04 November 2011

මාළුන්ට අපල කරන හෙනහුරා...සහ ඒරාෂ්ඨක යෙදෙන හැටි සරලව...

වැඩි කතා බස් අනවශ්‍යයි.. අයිසිං ටිකක් නැතිවම කේක් දුන්නම සමහරුන්ට දිරවන්නේ නැතිව යයිද මංදා.. ඒත් මං පුරුදු වෙලා තියෙන්නේ තිත්ත උනත් කසාය පොවන්ටම හින්දා කියන විදිය සැර වැඩිද මංදා... එහෙම සැර වැඩියි වගේනං නොබලාම ඉන්ට නැති පුරස්න හදා ගන්ට ඕන නැහැ නෙව. මේකේ කුරුටු ගාන එක මට ඕන හැටියකට කලෑකි හින්දා මං කුරුටු ගෑවත් ඒ හැම එකම බලන්ට ඕන කියලා අනිත් අයට නියමයක් නැහැ...

ඒ හින්දා මෙව්වා කියෝලා නැති අපල කරට ගන්ට වෙයි වගේ කියලා හිතෙන අය කරුණාකරලා නොකියවා ඉන්ට මොකද මං දන්නේ නැහැ කියවන හැමෝගේම හිත් ඒ ඒ කාරණා බාර ගනිද්දි ඒවාට කොයි විදියට මුහුණ දෙයිද කියලා. ඒ හින්දා අර භයානක දර්ශන තියෙන ඒවා ටෙලිවිසොන් එකේ එහෙම දාන කොට සංවේදී සිත් ඇති අය නොබලා සිටීම හොදයි කියලා දානවා වගේ ඔන්න මාත් මුලින්ම කිව්වා.. ඒහෙම අය නොබලන තරමට හොඳයි.. ඒත් ජ්‍යොතිෂ්‍යත් එක්ක ජීවිත ගලපමින් අවබෝධයෙන් කටයුතු කරන අය බැළුවට කිසිම අවුලක් නැහැ..මොකද වැඩියම හොඳ කියන්ට දේවල් මට අහු නොවන හින්දා... ඒක මගේ වරදක් නෙවෙයි ආයිබෝං.. මං කොරන්නේ මට පේන දේ කියන එක නෙව... ඉතිං පේන්නේ නරකමනං මං ඒක කියනවා.. වෙන මොනවා කොරන්ටද..? අනිත් එක ඉතිං මේ ලෝකේ වැඩිය තියෙන්නේ දුක කියන එක කවුද නොදන්නේ.. එහෙම එකේ ඉතිං මේවෑත් හොඳ වැඩියෙන් කොහොම පේන්ටද..?

ඒත් ඉතිං හොඳක් අහ ගත්තාම කම්මැලි වෙලා "හරි හරි මට හොදයි" කියලා හිතුලා අත පය අකුලං හිටියත් හරියන්නේ නැහැ..ඒ වගේම "අපොයි අපලයි" කියලා බය වෙලා හිටියත් ඒ සංතෑසියම තමා ඕං.. ඒ හින්දා හොඳ නරක කොහොම කියවුනත් හොඳයිනං ඒ හොඳ වැඩි වැඩියෙන් ලබා ගන්ට තම තමුන් මහන්සි වෙන්ට ඕන.. ඒකත් හරියට වැස්ස එහෙම කාලෙට හම්බ වෙනවනං උද්යෝගයෙන් ගොවිතැන් කරනවා වගේ වැඩක්.. කොච්චර වැස්ස නිසි කලට ලැබුනත් අපි කම්මැලිනං ඇති වැඩක් ඇතෑ..

ඒ වගේමයි වැස්ස නැහැ කියලා බකංනිලාගෙන හිටියොත් මොන කෙංගෙඩියක්වත් හරියනවයෑ.. ඒ වෙලාව මහන්සියෙන් වැඩ කරන්ට ඕන සාමාන්‍ය තරමේ අස්වැන්නක්වත් ලබා ගන්ට.. ආන්න එ‍් වගේ අපල කාලෙටත් වැඩි වැඩියෙන් හිතට හයිය අරං වැඩ කරන්ට ඕන.. එකක් වරදිනකොට තව එකක් කරන්ට ඕන...උත්සහය ලොකුයි ඔය ඕනම දේකට වඩා...අපල කාලයක් කියලා දැනගත්තම කරන්ට ඕන ලොකුම දේ තමා තමුන්ට අපලයි කියලා දැන ගෙන එතැන ඉදලා කරන කියන වැඩ වලදී දුර දිග බලලා හැම දේම ගැන දෙපාරක් කල්පනා කරලා.. වැඩ කරන එක.. සාමාන්‍ය කාලෙක තරං සැහැල්ලුවෙන් ඉන්ට යන්නේ නැතිව හිතේ සිහිය තියාගෙන වැඩ කරන්ට ඕන.. ඒ විදියට ඉන්නවනං අපල දුරු කරන එක මහ කජ්ජක් නෙවෙයි. ඔයිට වඩා කියන්ට දේවල් තියෙනවා උනත් ඔයාකාර වැල් බයිලා කියන්ට මට දැන් කම්මැලියි...

......................................

මොනවා උනත් දැන් මං ලග්න තුනකට ඒ කිව්වේ සිංහ..මකර..කුම්භ.. කියන ලග්න 3ටම අදාලව කලින් ලිපිවල විස්තර දැම්මා මේ ඉස්සරහට සිද්ධ වෙන්ට තියෙන හෙනහුරු මාරුව කොයි කොයි විදියට බලපායිද කියලා.. තව ඉතිං 12න් තුනක් අතෑරියාම නවයක්ම ඉතිරියි... ඔක්කොම් බැරි උනත් කස්ටිය ප්‍රමුඛතාවය දීලා ඉල්ලා හිටිය ආකාරයට අනිත් ඒවැයිනුත් තව කිහිපයක් හරි දාන්නං... ඒ අනුව කලින් ලිපියේදී වැඩි පිරිසක් ඉල්ලලා තිබුන මීන ලග්නය ගැන කතා කරමුකෝ...

මීන ලග්න කාරයින්ගේනං මෙදා පොටේ හෙනහුරා යන්නේ අටවැන්නට තමා ඕං... අට වැන්න කියන්නේ උන්දැට ඔය සම්පූර්ණ කේන්දරේම තියෙන එපාම කොරපු තැන.කොටින්ම කිව්වොත් ඒරාෂ්ඨකයක්.. ඕකට කියන්නේ අෂ්ඨම ඒරාෂ්ඨකේ කියලා...

ඒරාෂ්ඨක වර්ග කිහිපයක් තියෙනවා...

ලග්න ඒරාෂ්ඨකය..මේක ඇති වෙන්නේ මෙකා කොටු පැන පැන යනකොට ලග්න කොටුවට පැන්නහම තමා..ලග්න කොටුව කියන්නේ ඕනම කේන්දරේක පලවැනි කොටුව ඒ කියන්නේ ඉහළම තියෙන..ආ පොඩ්ඩක් හිටු මං ඕක දන්න විදියකට ඇදලම දාන්න..ඒක ලේසියි...





ඔන්න ඇදලාම දැම්මා..පේනවනේ දැන් එකේ 1 කියන්නේ ලග්න කොටුව ඒ කියන්නේ ඔයාලගේ ගල්නය මීනනං අර පලවෙනි කොටුවේ ඉදන් ඉස්සරහට තමා ගැනගෙන යන්න ඕන.. ඒ කියන්නේ 1 මීන..2 මේෂ..3 වෘෂභ ආදී වශයෙන්.. එතකොට මේ ලග්න ඒරාෂ්ටකේ කියන්නේ ඔය 1 කොටුවට සෙනසුරු ඒම තමා..හැබැයි මේක එහෙම තනි කොටුවකින් නවතින්නේ නැහැ..1 කොටුවත් ඊට දෙපැත්තේ තියෙන කොටුවලටත් ඒක බලාපානවා ඒ කියන්නේ හරියටම කිව්වොත් 12/1/2/ කියන කොටු තුනේම යනකොට ඔය ඒරාෂ්ඨකේ අල්ලලා හිටිනවා.. එක කොටුවක අවුරුදු දෙක හමාරක් විතර ඉන්න හින්දා ඔය කොටු තුනම ගත්තම අවුරුදු හත හමාරක් විතර ලග්න ඒරාෂ්ඨකේ දිගයි.

එතකොට අනිත් එක තමා චන්ද්‍ර ඒරාෂ්ඨකේ... ඒක වැටෙන්නේ ඔය කේන්දරේ කොතනක හරි උත්පත්තියේදී සඳු හිටියනං හෙනහුරා කොටු පැනගෙන යනකොට ඒ සදු හිටි කොටුවට ඒම.. ඕකත් අවුරුදු හත හමාරක් ඇදෙන කේස් එකක් අර වගේම.. ඒකිව්වේ සදු හිටියේ 4 කොටුවේනං 3/4/5 කියන කොටු වල යන අවුරුදු ගානම ඒ ඒරාෂ්ඨකේ..

තුනවැනි එක තමා මේ අෂ්ඨම ඒරාෂ්ඨකේ.. ඒ කියන්නේ කේන්දරේ අට වැනි කොටුවට හෙනහුරා ඒම.. ඒකනං ඉතිං බලවත් ඒරාෂ්ඨක කාලය වෙන්නේ ඒකේ ඉන්න අවුරුදු දෙක හමාර තමා..

ඔය පුළුවන් උපරිම කෙටියෙන් හා සරලව ගේම කියා දුන්නේ..මං හිතන්නේ කස්ටියට පැහැදිලි වෙන්ට ඇති...ඔය ඒරාෂ්ඨකයි සෙනසුරු මහ දසාවයි එකට පට ගන්න එපා ඕං.. ඒ ගැන මං වෙනමම ලියලා ඇති කලින් වංගියක්..


ඉතිං අපි ආයෙම එමු මුලට.. ඒ කිව්වේ මීන ලග්නෙට කොහොමද මේ හෙනහුරු මාරුව කියන කාරනේට.. දැන් මං කිව්ව විදියට මෙදා පාර මීන ලග්න කාරයින්ගේ හතේ දැනට ඉන්න හෙනහුරා පයින්ටයි යන්නේ අටට..එතකොට පැහැදිලියිනේ කාරණාව.. ඔව් කෙලින්ම අෂ්ඨම ඒරාෂ්ඨකේ...

ඔතනදී තව දෙයක් කියන්ට ඕන.. මීන ලග්න කාරයාට පොඩි චෑන්ස් එහෙකට තියෙන්නේ අට වැන්න තුලාව වීමත්.. තුලාවේදී හෙනහුරා උච්ච වීමත් කියන කාරණාව... ඒ වගේම අනිත් අතට කියනවනං ඒරාෂ්ඨක අපල වලින් ඔය අෂ්ඨම ඒරාෂ්ඨකේ අනිත් ඒරාෂ්ඨක වර්ග දෙකට වඩා අමාරුයි... හේතුව කාලය කෙටි වීම තමා... අනිත් ඒවා ටිකක් ඇදෙන හින්දා සැර අඩුයි.. මේක එක තැන දෙනවා ටිකක් සැරට...

ඔය අතරට වෙන්න පුළුවන් නරකම දේ මොකක් කියලද හිතන්නේ... හිතලා බලන්ටකෝ කාගේ හරි කේන්දරයක 8 වැන්නේ සදු හිටියා කියලා.. හුට්ටප්පර දෙකයි නේද එකටම... ඒරාෂ්ඨක ඩබල්.. ඒ ගැන කියන්ට කාරනා බොහෝමයක් තියෙනවා උනත් දැන් ඒකට වෙලාව නෙවෙයි.. පුළුවන් උනොත් මං ඒරාෂ්ඨක ගැන පස්සෙන් පහු වෙනම ලියඤ්ඤං...

ඉතිං දැන් මේ මීන ලග්න කාරයින්ට මං වැඩිය මුකුත් කියන්ට ඕන නැහැනේ...හැකි තාක් කරන්න තියෙන්නේ පිං අතේ වැඩම තමා... ඒත් වැඩියම බය වෙන්ට එපා මොකද අර මං කිව්වා වගේ අට වැන්න උනත් එතන හෙනහුරාට උච්ච..එහෙමත් නැත්තං සුපිරි තැනක් වීම හින්දා පෙරලගෙනම ගහන ගතිය අඩු කරවනවා...

ඒරාෂ්ඨක අපලවල ලැබුවම සිද්ධ වෙන දේවල් මං ආයෙම වංගියක් මෙතන ලියන්ට ඕන නැහැ හුග දෙනෙක් ඒ ගැන දන්නවා.. දන්නෙම නැත්තං විතරක් අහනංට මං කියඤ්ඤං...ඒ විතරක් නෙවෙයි උත්පත්තියේදී හෙනහුරා හිටියේ මොන කොටුවෙද කියලා කිව්වොත් මං තව ටිකක් විතර විස්තරත් කියඤ්ඤං.. ඒත් හුගාක් හොද කියන්ටනං අමාරුවෙයි.. ඒකත් කියන්ට එපෑ...

අනේ ඉක්මනට හොද කියන්ට පුළුවන් ලග්නයක් ආයෙම ඇදලා ගන්ට ඕන... නැත්තං මේක මටත් එපා වෙනවා දැන්...ඒත් ඉල්ලන හැටියට තමා සැපයීම.. ඊ ළගට තියෙනවා සමාන අවස්ථා දෙකක් ලැබුන ලග්න දෙකක්... එකක් වෘෂභ..අනික් වෘශ්චික.. දෙකෙන් කෝකට කියන්නද ඕන..? ඒ දෙකෙන් එකක් නං හොඳ ටිකක් කියන්ට ඇහැකි එකක්...

31 comments:

  1. a bole ano mama eka neda...? onna ano kiyala apiwa prathikshepa karannathuwa ape eka wechcha nisawath elangata kataka gana liyanna.

    ReplyDelete
  2. ane maraya mahaththayo,
    "Danu" walatath kiyanna please

    ReplyDelete
  3. ඇති යන්තම් ඒකෙනුත් බේරුනා ....

    ReplyDelete
  4. යකො මාත් මාලුවනේ..පුදනකොටම කාපි යකා කිව්වලු..අවුලක් නෑ අපිටමනේ වෙන්නේ...

    ReplyDelete
  5. බඩු හම්බවෙයි වගේ.

    ReplyDelete
  6. ඒකට කමක් නෑ අයියේ. මගේ නම් ඉතිං ඔක්කොම මාරක ටික දැන් ගෙවිලා ඉවරයි. ආයෙ ඉතිං මොන හුරාටවත් බෑ මාව වට්ටන්න.

    ReplyDelete
  7. අය්ය්යෝ මේෂ වලට තැනක් නෑ වගේ

    ReplyDelete
  8. මාරයෝ මිථුන දාපන්කෝ...
    යකෝ එකෙක් වත් මිථුන නද්ද...?

    ReplyDelete
  9. senasuru hathe maaluwanta mokada?

    ReplyDelete
  10. බොලේ කේන්දර දෙකක් මැද්දට වෙන මොකවත්ම නැත්තන් බිත්තර තම්බන හැටිවත් දාහන්කො..

    ReplyDelete
  11. අයියේ... කක්කුට්ට ටත් බඩු හම්බවේද මේ පාර...

    ReplyDelete
  12. mewa gana danne nathuwa hoda kamak hadana hati danna barida

    ReplyDelete
  13. කකුලුවා ගෑනත් කියමුකො...

    ReplyDelete
  14. හරි හරි...ගොනා ගැන කියමුකෝ එහෙනං ...

    ReplyDelete
  15. මිථුන ලග්නෙ ගැන කියන්නෙ කවදාදො??

    ReplyDelete
  16. හරක ගැන කියමු නේද මාරෙ අයිය... :)

    ReplyDelete
  17. වෘශ්චික....වෘශ්චික....වෘශ්චික..!!!!!
    ඒ වුනාට හරකාට යයි වගේ :(

    ReplyDelete
  18. @ ඔබා මලයා ...
    හී.. හී ... අර වංගියක් කමල් අද්දර ආරච්චි බිත්තර තම්බපු විදිහට වත් දෑ.

    ReplyDelete
  19. Tharadiyata kohomada marayye?

    ReplyDelete
  20. ලග්නය මීන වෙලා සදු 6 කො‍ටුවේ (සිංහයේ) හිටියානම් බඩු බනිස්ද?(5->6->7->8)

    ReplyDelete
  21. ගෝනුස්සො දෙන්නයිද කොහෙද ලංකාවටම ඉන්නේ..

    ReplyDelete
  22. ඉපදෙනකොට ශනි 8 නම් බඩු බනිස්ද?(සිකුරු 12 නං පරිවර්තනයක්ද මොකක්ද තියෙනවා නේද?)

    ReplyDelete
  23. වලක් කැපුවොත් ගෙම්බෙක්ම තමා... අනේ අම්මපා... ඒ පාර කෙන්දරෙටත් බඩු

    ReplyDelete
  24. හම්මේ හම්මේ මීන ලග්නෙට හුටා තමා. ඔබතුමා ඉතින් මට ඒක කලින් කිව්වානේ. කෝකටත් ඒරාෂ්ටක ආපුවාම වෙන දේවල් වගේම කෝකටත් කරන්න හොඳ දේවල් ටිකකුයි කියන්න

    ReplyDelete
  25. අනේ ගෝනුස්සා පව් නැද්ද.....?????

    ReplyDelete
  26. මාර අයියේ මිථුන ගැනත් දාමුකෝ

    ReplyDelete
  27. මාර මලයෝ මාත් එනවා ඉඳ හිටලා. කෑම බීම හදන හැටි එහෙම බලාගෙන යන්න. ඒත් මේ සිංහලෙන් කෙටිල්ල තවම හරි හමන් හුරුනැති නිසාත් කාලය සීමිත නිසාත් ආපහු යනවා ඉක්මනින්ම. කෑම බීමයි ජෝතිශයයි ඉතිං මගෙ හිත යන පැති වෙලානෙ මාර බ්ලොග් නිසා.
    මොනව උනත් මලයෝ මෙ බ්ලොග් එක මීට කලින් ලිව්වෙ නැති එක හොඳයි. මොකද සෙනසුරු ඒරාශ්ඨක අපලය ගෙවන බව දැනගෙන උන්නට ඒක මෙච්චර දුශ්කර දෙයක් කියල තේරුනේ නැහැ. මුලු ජීවිතයම ප්‍රශ්නයක් වුනා තමයි. ඒත් ඉතිං ඒ හැම දේකටම මුහුන දුන්න. අද ආපහු හැරිල බැලුවොත් පහුගිය මුලු කාලෙම නිකන් ඉඳලත් නැහැ ඒත් කරපු දෙයක් කියල ඉතිරි වෙච්ච දේකුත් නැහැ. කරපු හැම දෙයකම හොඳ ප්‍රතිපල බුක්ති විදින්නෙ අනුන්. මටයි කියල කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. වරදවා හිතන්නෙපා හඬා වැටෙනවා කියල. ඒත් මමම මගෙ දිහා බැලුවම මට හිතෙන දේ. මොකද මම ගැන හොඳටම දන්න කෙනා මමනෙ. මොනව උනත් මම හිතන්නෙ කවදාහරි කරපු පව් ගෙවෙන්න තමයි මේ ආත්මෙ සිද්ධ වෙලා තියෙන්නෙ.
    බුදුදහම හරිනම් ලබන ආත්මෙවත් සැපසේ ඉන්න ලැබෙයිනෙ. ඒත් මාරයෝ මම නම් පංසල් යන්නෙ බොහොම කලාතුරකින්. හැබැයි කීයක් හරි එකතුකරගෙන අවුරුද්දක් පාසා වික්ටෝරියා නිවාසෙට දානෙ දෙනව වසර කීපයක හිට. ඒ මිනිස්සු දැක්කහම හිතෙනවා මොන ප්‍රශ්න තිබුනත් අපි කොච්චර වාසනාවන්තද කියල.

    මාරයා කියන මේ ටිකත් ඇත්ත. "තමුන් කරන රාජකාරිය ඉතාමත් උවමනාවෙන් හා වගකීමෙන් කරන එක, අයිස් ගහන වැඩ නොසෙවීම ලැබුනත් අයිස් නොගැසීම. එහෙම කටයුතු කර විශ්වාසය දිනාගෙන සමාජයේ ගෞරවයත් දිනාගැනීම" කියන ඒවා වගේම පිහිටක් අවැසි අයෙකුට හැකි අයූරින් පිහිට වීම තුලින් සෙනසුරාගෙ අතපය ටිකකට හරි බැඳල දාන්න පුලුවන් වේය කියල මමත් හිතනවා.

    අපෙ අප්පෝ සෑහෙන වෙලාවක් කෙ‍ටුවා. කියවනවාට වඩා අමාරුයිනෙ මේ කෙටිල්ල. දැං ඇති මාර මලයෝ

    මම මිගාර

    පසු සටහන
    මෙන්න මේ ටික හරියටම වෙනවනම් කොච්චර දෙයක්ද ? "මෙච්චර කාලයක් මොනවා හරි දේකට වැරදි කරුවෙක් වෙලා හිටියනං ඒකෙන් නිදහස් වෙන එක.. නින්දා අපහාස එල්ල වෙලා තිබුනනං ඒවා සේදී යන එක.................."

    ReplyDelete
  28. මාරයියේ මිථුනේ මිථුනේ ගැන ලියමු

    ReplyDelete
  29. අනේ මාරයියේ මට 2011/11/18 සෙනසුරු ඒරාෂ්ඨකයක් ලබනවලු...ඒක ඉවර වෙන්නේ 2014/11/3 ලු...අනේ මට බයයි...හැමෝම මාව බය කරනවනේ...

    ReplyDelete