25 October 2011

නරි විජේ...මා චන්දේ ඉල්ලූ හැටි...


"ආයේ අමුතුවෙන් බලන්න දෙයක් නැහැ අත්සන් කරහං බං මල්ලියේ ඔය හැටි කියෝ කියෝ ඉන්න ගියොත් මේ චන්දෙට නෙවෙයි ලබන චන්දෙට තමා ඉල්ලන්න වෙන්නේ.."

"හරි හරි බං... ඒත් කවුද දන්නේ තෝ මගේ බූදලේ ලියා ගන්න හදනවද කියලා.."

"අනේ මම නොදන්න උඹේ බූදලේ... ඕක ඉක්මනට ඉවර කරහං බං මට තව වැඩ තියෙනවා.. දැන් ඕකත් අරං යන්න ඕන ලේකම් කාරයා හම්බ වෙන්න.. ඊට පස්සේ සමහර විට මට අනුරාධ පුරේ යන්න වෙයි අද රෑම..."

"මගේ බූදලේ...හහ්..."

කට කොනකින් නෝන්ඩි හිනාවක් දැමු මා වහ වහා ඔහු පෙන්නූ තැන්වල අත්සන ගසා දැමීමී..එය මාගේ පුරුදු අත්සන නොවන වග දන්නේ මා හැර කවුරුන්ද..? එහෙත් ඔහුට අවශ්‍ය අත්සන් පමණි... මා අත්සන් කර අවසන් වූ වහාම පිල් කණ්ඩිය උඩ වාඩි වී පාර දෙස බලමින් කකුල් පද්දමින් සිටි සුරංගටද කතා කලේය...

"ආ මල්ලි උඹත් කෙලලා ඇරහං මේකේ.."

පෙර පරිදිම කතා බස් කෙරෙන අතරේම සුරංගද සිය බලි කුරුටු අත්සන ගසා දමා හිනැහුනි...

"හරි ඔන්න දැන් වැඩේ අවසානයි ගරු අපේක්ෂක මල්ලිලා..උඹලත් දැන් මේ පාර චන්දෙට ඉල්ලනවා.."

"ඈ අයියේ අපි දිනයිද..? යකෝ මට තව චන්දයක් දාන්න වයසවත් නැහැනේ.." සුරංග අසන්නේ චන්දය ඉල්ලන්නට ලැබුන අවස්ථාවෙන් සිතට දැනී ඇති ගැම්මද මුහුණ පුරා විසිර යන සිනාව තුලින් පිටතට දමමිනි.

"කවුද බං දිනන කතාවක් කිව්වේ..අනික උඹලවත් චන්දෙ දාන්න යනවද..?"

"දැන් කොහාටද බං අපි ඉල්ලන්නේ..?" මමත් සිතට නැගුනු පැනය ඉවතට දැමිමී...

"මේ ලිස්ට් එක අනුරාධපුරෙට බං... ඔය කහට ගස් දිගිලිය හොරොව්පතාන පැත්තේ එහෙම කොහාට හරි අහුවෙයි.."

"ඈ අයියේ අපි ඉල්ලන සීට් එකවත් අපිට කියහං ඈ..අඩු ගානේ කවදා හරි කාට හරි කියන්නවත් බැරියෑ අපිත් චන්දෙ ඉල්ලුවා කියලා..පැරදුනත් ඉල්ලලානේ බං..."

"හරි හරි මං මේ ටික අද ලේකම් කාරයත් එක්ක පුරවලා ඉවර කරලා උඹලගේ සීට් එක කියන්නං..."

..........................................
නරි විජේ..ඒ කවුරුන් වූවත් ඔහුව හැදින් වූ නාමයයි... කලින් කලට අතට අහුවන මොනවා හෝ කර ජීවත්වන ඔහු වැඩි වශයෙන් කලේ රියදුරු රැකියාවය..එහෙත් ඒ එක් තැනක නොවේ.. අද මෙතන නම් හෙට තවත් තැනකි. ස්ථීර රියදුරු රැකියා ඔහුට රුචි නොවීය.. සෑම විටම ටෙම්පරියක් ගැසීමට පුරුදුව සිටින ලදි. අවස්ථාව ලැබෙන සෑම අවස්ථාවකදීම කුමන හෝ දහං ගැටයක් දමා ගාන කැපීමට උපන්ගෙයි හැකියාවක් සහිත වූ අතරම කිසිම කෙනෙකුගේ සිත නොරිදා කතා කිරීමටත් ඇත්තේ පුදුමාකාර හැකියාවකි. සෑම කෙනෙක් වෙනුවෙන්ම ඔහුට නෑකමක් ඇත.. කිසි විටක කෙනෙකුගේ නම කියා අමතනවා මා දැක නැත... ඔහුට මා මල්ලීය... අපේ තාත්තා ඔහුට අයියා විය.. ඒ ඔහුගේ නෑදෑ කම් තිබෙනා අන්දමයි... නරි විජේගේ හැඩ රුව ගැන කීමට මා එතරම් වෙහෙසිය යුතු නොවේ... ඔබ ප්‍රභාකරන්ව දැක ඇත..ඔව් වෙන ප්‍රභාකරන් කෙනෙක් නොව මීට වසර කිහිපයකට පෙරදී රජයේ හමුදා අතින් අවසන් ගමන් ගිය ත්‍රස්ථවාදී නායකයාය... නරි විජේ ප්‍රභාකරන්ගේ රුවට සමානය.. නැතහොත් ද්‍රවිඩ නළුවකු ලෙස ප්‍රසිද්ධ වී සිටි "විජයකාන්ත්" වැනිය... නමුත් ඒ දෙදෙනාටම නැති කපටි සිනාවක් ඔහු සතුව තිබිණි.


අද දහවල් කුමන හෝ හේතුවක් මත මට නරි විජේ සිහියට නැගිනි... එහෙත් ලියන්නට සිතා නොසිටියෙමි. නමුත් උදේ සිට වැඩ කර වෙහෙස වී ඇති සිතට මඳ විවේකයක් ලබා දෙන්නට සිතා සුපුරුදු බ්ලොග් තීරුව කෙටීමට පටන් ගත් කල මටත් නොදැනිම නරි විජේ එහි ලියවෙමින් පවතී...

පළාත් සභා මැතිවරණයක් ලං වෙමින් තිබුනි. කෙසේ හෝ ඒ වන විට නරි විජේ ලංකාවේ දේශපාලන පක්ෂයක සාමාජිකත්වය පමණක් නොව එහි අනුරාධපුර දිස්ත්‍රික් නායකයා බවටද පත්ව තිබිණි... ඒ අනුව ඉහත සඳහන් වූයේ ඔහු තම පක්ෂය වෙනුවෙන් අපේක්ෂක ලයිස්තු පිර වූ ආකාරයයි... ගමේ ගොඩේ රස්තියාදු ගසමින් සිටි මා මෙන්ම මාගේ මිතුරන් කිහිප දෙනෙක්ම උතුරු මැද පළාත් සභාවේ පළාත් මංත්‍රී සටනට එළඹියේ මෙම සිදුවීමෙන් පසුවය... එතැන් පටන් එම මැතිවරණ සමය ගත වී ගිය ආකාරයත් නරි විජේගේ දේශපාලන භූමිකාවත් පිලිබඳව ඊ ළග ලිපියේ සිට කියවන්නට සූදානම් වන්න...

-මෙයට
හිටපු පළාත් සභා අපේක්ෂක ගරු මාරයාතුමා...

41 comments:

  1. මාරතුමාට....
    ජය වේවා....!!

    ReplyDelete
  2. හිත නොරිදා කතා කරල, ඕනෑම දහංගැටයක් දාලා ගාන කපා ගන්ඩ දක්ෂයෙක්ය කිව්වහම....
    දන්න කෙනෙක් මතක් වුණා. :D මිනිහටත් නරි *** කියලා කිව්වැහැකි මින් පස්සෙ.

    ReplyDelete
  3. @ නලිනි චන්දිමා : හූ... කතාව කියවලා මුලින්ම කමෙන්ට් කරල තියෙන්නේ මමනේ....

    ReplyDelete
  4. මොකදෑ නරි විජේ කියන ගානේ මට මාරයාවම මතක් වෙන්නේ???

    ReplyDelete
  5. ජේ ආර් ලොක්ක පය බරවායට පිටිකරේ බැඳපු පත්තුවක තරම...

    ReplyDelete
  6. ආයෙනම් ඊළග පාර තමා අයියේ ඉල්ලන්න වෙන්නේ ;) කමක් නැ දැන්ම ඉදන්ම ජයවේවා කියමු. ජයවේවාzzzzzzzzz :D

    ReplyDelete
  7. මාරමැති තුමාට ජය වේවා!!!!

    ReplyDelete
  8. යකෝ උඹට සලකනවා මදිනේ අපි . .

    අපේ තාත්තා චන්දේ ඉල්ලපු වෙලාවේ කියපු එකක් මතක් උනා . .

    "ඉන්න ගොන්නු ටික මදිවටද . . " හික්ස්

    ReplyDelete
  9. අපරාදේ , තව ඡන්දයක්/දෙකක් දෙකක් එහෙ මෙහෙ වුනානම් මාර පළා බබෙක් වෙන්න තිබුනා...

    ReplyDelete
  10. "නරි විජේ.........ඒ.... මා... නරි විජේ..."

    සින්දුවක මුල් පදේට හොඳා නේද....!!?

    ReplyDelete
  11. ඕකෙදි වෙන්නෙ මහ පක්ශයක් එයාලගෙ වියදමින් ස්වාධීන කණ්ඩායමක් බස්සනවා!එතකොට චන්ද ගනන් කරන මධ්යස්ථානයට(කච්චේරියට)වැඩිපුර දෙන්නෙක්ටද කොහෙද යතහැකි..පස්සේ අපේ උන් කරන්නේ ඒ අපේක්ශක කාඩ් එකත් එක අමුනල අරිනව ඇම්බසියට දේශපාලන හේතුමත මෙහෙ ඉන්න බෑ!අනේ මචෝ වීස එක ගහපන් කො කියල UK ඇම්බසියට!අපේ පැත්තේ උන් ඇඟිලි ගැන ගැන ඉන්නේ චන්ද එනකං!

    ReplyDelete
  12. හෑහ්, චන්දෙ ඉල්ලන එකත් මාර ලේසියි නේ බලන් ගියාම. එක අතකට පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ හැටියට පුදුම වෙන්න දේකුත් නෑ.

    ReplyDelete
  13. යකෝ.. මාරයියා චන්දෙත් ඉල්ලුවද?.සබිත් කියලා තින්නේ ඇත්ත.මේ පාරත් අපේ පැත්තේ උන්ට නිල් පක්ෂේන් 25000 ගානේ දුන්නා චන්දෙ ඉල්ලනවට.

    ReplyDelete
  14. ෂිහ්.... උඹට ජනාධිපති ෙව‍න්ඩ තිබුණු චාන්ස් ඒකක් මිස් ෙව‍ලා වෙග‍යි

    ReplyDelete
  15. මොකද කියන්නෙ ඇත්තටම ඉල්ලමුද ඡන්දෙ ......

    ReplyDelete
  16. කොමහරි මාරය මැතිතුමා චන්දෙන් පැරදිලා,කපු කැමට අර ලස්සන ෂට් එකයි කන්නාඩි කුටමයි ගැලවිලා වගේ..........................

    ReplyDelete
  17. මට මැවිල පේනව අවුරුදු කීපයකට පස්සෙ . . . . .මාරය උපදේශක තුමා නරි විජේ උපදේශක තුමාට වතුපිටිවල හංදියෙදි වෙඩි තියනව . . . . .

    ReplyDelete
  18. හික්ස් මූට මොකක් වෙන්නද යන්නේ මේ

    ReplyDelete
  19. ලේසි නෑනේ මාරයියා එහෙනම්.. අනාගත මන්ත්‍රී..
    ජය වේවා!!!!

    ReplyDelete
  20. ඉන්න මාරයො ටික මදිවටද අනේ....

    ReplyDelete
  21. කොමෙන්ටුවක් දානවද....ම්....
    මාරයියා නියම පෝස්ට් එක ඈ...එල එල
    (මේ කාලෙ කොමෙන්ටු දැමීම ලැජ්ජාවට කාරණයක්නෙ)

    ReplyDelete
  22. ඊ ළඟ ලිපියත් කියවලාම දෙන්නම් !

    ReplyDelete
  23. නරියා....
    මාරයා....
    තව පද දෙකක් අමුණ ගත්තොත් කවියක්

    ReplyDelete
  24. හා හා ඒකත් නරකම නෑ. වර්තමානේ බොහෝ දෙනෙක්ගේ මතය මේකම නේ. පිරිස් බලය මත පදනම් වුනු මැතිවරණ වරමක්. අනේ සහෝදරයා වටිනා ජීවිතයක් මේ ලැබිලා තියනඑකේ සුඛ විහරණය උදෙසා(කාගේ හෝ) ඒක නැතිකර ගැනීම වගේම එහි නිදහස නැතිකරගැනීමත් අනුවණ ක්‍රියාවක්. ලැබෙන දේ නම් එමටයි. ඒත් නැතිවෙන දේ ඊටත් එහා. ඒක නිසා ඔය මැතිවරණ මානසිකත්වයෙන් අතිමිදෙන්න..ඊට වඩා කරන්න වැඩ ගොඩක් තියෙනවා නොවැ..

    ReplyDelete
  25. 1994 මටත් ඔය වැඩේම වුනා මහ මැතිවරණයට. බලමු ඉතිරිය...

    ReplyDelete
  26. ඒයි මාරයො අර ෆොටෝ එකේ ඉන්නෙ ප්‍රභාකරන්ද විජයකාන්ත්ද?
    අපරාදෙ මාරෙට කියල අනුරාධපුර පැත්තෙන් ජොබ් එකක් ගන්න තිබ්බ අවස්ථාව නැතිවෙලා වගෙයි.

    කෝ බං උඹේ කණ්නාඩි දෙකයි, ෂර්ට් එකයි.

    ReplyDelete
  27. බලමු ඉතිරිය.... අපේ මමලහ මලයවත් ඌට මේ 18 ලැබුව විතරද කොහෙද චන්දෙට ඉදිරිපත් කරන්න ඉල්ලුවනේ... අනේ මන්ද බන් පැරදෙන නිසාද කියල කොළ පස්සෙට.. ඔය ස්වාදීන එව්වට නෙමෙයි.

    ගෙදරින් වලිය ඇදල වැඩේ ගැස්සුනා...

    ඕනයා : පට්ට කතාව බන්...

    ReplyDelete
  28. @ ඔබා අයියෙ.. ඔය රයිම් එකට යන අකුරු තුනේ වචනයක් නම් මතක් උනා... ... ඔව් ඔව් ඒක තමයි.. අනිත් වචනෙ මොකද්ද දමන්නෙ ?

    ReplyDelete
  29. එළ ඔං අලුත් නරි සිරිස් එකක්....

    ReplyDelete
  30. මන්ත්‍රී හොදයි ඇමති හොදායී..................

    ReplyDelete
  31. කොහෙටදෑ දැන් ඇත්තටම ඉල්ලුවේ...???

    ReplyDelete
  32. මූ බලාගෙන ගියාම චන්දෙත් ඉල්ලපු එකෙක්නේ. එක නෙමේ උබේ කන්නාඩි කුට්ටමට මොකෙදේ වුනේ? දැන් කන්නාඩි නැතුව පේන්න පටන් ගත්තද?

    ReplyDelete
  33. @ පිස්සා,
    මටත් තව එකක් මතක් වුනා, එහෙනං පද හතර හරි, මාරයටම කියමු පබ්ලිෂ් කොරන්න කියල උගේ බොගේ, මොකද උඹය් මාය් අපේ බොග් වල කුණුහරප වලට ගෑවෙන එකක් වත් දාන්නෙ නැහැනෙ

    ReplyDelete
  34. මාරම ලේසියි නේ ඡන්දේ ඉල්ලන්න. කොයික උනත් මාරේ මැතිතුමාට ජය වේවා !!

    ReplyDelete
  35. මොකක්ද බන් චන්ද ලකුණ

    ReplyDelete
  36. අහෝ... නරි විජේ... චන්ද ලකුණ නරියා..

    ReplyDelete
  37. අප්පටසිරි ඡන්දෙත් ඉල්ලුවද... දැං කියහංකො අයියෙ උඹහැ නොකරපු දෙයක් තියනවනං. කොරාපු දේවල් ලියනවට වැඩිය ඒක ලේසි වෙයි වගේ.

    ReplyDelete
  38. ඒ කියන්නෙ ඡන්දෙත් ඉල්ලලා තියනවා.. ඉතින් මක්කැයි උණේ.. දින්නද ?....

    ReplyDelete
  39. මාරයා මේ සැරේ නරි විජේව ලිස්ට් එකේ උඩට ගත්තාට ස්තුතිය!

    ReplyDelete