31 October 2011

මාගේ අවසන් විචාරය...


හරි මෙන්න මගේ බ්ලොගය තුල ලියවෙන විචාර කලාවේ අවසාන විචාරය..මීට විනාඩි කිහිපයකට කලින් පිට උනේ..තාමත් රස්නෙයි.. බලාගෙන පිච්චෙයි...කවදත් වගේ මගේ හිත හොඳ මිත්තරයා බනියා තුමාගේ පින්තූරයකට තමා මේ වැදගත් විචාරය මා'තින් දැන් සුළු මොහොතකට කලින් ලිය උනේ.. එහෙනං කියවලා බලන්ට..කාට කාටත් දැන ඉගෙන ගන්ට පාඩං බොහොමයක් තියේවි...

මේක බනී මලයා හඳුන්වලා තිබුනේ "ඉටි පහන්" කියන නමින්...



හොඳයි වැඩිය නෙවෙයි වචන දෙක තුනක් කියන්නං මේ පොටෝව ගැන... කාලෙකින් බනියට අත හිත දෙන්න බැරිත් උනානේ.. ඒ හින්දා.. හරිද..?

මුලින්ම මගේ මේ ප්‍රවීණ විචාරක ඇස් ගියේ මේකේ හැඳින්වීමට... තව පාරක් බලපන් මලයා ඒ හැඳින්වීම හරිද කියලා... ඉටි පහන්.. අහු වෙන්නේ බහු වචනයටනේ.. ලංකාවේ ඉස්කෝලේ ගිය..හතර වසරට කලින් කට්ටි පැනලා හොර පොල් කඩ කඩ ගියේ නැති ඕනම ළමයෙක් දන්නවා සිංහල භාෂාවේ සරලම දෙයක් තමා ඔය ඒක වචන බහු වචන කියන්නේ.. ඒත් දැන් බලහං මෙතනදී උඹ හතර වසරේ දරුවෙක් තරමටවත් දැනීමක් නැති ආකාරයක් පෙන්නුම් කරනවා... වහාම ඒක හරි ගස්සපන්.. එහෙම හරි ගස්සලා කියපන් මෙන්න මේ වාක්‍යය කණ්ඩය..

"මං හතරේ පංතියේ දරුවෙක් තරංවත් හපනෙක් නොවෙමි"

ඔය පලවෙනි කාරණාව දැන් යමු තව කාරනාවකට... දැන් උඹ ඉස්සර වගේ පොඩි එකෙක් නෙවෙයිනේ..කාරණා කාරණා තේරෙන වැඩිහිටි කොළුවෙක්.. වයසේ හැටියටත්.. ඇගේ හැටියටත් අපිට උඹ පුංචි එකෙක් කියලා හිතන්ට අමාරුයි.. ඒ මදිවට අර වවං ඉන්න රැවුල.. ඉතිං එහෙම මොරපු එකා වෙච්ච උඹ දැන් අර ඉස්සර වගේ නිකංම නිකං තණ කොල ගස්වලටයි..සමනළයින්ටයි කැමරාව අමෝරලා තේරුමක් නැහැ..

කොහොමත් උඹ දැන ගන්න ඕන ඔය පොටෝ ගැනීමත් අර භාව චිත්‍ර වගේ දෙයක් කියන එක... නිකංම නිකං මිනිස් මුහුණක් ඇන්දට ඒකට ලොකු තේරුමක් දෙන්ට අමාරුයි.. ඉතිං ඒ හින්දා ඔය මොඩන් ආර්ට් කියලා දේවල් කරන අය කරන්නේ මෙලෝ යකෙකුට තේරුමක් හොයන්ට බැරි විදියේ ඉරි ටිකක් ඇරලා දාන එකයි කැන්වස් එක හතර වටේට.. ආන්න එතකොටයි උසස් නිර්මාණයක් බිහිවෙන්නේ..

දැන් බලහං මේ පොටෝව දිහා.. කළුවර පසු බිමක ඉටි පන්දමක් පත්තු වෙනවා.. මොනවද පත්තු වෙන්නේ ඉටිපන්දමක්.. කොහේද පත්තු වෙන්නේ කළුවරේ.. ඉතිං ඕකේ උඹට අමුත්තක් පේනවාද..? නැහැනේ.. ආන්න ඒ හින්දයි මං කියන්නේ ටිකක් කල්පනා කරහං.. උඹ මේක පට්ට දවාලක හොදට අව්ව වැටිලා තියෙන තැනට.. ඕනනං හිතං අර ගේ ඉස්සරහා පාරේ කියලා.. ආන්න එහෙම තැනක මේක බිම හිටෝලා.. උඹ ඒක පොටෝ ගැහැව්වනං අන්න ඒකේ තමයි වැදගත් දෙයක් තියෙන්නේ එහෙම උනානං මං අද මේකට මෙහෙම කමෙන්ට් දාන්නට ඕන නැහැ.. මේ වෙනකොට මේකට වට වෙලා කට්ටිය අදහස් දක්වලා.. ෂහ් මචං පස්ට..මැස්සා.. එළ කියලා.. ඒත් බලහං දැන් මේක වේලෙනවා..

ඇයි එහෙම උනේ.. උඹ මේ ගැන ඒ හැටි නොහිතපු හින්දා... ඒ හින්දා මීට පස්සෙවත් මෙහෙම දෙයක් කරනකොට ටිකක් හිතලා මතලා..හොයලා බලලා.. මේ අපෙනුත් අහලා කරහං.. එහෙම කරනවනං උඹට මෙහෙම නෙවෙයි හොඳ වැදගත්..භාවාත්මක.. කලාත්මක.. ප්‍රතිභා පූර්ණ..සම්භාව්‍යය ගණයේ උසස් ඡායාරූප ශිල්පියෙක් වෙන්ට ඇහැකි.. ඒක උඹට අමාරු නැහැ.. උඹට එක දෙයක් ඇර අනිත් හැම දේම තියෙනවා ඒ තත්වයට ලගා වෙන්ට..

උඹ ගාව තියෙන දේවල් තමා කැමරාව.. එතකොට ඇගිලි.. ඒ වගේම එකෙන් පොටො එකක් ගහන්නේ කොහොමද ඒකට ඔබන්ට ඕන මොන මොන බටොන්ද කියලා දැනීම.. බලහං එච්චර දේවල් දැන ගෙනත් එක දෙයක සුළු අඩුපාඩුවක් හින්දා උඹ අර හැම දේම නැති නාස්ති කරගන්නවා... ඒ හින්දා පොඩ්ඩක් උත්සහ කරලා අර නැති දේ ඇති කරගනින්..ඒ කිව්වේ "හැකියාව" ඇති කරගනින්... එහෙනං සුභ අනාගතයක් වේවා ඈ..

ආ තව එකක් ස්තූති කරලා කතා නොදැම්මට කමක් නැහැ.. මං දන්නවා උඹ දැන් මේකට සෑහෙන්න ස්තූති කරන්න හදනවයි කියලා.. ඕන නැහැ මලේ.. ස්තූති බලාගෙන කරපු දේවල් නෙවෙයි උඹගේ මානසික තත්වය හදන්න අපිට තියෙන යුතුකම සලකලා මේක කලේ..උඹ මේක කියවලා මනසින් ශක්තිමත් උනානං මට ඒ ඇති.. ස්තූති කරලා කියන වචන දාහකට වඩා.. එහෙනං මං ගියා.. මතකනේ උඹට නැති දේ.. ආන්න ඒක හදා ගනින්...

30 comments:

  1. බනියාගෙන් මැරුම්කෑ පූසා!October 31, 2011 at 9:35 PM

    //මතකනේ උඹට නැති දේ.. ආන්න ඒක හදා ගනින්...//

    හුටා, දැන් හොයපල්ලාකො සර්ජරි කරන්න සල්ලි ....

    ReplyDelete
  2. කවුද කියල දන්නවනෙ.October 31, 2011 at 9:36 PM

    මතකනේ උඹට නැති දේ.. ආන්න ඒක හදා ගනින්...

    ReplyDelete
  3. අයියෝ ෆොටෝ එකක් නිසා අහිංසක කොල්ලෙක් අහගත්ත කතා ටිකක්....!

    ReplyDelete
  4. **මතකනේ උඹට නැති දේ.. ආන්න ඒක හදා ගනින්... **

    ReplyDelete
  5. උඹ ගාව තියෙන දේවල් තමා කැමරාව.. එතකොට ඇගිලි.. ඒ වගේම එකෙන් පොටො එකක් ගහන්නේ කොහොමද ඒකට ඔබන්ට ඕන මොන මොන බටොන්ද කියලා දැනීම.. //

    අන්න නියම විචාරකයෝ. විචාරය කරන ක්ෂෙත්‍රය ගැන මොනවට අවබෝධයක් තියෙනවා කියලා මේ වාක්‍ය ඛණ්ඩයෙන් ම ඒත්තු යනවා. මොනා උනත් මම පොටෝ එකක් ගත්තොත් උඔගෙ විචාරයකට හවු වෙන්ඩ කලින් ග්‍රැමොක්සෝන් කුප්පපියක් ගෙනැල්ලා තියාගන්නවා.

    ReplyDelete
  6. අගේ ඇති විචාරය....
    මම හිතුවේ ගිය පාර විචාරය ඇහුවට පස්සෙවත් ඔය හාවා ෆොටෝ ගහන එක නතර කරලා ඇති කියලා
    බලමු මේකෙන් පස්සෙවත් ෆොටෝ ගැහිල්ල පැත්තක තියලා ඔය නැහැයි කිව්ව එක හදා ගනීද කියලා

    ReplyDelete
  7. මෙන්න විචාර.
    කියලා වැඩක් නෑ... දුම දානවා.
    බනියා ඔය ඉටි පන්දමෙ පස්සත් පත්තු කරලාම ෆොටෝ එක ගත්තා නම් මෙයිට වඩා හොද විචාරයක් මාරයා තුමාගෙන ලැබෙන්න තිබුණා...

    ReplyDelete
  8. කූ..මාර අංකල්ගෙ අලුත්ම වෙස් පෙරලිල්ල..

    http://freeanushka.blogspot.com/2011/10/blog-post_31.html

    බ්ලොග් පාඨකයිනි මේ ඔබේ අවදානයටයි.. !!!!

    ReplyDelete
  9. අනේ අනේ මේ දෙන්නානම්...

    ReplyDelete
  10. මුන් දෙන්නට වෙලා තියන දෙයක්,,,,

    ReplyDelete
  11. දෙන්නගේ මාරුවට දෙන්නා මඩ ගහගන්නවා. අපි නිකන් දෙපොලේ මගුල නිසා නොකා ඉන්න බල්ලෝ වගේ දුවනවා. :)

    ReplyDelete
  12. බුහා හා හා :) බි පෙ සි :)

    ReplyDelete
  13. වැඩක් නෑ . . . මම කියවන්නෙ නෑ . . . උඹ නෑ නෙව අච්චර කියලත් මගෙ පිංතූරෙට විචාරයක් දුන්නෙ . . . . .

    ReplyDelete
  14. උඹලා දෙන්නා මඩක් ගහ ගන්නකොට අපිටත් කොච්චර ආතල්ද ? හාවා නම් දැන් මඩ වැදිලා අව පැහැගැන් විලා ඇති

    මූ ඉතින් ඒදා ඉඳන් මඩ කාගෙන ඉන්න එකා නෙව ..

    මමත් කොහොම හරි පින්තූරයක් ගහලා මාරේ ගෙන් විචාරයක් අරගන්න ඕන ඉතින් මේක අවසන් විචාරය කරන්න එපා !!

    ReplyDelete
  15. අනෙ මන්දා මටනම් මෙක තෙරුනෙ නෑ ඒ හන්දා උඹ හිතාගනින් මෙක සම්බාහහන ද මොකක්ද ගනයට වැටෙන එකක් කියලා. හැබැය් කොලුවො පාර මැද්දෙ ඉටිපංදං ගහන්න ගිහින් ඕන් වාහනවලට අඩ තියනවා හෙම නෙවෙයි

    ReplyDelete
  16. මාරේ අයියගේ විචාරේ තමයි විචාරේ... ඇත්ත.. හොදයි ලස්සනයි කියනවට වඩා මෙහෙම අතපසු උන තැන් පෙන්වන එක තමයි ගොඩක් වටින්නේ....

    ReplyDelete
  17. මෙන්න නියම විචාර... ආයෙ මොනවද, වෙන කියන්න දෙයක් නෑ නොවැ.... පින්තූරෙ හැම පැත්තක්ම කවර් වෙන්න විචාරය කොරල තියෙන අපූරුව පේනව නොවෙද....
    අනාගතේ විචාර කොරන්න හිතන අය මේ මාරය මහත්තයව ආදුරුසෙට ගන්නව හොඳයි.... ඕං කිව්වා....

    ReplyDelete
  18. උඹ අර යටින් ගහල තියෙන අකුරු ටික දැක්කෙ නැද්ද හැබෑටම?

    ReplyDelete
  19. මරු විචාරේ...දැන් නම් මටත් හිතෙනවා ෆොටෝවක් ගහලා මාරේ අයියට කියලා විචාරයක් ලියෝ ගන්ට

    ReplyDelete
  20. නියම විචාරාත්මක ලිපියක්.. මාරේ අයියා හොඳට කරන්න ඕනෙ විදිය එහෙම පෙන්නලා දීලා තියෙනව ඕව ආදර්ශයට අරගෙන හැදුනොත් නරක් වෙලා තියෙයි..

    ReplyDelete
  21. කාල වරෙන්කො ඔන්න විචාර.අන්තිම එක කිව්වේ ඇයි? 500 ගැනද. අයියෝ ඔන්න ඔය 500 අමතක කරන්න මල්ලි. තව ලියන්න කොච්චර දේවල් තියේද? ඔන්න ඔහේ ලියලා දාමු.

    ReplyDelete
  22. පන්සල් කතාවලට පස්සෙ මේ බ්ලොගේ මම කැමතිම කැටගරිය තමයි මාර විචාරය.මම මීට කලිනුත් කිවුව විචාරය නවත්තන්න එපා කියල. අවසන් විචාරය වීම කණගාටුවට කරුණක්.

    ReplyDelete
  23. ප.ලි. මෙය බනියාගේ දෙවන ප්ලෑන වීමටද ඉඩ ඇත.

    ReplyDelete
  24. මම මේ මේක ඉගනගන්න ඉන්න සිසුවෙක් ... නැත්ද අංකල්` ඔයා මේ කලාව ගැන කරන කලාස් එකක්

    ReplyDelete
  25. දෙන්නත් එක්ක තරගයක් වගේ....

    ReplyDelete
  26. කාලෙකට පස්සේ සෑහෙන හොද විචාරයක් කියෙව්වා. Photography ක්ෂෙත්‍රය ගැන සෑහෙන අවබෝධයක් තියෙන බව පේනවා. මමත් ෆොටෝ දෙක තුනක් එව්වොත් අඩු පාඩු කියලා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  27. හික් හික්
    විචාර තරගෙකට යවමු..

    ReplyDelete
  28. බනියගේ පින්තූරෙට හිටිස් නැතිලු. ඉතින් මාරයා පබ්ලිසිටියක් දීලා...

    ReplyDelete
  29. අපොයි බනියා.....
    මාරයා අයියේ මේක අවසාන විචාරය නම් කොරන්ට එපා ය...
    මමත් ඡායාරූපයක් පළ කිරීමට බලාපොරොත්තුවෙන් පසු වෙමි...
    එයටද විචාරයක් ලියා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...

    ReplyDelete