11 November 2011

හෙනහුරාගෙන් දුනුවායන්ට...

හරි මේක අතෑරිලා යන හින්දා මේ අවු අස්සේ කොහොම හරි තව එකක් දෙකක් කියා දාන්ට බලමු...

ධනු ලග්නය කියන්නේ ලෝකායතන කේන්ද්‍රයේ එහෙම නැත්තං ඔය මේෂ රාශියෙන් ආරම්භ වෙන කේන්ද්‍රයේ නව වැනි රාශිය නෙව...පෞද්ගලිකව මං බොහෝම කැමති රාශියක් ඕක මොකද මට හම්බ උන හුගාක් ධනු ලග්නකාරයෝ අනිත් උන්ට සාපේක්ෂව බොහෝම හොඳ අය වීම..

හරි එහෙනං බලමු කොහොමද දුනුවායන්ට මෙදා මේ සිද්ධ වෙන්ට යන මාරුව බල පවත්තන්නේ කියලා...

ඇත්තටම කිව්වොත් මේ උන්දලටත් මේ සිද්ධ වෙන්ට යන මාරුව බොහෝම හොඳට බලපාන්ට ඇහැකි කියලා තමයි කියන්ට තියෙන්නේ... ඒ කිව්වේ මෙදාපොටේ හෙනහුරා යන්ට යන්නේ ධනු ලග්න කාරයින්ගේ කේන්ද්‍රයේ එකොළොස්වැන්න වෙච්ච අයස්ථානයට... කොහොමටත් ඔය පාප ග්‍රහයෝ වෙච්ච හෙනහුරු රාහු වගේ අයට මේ එකොළොස්වැන්න බොහෝම පල දෙන තැන්..ඉතින් එකොලොස් වැන්නට හෙනහුරා උච්ච වෙලාම ගියාම කොහොමද නරකක් වෙන්නේ..?

මේක බොහෝම හොඳ ආදායං එහෙම ලැබෙන කාලයක්..ඒ වගේමමේච්චර කාලයක් සරීරය පුරා තිබුන වෙහෙස මහන්සිය අඩු වෙන.. දුක් පීඩා සමනය වෙන..රැකි රක්ෂාවල අවුල් ලෙහෙන..ඒ වගේම අසනීප කරදර අඩු වෙලා යන කාල සීමාවක් තමා උදා වෙන්ට යන්නේ කියල කිව්වෑකි...

ඒ වගේම තමන්ගේ බලය වැඩි වෙන..ලොකු ලොකු පොරවල් ආස්සරේට ලැබෙන වගේම ඒ ඒ අයගේ සැලකීම් ලැබෙන..ආගිය තැන කැපී පෙනෙන ගතියක් ඇති වෙන කාල වකවානුවක් වෙන්ට ඇහැකි. එතනින් ගියාම ආදායං තත්වය වර්ධනය වෙනවා වගේම මෙච්චර කාලයක් පරක්කු වෙවී තිබුන පඩි වැඩි වීම් ආදියත් නිසි පරිදි සකස් වෙයි.පරණ ඉඩං නඩු..බූදල් නඩු එහෙම තිබුනනං ඉදිරි කාල සීමාව තුලදී ඒවායේ තීන්දු තමන්ට වාසිදායක වෙන විදියට ලැබෙයි..

හැබැයි මතක තියා ගන්න තාමත් තමුන්නැහේලාගේ රාහු ඉන්නේ 12 වැන්නේ..කේතු ඉන්නේ හය වැන්නේ.. ඒ හින්දා ඔය කිව්ව හැම දේම එක පාරට ගෙඩිය පිටිං ඔඩොක්කුවට කඩං වැටෙන එකක් නැහැ.. ලබන අවුරුද්දේ මාර්තු අග විතර වෙනකොට ටික ටික හොඳ අතට හැරිලා මැයි ජූනි වෙනකොට නියම ආකාරයෙන් ඒ ඒ දේවල් ලැබෙන්ට පටන් ගනී.. ඒත් අමතක කරන්න එපා ගුරුන්නාන්සේ දැනට පස් වැන්නේ ඉදීම හරහා දැනටත් යම් තරමක යහපත් දේවල් හිමි වෙන්ට පුවවන්කම තියෙනවා උනත් රාහු කේතු නරක තැනින් හොද තැනකට පනිද්දී ගුරුන්නාන්සේ යන්ට හදන්නේ පස් වැන්නේ ඉදලා හය වැන්නට.. එහෙම බැළුවම ලබන අවුරුද්ද මැද්දෑවේ ඉදලා තමන්ට දැනෙන වෙනස්කං කිහිපයක්ම සිද්ධ වේවී. හොඳ වැඩියෙනුත් නරක අඩුවෙනුත් ආදී වශයෙන්..

හරියටම කිව්වොත් තමන්ගේ හැම දේම අර ඉහත කිව්වා වගේ හොඳ අතට හැරෙද්දී..වාසි ආදායං ලැබෙද්දි.. තමා අවට ඉන්න අයට ටිකක් අසනීප කරදර මතු වීම නිසා හිතේ යම් කිසි කණස්සල්ලකුත් ඇති වෙන්ට පුළුවන්කම තියෙනවා ඕං.

ඒත් මෙන්න මේ කාලය මතක තියාගන්ට..ඒ කිව්වේ
2013 අවුරුද්දේ ජූනි මාසේ ඉඳලා අවුරුද්දක් විතර කාලයක් ඉස්සරහට...

ආන්න ඒ කාලේ ධනු ලග්න හිමියන්ට උත්පත්ති කේන්දරයේ කියන්ට තරං ලොකු අවුලක් නැත්තං හොඳටම හොඳ වාසනාවන්ත හිතන පතන හැම දේම ඒ විදියටම සිද්ධ වෙන කාලයකින් උදාවෙන විශේෂයෙන්ම මංගල කටයුතු සඳහා හීන මව මව ඉන්න උදවියට හොඳටම හොඳ කාලයක් කියන එක සිහියේ තියා ගන්ට..

ඕං මං කැපුනා...

18 comments:

  1. මගේ ලග්නය ගැන කියවෙනකම් බලා සිටිමි ...

    ReplyDelete
  2. මං ඔව්වාට කැමති නැ වැඩිය..!

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි අයියා.මගෙ ලග්නෙ ගැන කිව්වට.

    ඔව් ඔව් අපි හොදයි තමයි.... :D

    ReplyDelete
  4. අඩෝ මාරයියේ මේෂ ගැනත් කියහංකෝ බං.පටං ගන්න එකම අතෑරලනේ ගිහිල්ලා තියෙන්නේ

    ReplyDelete
  5. දුනු ගත්තෝ ඊතලයෙන්ම විදති.

    ReplyDelete
  6. හැ.. ධනුවෝ හොදා කිව්වා.ඇයි බාං වුශ්චික උන් හොද නැද්ද?.මේ බලහන්කො මේ එල කොල්ලෙක් ඉන්නේ.බොට කියලා කියලා මගේ කටත් රිදෙනවා.ආය කියන්නෑ.ඕනෙනම් ගොනුස්සා ගැන දහන්.නැත්තන් නිකන් හිටහන්.බොලාගෙ මානාපේ නෙව.එත් වැරදිලා හරි දානවනම් 'උප්පත්තියෙදි අරු මේකේ හිටිය උන්ට මෙහෙමයි. මු අරකෙ හිටියේ උන්ට මෙහෙමයි කියලා දහන් ඇ....

    ReplyDelete
  7. හරිම් පව්.. ගෝනුස්සෝ..

    ReplyDelete
  8. අඩේ බං අද හවසට හරි ගෝනුස්සන්ව දෙන්නං..වැඩ වැඩිවෙලා හිර වෙලා ඉන්නේ බෙල්ල මුලටම...

    ReplyDelete
  9. ධනු ලග්නේ, ඊ හිස යොමු වෙලා තියෙන්නෙ අපේ මන්දාකිණියේ හරි මැදට.
    "නොස්ටඩෝමස්ගෙ" අනාවැකි වලට අනුව "තාරුකා පෙලගැස්ම" සිද්ද වෙද්දිත් ධනු ලග්නෙ වැදගත් වෙනවා.....
    (2012 ලෝක විනාශය )

    ReplyDelete
  10. බොහෝම ස්තුත්යි!
    -අම්බි

    ReplyDelete
  11. ෂාහ් ... මරුනේ ..
    හොඳ කාලයක් එනවා වගේ ඉස්සරහට ...
    දෙන්නං ජම්බූහ් ....

    ReplyDelete
  12. ආයෙමත් කෙන්දරේට බැහැල මේක. හා..හා...කමක් නෑ බඩ රස්සාවනෙ

    ReplyDelete
  13. KC "බොට කියලා කියලා මගේ කටත් රිදෙනවා.ආය කියන්නෑ.ඕනෙනම් ගොනුස්සා ගැන දහන්.නැත්තන් නිකන් හිටහන්.බොලාගෙ මානාපේ නෙව." මට කියන්න තියෙන්නෙත් ඔච්චරයි. මිථුන උන් මේ අවකාසේ නැද්ද කෙහෙදෝ...

    ReplyDelete
  14. මගේ බලවත් විරෝධය!

    ReplyDelete
  15. @දොඩන් : ඒ.. උබ කවද්ද බං මට කිවවේ.මං උබව දැක්කෙත් අදයි.අනිත් එක බං මිථුන කියන්නේ මහා වනචර ලග්නයක්නේ. ඔකුන් ගැන කතා කරන එක සභ්‍යත්වයට හොද නැ... :p

    ReplyDelete
  16. ඒ කියන්නේ මට ඉස්සරහ හොදයි,,

    ReplyDelete