23 October 2011

මේකට දාන්න නමක් මගෙ ඔළුවට එන්නේ නැහැ...


ඊමේල් හරහා එන වසංගත ගැන කියන්න ගියොත් ඒකට ලිපි දහයක්වත් ලියන්න වෙනවා.. ඒ තරමටම කරදරයක් තමා ඒක. ඇත්තටම මට ඕක පෙන්නන්න බැරි වැඩක්. සමහර වෙලාවට හිතෙනවා ඇයි මම මුංට මේල් එඩ්රස් එක දුන්නේ කියලත්... සමහර ඔහොම ඊ මේල් එවන අය හුග දෙනෙක්ගේ මේල් දැන් යන්නේ ස්පෑම් ගොඩට..සමහර විට උන්දලා මට වැදගත් පණිවිඩ එහෙමත් එවනවා ඇති.. ඒත් ඒවා මට මග ඇරෙන්නේ අර වගේ වැඩක් නැති ඊ මේල් එක දිගට එවන නිසයි.

සාමාන්‍යයෙන් මං නෙට් එකට ආව ගමන්ම කරන්නේ මේල් චෙක් කරන එක..රෑ 12ට විතර නෙට් එකෙන් අහක් උනාට පස්සේ උදේ අට නවය වෙනකොට අළුත් මේල් තිහක් හතලිහක් විතර මේකට එකතු වෙලා තියෙනවා.. ඉතිං ඒ එකක් නෑර පිළීවෙලකට බලං එද්දී ඔන්න අහු වෙනවා සමහරු මට එවලා තියෙනවා ඔය පින්තූර ටිකක් හරි මං නොදන්න ඉංග්‍රිසියෙන් ලියපු විහිළු කතා එහෙමත්... ඉතිං ඒ විහිළු කතා දැක්කම මට කේන්ති යනවා ඇර වෙන මොනවා වෙන්නද..:D:D:D ඉතිං පහසුම විකල්පය තමා එහෙම මේල් එවන උන්දලව ස්පෑම් හැටියට සලකුණු කරලා තියන එක...

ඔය අස්සේ කිහිප දෙනෙක් ඉන්නවා තෝරා බේරාගෙන වැදගත් යමක් එවන අයත්... ආන්න එහෙම කිහිප දෙනෙක් මං ඉතිරි කරලා තියෙන්නේ ස්පෑම් නොකර... එයින් එ‍ක උන්නැහේ කෙනෙක් තමා අර ඕස්ට්‍රේලියාවට වෙලා කෝච්චි ටයර් වලට හුළං ගහන ජොබ් එකක් කරන වයසක හාදයා.. ඔව් ඔව් අර කට ඇරියොත් අභ්‍යාස කතාවක් කියන්නේ අන්න ඒ ගොයියා තමා... ඉතිං අද උදෙත් ඔය හාදයා එවලා තිබුනා වීඩීයෝවක්.. මං ඉතිං ඕක බලලා අන්තිමට කල්පනා කලේ මේකනං කාට කාටත් බෙදා දෙන්න වටින අන්දමේ එකක් කියලයි. ඒ හින්දා ඕන්න ඒක දැම්මා...බලන්ටකෝ කොහොමද හැකියාව සහ නිර්මාණශීලීත්වය කියලා... හැබැයි ඒ හැම දේකම ගෞරවය අපිට පේන්න ඉන්න නිළීයට විතරක් නෙවෙයි පසුබිම් ගායනය කරන ගායිකාව..සංගීත නිර්මාණ ශිල්පීන් වගේම තිර රචනයේ ඉඳන් චිත්‍රපටය නිර්මාණයට දායක වූ සෑම කෙනෙක් අතටම බෙදී යායුතුයි...


video


තවත් ඔහොම මට ආව ඕඩියෝ එහෙකුත් තියේ.. ඒකනං මේ මැරවින් උන්නැහේගේ කතාවක්... ඒත් ඒක දැම්මොත් මට සමහරු පස් පඩංගුවේ බයින හින්දා මං නොකර සද්දෙන් ඉන්නං...

‍‍‍‍‍‍‍‍‍‍‍...............................
දැන් මේකේ යටින් ගිය නොකිවු කතාව එහෙම පැහැදිලිද කට්ටියට...?

44 comments:

  1. මේක පට්ට ආතල් විඩියෝවක් ..කවුරු හරි මීට කලින් කමෙන්ටුවක ශෙයාර් කොරල තිබුනා . ඕක චිත්‍රපටියක් නෙවෙයි ටෙලි කැල්ලක් මම හිතන්නේ

    ReplyDelete
  2. කොහෙද බං මේකෙ පසුබිම් ගායනයකුයි සංගීතෙකුයි තියෙන්නෙ. උඹ වැරදි වීඩියෝ එකක් ද දැම්මෙ.
    උඹ දැන් කියන්නෙ ඊ මේල් එවන්න එපා කියලනෙ. ඔන්න අපි එහෙම නෑ ඕවට. ඕනනං දෙකක් එවල ඇති.

    ReplyDelete
  3. යටින් තියන කතාව උඹට මේල් එවන්න එපා කියන එකනෙ...(මම නම් කොහොමත් එවන්නෙ නැහැනෙ..)

    මම කල්පනා කරන්නෙ ඊටත් යටින් තියන කතාව උඹ තේරුන් අරන් තියනවද කියලා...

    ඔය වීඩියෝ එක මම මීට පෙර බලා ඇත....මට ඕක ආවා නම් නොබලාම ඩිලීට් කරනු ඇත..( ඔබා අයියා වරදවා හිතන්න එපා.මේක යටින් ටියෙන්නෙ වෙන කතාවක් )

    ReplyDelete
  4. එක එක වර්ෂන් නේද.මමත් අහල තිබුනට බැලුවෙ අද.

    ReplyDelete
  5. මාරයිය්යේ.....පට්ට....පට..පට....

    ReplyDelete
  6. මේ මේල් එක එවුවේ කවුද කියලා හිතාගන්න පුලුවන් ඈ...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඔය කිව්වේ වැඩකට නැති විකාර මේල් එවන්න එපා කියලා නේද? :D

    ReplyDelete
  9. මරු වීඩියෝ එක...

    ReplyDelete
  10. ඔය වීඩියෝ කෑල්ල මචං . . අනූ ගනන් වල මැද කාලෙ ගිය (ජාතිකේ හවස පෙන්නුවෙ) දෙමල ටෙලි නාට්ටියක කෑල්ලක්. මට මතක විදියට ඔය සිංදු කියන ගෑනු කෙනාට ඔතන තව ඉන්නෙ කෙල්ලෙක් . . . ඒ කෙල්ල ඉංග්‍රීසි සිංදු ගැන කියල නක්කිය දානව දෙමල සංගීතෙ වැඩකට නැති එකක් කියල . . . ඊට පස්සෙ තමයි ඔය ගෑනු කෙනා කෙල්ලට චැලේන්ජ් කරන්නෙ ඕනෙම ඉංග්‍රීසි සිංදුවක් ඉන්දියානු තාල වලට කියන්න පුලුවන් හැබැයි කිසිම ඉන්දියානු සිංදුවක් ඉංග්‍රීසියෙං කියන්න බෑ කියල . . . කෙල්ල පරදිනව

    මේ ක්ලිප් එකේ පසුබිම් ගායනයත් රඟපාන නිලියගෙම තමයි . . . "රේවතී සන්කරන්" මලයාලම් ගායිකාවක් සහ නිලියක්.
    උඹ මේ දකින්නෙ මිනි වර්ශන් එක . . . මෙගා එක මෙතනින් බලපන් . . . පිස්සු හැදිල ආයෙත් හැදෙනව . . . .

    ReplyDelete
  11. මාරයටත් ඕනයටත් ඔබා අයියටත් බොහෝම ස්තුතියි. නියමයි!

    ReplyDelete
  12. මම නම් මාර අයියට මලාට මේල් එවන කෙනෙක් නෙමේ.....මොකටද ඔය මේල් එවලා එක එක කතා අහගන්නෙ...නේද අයියෙ...එක්කෙනෙක් මේ ලඟදී මට නම් අපූරු පින්තූරයක් එවලා තිබ්බා..කාටවත්ම පෙන්නන්න එපා කියලා...කියන්න බෑ බොරු කියලා...

    වීඩියෝ එක නම් සිරා...

    ReplyDelete
  13. අර වසක උන්දෑ කිව්වේ...මේ අපේ ඔබා මාමටද...ෂිකේ...මම වගේ කෙනෙක් නම් ඊ ලඟ ප්ලේන් එකේම ලංකාවට ඇවිදින් ඇස් දෙක උඳුරනවා... :P

    ReplyDelete
  14. ආ අමතක උනා...දැන් බලන්නෙ වීදුරුවක් අස්සෙන්නෙ...හැමෝවම පේන්නෙ වයසට වෙන්න ඇති...ඔය වීදුරුව ගලෝලා බැලුව නම් යස අගේට පෙනේවි මාරයියේ

    ReplyDelete
  15. මං මුල හරිය කියෝන ගමන් හිතුවෙ ආයෙ මාරයට ඊමේල් නං යවන්නෙම නැහැ කියල. මේ වීඩියෝ එක හෙන පරණ එකක්, ඒ වුනාට ලංකාවෙ යාලුවෙක් ආයෙ එවල තිබ්බ හින්ද මං හිතුව නොදැක්ක අය තාම ඇති කියල. ඒ නිසා ටික දෙනෙකුට යැව්ව.

    මං අලුත් පොස්ට් එකක් පබිලිස් කළා,මං අලුත් පොස්ට් එකක් පබිලිස් කළා, ඒක "මාරයගෙ හෝරාවෙ" අප්ඩේට් වෙලාද බලන්න ආවම තමා මාරය මල්ලිගෙ අලුත් පොස්ට් එක දැක්කෙ.

    ReplyDelete
  16. අර අන්තිමට ගිය පන්ජාබ් එකනම් මරු...

    ReplyDelete
  17. අයියෝ මගේ මේල් එකට බොහෙතකට මේල් එකක් එන්නේ නෑ.ඒක නිසා මට නම් ඔය ප්‍රශ්නේ ඇති වෙලා නෑ.
    වීඩියෝ එක නම් සුපිරි .....

    ReplyDelete
  18. කස්ටියටම ඉස්තූතියි ඈ දක්වපු පොරතිචාරවලට...

    අඩේ ඔබා අයියේ බොලා එවන මැසේජ් එහෙමනං නවත්තන්ට එපා..මං පැහැදිලි සිංහලෙන් කියලා ඇති උඩ... උඹ විතරයි අපිට බලන්න අධ්‍යාපනික වැදගත්කමකින් යුක්ත දේවල් එවන්නේ...

    මං මේ කිව්වේ ඔය මේකෙන් දහයක් තව අයට යවන්න..සම්පත උතුරනවා..නැත්තං හෙන ගහයි වගේ ඒවා එවන අයටයි... උනුත් දන්නේ නැති ලොකේ කොහේ හරි මුල්ලක ඉන්න අසනීප ළමයින්ගේ පොටෝ එල්ලපු ආධාර පත්තර එවන් උන්ටයි... තැන් තැන්වල පොටෝ පෙන්නන උන්ටයි..එහෙම නැති බොලා වගේ අයට නෙවෙයි හරී...

    ඕනයා තැන්කූ මචං... දැන්නේ දන්නේ තොරනේ විස්තරේ... එළම තමා...

    දිල් මං පස්සේ බලා ගන්න හරී...

    ReplyDelete
  19. ආ.....ඔය චේන් ඊමේල් නං සොරි ඩොට් කොම් මගෙන් එහාට යන්නෙ නැහැ

    ReplyDelete
  20. //අඩේ ඔබා අයියේ බොලා එවන මැසේජ් එහෙමනං නවත්තන්ට එපා..මං පැහැදිලි සිංහලෙන් කියලා ඇති උඩ... උඹ විතරයි අපිට බලන්න අධ්‍යාපනික වැදගත්කමකින් යුක්ත දේවල් එවන්නේ...//

    හික් හික් . . . අපි නොදන්න මොනරතැන්න . . .

    ReplyDelete
  21. @ ඕනයා,
    ඊළඟ වංගුවෙ චාරුලතා...

    ReplyDelete
  22. ඉන්ගිරිස් සින්දුවකට කියල මම දන්න එකම සින්දුව ඕක
    (කවියක්ද මන්දා ?)

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. ඈ බොල ඔබා අයියෙ ඔය බොලා එවන අධ්‍යාපනික වටිනාකකින් යුත් මේල් අපිට එව්වොත් මොකද වෙන්නෙ.. මට එව්වෙම 2-3 යි මේවෙනකොටත්.. හුහ් අපි ඉගෙන ගනී කියලද ??? එල වීඩීයෝ දෙක..ඕනයගෙ එකත් එක්කම..

    ReplyDelete
  26. මාරයා, ඔබා මාමා, ඕනයා බොලා තුන්දෙනාටම ස්තූතියි. ඉල ඇදෙන්න හිනා වුනා.

    ReplyDelete
  27. කෝ සිංහල තාලෙට නෑ නේ......

    ReplyDelete
  28. “තවත් ඔහොම මට ආව ඕඩියෝ එහෙකුත් තියේ.. ඒකනං මේ මැරවින් උන්නැහේගේ කතාවක්...“

    ඕන එකක් ප්‍රීති වෙසක් කියලා ඕකත් කට්ටියටම බලන්න දැම්මනං ...

    ReplyDelete
  29. උඹ දෙයියෙක් නේ බං මට සතියටම එන්නේ මේල් දෙකයි නැත්තම් එකයි..ඒත් නැත්තං ඇත්තෙම නෑ

    වීඩියෝව නම් එල ඈ

    ReplyDelete
  30. @ඔබා:
    අනේ අයිය මම මේ පාඩුවෙ මගෙ බ්ලොග් දෙකකම ඇඩ්ඩිං කම කොරනව මට ඒ ඇති. තව තව ඒවායෙ ඇඩ්ඩිංකං එපා . . . විශේශයෙං බොලාල කුනුහරුප ලියන ඒවායෙ

    ReplyDelete
  31. සිරා වීඩියෝ එක...

    ReplyDelete
  32. යාලුවෝ ආශ්‍රය කරද්දී ඔය වගේ පොඩි පොඩි දේවල් ඉවසන්න පුරුදු වෙන්න ඕන මාරයෝ . .
    අනික හැමෝගෙම ඊමේල් ඉල්ලගෙන යවන්නෙත් නෑනේ බන් . .
    තමන්ට විශේෂ පුද්ගලයෙක් නිසානේ උන් ඊමේල් එක ඉල්ලගන්නේ . .

    ReplyDelete
  33. දුකාගේ කතාවෙත් සෑහෙන ඇත්තක් තියෙනව

    ReplyDelete
  34. හුගක් උන් මේක සිරා කිව්ව නිසා මම මේක දන්නේ. මේක අර Jack and Jill එකේ Indian version එක.

    http://www.youtube.com/watch?v=XjDf_yh9mVk

    ReplyDelete
  35. මටත් ඔය මේල් එකක්වත් එන්නෙ නෑනෙ නරකද අපිටත් ඕව එව්වෝත්..

    ReplyDelete
  36. මාරයා අයියා කීවා වගේ වෙලාවකට ඔය ඊ මේල් නම් මාර වාතයි. ඒත් දුකා අයියගේ කතාවත් ඇත්ත. ඔන්න ඔහේ එවහල්ලා ඕන කුණුගොඩක්. වෙලාවක් තියන වෙලාවට බලලා වැඩක් නැත්නම් මකලා දාන එකනේ....

    ReplyDelete
  37. අපොයි ඔය මේල් කතාව නම් ඇත්තම ඇත්ත...................

    ඔය අධ්‍යාපනික වැදගත්කමක් තියෙන එව්වා අපිටත් එවහන්කො උඹ තනියම විබාග පාස් කොරන්නෙ නැතුව

    ReplyDelete
  38. අර පන්ජාබි version එක නම් කියල වැඩක් නෑ.... පන්ජාබිකාරයො ඔහොමමයි ඔය වගේ දෙයක් කියන්න පටන් ගන්නෙ... 'අරේ...වා...වා..'

    ReplyDelete
  39. මේක අටපම්ටමේ පෙන්නුවනේ....

    ReplyDelete
  40. මේක මාත් දැකලා තියෙනවා.මරු...

    අපිනම් මේල් එවන්නෙ නෑ නෙ. :))

    ReplyDelete
  41. අපෝ මලත් ආයෙ මාරයාට මේල් එවන්නෙ නැහැ.... මුන් ඉතින් පොරවල්නෙ..ඒකයි දැන් ඔය යටි පෙළින් කියවන්නෙ... හික් හික්...වීඩියෝ එක නම් පරණයි..

    ReplyDelete
  42. කාලෙකට ඉස්සර නම් ඊ මේල් සැහෙන ආවා... ෆෝවඩ් වෙන ඒවා... ඒත් මූනු පොතේ ආගමනයත් එක්ක ඒව අඩු උනා.. දැන් නම් නැතිම තරම්...

    මෙහෙමයි අයියේ... උබ අකමැතිනම් පුද්ගලිකව පොඩි මේල් එකක් දාල කිව්වනම් ලිස්ට් එකෙන් අයින් කරන්න කියල... දුකා අයිය කිව්ව වගේ ඉවසන්න එපැයි පොඩි පොඩි දේවල්... ( දැන් ඉතින් මාවත් ස්පැම් වෙයිද මන්ද හික් හික්... )

    ReplyDelete