30 October 2011

මේක බ්ලොග් පොස්ට් එකක් නෙවෙයිද..?

බ්ලොග් එකේ මොනවද ලියන්න ඕන. මේක හරි පුදුම කාරණයක්නේ. මං මේකේ සාහිත්‍ය ලියන්නද? ඉතිහාසය ලියන්නද? විද්‍යාව ලියන්නද? ගණිත ක්‍රම ගැන ලියන්නද? එහෙමත් නැත්තං දේශපාලනය ගැන..ඕනනං තව නවීන තාක්ෂණය ගැන. සිංහල භාෂාවේ ව්‍යාකරණ ගැන..? මොනවද මං ලියන්න ඕන..? මේක පාවිච්චි කරන්ට ඕන ඒකට විතරමද..? අනිත් ඒවා පල් හෑලිද..? එහෙම ලියන්ට ඔට්ටු නැද්ද..? ලිව්වොත් ඒක බරපතල වරදක් වෙයිද..? හපොයි මං දන්නේ නැහැ. ඒත් මෙන්න මං ලියන විදිය. මේක තමා මං කැමති විදිය මේක ඇතුලේ ඔය ඉහත කිව්ව කිසිම දෙයක් නැහැ වගේද..?
...............................................................

උදේ 8ට ඕෆ් උනා. ආවා ගෙදර. ඇරියා දොර. ලැප් එක තියෙන බෑග් එකයි. මගේ පොත් මල්ලයි දැම්මා ගේ ඇතුලට ගත්තා වෙන ලොකු මල්ලක්. මං ගියා පොලේ. පොලෙන් බඩු අරං ගෙදර ගෙනල්ලා අරං ආව දේවල් හැම එකක්ම සුද්ද කලා හේදුවා ෆ්‍රිජ් එකට දාන ඒවා ඒකට දැම්මා. අනිත් ඒවා ඒවාට නියමිත තැන්වලට දැම්මා. කරවල එහෙමත් කෑලි වලට කැපුවා. හාල්මැස්සෝ ඔක්කෝගේම ඔළු කඩලා සුද්ද කලා. ඒවත් අරං තිබ්බා. ඊට පස්සේ නාගෙන ගියා ගෙයක් බලන්න. හෝව් හෝව් ගෙයක් බලන්න කිව්වේ මට නෙවෙයි.. මේ මං දන්න කියන කෙනෙක්ගේ ගෙදරක දෝෂ වගයක් කියලා ඒක බලන්ට... ඒ ඉවර කරලා ආපහු එනගමන් හාල්.. මස් මාළු එහෙම අරගෙන ආවා. ඒවත් කලින් විදියටම පිළිවෙලක් කලා.


ඊට පස්සේ දවල්ට ඉව්වා. උයන අතරෙම ගේ අස් කරලා මකුළු දැල් කඩලා හොදට අතු ගෑවා. ආ ඒ විතරක් නෙවෙයි මං හැදුවා රසම රස කටු සුප් එකක්... මස් කට්ටක් විතරක් නෙවෙයි එළවළු එහෙමත් දාලා. ඒක බීබීම තමා වැඩ කරගෙන ගියේ මොකද උදේට කාලත් නෙවෙයිනේ අද මං හිටියේ. ඉතිං කොහොම කොහොම හරි හවස තුන විතර වෙද්දි වැඩ ටික ඉවර කරලා හොදට ආයෙම වතාවක් නාගෙන තුන හමාරට බත් ඩිංගක් බෙදාගෙන කෑවා.. බත් කාලා ඉවර වෙලා අන්නාසි ගෙඩියකුත් කෑලි කෑලි කපලා කන ගමන් වාඩි උනා ලැප් මල්ලියා ඉස්සරහින්.. ගියා රවුමක් බුකියේ.. එකෙක් දෙන්නෙක් එක්ක පොඩි කොක්කක් එහෙම දාගෙන ආයෙමත් මෙතනට කඩං පාත් උනා.. ලියන්න දෙයක් පිළීවෙලකට හිතට එන්නේ නැහැ. ඒ පාර මේ වාර්ථා වැඩ සටහන ලිව්වා. දැන් ඇති මං නවතිනවා... ආ ඊට කලින් මේක සම්පූර්ණ වාර්ථාවක් වෙන්න අද මගේ වියහියදම් ගැනත් ලියන්නං.

මේ තියෙන්නේ අද මං ගත්ත බඩුවල මිල ගණන්.

1.සම්බා හාල් .............2kg......රු.120
2.සුදු කැකුළු සම්බා.....500g...රු. 30
3.පොල් ලොකු ගෙඩි..2..........රු. 70
4.මස් .........................250g...රු.100
5.තලපත් මාළු ...........250g....රු.160
6.තලපත් කරවල .......300g....රු. 84
7.බල කරවල .............150g....රු. 31
8.හාල් මැස්සෝ........200g....රු. 64
9.බිත්තර...................5...........රු. 50
10.මිරිස් කුඩු.............50g......රු. 20
11.බිස්කට් කුඩු.........100g.....රු. 10
12.කරපිංචා මිටි.......1............රු. 10
13.කොච්චි...............50g.......රු. 20
14.සේර...................100g.....රු. 10
15.ලොකු ළුණූ.........500g.....රු. 30
16.කොහිල අල........1............රු. 10
17.කැරට්..................250g....රු. 20
18.ගෝවා.................450g...රු. 30
19.තක්කාලි..............250g...රු. 20
20.පිපිඤ්ඤා ගෙඩි...1..........රු. 10
21.ගොටුකොල මිටි..1..........රු. 10

සම්පූර්ණ එකතුව රුපියල් 909 යි.

දවස් දහයකට ආහාර සංචිතය සෑහෙනවා..තව ඕනනං එළවළුවක් දෙකක් ගන්න වෙයි...ඒවා එනකොට වියදම 1000ක්ම වෙන්නේ නැතෑ.. එහෙම බැළුවම මාසයක් කන්න 3500ක් මට හොදටම ඇති. දැනට අවුරුදු 3කට කලින් මට ඔය ටිකටම 4500ක් විතර ගියා. ඒ කිව්වේ මං මේ උයං කන්න පටන් ගත්ත දවස්වල වියදම...

හා හා ඔය ඇති. දැන් ඔය තියෙන්නේ බ්ලොග් පෝස්ට් එකක් වගේ එකක් නේද..?

54 comments:

  1. ඒ කියන්නේ බඩු මිල අඩු වෙලා?? :D :D

    ReplyDelete
  2. ඔව් ඔව් අපි එක්ක කොක්කක් දාගත්තා නේද පස්සෙ බලාගමු ඈ

    ReplyDelete
  3. නැහැ ඉන්දරේ.. එහෙමම කියන්න බැහැ..මං සංසන්දනය කලේ මං මුලින්ම උයපු දවස්වලට.. ඒත් ගිය සතියට සාපේක්ෂව අද සමහර දේවල් වැඩියි. ඒත් මාළු.. බිත්තර වගේ දේවල් අඩු වෙලාතිබුනා

    ReplyDelete
  4. අවුරුදු 3කට කලින් ගියපු වියදම දැන් වියදමට වඩා අඩු වුනේ කොහොමද?
    නව පාරිභෝගික මිල දර්ශකයක්වත් හදා ගත්තද?

    ReplyDelete
  5. මාර සිටිය

    මේකත් ඒසි දෑ .. ගැල්ලු ළමයි කැසියර් එකේ ඉන්නවද?

    ReplyDelete
  6. හුටස් සානිකා මෙහෙත් ආවද කැති පොලු උස්සගෙන

    ReplyDelete
  7. අප්පා කියලා වැඩක් නැහැ වැපෝ.. ඉන්න තරමක් වෙන්න ලමිස්සියෝ තමයි කැසියර් එකේ ඉන්නේ... එන්න පුතේ මේ එළවළු ලාබයි.. ආ මේ ගොටුකොල මිටි තුනටම විස්සක් දෙන්න කිය කියා කතා කරනවා..

    (ගෑල්ලමයි හිටියනං කැසියර් එකේ මේ ගනන් මෙහෙම නෙවෙයි ගාන ඩබොල් වෙනවා...)

    ReplyDelete
  8. ඒ කියන්නෙ ලංකාවෙ බඩු මිල එන්න එන්න අඩු වෙනවා හෑ...! මෙහේ බඩු මිල එන්න එන්න වැඩි වෙනවා....! මම 2002 මෙහෙ එනකොට හාල් කිලෝ එකක් (බාස්මතී) ඩිරාම් 1.50 යි (රුපියල් 45යි ) දැන් හාල් කිලෝ එකක් ඩිරාම් 10.00 යි ( රුපියල් 300යි ), (ලංකාවෙන් එන සම්බා, රතු කැකුලු මීට වඩා ගණන් ) .... ඔය විපක්ෂේ උදවිය බඩු වැඩිවෙනකොට කෑගහුවත් බඩු අඩු වෙනකොට කෑහන්නෙ නැත්තෙ මොකද මන්දා....!

    ReplyDelete
  9. ඔව්නේ බඩු මිල ලාබයි නැ නැ . ලාබා..........යි , සිගරැට් අරක්කු, භුමිතෙල් පෙට්‍රොල් ඩීසල් තමයි චුට්ටක් විතර ගාණ වැඩි . මන්නාරමෙන් තෙල් හම්බුනාම ඒකත් හරි

    අපේ රට හෙට එකම සුරපුරයක් !

    ReplyDelete
  10. මන්නාරමෙන් තෙල් හම්බ උනාම මේ බඩු ටිකට යන්නේ රු 202.50. එතකන් ඉවසලා ඉන්න. එකනේ කියන්නේ අපේ රට හෙට සුරපුරයක් කියලා

    ReplyDelete
  11. කට්ටිය කෑ ගැහුවට ලංකාවේ බඩු මිල අඩුයි වගේනේ.. මං ඉතින් ලංකාවෙන් පිටනේ ඉන්නේ.. ප්‍රවෘත්ති වලනම් ඇහෙන්නේ බඩු ගනන් කියලනේ...

    ReplyDelete
  12. මේක බ්ලොග් පෝස්ට් එකක්ද?

    ReplyDelete
  13. මේක නම් මට සෑහෙන්න හෙලුප් එකක් උනා ලංකාවෙ බඩුවල වර්තමාන ගනන් හිලවු දැනගන්න....

    මේ බජට් එකේ හැටියට නම් මාරයට දවසක ආහාර වියදම රු.10 කටත් අඩුවෙන්නෙ යන්නෙ.... නරක නෑ.... අවුරුදු තුනකට පස්සෙ බඩු මිල අඩුවෙලාද අනේ....?

    ReplyDelete
  14. ඇත්තටම බඩු මිල අඩු වෙලාද අය්යා.... එහෙම වෙනවානම් ශොක්නේ.. අය්යා ඔය රට වටේ යනකොට මේ ඇතුගල් පුරේත් එනවනම් ඇවිත් විසිල් එකක් ගහලා කථා කරන්නකෝ.. පොල් ගොනියක් දෙන්නම් ගෙනියන්න.. අය්යා පොල් වලට ගෙඩි දෙකට 70ක් වියදම් කරලනේ,, මේ දවස් වල අපි දෙන්නේ 20 ට විතර (ආහ් අය්යාගෙන් සල්ලි එපා හොදේ)

    ReplyDelete
  15. ඔය තියෙන්නේ පෝස්ට් එකක්. ඒක නෙමෙයි රුපියල් 100ක් දීලා සුප් එකකට එලවලු කියලා ඉල්ලුවාම ගොඩක් එලවලු ජාති ගන්න පුලුවන් නෙව.

    ඒක නෙමෙයි මාරේ අයියා. ඔහොම උයාන කනකොට බොලාට හිතෙන්නේ නැද්ද වලල්ලක් දාපු අතකින් කාලා බැලුවොත් හොදා කියලා.

    ReplyDelete
  16. යකෝ ලංකාවේ බඩු ලාබ වෙලානේ . . .

    ඒත් මට හිතා ගන්න බැරුව හිටියේ ඇයි මේ පෙට්‍රෝල් ඩීසල් බූමුතෙල් ගනන් වැඩි කලේ කියලා . . .

    මෙච්චර බඩු ලාබ වෙලා තියෙන එකේ මිනිසූන්ගේ අතේ සල්ලි ඉතුරු වෙලා . ..

    ඒක ඔය එක එක නරක වැඩ වලට යොදවයි කියලා හිතලා මිනිස්සුන්ගේ ම යහපතට ඉන්ධන ගනන් වැඩි කරලා තියෙන්නේ . . .

    (කුඩු බිස්නස් එහෙම වැඩි වෙන්නේ ඒ වගේ මිනිස්සුන්ගේ අතේ වැඩිපුර සල්ලි ගැවසෙන කොට මම හිතෙන්නේ . . . ඒකනේ ගෝටා මහත්තය එහෙම කියන්නේ අපේ දුමින්දට සුදු පුතාට බනින්න එපා කියලා)

    බලන්න මේ වගේ මානව හිතවාදී පාලකයෝ හිටියද අපේ ඉතිහාසයෙම . . නෑ නේ . . .

    ReplyDelete
  17. "මල්ලී ගාන කීයද....
    250 යි....
    මල්ලී පිස්සු විතරක් කරන්න එපා.. යනවනං 350 ට යං...
    අපි හැමදාම යන්නේ 350..."

    -- සිකුරු හතේ --

    ReplyDelete
  18. මට හිතෙන්නේම තවත් බඩු මිල අඩුවෙයි කියලා.. කලින් මම කමෙන්ට් කලත් ඒක පබ්ලිශ් වෙලා නැ වගේ අය්යේ පොල් ගෙඩි දෙක දවස් කියකට ඇති වෙයිද?? ඔය රට වටේ යනකොට ඇතුගල් පුරේ එහෙම අහු උනොත් පොඩි විසිල් එකක් ගහලා මට කියන්න්කෝ අනිවා පොල් ගොනි දෙක තුනක්ම දෙනවා අරගෙන යන්න.. පොල් ගෙඩි 2ක 70 ගිහින් මෙහේ පොල් ගෙඩි 2ක් 50ටත් අඩුයි.. ලංකාවේ හැටි නේද අෆ්ෆා

    ReplyDelete
  19. ඒ උනාට මාරය්යෙ හෙට අනිද්දට බඩු මිල වැඩිවෙයි නේද ඩීසල් පෙට්‍රල් වැඩි කලානේ...ඔයා ලියල තියන මිල ගනන්නම් හරි....ඒත් කරවල අපේ පැත්තෙ ටිකක් මිල වැඩිද මන්ද ...

    ReplyDelete
  20. අපේ ගෙදර හොර බජට් කාරයෝ අතේ මාට්ටු.. ටැන්කෝ මාරයියේ

    ReplyDelete
  21. මල්ලි ගෙනාපු එව්ව ගැන පොර ටෝක් දෙනවා හෙම නෙවෙයි !!!.. තව එකෙක් සෙට් කරගෙන එනවා... ඔය ගෙනාපු ටික වැඩිම උනොත් දවසකට ඇති වෙයි අපිට !

    ReplyDelete
  22. මමත් ඊයෙ හවස පොළට ගියා.මෙහෙ එළවලු මිල සාපේක්ශව අඩුවෙලා තමා.ගොඩක් එළවලු 500g රු.20යි.සාලයෝ එහෙමත් 1කිග්‍රැ රු.100 තිබ්බා.දෙහි 100g නම් රු 60යි.පොල් 25 ට 35 ටත් තිබ්බනේ.

    ReplyDelete
  23. මෙහෙමත් කනවද අප්පා....

    ReplyDelete
  24. පොලේ යන්න පොඩි ජොබ් කට්ටක් හොයා ගන්න එපැයි එකට තව ටිකක් කල් යැයි නේ අප්පා එත කොට අපි ඔය් ගැන කතා කරමු

    ReplyDelete
  25. වළලු දාපු අතකින් උයන් කන්න ගිහින් වියදම වැඩි වෙනවලු .

    ReplyDelete
  26. හරී.........අයවැයට පක්සයි...ඒ කියන්නෙ..

    ReplyDelete
  27. අන්නාසි අපිටත් දීලම කන්නකෝ.....

    ReplyDelete
  28. අයියෝ..මම හිතුවා රෙසිපියක් වත් ද කියලා....

    ReplyDelete
  29. අරයා අය වැය ගේන්න ලඟයිනෙ...මෙයා දැම්ම එයාට කඩේ යනවද මන්දා.... :P

    ReplyDelete
  30. මමත් ආසම වැඩක් තමයි පොලේ යන එක...
    (පොඩි කාලෙනම් වැඩිපුර කැමති උනේ පොලේ යන්න දෙන ගානෙන් කොටසක් යටිමඩි ගහගන්න පුළුවන් නිසා)

    ReplyDelete
  31. මාරයියට ආසවට අඩුවට දුන්නද මන්ද...බත්තරමුල්ලෙ නම් එළවළු ගණන්. ගිය සතියෙ තිබ්බ මිල නෙමේ මේ සතියේ...අනේ මන්දා මෙයා කොහෙන් මෙහෙම ලාබෙට ගන්නවද කියලා

    ReplyDelete
  32. තලපත් කරවල .......300g....රු. 84???????

    ඈහ් මේ සති දෙකකට කලින් කරවල කිලෝ 3ක් ගත්තා 3000ක් ගියානේ මට.. මේ නම් ලංකාවේ වෙන්න බෑ මාලදිවයිනට ගිහින් තියනවා මාරයා කරවල ගේන්ඩ :-D

    ReplyDelete
  33. ෂෙක්... ලබන මාසෙ ඉඳන් හාමිනේට යවන ගාන අඩුකරන්න තිබ්බ...ඒත් ලබන මාසෙ ඉඳන් උන්දැල මෙහේ පදිංචියට එනවනෙ...

    ReplyDelete
  34. මාරයියේ මොකක්ද බන් උබ බඩු ගන්න කඩේ????
    තෙලුත් 12 කින් වැඩිවෙලා....

    ReplyDelete
  35. පවුල්කාරයෝ වෙච්ච අපිවත් මෙච්චර බඩු තොගයක් ගන්නේ නෑනේ...

    ReplyDelete
  36. අඩේ මාලු ටික නං ෂෝක් ......

    මේ ඒක නෙමේ ඔය ගෙවල්වල දෝෂ කියන ඒවා ඇත්තටම තියනවද, එහෙනං ඉතිං පිටරටවල තියන ගෙවල් සීයට අනූවකම දෝෂ තියෙන්න එපෑ ........

    ReplyDelete
  37. තව කොහිල ටිකක් ගන්න තිබ්බේ........

    ReplyDelete
  38. මාරයා මල්ලි, දැන් බඩු මිළත් අඩු වෙලා තියෙන එකේ, ජ්‍යෝතිෂ වැඩ වලට අය කොරන ගාණත් අඩු කොරනවැය් ?

    ReplyDelete
  39. මල්ලී,
    බ්ලොග් හැර අනෙක් කිසිම පුවත් පතක් නොබලනම වගේ වෙලා මම නම්. ඒ නිසා මොනව ලිව්වත් මොකද? ලංකාවේ පුවත් පත් කියන්නේ රායන්නෙන් පටන් අරන් ෂයන්නෙන් ඉවර වෙන ඒවානේ. ඔවාම කාලෙකදි රයන්නේන් පටන් අරන් ල්යන්නේන් ඉවරකරන ගතියකුත් තිබ්බා. ඒ නිසා මට නම් බ්ලොග් පෝස්ට් වල මොනවා හරි කියවන්න තිබ්බොත් ඇති. ඒක නෙමේ ඔය යක්කල පොලේද? ඒවයේ මිල....හනේ මන්ද?

    ReplyDelete
  40. මම නම් බඩු මිල ගැනනම් මුකුත්ම දන්නේ නෑ. යන්තම් දවල්ට ගන්න එළවළු කෑම එක නම් රැ 50.
    ඇත්තටම අයියා ඉන්න අහල පහල අන්නාසි වත්තක්වත් තියෙනවද?අහුවොත් අන්නාසි කෑවා කියනවා.

    ReplyDelete
  41. හැබෑටම බඩු මිල අඩු වෙලාදා ? අරක්කු සිගරට් පෙට්‍රල් ඩීසල් එක්ක ඔව්ව වැඩි වෙයි මයෙ හිතේ... අනේ මන්දා...

    ReplyDelete
  42. නාගෙන ගෙයක් බලන්න ගියා කිවුවෙ ඒ ගෙයි වහල හිල් වෙලාද.
    යකෝ මෙහේ පොල් ගෙඩියක් රුපියල් 20 යි නෙ.

    ReplyDelete
  43. මේ සිරාවට අහන්නේ මචං . .

    උඹ ඉතිං තනිකඩයනේ . . .

    උඹේ කෑම බීමට මාසික වියදම කීයක් විතර වෙනවද?

    සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට්, ලයිට් බිල්, වතුර බිල් කීයක් විතර වෙනවද?

    සිරාවට අහන්නේ . . .

    හැමදාම මෙහේ ඉඳල බෑනේ බන් . .

    ලංකාවේ පදිංචියට එන්න එපැයි අම්මයි තාත්තයිත් දැන් වයසට යනවනේ . . .

    ලංකාවේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න . . ජොබ් එකක් කරනවනම් කීයක ඔෆර් එකක් ලැබුනොත් මාසේ ගැට ගහගන්න පුලුවන්ද කියලා අයිඩියා එකක් ගන්නයි මට ඕන . .

    උඹ තනිකඩයා නිසා ඒ ගාන හතරහමාරෙන් හරි පහෙන් හරි වැඩි කරලා (මමයි, ගෙදර උන්දැයි, කොලු පැටියයි, අම්මයි, තාත්තයි - කොල්ලගේ ඉස්කෝලේ වියදම් එහෙම බැලුවම 5න් වැඩි කලාම රෆ්ලි හරිනේ)

    ReplyDelete
  44. මාරයා අය්යාගෙ බ්ලොග් එකට දාන පළවෙනි කමෙන්ට් එක, අය්යගෙ පන්සල් කතා ලිපි සෙට් එක මරේ මරු. ඉඩ තියෙන වෙලාවක ආයිත් එකක් දෙකක් ලියන්න.

    ReplyDelete
  45. මේ දවස් වල දෙහිනම් මාර ගණං නේද?
    හැබෑට ඔය කරවල වල ගණං හරිද?

    ReplyDelete
  46. පොලේ ගිහින් ඇවිත් කියන්නම්කො ලාබද නැද්ද කියලා...

    ReplyDelete
  47. හික්ස්....මාරයියා පොලේ ගියා වගේ......

    අපේ අම්මා නම් සතියකට සැහෙන්න බඩු ගේනවා.එතකොට නම් 1000 පනින්නේ කලාතුරකින්....එතකොට සති 4 ට 4000යි...තා 2000ක් අමතර වියදම් දැන්මොත්(කැමට බිමට)මාසෙට 6000ක්....(4 දෙනෙකුටනේ)

    අයියේ....හාල් සැරින් සැරේ ගන්නවට වඩා ඔයාට ලාබයි එකපාර කිලෝ10 හරි 50 හරි කොට්ටයක් ගෙනත් තියාගන්න එක....එතකොට තවත් වියදම් අඩු කරගතැකි....

    ReplyDelete
  48. බඩු ලාබයි කියා මාරයා ආපහු නා ගනීද?

    මගේ කතාව

    ReplyDelete
  49. අනේ බං ඔය බඩු ගත්ත කඩේ කියහංකෝ. ත්‍රීවීල් එකක් අරන් ඇවිත් බඩු අරන් ගියත් ලාබයි වගේ මට හිතෙන්නෙ.

    ReplyDelete
  50. ප්‍රතිචාර දැක්වූ සියල්ලන්ටම බොහෝමත්ම ස්තූතියි.

    ඇත්තටම මං මේක ලිව්වේ එක අරමුණක් ඇතිව. ඒ තමා පහුගිය කාලෙක ඉදන් තැන් තැන් වල කතාවට ලක්වන බ්ලොග් ලිවීම කෙසේ විය යුතුද කියන කාරණාව. ඔය ගැන හුගක් සංවාද තැන් තැන්වල ගියත් මං ටිකක් ඒකට ඔළුව නොදා හිටියේ ඒ තැන්වලදී කෙලින්ම මට නොවුනත් වක්‍රාකාරව මාවත් ඉලක්කයක් කරගෙන කතා බහ සිද්ධ උන හින්දා... ඒ කතා බලනවා ඇර ඒවට මැදිහත් වෙලා කතාව වෙනස් කරන්න මට ඕන කමක් තිබුනේ නැහැ.

    ඒත් මංම කල්පනා කලා මොන මගුලක්ද මං ලියන්නේ කියලා... බ්ලොග් පෝස්ට් 500කට ආසන්න හින්දවත්.. ෆලෝවර්ස්ලා 500කට වැඩි හින්දවත්..කමෙන්ට්ස් වල ප්‍රමාණය 15000ක් ඉක්මවලා ගිහින් තිබුන හින්දවත්.. හිට්ස් ලක්ෂ දෙකකට ආසන්න වෙච්ච හින්දවත් මං පොරක් කියලා මං හිතන්නේ නැහැ.. අනිත් උන් මොනවා කිව්වත් තමන්ගේ පාඩුවේ ලියාගෙන එන ඕනම කෙනෙකුට ඔය ටික හම්බ වෙන එක මහ දෙයක් කියලා මං හිතන්නේ නැහැ. පොඩි දේකට තියෙන්න ඕන එච්චර දවසක් ලියාගෙන එන්න තමන් සතුව තමාගේම කියලා අමුද්‍රව්‍ය තියෙන්න ඕන එකයි. මං කලේ මට තිබුන දේවල් ඔහේ ලියපු එක. ඒ හැර වෙන දෙයක් ඔතන නැහැ.

    හුගක් මිනිස්සු ලියන්නේ තමන්ට පුළුවන් දේ සහ තමන් ආස කරන දේ.. බැරි දේවල් ලියන්නත් සමහරු යනවා උනාට ඒක ලේසි නැහැ. අකමැති දේවල් ලියන්න උනත් ඒහෙම තමා.
    ඉතිං මං ලියන්නේ මට ආස..මට දැනෙන.. මං දන්න දේ... ඒක එළවළු හාල් පොල් ගැන උනත් කමක් නැහැ මට ගෝචර වෙන දේ තමා...

    මම මේ පෝස්ට් එක ලියනකොටම ලියපු මුල්ම ඡේදය පෝස්ට් එක ලියලා අවසන් කරලා පොඩ්ඩක් වෙනස් කලා.. ඒ හරහා මං බලන්න ගියේ මේක ඇතුලේ ඇත්තටම දෙයක් නැද්ද..? එහෙම නැත්තං තියෙන දේ මිනිස්සුන්ට අල්ල ගන්න බැරිද කියන එකයි.. ඒත් වැඩි පිරිසක්ම මේක ඇතුලේ දේශපාලනය කියන කොටස අල්ල ගත්තා.. සමහර විට ඒ තමන් අල්ලගත්තේ දේශපාලන කොටසද කියන දේ ‍දැන හෝ නොදැන එතන ඉදන් ඉස්සරහට කතා කරගෙන යන්න ඒ අය සමත් උනා.. අනිත් අයත් තම තමන්ට අහු වෙච්ච දේ ගැන තමා වැඩි පුරම කතා කරන්නේ. ඒත් මං මුලින්ම අහපු ප්‍රශ්න ටිකට අවධානය යොමු කල කීදෙනෙක් හිටියද කියලා මං දන්නේ නැහැ...ඒ කොහොම උනත් මට කියන්න තියෙන්නේ මේ තමා මං ලියන විදිය කියන එක.. ඒ වගේම ඔය දාලා තියෙන ගණන් හිලවුනං කිසිම වෙනසක් නැතිව ඇත්තම ගණන් හිලවු කියන එකත් කියන්ට ඕන...

    ReplyDelete
  51. මාරයාගෙ අවස්න් කමෙන්ටුවේ සාරාංශය - මේ තමයි මම ලියන හැටි , සහ මම කඩේ ගියා නෙවේ

    ReplyDelete
  52. බුවා වැරදියි. කඩේ ගියේ නෑ. දැන හෝ නොදැන යැවුනා කියල ඒක නිවරදි වෙන්න ඕනේ ;-)

    ReplyDelete
  53. හැමදාම වගෙ මමත් ඇවිත් හොම්බ දාලා ටිකක් බලල යනව ඉතින් මෙහෙ මක්කයි වෙන්නෙ කියල..... ජෝතිෂ්‍ය පැත්තට මාත් ඉතින් ආසයි නොවෑ.. එත් ඉතින් ලියන්ට වෙලාවක් කොහෙද මයෙ අප්පා..... වැඩ රාජකාරි එමටයි නොවෑ.... ලියන්ට මෙහෙමයි කියල කෙරේමෙයක් නැති උනත් මේ කෙරේමෙත් බොහොම ඉස්තරං.... වැඩේ නං අතහරින්ට එපා මාර අය්යන්ඩියේ......

    ReplyDelete