05 November 2011

වෘෂභ රාජයින්ට හෙනහුරා මක් කොරයිද...?

ඔන්න ඉතිං කට ඇරලා මෙදා පොටේ හෙනහුරාගේ කොටු පැනිල්ලෙන් වාසි වෙච්ච තවත් හාදයෝ ටිකක් ගැන ලියන්ටයි මේ ලක ලෑස්තිය... පහුගිය ලිපි වල වැඩිම ඉල්ලුමට අනුව අපි දැන් බලමු වෘෂභ රාජයින්ට මෙදා වංගියේ කොහොමද කියලා...

කියනකොටම තේරෙනවනේ... වැඩේ ගොඩ වගේ කියලා... ඔව් ඇත්තටම වෘෂභ ලග්න කාරයාටනං මේ පැනිල්ල බොහෝම හිතකර තත්වයක් තමා ඇති කරන්නේ... මෙච්චර දවසක් මේ වෘෂභ ලග්න කාරයින්ගේ පස්වැනි කොටුවේ ඉඳගෙන වෘෂභ ලග්න කාරයින්ගේ අධ්‍යාපන කටයුතු වලට.. වෙළහෙළදාම් කටයුතුවලට රටේ නැති තරං කචල් වට්ට වට්ට ඒ මදිවට අසනීප කරදර..නෑදෑ හිතවතුන්ට දුවා දරුවන්ට එහෙම කරදර කොර කොර හිටිය හාදයා මෙදා යන්නේ හයවැනි කොටුවට...

මේ පැනිල්ලත් එක්කම මෙච්චර කාලයක් තිබුන ලෙඩ දුක් අසනීප ටිකෙන් ටික හොඳ අතට හැරෙන්ට පටන් ගනී.. අනිකුත් කරදරත් ක්‍රමක්‍රමයෙන් තමන්ට වාසි දායක අතට ගමන් කරාවි.. ඒත් ‍තව පොඩ්ඩ කාලයක් ඉවසන්ටත් වෙනවා..

ඇයි ඒ...?

ඒ තමා වෘෂභ ලග්න කාරයින්ගේ කේන්දරවල මේ දවස්වල ගුරුන්නාන්සේ ඒ කිව්වේ බුරහස්පතී මාමා අන්තිම කොටුවේ ඒ කිව්වේ 12 වෙනි කොටුවේ ඉන්නේ... ඒකට අපි කියනවා නෙව වැයස්ථානය කියලා.. ඉතිං ඔය 12 වෙනි කොටුවට මොන යෝධයා ගියත් ඒ ගිය ගිය හාදයව දුර්වල කරවලා මොන මොනවා හරි අංචි වැටෙනවා... කේන්දරේ ඉන්න සුභම ගිරහයා වෙච්ච බුරහස්පතී මාමා උනත් ඔතනට ගියාම ඉතිං වියදං එහෙම අඩුවක් නැතිව යෙදෙනවා.. හැබැයි එකක් හොඳට මතක තියා ගන්ට ඕන දැන් ඔය බුරහස්පතී මාමා ඔතනට ගියේ පහුගිය මැයි මාසේ දිහාවේ.. එතැන ඉදලා හරියටම අවුරුද්දක් වගේ කාලයක් උන්දෑ ඔතන දපලා ඉන්නවා.. ඒ කියන්නේ ලබන අවුරුද්දේ මැයි විතර වෙනකල්..

ඉතිං ඒ අවුරුද්ද ඇතුලත කොරන කොරන වියදංවලට ලැබෙන ලාබය බොහෝම අඩු වෙන්ට ඇහැකි උනාට.. ඔය කාලේ විය හියදං කොරපු දේවල් වලින් තව ටික කාලෙකට පස්සේ වාසි ලැබෙන්ටත් ඇහැකි.. ඒ කියන්නේ 2013 මැයි මාසේ හිටං 2014 ජූනි මාසේ වගේ වෙන කාලෙදී.. හොඳට මතක තියාගෙන ඉඳලා බලන්න මේ කාල සීමාවේදී ගිය දේවල්වලට සරිලන අන්දමේ දේවල් තමුන්ට ඒ ඉස්සරහා කාලෙදී ටික ටික හරි ලැබෙන්නේ නැද්ද කියලා...

ඉතිං ඔය 12 වෙනි ‍කොටුවේ ගුරුන්නාන්සේ ඉදිල්ල වගේම අර කෙහෙතාත් මේ දවස්වල ඉන්නේ ඔළුවට ගහලා.. ඒ මදිවට රාහුවා හතේ කොටුවේ පැලපදියං වෙලා... දැන් ටික කාලෙක ඉදලාම වෘෂභ ලග්න කාරයින්ට කියන්ට තරං හොඳක් තිබ්බේ නැති විත්තිය ඒ ඒ අය දන්නවා ඇති.. හිතේ නිදහසක් නැති වෙන තරමට කරදර බාධක... ඒ මදිවට අසනීප..තමුන්ට විතරක් නෙවෙයි තමන් අවට ඉන්න අයටත් කරදර අසනීප.. ඒවටත් හොයන්ට බලන්ට උනාම ඉතිං හිතේ නිදහසක් තියෙයියෑ.. ඒ විතරක්ද මේ හොඳට හිටිය යාළු මිත්තරයෝ හීතේෂීවන්තයෝ..ආදරවන්තයෝ.. ආදරවන්තියෝ තරහා අමනාපකං ඇති වෙන්ට ඇහැකි.. ඒ අවු අස්සේ මෙච්චර කාලයක් හෙනහුරාත් හිටියේ 5 වැන්නේ හින්දා ඔය සේරම ටික එකතු උනාම බඩේ ලෙඩ.. යටි බඩේ අසනීප තත්ව වගේ‍ම මෙලෝ හේතුවක් නැතිව දොස්තරලටත් අහු නොවෙන ජාතියේ ලෙඩ දුක් හිටං පලපාන්ට ඇහැකි. මූණේ පැහැය අඩුවෙලා..හම දුර්වර්ණ වෙන්ට.. මලානික පෙනුමක් විඩාබර ගතියක් හිමි වෙන්ට හමේ රෝග හැදිලා ඇග නිකං වේලිලා යන්ට වගේ දේවල් උනත් පහුගිය දවස්වල වෙන්ට ඇහැකිව තිබුනා...

ඉතිං පහුගිය කාලේ පුරාවට රටේ නැති කරදර අපහාස නින්දා වලටත් මුහුණ දීලා කරගෙන ආව කටයුතු චකබ්ලාස් වෙලා හිටි අයට මේ හෙනහුරු මාරුවෙන් පස්සේ ටිකක් විතර ඔළුව උස්ස ගන්ට ඇහැකි වෙනවා.. ටිකක් විතර කියලා කිව්වේ මොකද එහෙං පිටිං ඔළුව උස්සන්ටනං තව හය හත් මාසයක් බලං ඉන්ට වෙන හින්දයි.. ඒ කියන්නේ දෙදහස් දොළහේ ජූනි මාසේ විතර වෙනකල් තමා...එතකල්ම වගේ ඔය උන්දලට..ඒ කිව්වේ වෘෂභ ලග්න කාරයින්ට වෙන වෙන අපල තියෙන හින්දයි..

ඉතිං මේ හිටියා වගේ තව ඩිංග කාලයක් ඉවසං ඉන්ට ලබන වරුෂයේ මැද විතර වෙනකොට ඔය උන්නට වඩා හොඳම හොඳ පැත්තකට ජීවිතේ ගමන් කොරයි... එයින් එහාට එන අපලයක් කරදරයක් තියෙනං අපි ඒ ඒ කාලෙට බලලා දැන ගම්මු..

ඔන්න එහෙනං ඒකත් කියලා අහවර කොලා...දැන් කවුද ඊ ළගට ඉන්න කස්ටිය..දැන් පහුගිය පෝස්ට් වලට ගෙහුන් ගැනලා කොරලා මේකේ වැටෙන චන්ද ටිකත් එක්කාසු කොරලා ඒ අනුව වැඩිම මනාප තියෙන කස්ටිය හොයාගෙන ඊ ළග ලියුං කරදහියෙන් හම්බ වෙනකල් ආයුබෝ ආවඩා කිව්වා.. ඔන්න මං මාරු...

21 comments:

  1. හුලේ තැංකිවු අයියා

    ReplyDelete
  2. ඕං එහෙනං මගෙනුත් ටන්කු පාරක්....

    ReplyDelete
  3. මාර අයියේ...ඊලගට මිථුනේ දාමු.....................

    ReplyDelete
  4. ඉස්තූතියි මාරෙ අයිය... කිරිගහට ඇන්න වගේ කියල තියෙනව... නැති බංගස්ථාන වෙලා ඉන්නෙ මේ වෙද්දි... වැය ගැන නම් කතා කරල වැඩක් නෑ... යාලුවො උදව් කරන්න කියල ඇවිත් කොරන්නෙත් පර්ස් ‍එකට කෙලවල යන එක(උන් කරන උදව් කනපිට හැරෙනවනෙ)...

    අතක් පයක් කැඩුනත් කමක් නෑ අයට වඩා වැය අඩු වෙනව නම්...

    ReplyDelete
  5. කාලෙකින් බ්ලොග් කියවන්න ලැබුනේ අය්යේ මිලගට ධනු දාමුද?? ඇත්තටම ධනු වලට හොද නැද්ද මට මේ ටිකේම ටිකක් කරදර

    ReplyDelete
  6. ටක්කෙටම හරිනෙ මාරයියෙ, පසුගිය දවස්වල තිබුන කරදරනම් කියලා වැඩක් නැ, හොඳ දෙයක් කලත් ඒක ආපස්සට එනවා වැරද්දක් වෙලා. එහෙනම් අපිටත් හොඳ කාලයක් යයි නේ...

    ReplyDelete
  7. හුටා, මේ කියල තියෙන්නේ සහතික ඇත්තනේ... මාස 6 කින්වත් සහනයක් තියෙනවා කියන එක හොඳ ආරංචියක්.. :)

    තැන්කු මාරයියේ...

    ReplyDelete
  8. කියල තියෙන ටික නම් මසුරං... කාලෙක ඉඳලම මටත් හතේ හත වැදිලා ඉන්නේ. ලබන මාසේ මැද වෙනකනුත් ඉන්න වෙනවා කියන්නේ ඉතිං වහම තමයි...

    ReplyDelete
  9. අපරාදෙ ගෝනුස්සෙක් වෙලා ඉපදුනෙ. හරකෙක් වෙලා ඉපදුනානම් ඊට සැපයි

    ReplyDelete
  10. හරි හරි.... එහෙනම් ජුලි වෙනකල් බලමුකෝ... තැන්කූ කිව්වා මාරේ අයියේ!!!

    ReplyDelete
  11. මගේ ලග්නෙත් වෘෂභ, ලග්නෙනම් මට අපූරුවට ගැලපෙනවා.අපිටෙයි කියලා ලග්නයක් හදලා තිබුනු එකත් ලොකු දෙයක්.අඟහරු නම් කොරහ පෙරලගෙනම ගියා.සෙනසුරු මාරුවත් එක්කම මගේ චන්ද්‍ර ඒරාශ්ඨෙකෙත් අඩු වෙනවා.අයිස්ක්‍රීම් ලොරියක් ඈත එනකොට සුවඳ එනවා වගේම කුණු ලොරියක් ගියාමත් ටිකක් කල් ගද තියෙනවා කියලා කතාවක් තියෙන නිසා මේ දවස්වල මම ඉන්නේ හරි කල්පනාවෙන්.මේ දවස්වල දොලහේ යන බ්‍රහස්පති මාමාගේ දශාව තියෙන නිසා ඒකෙනුත් මට කරදර ඇවිල්ල තියෙනවා.අතටම ආපු ජොබ් එකක් ගැස්සිලා ගිය එක තමයි කාලා එන්න බැරි වුනේ.

    ReplyDelete
  12. ane mara mame "Danu" vitharak hari kiyanna Pls..

    ReplyDelete
  13. ඉතින් දුනුවායො ගැන තාම නැත්ද මලේ ....

    ReplyDelete
  14. ඔන්න මාරයා රූට රූට එක එක කියනව බලන් ඉන්න බැරි හදිස්සි කාරයන් වෙනුවෙන් මම පොඩි කොප්පක් ගැහුවා :)

    =================================
    ශනි මාරුව ඒ ඒ ලග්නවලට බලපාන්නේ මෙසේය
    ==================================
    මේෂ ලග්නය - ශුභයි. අනුන්ගේ ආධාර උපකාර බොහෝ ලැබේ. විවාහ සහකරුට ද ශුභයි. රැකියා කටයුතුවල විශේෂ ප්‍රගතියක්‌ ඇතිවේ. විවාහ අපේක්‍ෂ කරන අයගේ විවාහ සිදුවේ. සතුරන් මර්දනය කෙරේ.

    වෘෂභ ලග්නය - රෝගවලින් සුවය ලැබේ. රහස්‌ සතුරු කරදරයන් නිමවේ. ණය වලින් මිදිය හැකි වේ. තමන්ගේ බලය පෙරට වඩා වැඩිවේ.

    මිථුන ලග්නය - මුදල් ආයෝජනය කර කරන ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දරුවන්ගේ කටයුතු දියුණුවේ. ඉගෙනීම සාර්ථක වේ. පෙරපින වාසනාව උදාවේ. ලොතරැයි ජය ලැබේ.

    කටක ලග්නය - කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට බොහෝ ශුභයි. වතු පිටි පිළිබඳ දියුණුවක්‌ ලැබේ. පැරණි උරුමකම් තහවුරු වේ. මව් පියන්ගේ දේපළ තමන්ට ලැබෙන කාලයකි.

    සිංහ ලග්නය - උත්සාහය, ධෛර්ය වැඩිවේ. අසල්වාසීන් හා සහෝදරයින්ගෙන් වෙනදාට වඩා සහයෝගය ලැබේ. විවාහ අපේක්‍ෂකයින්ගේ බලාපොරොත්තු සාර්ථක වේ. බාල සහෝදරයින්ට ශුභ කාලයකි.

    කන්‍යා ලග්නය - මෙතෙක්‌ පැවති ඒරාෂ්ඨක අපල කාලය බොහෝ දුරට නිම වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. තැන්පත් ධනයත් ඉතිරිකර ගැනීමට හැකි වන්නේය. කලක්‌ පැවති අසනීප සුව අතට හැරෙනු ඇත.

    තුලා ලග්නය - ලග්නයේ ශනි උච්චවීම ශුභයි. ගේ දොර ඉඩ කඩම් පිළිබඳ විශේෂ දියුqණුවක්‌ ඇතිවේ. අලුත් නිවාස ඉදිකර ගැනීමට තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කටයුතු සැලසේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ.

    වෘශ්චිත ලග්නය - ලග්නයේ රාහු ගමන්කරන නිසා තරමක්‌ දුරට ශුභඵල හීන කරයි. ධෛර්යෙන් කරන කටයුතු අන්තිම මොහොතේ සාර්ථකවේ. විදේශ ගමන් අපේක්‍ෂා කළ අයට එම බලාපොරොත්තු සාර්ථක වේ.

    ධනු ලග්නය - ආදායම් මාර්ග ඉහළ යයි. අලුත් මිතුරන් ඇතිවේ. උසස්‌ අයත් ඇසුරට පත්වේ. උත්සාහය, ධෛර්ය ඉහළ යයි. රැකියා අංශවල ප්‍රගතියක්‌ ඇතිවේ.

    මකර ලග්නය - රැකියාවේ උසස්‌ වීම් ලැබේ. උසස්‌ අයගේ මෙන්ම කනිෂ්ඨ සේවක පක්‍ෂයේද විශේෂ සැලකිළි ලැබේ. දේශපාලනයේ යෙදෙන මකර ලග්න හිමියන්ට විශේෂයෙන් සුබයි.

    කුම්භ ලග්නය - පෙර තිබූ ඒරාෂ්ඨක අපලය නිමවෙනු ඇත. වාසනාව, භාග්‍යය, පෙරපින උදාවේ. ආගමික අංශයට විශේෂ නැඹුරුවක්‌ ඇතිවේ. ශුභයි.

    මීන ලග්නය - වැය පක්‍ෂය අධික වේ. අන්තිම කැමැත්ත මත ධනය ලැබෙන කාලයකි. ශනි 8 ගමන් කිරීම නිසා තරමක්‌ අපලයි.

    කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්

    ReplyDelete
  15. මාරයියෙ ඊට පස්සෙ කටක දාන්නකෝ....

    ReplyDelete
  16. ඊළඟට මිථුනෙ දාමු

    ReplyDelete
  17. මාරයියා...ධනු ලග්නෙට කොහොමද කියන්ටෝ....

    ReplyDelete
  18. තුලා, ධනු සහ කන්‍යා ගැනත් දැනගන්න ආසයි. ස්තුතියි!
    -අම්බි

    ReplyDelete
  19. අනේ මේෂ ගැන දාන්නකෝ අයයා....

    මකරයියේ....තැංකු වේවා කිව්වළු.....

    ReplyDelete
  20. ධනු ලග්නෙට කොහොමද කියන්නකො

    ReplyDelete