින්තූරෙට බොහොම ඉක්මනින් වෙනස් වෙනස් ලස්සන(යි කියල උඹ හිතන) පින්තූර වැටෙනව නේද.."මී කරදරෙන් බේරෙන්න පූසෙක්..." එක්කො ඕනෙ නැහැ :D :D

    ReplyDelete
  23. @ලකී වික්‍රමසිංහ...

    ඒ හැටි හිතන්ට දෙයක් නැහැ..කල් ගියොත් වැඩේ කොහු වෙන්ට ඇහැකි... දැන් ඉතිං මාසයක්ම තියෙනවනේ..ටිකට් කීල්ස් සුපර් වල තියෙනවා.. අරගෙන ලබන මාසේ විස්සටම සෙට් වෙමු...

    ඔය පහල බුද්ධි දීලා තියෙන්නේ ඔත්තුවක් වගේ එකක්...

    ReplyDelete
  24. "ස" නම් නියමයි.... කියලා වැඩක් නෑ...අපි කැසට් වලින් අහන ඒවා මොනවද කියලා හිතෙනවා...

    මම බලන්න ගිය දවසෙනම් ... වික්ටර් මහත්මයා පටන් අරන් එක හුස්මට ප්‍රසංගය ඉවරවෙනකන් සිංදු 30ක් විතර කිව්වා....

    ලබන මාසෙ ගියාම අහන්න බැරියැ...

    ReplyDelete
  25. @පූසා...

    නැහැ බං මේක මං කණ්නාඩි දාලා බැළුවෙම නැහැනේ..ඊට කලින්නේ බැළුවේ..ඒකයි අවුල උනේ...

    අනේ මං නොදන්නවද උඹ ගැන..:D:D:D

    ReplyDelete
  26. ඕන්න ඔහෙ අද හවස වරෙන් බන් අල්ලපු වැටේ මගෙ ඔෆිස් එක ! වඩේ එකයි ප්ලේන්ටියයි අරන් දෙන්නම් කැන්ටිමෙන් ! ඔය සින්දු ටික අහන්න බැරියැ සීඩී එකකින් ! ආවහම මන් හූ කියන්නම් !

    ReplyDelete
  27. හූ. . . . . .!!!!

    ප.ලි.
    අපේ කාලෙ ගොඩක් එවුං වික්ටර් රත්නායකව දැනගත්තෙ ඔය පීස් එකෙං තමා

    ප.ප.ලි.
    කෝමද බුද්ධියාගෙ ටිකිරි මොලේ

    ReplyDelete
  28. @මධුරංග...

    බලහං උඹට විතරයි ඔහොම පේන්නේ..මේ අනිත් උං ඊරිසියාවට එක එක කතා කියනවා... තැන්කූ මල්ලියේ ඈ... හම්බ වෙච්ච වෙලාවට වඩයකුයි ප්ලේන්ටියකුයි අරං දෙන්නං ඕං...

    ReplyDelete
  29. සසර සැරි සරණ තෙක් මගේ ** උබේ ** කිව්වලු :)
    හැබැටම ඔය 20 වෙනිදා වික්ටර් රත්නායක මහත්තය ෆැන් දාගෙනද සින්දු කියන්නේ? නැත්නම් අර සිහිල් සුලන් රැල්ලේ කියද්දී උබලට වෙන්නේ ඉතින් අර අනිත් සයන්නේ කියනවා වගේ සරම උස්සන් අර මොකක්ද එක පේන්න පවන් ගහන්න තමා :ද
    ඒක නිසා මතක ඇතිව සරමක් ඇදන් පලයන්. :D

    ReplyDelete
  30. @Kush කුෂ්...

    අම්මේ මේ ඉන්නේ තව සඳරේණු රසිකයෝ...

    ඇත්තටම "සිතින් සියවර" ගැන නම් කුමන කතාද..? මං හිතන්නේ ඕනවට වඩා දඩි බිඩි සල්ලි හොයන්න ගිහින් මහේෂ් දැන් මෙලෝ රහක් නැති හැඩයි.. ඒ දවස්වලනං කියලා වැඩක් නැත...

    අම්මපා දුමියා වගේනං තමා...

    ReplyDelete
  31. @cjgayan...

    අම්මේ ඒ උඹද..? ෂික් උඹ වැඩේ කෑවා..අපිට බීඑම්අයිසීඑච් සිද්ධස්ථානේ වැදගන්න තිබුන අවස්ථාව වැනසුවා..

    තැන්කූ මල්ලි..උඹ නැත්තං අද රෑට මෙහෙම නෙවෙයි මං හූව කන්නේ...

    ReplyDelete
  32. @නිසුපා...

    එක පාරක් හරි බලා ගත්තනං ඒත් මදෑ... අර කියමනක් තියෙන්නේ

    "සිරී පාදේ නොගිය එකත් මෝඩයා.. එක පාරකට වඩා යන එකත් මෝඩයා" කියලා... කියමනට හරි එහෙම කිව්වට ඒකෙන් කියවෙන අනිත් දේ තමා හොඳ දේ අගය බස්සගන්න හොඳ නැහැ කියලා නෙව...

    ReplyDelete
  33. @Praසන්ன...

    ඔව් ඔව් මං දැක්කා එකෙක් එහෙම පිරුළක් දැනටම බුකියේ හදලා තියෙනවා..හැක්

    ReplyDelete
  34. @බුද්ධි...

    අම්මපා තෝනං...

    ReplyDelete
  35. @චතුරංග ජයවර්ධන...

    ඒක නං අවුලක් නෙවෙයි මට නිවාඩු ඕන තරං තියෙනවනේ රස්සාවේ හැටියට... ඒකට හරියන්න අද 7 විතර ‍ දවල් වෙනකල් දොයිය ගත්ත ටිකත් මදෑ...

    ReplyDelete
  36. @Miyuru...

    හොඳායි හොඳායි..සාදරයෙන් පිළී ගන්නවා සමාගමට...

    අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මං ඔය කියන හැම එකම වගේ අහලා තියෙනවා මේ වෙනකොට..ඒකනේ මං දැන් ලියවෙන සිංදුවල පද පේලි දෙකක් යනකොට අහන්නේ නැතිව ඉන්නේ...

    ReplyDelete
  37. @දිනිත්...

    බලං ගියාම මල් පත්තර රසිකයෝ මං හිතුවට වඩා ඉන්නවා වගේ...

    පල යන්ට..ආවා මෙතන පූසෝ ගැන කියන්ට..හැක්

    ReplyDelete
  38. @හරී...

    ඔව් දැනට අවුරුදු කීපයකට කලින් ස්වාධීන රූපවාහිනීයේ ගියා වැඩ සටහනක් වික්ටර් මහත්මයගේ..ඒකෙත් සින්දුවෙන් සින්දුවට හොඳ විචාර කිහිපයක් එක්කයි වැඩේ ගියේ..ඒත් වැඩේ සුපිරියටම තිබුනා..මේක ඉතිං කොහොමට හිටීවිද..?

    අනිවා ලබන මාසේ අහනවා...

    ReplyDelete
  39. අපේ රුපියල් පා කේව. (මෙන්න මේක ආවෙත් ඔය කියන 'ස' ප්‍රසංගයෙන් මම හිතන්නෙ)

    ReplyDelete
  40. සිතුවිලි නිහඬයි

    වැම්පයර්
    සුදු ඉබ්බා
    priyantha
    මහිම
    නිශ්
    රාජ්
    AmilaArt
    Bindi
    සාතන්
    හිස් අහස

    හැමෝටම ස්තූතියි..හූ කිව්වට නෙවෙයි යකුනේ ඇවිත් හොයලා බලලා දොඩවලා ගියාට... හූ කිව්ව උන් පරිස්සං වෙයල්ලා..කොකාට වාරයක්නං මාරයටත් වාරයක් එනවා ඈ..ආන්න එදාට බලා ගමු..හුහ්...

    ReplyDelete
  41. @Enemy...

    ආන්න හරි..ඒක ආවෙත් ඕකෙන්ම තමා...

    ReplyDelete
  42. දවස වැරදීමට හේතුව පැහැදිලි වුනා දවස වැරදුන බව කියන්නත් කලින් අර නිවාඩු දාපු වග දැකපු ගමන්ම.

    මේ වගේ ලොකු ෂෝ එකක් තියෙන්නේ සාමාන්‍යයෙන් සති අන්තයේ නේ. බහුතරයක් සේවකයෝ සතියේ දින පහ සේවය කරන නිසා. ඒ එක්කම රුපියල් දාහේ ටිකට් විකුණන ෂෝ එකක් මාස දෙක තුනක ඉඳන් ඇඩ්වටයිස් කරනවානේ.

    මාරයා ගේ ජොබ් එකට සති අන්ත වෙනසක් නැති හින්දා තමයි ඔය ටැපලීම වෙන්න ඇත්තේ!

    ReplyDelete
  43. යකෝ ටිකට් එක මුල ඉඳ අගට කියවන්න ඕන නේද . . බොට ඔහොම කිව්වට මම නාලා තියෙනවා නෑමේ හොඳම් එකෙන් ටිකට් එක හරියට කියවන්නේ නැතුවයින් . . . . ඒවා කියන්නත් ලැජ්ජයි බන් . . වහ කනවා ඊට හොඳා . . හික්ස්

    ReplyDelete
  44. හ..හා...මරයියේ..ඔය කැසට් කැල්ල මාත් අහල තියෙනව ඉස්සර..චොක් කුනු හබ්බ ටික...
    ලොක්කා...හැබැ ඊයේ රාත්‍රියේ ඔය B.M.I.C.H කමතේ.. (එහෙම තැනක් එතන තියෙනව) ඔන්න ඔකේ බන්ඩාර ඇහැලියගොඩගේ..නවතම ගීපද සංඛල්පනා කැසට් පටය එලීදැක්වුවා..එකනං මල් පහයි..පස්සේ බලන්ට පොඩි බ්ලොග් කැල්ලක් ලියඥා....

    ReplyDelete
  45. මලයා හරි හැඩයි නොවැ මේ කන්ණාඩි වලට... හැක් .. හැක් ..
    මටත් හිතුනා එකක් ගන්ට.
    ඔය වික්ටර් මහත්තයගෙ ''ස'' ප්‍රසංගය ගැන අමිහිරි මතකයක් තමයි මට නං තියෙන්නෙ.... එතුමගෙ ගීත වලට කොච්චර ආස කළත්. [හැබැයි හැම ගීතයකටමත් නෙවෙයි. සමහර ගීතවලට]
    ඒ සිද්දිය [අර අමිහිරි එක] ටිකක් විතර දිග නිසා කමෙන්ට් එකක් විදිහට දාන්න බෑ. පස්සෙ ලිපියක් විදිහට දාන්නම්.

    ReplyDelete
  46. වික්ටර්ව ඉස්සෙල්ලම දැක්කෙ මං වේරහැර ට්‍රේනින් ඉන්න කාලෙ. 1970 ගණන් වල මුල හරියෙ. පිළියන්දල පැත්තෙ ඉස්කෝලෙක තිබුන සංගීත ප්‍රසංගයකදි. පරණ ඩුකාටියක හරි මෝටගසියක හරි ආවෙ. ඒ කාලෙ රු 100/= ලු ගාස්තුව. සින්දු දෙකය් කියන්නෙ රු 100/= ට. ඒ වුනාට සෙනඟගෙ ඉල්ලීම උඩ හතරක් හරි පහක් හරි කිව්ව.

    ඊළඟට දැක්කෙ, අපේ සෙට් එකේ කට්ටියක් "ස" ගෙන්නුව වෙලාවෙ කුරුණෑගලට. 70 අග හෝ 80 මුල හරියෙ. ඒ වෙනකොට අම්ම මැනේජර්. පෝස්ටර් හිටන් එයාලගෙන් ගන්න ඕනෙ. ලිස්ට් එකක් දෙනව, ගෙවන මුදලට අමතරව අවශ්‍ය ද්‍රව්‍ය. ඒවා අතර අරක්කු බෝතල් අවශ්‍ය ගණන සහ බ්‍රැන්ඩි බෝතල් එකක් නං කරලා තිබුන. ප්‍රසංගය තිබ්බෙ කුරුණෑගල නගර ශාලාවෙ. අපිත් හිටිය සංවිධායකලට සපෝර්ට් ekata. එතකොට තමා දැනගත්තෙ බ්‍රැන්ඩි බෝතලේ වික්ටර්ගෙ පුද්ගලික පාවිච්චියට කියල. මද පමණට අනුමත වෙලා තමා කට්ටිය ඒ කාලෙ "ස" කලේ.

    අන්තිමට "ස" බැලුවෙ පර්ත් වලදි අවරුදු කීපෙකට ඉස්සෙල්ල. කට්ටිය හිටියෙ යාළුවෙකුගෙ ගෙදර. චුට්ටක් ආශ්‍රය කරන්නත් ලැබුන.

    මාරය මල්ලි හරි වෙන කව්රු හරි "ස" ඇවිල්ල ටික කාලෙකට පස්සෙ ආව, නැගලම ගිය එකක් වුන "බ" බලල තියෙනවද? නැත්තන් "බ" ගැන අහල තියෙනවද?

    ReplyDelete
  47. සඳරේණු, කියවපු කෙනෙක් දැන් නැතිවදෝ කියල මටත් හිතුනු වාර එමටයි.1997 විතර වෙද්දි පත්තරේ නැත්තටම නැතිඋනා.අපි ඉස්කෝලෙදි යාලුවෝ එක්ක පත්තර මාරුකරගෙන
    බලනවා. අහුවුනොත් ඉවරයි. මල් පත්තර තහනම්.
    ස බලන්න නම් තවම බැරිඋනා.
    මාරයා ඇතුලු බ්ලොග් ලියන්නො ගොඩ දෙනෙක් බැලින්නම් මගේ බෝට්ටුවේ.
    සුභා.

    ReplyDelete
  48. වික්ටර් ගොයියව මාත් බොක්කෙන් ‍ෆලෝ කරනවා.එතුමාට පුළුවන් වචනවලට හැගීම් කවන්න.ඒත් අළුතෙන් හරි හමන් සින්දුවක් හදන්නේ නැති එක තමා වැඩේ.ඉදලා හිටලා හදන එව්වත් විකාරයි.

    තව පොඩ්ඩෙන් හු තියන්න අමතක වෙනවා.
    හු....හු....... :D

    ReplyDelete
  49. අනේ පුලුවන්නම් record කරන්නකෝ විදෙශවාසී අපිට අහන්න...

    ReplyDelete
  50. @ ඔබා මලයා ...
    ඔය ''බ'' එක ගැන මම අහල තියෙනව. හැබැයි ඔබා මලය කියන එකමද දන්නෙ නෑ.
    ඒ දවස්වලම තමයි අර ප්‍රසිද්ධ පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ගෙ බණ නැගල ගියේ.එතුමා ඒ කාලෙ සෝම හාමුදුරුවො වාගෙ ප්‍රසිද්ධයි.
    මට මතකයි අපේ පාසැලේ තියපු ''ස'' ප්‍රසංගය ට හදපු බැනර් එකට යටින් කවුදෝ වලත්තයෙක් මෙහෙම ලියල තිබුන.[අඟුරු වලින්]
    මේ සතියේ වික්ටර්ගේ ''ස'' ප්‍රසංගය වන අතර ලබන සතියේ අරියධම්මගේ ''බ'' ප්‍රසංගය පෙන්වනු ඇත.
    ඔබා මල්ලි අදහස් කළේ මේ ''බ'' යන්න ගැනද ...?

    ReplyDelete
  51. @ ඔබා මල්ලි .
    මම කලින් සඳහන් කරපු අමිහිරි සිදුවීමෙ මේ ''බ'' ගැනත් ලියන්නයි හිටියෙ. කොහෙද ඉතින් ඔබා මලය පැන්න නෙ ඉස්සරහට.

    ReplyDelete
  52. පහුගිය දවසක මේරියන්ස් අන්ප්ලග් විත් කිර්ති පැස්වෙල් විත් අමල් පෙරේරා බලලා මාර මෙව්වා එකකින් හිටියෙ.

    ඊට කලින් මීගමුවේ තිබුනා මේරියන්ස් අන්ප්ලග් එකක් වික්‍ටර් රත්නායක මහත්මයත් එක්ක.

    වැඩැන්නැ ටීවී,රේඩියෝ වලින් සිංදු අහනවා වගේ නෙමේ, සජීවි එහෙම සිංදුවක් අහද්දි ලේ ධාතුව සීතල වෙලා යනවා. ඇත්තටම ඒ වගේ ප්‍රසංගයක් බලන්න යන්න හිතුවිල්ලක් පහල වෙන්නත් පිං කරලා තියෙන්න ඕනේ කියලා මට හිතුනා.....

    ReplyDelete
  53. මට ටිකක් පුදුමත් හිතුන මාරය මේක බලල නෑ කිව්වම...

    වැඩ හතක් තිබුනත් මේ සැරේ මිස් කරගන්න එපා...

    විවේක කාලය පටන්ගන්න මුලු වාදක මන්ඩලේම බැහැල ගියහම ඩොල්කි වාදකය විතරක් තියාගෙන වික්ටර්ම සර්පිනාව වාදනය කරමින් " පොඩි කුමාරිහාමියේ..." ගීතය ගායනා කරනව ස්ජීවීව දකින්න ලැබෙන අත්දැකීමම ඇති ඔය බරපැන වල වටිනාකම ලැබන්න...
    ...........

    ඔය දිනේ කියවගන්න බැරිවුණ එක ගනන් ගන්න එපා... මම දැකල තියෙනව ගුවන් ටිකට් පත හරියට කියවගන්නෙ නැතුව ෆ්ලයිට් මිස් කර ගත්ත උන් ඕන තරම්..

    ReplyDelete
  54. ane mehema na ganmak :D :D wasa biila wedi thiyagena paninna muhude oya leddawa hali yai ethakota :D :D

    ReplyDelete
  55. හූ,,, හූ,, හොඳ වැඩේ !!!!!!!!!!

    ReplyDelete
  56. හික් ඔය කරගෙන තියෙන්නේ.

    ReplyDelete
  57. @ කුමාරයා අය්යා,
    මං, නං ගං දැම්මෙ නැත්තෙ, ඒක අපහාසයක් විදියට කව්රු හරි සලකන්න ඉඩ තියෙන නිසා, මං අපහාසයක් කරන්න යටි හිතෙන් වත් නොහිතුවත්.
    අය්ය කෙළල තියෙන්නෙ තාප්පෙටම.

    @ බුද්ධි,
    උඹට ඉතින් මේරියන් කිව්වොත්, කැරම් ගැහුවත් එකය්, සින්දු ඇහුවත් එකය්නෙ.

    ReplyDelete
  58. // විවේක කාලය පටන්ගන්න මුලු වාදක මන්ඩලේම බැහැල ගියහම ඩොල්කි වාදකය විතරක් තියාගෙන වික්ටර්ම සර්පිනාව වාදනය කරමින් " පොඩි කුමාරිහාමියේ..." ගීතය ගායනා කරනව ස්ජීවීව දකින්න ලැබෙන අත්දැකීමම ඇති ඔය බරපැන වල වටිනාකම ලැබන්න... //

    අන්න මගෙත් ෆේවරිට්ම පාර්ට් එක.. මැක්සා නේ..

    මාරයො, මමනං වැඩියම කැමැතිවුනේ අරලිය පත්තරේට තමා, ඊට පස්සෙනෙ සදරේණු ආවෙ.. හැබැයි කිවුවත් වගේ කොමිටල් විජිතය නං පට්ටම පට්ට ආ, ඒ කාලෙ අපිත් ඒ ජාතියෙම කොමි කොල්ලො නේ, ඉතිං බොක්කෙනුත් ටිකක් පහලට වදිනවා.. අඩේ තව ලස්සන කතාවක් ගියා නම අමතකයි, කෙල්ලගෙ නම බට්ටි (භාෂිණී) කියලා විතරයි මතක..

    ReplyDelete
  59. හූ හූ හූ...

    “අපි ආවෙ මේ කඩු පයිට් පෙන්නනවා කියලා හිතාන..බැලින්නං මුගේ $%#^&% සයන්නනේ...“ :D

    ReplyDelete
  60. හු හු හු. . . . . . . :D

    ReplyDelete
  61. කාලෙකට පස්සේ හූ කියන්න හම්බවුනේ. හූ........හූ.......
    මටනම් වික්ටර් අයියගේ සින්දු වලින් හිතට අල්ලන්නේ එකම එක සින්දුවයි. අර "අපි මැරෙන්නේ නෑ" සින්දුව

    JHOTHISHALANKA

    ReplyDelete
  62. ane paw.......:D meyatath wena dewal

    ReplyDelete
  63. අපරාදේ අද දාපු නිවාඩුව.. බුකියෙයි බස් එකෙයි නොදැම්මනම් අද හවස කන චාටර් එක හිතාගන්න පුළුවන්...

    ReplyDelete
  64. මල් පත්තර... තක්කඩි වචනයක්....

    ReplyDelete
  65. හූ...හූ...
    දිනය වරද්ද ගත්ත මාරයාට...

    හූ...හූ...
    ඇඟට නොදැනි නාගත්ත,දැන් නොනෑවා සේ සිටින... මාරයාට ටිකට් අරගන දුන් අහවලාට...

    ReplyDelete
  66. අඩෝ මට හූ කිව්ව ඔක්කෝටම හූ හූ හූ...

    වැඩේ මිස් වීමේ ශෝකය වෙනුවෙන් ටිකට් අරං දුන්න කෙනා ගානේම අද හවස එම වෙලාවටම ලුම්බිණියේ පෙන්නපු "ඔතෙලෝ" නාට්ටිය බලන ලදි... ඒ මදිවට පීට්සා කොකා කෝලා සහ චොකොලොට්...

    ඇද්ද හූ හූ හූ...

    ReplyDelete
  67. "(ඇත්ත කතාව ඉතිං එක්ක ගියොත් අපිට සින්දු අහන්න කෙසේ වෙතත් කන්වල ඇඟිළි ගහන්ඉන්න වෙන හින්දා කියලා එහෙම මං ඔන්න කිව්වේ නැහැ හරිද..?)" හිහි සිරා කතාව... ආ අමතක උනා >>> හූ...... හූ... හූ.......

    ReplyDelete
  68. අලුත් ප්‍රශ්තා පිරුලක් මාරයා 'ස' බැලුවා වාගේ....

    ReplyDelete
  69. එහෙනම් තව දවස් 20 ක් අගිලිත් ගැනල ,නිවාඩුත් දාල,ටිකට් එකත් නැති කරගනේ නැතුව 'ස' බලාගෙන එනකො විස්තරේ කියන්න.....

    ReplyDelete
  70. ශිකේ මෙහෙමත් කර විල්ලක්.. චාටර් ඇ :D :D

    අර කැසට් එක මාත් අහලා තියේ.. හැබැයි ජංගමේකින් :D

    ReplyDelete
  71. හූ හූ හූ තොගේ කන්නාඩි දෙක දැන්ම මාරු කරපිය.

    ReplyDelete
  72. මම හිතන්නේ ඔය අලුත් කන්නාඩි දෙකේ බලමහිමෙන් වෙන්න ඇති ටිකට් එකේ තියෙන දේවල් වෙනස් වෙලා පේන්න ඇත්තේ
    අර මුලින් කියපු "ස" යන්න නම් මමත් අහල තියෙනවා, ඒත් ඔයා තරම් පොඩි කාලෙදිනම් නෙවෙයි
    ඒත් මට ඒක එච්චර ඇල්ලුවේ නැහැ,
    වික්ටර් රත්නායක මහත්තයාගේ ඇත්ත "ස" යන්නනම් මමත් අහල නැහැ
    ඒ වගේ සින්දු අහන්න මමත් හරි මනාපයි...

    ReplyDelete
  73. හික්ස්.. මේ වෙනකොට නං බලන්ට යන්ට ඇතිනේ..

    කොමිටල් විජිතයේ කතා කීපයක් කියවලා තියෙනවා..(මං එහෙමට මල් පත්තර බලපු කෙනෙක් නං නෙවෙයි) ඒ රචනා විලාසය නම් මාරයි. මොකක්ද ප්‍රධාන සති අන්ත පුවත්පතක ගිය බුවාලන්තය කතා පෙළත් ඒ වගේ රසවත් කතා පෙළක්..

    මට නං වික්ටර්ගේ සිංදු ගැන උනන්දුව ඇති වුණේ අපේ අක්කා නිසා. අවුරුදු 12ක් විතර ඇති එතකොට මට.

    දිනේ වැරදුණු එක නෙවෙයි අවුල.. ඒක ගිය දුර...

    ReplyDelete