08 November 2011

තව අවුරුදු 80කින් විතර ප්‍රතිචාර දැක්වීම පිණිස.එච්චර කලක් මේක තිබුනොත්.....

ශ්‍රී බුද්ධ වර්‍ෂ 2555ක් වූ දක්ෂිනායන හේමන්ත සෘතුවට අයත් ඉල් මස අව සැටවක නම් තිථියලත් බුධ දින සිංහල ලිත් පැය 14කුත් මිනිත්තු 56ක් පමණ ගතවන මොහොතට ආසන්න කාලයේදී සිංහල රට නැගෙනහිර වෙරළාසන්නව උපදිනා වූ එක්තරා පිරිමි දරුවකු අනාගතයෙහි ‍මෙසිරිලකෙහි ප්‍රධාන පුරවැසියා වන්නට නියමිත බව මෙසේ සටහන් තබමි. හෙතෙම මෙරටට කලෙකින් පහළවන්නා වූ ආකාරයේ මහා පුරුෂයකු වන අතරම දැහැමින් සෙමින් රාජ්‍ය පාලනය කොට අවසන කිසිත් නැතිව සරල සාමාන්‍ය අයකු මෙන් මිය යන්නට නියමිත අතර ඔහුගේ රාජ්‍යත්වයට එළඹීම ඔහුගේම වයසින් වසර 41ක් හෝ 67 හිදී වන්නට නියමිත බවත් ‍වැඩි දුරටත් සටහන් තබමි.

මෙම සටහන තබනුයේ හුදෙක් අනාගතයෙහි දිනක කියවා බලා කරුණු සසඳා බැලීම පිණිස විනා අන් කිසිදු කරුණක් මුල් කොටගෙන නොවන අතර මෙම සිදු වීම් සිදුවන කාලය වන විට මා ජීවතුන් අතර නොමැති බවත්.. මගේ බ්ලොගයෙහි මට ඕනා ආකාරයේ ඕනෑම සටහනක් තැබිය හැකි නිදහසින් ප්‍රයෝජන ලබා මෙය ලියන්නට යෙදුණ වගත් මෙසේ සටහන් තබමි.

(මේකේ පසු සටහනක් තියෙනවා ඒත් දැන්ම නෙවෙයි..මොකද පසු සටහන් දාන්නේ පස්සෙනේ..)

53 comments:

  1. හුටා අනාවැකියක්..

    ReplyDelete
  2. ඔන්න මල්ලි සුදු වෑන් පිටිපස්සෙන්............
    ප්‍රතිචාර කියවන්නෙත් තව අවුරුදු 80කින් නේද?
    අම්මේ එහෙනම් කමක් නැහැ.

    ReplyDelete
  3. ඔයා නැගෙනහිර වෙරළ පැත්තෙ කෙල්ලකට ලයින් දාන්න එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? :D

    ReplyDelete
  4. ඒ කියන්නේ මේ මාසේ පෝය පහුවෙලා දවස් හයකින් නේද මේ බබා හම්බවෙන්නේ?

    සෙනසුරු මාරුවත් එක්කම!


    මාරයා 2011 පෙබරවාරියේ මැද හරියේ සාගර විහාරේ පලාතේ ගියා නේද?

    ReplyDelete
  5. ඇත්ත බොරු බලන්නෙ කොහෙද ඉතිං ඒකට අපි ජීවත් වෙලා ඉදී කියලද?... තව 80ක් යද්දි සාතන් වලලපු තැන්වල ගසුත් තියෙයි.. (කවුරු හරි එතන බිල්ඩිමක් ගහ ගත්තෙ නැත්තන් තමා.. )

    ReplyDelete
  6. හෙහෙ කකා අයියා තමයි මරුම ප්‍රශ්නේ ඇහුවේ! :D

    බලමු මම මේ පිටුව බුක් මාක් එකක් දාලා තියලා කවදා හරි දවසක මගේ ළමයෙක්ට දෙන්නම්! :D

    ReplyDelete
  7. ඔය කියන පැය 14කුත් මිනිත්තු 56ක් පමණ වන වෙලාවෙදි බබ්බු ගන්න බඩවල් කීයක් පලයිද දන්නෙ නෑ අවුරුදු 80කට පස්සෙ :)

    ReplyDelete
  8. බුද්ධ වර්‍ෂ 2555 = 2011 AD

    අවුරුදු 80 ක් ඉන්නේ ඇයි?

    ReplyDelete
  9. හැමදාම වගේ ඉතිං මාසෙ පෝය ලං වෙනකොට මූට පිස්සු තද වෙනවා.. හැමදාම කියනවා බෙහෙත් ටික වෙලාවට ගනින් කියලා අහන එකෙක් යෑ..

    ReplyDelete
  10. කතන්දර ඇහුවා වගේ මාරයා ගියාද නැගෙනහිර පලාතේ ?

    ඔය ආනාවැකිය සත්‍යද කියල බලන්න මටත් ඉන්න වෙන්නෙ නැතිවෙයි ,

    කෝ බලමු ........ රජතුමා නම් නම් ගිහින් යුව රජතුමත් ගිහින් , අහවල් මල බබාත් ගිහින් ...ම්ම්... එතකොට නිදන් හොරාත් ගිහින් බාගෙද පුලුවන් වෙයි රජවෙන්න

    ReplyDelete
  11. හ්ම්...ඒ කියන්නෙ තව අවුරුදු 41කින් හරි 67කින් නැගෙනහිරින් රජෙක්!! ඕ...බලමු බලමු...මාරානාවැකිය සැබෑ වෙයිද කියල...අපි ඉතිං ජීවත්ව හිටියොත් තමා... :D

    ReplyDelete
  12. ප්‍රශ්නයක් - ලංකාවේ රජ වෙන එක ලේසි නැ , අහවල් මල බබාගෙ හරි නිදන් හොරාගේ හරි සලකුණ්ක්ද දන්නෙ නැ ඔය . දෙන්නම ඔය පලාත්වල කරක් ගහනවනේ

    ReplyDelete
  13. ආහ් හරි හරි මාරයියේ, මම ඒක බලල මේකේ කමෙන්ට් එකක් දාන්නම්. :D

    ReplyDelete
  14. ඔන්න මම 2091 නොවැම්බර් 8 වෙනිදා උදේ 6 ට ෆෝන් එකේ රිමයින්ඩර් එකකුත් දාගත්ත. බලමුකො එහෙනම්

    ReplyDelete
  15. තව අවු 80 ඉන්න ? අනේ මට නම් බැ..!!

    ReplyDelete
  16. අහ් එතකොට අපි ගොඩක් කට්ටිය නැති වෙයි නේද?:/

    ReplyDelete
  17. ඇත්තටම දැන් ඕක බුව වලින්නෙ දාලා තියෙන්නෙ. ක්‍රිව වලින් කීයද? නැගෙනහිර පළාතෙන් කිව්වහම ටිකක් හිතන්න වෙනවා දැන් යන විධියට. අර පසු සටහන මොකක්ද?

    ReplyDelete
  18. ෂුවර් එකටම මෙයා තංගච්චි කෙනෙක්ට ලව් කරන්න හිතාගෙන ඇති...ඒත් ඉතින් තව අවුරුදු 80 කින් මෙයා කොහෙද බබ්බු හදන්නෙ.... :P

    ReplyDelete
  19. These bloggers are crazy . . . . .!!!

    ReplyDelete
  20. අද පෙති ටික ගන්න අමතක වුනා නේද?

    ReplyDelete
  21. මම ජෝතිෂ්‍යය ගැන වැඩිය හිතන්නෙ නෑ,
    අද තමා මේ පැත්තට ආවෙත්.
    මට එක ප්‍රශ්නයක් තියනවා...
    ඔය රජ වෙන ළමයගෙ ජාතිය කියන්න පුළුවන්ද?
    මුස්ලිම් වෙන්නත් බැරි නෑනෙ.

    ReplyDelete
  22. ඇත්තටම ඔය බබා අවු. 41 න් ප්‍රධාන පුර වැසියා උනොත් අවු. 80 ක් ඕන නෑ නේද ඒක දැනගන්න...ඔය කියන දවසට නැගෙන හිර වෙරළ පැත්තේ අර අබා ට උනා වගේ සිද්ධියක් වෙයිද දන්නේ නෑ :D

    ReplyDelete
  23. ඒ ගමන් ඉඹුල් කිරිබත් එකත් දැක්කා මම,
    ඒකෙ නම ඇවිත් තියන්නෙ මම හිතන්නෙ ඉඹුල් ගහේ ගෙඩිය වගේ නිසා ඕක නිසි ලෙස හැදුවම පේන නිසා.
    ඒ නිසා අපි මේවට කියන්නෙ කොට්ට කිරිබත් කියලා.
    මොකද ඉඹුල් හෙවත් කොට්ට පුළුන් ගස් තමා කොට වලට පුළුන් ගන්න යොදා ගන්නෙ.
    කටු ඉඹුල් කියලත් ජාතියක් තියනවා.
    ඒලෙත් ගෙඩි ඉඹුල් වල වගේම තමා.
    මේක නිසි ලෙස හදන්න පෙ අත්තම්මලා යොදා ගත්තෙ හවුවල්ලයක්.
    හවුවල්ලෙ කියන්නෙ පුවක් මලේ කවරෙ.
    ස්තූතියි.

    ReplyDelete
  24. http://emailfuture.com/

    ඔය සයිට් එකෙන් පුළුවන් අනාගතේ ඊ-මේල් එකක් ජෙනරේට් වෙන්න දැන්ම තියා ශෙඩුල් කරලා තියන්න...

    ලේසියෙන් වෙනස් වෙන්නේ නැති ඊමේල් අයිඩී ටිකකට දැන්ම තියාම මේ බ්ලොග් පෝස්ට් එකේ ලින්ක් එක දාලා ඊමේල් ටිකක් ශෙඩූල් කරලා තිබ්බා නම් අනාගතේ ඒ ඊමේල් එක ගියාට පස්සේ ඒක කියවන එකා එක්කෝ බඩ අල්ලන් හිනාවෙයි, නැත්තම් අදහාගන්න බැරුව පුටුවෙන් බිමට වැටෙයි... :)

    ReplyDelete
  25. මාරයියට සුභ පැතුම්.. අද හෙටම රජ කුමාරයෙකුගේ පියෙක් වෙනවනේ... (මුලාශ්‍රය : කකා අයියගේ කමෙන්ටුව) :P

    ReplyDelete
  26. අපිත් නැගෙනහිර තමා අඩා

    සුවර් එකට මගේ මුනුබුරෙක් තමා ඔය කිං වෙන්ඩ යන්නේ .. හෆ්ෆා දැනෙන ෆන් එක ..

    ඒ පිංවන්ත කුමාරයාගේ වාසගම කියන්න පුලුවන්ද අයියේ ?

    ReplyDelete
  27. ඉඹුල් කිරිබත් කාල නින්ද ගිහින්ද කොහෙද ඔය වගේ විකාර හීන පේන්නේ.

    ReplyDelete
  28. මම නම් ඉතින් තව අවුරුදු සීයක් විතර ඉන්න හිතාගෙන ඉන්න හින්දා අවුලක් නැහැ.

    ReplyDelete
  29. බොලේ මේ වගේ වැඩ්ඩෙක් අපිත් එක්ක ඉන්නවා කිව්වහම ඉතිං...... මේ ළග වෙන එකකුත් කියාපන්කො. අපිව මෙව්වා වෙලා යන්ඩත් එක්කලා...

    ReplyDelete
  30. 'ස' බලන්න වෙන්නේ නැතිවෙයි වගේ...

    ReplyDelete
  31. හිතුමතේ ට නම් ඔය කියන කුමාරයා දකින්න හම්බ වෙයි මගේ හිතේ.... ඔය පසු සටහන දානකන් ඉතින් දැන් මේක දිහා බලාගෙන ඉන්න වෙනවනේ....

    බැරිවෙලාවත් කිවොත්...... සමාවන්න ඉහත අනාවැකිය මෙසේ විය යුතුයි..... බ්ලා.... බ්ලා.... බ්ලා කියලා

    ReplyDelete
  32. හප්පේ...අවුරුදු 80ක්...හ්ම්...

    ReplyDelete
  33. මිනිසුන්ගෙ ආයුෂ අවුරුදු 150 වැඩි කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන කියලා මම පත්තරේක දැක්කා.ඒක හින්දා අපිට ඉන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  34. ලෝකේ ඔච්චර කාලයක් තියේවිද කියන එක තමයි ප්‍රශ්නේ. කොහොමත් අද හෙටම ඊශ්‍රායලය ඉරානේ න්‍යශ්ටික මධ්‍යස්ථානයට බෝම්බ දාන්නනේ යන්නේ. :)

    ReplyDelete
  35. මොනවා උනත් පසු සටහන බලලම ඉන්න එක හොඳයි වගේ මේක ගැන හරි අදහසක් ගන්න....

    ReplyDelete
  36. මාරයියේ මං මේ බොලා හම්බෙනකන් තමා බලන් හිටියේ...
    දෙකක් කියන්න...

    ඇ බං මාරයියේ තොට ගණන් බැරිද.. ගෝනුස්සට වැඩි මානාපේ තියෙද්දි මක්කටද ගොනාට තැන දුන්නේ...දැන්වත් මේකට සාධාරණයක් කරහන්.....

    නිකන් දෙසද්‍රෝහී වැඩ කරන්න එපා :p

    ReplyDelete
  37. අප්පද බොල අනාවැකියක්, අද හෙට වෙන්න තියන දෙයක් කියන්න බැරිද, එතකොට ඔය අනාවැකිය ගැන අපිට හිතා ගන්න පුලුවන් ........

    ReplyDelete
  38. බලහල්ලකො දැන් ඉන්න එව්වන්ට මෙව්වයෙ කිසි අගයක් නැති හැටි!!

    ReplyDelete
  39. ආව ගියාට මේ බ්ලොග් එකේ මම කලින් කමෙන්ට් කරල නෑ.හැබැයි මේකටනම් කමෙන්ට් කරන්නමයි හිත.මට මේක කියවද්දි මතකුනේ අරුන්දතී වේදිකා නාට්‍යය. තව අවුරුදු 80ක් ජීවත්වෙන්නේ නැති නිසා ඇත්ත නැත්ත බලන්න වෙන්නෙ නෑ. අපේ ළමයි බ්ලොග් කියවයිද නොදන්නා නිසා ඒ ගැනත් විශ්වාසයක් නෑ.

    ReplyDelete
  40. මම මතක තියන් ඉන්නම් මාරයියේ

    ReplyDelete
  41. ඔය කියන දවසේ නැගෙනහිර පලාතේ ඉපදෙන උන්ට කිසිදු උපද්‍රවයක් සිදු නොවේවා කියලා ප්‍රර්ථනා කොලා ඔන්න.

    ReplyDelete
  42. අයියගේ අනාවැකිය හරිද කියලා අපිට බලන්න වෙන එකක් නෑ.. කමක් නෑ අපි ඊළග පරම්පරාවටවත් කියමු මේක හරිද කියලා බලන්න කියලා..

    ReplyDelete
  43. නැගෙනහිර කිව්ව ගමන් අර මුස්ලීම් විරෝධී සෙට් එක උඹට විරුද්ධව ගේමට බහින්ඩ ඉඩ තියනවා :D
    එතකොට රජතුමාගෙ මුනුපුරාට මොකද වෙන්නෙ?

    ReplyDelete
  44. @ හිස් අහස

    සඳරුවෝ මමත් උඹට අනාවැකියක් කියා ඇති මතකනෙ.
    අර පේදුරු මුත්තා කියන්න වගේ මටත් ඒ සාස්තරේ සුට්ටක් ඇහැකි :)

    ReplyDelete
  45. ඒ දරුවාට තව සහෝදර සහෝදරියන් කී දෙනෙක් ලැබෙයිද, දාර්මිකව රජ කරන්න අඩුම තරමින් තුන් දෙනෙක්වත් ඉන්න ඕන, ඒ පැත්තේ මුහුදෙ ලොකු ගලක් තියෙනවද, මොකද ඒක අවශ්‍යමයි රජවරු එන්නේ වරායක් ගුවන් තොටුපලක් තියෙන පලාත්වලින්, නැත්නම් රජ වෙලා හරි ඒවා හදන්න ඕනමයි, ඉස්සෙල්ල ගල වටකරල වරාය හදල පස්සෙ ගල කඩන්න අවශ්යයි.

    ReplyDelete
  46. අර ළඟින් ගිය උල්කාපාතෙ කෑල්ලක් මාරයගෙ ඔලුවෙ වැදුනද දන්නෑ.

    ReplyDelete
  47. ඔබටත් දකිනට
    නොලැබෙන නිරිදෙක්
    ගැන සිත සිත
    ඉන්නේ ඇයි අයියේ........................

    ReplyDelete
  48. අනාවකිය කියල තියෙන්නෙ මාරයාට අවුරුදු 80ක් වෙනකොට වෙන්න ඕනැ. අර කුමාරයා අවුරුදු 41න් රජ වෙනව නම් ඒ කියන්නෙ මාරයාට දැන් වයස අවුරුදු 39. හතලිස් ඇඳිරිය , ඒකනෙ කන්ණාඩිත් ගත්තෙ

    ReplyDelete
  49. මාරේ අයියගෙ හොර ෂොට් එකක්ද??? :පී

    ReplyDelete
  50. ඇයි බන් අයියේ 80 ක් ඉන්නේ ?

    කතන්දර තමයි නියම ප්‍රශ්නෙ ඇහුවෙ

    ReplyDelete
  51. This comment has been removed by the author.

    ReplyDelete