24 October 2011

අපි මෙහෙමයි උදව් කරන්නේ...

මෙන්න බනියා හා මා අතර මේ ළගකදී සිදුවූ සංවාදයක සරල සංක්ෂිප්තයක්...
.................................................


බනීයා- අයියේ මට කියහංකෝ බං මෙච්චර සල්ලි තිබිලත් ඇයි කෙල්ලෝ මං ගැන උනන්දුවක් නැත්තේ..?


මම- උඹට සල්ලි තිබුනා කියලම වැඩක් නැහැ බනියා ඒක ටිකක් පෙන්නහං..කෑලි වැටෙයි ඕසෙට...


බනියා- ඉතිං බං අයියේ කොහොමද එක පාරටම කියන්නේ මං පහු ගිය දවස්වල තාත්තා අළුතින් ගත්ත හයිබ්‍රිඩ් එක ගැන කියලත් කිසිම සුගතියක් නැහැනේ..?


මම- මල්ලියේ කාර් එකක් ගත්තටම මදි..ඒකට පැට්ට්‍රල් ගහන්නත් උඹට ආදායං තියෙනවා කියලා පෙන්නන්නත් ඕන...


බනියා- හරි බං අයියේ ඕකට පෙට්ට්‍රල් ගහන එක මොකක්ද මං ඕන දේකට සල්ලි ගන්නේ තාත්තාගේ සාක්කුවට බැහැලානේ..ඉතිං ඒක ලිව්වැකිද ඕකේ?

මම- පිස්සුද යකෝ..ඒවා ලියනවද.. උඹ ලියහං උඹලට සල්ලි එන විදිය...


බනියා- ඉතිං බං අයියේ සල්ලි එන්නේ ලී මෝලෙන්නේ... මං කොහොමද ඒක ලියන්නේ...


මම- සිම්පල් වැඩක්නේ බං.. උඹ ලීමෝලක ක්‍රියාකාරීත්වය ගැන ලිපියක් දාහං.. ඒ ගමන්ම පොටෝ කෑලි ටිකකුත් දාහං "අපි මෙකෙන් තමා අරක කරන්නේ".."මේකෙන් තමා අපි මේක කරන්නේ" කියලා එතකොට ඕක බලන උන්ට තේරෙයි මේ කියන්නේ උඹලගේම මෝලක් ගැන විත්තිය.. ඕනනං හිමිහිට ඒ අස්සෙන් උඹලගේ ගේ එහෙමත් අහුවෙන්න පොටෝ එකක් දාහං..හැබැයි ඊට කලින් ගේ අහල පහල සුද්ද කරලා ඉඳින්..


බනියා- අම්මේ අයියේ උඹනං දෙයියෙක් මං මේ පාරවත් බලන්න උඹ කිව්ව විදියට දාලා... වැඩේ ගොඩ යයි නේද..?


මම- හරි බනියා ඕනනං බලහං පෝස්ට් එක දාලා පැයක් යන්න කලින් කවුරුම හරි ගෑණු ළමයෙක් උඹ කියන්නේ මොකක්ද කියලා තේරුං ගන්නේ නැද්ද කියලා..:D


බනියා- එහෙනං අයියේ උඹ මේ කල උදව්ව හින්දා මං උඹේ නමත් පෝස්ට් එකේ දානවා ඈ..


මම- හා හා දා ගනින්..මයේ මොකෝ...


..................................................


බනියා නොහොත් වල් හාවා ගැන නොදන්න අයනං ඉන්න විදියක් නැහැ මේ බ්ලොග් අවකාසේ... මං ඔය විහිළු කොලොප්පං කලාට මේ බ්ලොග් අවකාසේ ඉන්න සීනියර්ම පොරක් තමා.. ඒ වගේම හිත හොඳ කොල්ලෙක්...ඕනම කෙනෙකුට අත හිත දෙන මැරුවත් කේන්ති යන්නේ නැති ඩයල් එකක්... නොදන්නවනං විතරක් මෙන්න පාර ගිහින් බලන්න මං බොරු කියනවද කියලා...

43 comments:

  1. අපොයි බනියා කපොතියි

    ReplyDelete
  2. බනියව නොමරා මරා ඇත...
    ඒකද බනියා අර පෝස්ට් එකත් ලියලා තියෙන්නෙ....

    ReplyDelete
  3. ගිහිල්ලම බලමු එහෙනං

    ReplyDelete
  4. හිතන්නෙපා මඩයි කියා ඔබ රැවටේවී...

    ReplyDelete
  5. මං ඒත් බැලුවා ලිනක්ස් ගැන ලියපු එකා එක පාරටම ලී මෝලක් ගැන ලිව්වේ මොකද කියලා......... දැන්නේ වැඩේ මීටර් උණේ...
    බනියා උපදෙස් අරං තියෙන්නේ නියම කෙනාගෙන්! :D

    හැබැයි බනියෝ ඔය සල්ලි වලට ගන්න කෙල්ලන්ගෙන් වැඩක් නෑ... මොකද් උනුත් සල්ලි වගේමයි.. මේ හිටියා මේ නෑ ටිකකින් බලනකොට අපිට වඩා සල්ලි තියෙන කෙනෙක්ගේ අතේ!

    ReplyDelete
  6. බඩුම තමා, හාවා චකර් බ්ලාස් ........
    ඈ බොල මාරයියෙ මෙහෙමත් කරන්න හොඳද බං ...

    ReplyDelete
  7. මාරයා හොද මඩක් ගහනවා වගේ....

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. බනියට බඩු ෆැකට් වගේද මන්දා හික් හික් ;)

    ReplyDelete
  10. මරේ මරැ බනියත් ඉදලා ඉදලා උපදෙස් අරන් තියෙන්නේ මරැම කෙනාගෙන් නේ. ආයේ ඉතිං වැටෙන්න හිටිය කෑල්ලත් නැතිවෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  11. හැබැයි මාරයගෙ උපදෙන් බනිය පිළිඅරන් නෑ වගේ. ගේ අහල පහළනං සුද්දකරනව තියා හිතලවත් නෑ.
    දැන් ඉතිං ගෑනු ළමයින්ට ලී නොමිලේ දෙන හැටි ගැනත් ඒකෙ ලියන්න වෙයි.

    ReplyDelete
  12. @තනිකඩ බනියා:
    මචෝ . . . ඔය විස්තර ටිකත් එක්ක lankalink.net එකේ ඇඩ් එකක් දාල බලපං . . . .

    ReplyDelete
  13. ආහා... එහෙනම් ඒකයි මේ බනියා ලී මෝලක් ගැන ලියලා තියෙන්නෙ. මං ඒත් බැලුවා මොකෝ කියලා. මොනවා වුනත් මාරයා අයියා නිසයි මේක ලියන්නෙ කියලාත් කියලාම තියෙනවා.. :)))

    ReplyDelete
  14. හික් "බනියා උපදෙස් ගත්තා වගේ" කියල පිරුළකුත් හැදිලා තියෙයි..

    ReplyDelete
  15. හෆොයි බනියෝ . . තෝ අර රජතුමාගේ ගෑනිට දොලදුකට මක්කද කන්න ආස කතාව අන්දරේට කියලා රජ තුමා නෑව ජාතියේ නෑමක් නාලා තියෙන්නේ . .

    ReplyDelete
  16. මොනාද බන් උබලා කරන වැඩ,,,කොල්ලෙක්ට ගොඩ යන්නද මේ වගේ උපදෙස් දුන්නේ,,,කෙල්ලෝ හිතන්නේ මු හොර කොට බිස්නස් කරයි කියලා

    ReplyDelete
  17. අනේ..........අසරණ බනයා
    අදත් යමරෙට නාලා...
    සබන් ගාගෙන නාලා...
    විහින් ඉල්ලන් නාලා........

    හාවාටමයි වෙන්නෙ.... අනේ අසරණ පොඩි එකා... මූ කාලයක් සෙට් වෙලා හිටපු තාරක අයියාවයි මාවයි ආයෙ සෙට් කරන්න හැදුවා...හැම වෙලේම නානවා...!!! ඇයිද මන්දා...

    ReplyDelete
  18. හෆොයි බනියා ඉවරයි.. මාර උපදෙස් අරගෙන...

    ReplyDelete
  19. @cjgayan : ඒක මෙහෙම කියමු " බනියා මාරයාගෙන් උපදෙස් ගත්තා වාගේ" කියලා

    ReplyDelete
  20. ඉකේයියා..... ශික් මෙහෙමත් කුප්ප කුජීත මඩ ප්‍රහාරයක්...

    බනියෝ අනේ මන්දා බං උඹ නම්... මොනා උනත් මාරයියගෙ කල්පනාවනම් ඉටි කිරිස් .... ප්‍රතිඵල දැන ගන්නෙ කොහොමද මේ අයිඩියාර් එක වැඩ කලාද නැද්ද කියලා?

    ReplyDelete
  21. හප්පා වඩේ චවු නේ..හාවට ගොඩ ඒමක් නම් නෑතිවෙයි වගේ..

    ReplyDelete
  22. කැත වැඩක් මාරයා අයියා අයියට යුතුකමක් කියලා තිබුනා බනියගේ ෆෝන් නම්බරේ දාන්න නැත්තං කෙල්ලෝ මූට කොහොම කෝල් කරන්නද අෆ්ෆා හික් හික් (පාල මාමයි මඩයයි මඩ ගහගැනිල්ල අඩු කරලා තියන කාලෙ ඔන්න බනියයි මාරයයි මඩ ගහගන්නවා හැබැයි ඉතිං එහෙම කිව්වට මාරයා ගහනවා බනියා කනවා ප්‍රතිමඩ නෑ හික්ස්)

    ReplyDelete
  23. පව් අසරණ කොලුවා...
    මං මුලා වී පාර අසාගෙන හසරක් අසමින් යන ගමනේ..
    මං මුලා වූ සමනලයකුගෙනි පාර අසා තිබුනේ..

    ReplyDelete
  24. @මාතලන්!
    එතකොට උඹ කියන්නේ මාරයා "සමනළයා" කියලද . . මඩ ගහන්න එපා ඩෝ

    ReplyDelete
  25. :D එතකොට මාරයා කියන්නෙ නලක සමණළයෙක්ද? :D

    ReplyDelete
  26. ආ ඔය ඉන්නෙ බනියට සපෝර්ට් එකට කට්ටිය.. බනියට ජය වේවා !

    ReplyDelete
  27. හික් රහස් එලියට දාල අහිංසකයට(ඹ්ක මාත් එක්ක තරහයි) මඩ ගහනව.. කැතයි හොද්....

    ReplyDelete
  28. හපොයි බනියෝ... දැන් ඉතින් ලී මෝලේ මැෂිම වැඩ කරන වෙලාවක් බලලා දැති රෝදෙ උඩින් ඉඳ ගනින්.... හැක් හැක්...

    ReplyDelete
  29. හිකිස්‌... පවු අසරණ පොඩි එකා.....

    ReplyDelete
  30. බනිය ගොඩ යයි වගේ..ද නැත්නම් ....

    ReplyDelete
  31. බනියට දෙයියන්ගෙම පිහිටයි.. කොල්ලා දැන් නිවාඩුවක් නැතුව චැට් එකේ වෙන්න ඇති...

    ReplyDelete
  32. මැන්ගෝ යාළුවෙක් ගේ මේග වැඩක්...........

    ReplyDelete
  33. මාත් බැලුවා තකහනියේ බනියා මොකෝ ලී මෝලක් ගැන ලීවේ කියලා..... අයියෝ සල්ලි....

    ReplyDelete
  34. ඒ ලිපිය කලින් කියෙව්වට දැන් මේ ලිපියත් කියවලා ඒක කියවද්දි තමා බනියාගේ යටි අදහස වැටහෙන්නේ.

    ReplyDelete
  35. අනෙ අප්පේ... මෙහෙමත් මඩක්... අර අසරණ බනිය හැබැයි දුක හිතිලවත් කෙල්ලෙක් සෙට් උනොත් කාටද ආඩම්බර හික් හික්

    ReplyDelete
  36. ඕව මහ සහගහන වැඩ මාරයියේ. කොල්ලන්ට වැරදි උපදෙස් දීල, පස්සේ ඒවා ප්‍රසිද්ධියේ චාටර් කරනවා.

    ReplyDelete
  37. හෆොයි අහිංසක බනියා..........:D

    ReplyDelete