07 October 2011

සුන් බුන්...

වියැළී ගොසින් පදවැල්වල සිහිල් සුව..
අමතක මතකයක ගිලිහී පද විසිර..
සුව නැති සිහිනයක් දකිනා අතර මග..
තවමත් සිතක හැටි නොදනිමි මා සබඳ..

දුටු මුත් දිනක යනෙනා මග අතරතුර..
නොදුටූ ලෙසින් පා තබනා අයුරු දැක..
නොනැඟුන නමුත් දුක් කඳුළක් මා නෙතඟ..
සැනෙකින් හදෙහි ගිනි දළු මතු විනි එසඳ..

කලකින් නමුත් සිහියට එන විට වරෙක..
තවමත් සිතෙහි කොනකින් නුඹ ඇත සැඟව..
හැරදා ගියත් පෙර දිනයක නුඹ එලෙස..
මගෙ හදවතෙහි නුඹ නමිනුත් ඉඩක් ඇත..

53 comments:

  1. මං මුළින්ම

    ReplyDelete
  2. මම මුකුත් නොකියමි. කීමට ඇති සියල්ල කවියෙහි ඇති හෙයින්.

    ReplyDelete
  3. @නලිනි...

    මෙන්න පෝලිම පැනලෝ...

    ReplyDelete
  4. @නලිනි චන්දිමා...

    මංනෙ දන්නේ ඒකේ වග...

    ReplyDelete
  5. මම මේ කල්පනා කලේ මම දෙවෙනියද නැත්නම් පස්වෙනියද කියලා....කොහෙද පහුගිය දවස් වල මේ පැත්ත රාහු ගිලලනෙ තිබුනෙ...එන්නෙවත් කොහොමද ?

    ReplyDelete
  6. කලකදි හැරගියේ යම් කරුණක් හන්දා..
    නැවතත් එන්නට හිතයි අනෙ මන්දා..
    මා නැති විට කැරකුනා නෙව නන්දා..
    එනමුත් ඇවිත් යන්නම් ඔබ තනි හන්දා ..

    ReplyDelete
  7. @ලකී...

    හපොයි ගූගල් දෙවියාගේ සාපය වැදුන හාදයා සාපයෙන් මිදිලද..?

    ReplyDelete
  8. මාරයෝ උඹ ලඟට එනවලු ගිම්හානී.....
    ඇවිදින් ආයේ යනවලු කරලම හානී....
    නුඹ හොද සිතින් සතුටින් ඇති බැවිනී...
    වසන්තය අරන් යනු මැන ගිම්හානී.....

    ReplyDelete
  9. මටත් කියන්න තියන්නේ නලිනි කිව්ව වගේ මුකුත් නොකියමි සියල්ල කවෙහි ඇත.

    ReplyDelete
  10. පළවෙනි එකද. ඊට පස්සේ එකක්ද...?

    අර පොඩි එකෙක් මෝඩ පෙට්ටියේ කෑ ගහන්නේ.."තෑගී ගොඩයි" කියලා, ඒ වගේ මට කියන්න තියෙන්නේ.....
    "මාළු ගොඩා........යි"

    ReplyDelete
  11. මම ඉතින් මොනා කියන්න්ද ? මගේ හිතෙ මගෙ පලවෙනි එකී වෙනුවෙන් සාගරක් වගේ ඉඩක් තියනවා !. ඒකිව මතක් වෙලා මගේ පපුවෙත් හීට් එලාම් වදින අවස්ථා තියනවා

    මගේ ප්‍රස්ට් ගර්ල් බඩක් හදං මගේ ගාවට ඇවිදින් කීවොතින් "අනේ ප්ලීස් සමාවෙලා මාව බාර ගන්න" කියලා ...සමහර විට මම ආයෙම ඔකඳ වෙයි ! හැබැයි ඒක ඉතින් බර අනුව තීරණය වෙන දෙයක් ..

    උඹටත් මයෙ අයියේ ඒකම තමා කියන්න තියෙන්නේ හිතේ ඉඩ තිබ්බට මදි පහු පහු වෙනකොට කාන්තාවෝ මහත් වෙනවා එතකොට ඔය ඉඩ මදි වෙනවා !

    කවිය ගති !

    ReplyDelete
  12. කලකදි රසලු කලකදි වහ උන හන්දා
    පැනලා ගිය නිසා අයියෝ දුක් වින්ඳා
    දුන්නත් එපා දැන්නම් රුපියල් කැන්දා
    කියලා වහසි බස් දෙඬුවා මේ උන්දා


    යනෙනා එවුන් දැක මඟතොට අත් බන්දා
    පිච්චිලා මුන්දගේ පපුවම දන හන්දා
    ගිය උන් ගියාවේ මොනටද ඔය නන්දා
    හොයමුද කෙළිත්තෙක් දැන් කපුවෙකු කැන්දා

    ReplyDelete
  13. @ගිම්හානි...

    තනියක් නැතේ අද මා අසලක රැඳිලා..
    මේ කවි කීවේ පෙර දින ගැන සිහි කෙරිලා..
    ආ මුත් මෙහෙම යන එන විට කවි කියලා..
    මගෙනං ඉතිං දැන් ගිම්හානය ගෙවිලා..

    ReplyDelete
  14. විලාප තිය තිය හි‍ටුකො ඔහොම . . . . .

    ReplyDelete
  15. @වෙද ගෙදර මහ වෙදනා...

    එයානං ඒ නොකිව්වට වඩා කිව්වා..දැන් වෙද අයියත් එහෙමමද..?

    ReplyDelete
  16. @අභීත...

    මොනවා නමුත් අහු කොනකින් අල්ලද්ද..
    උඹටත් ඉතිං වෙන මොනවත් වැඩ නැද්ද..
    ගින්නක් දැක්ක විට එය තව තව අවුලද්ද..
    මෙහෙමත් එවුන් අම්මප තව ලොව ඇද්ද..

    ReplyDelete
  17. @මාතලන්...

    හොඳ වෙලාවට මට ඔය මෝඩ පෙට්ටියක් නැහැ...

    ReplyDelete
  18. @හිස් අහස...

    "හිතේ ඉඩ තිබ්බට මදි පහු පහු වෙනකොට කාන්තාවෝ මහත් වෙනවා එතකොට ඔය ඉඩ මදි වෙනවා ! "

    අනෙ අම්මපා උඹනං...

    ReplyDelete
  19. නිතරම හදෙහි ගිනි දළු මෙන් දැනෙනවද
    ඉඩකුත් වෙන් කරලා කිව්වේ සිදුරක්ද
    ගොක් කොල සැරසිලිත් හීනෙන් පෙනෙනවද
    දොස්තර නෝනා හට වත් අපි පෙන්නමුද

    ReplyDelete
  20. @දිල්...

    අල්ලා දමා උඟුළුවලා මුලම ඇද..
    උන්නා උනත් හිත ඉඳහිට කරයි දඟ..
    ඒ වගේ වෙලාවක කිව්වට ඔහොම පද..
    මටනං එපා ගිය උන්දැව නැවත වර..

    ආවා මෙතන උඩ දාගෙන කර සද්ද..
    අම්මප නගේ උඹටත් වෙන වැඩ නැද්ද..
    කෙලියක් කෙලවන්ට මේ හැටි දගලද්ද..
    මං මේ ඉන්න හැටි අම්මප හොඳ නැද්ද..

    ReplyDelete
  21. @ඕනයා...

    තෝ මොනවද කමෙන්ට් දදා මකන්නේ..?

    ReplyDelete
  22. @ලකී...

    තව ටික කලක් මේ ලෙස ජීවත් වෙන්ට..
    ඕනෑ නැතත් බැහැ අකලට වැනසෙන්ට..
    ලෙඩ දුක් බලන්නට ඩොකීට පෙන්නන්ට..
    බුදු අම්මෝ මටනං බැහැ එහෙ යන්ට..

    ReplyDelete
  23. @ලකී

    පැත්තක ඉඳන් නොකියා ඔය වගේ කතා
    හොයමුද හනික කපුවෙක් තව නොවී සතා
    ඇඹරෙන තරම දැනගෙන කවි කතා ගොතා
    ඉල්ලන්නේම කෙල්ලෙක් නොවැ මාරේ පුතා

    ReplyDelete
  24. @දිල්...

    නංගිලා අයියලා මොකටද වෙහෙසෙන්නේ..
    එක කෙල්ලෙක් මංනං නැහැ ඉල්ලන්නේ..
    පුළුවන්නං හත අටක්ම ගෙන එන්නේ..
    ඒ ලෙස මිසක් මමනං නැහැ සැනසෙන්නේ..

    ReplyDelete
  25. @මාරයාගේ හෝරාව

    ඉඳහිට බිව්ව කල මොනවද සැර ජාති
    කවි ගොතනවා කරමින් ඉඟි බිඟි ජාති
    හැදුවම ගෙයක් ගම්පහ පැත්තෙන් ජාති
    හොයලා එවත හැකි අය එක එක ජාති

    ReplyDelete
  26. දවසක හමුවෙමු
    හමුවී හිනහෙමු
    හිනහී වැලපෙමු අපි ආයේ......

    මම නම් කියන්නෙ එහෙම..

    ReplyDelete
  27. ආවා මමත් කියවන්නට මාර කතා
    දිල් සහ මාරයා සටනකි තදින් ඉතා
    කීමෙන් පලක් නැහැ වාගෙයි දිගට ගොතා
    එහෙනම් ඉතින් මම යන්නෙමි නොකර කතා :)

    ReplyDelete
  28. නුඹේ නමින් ලිය උන පද වැලක රස
    අමතකව ගිහින් අද නුඹට මගෙ සෙනෙහස ලෙසම
    ලගින් හිද තුරුළු වී ගැයු පෙම් ගීවල මිහිර
    අමතකවද සොදුරියේ නුඹ නික්මුනේ මා නොදුටු ලෙස...

    ReplyDelete
  29. මගේ යාලුවෙක් මුණු පොතේ ස්ටේටස් එකට පහුගිය සතියේ දාල තිබ්බ එකක් තමා දැක්කම මතක් උනේ.
    "Though it is now just a single shadow flickering over the harsh contours of the world, just a single reflection staring back - everything has changed.
    The sights, the sounds and the songs that used to hurt, doesn't even pinch anymore.
    And then the realization dawns. You're finally healed."
    එහෙම මතකයන් නැති වෙනවනම් මම කැමතියි වෙලාවකට හිතින් විදවන්නේ නැතුව. මම හිතනවා මමත් දැන් ඒ ගානට ගොඩක් කිට්ටු වෙලා කියලා.

    ReplyDelete
  30. කේන්දර බලල ඉවර වෙලා ඒ පාර මේක කය්යට බැහැල.

    ReplyDelete
  31. දැක්කොත් ආයිමත් මගතොට එහෙම ලතා
    එපා යන්න එපා යන්න නොකර කතා

    පොඩ්ඩක් හිටින් භාගයක් දමාගෙන බලන්නම් ඊළඟ පද දෙක ලියා ගන්න පුළුවන් වේද කියලා..

    ReplyDelete
  32. කුජ මාරුවෙන් මාරයියා වී ඇත තව මනමාල
    ලතා , මාරි, චතු, කුමාරි හට ගෙන දී මාල
    උන් ගැන ගැනම සිත සිත වී කෝල
    ඒ වගේ තව තුනක් පතනවා මරමාල

    ReplyDelete
  33. කමෙන්ට් එකක් දාන්න බැලුව කවියෙන්, ම්හු බෑනෙ,, :D

    ReplyDelete
  34. දැන් ඔය ලතා නෙමෙයිද?

    ReplyDelete
  35. වෙනියා උදේ පාන්දර බොන්ඩ එක්ස්කියුස් එකක් හදා ගෙන

    ReplyDelete
  36. යට ලීයෙන් නාරිලතා මල් පූදින වෙලාවට හිතට එන කවි . . .

    ReplyDelete
  37. මෙතන කවි ලෝකයක් වෙලානෙ.
    ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ කියනවා නෙව.හැබැයි අයියානම් කියලා නෑ මේ කියන්නෙ ෆස්ට් එක ගැන කියලා.

    ReplyDelete
  38. කවි වැඩි නිසා මමත් නිසුපා වගේ නිකම් කොමන්ට් එකක් දානවා නැත්නම් අනිත් කවි කාරයොන්ට පව් නෙවැ. කමක් නෑ නේද මාරය්යො

    හැම දෙයක්ම පැහැදිලි කරන ලස්සන කවි පෙලක් කවි පෙල ඇත්තටම නිර්මාණයක් හැටියට ලස්සනයි. ඒත් ඒක හරිම සංවේදී විදිහට හිතට වදිනවා. ‍හැමෝගෙම ජිවිත වල මේ කතාව තියෙනවා අය්යෙ. මට හිතෙන්නේ එහෙම.

    ReplyDelete
  39. @දිල්...

    එක එක ජාති කෙල්ලන් මට කුමකටද..
    ගෙවල් හදන්නේ මං මොන එහෙකටද..
    ඉන්නා විදිය මල් මසුරං නොවේවිද..
    නඟා හදන්නේ මට කෙලවන්නමද..

    ReplyDelete
  40. @ලොකු ඡෝන්...

    හ්ම්ම්... ඔව් එහෙමත් කියන්න පුළුවන් තමා...

    ReplyDelete
  41. @සයුරි...


    දිල් කෙල්ලත් අත අරින්නේ නැහැ යුද්දේ..
    හැම වෙලේම කවියෙන්මයි ඇය විද්දේ..
    කොහොම උනත් මම ඉන්නෙමි කර සද්දේ..
    සයුරී ඇවිත් කවි කිව්වෙත් ඒ මැද්දේ..

    ReplyDelete
  42. @Dinesh...

    කිව්වා එකල ඇති වෙනතුරු පද බැඳලා...
    ඒ කවි කිය උනෙත් ඈ හට සිත් බැඳිලා..
    අද ඇය වෙන් උනත් මා අමතක කරලා..
    ඈ නැති දුකත් අද ඇත කවියක රැඳිලා..

    ReplyDelete
  43. @Grey...

    හොඳ වෙලාවට තේරුනේම නැහැ..:D

    ReplyDelete
  44. @Observer...

    තාම මේ "පද බඳිනවා" අයියා...

    ReplyDelete
  45. @Weni...

    කතා නොකර එහෙම ගියත් මගේ ලතා..
    උඹ ඇයි ඉන්නෙ තාමත් ඒ ගැනම සිතා..
    අපි නොදන්න එකෙක්ද මේ වෙනිය පුතා..
    ඒකට බොන්න හදනා මූ නියම සතා..

    ReplyDelete
  46. තව තව බීලා බලන්න ඕනි පද හතරක් ගැට ගහ ගන්න පුළුවන්ද කියලා..නැත්නම් මේ කවි ලෝකෙ මම අනාථ වෙන්න ඉඩ තියෙනවා !

    ReplyDelete
  47. වෙනි අය්යේ කවියෙන් ගොඩ එන්ට.
    සරස්වතිය හට පූජාවක් දෙන්ට...

    ReplyDelete
  48. @ ගිම්හානි - මාව දකින කොටත් සරස්වතිය දුවනව නන්ගියෙ පන එපා කියල.. ඉතින් කොහෙ කවි පද බඳින්නද ?

    ReplyDelete
  49. -නොදුටූ ලෙසින් පා තබනා අයුරු දැක..-


    ස්තුතියි ...ඔබ නොදු‍ටු ලොවක් ගැන නේ ඔය කියන්නේ .......

    ReplyDelete
  50. ඔවා ඔහොම තමා මාරයියේ.....

    ReplyDelete
  51. ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, ලෝවැඩ සගරාවෙත් නෑ මෙහෙමෙ කවි....

    ReplyDelete
  52. මගෙ හදවතෙහි නුඹ නමිනුත් ඉඩක් ඇත..

    ඒ කියන්නෙ තව නම් වලටත් ඉඩ තියලා නේද.........:D

    ReplyDelete