15 October 2011

වෙනස් අයුරින් ලොව දකින්නෙමි...

මේ පොරවුර්තිය කියලා සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ..ඒත් කියන්ටත් එපෑ.. ඇත්තටම අද මගේ ජීවිතයේ යම් කිසි වෙනසක් උන දවසක් කිව්වොත් මං හරි...

උපන් දවසේ මං ලෝකය දිහා බැළුවේ කොහොමද කියලා හරි හමන් විදියටහ කියන්න බැරි උනත්..යන්තං දැන අඳුරගත්‍ත දවසේ ඉඳලා මං මේ ලොකේ දැක්කේ මගේ ආකාරයට..මට පේන දකින විදියට.. ඒ දකින දේවල් අනුව මං මගේම කියලා මට අයිති දැක්මක් ඇති කර ගත්තා..

ඒ දැක්ම නිවැරදිම නැති වෙන්න පුළුවන් උනත් ඒ තමා මං දකින විදිය..ඒත් නොසිතූ විදියට අද හවස් අතේ මගේ දැක්මේ පැහැදිලි වෙනසක් උනා.. ඇත්තටම මං දැන් ලෝකය දකින්නේ මෙච්චර දවසක් දැක්කට වඩා වෙනස් විදියකට... සමහර විට මං මෙච්චර දවසක් දැකපු හැටි වැරදි ඇති..දැන් මං හරියට ලෝකය දකිනවා වෙන්න ඇති... ඒත් මං එකක් දන්නවා..මගේ මේ දැක්මේ වෙනස ඇති වෙන්න අන්තර්ජාල භාවිතය හුඟාක් බල පෑවා.

අවසානයේදී අන්තර්ජාල භවිතා කරන අතරේම මට තේරුනා මගේ දැක්මේ වෙනසක් විය යුතුයි කියලා..තව තවත් කල් දාලා තේරුමක් නැහැ.ඒ හින්දා මං අවසානයේදී කල්පනා කරලා කරලා මගේ දැක්ම වෙනස් කලා...

ඉතිං අද හවස පහකුත් ගානකට මං මෙතෙක් කලක් ලෝකය දැකපු ආකාරය වෙනස් කරලා ලෝකය දිහා බලන්න පටන් ගත්තා..දැනටනං හිතනෙවා මං කලින් දැක්කට වඩා හොඳට දැන් මං ලෝකය දකිනවා කියලා..ඒත් කවුද දන්නේ හෙට අනිද්දට මට හිතෙයිද කියලා කලින් දැක්කා හොඳයි කියලා..එහෙමත් නැත්තං තව ටික කාලයක් යනකල් ජීවත් වෙලා පහු පහු වෙනකොට හිතෙයිද ඒ ඒ කාලවලදිත් දැක්ම වෙනස් කරලා නිවැරදි දැක්මක් ඇති කර ගන්න...

කොහොම උනත් "සොබා දහමට නොවන අවනත ලෙවේ කිසිවක් නැහැ..."

ඒ කියමන මට නැවත වතාවක් පසක් කරමින් ඇති වූ දැක්මේ අඩු පාඩු හින්දා මං අද හවස ඉඳලා උපැස් යුවලක් පළදින්නට පටන් ගත්තා... දැන් මං ලෝකය දකින්නේ ඒ හරහායි.. ඔන්න මගේ දැක්ම වෙනස් වෙච්ච හැටි...

49 comments:

  1. //කොහොම උනත් "සොබා දහමට නොවන අවනත ලෙවේ කිසිවක් නැහැ..."//

    ඇයි හතලිස් ඇඳිරියද ?...... හි හි

    ReplyDelete
  2. මොන හුන්නස්ගිරියක්ද ? ලියන්නෙත් 500 නම් මේ මගුල් ලියන්නෙ..මේවා ඔය 500 ට දාන්න ලෑස්ති වෙන්න එපා..හරිය.

    ReplyDelete
  3. තාම තිස් ඇඳිරිය වෙන්න ඇති... මාරයා අයියා තාම තරුණයි!!

    ReplyDelete
  4. සිහ් ඇඳගත්තා එකසිය ගානට...
    දැක්ම මොක වෙතත් ඔය පීතරයා ගාව ගොඩක් වෙලා ඉන්න එකෙන් කණ්නාඩි දැමීම ඉක්මන් වෙන්ට ඇති කියා හිතේ...

    ReplyDelete
  5. අප්පේ කොම්පිතරයා ළඟ මටත් ඉන්න බෑ කන්නාඩි නැතුව... උහුලන්න බැරි හිසේ ඇම්මක් එනවා.. ටික කාලයක් නැතුව තිබ්බා දැන් ආයෙත් ඇවිත්, නැවතත් කන්නාඩි කුට්ටමට බැස්සා.....

    ReplyDelete
  6. උබට දුර පේනවා අඩුද? නැත්නම් ලගද පෙන්නේ නැත්තේ? එහෙමත් නැත්නම් මේ දෙකමද? :)

    ReplyDelete
  7. කොම්පුටරයට පින්සිද්ධ වෙන්න උදේ ඉඳන් රෑ වෙනකම් කොම්පුටරය ඉස්සරහා ඉන්න හන්දා මායි අයිති කාරයයි දෙන්නත් එක්ක ගිහින් දෙන්නටම ඔය වගේම අලුත් විදියකින් ලොව දකින්න කියලා කණ්නාඩි අරන් ආවා...හප්පා බර ගනන්..ඒත් ඉතින් ඒක මගෙ මේසෙ උඩ...මම තාමත් ලොව දකින්නෙ පුරුදු විදියටමයි....

    කමක් නෑ කමක් නෑ...දැන් ඉතින් ඕකෙන් හොඳට පේනවද ? අර වඳුරට හම්බ උනා වගේ නෙවේ නේද ?

    ReplyDelete
  8. කන්නාඩි දාන අය උගත්තු වෙනවාලු !!

    මගෙ සුබ පැතුම් අයියේ .

    ReplyDelete
  9. කණ්නාඩි දාන එක හොඳා. සමහරු ලැජ්ජාවට ඕක නොදා ඉන්නවනේ... අන්න එයාලට ටික කාලයක් යනකොට ලෝකේ නොපෙනීම යන්න ඉඩ තියනවා! :D

    ReplyDelete
  10. අෆෝ ඒ නාකි සීයා..තව වයසට ගිහින් හුහුහු :P :DDD

    ReplyDelete
  11. පිළිවෙලයි. දැන්වත් හරියට පෙනෙයිද මන්දා. :)

    ReplyDelete
  12. හොඳා හොඳා හතලිහට කිට්ටු වෙනකොට ඔහොම තමයි !

    ReplyDelete
  13. නැකතකටද කන්නාඩි දැම්මෙ . පහකුත් ගානට නැකතක් තිබ්බද?

    ReplyDelete
  14. හා හා දැන් කණ්නාඩි දාගන ඉන්න photo ඒකක් දාන්න profile ඒකට

    ReplyDelete
  15. අපෝයි උදෙන්ම මාත් ඇඳගත්තා... මටත් ඔය නව දැක්මක් ඕනේ වෙලා තියේ... මාරයා අයියේ දැක්මක් ගන්න කොල කීයක් විතර ඕනෙ වේද ???

    ReplyDelete
  16. අපෙ අප්පේ මටත් ඔය මගුල නැතුව බැහැ නොවැ මල්ලියේ දැන්. මක්කා කොරන්නද 44 නොවැ. ලේලි පාසු වයසක්ද? හැබැයි මලේ මට නම් ඔය වයසෙදි කණ්නාඩි ඕනැවුනේ නැහැ. දැන් ලස්සනට ඇති නේද?

    ReplyDelete
  17. ඔන්න හුදී ජන ලාම්පු සංවේගය උදෙසා දැම්මා පින්තූරෙටම...
    බලන්ටලා නිකං සලමොං කන්නගේ බාප්පගේ පුතාගේ මල්ලිගේ යාළුවෙක් වගේ ඉන්නවා නේද කියලා...

    ReplyDelete
  18. යන්තං ඇති .... ඔන්න මාත් ආවා සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ......

    ඇත්තටම මම බැලුවා මේ මොකක්ද කියන් හදන්නෙ කියලා, හැබැයි ඉතිං දැන් කාලේ කම්පියුටර් පාවිච්චි කරන හැමෝම උනත් ස්පෙක්ස් එකක් පාවිච්චි කරනවා නං ඇස් වලට හොඳයි ........

    ReplyDelete
  19. දැන් නං ටිකක් වයසට වඩා වයස ගිය පෙනුමක් ඇවිත් තියනවා, අනේ මන්දා .......

    දැන් නං දැක්ම විතරක් නෙමේ ජීවිතෙත් යම් කිසි වෙනසකට කාලේ හරි වගේ ......

    ReplyDelete
  20. @බුවා...

    නැහැ මේක තිස් ඇඳිරිය..:D

    ඇත්තටම තාම මට හොඳට පේනවා කිසි අවුලක් නැතිව පොත් පත්තර කියවන්න ඇහැකි..ඒත් ලැප් එකේ ස්ක්‍රීන් එක දිහා බලනකොට මගේ ඇස් පුංචි වෙනවා මටත් නොදැනිම..එතකොට ඇහැ වටේට ටිකක් රිදෙන්න ගන්නවා ඒ හේතුව එකක්..

    අනික තමා දැන් මට මීටර් සීයයක් විතර ඈතින් තියෙන වාහනයක නම්බර් ප්ලේට් එකක් කියවන්න ටිකක් අමාරුයි සමහර ඉලක්කම් හරියටම කියන්න අමාරුයි.. ඔය ගැටළු දෙක තමා හේකට හේතුව...

    ReplyDelete
  21. @ලකී...

    යකෝ මෙහෙම තමා 475ක්ම ලිව්වේ...

    ReplyDelete
  22. @නෙරංජි | Neranji...

    උඹ විතරයි නංගියේ මගේ පැත්තට කතා කරන්නේ...මේ අනිත් උංනං ඕනම නැහැ..සික්

    ReplyDelete
  23. @තිස්ස අයියා...

    හැක් හැක්...

    ඔව් බං..පීතරයා තමා හේතුව...

    ReplyDelete
  24. @හසී...

    ඈ බං හසී කෙල්ලේ..කන්නාඩි දෙකක් දැම්මම පේනවා ඇත්තේ බොලා කණ්නාඩි දෙකකට යට වෙලා වගේ වෙන්න ඇතිනේ... හැබැයි කොහොමත් හොදයි..අඩු ගානේ නගා ඉන්නවා කියලවත් අනිත් අයට හොයා ගන්න ලේසියිනේ..කණ්නාඩි දෙක පාවෙනවා දැක්කමවත්...

    ReplyDelete
  25. @සුසන්ත...

    අපේ තාත්තනං ඉස්සර ඉඳලම කිව්වේ තොට දුර පෙනෙන්නේ නැහැ කියලා...

    ReplyDelete
  26. @දිල්...

    හපෝ නැහැ වඳුරට මොනවත් අහු උනා වගේ නෙවෙයි..
    "දිලාට පරාට අහු උ‍නා වගේ.." ..:D

    ReplyDelete
  27. @සඳරු...

    අම්මපා ඔය ඇත්තෙයි..? සත්තම්පා එහෙනං මං මේක දිගටම දානවා.. තැන්කූ මලේ...

    ReplyDelete
  28. @පූසා...

    ඒක ඇත්ත මල්ලියේ..ඔය කිව්ව දේ සෑහෙන්න වටිනවා.. හුඟාක් අය තමන් ගැන ඕනවට වඩා ඇති විශ්වාසයයි.. ලෙඩක් දුකක් හැදෙන එක ලැජ්ජාවට කාරණයක්ය කියලා හිතෙන එකෙනුත් තමුන්ට කරගන්න හානිය බොහෝමයි...

    ReplyDelete
  29. @Bunny...

    ආ කවුද කියලා බැළුවා...මේ අපේ හා පැටියනේ..අම්මපා මට මෙච්චර කලක් හරියට පෙනුනේ නැහැනේ හා පැටියගේ නැට්ට කොටේ..ඔන්න අදයි ඒක දැක්කේ.. අනේ පව්.. චූටි නැට්ට කොටයක් නේද..?

    ReplyDelete
  30. @නලිනි චන්දිමා...

    තැන්කූ...
    කෝ බලන්න ඔයා දිහා මුලින්ම...:D:D:D

    ReplyDelete
  31. @Weni...

    බලං හිටු..බොලාගේ සමාජේ නියෝජනය කරන්න මට තව සෑහෙන කාලයක් තියෙනවා..

    ReplyDelete
  32. කන්නාඩි දාන වයසත් ආව... තාම තනිකඩ නේද?

    ReplyDelete
  33. යකෝ මූ කණ්නා‍ඩි දාන්න වෙලාවකුත් බලල.:D
    දැන් බොට ලෝකෙ පේන්නෙ නිල් පාටටද, කොළ පාටටද, රතු පාටටද, කහ පාටටද, නැත්තං පේන්නෙම නැද්ද?

    ReplyDelete
  34. @Gimhani...

    ඔය හැම එකටම නැකැත් බලන්න ගියොත් වෙන වැඩක් නැතිව යයි... ඒ වෙලාවට තමා මට භාණ්ඩේ හම්බ උනේ..හම්බ වෙච්ච වෙලාවෙම දාගත්තා මං ආවා...

    ReplyDelete
  35. @චතුරංග ජයවර්ධන...

    අන්න දාලා තියෙන්නේ...

    ReplyDelete
  36. @චතුරංග පෙරේරා...

    මේකටනං ඒ හැටි ගානක් උනේ නැහැ මලේ..3800/=ක් වගේ තමා ගියේ..

    ReplyDelete
  37. @වෙද ගෙදර මහ වෙදනා...

    ලස්සනදත් අහනවා..දැන් නිකං නළුවා වගේ... දැකපු අය කිව්වෙම නිකං ජෝ වගේ කියලා..

    ReplyDelete
  38. @පන්සල් හංදිය...

    ඔව් ඉස්සර අපිට ටීවී බලන්න කිව්වේ හෙන ඈතක ඉඳන්..ඒත් ඒ වගේම වෙච්ච මොනිටරේ අපි තියාගෙන ඉන්නවා ඇස් දෙක ගාවම..ඇස් නරක් වෙන එක ගැන පුදුම වෙන්ට දෙයක් නැහැ...

    ReplyDelete
  39. @Praසන්ன...

    මොනවා දැම්මත් පේන්නේ නිල් පාටටමයි බං..අනේ මංදා.. මොන අවුලක්ද කියලා...:D

    ReplyDelete
  40. අප්සට් ගතියක් කාළයක් තිස්සේ දැක්කා. පොටෝ එක එහෙම හැමදාම මාරූ කරනකොට.

    ReplyDelete
  41. හුටා තාම 40 උනෙත් නෑ නේද

    ReplyDelete
  42. බලමුකෝ අලුත් දැක්මෙංවත් කෑල්ලක් සැට්වෙයි දෑ කියල......පහුවෙන්ට වෙන්ට මේකගෙ කනවැල අල්ලන්ට බල්ලෙක්වත් නැතුව යනව......කෑල්ලක් කිව්වට සම්පූර්න එකක්ම බලාපන්... හැට පැන්න තොට කෑලි අරං මක්කොරෙන්ටෙයි....

    X-Porter

    ReplyDelete
  43. පොඩි ප්‍රොෆෙෂනල් ගතියක් ලැබිලා . 40 ඇඳිරිය ආවේ ඉස්සර දැන් කලින් එනවා වගේ . නැත්නම් වයස හැංගුවා වත්ද . මොනවා වුනත් අර 500 ට මේවා ඔට්ටු නැහැ හරිද

    ReplyDelete
  44. මම හිතුවේ මාරය සෝවාන් වෙලා කියල :D

    ReplyDelete
  45. මාරෙ අයිය මමත් හෙට ඉස්පිරිතාලෙට යන්න ඉන්නෙ ඇස් චෙක් කොරගන්න... දැන් පේන්නෙ ඩබල් වෙලා බන්... ළගදිම අලුත් විදිහකට ලෝකෙ දිහා බලන්න වෙයි මටත්..

    ReplyDelete
  46. මටත් ඔය ප්‍රශ්නේ ආවා දැන් ටික කාලෙකට කලින්
    අපි දැන් ඉතින් වයසක උදවියනේ

    ReplyDelete