27 October 2011

නරි විජේ.. රාජපක්ෂ පැහැදිලි කරයි...

"ඈ රාජයියේ මොකක්ද මේ පිස්සු වැඩේ තේරුම..?"

"මොන වැඩේද මල්ලි..?"

"ඇයි අයියේ මේ චන්දේ ඉල්ලන එකේ තේරුම... බලහං මාත් ඉල්ලනවා මේ පාර.. උඹත් ඉල්ලනවා..අර චන්ද පොලකටවත් යන්න වයස නැති සුරංගයත් ඉල්ලනවා..එයිට කලින් දවසේ හන්දියේ ගල් ලෑල්ල උඩ තප්පලං දාං උන්න කොල්ලෝ සෙට් එකම මේ පාර චන්දේ අපේක්ෂකයෝ.. ඒකත් කමක් නැහැ කියමුකෝ... අඩු ගානේ අපි ඉල්ලන දිහාව කළුද සුදුද කියලවත් අපි දන්නෙත් නැහැ... මොකටද මෙහෙම ඉල්ලලා..?"

"හරි හරි මල්ලි උඹ කිය එක තේරෙනවා.. ඒත් මේක මේ දිනන්න ඉල්ලන ඉල්ලිල්ලක් නෙවෙයිනේ බං.."

"එහෙනං මොකක්ද මේ ඉල්ලන එකේ තේරුම..."

"හරි මං කෙටියෙන් කියන්නං උඹ තේරුං ගන්නවනං ගනින් නැත්තං නිකා හිටිං..."

"කියහංකෝ බලන්න.."

"මෙහෙමනේ මල්ලි දැන් අපි දිස්ත්‍රික්කෙකට ලයිස්තුවක් හදලා ඉල්ලුවාම පිළිගත් පක්ෂයක අපේක්ෂකයෝ හැටි‍යට අපිටත් ඔය මහ පක්ෂවලට වගේම සමාන අයිතියක් ලැබෙනවා.. ඒ කිව්වේ ආරක්ෂාව.. ජන්දපොල නියෝජිතයින් පත් කිරීම.. ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂකයින් පත් කිරීම වගේ දේවල්..."

"ඉතිං ඒවා ලැබිලා මක් කරන්නද..?"

"මක්කරන්නද කියන්නේ හිතලා බලහංකෝ දැන් උඹට උනත් පුළුවන් ඕනනං ආරක්ෂක ප්‍රශ්න කියලා ඉල්ලීමක් හරි විදියට කලොත් මේ චන්දේ ඉවරවෙනකල්ම පොලිසියෙන් දෙන්නෙක් විතර ඉල්ලගන්න..."

"නැහ්.. යකෝ එහෙමත් පුළුවන්ද..? ඉතිං අපිත් ඉල්ල ගමුකෝ... අපිට බැරියෑ උංවත් අරගෙන ගම වටේ ඇවිද්දවන්න... කවදද බං අපිට පොලිස්කාරයෝ දක්කන්න හම්බ වෙන්නේ..?"

"ඒකනං බැරියෑ.. ඒත් එතකොට උඹට පුළුවන්ද උංට කන්න දෙන්නයි.. උගුඩුවන්ට වගේ බොන්න දෙන්නයි.."

"විකාර කතා කරන්න එපා එහෙම තියෙනවනං මං එනවද උඹලත් එක්ක මේ අනුන්ගේ හරක් බලන්න.. ආතල් එකේ කොල්ලෝ ටිකත් වැව් බන්ට් එකට එක්ක ගිහින් කරටි කැඩෙන්න ගහනවා මිසක්..."

"ආන්න ඒකනේ කියක්නේ.. අපිට උඹට වැඩකුත් නැහැ.. හම්බ උනත් උංව නඩත්තු කරන්නත් බැහැ.. ඒත් ඒක කරන්න පුළුවන් එවුනුත් ඉන්නවා... අපි කරන්නේ මේ සියළුම පහසුකම් උංට දීලා ගානක් ගන්න එකයි..."

"ඒ කිව්වේ..?"

"ඒ කිව්වේ බං දැන් අපි මුළු රටටම නාම යෝජනා බාර දුන්නා.. ඒ අනුව අපිටත් ඔය සියළුම පහසුකම් ලැබෙනවා.. ඉතිං අපි ඒ වරප්‍රසාද නොගෙන ඒ සඳහා ලැබුන සියළු දේවල් ගානක් කතා කරලා වැඩිම ඉල්ලුමට ඒවා අරගන්න එකාට දෙනවා.. ඒ එන මුදල ඉහල ඉඳලා පහලටම බෙදෙනවා... ඉතිං චන්දයක් කියන්නේ අපිටත් ඔය කාලේ ගෙවාගන්න හොඳ දෙයක්..."

"ඉතිං රාජයියේ ඕවා අපෙන් ගන්න ඕනයෑ..උන්ටත් ඒ දේවල් ලැබෙනවනේ නීතියේ හැටියට.."

"ඒක හරි බං.. ඒත් එහෙම ලැබුනම ඇතිද.. දැන් බලහං මේ දිස්ත්‍රික්කයට අර පක්ෂෙන් ඉල්ලනවා හතලිහක් විතර. ඒත් හැම චන්දපොලකටම පෝලිං බූත් එකට දාන්න පුළුවන් චන්දපොල නිරීක්ෂකයෝ දෙන්නෙක් විතරයි... ඒත් පක්ෂය ඇතුලේ බලය තියෙන එකා ඒකට දාන්නේ තමන්ගේ හිතවත් උන් දෙන්නෙක්.. එතකොට උං බලන්නේ අර උංව දාපු ලොක්කගේ මනාප ගැන විතරයි..අනිත් අපේක්ෂකයින්ට හුලං.. ඉතිං එහෙම කෙනෙකුට මෙහෙම අවස්ථාවක් හම්බ උනොත් ඌටත් පුළුවන් තමන් වෙනුවෙන්ම දෙන්නා ගානේ දා ගන්න හැම චන්ද පොලකටම.. පක්ෂයකටම දෙන්නෙක් ඉන්නවා වගේද බං තමන්ටම කියලා ඉත්තෝ දෙන්නෙක් ඉන්න එක.. ආරක්ෂාවද.. නියෝජිතයොද... අරවද මෙව්වද හැම එකම.. දැන් අපි මේ පාර මේ දිස්ත්‍රික්කේ සියළුම අපිට ලැබුන පහසුකම් අර "ජෙරී"මහත්තයගේ පුතා "පිවිතුරු" මහත්තයට ගානක් කතා කරලා දුන්නා..ඊට අමතරව මෙහෙ අපිට චන්දේ ඉල්ලන්න දෙයක් නැහැනේ..අපිට මොකා චන්දේ දෙන්නද..? ඉතිං මේ චන්දේ ඉවර වෙනකල් අපිත් පිවිතුරුට බැහැලා වැඩ කරන එකයි තියෙන්නේ... පක්ෂේ උන්ට වඩා මෑන්ස්ට අපිව ෂුවර්..."

"ඉතිං බං මේ පක්ෂේ නායකයා මෙවා දන්නවද..?"

"ආ ඒ මනුස්සයට ඒවා වැඩක් නැහැ..මෑන්ස්ටත් සමහර විට ඉහලින් අපිට වඩා මොනව හරි ලැබෙනවත් ඇති.. මෑන්ට ඔය මේසයක් උඩට නැගලා හරි හතර පස් දෙනෙකුට පේන්න කතා කරලා පොටෝ විස්සක් විතර ගස්සවගෙන දන්න කියන පත්තර කාරයින්ට අරක්කු බෝතලයක් දෙකක් දීලා ඒවා පත්තර වල දා ගන්නවා ඇර දෙයක් ඕන නැහැ.. මෑන්ස් කරන්නේ ඒ ටික විතරයි..ආයේ ඉතිං ජනාධිපතිවරණයක් ආව ගමන් ඒකට අපේක්ෂකයා හැටියට ඉල්ලනවා..ඒක ඉවර උන ගමන් මාධ්‍යයට නිවේදන නිකුත් කරනවා චන්දය දූෂිතයි කියලා.. එයින් එහාට දෙයක් ලොක්ක දන්නෙත් නැහැ කරන්නෙත් නැහැ..ඉතිං අපිට මොකද..අපිත් ජීවත් වෙන්න එපෑ බං.."

"ඉතිං බං අපිට මොනවද තියෙන්නේ..?"

"උඹලත් ඔය මොන මොනවා හරි කරලා මේ වෙලාවේ ගතමන්ට් එකක් හොයාගනින්.. මං පිවිතුරු මහත්තයගේ පක්සෙන්ම ඉල්ලන සිරිවර්ධන මහත්තයට උඹව සෙට් කරලා දෙන්නා.. පිවිතුරුයි සිරයි තරහයි..අපිට ඒවා වැඩක් නැහැ..මෑනුත් අපේ බඩු ටික සල්ලි වලට ගන්න හැදුවට පිවිතුරුට තරං සල්ලි දෙන්න බැහැ..ඒ හින්දා ඒක ගහලා ගියත් මෑන් අපිත් එක්ක හොදින් ඉන්නවා... උඹ මෑන්ට සෙට් වෙයං... එනවුන්ස් කරන එකෙකුට දවසට දාහක් දෙදාහක් ගතෑකි..හැබැයි උඹ සිස්ටම් එක අල්ල ගන්න ඕන.. එච්චරයි..උඹට හොඳට කතා පවත්තන්න පුළුවන්නේ.. ඒක කැටයං දාලා කරහං එච්චරයි...එහෙම නැතිව උංගෙන් අපිට චන්දෙන් පස්සේ තඹ සතයක් ගන්න බැහැ ලබන චන්දේ එනකල්ම..."

රාජයියාගේ පැහැදිලි කිරීම අවසන් වූ අතර එයින් සතියකට පමණ පසුව මා එක්තරා අපේක්ෂකයකු වෙනුවෙන් උගුර ලේ රහ වෙනතුරු නිවේදකයකු හැටියට හා පොකට් රැස්වීම්වල සෙනග රඳවා ගැනීමේ කථිකයකු ලෙස වැඩ කටයුතු කරමින් සිටියෙමි... රාජයියා රාජයියාගේ පොරොන්දුව ඉටු කොට තිබිණි...එහෙත් මා මුදලට නිවේදන කටයුතු කිරීම පසෙකට දමා පසුව මා සිරිවර්ධන මහතාට බොක්කෙන්ම උදව් කලෙමි.. ඒ ඔහු තුල වූ මානුෂික ගති පැවතුම් නිසාවෙනි...

රාජපක්ෂ නැතහොත් කෙටි නම වූ රාජයියා යනු අපගේ ගමට අල්ලපු ගමෙහි සිටි දැන උගත් උපාධිදාරි අයකු වූ අතර කලක් විප්ලවීය දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ක්‍රියාකාරිකයකුව සිටි අයෙකි. පසුව බොහෝ විප්ලවවාදීන්ට මුහුණදීමට සිදුවන පොදු යථාර්තයන් යටතේදී තෝරාගනු ලබන විකල්ප මාවතක ගමන් ගනිමින් දිවි ගෙවූ අයෙකි.

ඔහු හට 89 වසරේදී ටයර් සෑය පෙනි පෙනී එයින් ගැලවෙන්න ලැබුනේ පළාතේ යමක් කමක් තිබූ ප්‍රභූවරුන් වූ දෙමාපියන්ගේ ක්‍රියාකාරී වීම හරහා එවකට රජයේ උසස් අය සමඟ තිබූ සම්බන්ධකම් මතිනි... අවසානයේ මරණයට තත්පර කිහිපයක් ආසන්නයේදී තීන්දුව වෙනස් කොට අත පය බැඳ එක්තරා ස්ථානයක දමා ගොස් සිටියදී සොයා ගනු ලදුව එතැන් පටන් ඇති වූ මර බියත්... දෙවෙනි වතාවටත් මාපියන්ගේ පිහිටෙන් ජීවිතය ලැබීමෙන් ලද කම්පනය හේතු කොටගෙන එතැන් පටන් මාපියන්ට හිතුවක්කාර වීම මඳකට අත හැර දමා සිටීමට ගත්තා වූ තීරණයත් හරහා ඔහු විප්ලවීය දේශපාලනයෙන් ඉවත් වී මැදහත්ව සිටිනු දක්නට ලැබිණී...

කුමන හෝ හේතුවක් මත මේ වන විට රාජයියා සිටියේද නරි විජේගේ පක්ෂයේම සාමාජිකත්වය දරමිනි. ඒ දක්වා ආ ගමන් මග හරියාකාරව පැහැදිලි නොවූවත් අවසානයේ නරි විජේ මෙන්ම රාජයියාත් සිටියේ බඩගෝස්තරවාදී දේශපාලන දහරාවේ කොටස් බවට පත් වූවන් ලෙසිනි... එහෙත් ප්‍රතිපත්තියක් නැති දේශපාලකයින් වෙනුවෙන් නොමිලේ නහිනවාට වඩා ගැරිය හැකි කාලයේදී ගරා ගන්නවා ඇර අපේ පන්තියේ උන් වෙන කුමක් කරන්නද..? සාධාරණිය කරණය කල නොහැකි වූවද සමාජයේ තවත් අඳුරු සංස්කෘතියක් බිහිවන්නේ මේ හරහා බව නම් කිව යුතුය... පෝස්ටර් ගැසීමෙන් ආරම්භ වන මෙම ගමන පාතාලය බිහි වීම දක්වාම ගමන් කර ඇත්තේ නැති බැරි එ‍කාගේ උවමනාවටම නොවේ.. ඒවා ඇති කරන්නේ එවා නැති කිරීමට පාරම් බාන අය විසින්මය...එයට පක්ෂ විපක්ෂ භේදයක් නැත...

25 comments:

  1. කව්ද යකෝ මේ අපි නොදන්න රාජා.... ඔන්න මමත් එක උනා එහෙනං.......!!!!!!!! හිකිස්......

    ReplyDelete
  2. පන්සීයෙන් හාරසිය අසූ තුනක් අඩු කලාම කීයද බං

    ReplyDelete
  3. එතකොට නරි විජේ, රාජා කියන්නේ දෙන්නෙක්ද ? එක්කෙනෙක්ද?

    ReplyDelete
  4. දේශපාලණයි හරිම මිහිරිය. ඒහා සමානවම අමිහිරිය. ඇත්තෝ කති බොති. නැත්තෝ .......................

    ReplyDelete
  5. හොදටම තේරුනා කරනව....

    ReplyDelete
  6. දේශපාලන අසංස්කෘතිය!

    ReplyDelete
  7. දැන් මේකතාව නැවැත්තුව නම් හොඳයි වගේ.

    අන්න දුමින්ද බත් කන්නත් පටන් ගෙනලු.

    ReplyDelete
  8. මට මතක් වෙන්නේ අපේ අල්ලපු ගමේ කොලණියේ වින්කල් බාස් අර මේසයක් ලකුණ තියන පක්සෙන් චන්දේ ඉල්ලපු එක,,අනේ පොරට ඒක හින්දා ගේ පොඩ්ඩක් හදලා දුන්නා ඒ සහෝදරවරු,,,,පොරගේ ගෑනි විතරලු චන්දේ දීලා තිබුනේ කියලයි මිනිස්සු කිව්වේ...

    ReplyDelete
  9. සමාජ විවරණය හොඳයි ! කන කොට දැලි පිහියෙන් කිරි, පරිස්සමින් මලේ !

    ReplyDelete
  10. කුරුනෑගල ලංගම ප්‍රාදේශීය වැඩ පොළ ඉස්සරහ හිටිය, ඉස්සර සර් ජෝන්ගෙ දොඩන්ගස්ලන්දේ මිනිරන් පතල් වල මැනේජර් වැඩේ කරපු මහත්තයෙක්, නම පතිරණ.. කුරුනෑගල නගර සභා චන්දෙට ඉල්ලල ලැබුනෙ චන්ද දෙකය්. එයාගෙය් නොනගෙය් වෙන්නැති, නාම යෝජනා අස්සන් කොරපු දෙන්නත් චන්දෙ දීල නැහැ වගේ.
    මිනිහට ඉතුරු වුනේ "දෙකේ පතිරණ" කියන නම්බු නාමෙ විතරය්

    ReplyDelete
  11. ඉතිං රාජයියගෙන් උඹට මොනවද හම්බඋනේ.

    ReplyDelete
  12. හොඳ ගැබුරක් ඇති කථාවක්. හැමෝටම වෙන්නේ මේකමයි. මහින්ද විජේසේකර, ලොකු අතුල, පොඩි අතුල, සුනන්ද දෙශප්ප්‍රිය, කොටින්ම ඇන්. ඇම් ඉදලා. ගමේ පෝස්ටර ගහන එකා දක්වා කථාව එකම විදියටම තමයි කැරකෙන්නේ. මේවා මිනිස් සමාජයේ බහුල සිද්ධි. ලංකාව නෙමේ කොහෙත් එකයි. මල්වංශද වෙන එකෙක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. විප්ලවයක විප්ලවීය ගුණය පවත්වා ගත හැකි අය මට නම් මෙතෙක් හමු වී නැහැ. අසා තිබෙනවා. ඒ චේ, බගත් සින්, සුභාෂ් චන්ද්‍රබෝෂ්, වැනි අය. ඔබට ස්තුතියි. හිතන්න හැකි කථාවක්.

    ReplyDelete
  13. ඔහෙ කියෙව්වට කොමෙන්ටුවක් කියලා මොනාද දැන් මම මෙතන දාලා යන්න ඕනේ මාරයියෙ...? දිල් මංඤ්ඤං.....

    ReplyDelete
  14. අඩේ මාත් ඔය සියනැ කොරලේ..ගිරිදරයි දෙකටනයි අතර එකෙක් නොවැ අයියේ මොකාද ඔය නරියා..., රාජයියා කියන්නේ...මොනා උනත් ලංකාවේ දෙශපාලනය තනිකරම මමත් වයට යටයි...නමුත් අගයකල යුතු තැන්ද තිබේ...
    හැබැ යූඇන්පි එකෙන් මගේ තාත්තව මරන්ට හොයද්දී...ඔය අසු ගනන් අග බාගේ අපිත් හැංගිලා හිටියා එතකොට මං 5 පන්තියේ විතර ....මැතිනිට පින්සිද්ද වෙන්ට තාත්තගේ ගොඩක් යාලුවො වලව්වේ හංගිලා ජීවිත බෙරගත්තා....ඔව ඔහොම තමා බං අයියේ

    ReplyDelete
  15. //නරි විජේ මෙන්ම රාජයියාත් සිටියේ බඩගෝස්තරවාදී දේශපාලන දහරාවේ කොටස් බවට පත් වූවන් ලෙසිනි... //
    ඒත් බං මට නං හිතෙන්නෙ නරි විජේ හරි කියල. ඌ හදන්නෙ දවසෙ කුලිය හොයාගන්නනෙ.

    ReplyDelete
  16. මේ වගේ අහසින් පාත්වෙන අය දැකල 'අන්න අරූත් මේ සැරේ ඡන්දෙ ඉල්ලනව...' කියල කියනව ඇරෙන්න ඒක වෙන්නෙ කොහොමද කියල දැනගෙන හිටියෙ නැහැ මම....මාරය step by step විස්තර කරල තිබුන එකෙන් හොඳ දැනුමක් ලබාගත්ත වගේම හිතන්නත් යමක් ඉතුරු උනා....

    ReplyDelete
  17. නියම බිස්නස් එකක්නෙ ඒකත්..:)))

    ReplyDelete
  18. මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැ ඔං

    ReplyDelete
  19. අපේ දේශපාලනයේ කවුරුත් කතා නොකරන ඇත්තම ඇත්ත පැත්තක් . . . .

    ප.ලි.
    මටත් ඔහොම චෑන්ස් එකක් වැදුනා . . . මම බෑ කිවුව . . ගුටි කන්න තියන බයට

    ReplyDelete
  20. හ්ම්ම්ම්... ගොඩ දෙනෙක් නොදන්න පැත්තක්....

    ReplyDelete
  21. දේශපාලනයයි සදාචාරයයි කියන්නේ දෙකක් කියල ආන්ඩුවෙ ඇමති කෙනෙක්ම කියනව මං අහගෙන. දේශපාලනේට ගියහම ඔක්කොම චාර අහකයි කියලත් කිව්ව.

    ඒ උනාට උන තියෙන අපට මේව බලං ඉන්න බෑ නොවැ.
    වැල යන අතටම මැස්ස ගහන්නෙම නැතුව චුට්ටක විතර ඉදිරියෙන් ගහල බලමු. ඒකනේ පොඩි 'උනක්' තියෙන අප කල යුත්තේ නේද ආයිබෝං.

    රාජයියගෙන් උගත් පාඩම ඒකයි, නරි විජේත් ජීවත් වෙන්න එපායෑ.
    උන උනත් ඌමනාවට වඩා ඌනෙම නෑ.

    ReplyDelete
  22. 'නරි විජේ.. රාජපක්ෂ පැහැදිලි කරයි... ' කියලා, නරි විජේ කියන තැන ඩොට් දෙකක් තිබ්බම මතක් වෙන්නේ මහරගම පැත්තේ ඉතාම හොඳම මන්ත්‍රී වරයෙක්ව... ඩොට් 3ක්වත් තිවුවොත් නරකද?

    ReplyDelete
  23. ඕවා කවදා වෙනස් වෙයිද ......

    ReplyDelete
  24. අනේ මන්ද මේ දේශපාලනය .අර විදානරාළ කිව්ව වගේ මටත් එයාව තමයි මතක් වුනේ .

    මහා වෙදනා ..ඔබතුමා අන්තිමට කිව්ව කට්ටිය ඉක්මනට මලා නේද . සුභාෂ් ගැන මතක නැහැ .චේයි, බගත් සිනුයි දෙන්න නම් ඉක්මනින් මලා . නැත්නම් මේ දේශපාලන ප්‍රවාහයේ ඔවුනුත් ගසාගෙන යයි . හොඳ විප්ලව වාදියෙක් විදිහට මතක හිටින්න විප්ලව කාලේ හරි ඒක ඉවර වෙච්ච ගමන් හරි මැරෙන්න ඕන ඇති

    ReplyDelete
  25. නොදන්න බිස්නස් එකක්...

    ReplyDelete