13 November 2011

500ක්..සහ දෙවර්ෂයක්...

මේක හරි යන්නේ නැහැ..දැන් තුන් පාරක් ලිව්වා...ආයේම මැකුවා... ටිකක් ලියාගෙන යනකොට මට හිතෙනවා මං හෙන පඩි ටෝක් දෙනවා නේද කියලා... ඒ ගමන දෙපාරක් නොහිතා කන්ට්‍රෝල් බට්න් එකත් එක්ක ඉංගිරිසි ඒ අකුර ඔබනවා.. ඩිලීට් බට්න් එක ඔබනවා..තුන් පාරක්ම දැන් මේක කලා... මට දැන් ඇති වෙලා..

කොටින්ම කිව්වොත් මේ ලියන්නේ මාරයාගේ හෝරාවේ 500 වෙනි සටහන.. මේක ලියන්න මං පටන් ගත්තේ 2009 අවුරුද්දේ නොවැම්බර් මාසේ 8 වැනිදා.. ඒ කියන්නේ දැනට අවුරුදු දෙකයි දවස් 5ක් විතර වෙනවා...

අවුරුදු දෙකක් ඇතුලත ලිපි 500ක් ලියපු මට අද මේ 500 වෙනි ලිපිය දිගට ලියාගන්න බැරි ගතියක් තියෙනවා.. ඒ හින්දා මං මේක කෙටියෙන් දැන් අවසන් කරනවා... මාගල් වගේ ලිපි ලියපු මට මෙහෙම වෙලාවට මොනවා ලියන්නද කියලා තේරෙන්නේ නැහැ... ඔය දේම මට කලින් වතාවකත් උනා.. ඒ පන්සලේ චෛත්‍යය හදලා හැම පින්කමක්ම ඉවර කරලා අවසානයේ සතියකට විතර පස්සේ ඉරිදා රෑක තිබ්බ පුණ්‍යානුමෝදනා ධර්ම දේශණය..

ඇවිත් හිටිය විශාල පිරිස පංච ශිලයේ පිහිටවලා ආරම්භය අරගෙන විස්තර සහිතව වචනයක් කියන්න කියලා පටන් ගත්තා විතරයි මට වචන හොයා ගන්න බැරි උනා... ඒ තරමට හිතේ සතුට දෝර ගලා ගියා.. මං කලේ චෛත්‍යය දිහාත් ඇවිත් හිටිය අයත් දිහා මාරුවෙන් මාරුවට බල බල හිටිය එකයි... මට තේරුණා එදත් ඇස් වලින් පැනපු කඳුළු කම්මුල් දිගේ ගලාගෙන යනවා..මුලින්ම තරමක් උණුසුමටත්..පහලට එන්නට එන්නට හීතල වෙමිනුත්...

ඇත්තටම මට එදා ඇඩුනා.. මං දිහා බලං හිටිය පේන තෙක් මානෙක හිටිය දායක දායිකාවොත් කඳුළු වගුරවන්න පටන් ගත්තා.. මට එයිට වඩා කියන්න දෙයක් තිබුනේ නැහැ.. අන්තිමේදී බොහෝම අමාරුවෙන් වචන හොයාගෙන මං කිව්වා හැම දෙනාටම බොහෝම පිං කියලා... වචන පටල පටලා...වෙනදට පැය දෙක තුන එක දිගට කිසිම පැකිලීමකින් තොරව බණ කියන මට එදා කියාගන්න වචන හොයා ගන්න පුදුමෙට අමාරු උනා...මිනිස්සු හැම දෙනාම කදුළු අතරින් එක දිගට සාධුකාර දෙන්න ගත්තා..හරියට මුහුදු රැල්ලක හඩ වගේ.. විනාඩි ගාණක් එක දිගට.. අඩුවේගන වගේ ඇවිත් ආයෙම පටන් ගන්නවා... මං බලාගෙන හිටියා.. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.. ඒ තමයි මං උපන්නට පස්සේ ඒ උපන් හේතුවට සාධාරණයක් කල වටිනාම අවස්ථාව වගේම එහෙම කාර්යයකට ලැබුන ලොකුම ත්‍යාගය...

එදා වචන හිර උනා වගේ අදත් මට කියන්න වචන නැහැ.. මේ තමා මං ජීවිතේ කල දෙවන ලොකුම කාර්යය... ඒ කාරියේදී ඒක ඇදගෙන යන්න උදව් උන හැම දෙනාටම බොහෝම පිං... එයිට වඩා මට කියන්න දෙයක් අද නැහැ...

ස්තූතියි...

මාරයාගේ හෝරාව ලියූ මාරයා නොහොත් කැකුළාවල විදානේලාගේ චතුෂ තුෂර කුමාර කැකුළාවල වන මාගේ අවංක ආදර ස්තූතිය මෙතෙක් කලක් මා හා රැඳී සිටි ඔබ සැමට මෙසේ පුද කරමි...

116 comments:

  1. උණුසුම් සුබ පැතුම් අයියේ.. ජයවේවා!!

    ReplyDelete
  2. හපොයි..මම දෙකද ?

    ReplyDelete
  3. හැපි බාත් ඩේ අයියේ සුභ පැතුම්

    ReplyDelete
  4. 500 ට දෙදාහක් ආයිබෝ වේවා !
    ස්වනිම්මිත වසවර්තියේ මාර මස්සිනාට මකර අධිරාජයාගෙන් ගින්දර පිරි උණුසුම් සුබ පැතුම් !

    ReplyDelete
  5. සුබ පැතුම් චතුෂ.තව තවත් ලියන්න ශත්කිය ධෛර්ය ලැබේවා.

    ReplyDelete
  6. ‍මාරයාගේ හෝරාවේ 500 පසු කරන චතුශ කුමාර නොහොත් මාරයාට උණුසුම් සුභ පැතුම්.

    මමත් දිග කොමෙන්ට් එකක් කෙටුවා බන්..පස්සෙ හිතුනා පඬි ටෝක් දෙන්නෙ මොනවටද...අපි අපිනෙ බන්..ඔන්න ඔහෙ මේක මේ කලා වගේ පුලුවන් තරම් කාලයක් ඇදගෙන යමු...

    ReplyDelete
  7. උණුසුම් සුභ පැතුම් මාරයෝ. . . . :) :) :)

    ReplyDelete
  8. මේකට සාධු කියන්න බෑනේ... ජයවේවා කියන්නම්!

    ReplyDelete
  9. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ

    ඕක අමතක කරල දාහං බං .

    පැය දෙක තුන එක දිගට කිසිම පැකිලීමකින් තොරව බණ කියපු උඹට ඔන්න මම සූටි බණක් කීවා කියා හිතා ගන් :)

    ReplyDelete
  10. බොහොම ස්තූතියි අපිව, අයියගේ අත්දැකීම් ගැන කියලා අපිටත් අළුත් අත්දැකීම් එකතු කලාට...!

    සුභ පැතුම්....!

    ReplyDelete
  11. chaithya hadala sathutata kandulu aawa kiwwama sirawata matath kandulu inuwa.digaatama liyanna ayye

    ReplyDelete
  12. සුභ පැතුම් අයියා.. මේ කරන කාර්යය දිගින් දිගටම හොඳට කරගෙන යන්න...

    ReplyDelete
  13. ගොඩක් සතුටුයි මාරයියගේ බ්ලොග් එකේ සැමරුම් සේරටම වගේ මමත් හිටියා,,,තවත් කාලයක් මේ බ්ලොග් එක කියවන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  14. Congratulations on your 500th post!

    ReplyDelete
  15. මාරයියාට ජය වේවා. මෙතුවක් කල දේට බොහොම පිං. අද වචන එන්නේ නැති වුනත්, තව කොච්චර දේවල් තියෙනවාද ලියන්න.

    ReplyDelete
  16. මෙන්න මගෙනුත් හැගින්බර සුබ පැතුම්.....

    ReplyDelete
  17. ජය වේවා............. පන්සීයට දහ දහාක් ලියන්න වාසනාව ලැබේවා...........

    ReplyDelete
  18. ජය වේවා...මාරයෝ..තව තවත් ලියන්නට අවකාශ ලැබේවා..

    කුරුම්නියා.

    ReplyDelete
  19. මම බ්ලොග් අවකාශයට අවතීර්න උනේ ඔබේ බ්ලොග් එකක් කියවීමෙන්..දැනට අවුරුද්දකට පමණ පෙර..ඔබටත් බොහොම පිං අපිත් සමග ඔබේ දැනුම බෙදාගන්නවාට. ඒවගේම ඔබ අපිට ඉතා හිතවත් සහෝදරයෙක්...ජය පතනව .ඔබට වගේම අපිටත් අමාරුයි දීර්ඝ ලෙස ලියන්න . හැගීම්බර අවස්ථාවක් නිසා.

    ReplyDelete
  20. ඇත්තෙන්ම මේබ්ලොග් කලාව බොහොම ලොකු ආත්ම තෘප්තියක් ලබා දෙන වැඩක් මාරයෝ . .

    අදහස් බෙද ගන්න . . හිතවත්කමත් තියාගෙන මරා ගන්න මේ බ්ලොග් කෙරුවාව තරම් වෙන එකක් තියෙනවද හැකයි . .

    ජය වේවා . . දිගටම ලියමු . . .

    (හැබැයි කාන්තාරේ ඉන්න අපේ කටවල් වලට කෙල උනන කෑම ජාති ගැන අඩුවෙන් නොලිව්වොත් හිතවත් කම් පැත්තක දාල මරා ගන්න එනවා හරිය . .)

    ReplyDelete
  21. මං මේකට මුකුත් කියන්න ඔනිද ?
    හාකො..
    ජය වේවා..!
    උඹේ වයසේ හැටියට මාරයියේ.. 500 ඇද්ද එක ගැන මං මාර සතුටු වෙනවා.. උඹේ කෑම ජාති සිරා.. ඒකයි ඔය තරම් කාලයක් අල්ලං උන්නෙ..
    කොමත් 750 ලියන කොට වල කජ්ජ ගහවි :P

    ජය වේවා..!!

    (හෙන ගහපං මට ගහන මඩ වලට :P)

    ReplyDelete
  22. ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් .......
    මම මුලින්ම මාරයගේ බොලොක්කෙ කියවන්න ගත්ත දවස්වල හිතුනා, මේ හාදයා ටිකක් අමුතු පොරක් කියලා, ඒත් පස්සෙ හිතුනා ඒ උනාට අවුලක් ඇති පොරක් නෙමේ කියලා ....

    ජයෙන් ජයම වේවා ......

    ReplyDelete
  23. කොච්චර අඩු පාඩු තිබුනත් අපෙ ගෙදර
    මෙහෙම වෙලාවට බොනවා "තේ" වතුර

    ආයේ ඊලඟට ඉතිං පලාත් සභා ඇමති වුණු දාට තමා මෙහෙම මුව ගොලු වෙන්නේ.... යමු යමු...

    ReplyDelete
  24. ජයවේවා..! ඉවුම් පිහුම් දියුණු වේවා..!!! මාරයාටත් බ්ලොගියටත් ආයුබෝවේවා..!!!

    ReplyDelete
  25. මාරයා අය්ය අදත් මේ පොස්ට් එක ලියල තියෙන්නෙ ගොඩක් හෑගීම්බරව වගේ.500ට සුබ පැතුම්!!!

    ReplyDelete
  26. මොනවා කියන්නද මාරයියේ ... නියම නම ලස්සනයි තමා. ඒත් ඉතින් මාරයා කියන තරම් ගතියක් නෑ... 500 ක් ගැහුවා කියන්නේ ගොඩ තමා... මේ බ්ලොග් අවකාශේ ගොඩක් දෙනෙක්ගේ පරමාදර්ශී බ්ලොග් ආදර්ශය ඔයා තමා. ඒක නිසා පන්සලේ චෛත්‍යය හැදුවා වගේම ඒ ගැනත් ඔයාට හදවතින්ම සතුටු වෙන්න පුළුවන්...

    දිගින් දිගටම ලියමු... 1000 ත් ගහමු... මැරුනත් බ්ලොග් එකනම් නවත්තන්න එපා... ජයෙන් ජයම වේවා අයියේ... සුභ පැතුම් !!!

    ReplyDelete
  27. උණුසුම සුභ පැතුම් අයියේ..
    දිගටම ලියමු. 1000 වෙනි පෝස්ට් එකටත් මේ වගේම සුභ පතන්න බලාගෙන ඉන්නවා අපි :DDD

    ReplyDelete
  28. උණුසුම් සුභ පැතුම් !
    වචන දෙතුන් සියයක් අත ඇරලා වචන තුනකින් කිව්ව ඕන් !

    ReplyDelete
  29. ඔන්න මාරයියේ දිල්ගෙනුත් ..දිල්ගෙ වෙන්න මහත්තයාගෙනුත්...ඉඳ හිටක හරි පැත්තක ඉඳන් අයියගෙ ලිපි කියවමින් හිනා වෙන මගෙ මිනූ නංගාගෙනුත් සුබ පැතුම් !....

    අග මුලට කුකුලා කියලා දාලා තියෙන්නෙ ඇයි කියලා මට තියෙන්නෙ සැබෑවටම සැකයක්....ඇත්තටම ඇයි ඒ .... :P

    ReplyDelete
  30. සුබ පැතුම්!!! තව වසර ගනනක්ම මෙලෙස ලියනු ඇතැයි සිතමි.
    මැණික්

    ReplyDelete
  31. ඔය 500න් හැම එකක්ම නැතත් බහුතරයක් මම කියවල ඇති.ෆන් ගන්න හිනා වෙන්න ලියන ලිපි නැති තරම් උනත් අපි කියෙව්ව.ඒ අපේ ජීවිත වලට ගන්න දෙයක් තිබුන නිසා.සමහරු කෑම ජාති පවා හැදුව.සමහර දවස් තිබුන එක දවසට පෝස්ට් දෙක තුන දාපු.මේ යකාට මෙච්චර ඒව ලියන්න කොහෙන් ඔලුවට එනවද කියල හිතුන වාර අනන්තයි.කෝම හරි අයියෙ උඹ ලියනකල් අපි කියෝනව.හදවතින්ම සුභ පතනව මේ කඩඉමට.ජයම වේවා !!!

    ReplyDelete
  32. කුකුළාවල විදානෙලාගෙ! ගැලපෙන නම!! :D ඒත් ඇයි ඒ මුළින් කුකුළා, අගින් කැකුළා?

    මේක අසාධාරනයි. මට නෙට් එන්න විදිහක් නැති බව දැන දැනම මේක දැමීමෙන් මට පළවෙනි කමෙන්ට් එකට තරග කිරීමට තිබූ අවස්ථාව ඉතා කුරිරු ලෙස උදුරාගෙන තියෙනවා. යන්තමකට හරි සැනසිල්ලකට තියෙන්නෙ ලකීටත් එක වෙන්න බැරි වුණු එක විතරයි. :D

    500, 5000ක් කරා යන දවසකටත් අපිට දකින්නට ලැබේවා. සුභ පැතුම්.

    ReplyDelete
  33. මාරයගෙ යටිකූට්ටු වැඩක් නිසයි මට එක වෙන්න බැරි වුනෙ...මූ මුණු පොතේ වැඩකට නැති කොමෙන්ට් එකක් දාලා මගෙ ඇහැට වැලි ගැහුවා..නැත්නම් අද නලිනිට හු..හු...

    ReplyDelete
  34. මාරයෝ බ්ලොග් එකනම් නිතිපතා කියෙව්වත් ඉඳලා හිටලා කොමෙන්ටුවක් දාන්නේ, ඒත් අද කොමන්ටුවක් නොදමා යන්නෙ කොහොමැයි..?

    මම කියවපු රසවිදපු බ්ලොග් වලින් වෙනස්ම ආකාරයක බ්ලොග් එකක් "මාරයාගේ හෝරාව" ඒ වෙනස වෙනස් නොවී දිගටම ලියන්න සුභපැතුම්..!

    චතුෂ ඔබට ජය!

    ReplyDelete
  35. ලකීටත් බැරි වුණානෙ. හූ හූ හූ

    ReplyDelete
  36. ලිපි පන්සීයම කියවලා නම් නෑ මාරයියේ . ඒවුණත් මේකෙන් කියවාපු ලිපි ඩිංගිත්තම ඇති මේ බ්ලොග් එක හිතට වදින්න .

    කාවවත් පාගලා හරි කපා දාලා හරි ලබාගත්ත ජයකට වඩා උඹ ලබාගත්ත පන්සලේ ජයයි බ්ලොග් අවකාසේ මේ ජයයි වටිනවා .. මරන මංචකේදී සිහිපත් කරන්න තියෙන්නේ ඔන්න ඔච්චරයි බං ..

    500ටයි දෙවසරටයි මගෙන් සුබ පැතුම් !!

    ReplyDelete
  37. මාරයි හොඳේ ! දැනට 500 1000ක් 2000ක් කරගන්න සුබ පැතුම්!!

    ReplyDelete
  38. 500ට මගේ උණුසුම් සුභ පැතුම් මාරයියේ. 500 ඉක්මනටම 1000 වෙන්නත්, වඩ වඩාත් හොඳින් ලියන්නත් ශක්තිය ධෛර්යය ලැබේවා කියල පතනවා. ඇඟිලි පන තියනකල් බ්ලොග් ලිවිල්ල කරාවි කියල අපි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  39. උණුසුම් සුබ පැතුම් අයියේ.. ජය!

    ReplyDelete
  40. සුභ පැතුම් මචෝ!හැමදේටම!

    ReplyDelete
  41. ane marayye thula lagne gana kiyapanko.

    ReplyDelete
  42. ගොඩක් වෙලාවට ඇවිල්ල කියවනව... ඒත් කොමෙන්ටු නොලියම යනව.. සමහර දාට ලියලත් යනව... අද නම් ලියන්නම හිතුන...

    මාරයාට සහ මාර බ්ලොග් එකට නදුන් උයනේ සුභ පැතුම් මෙන්න... !!!

    ReplyDelete
  43. මාරයාට අඩුම ගනනේ පොස්ට් 2500 ක්වත් ලියන්න ශක්තිය ලැබේවා....

    ReplyDelete
  44. උණුසුම් සුභ පැතුම් මචං...

    ReplyDelete
  45. "මාරයියේ: ඕං මගෙනුත් උනුසුම් සුභපැතුම්. මෙවුවා මෙහෙම සමරන්න බෑ බං. අපි නෙලුම් කොලේටවත් ගෙහුං සමරමු

    ReplyDelete
  46. ඔන්න ඉතින් අපිනම් නිව් එන්ට්‍රීස්ලා. 500ම කියවන්න තවම බැරි උනා.මේ සිංහල බ්ලොග් සීන් එක මට ලඟදි ඇස ගැටුනෙ. එහෙන් මෙහෙන් කියවල පොඩි කික් එකක් දැනෙන්නෙ දැන් තමයි.මයි ගෝට්!!
    ඔබට සුබ පතුම්!
    -ඇනෝ

    ReplyDelete
  47. *සුබ පැතුම්

    ReplyDelete
  48. මම නම් හොරෙන්ම බලල කියවල ගියාට කොමෙන්ට්ස් දාන්නෙ නැහැනෙ...ඒත් ඔන්න මේපාර සුභ පැතුම් ...!! තවත් 1000 ක් ලියන්න වාසනා වේවා..!!!

    ReplyDelete
  49. ලිපි 500ටයි දවුරුද්දටයි උණුසුම් සුභ පැතුම්!

    පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. ජ්‍යොතිෂ කටයුතු සම්බන්ද ලිපි මගේ ජ්‍යොතිෂ කාර්යාලය බ්ලොග් එකෙයි(ත්) පලකරනවානම් ගොඩක් වටිනවා. ලංකාවෙන් පිට ඉන්න ලිපි කියවන්න වෙලාවක් හොයාගන්න බැරි අයට නැකතක් හදාගන්න හදහන බලවාගන්න එය පහසුවක් වේවි.

    -අම්බි

    ReplyDelete
  50. උණුසුම් සුබ පැතුම්..උන්නා හැටියට අර මොකද්ද උනා වගේ තව ඇදගෙන යමු..ජයෙන් ජය....

    ReplyDelete
  51. ඔබී & ඔබා ගෙනුත් සුභ පැතුම්...!!!

    සෑහෙන්න බොන්ඩ වෙයි වගේ....500 යි අවරුදු දෙකයි සමරන්න.

    'කුකුළාවල විදානේලාගේ චතුෂ තුෂර කුමාර කැකුළාවල'
    කුකුළ කොහොමද බොල කැකුළ වුනේ?

    ReplyDelete
  52. සුභ පැතුම් අය්යේ.. හිතුමතේ නම් ගොඩාක් පොස්ට් කියවලා නැ බ්ලොග් එකේ.. ඒත් කියවපු ලිපි ටික හිතට දැනිලා තියනවා.. ලිපි 500ට 1000කට එහා ලියන්න ශක්තිය ලැබේවා අය්යේ

    ජයවේවා

    ReplyDelete
  53. මුලින්ම ඔන්න ම්ගෙනුත් උනුසුම් සුබපෑතුම්,එක නෙමෙයි මාරේ අයියේ උඹ මේ කියන්නේ මේ ලිපියෙන් බ්ලොග් කෙරුවාව නවත්තනවා කියලද.....පිස්සු නම් කෙලින්න එපා දිගටම ලියමු...

    ReplyDelete
  54. @ ඔබා අය්යෙ: මමත් අහන්නෙ ඒකම තමයි. පරම්පරාව කුකුළො වෙලා මෙයා කැකුළෙක් වෙන්න බෑ.
    අනික් අතට කට බොරු කිව්වත් දිව, සොරි, ඇඟිලි, බොරු කියන්නෙ නෑ වෙන්න ඕන.

    ReplyDelete
  55. සාධු සාධු සා.......සාධු සාධු සා.......................සාධු සාධු සා..... ///

    ReplyDelete
  56. ජය වේවා කිවුවා මචෝ..!!

    @නලිනි & ඔබා,

    // ඒත් ඇයි ඒ මුළින් කුකුළා, අගින් කැකුළා? //

    ඕක පොඩි මිස් ප්ලේස් එකක් නෙවැ.. හරිනං වෙන්න ඕන "මුළින් කැකුළා, අගින් කුකුළා" කියලා මයෙ හිතේ..

    ReplyDelete
  57. ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න. ජයවේවා...

    ReplyDelete
  58. @ බුරා: +++++++++
    කැකුළාවල විදානලාගෙ චතුෂ තුෂර කුමාර කුකුළා වලා
    ඕක තමා හරි නම

    ReplyDelete
  59. අප්පද බොල මාරයෝ, 500 නොට් අවුට්....හෙට අනිද්දා බ්‍රයන් ලාරාගේ 500 නොට් අවුට් රෙකෝඩ් එකත් උඹ කඩාවි....!

    සිංහල බ්ලොග් අවකාශය වර්ණවත් කරණ උඹේ බ්ලොග් එකට සදා ජය.....!

    සාදු සාදු සාදු....! ආහ් සොරි....! හුරේ හුරේ හුරේ.....!

    තිසා තේ බීලා මේක සෙලිබ්‍රේට් කරාට මටනම් දෙකක් නවාගෙන සෙලිබ්‍රේට් කරන්න හිතෙනවා....!

    ReplyDelete
  60. පන් සියාට ජයවේවා...!!!
    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
  61. කුකුළාවල විදානේලාගේ චතුෂ තුෂර කුමාර කැකුළාවල වන ඔබට පැන්ඩෙක් ජිවිතේට කතා කරල තියෙද? නැනෙ මෙන්න ඒ මහගු අවස්ථාව..නැ නැ බය වෙන්න කාරි නැ ඔයාට වෙරි නැ මේ බ්ලොග් ලියන පැන්ඩා..
    හරි දැන් 500ක් ලිව්වා තමයි ඒත් මේ ලිපිය ලියල තියෙන පොට එච්චර හොද නැ..500ක් ලිව්වට කාරි නැ තව ලියමු..ඔන්න අපි නම් ලැස්ති නැ මරයාගෙ හොරාව කියන බ්ලොග් අවකාශෙට දැම්ම ම මතක බණ කියන්න හරිය...
    මාරය කියන්නෙ අපේ බ්ලොග් නවත්තල මෙහෙන් අකුලගෙන යන්න ඕනි වෙලාව අපිට කියන කෙනෙක් මිසක් අපි ඉන්දැද්දි එයා අකුලගෙන යනව වගේ වැඩ කරන කෙනෙක්ට නෙවෙ හරිය..

    ReplyDelete
  62. මටත් ඇඩුනා මෙහෙම තමයි මගේත් හැටි. සමහර වෙලාවට සංවේදී වෙනවා. ඔබ මගේ බ්ලොග් ගුරුවරයා. කකාත්, පිස්සාත් තමයි බ්ලොග් සහෝදරයෝ. මට ඔබට කියන්න තියන්නේ. අපි හැමෝම ඔබගේ ඊලඟ ලිපිය එනතෙක් බලා සිටිනවා. ඊලඟට ඊලඟ එක.....ඊලඟ....ඊලඟ.................1000........ඊලඟ.....

    ReplyDelete
  63. බොක්කෙම්ම සුබපැතුම් මාරයියේ...

    ReplyDelete
  64. බොහොම ස්තූතියි ...! සුභ පැතුම්....!

    ReplyDelete
  65. කැකුල හරි කුකුළ හරි කමක් නෑ ඔන්න මගෙනුත් බොට උණුසුම් සුබ පැතුම්.
    500, 50000 ක් කරගන්න හැකියාව ශක්තිය ලැබෙන්න ඕන.

    ReplyDelete
  66. 500ට සුභ පැතුම්. දිගටම ලියමු..ජය වේවා!!

    ReplyDelete
  67. ඔන්න මාරයා අයියෙ මගෙනුත් උනුසුම් සුභ පැතුම් ...... , වැඩිය කියන්ඩ දෙයක් නෑ ලිපිය මැද දි පොඩි කදුලු බින්දු දෙකක් වැටුනා එච්චරයි . 500 ක් වෙනකං හිටියා වගේම ඉස්සරහටත් අපි ඉන්නවා.........ලියන්න දිගටම ලියන්න.........................

    ReplyDelete
  68. සුභපැතුම් මාරයියේ. උ‍ඹේ පන්සල් කතා සෙට් එක අහම්බෙන් මට අහුඋන දවසේ ඔෆීස් ඇරිලා පැය ගානකට ගෙදර නොගිහිං තමයි මම කියෙව්වේ.500 5000 වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    මෙච්චර සතුටු දවසකත් මුං කුකුල් කතාවක් ඇදල ගත්තනෙ.:D

    ReplyDelete
  69. මාරයාට ජයවේවා... තව තව අළුත් කතා බිහිවේවා...!!
    සුභ පැතුම් අපෙනුත්..

    ReplyDelete
  70. උණුසුම් සුභපැතුම්, ආයෙ මොකටද බොක්කෙන්ම…

    ReplyDelete
  71. සුභ පැතුම් කුමාර, තව තව ලිපි ලියවෙන්න අදහස් සහ ශක්තිය පහලවේවායි යන්නද පතමි...

    ReplyDelete
  72. උණුසුම් සුභ පැතුම් මාරයා...
    තව ලියමු,
    ඔක්කොම නෙමෙයි අඩුම ගානේ 450 ක්වත් මම කියවල ඇති.
    කවි වලට ඒ තරම් මනාප නැති නිසා ඒවා ටිකක් උඩින් පල්ලෙන් තමයි බැලුවේ.
    උඹගේ බ්ලොග් එකත් ලොකු හේතුවක් උනා මටත් බ්ලොග් එකක් පටන් ගන්න ආසාවක් ඇති වෙන්න.
    ජයෙන් ජය.... !!

    ReplyDelete
  73. සුබපැතුම් මාරයියේ...

    ReplyDelete
  74. හදවතින්ම සුභ පැතුම් අයියණ්ඩියේ. මුනිච්චාවට කතාකරන මිනිස්සු පිරිලා ඉන්න කාලෙක ඔයා හදවතින්ම මනුස්සයන්ට කතා කරන කෙනෙක් අයියේ. දිගටම ලියන්න. නලිනි අක්කා කිව්ව වගේ 5000 ලියන වෙලාවටත් අපිට සුභ පතන්න එන්න ලැබේවා.
    (මාරසරණිය නම් දිගටම දාන්න. එතකොට මට පුළුවන් දීග යන දවසක හොදට උයන්න පුරැදු වෙලා යන්න)

    ReplyDelete
  75. "කැකුලාවල" , මාරයාගෙ වාසගම කැකුලාවලද ? අපේ අම්මගෙ වාසගමත් ඒකමයිනෙ. එතකොට මාරයාගෙ ගම කොහෙද?

    මලිති

    ReplyDelete
  76. //කැකුළාවල විදානලාගෙ චතුෂ තුෂර කුමාර කුකුළා වලා
    ඕක තමා හරි නම//

    අපේ දොස්තර නෝනා කොහොමෙයි මෙච්චර හොඳට මේවා දන්නේ...

    ReplyDelete
  77. සුබ පැතුම් .. මලයා.
    ඒ වුනාට අර අන්තිමට දාල තියෙන සම්පූර්ණ වාසගමත් එක්ක තියෙන වාක්‍යය නිසා මට හිතුනා .. මින් ඉදිරියට ලියන්නෙ නැතුව වත්දෝ කියල.

    ReplyDelete
  78. වැඩි වැඩියෙන් ලියන්ට වාසනාව සහ ධෛර්යය ලැබේවා!

    ReplyDelete
  79. සුභපැතුම් මාරයියෙ! දිගටම ලියන්න...

    ReplyDelete
  80. එල ඇ....
    සුබ පැතුම්!
    1000 වෙනි පොස්ට් 1ටත් කමෙන්ට් කරන්ට බලාපොරොත්තුවෙමි

    ReplyDelete
  81. අවුරුදු දෙකක් පෝස්ට් පන්සීයක් කියන්නෙ එව් රි අද ඩේ එක පෙඔස්ට් එකක් කියන එකනෙ. ඕක ලේසි පුතෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවි. සුභ පැතුම්!

    ReplyDelete
  82. මාර අයියේ එකෙන්ම සුභපැතුම්....1000ටම යන්න ධෛර්ය ශක්තිය ලැබේවා....

    ReplyDelete
  83. සුභ පැතුම් අයියා... තව දාහක් විතර ලියන්නට ලැබේවා...

    ReplyDelete
  84. සුබ පැතුම් මාරයෝ....

    500 ටත් කොමෙන්ට් කරනවා ඔන්න

    ReplyDelete
  85. සුබ පැතුම් මාර අයියේ.... මගේ බ්ලොගෙටත් අවුරුදු 2යි.. එත් පෝස්ට් නම් 119 යි හික් හික්...

    ReplyDelete
  86. විකාර බහුබුත නැතිව පල් හෑලි වලින් තොරව කම්මැලි නැතුව එක හුස්මට කියවන්න පුලුවන් බ්ලොග් එකක් නිසා තමා මේ තාක් දුරට කියෙව්වේ.500 ට මගේ උනුසුම් සුබපැතුම් පිරිනමන ගමන්ම තව තවත් ලියන්න ​ධෛර්යය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!!

    ReplyDelete
  87. උණුසුම් සුභ පැතුම් අයියේ.. තව තවත් ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  88. මාරයා..

    අල්ෆ් මබ්රූක් .... !!! ( දහසක් සුභ පැතුම් )..

    මේස ලග්නෙට පිං සිද්ධවෙන්න හරි ... අර පංසීයෙන් නවත්තන කතාව වෙනස් වෙච්ච එක හොඳා...

    - සපතේරු උන්නැහේ..

    ගෙදර අන්තර්ජාල පහසුකම අවටියෙල් වී ඇත... දවසක් දෙකක් කාටවත් ප්‍රතිචාර දක්වන්න නොහැකිවනු ඇත.. මේක කොටන්නෙත් ජිම් එකේ පොදු පරිගණකයක...

    ReplyDelete
  89. කැකුළාගේ පන්සීයවැනි පොජ්ජ මන්දවීමේ සතුටු පොජ්ජ මෙන්න!!!

    ReplyDelete
  90. 500ට 2500ක් සුභ පැතුම්!!

    ReplyDelete
  91. මාරේ අයියට මගෙනුත් සුබ පැතුම් !!
    දිගටම ලියනවා නේ ??

    ReplyDelete
  92. සුබ පැතුම් ලොකු අයියේ..තව තවත් ලියන්න දහිරිය ලැබේවා..

    ReplyDelete
  93. මාරයා එදත් කුකුළා.... අදත් කුකුළා .... නේ...
    500 හීනියට වගේ සැමරුවේ නැතෙයි...?

    ReplyDelete
  94. කුකුලා නොවෙයි කැකුලා,
    මාර වැඩක් මහත්තයෝ
    සත්තකින්ම!
    චියර්ස්, cheers!
    හිපිප්... හුරේ
    හිපිප්.... හුරේ
    හිපිප් .. හුරේ

    ReplyDelete
  95. බ්ලොග් අඩවි දිග් විජය කල මාරයියාට ජය වේවා..................

    ReplyDelete
  96. හැමදාම මාරයා ලියපු දේවල් කියෙව්වා.අදයි කොමෙන්ටුවක් දාන්නේ.
    ජයෙන් ජයම වේවා. 1000ත් ඉක්මනට ලියවේවා......

    ReplyDelete
  97. මගෙනුත් 500 ට සුභ පැතුම් ලොක්කා.තව තවත් ලිවිමට ෆිට් එක ලැබේවා.

    ReplyDelete
  98. මුලින්ම සුබ පැතුම්!

    මට නං 500 හීනයක්. අවුරුදු දෙක කිට්ටුවට ඇවිල්ලත්.

    පන්සල් කතා අය ලියනවනම් මම කැමතියි.

    ReplyDelete
  99. උණුසුම් සුභපැතුම් මාරයා.

    ReplyDelete
  100. චිකේ මන් හරිම පරක්කුයි . දවස් ගානකට පස්සේ සයිබරේට ආවේ . පටන් ගත්තේ මෙතනින් .
    උණුසුම් සුබ පැතුම් ..ආයේ මොනවද ඔය ලිව්වා වගේ දිගටම ලියන්න . ජය

    ReplyDelete
  101. එල කිරිස් 500 ට 5000ක් ලියන්න ආයුබෝ වේවා!!!

    ReplyDelete
  102. මාරයෝ අවසන් කරලා තියන විදිහ නම් එච්චර හොද නැහැ....
    දිගටම ලියපන් මලේ.... උබට ජය..

    ReplyDelete
  103. මගේ මරණය මාර්ගයෙන් මම මෙහි පැමිණියෙමි.. මුලින්ම කියවුයේද ඔබගේ මෙමෙ 500 වෙනි ලිපියයි,,, ලස්සනයි,,, ජය නියතයි..

    ReplyDelete
  104. මාරය පන්සීයෙන් නවත්තලද ? අඩුම ගානෙ comments වත් කියවල නැහැ වගෙ. මොකද මේ කියල තියෙන ඒවට "ස්තුතියි" කියලවත් කියන්න ඕනෙ නැද්ද ම්ං අහන්නෙ.

    මම මිගාර

    ප.ලි මාරයගෙ හෝරාවට පාංසකූලේ දෙන්න වෙලාවත්ද? අනේ ලමා..යි හොයමුකො මාරයට මොකද උනේ කියල. සෙනසුරු මාරුවෙද්දි සෙනසුරා මාරයාවත් අර්ං ගියාවත්ද තනිය මකන්න?

    ReplyDelete
  105. යකෝ ඔය අයියා, මල්ලී ගාගෙන ඉන්න එවුන්ට කියවන්ට වගේම, උඹ නිදහසේ වෙන කවුරුවත් නැති විදියට ලියපු ලිවිල්ල ලියපං කෝ මාසෙකට සැරයක්වත්..

    ඉලක්කං 4ක ගණනක් ලියන්ට ලැබියං.

    ReplyDelete
  106. මාරයා පොඩි ඇඩ් එකක් බොලව් දාන්නේ.තව දවසකින් දෙකකින් ඇවිත් ආපහු ලියයි බ්ලොග් එක. :D

    ReplyDelete
  107. ජයවේවා මාර අයියා... බ්ලොග් අවකාශෙ දෙයක් ඉගනගනිපු බ්ලොග් වලින් එකක්... මටම කියල බ්ලොග් එකක් ලියන්න හිතෙන්නත් හේතුවක් උනා මේ බ්ලොග් එක.....


    හදවතින්ම සුභ පැතුම්....

    ReplyDelete
  108. තව මොනාද ඉතින් කියන්න ඕනේ ඒවා ඔක්කොම කියලනේ.... සුභපැතුම් සමග ජයවේවා!!!

    ReplyDelete
  109. සුභ පැතුම්.......
    මුල් වතාවට කොමෙන්ටුවක් ලියන්නෙ 500 න් නවත්වයිද කියල හිතුන නිසාමයි.දිගටම ලියන්න.
    ඔබට ජය.......

    ReplyDelete
  110. 500 ලියලා මේකා කොහේ මකබෑ උනාද?

    ReplyDelete
  111. 1000 ඉක්මණට බැට් කරන්න ලැබේවා අයියණ්ඩි :)

    ReplyDelete