10 November 2011

හදනවනං ඇඹරැල්ලා.. මෙන්න මෙහෙම කරපල්ලා...


හරි ඔන්න ටුඩේ ඉස්පැෂොල්... ඔව් ඔව් කන බොන එව්වා තමා... ආ නැහැ බොන්න නෙවෙයි කන්න විතරයි.. ඕනනං ඉතිං හොද්ද බිව්වැකි.. ඒත් ඒ හැටිම හොඳි හිටින්නේ නැහැ නෙව...

ඊයේ උදහැනැක්කේ මට ඇඹරැල්ලා ගෙඩියි දළුයි දෙකම හම්බු උනා නෙව... ගෙඩි කිව්වට පොඩි ගෙඩි හතරක් තමා.. ඉතිං දළු ටික ඊයෙම සම්බෝල හැදුවා... ඒකත් ටිප් ටොප් එකට හිටියා... ඊට පස්සේ ඊයේ රෑ ඇඹරැල්ලා ටික ඉව්වා..ඒ අද බත් එකට ගෙනියන්න ගන්න කියලා හිතාගෙන...

ඉතිං ඔහේලා දන්නවනේ මං ඔය මොනවා හරි අමුතු ජිගිරිමයිට් එකක් උයද්දී ඔහේලව සිහිපත් වෙච්ච ගමන් ඒ හදන එකේ පොටෝ කෑලි ගන්නවා කියන එක..ඉතිං මේකෙත් මං දිගට හරහාට පොටෝ ගගහා තමා වැඩේ කලේ.. හොඳ වෙලාවට ගෙදර මං විතරක් ඉන්නේ..නැත්තං තව කවරු හරි දැක්කනං හිතනවා මූට පිස්සු කියලා.. ඇයි යකෝ උයන පිහන අස්සේ හැම වෙලාවෙම කලිසං සාක්කුවේ තියෙන ෆෝන් එක අරං හැම අතටම පොටෝ ගගහා ඉන්න හැටි දැක්කම වෙන මොනවා හිතන්නද..?

හරි මුලින්ම කියන්න ඕන මේකත් මගේ කුළුඳුල් නිෂ්පාදනයක් කියන වග.. ඒ කියන්නේ මේ තමා මං මුලින්ම ඇඹරැල්ලා වෑංජනයක් හදපු දවස.. මෙයිට කලින් කාලා තියෙනවා උනාට උයලා නැහැ. ඉතිං කෝකටත් කල්පනා කර කර වෙනදා වගේම ඇඹරැල්ලා වෑංජන වල රස මතක් කර කර තමා කලමනා එකතු කර කර වැඩේ කලේ.. ඉතිං එහෙනං අපි බලමු වැඩේ කොහොමද ගොඩ දාන්නේ කියලා...

....................................

මුලින්ම ඇඹරැල්ලා ටික පොතු ඇරලා සෝදලා ඒවායේ පිට පැත්තට ගෑරුප්පුවකින් එහෙම ටිකක් ඇනලා හිල් ටිකක් එහෙම හදලා කැපුවා හතරට.. ඔය හිල් හැදුවේ ලුණු රස මිරිස් තුනපහ රස එහෙම අල්ලන්න පහසුවක් විදියට තමා... එහෙම නොකලයි කියලත් අවුලක් නැති වෙයි.. ඒත් මං දැකලා තියෙනවා ඇඹරැල්ලා දෝසි හදනකොට ඔය වැඩේ කරනවා.. මාත් ඉතිං කරලා දැම්මා.. දොසි මොකද වෑංජන මොකද කියලා හිතලා..මොකද අතින් පයිං යන එකක්යෑ.. ඉතිං ඒහෙම කපා ගත්ත ඇඹරැල්ලා වලට රම්පේ..කරපිංචා..කුරුඳු පොතු... උම්බලකඩ..රතු ළුණූ.. කොච්චි මිරිස්..සේර කෑල්ලක්..උළු හාල් ඇට දෙක තුනක්.. එහෙමත් එක්කාසු කර ගත්තා මෙන්න මේ වගේ...
ඊට පස්සේ ඇතිළියක් ලිප තියලා ඒක රත් වෙනකොට තෙල් මේස හැන්දක් විතර දාලා ඒ තෙල් ටික රත් වෙනකොට ඒකට දානවා අබ ඇට ඇබින්දක්.. තලා ගත්ත සුදු ළුණු බිකක්..කරපිංචා කොලයක් දෙකක්.. හීනියට ලියා ගත්ත රතු ළුණු අමුමිරිස් ඩිංගක්.. තියෙනවනං අමු ඉඟුරු පෙත්තක්..එහෙම මේ තියෙන්නේ ඒ ඩිංග...

ඉතිං ඒක තෙම්පරාදු වෙලා එනකොට ඒකට දමලා අතාරින්නයි තියෙන්නේ අර කලින් ලෑස්ති කරගත්ත ඇඹරැල්ලා ටික..
ඒ ටික දාලා මෙන්න මෙහෙම හොදට ඒ අත මේ අත පෙරළලා තෙල් තැවරෙන්න අරිනවා...ඊට පස්සේ හොඳට වහලා විනාඩියක් දෙකක් විතර තැම්බෙන්න අරිනවා..
ඊට පස්සේ පෙනුම මෙහෙමයි...
ආන්න එහෙම පෙනුමට ආවම අපි ඒකට එකතු කරනවා මෙන්න මේ විදියට බැද ගත්ත පහේ කුඩු ටිකක්..කහ කුඩු..මිරිස් කුඩු.. ලුණු කුඩු ටිකක්...සීනි මේස හැඳි බාගයක් විතර එහෙම...
ඊට පස්සේ හොදට ආයෙමත් මේ ටික කලවං කරලා ඕකට එකතු කරනවා මිටි කිරි ටිකක්..
ඊට පස්සේ ඉතිං මඳ ගින්දරේ ඉ‍ඳෙන්න අරින්න තමා තියෙන්නේ...අවසානෙට අපට ලැබෙනවා මෙන්න මෙහෙම වෑංජනයක්...

කොහොමද පෙනුම... දැක්කම හිත පිරෙනවා නේද... අපරාදේ කියන්ට බැහැ ගැවුන තැන කතෑකි... කොටින්ම කිව්වොත් ඔය වෑංජනේ අර උඩම තියෙන විදියට වෙනම බාජනේකට අස් කරලා මං ඔය උයාපු ඇතිළියට ඊයේ රාත්තිරියේ බත් මිටක් දාගෙන පිහගෙන කෑවා.. මගේ අම්මෝ ඒකෙ රස...
.................................

ඉතිං ඔන්න මං වැඩේ අහවර කලා...දැන් එහෙනං පුළු පුළුවන් අය පුළු පුළුවන් විදිහට හදලා.. කරලා.. කාලා.. බලලා.. අපිටත් ලියලා.. කියලා.. එවලා.. දාන්ටයි තියෙන්නේ...

57 comments:

  1. ආ මේ කාලේ ඇඹරැල්ලා යහමින් තියන කාලයක්.
    මම් හිටවපු ඇඹරැල්ලා පැලේ ගෙඩි ඇවිත්.ඒව හොදට පැහිලා දැන්.මේ විදියට හදලා බලන්න ඕනේ ඉස්සරලම.

    ReplyDelete
  2. හරි රහට ඇති ........
    මං මේ දවස් 2 ක 3 කට උඩදි අපේ ගෙදර තිබුන ඇඹරැල්ලා ගහ කපලා දැම්මනෙ ( පොඩි බට් ගහක් ) ගෙඩි පිරිලා තිබ්බෙ ඒ උනාට අර පිටි මකුණු රෝගය නිසා ලොකු හානියක් උනා ඇඹරැල්ල ගස් ඔය පිටි මකුණගෙන් බේරගන්ඩ බෑ නොවැ..........
    මං අද 2 ක නේ

    ReplyDelete
  3. මං මේක බඩගින්නෙ ඉඳගෙන කියෙව්වෙ. මේ මාරය කරන්නෙ අපේ හිත රිද්දන එක.
    henryblogwalker the dude

    ReplyDelete
  4. හප්පේ කෙල උනනව කටට මේක දැක්කම....ගෙදරදි අම්ම උයපුවා මතක් වෙනවා......

    ReplyDelete
  5. අම්මෝ කටට කෙලත් ඉනුවා.
    හිටින් මාරේ අයියා මම් පාන් රාත්තලක් ගේනකන්. දෙන්නා බාගේ බාගේ කමු. ඇබැරැල්ල රහ පාන් එක්ක කනකොට.

    ReplyDelete
  6. ඇඹරැල්ලා නම් මමත් හදලා තියනවා. වෙනසකට තියෙන්නෙ මම කරන්නෙ කිරි නොදා වතුරෙන්ම උයලා හිඳෙනකම් මද ගින්නෙ තියන එක. මමත් ආසම කෑමක්.

    ReplyDelete
  7. හා.... නියමෙට ඇවිත් තියෙනව...

    මම ඕක හදන්නේ ටිකක් වෙනස් විදියට... ඉස්සෙල්ල තුන පහ දාල ලූනු අමු මිරිස් දාල කිරෙන් ඇඹ‍රැල්ල ටික උයනව... ඇඹ‍රැල්ල කැලි හොඳට තැම්බුනයින් පස්සෙ තමයි තෙම්පරාදු කරන්නේ.. තෙල් එක රත් කරල අබ, වේලිච්ච මිරිස් කැලි, කරපින්චා, කුරුඳු පොතු යන්තන් බැදෙන්න ඇරල අර හොද්ද මේකට දානව... දාල ටික වෙලාවක් මද ගින්නේ ඉදෙන්න අරිනව... හොද්ද උකු මදි නං පොල් කිරි ටිකකුත් දැම්මැකි... මොකද ඉස්ම ටිකනෙ රසම...

    ගොඩක් ඇඹුල් ඇඹ‍රැල්ල නං සීනි පොඩ්ඩක් දැම්මමත් රසට හිටිනව... මම නං කැමති සීනි නොදා හදල...

    ReplyDelete
  8. happe appiriyawe ba.. asuchi godak wage..

    ReplyDelete
  9. මමත් හදන්නෙ ඔයිට චුට්ටක් වෙනස් විදියට...අර අපි පොළොස් ඇඹුල් හදද්දී මිරිස් කබලෙ ටිකක් බැඳලා දාන්නෙ..අන්න ඒ විදියට..එතකොට එන පාට හරිම ලස්සනයි...රසත් ඒ වගේමයි...තෙම්පරාදු කරන්න කැමති නැති අයට අඹ ටිකක් බැඳලා කුඩු කරලා දැම්ම මත් හොඳයි....

    මේකත් එහෙනම් අර ලිස්ට් එකටම ඇඩ් කර ගන්නකො....

    ReplyDelete
  10. මාත් ආසම පලතුරකක්.හැබැයි අමුවෙන් කන්න විතරයි මම නම් ආස.දවසක මෙහෙම හදල කන්න ඕනි බලන්න..එහා ගෙදර ඇඹරැල්ලා ගහේ ගෙඩි පිරිලා.හරි ගියොත් අය්යට පින් දිදී හැමදාම හදන් කතෑකි හිහී

    ReplyDelete
  11. මමත් ඇඹරෙල්ල අමුවෙන් කන්න තමයි කැමති...
    [ගෙදර ඉව්වට මම කන්නෙ නෑ. හි .. හි .. මට ගෙඩි ටිකක් අමුවෙන් තියල ඉතිරි ටික තමා උයන්නෙ]
    ඔය කොලපාට පොත්ත පිටින්ම හොඳට හෝදල .. පොත්තත් එක්කම කන්නයි ඕන.
    ඒ විදිහට කන එක .. කොලස්ටරොල් වලට සහ සැරීරයෙ තියෙන අමතර සීනි වලට ගුණදායක ලු.

    ReplyDelete
  12. ලෝහ බාජන වල ඕව හදන එක හොදයැ?

    ReplyDelete
  13. පෙනුම නම් හොදයි රස කොහොමද දන්නේ නැහැ...

    ReplyDelete
  14. දැන් නම් බඩගිණියි වගේ.. ඒත් අපිට කොහෙන්ද ඇඹරැල්ලා...

    ReplyDelete
  15. අම්මප මෙච්චර අඳුනන කියන දොස්තර ගොල්ල ඉන්නව... විස්ස විද්‍යාල ඔල ළමයි ඉන්නව... ඔය අම්ල ගුලි අර ඇලුමිනියම් එකේ දාල ,රත් කරගෙන කොරන මේ පරීක්සන ගැන පියර් රිවීව් එකක් දෙන්න කෙනෙක් නැති හැටි...

    සපතේරුවො මොනව කියන්නද...

    ReplyDelete
  16. මාරයියේ මේකට සීනි දාන්නැද්ද???

    ReplyDelete
  17. මාරඅයියා කවදාහරි "චෙෆ් පබිලිස්ටත්" අබියෝගයක් වෙනවා ......

    ReplyDelete
  18. කෙල ගිලුනි :-) හෙ හෙ...

    ReplyDelete
  19. wow wow maaaraa rasai, mamathg ammata kiyala hadala kewa

    ReplyDelete
  20. උඹ උයන්නෙත් කලිසන් ඇඳන්ද?

    ReplyDelete
  21. අනෙ මාරයො උබේ වෑඩවල කිසි පිලිවෙලක් නෑ
    බලපන් දන් කො අර ලග්නවල ඉතුරු පලාඵල

    ReplyDelete
  22. අපේ ගෙදරනම් ඇඹරැල්ලා වලට ගෑරුප්පුවෙන් අනින්නෙ නෑ.ඒ වෙනුවට පිහියෙන්ම පොඩ්ඩක් ඉරි ගහනවා.සීනී ටිකක් දාලා ගන්නවට තමා මං වැඩිය ආසා.

    මගෙත් ප්‍රියත කෑමක් නොවැ ඕවා.කටට කෙලත් උනනවා.

    ReplyDelete
  23. කටේ කෙළ ටික හින්දනවට උඹව කොටියම කාපිය.....!

    ReplyDelete
  24. මම ඇඹරැල්ලා අමුවෙන් විතරයි කන්නෙ. ඉව්වහම කැතයි. අඹ ඇඹරැල්ල වගෙ දේවල් තියෙන්නෙ අමුවෙන් කන්ඩ.

    අම්ල වර්ග ලෝහ භාජනවල දාගෙන නටන එක ගැන කීප දෙනෙක් කතා කළානෙ. ඇයි, මේ යකා හැමදාම උයන ගමන් ඕවගෙ ෆොටෝ ගහන්න ගිහාම, අර ෆෝන් එකෙයි, ඕක ඔබාගෙන ඉන්න ජරා කලිසම් සාක්කුවෙයි, ඕක තියන මේස උඩයි තියෙන හැම ජරාවක්මත් මෙයාගෙ අතේ ගෑවිලා, අතින් කෑමවලට යනවා නේද? විශේෂයෙන්ම ආයෙ රත් කිරිල්ලක්/ හේදිල්ලක් නැති මැල්ලුම්, කිරිබත් වගෙ දේවලට මෙහෙම විෂබීජ එකතු කරන එක අනුමත කරන්න පුළුවන්ද? ඕවා කන උන්ට දෙය්යන්ගෙම පිහිටයි.

    ReplyDelete
  25. ඕවා කාලා තවම ජීවතුන් අතර ඉන්න කිහිප දෙනෙක් පිළිබඳ තොරතුරු මා සතුව ඇත.

    ReplyDelete
  26. ලකී... කොහෙද ලොක්ක වාශ්ප වෙලා හිටියෙ...

    අර විස්තර තියෙනෙව කිව්වෙ කෝප්ප කිරිබත් කාපු කට්ටියගෙ වෙන්ට ඇති...

    ReplyDelete
  27. පෙනුමෙන්ම් කියන්න පොලුවන් රස ගැන. කියලා වැඩක් නැහැ මගෙ ප්‍රියතම කෑමක්.

    ReplyDelete
  28. @සපතේරු උන්නැහේ

    ආ..වැඩ වගයකට ලංකාවට ගියා..දැන් ආපහු නිවාඩුවට මෙහේ ඇවිත් ඉන්නෙ..

    කාපු බීපු අය ගැන නම් කියන්න ටිකක් බයයි. මහ අශිලාචාර මදාවි ගැන්සියක්. පොඩ්ඩ බැරි වෙනකොට මරන තර්ජන කරලා පණිවිඩ එවනවා..ඒ නිසා ඒ ගැන නම් අහන්න එපා..

    ReplyDelete
  29. අපේ මුල් ගෙදර තිබුණා පත සයිස් ටොප් ඇඹරැල්ලා ගහක්. පොල්ලක් ගහලා ගෙඩියක් කඩාගෙන එවේලේම බිත්තියේ ගහලා තලලා කනවා... ඒක නම්... පුදුම රසක්...!

    දැන් ඉතින් හැම තැනම තියෙන්නේ බඩ් ඇඹරැල්ලා නේ... ඒවා අර තරම් රස නෑ... ඇඹරැල්ලා මාළුවක් නම් කාපු කාලයක් මතක නෑ... දැන් ඉන්න උන්දලා ඕක හදන්න දන්නෙත් නෑ. අපේ අය හදන්නේ ඇඹරැල්ලා කිරිහොදි !!!

    ReplyDelete
  30. "ආ..වැඩ වගයකට ලංකාවට ගියා..දැන් ආපහු නිවාඩුවට මෙහේ ඇවිත් ඉන්නෙ.."

    ලකීට ඇත්තත් කියවෙනව ඉඳහිට. :P

    ReplyDelete
  31. අප්පට සිරි, ඔය ටැලිපෝං එක මාරයිනෙ: හොඳ පෙනුමයි නොවෑ පින්තූරු ටික. මේ, එතකොට ඔය සීනි ඩින්ගක් සමහර කෑම උයද්දි දාන්නෙ මක්කටෙයි? ඩි.

    ReplyDelete
  32. @ ලකී / ඩොක්ට,

    මම නම් කියන්නෙ මම මේ ටෙමපරි ඩ්‍රයිවින් ජොබ් එකකට ලංකාවට ගියා කියල... ටයර් කඩෙත්තුව හැදිල මාසෙ ඉවරවෙනකොට .. :D

    ReplyDelete
  33. @ සපතේරු උන්නැහේ: මම දන්න "හුඟක් අයට" ඔහොම තමා. එහෙම නොවෙන්නෙ ඉතින් පවුල පිටින් ගිහින් ඉන්න අයට විතරයි.

    ReplyDelete
  34. පී.ඇස්.
    ඔය දඹල කරල් ටිකක් උයන හැටි එහෙමත් දාන්ටකො දරුවො, පින්තූරුත් එක්කම, එහ්?

    ReplyDelete
  35. @ නලිනි..

    ඔව් ඔව් ..හුඟක් අය ඔහොම තමා......එයාලා පව් නේහ්..

    @ ඇනෝ..

    ඇඹරෙල්ලා ටිකත් ඉවරයි, පොළොස් ගැටයක් බේර ගන්න බැහැ. අන්නාසි ටික පරිස්සම් කරගන්නෙත් බොහොම අමාරුවෙන්...ගමේ මිනිස්සුන්ට කොළ ජාතියක් බේතකටවත් නැහැ. ඔය ඉතින් අපේ දඹල වැල් ටිකටත් කෙළ වෙන වැඩක්/..

    ReplyDelete
  36. දඹල ඉතුරු කරයියැ, කරදහි කොළවලිනුත් මැල්ලුම් හදනව මෙයා.

    ReplyDelete
  37. කෑම ටික නම් ලස්සනට තියෙනවා, රසයත් ඒ වගේම ඇති කියල හිතනවා.

    එහෙත් මේක දැකල නිමිති ඇති කරගන්න නම් එපා. රස බලලා ඒ ගැන නිමිති ඇති කර ගන්න එපා. එහෙම නිමිති ඇති කරගත්තොත් ඒක කෙලෙස් වෙනවා.

    මේක දැකල දැක්ක පාඩුවේ ඉන්න, රස බලලා රස බලපු පාඩුවේ ඉන්න.

    සිත තුල දැවැන්ත ගස් සිටුවූවාට කම් නැත නමුත් ඒ ගස් අතර වැල් හට ගන්න නොදී එනම් වනයක් කරගන්න නොදී රැක බලා ගන්න කියලයි බුදු දෙසුම.

    ReplyDelete
  38. ඇඬෙනවා...

    දිල් කෑම හදන්නේ " අඹ " දාලා මිසක් " අබ " දාලා නෙවෙයි. ලොකු කමටත් එක්ක පොර ටෝක් එකක් දෙන්න ගිහින් නාගෙන. ඒකෙන්ම පේනවනේ දිල්ගේ ඉවිල්ල.. පව් අර සහෝදරයා. කන්න කෑම කඩයකුත් හොයාගන්න වෙයි. :P
    අනික මේ ටිකේ දිල් ඇඹුල් ජාති ගැන කතා කරනවත් වැඩියි වගේ.

    ReplyDelete
  39. මම නම් මේකට සීනි පොඩ්ඩකුත් දානවා. එතකොට නිකන් ඇඹරැල්ලා චට්නි වගේ. :)

    ReplyDelete
  40. මම නම් මේකට සීනි පොඩ්ඩකුත් දානවා. එතකොට නිකන් ඇඹරැල්ලා චට්නි වගේ. :)

    ReplyDelete
  41. @ලකී: මේ...ඇනෝ කිව්වෙ මටදෑ? ඇනිවේස්, මාරකැට් එකෙ දඹල හරි කමක් නැහැ ;)

    @මම: දඹල මැල්ලුම්ද හදන්නෙ? ඇයි ඔය තෙලට කිරට එහෙම දාන්නෙ නැතෙයි?

    ReplyDelete
  42. උත්තර දී දී ඉන්න වෙලාවක් නැහැ ඒත් මේ අපේ ඇනෝ අහන පුරස්නෙට උත්තර දීලා යන්න එපැයි...පොඩ්ඩක් ඔය මාර සරණිය උඩ කොටලා බලන්න මං හිතන්නේ මම බොහෝම කාලෙකට කලින් දඹළ ගැන ලියලා තියෙනවා වෙන්ට ඕන...

    අනිත් අයත් එක්ක කතා කොරන්ට එඤ්ඤං ටිකක් පහු වෙලා...එතකං සමාව භාජනේ ඈ..

    ReplyDelete
  43. සමා වෙන්ට ඕන ඇනෝ... ඒ දඹළ හැදිල්ල ගැන තියෙන්නේ පෝස්ට් එහෙක කොමෙන්ටුවක් හැටියට මෙන්න මේ පෝස්ට් එකේ
    http://ctkumara.blogspot.com/2010/02/blog-post_08.html

    එකේ වැප්ට දීපු උත්තරයක් හැටියට මෙන්න මෙහෙම ඇති...

    "මල්ලි දන්නේ නෑමල්ලී ඒකේ රහ.
    මුලින්ම පරිප්පු ටික දිය කිරෙන් මිරිස් තුනපහ කහකුඩු උම්බලකඩ රතුළුණු අමුමිරිස් කරපිංචා එක්ක ලිපේ තියලා,ටික වෙලාවකින් හීනියක ලියපු දඹල ටිකත් දාලා ඒක තැම්බීගෙන ඇවිත් ඉස්ම හිදෙන කොට මිටි කිරි ටිකක් දාලා හින්දවගෙන, ඊට පස්සේ තෙල් චුට්ටක් කර වෙන්න ඇරලා ඒකට අබ ඇට චුට්ටකුයි,වෙලිච්ච මිරිස් කරල් දෙකක් කෑලි කඩලා දාලා, සිහින්ව ලියා ගත්තු රතු ළුණූ,සුදු ළුණු, රම්පෙ කරපිංචා ටික දාලා රත්තරන් පාට වෙනකොට අර උයා ගත්තු ව්‍යාංජනේ දාලා තෙම්පරාදු කර ගත්තහම දිව්‍ය ලෝක රසයි.
    ඔනනං එක පාරක් මම ඔය කියපු විදියට හදලා බලන්න. මල්ලි ආයේ අර වගේ කථාවක් නම් කියන එකක් නැහැ. අත්දුටුවයි.. සත්තයි.."

    ReplyDelete
  44. අදත් උඹේ බඩට දෙයියන්ගේ පිහිටයි...
    කෙල බේරී බේරී තමයි ඉතින් මේ වගේ පොස්ට් කියවන්න වෙන්නේ
    ඕකේ පාටෙන්ම පේනවා රසත් ඇති කියලා
    අපිට මොන අඹරැල්ලද කියල හිත හදාගෙන මෙන්න මෙහාට වෙලා ඉන්නවා :(

    ReplyDelete
  45. අපිට කොයින්ද අඹ‍රැල්ලා :( ග්‍රීන් ඇපල් වලින් උයල බලන්න ඕන. පෙනුමනම් හරි රස පාටයි.

    ReplyDelete
  46. @මාරයාගේ හෝරාව:පින්තූරු කෑල්ලකුත් තිබ්බනම් වැඩේ ටොප්. කමක් නැහැ, වැරි වැරි ටැංකියු! ඔය උයන කෑම වලට සීනී දාන හෙතුවත් ඩින්ගක් පැහැදිලි කොරන්ට, එහ්? එතකොට තව එකක් දැන ගන්ට ඕනා, මේ ඔය මමත් නමක් ඇන්ටර් කොරල කොමෑන්ට් දානවනම් කොහෙමෙයි සීන් එක?

    ReplyDelete
  47. මේ විදියටත් හදල බලන්න ඕන .. ඔන්න මාලුනම් හැදුවා ඔයාගේ විදියට. බලමු ඇඹරැල්ලත් හදලා .

    ReplyDelete
  48. තව දවස් 10 ක් ඉවසපං පපුව... මාරයාට හොඳට කවන්ඩ....

    ReplyDelete
  49. මාර කොම්බිනේෂන් එක... වහන්ට මැටි කෝප්පෙ..උයන්ට ඇළුමිනියම් භාජනෙ.... ඕක අනිත් පැත්තට උනානම් තමා හොඳ.....

    ReplyDelete
  50. දැන් ඉතින් හොයපල්ලකො ඇඹරැල්ල

    ReplyDelete
  51. දැන් මේ යකා කොයිවෙලාවක හරි ඔය ෆෝන් එක දාලත් මාලුවක් හදනව. එදාට බලාගම්මුකො.

    ReplyDelete
  52. ආ මාරයියේ, මීට දවස් 2කට කලින් ම්ම ගෙදරින් කඩන් ආපු ඇබරැල්ලලා ටික ඉව්වා. ඒක නම් ඉවුවෙ කිරට. හැබැයි ටිප් ටොප් එකට ආවා.
    ඊළග සැරේ මෙවිදිහට කරලා බලන්නම් කෝ

    ReplyDelete
  53. මමත් ඔය විදියට මෙහෙදි උයන්නෙ කොළ පාට ඇපල්... රසේ එච්චරම වෙනසකුත් නෑ... ඒ උනාට මේක දැක්කම නම් කටට කෙළත් ඉනුවා... කිරි කොස් මාලුව හදන හැටිත් දාන්නකො අනේ.... මට බලාගන්න ඕන මං හදන විදිය හරිද කියලා...

    ReplyDelete
  54. මං ඇඹරැල්ලා කන්න ආසනම් නෑ..ඒත් මේ පොටො එක දැකලා කෙලත් ගිලුණා...බඩේ අමාරුවක් එහෙම හැදුනනම් මට දොස් කියන්න එපා අයියේ ඕන්...

    ReplyDelete
  55. මාරයි...මාරයියා......
    මාරයි....මාරයියා............

    ReplyDelete
  56. machan chicken devel ekak hadana hati danna puluwanda

    ReplyDelete