21 October 2011

අපි දැන් බලන්නේ සම්භාව්‍ය දේවල් හරිද..?




ඊයේ මට වෙච්ච සංගදිය කිව්ව නෙව...
ඒ කිව්වේ දිනේ ටැපලිලා ලබන මාසේ 20 වෙනිදා තියෙන "ස" ප්‍රසංගය මේ මාසේ බලන්න දත කට මැදං හිටිය කතාව...

කොහොම හරි ඔය සංගදිය වෙලා වැඩේ ජෝන් බාස්ට ගෙහුන් මං අනාථ වෙලා හිටියයි කියමුකෝ... මං ඉතිං මගේ ගත්ත නිවාඩුව සුවසේ ගත කරන්න හිතාගෙන කෑම බීම ටිකකුත් ලක ලෑස්ති කොරගෙන බලන්න වෙලාවක් හම්බ නොවීම හින්දා පරක්කු වෙවී තිබුන චිත්තර පටියක් බැළුවා.. ඊටත් පස්සේ කරන්න තිබුන තව වැඩ කිහිපයකුත් කෙරුවා... ඔන්න ඔහොම දවස ගෙවීගෙන යද්දී හවස හතරට විතර එක පාරටම කෝල් එකක් ආවා...

"මොකද කරන්නේ.. කොහේද ඉන්නේ.. වහාම බුකියට වාර්ථා කරනු"

අනේ ඉතිං දඩ බඩ ගාලා වාර්ථා කොලා... මෙන්න එතන දෙන්නෙක් මැසේජ් හරහා හෙන කතාවක්...මාත් ගිහින් පැත්තක ඉඳන් මොකෝ කියලා ඇහැවුවා...

"දැන්ම වර කොඹළ" ආයෙමත් නියෝගයක්...

"ඒ මක්කටද..?" එහෙම ඇහැවුවේ අසරණ මං...

"එන්න කිව්වම එන්නයි තියෙන්නේ ආයේ ප්‍රශ්න අහ අහ ඉන්න නෙවෙයි... ඔතේලෝ තියෙනවා හයයි තිහට ලුම්බිණීයේ.. පරක්කු වෙන්නේ නැතිව වර.." යාන්තං හෝඩුවාවක් ලැබුනා...

මාත් ඒ වෙලාවේ පහුවදාට වැඩට යද්දී බත් එකට වෑංජනයක් හදන්න ලක ලෑස්ති වෙවී හිටියේ.. නිවිති ටික හෝදලා සුද්ද කරලා පරිප්පු ටිකක් හෝදන්නයි සූදානම් වෙලා හිටියේ.. ඒ පාර ඒවා එහෙමම දාලා දඩි බිඩි ගාලා නා ගත්තා... ඔළුව පිහ දාන්නවත් වෙලාව ගත්තේ නැහැ ඇඳ ගත්තා..බයික් එක පාරට දාලා දොර වැහැවුවා පිස්සුවෙන් වගේ කොඹළ බලා ධාවනයේ.. කොහොම හරි හතරයි කාලට ගෙදරින් ආව මං පහයි විසි පහ වෙද්දී බොරැල්ලේ...

ඊට පස්සේ ඉතිං බියිසි මොටෝ එකත් අගු පිලක දාලා අනිත් දෙන්නත් එක්කම රෝද හතරක් උඩ නැගලා ගියා ලුම්බිණී රඟහලට.. ගිහින් ටිකට් එහෙම ගත්තට පස්සේ තව වෙලාවත් තියෙන හින්දා පයින් ඇවිදගෙන ගිහින් අර ඉතාලි රොටී කඩේකින් කෑවා ආන්න ඒ රොටී... එහෙම කොරලා ආපහු ඇවිත් ඔතෙලෝ බැළුවා...


මල මඟුලයි.. අපි ඔතෙලෝ කිව්වම හිතං හිටියේ පරණ ඇඳුම් ආයිත්තම්..ඒ කිව්වේ අර රෝම..ග්‍රීක රජ ඇඳුම් වගේ නානා ප්‍රකාර සුකුරුත්තං ඇඳුම් ඇඳගෙන රඟ දක්වන නාට්ටියක් කියලනේ... අර පිටේ බෙඩ් ෂීට් වගේ සළු එහෙම පටලවං කරන අන්දමේ.. එතකොට කඩු එහෙමත් තියෙන්න එපෑ.. ඒත් කෝ ඒවා..?

ෂේක්ස්පියර් හරි උන්දැගේ යාළුවෙක් හරි මේක දැක්කනං අර නළුවංගේ රෙදි ගලෝනවා... උන්දලා ඔක්කෝම නිකං පිට කොටුව හරහා ආවා වගේ... කොටින්ම අපේ එක්කෙනෙක් මට කියනවා "ඒ දවස්වල ඉන්දියන් ස්කර්ට්නේ වැනීසියේ අයත් ඇඳලා තියෙන්නේ" කියලා... ඒ විතරක්නං මදෑ... සිරි ලංකා නාවික හමුදාවේ පෙටි ඔෆිසර්ලාගෙන්ද කොහේද උස්සපු යුනිෆෝම් තමා ඒ දවස්වල ඔතෙලෝලා ඇඳලා තියෙන්නේ... එකම එක කඩුවක්නං තිබුනා..ඒත් ඒක කොපුවෙන් එළියටනං ආවේ නැහැ... ඒ වෙනුවට ඇබින්දං පිස්තෝලයක් දෙතුන් පාරක් එහෙට මෙහෙට පෙනුනා... කඩුවෙන් අනින්න කතා කරගෙන හිටියට අන්තිමට එළීයට අඳින්නේ අර හුචක්කු පිස්තෝල කට්ට විතරයි. ඒ ඔක්කොමත් හරි..මෙන්න බොලේ එක පාරක් ගෑස් ලිපක් පත්තු කරනවා මේ ඉස්ටේජ් එක උඩ... පසුතල හා අංග රචනා වැඩ ගැනනං කතා කරලා වැඩක් නැත.. එක වයසක මනුස්සයෙක් හිටියා අර අපේ මැච් බලන්න යන පර්සි අංකල් වගේ.. උන්දෑ කවුද කියන්නවත් අපි කාටවත් පුළුවන් උනේ නැහැ අවසානය වෙනකල්ම... කරුමෙට වගේ මං ඔය නාට්ටියේ සිංහල පරිවර්ථනය එක් දහස් නවසිය අනූ හතරෙදි ව‍ගේ දෙල්ගොඩ මහජන පුස්තකාලෙන් කියෝලා තිබුන හින්දා යන්තං වගේ කතාව මතකයි.. ඒත් ඒ මතකය මදි මේ චරිත හඳුනා ගන්න තරං...

රඟ පෑම් ගැනනං කියන්න කියලා ඒ හැටි දෙයක් නැහැ... ඔතෙලෝට හිටි හාදයනං තරමක් විතර හොඳයි කිව්වැකි... අනිත් උන්දලාගෙන්නං කිව යුතු මට්ටමක දෙයක් නැහැ... එක හාදයෙක් හිටියා උන්දැට දෙබස් කියනකොට හිනා යනවා... අපි මුලින්ම හිතං හිටියේ උන්දෑ මොනවා හරි විකට නළුවෙක්ගේ කෑල්ලකට ඉන්න කෙනෙක් කියලා.. පස්සේ බැලින්නං වැදගත් චරිතයක් තමා අයිති..ඒත් රඟපෑවේ අපේ ෆ්‍රෙඩී සිල්වා වගේ තමා... ඒත් ඉතිං අවුලක් නැහැ අපිටත් හිනා වෙන්නවත් දෙයක් එපෑ...

ඔය ඉතිං නාට්ටිය ගැනනේ..දැන් හැරෙමුකෝ ප්‍රේක්ෂකාගාරය පැත්තට... අනේ ඉතිං අර මනුස්සයෝ අර වගේ රඟ පෑව එක ගැනත් සම්මාන දෙන්න වටිනවා... සූ ගාලා විසි පහක් විතර හිටියා මේක ‍බලන්න. මේ මහ විශාල ජනකාය දැක්කම රඟපාන්න මතක් වෙයියෑ අර උන්දලට...හවසට සල්ලි බෙදාගන්න හැටි මතක් උනාම සරුවාංගේ සීතල වෙලා යනකොට කොහොම රඟන්නද..?

හැබැයි අපරාදේ කියන්න බැහැ අපිනං නාට්ටිය එළටම රස වින්දා... මංනං ඉතිං මේක සම්භාව්‍ය ගනයේ එකක් කියලා යන්තං වගේ තේරුන හින්දා හරි වැදගත් විදියට ඉන්න උත්සහ කලා.. ඒත් හූවක් කියන්නේ හයියෙන් හිනා වෙන්නේ නැතිව හිටියේ බොහෝම අමාරුවෙන්.. මොකද ආයිබෝං කැලෙන් එළියට ගත්තට මගේ පුරුදු අත අරින්න ඇහැකියෑ...

ඒකටත් එක්ක අනිත් දෙන්නා.. එක්කෙනෙක් තමා ඉබ්බා මහත්තයා... මායි ඌයිනේ අර "ස" බලන්න යන්නත් නියමිත වෙලා හිටියේ... අපරාදේ කියන්න බැහැ උන්දැනං මුළු නාට්ටියම එක හුස්මට බැළුවා... ඒකට රහස තමා නාට්ටියට නළු නිළීයන් තෝරාගත් අය ඉබ්බා මහත්තයාට සාධාරණයක් කරලා තිබීම..

ඔය අපේ ඉබ්බා මහත්තයා ඇවිත් හොඳ රුචිකත්වයක් ඇති කෙනෙක්... සාමාන්‍යයෙන් වයස 50ක් විතර වෙච්ච කිලෝ 70ට වැඩි කාන්තා පාර්ෂවයන් ගැන හරි උනන්දු හාදයා.. මේ නාට්ටියේ හිටිය සුකුරුත්තං කුමාරිලා ටිකත් කිලෝග්‍රෑම් 80 බර පන්තියේ හුරුබුහුටි ළමයි ටිකක්..කොහෙන් කැපුවත් කිලෝ පහයි... අනේ ඉතිං ඉබ්බා මහත්තයා ඇස් දෙක උඩ දාගෙන කටින් බලං ඉන්නවා... ඒ අතරේ යන්තමට වගේ කියවෙනවා ඇහෙනවා... ඩෙස්ඩිමෝනා..ඩෙස්ඩිමෝනා...ආ නැහැ නැහැ බියංකා බියංකා.. කියලා... බැළීන්නං උන්දෑ අර නාට්ටියේ හිටිය ගෑණූ පරණ දෙකක් අතරින් හොඳ එක තෝරගන්න බැරිව ලත වෙනවා... පව් දෙයියනේ... ඒ විතරක්නං මදෑ හිටි හැටියේ දත් කූරු කනවා..අත මිට මොලෝනවා.. සීට් එක කන්න හදනවා...

මුලිං මුලිං මේ මොකද කියලා හොයාගන්න අපිට බැරි උනා.. ඒත් ටික වෙලාවක් වේදිකාව දිහාත් ඉබ්බා මහත්තයා දිහාත් බලං හිටියම වැඩේ යන්තං මීටර් උනා... අර ඔතෙලෝ කාරයා ඒකගේ බාරයාව වෙච්ච ඩෙස්ඩිමෝනා කෙලීට ටිකක් ලංවෙලා ආලවන්තකං පානකොට මේකා දත් කූරු කනවා... ඔතේලෝ ගෑනිට බැන්නනං මේකා සීට්එක කන්න හදනවා... අනුන්ගේ පවුල් ප්‍රශ්නවලට මේකා කලබල වෙලා තියෙන හැටියක්... අපි බයේ උන්නේ මේකා කොයි වෙලේ හරි ඉස්ටේජ් එකට පැනලා ඔතෙලෝටත් නෙලයි කියලා.. ඒ තරමට ඇඟට අරගෙනම උන්දැනං නාට්ටිය බැළුවා...

එතකොට අනිත් එක්කෙනා... අපරාදේ කියන්න බැහැ හිටි හැටියේ කන ගාවින් ගොරවනවා වගේ ඇහෙනකොට හැරිලා බැළුවම පේනවා හොඳට පුටුවේ දිගෑදිලා දොයි.. අන්න රසාස්වාදනයේ උපරිම තලය... හිටි හැටියේ නින්ද කැඩෙන අවස්ථාත් තියෙනවා.. ඒ ඉතිං අර ඉබ්බා මහත්තයා පුටු ඇන්දට අත මිට මොලවලා ගහන පාරට ඇති වෙන කම්පනයට.. ආන්න ඒ වෙලාවට ඇස් දෙක ඇරලා ඉබ්බා මහත්තයා දිහා එහෙම බලලා ආයෙමත් කියනවා..මේක හුඟක් දිග වැඩියි නේද කියලා... ඇත්ත නේන්නං.. දිග වැඩියි... කොටින්ම අපිට කන්න කියලා ගෙනත් දුන්න ලොකු චොකලට් බෝල පෙට්ටි තුනෙන් එකයි කාලා ඉවර කරන්න උනේ.. දෙකක් ඉතිරියි.. ඒ තරමට දිගයි නාට්ටිය...

හරි හරි ඒ කතා ඇති... ඕවා ඔයාකාර ලියන්න හොඳ නැහැ. අන්තිමේදී හිතයි මං මේ නාට්ටියයට මඩ ගහනවා කියලා.. මං එහෙම කරන කෙනෙක් නෙවෙයි කියලා මේක කියවන අය හොඳටම දන්නවනේ... මං ඔය මඩ ගහන.. කැලෑ පත්තර ගහන වැඩ වලට නැහැ... බොහෝම සුපිරිසිදු නිර්මල පැවැත්මක් ඇති හාදයා.. ඒ හින්දා ඔය කතා ඇති.

කොහොම උනත් දිනේ වැරදිලා නන්නත්තාර වෙලා මුළු බ්ලොග් අවකාසෙන්ම නැගුන හූ හඩ මැද හිටිය මාව වර වර ළගට කැන්දා කරලා පීසත් කවලා..චොකලටුත් කවලා.. නාට්ටියකුත් පෙන්නපු අනුග්‍රාහක භවතුන්ට මාගේ හද පිරි ස්තූතිය... මෙහෙම සලකනවනං කී දාහක් හූ කිව්වත් මයෙ මොකද..? හුහ්...

පලි-

දින කිහිපයක් යනකල් මා පිළීබඳව ආරංචියක් නොලදහොත් ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇපල් දොඩං පෙයාස් ආදිය රැගෙන මා බැළිමට පැමිණෙන මෙන් ඔබ සැමට කාරුණිකව දන්වා සිටිමි.

58 comments:

  1. පොඩ්ඩක් හිටපං කියවනකං. නැත්තං මේකෙ එකට කොමෙන්ට් එකක් දාගන්න බෑ.

    ReplyDelete
  2. යකෝ ඔහොම සලකනවනං තව මාස දෙකක් තුනක් කලින් තියෙන ෂෝ දෙක තුනක ටිකට් අරන් දැන්ම ලැහැත්තිවියන්.

    මොකටද බං අපි ඇපල් ගේන්නෙ. ඔය පීසා දෙන කෙනාටම කියහං ඇපල් ගේන්නත් කියල.

    ReplyDelete
  3. දෙයියෝ සාක්කි!!! මං හිතුවා හරිනේ... මමත් ආවා ඕක බලන්න. උඹව දැකලා හිතුනා උඹම තමා කියලා... තව දෙන්නෙක් එක්ක නේද ආවේ? කතා කරම්දෝ නොකරම්දෝ කියලා හිටියා මිසක් කතා කලේ නෑ, බැරිවෙලාවත් උඹ නොවුනොත් කියලා! අපරාදේ....

    මේ අර ඔතෙලෝ හාදයගේ ගෑනි 'ඇන්ටිපෝවා' නෙවෙයි 'ඩෙස්ඩිමෝනා' :)

    ReplyDelete
  4. ඔන්න පෝස්ට් එකක් හින්දා නිකං ඔතෙලෝත් බලන්න හම්බ උනා. ඉතිං නරක් වෙලා තියෙයි...

    ReplyDelete
  5. @Praසන්ன...

    නැහැ නැහැ ඇපල් ඕන උඹලා ගානේ..එයා ගානේ තමා රෝහල්ගත වෙන්න වෙන්නේ...

    ReplyDelete
  6. @ගීතක - ඇත්ත කතා...

    හුටස්.. කතා කරන්න එපැයි.. ඒත් කතා නොකල එකත් හොදයි බං..මොකද අපි නාට්ටිය බලන්න ඇවිත් හිටිය හැම එකා දිහාම බලලා මොන මොනවා හරි ගරු සම්මාන එහෙම දිදී හිටියේ..වැරදිලාවත් උඹලටත් සම්මාන දීලා තියෙන වෙලාවක උඹ කතා කලානං අපිට ඔතන පොලව පලං යන්න වෙන්නේ.. ඒකත් ලේසි නැහැනේ කොන්ක්‍රීට් එක්ක...:D:D:D

    හුටා ඇන්ටිපෝවා නෙවෙයිද..මට උදේ මතක තිබුනේ එහෙමනේ... ඉබ්බා මහත්තයටනං මතක ඇති... අහලා බලන්න ඕන...

    ReplyDelete
  7. @cjgayan...

    ඔව් ඔව්... දැන් මේක අදාළ අංශවලින් දැක්කම නොමිලේ ඉස්පිරිතාලේ පැත්තෙත් ගෙහුන් එන්ට ඇහැකි...

    ReplyDelete
  8. ඉබ්බාගේ යාලුවෙක්October 21, 2011 at 10:33 AM

    ඩෙස්ඩ්මෝනා පට්ට ලස්සන කෙල්ලලු නේද බං.අයියෝ මමත් දන්නවනම් එනවා නේ බං බලන්න.කොන්ඩේ ස්ට්‍රේට් කරලද බං හිටියේ.බරනම් අවුලක් නැ.

    ReplyDelete
  9. @ඉබ්බගේ යාළුවා...

    හැබෑට... මටවත් මතක නැති නම ඉබ්බගේ යාළුවා දැන ගත්තේ කොහෙන්ද..?

    ReplyDelete
  10. හික් හික්... උඹලා අනිවා මට නම් ගරු නම්බු දෙන්න ඇති! මොකද මායි තව එකෙකුයි තමා ඉස්සරහම පේලියේ ඉඳන් ෆොටෝ ගහ ගහ හිටියේ...

    ReplyDelete
  11. @ගීතක - ඇත්ත කතා...

    ඔය කියන්නේ අර කහ පාට දෙන්නා හිටිය තැන හිටිය ජෝඩුව නෙවෙයිනේ..ඇතුල් වෙන තැනම හිටිය කට්ටිය නේද.. මං හිතන්නේ මං උඹේ මූනත් බලාගෙන ආවේ..ඒ වෙලාවේ පොඩි හුරු ගතියක් දැක්කත් මං ඒ ගැන ඒ හැටි හිතුවේ නැහැ බං...

    ReplyDelete
  12. ඇති යන්තන් "ස" වෙනුවට ඕක හරි බලා ගත්තා. ඇපල් කන්න හොද නෑ අයියා ඒවට බෙහෙත් ගහලා. වෙරළු ටිකක් අරන් එන්නද?

    ReplyDelete
  13. නාට්ටියක් නම් බලාපු කාලයක් මතකේ නෑ බොරු කියන්නේ මොකටද මට නම් ඔය සම්බාව්‍ය පිස්සුව ටික කාලයයි තිබ්බේ. ඊට පස්සේ අවංකවම මට තේරෙන්නේ නැති මගුල් වලට වඩා හුදී ජනතාවට තේරෙන එවුව තමයි මං තෝරන්නේ.

    ReplyDelete
  14. මොනවා උනත් හොඳ යාලුවෝ අප්පා...
    මලයා "ස" කාංසියෙන් හින්දා මලයා ගැන හිතුවානේ උන්.. ඈ.. නේද..?

    ReplyDelete
  15. ඉබ්බාගේ යාලුවෙක්October 21, 2011 at 10:59 AM

    මම ඔය පොත කියවලා තිබුනනේ මාරයෝ.මේ උඔලා ඉතාලි රොටි කාපු තැන ලස්සන ඈයෝ හිටියලු නේද බං.මොකද්ද බන් අර අන්නාසි චට්නි කතාව

    ReplyDelete
  16. කුජ මාරුව ..

    මාරයත් එක්ක ගමන් ගිහින් එද්දී කට්ටිය සබන් ගේනවලු මඩ හෝදන්න

    ReplyDelete
  17. @නිසුපා...

    ආන් නගේ සෝක් වැඩේ මතක ඇතිව ලුණු කැටෙකුත් ගෙන්ට ඈ...

    ReplyDelete
  18. @සරත් ලංකාප්‍රිය...

    සැටිපිකේට් ඇත්ත.. ඒත් ඉතිං ඔව්වා කොහොමද කියලා බලන්ටත් එපෑ..කොහොමත් මං ටෙලි නාට්ටිය චිත්තරපටිවලට වඩා වේදිකා නාට්ටිය බලන්ට බොහෝම මනාපයි.. ඉතිං මොන කෙහුරක් උනත් කමක් නැහැ බලනවා...

    ReplyDelete
  19. @තිස්ස දොඩන්ගොඩ...

    ආයෙත් අහලා... කියන්ට වදන් නැහැ...

    ReplyDelete
  20. @ඉබ්බාගේ යාලුවෙක්...

    අහ් ඒ විතරක්ද.. රොටී කඩේ කෙල්ලොන්වයි ඇන්ටිලවයි බලලා කුල්මත් වෙච්ච ඉබ්බා මහත්තයා අන්තිමට කඩේ දොර ගාව ගහන්ට හැදුව බඩ පිනුම..මට ඒකත් අමතක උනා නෙව...

    ReplyDelete
  21. @Bindi...

    පොඩ්ඩක් ඉන්ට මම මේ වියට්නාමේ පැත්තෙත් එන්ට කියලා හිතං ඉන්නේ... බින්දිලගේ අහත් එඤ්ඤං තේ බීලා බත් ටිකක් කාලාම යන්ට.. ඊට පස්සේ බැරියෑ මට තව මොනවා හරි ලියන්ට...

    ReplyDelete
  22. කහ පාට දෙන්නා කිව්වේ සංඝරත්නෙද? ඔව් ඔව් ඒ දෙන්නා ලඟ හිටපු දෙන්නා තමා, ඇතුල්වෙන තැන නෙවෙයි.... අපි දෙන්නා බැලුවේ බාගයයිනේ!

    ReplyDelete
  23. හික් හික් හික්........

    මාරයියා ඔතෙලෝ බැළුවා වගේ......

    ReplyDelete
  24. අනේ මලේ මට නම් ඔය නාට්ටිය විචාරය තමයි හොඳටම නැගලා ගියේ. මේහෙම නාට්ටිය විචාරය කලොත් නම් ලඟදිම අර අන්තිමට කිව්ව තැනට තමයි යන්න වෙන්නේ. අපෙ අප්පේ මෙහෙමත් විචාරයක්.

    ReplyDelete
  25. හත්වලාමයි කීවුවලු..ඇත්තට ඔය අලුත් විගඩම කොරාපු එකා කවුද හැබැට

    ReplyDelete
  26. මචෝ . . . ඔය ASP ගෲප් එකේ අනුග්‍රහයෙං පෙන්නන ඔතෙලෝ නෙමෙයි ද ??? ඒකෙ නං සිරාවටම කොස්ටියුම් ටික තිබුනා . . . අනික රඟපෑමත් උඹ කියනවට වඩා හොඳ තත්වෙක තිබුනා.

    ප.ලි.
    වේදිකා නාට්ටි බලන්න ආසයි නං ඉඩක් ලැබෙන වෙලාවට පලයං බො‍රැල්ලෙ පුංචි තියටර් එකට . . . ඒකෙ ඕනෙම වෙලාවක නාට්ටියක් තියනව . . .

    ReplyDelete
  27. මාරය ඇපල් කනවද? මං හිතුවෙ රඹුටන් විතරයි කන්නෙ කියල!

    ReplyDelete
  28. @ගීතක - ඇත්ත කතා...

    අප්පද බොල ඒ කියන්නේ අපිට ටිකක් ඉස්සරහින් නෙව... මට තොට බනින්න ඕන..අහු වෙයං බුකියෙන් මෙතන ඒකට තැන නෙවෙයි... මං බොට ඊයේ හිතෙන් සෑහෙන්න බැන්නා...

    ReplyDelete
  29. @සිතුවිලි නිහඬයි...

    උඹලත් එක්කනං බෑ මේක කරන්න..ඊයේ එකක්..අද තව එකක්...සික්

    ReplyDelete
  30. වයින් වලින් මධුමීවිත පුරව ගනිල්ලා
    ටිලිං ටිලිං හඬ නගාල සව්දිය පුරලා පුරලා
    වයින් වලින් මධුමීවිත පුරව ගනිල්ලා
    ...............................
    එංගලන්ත දේසේ.... ස්ටීවන් මහ පීතර ලොක්කෝ
    පැන්ස හයට කලිසම් ඇන්දෝ.....:D

    ශේක්ෂ්පියර් විතරක් නෙවෙයි ග්‍රැන්විල් රොද්‍රිගු ත් මැරිච්ච හින්දා හොඳයි.
    මොනවා වුනත් මාරයියේ ඔයාගේ කේන්දරේ ඔයාටම බලාගන්න වෙයි වගේ....

    ReplyDelete
  31. @වෙද ගෙදර මහ වෙදනා...

    ආ එහෙම කියන්න එපා අයියා..මංතුමා මෙහෙම හිටියට හොඳ විචාරකයෙක්... මෙව්ව මට වැඩද..මෙහම විචාරද මං දීලා තියෙන්නේ.. ඕනනං ඔය පොටෝ ගන්න බනියා..බුද්ධියා..මුචා.. පූසාගෙන් එහෙම අහලා බලන්නකෝ.. ආ වැඩිය ඕන නැහැ මේ ඕනයා ඉන්නේ උගෙන් ඇහැවුවත් කියයි...

    කොහොමත් ඔය කරනවට වඩා ඇදකුද පෙන්නන එක මට හරි ටොයිස් දෙයක්නේ..හැක්

    ReplyDelete
  32. @Raj...

    අනේ මංදා... කවුරු කොලාද කියලා අපි දන්නෙත් නැහැ...

    ReplyDelete
  33. @ඕනයා...

    ඔව් බං අපිත් ගියේ ඒකේ කෑලි හිතෙන් මවාගෙන..අර ඉස්සර ඒඑස්පීලගේ ඇඩ් එකක් යන්නේ.. සිනමාවෙන් කව්ළුව..වේදිකාවෙන් ඔතෙලෝ..රූපවාහිනියෙන්..සුසීමාද කොහේද කියලා..ඒකේ හරි ලස්සන ඇඳුම් ටිකක් ඇඳගෙන කඩු එහෙම උස්සන්නේ සෙට් එක බහින්නේ.. අපිත් ඒ ගැන තමා කතා වෙවී ආවේ එද්දිත්.. මේ වෙන එකක්ද කොහේද..?

    මචං ඔය කියන්නේ නාමෙල් වීරමුනි ජෝඩුවගේ පොට් එකද.. අර කොටා පාරෙන් එද්දී අහුවෙන එක නේද..? මං ඕක දිහා බල බල ඇවිත් තියෙනවා ඒත් වැඩි විස්තරයක් නොදන්න හින්දා හොම්බ දාලා බැළුවේ නැහැ...වෙලාවක සෙට් වෙන්න ඕන ඒකට...

    ReplyDelete
  34. @රාජ්...

    ඇපල් විතරක්යෑ..ඇයි දොඩං නැද්ද..?

    ReplyDelete
  35. @ලකී වික්‍රමසිංහ...

    ඔහොම කෑල්ලක් අහන්ටවත් උනේ නැහැනේ... ඔය කොහේ කෑල්ලක්ද..?

    ඇයි ග්‍රැන්විල්ද ඉස්සර ඔතෙලෝට ඇන්දේ... අඩේ එහෙමනං ටොප් එකට තියෙන්න ඇති... මේකෙත් ඔතෙලෝට හිටි හාදයා ටිකක් විතර හොඳයි... ඒත් අනේ මංදා..මෙලෝ රහක් නැහැ.

    මගේ කෙන්දරේ ග්‍රහයෝ කොටු පනිනවා මේ දවස්වල...

    ReplyDelete
  36. තව තවත් සම්භව්‍ය ඒවාම බලන්නට ලැබේවා කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරමි !

    ReplyDelete
  37. අමාරුවෙන් ඇදගෙන යන වේදිකා නාට්‍ය කලාව හෑල්ලුවට ලක්කිරීම පිළිබඳ මාගේ විරෝධය....

    ReplyDelete
  38. @Weni...

    තැන්කූ ඈ.. උඹ මාත් එක්ක තරහක් තියේද..?

    ReplyDelete
  39. @නිශ්...

    අනේ බං හෑල්ලුවකට ලක්කොලා නෙවෙයි..මං දැක්ක හැටි කිව්වා..හැබැයි අපි වටින කියන නිර්මාණ කියලා හිතං ඉන්න එවා මෙහෙම නිශ්පාදනය කිරීම ඊට වඩා හෑල්ලුවට ලක් කිරීමක් කියලයි මටනං හිතෙන්නේ... ඒ වගේ නිර්මාණයකට අසාධාරණයක් නොකර අළුත් දෙයක් හදලා තමුන්ගේ මට්ටමෙන් පෙන්නුවනං ඔතෙලෝත් බේරිලා..තමන්ටත් වැඩක් වෙලා...
    අමාරුවෙන් ඇඳන් යනවා කියන්නත් අමාරුයි බං එක අතකින් බැළුවම..අවුල තියෙන්නේ හොඳ නිර්මාණ නැතිකම මිසක් ප්‍රේක්ශකයෝ නැති ප්‍රශ්නයක් නෙවෙයි... අදටත් සමහර නාට්‍ය වලට හොඳ ඉල්ලුමක් තියෙනවා ලංකාවේ... ලොක් ලොක් ඒවා ඕන නැහැ..දීපාල් සිල්වයි ටෙනිසන් කුරෙයි කරන ඒවට උනත් සෙනග එනවනේ බං..ඇයි එහෙම ඒවා පාඩු නොවෙන කොට අමාරුවෙන් ඇඳන් යනවා කියලා කියන්නේ..?

    ReplyDelete
  40. සම්භාව්‍ය.....mokak kiwwa?

    ReplyDelete
  41. මාරයාට හොදට සැලකිලි ලැබිලා වගෙයි.

    ReplyDelete
  42. ඔය නාටය විචාර සීන් එක දෑක්කාම කතක් වුනේ මාරයා අයියා අර පොටො වලට සිරා විචාර ටිකක් දීගෙන ආවා,ඒත් ඒක මගදි නෑවතුනා නේද අපරාදේ....

    ReplyDelete
  43. 'ස' වලට තව දවස් 19. යි....

    ReplyDelete
  44. මමත් ඔතෙලෝ පොත කියවලා තියනවා, තාම නාට්‍ය බලලා නැහැ, කොහොම උනත් හොඳ පීසා එකක් එහෙම කාලා, නාට්‍යක් බලලා ෆුල් ෆන් එකක් අරං වගේ ....

    අපිට කොහෙන්ද ඕවාට වෙලාවක් ....

    ReplyDelete
  45. අර දාලා තියෙන ෆොටෝ අනුව පීසා විතරක් නෙමේ ගාලික් බ්‍රෙඩ් කාලත් තියෙනෙවා. පීසා කෑවට පස්සේ ලාවත් කැවද දන්නේ නෑ. ස්පොන්සර් කවුරු වුනත් පින් අතේ වැඩ කෙරන කෙනෙක්. අපිට කොහෙද ඔහොම ස්පොන්සර්ලා, අපිට වෙන්නේ වෙන අයට ස්පොන්සර් කරන්න. :P

    ReplyDelete
  46. මට මෙහෙම කුජීත චිත්ත රූප මාලාවක් මැවිල පෙනුන..

    විසි වෙනිදට මාරය බහිනව එකට... හරිබරි ගැහිල වාඩිවෙලා බලාඉන්නව... ඔන්න තිරය ඇරෙනව.... අලි බඳින දම්වැල් හෙම එල්ලගෙන ඔන්න ඩැඩී ගෲප් එකේ කට්ටිය වේදිකාව අරා ඉන්නව... වික්ටර් දිලිසෙන ලෙදර් ජැකට් එකක් ගහගෙන පීක් එක පිටිපස්සට හරවල කැප් එකක් දාගෙන ඇවිත් "ස" රැප් කරල දෙනව ඇටි හැලෙන්න...

    ඔතෙලෝ ට අරෙහෙම කරපු රටේ... අප්පා.. මේක කුජීත සිතුවිල්ලක්ම පමනි..

    ReplyDelete
  47. යන්තම් 'ස' වෙනුවට ලාවට ජාමෙ බේර ගත්තා නේද ඔතෙලෝ බලලා.

    ReplyDelete
  48. ඒ.එස්.පී. ගොයිය රූපවාහිනියෙං ගෙනාවෙ "හිමි අහිමි" . . . ලකී ඩයස් හිටියෙ.

    ඔවු උඹ කියන පොට් එක තමයි "නාමෙල් මාලනී පුංචි තියටර්" කියන්නෙ. ඒක හැදුවෙ ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක නාට්්‍යයක් බලන්න පුලුවංවෙන්නයි . . . එත් ටික කලෙකට කලිං නාමෙල් වීරමුනි කියලතිබුන එයාලට වැරදුනා කියලඔය සංකල්පය ලංකවෙ ක්‍රියාවෙ යොදවන්න ගිහිං.

    ඔතෙලෝ . . . අලුත් එක . . .
    කෙලවිලා තියන ලංකාවේ වේදිකා නාට්්‍ය කලාව වලපල්ලටම දාල පස් දාල වහල පාංසකූලෙත් දෙන එක තමයි ඔය පොරවල් කරන්නෙ . . .
    උඹ වේදිකාවට ආසම නං . . ."සොඳුරු ඇසිදිසිය" ලියන උශාන් ව සෙට් කරගනිං . . . උගෙං පුලුවං හොඳ නිර්මාන ගැන පිලිවෙලකට දැනගන්න

    ReplyDelete
  49. මට මතක විදිහට අන්තිමට බැලුවෙ මනෝරත්න මහත්තයගෙ ගුරුතරුව... පළවෙනියටම බැලුවෙ තලමල පිපිලා... ඔය අතරමැදදි ඉතිං අන්දරේල, මී පුරවැසියො, ම‍නමේ, දිවැස් හෙලනු මැන වගේ සෑහෙන ප්‍රමාණයක් බලල තියෙනව...

    හැබැයි ඉතිං ඔක්කොම බැලුවෙ පාස් වලින්... කවදාවත් ටිකට් ගන්න වෙලා නෑ පාස් එක ගෙදරට එන හින්ද... වේදිකා නාට්‍ය කලාවට සොරි ඩොට්කොම් වුනේ ඒකද දන්නෙ නෑ...

    ReplyDelete
  50. අඩේ මම් ඔතෙලෝ බලලා නෑ නෙව. බලන්න ආස හිතෙනවා මේම කිව්වම. හික් හික් හික් :)

    ReplyDelete
  51. අම්මෝ......ඔය සම්භාව්‍ය එව්වනං මට එච්චර දිරවන්නේ නෑ.. අනේ මන්ද.. ලංකාප්‍රිය අයියා කිව්වා වගේ මටත් අල්ලන්නේ ඔය හුදී ජනයාගේ පහන් සංවේගෙට හදාපු දේවල්.

    ReplyDelete
  52. මම නම් සම්භාව්‍ය චිත්‍රපටි බලන්නේ ඉතාම අඩුවෙන් (වෙදිකා නාට්‍ය කිසිම එකක් බලන්නෙ නැ කොහොමටත් ). නිකන් ලෝකේ නැති ප්‍රශ්න ඔලුවට දාගන්නේ නැතුව ,සරල හැබැයි සිනමාත්මක බවක් තියන එව්වා තමයි බලන්නේ එතකොට තමයි හිතට සතුටක් දැනෙන්නේ

    ReplyDelete
  53. එහෙනම් නිවාඩුව අපතේ ගිහින් නෑ... ඔතෙලෝ මම බලලා නෑ..

    ReplyDelete
  54. හොඳ වැඩේ බොට සම්භාව්‍ය වෙන්න ගියාට. අපි නෑ නෙව ඕවට....

    ReplyDelete
  55. හප්පච්චියේ මාරයියා දැන් බලන ඒවා...

    ReplyDelete
  56. මාරයියටත් දැන් විශ්ව සාහිත්‍යයට හිත ගිහිල්ල වගේ...
    හොඳා.. හොඳා...
    මටනම් ඔය වගේ එව්වා බලන්න හිතෙන්නේ නැහැ අප්පා....
    ඔන්න සිංහල වේදිකා නාට්‍යයක්නම් අපිත් මනාපයි....

    ReplyDelete
  57. හරීම සම්භාව්‍යයි...එපා වෙනවා අප්පා

    ReplyDelete
  58. මේ ලිපියයි සමහරුන්ගෙ කොමෙන්ටුයි කියවලා ඉවර වෙනකොට මගේ කට දෙපැත්ත රිදෙනවා හිනාවෙලාම.... කරුමෙට මේක දිග ඇරගත්තෙ සබාවක... කට්ටිය එහෙන් මෙහෙන් බෙල්ල දාලා බලනවා මං මොනවටද හිනාවෙන්නෙ කියලා..... මොනවා උනත් කස්ටිය මාරයාට කාලයක් මතක හිටින දොලක් දීලා තියෙනවා.....

    ReplyDelete