03 November 2011

හෙනහුරාගේ මාරුව ගැන සිංහයට පසුව...

හරි කිව්වත් වගේ මගේ සුපුරුදු කම්මැලිකම ගැහැවුවා ඔළුවට.. උදේ තව එකක් ලියඤ්ඤං කියලා හිටියට අන්තිමේදී නිදිමත එයිට වඩා බලවත් උනා නෙව..මං දොයිය ගත්තා...

හරි දැන් බලමු අනිත් ලග්නවලට මේ හෙනහුරු මාරුව කොහොමද කියලා.. ටිකක් කෙටියෙන් කිව්වට අමනාප වෙන්ට එපා..නැත්තං මේක කෙරෙන්නේ නැහැ...

මකර ලග්නේ ඇත්තොන්ට...

ඒ හැටිම හොඳක්නං කියන්ට විදියක් නැහැ. මොකද මේ මාරුවෙන් පස්සේ මේ උදවියට බොහෝම වෙහෙස මහන්සිය වැඩි වෙන කාලයක් උදාවෙන්ට නියමිතව තියෙන්නේ.. හරි හරියට ගමන් බිමන්... ඇග වෙහෙසවන..හිත වෙහෙසවන වැඩ කටයුතු..රැකියාව හා ඒ ආශ්‍රිත ගැටළු ආදිය.. නෑදෑ හිතවතුන්ට ඇතිවන කරදර උපද්‍රව වගේ දේවල් වගේම රැකියා සඳහා විදෙස්ගත වෙන්ට ඉන්න අයට ඒ ඒ කාරණා ඉස්ට සිද්ධ කොරගන්ටනං ඇහැකි වෙයි...

මේ කාලෙදි සිද්ධ වෙන්ට තියෙන අනතුරු කරදර වලක්කා ගන්ට කරන්ට තියෙන්නේ වෙනදට වඩා සැලකිල්ලෙන් අම්මට තාත්තට සැලකිලි කොරන එකත්.. තමුන් කරන රාජකාරිය ඉතාමත් උවමනාවෙන් හා වගකීමෙන් කරන එකත් තමා.. මතක ඇතිව ඔය අයිස් ගහන වැඩ හොයන්ටත් එපා.. එහෙම ලැබුනත් අයිස් ගහන්ටත් එපා.. එහෙම කරන උදවියට ඒ ඒ රස්සාවල්වල කරදරයක් නැතිව ඉන්ට ඇහැකි වෙයි කියලා හිතන්ටත් එපා.. ඒ කිව්වේ මකර ලග්න කාරයෝ අහසේ ඉන්නවනං බැමට බැහැලා වැඩ කරන්ට ඕන කාලයක් මේක. එහෙම කටයුතු කලොත් තම තමුන්ගේ යටතේ ඉන්න අයගේ විශ්වාසය දිනාගෙන සමාජයේ ගෞරවයත් දිනාගෙන යහතින් කල් අරින්ට ඇහැකි වෙයි.

ආදායංනං හොඳට ලැබෙයි.. ඒත් නැති නාස්තිය ඊට වඩා වැඩි වෙලා ආර්ථීක අපහසුකං එන්ට ඉඩ කඩ හුගක් වැඩි හින්දා තම තමුන්ගේ ආර්ථීක කලමනාකරණ වැඩ කටයුතු පවුලේ වෙනත් කෙනෙකුට පවරලා අවධානයෙන් කල් යවන එක හැම අතින්ම හොඳයි.

ඊට අමතරව උදේ හවස විනාඩි පහ ගානෙවත් ආනාපාන සති භාවනාව වගේ දෙයක් කරන්ට පුරුදු වෙන්ට ඒ හරහා සිහිය පිහිටුවාගෙන වැඩ කටයුතු කලානං බය වෙන්ට කාරණාවක් නැහැ...

හරි ඊ ළගට මං කියන්නං කුම්භ ලග්න කාරයා ගැන...

මොකද මේ කුම්භ ලග්න කාරයන්ගේ කේන්දර වල හෙනහුරා පහුගිය දොහේ හිටියේ 8 වැන්නේ.. ඒ කියන්නේ අෂ්ඨම ඒරාෂ්ඨකය කියන බලවත් ඒරාෂ්ඨක අපලයක් ගෙවමින් හිටි හින්දා...

ඔන්න මේ මාරුවෙන් පස්සේ ඔබ තමුන්නැහේලාටත් සෑහෙන මට්ටමකට සුභයි.. හිතේ නිදහස.. සැනසීම ටිකක් හම්බු වෙන.. පින් සඳහාම නොවුනත් ආගම දහම ගැන ටිකක් හිත යන.. ගැඹුරු දේවල් ඉගෙන ගන්නට ලැබෙන කාලයක්.. ඒ වගේම රට රටවල ඇවිදින්ට යන්ට සූජානං වෙච්ච උන්දලට ඒ ඒ ගමන් යන්ටත් වන්දනා ගමන් එහෙම යන්ට බලාපොරොත්තුවන අයට ඒ ගමන් යන්ටත් හොඳ කාලයක්... ඒ වගේම තමා වැඩැහිටි දෙමාපිය ගුරුවර වගේ අයගෙන් තම තමනුගේ දුවා දරුවන්..ගෝලයින් තරමක් ඈත් කරවන කාලයක් මේ...

ඒ වගේම දන ගන්ට ඕන තදබල ඉරිසියාකාරයින්ගේ හතුරුකංවලට ලක් වෙන්ට ඇහැකි කාලයක් වගේම සමහරුන්ට උන් හිටි තැන්වලින් අකමැත්තෙන් හෝ වෙන්ව යන්ටත් සිද්ධ වේවි.

කුම්භ ලග්න කාරයින්ටත් කියන්ට තියෙන්නේ හැකි තාක් ආගම දහමට නැඹුරුව කටයුතු කිරීම වටිනවා...

විශේෂයෙන්ම ඔය මකර ලග්න කුම්භ ලග්න දෙගොල්ලම නඩු හබවලින් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි..

හරි ඔය මදෑ.. දැන් ඊ ළගට කවුරු ගැනද ඕන..?


37 comments:

  1. චික්.....

    ඒකෙනුත් ගොඩයාමක් නැහැ වගේ

    ReplyDelete
  2. ඔය මාලුවට එහේම කොහොමදැ

    ReplyDelete
  3. මීන ගැනත් ලියමුද?

    ReplyDelete
  4. අලේ මකරන්ට නරක කාලයක් වගේ.කොහොමත් ආගමික කටයුතු වල වැඩි වැඩියෙක් යෙදෙන එක හොදා කෝකටත්.

    ReplyDelete
  5. ගෝනුස්සො ගැනත් ලියහන්කෝ..

    ReplyDelete
  6. අය්ය බුදුහාමුදුරුවන්ගේ කේන්දරේ කුජ7ද?

    ReplyDelete
  7. ආයෙමත් මේකගෙ කේන්දර...ශිෂ්...

    ReplyDelete
  8. ඔය මාරුවට කලිනුත් හොදක් තිබුනේ නැති එකේ... මෙකෙන්වත් ගොඩ යන්න හිතන් හිටියේ.... කොහේද..ඒකත් හබක්.මම ඒ උනාට අහල තියෙනවා මකරුන්ට ලොක්කගෙන් කරදර අඩුයි කියලා.

    ReplyDelete
  9. මාර අයියේ.. ඊ මේල් ලිපිනය දෙන්න පුලුවන්ද? මෙන්න මගේ එක...
    sandun4205@gmail.com
    මේක මම බනියාගේ බ්ලොග ටත් දැම්මා දෙනවනම් දෙන්නැතැ...

    ReplyDelete
  10. හෆොයි. අපි මකරු පව් නේ. ශිහ් මේ හෙනහුරා !@?#!!...

    ReplyDelete
  11. ඔන්න ඕකනේ අයියේ බැරි මන් කියපු තැනින් පටන් ගෙන නෑනේ. අග ඉදන් මුලට ගියානම් තමා අපි නම් කැමති. කමක් නෑ ඉවසන් ඉන්නම් කෝ කවද හරි අගට ඒවිනේ.
    ඉස්සර ඉදන්ම මට ඔහොමමයි වෙන්නේ රේඩියෝ එකේ ලග්න කියනකන් අහන් ඉන්නවා අන්තිම වෙනකල් අහන් ඉදලත් අන්තිමේදී ඒ අය ඒකට කියන්නේ හරිම පොඩ්ඩයී.

    ReplyDelete
  12. මීන (බවලත් ඉල්ලීම පිට)

    ReplyDelete
  13. මගෙ ලග්නෙ ගැනත් උඩින් ඉල්ලලා තියෙන නිසා අමුතුවෙන් ඉල්ලන්න ඕනෙ නෑ ඒකත් දෙයි කියලා හිතනවා..

    ReplyDelete
  14. ඔය කාලය ඉවර වෙන්නේ කවද්ද?

    ReplyDelete
  15. මම නම් නම් අර අං තියෙන සතාගේ ලග්නයේ... හදිසියක් නැහැ, ඒ අයට වෙන දේවලුත් හෙමීට ලියමුකෝඕ

    ReplyDelete
  16. මගේ මගේ......

    කුෂ් - ලොග් වෙන්න කම්මැලියි බං...

    ReplyDelete
  17. හපොයි! දැං ඉතිං මක්කැයි කොරන්නෙ මේ අපලෙට!

    ReplyDelete
  18. ඊලගට පයිතගරස් ගැන ලිය්පන්කෝ

    ReplyDelete
  19. මාරයෝ ඔයා මතක් කරන්න කියල කිව්වා නිසා මේක අහන්නේ ... කරදර කරනව කියල හිතන්ට එපා හොඳේ - මකර ලග්නේ සෙනසුරු 10 නම් මේ කොටු පැනිල්ලෙන් මොකද්ද වෙන්නේ?
    පලි - කේන්දරේ හොයල බැලුවාම හෙනහුරා 10 ඉන්නේ නිකන් නෙවේ සිකුරත් එක්කයි. ශිහ්...සිකුරටත් හෙනහුරා වැදිලා :(
    ප ප ලි- ඔව් හැබැයි 30 වෙන්න තව අවුරුදු කීපයක් තියේ!

    ReplyDelete
  20. ඊලඟට ලියමු වෘෂභ, වෘශ්චික දෙක.
    වෘ අකුරෙන් පටන් ගන්න දෙකකට තියෙන්නෙ ඒ දේක විතරමනෙ.

    ReplyDelete
  21. සෙනසුරු කියන්නෙ මකර ලග්නෙ ලග්නාධිපති නේද ? ඉත්ං එයාම ඒරාශ්ඨක කරවනවද? මම අහල තිබුන ලග්නාධිපති තමන්ගෙ දෙවලට හානි කරන්නෙ නැහැ කියල. මෙහෙම ගත්තොත් මම අහල තිබුනු කතන්දරය බොරුවක් නේද?

    ReplyDelete
  22. මම ඉපදිලා තියෙන්නෙ 1975 ජනවාරි 12 තුලා ලග්නෙන් මගෙ කේන්දරය නැතිවෙලා. ආයෙ හැදුවෙත් නෑ. ඉතිං මාරයියට පුලුවන්නම් කියන්න තුලාවට මොකද වෙන්නෙ කියල. - මලිති (මාරයියා මම බ්ලොග් ලියන්නෙ නම් නැහැ ඔයා කැමතිනම් විතරක් තුලා ගැනත් කියන්න.)

    ReplyDelete
  23. තැංකු වේවා. යන්තං ඇති ලග්නෙට නරක උනත් පබ්ලිෂ් කොලානෙ. දාපු ටෝක් එකේ හැටියට මම හිතුවෙ නැත්තටම නැති වෙයි කියලා.

    ReplyDelete
  24. තරාදියට කොහොමද දන්නේ නෑ?

    ReplyDelete
  25. වෘෂභ, වෘශ්චික

    Chathuranga

    ReplyDelete
  26. හොඳට ඉලක්කේ බලලා මටත් විදපංකෝ ... මලයා ....

    ReplyDelete
  27. උඩ දාගෙන ඇහුවට වැඩක් නැති පාටයි...
    ඒ හැටි හොඳක් තියා කොහෙත්ම හොඳක් නැති පාටක්නේ තියෙන්නේ

    ReplyDelete
  28. අනේ.. මට කන්‍යා ගැන ඕනෙ..

    ReplyDelete
  29. මමත් සාඩම්බර මකරෙක් වෙමි. ජය වේවා.. අනේ අපේ රස්සාවෙ කොහෙද අයිස් ගැහිල්ලක්. හිතට අරං වැඩ කොරඤ්ඤංකො....

    ReplyDelete
  30. ප්‍රතිචාර දැක්වූ සියල්ලන්ටම ස්තූතියි...

    ඊ ළගට යන්න ඕන ලග්න ගැන සලකා බැළුවම
    මීනයට ඉල්ලීම් 5ක් ඇත..
    වීෂභයට හා වෘශ්චිකයට 3 බැගින් ඉල්ලීම් ඇත.. එහෙයින් මීනයෙන් පටන් අරං අනිත් ඒවට යන්න බලඤ්ඤං...
    ........................

    මකර කුම්භ දෙකටම ලග්නාධිපති සෙනසුරු උනත්.. මකරය වගේ දෙවැන්න අධිපති වීමත්.. කුම්භය වගේම දොලහ අධිපති වීමත් වගේ කාරණා ගැනත් සලකලා බලන්න වෙනවා... එහෙම බැළුවම ලග්නාධිපති වීමේ වාසියම සලකා බලන්න ටිකක් අමාරුයි...
    ............................

    @අමා...

    ඔයාගේ කේන්දරයේ අනිකුත් ග්‍රහයින් අතැර දමා ඔය කිවු තොරතුරු අනුව පමණක් සලකා බැලීමේදී කියන්න තියෙන්නේ දහ වැන්නේ සිටි සෙනුසරු දහවැන්නටම පැමිණීම සුභ දායක ප්‍රතිඵල ගෙන එන්නට සමත් වේවි.. ඒත් සිකුරුත් සිටි හින්දා තවත් අතකින් කරදර ටිකකුත් ලාවට වගේ හිටින්න ඇහැකි.. හොද පැතිවලට තියෙන්නේ රැකියා අංශයෙන්..අධ්‍යාපන අංශයෙන්..පොදු වැඩ වලින් සෑහෙන දියුණුවක් ප්‍රභලත්වයක් ලබන අතරම මංගල කටයුතු සම්බන්ධ අංශවල ටිකක් කලබල කාරී ගතිත් ඇති වෙන්ට පුළුවන් කමක් තියෙනවා.. තාම බැඳලා කරලා එහෙම නැත්තං මේ කාලය තුලදී විවාහය කෙරෙන්ටත් හැකියාව තියෙනවා වගේම දැනට පවතින සම්බන්ධතාවයන් වල වෙනස්කම් කෙරෙන්ට උනත් හැකියාව ටිකක් තියෙනවා.. ඇත්තටම ඒ අංශයෙන් ටිකක් චංචල ස්වභාවයක් ඇති වෙන්ට බලපානවා..අනිත් ග්‍රහයින් ගැන නොසලකා ඒක හොදට හැරෙයිද..නරකට හැරෙයිද කියලා එක එල්ලේ කියන්ටනං අමාරුයි.. ඒත් මං හිතනවා හැම දේම තමාට වාසි දායක අතට වැඩ කරාවි කියලා.. කොහොමත් මේ මාරුව ඔයාට හොඳයි ලැබිලා තියෙන දත්ත මත පමණක් සලකා බැලීමේදී...

    ............................

    ඉවර වෙන කාල සීමාවල් කලින් ලිපියේ ඇති රංදිකා...

    ............................

    අනේ සමාවෙන්ට ඕන ඇනෝ...බුදු හාමුදුරුවන්ගේ කේන්දරේ ගැනනං මං හරියටම දන්නේ නැහැ.. ඒත් ඔය සමහර තැන්වල මං දැකලා තියෙනවා ඔය කතාවනං.. ඒ අන්වනං උන්වහන්සේගේ ලග්නය කටකය ලෙසත් කුජ හතේ කියලත් තමා කියන්නේ... කුජ හතේ උනත් මකරය හත වීම නිසා කුජ උච්චවයි පවතින්න ඕන...

    ReplyDelete
  31. බොහොම ස්තුතියි මාර අයියේ!

    ReplyDelete
  32. මටත් කන්‍යා ගැන ඕනෙ :D

    ReplyDelete
  33. අනේ...තැන්කූ මාරයියේ...මකරට වැඩිය හොඳ කාලයක් නොවුණත්..ලියපු එකට මාරයියට බෝම ස්තූතියි..... :))))

    ReplyDelete