13 November 2011

හෙනහුරාගෙන් මටයි කරදර...මෙන්න එහෙනං මිථුන...

යකඩෝ මං හිතුවේ මං දැන් සීහෙන හරියක් ලියලා ඉවරයි කියලා මේ ලග්න ගැන.. ඒත් ගණන් හදලා බැළුවම තව තුනෙන් එකක්ම ඉතිරියි වගේනේ... ඒ හින්දා ඔන්න හුදී ජන ලාම්පු මෙව්වා එක සඳහා තව ටිකක් ලියනවා.. හැබැයි ඊ ළග ලිපියෙන්නං ඉතිරි ඒවා ලියන්ට වෙන්නේ නැහැ ඊ ළග එක ටිකක් වැදගත් ලිපියක්..සහ වැදගත් අවස්ථාවක් නෙව...

හරි අපි බලමු මිථුන ලග්න කාර‍යින් එක්ක හෙනහුරාගේ කොටු පැනිල්ල කොහොමට හිටීද කියලා...

ඔව් මිථුන හාදයින්ටත් මේක ටිකක් විතර හොඳ අතකටයි කැරකැවෙන්නේ.. ඒත් හොඳටම හොඳයි කියලනං කියන්ට අමාරුයි..ඇත්තටම කිව්වොත් මෙච්චර කල් තිබුන කරදර නිමා වෙලා ඊට ටිකක් වෙනස් කරදර ටිකක් මතු වෙන්ට ඇහැකි වගේ ගතියක් ගැන තමා මං මේ කියන්නේ.. මොකද මෙච්චර දවසක් මේ හෙනහුරු තෙමේ හිටියේ උන්දලගේ හතරවැන්නේ.. ඒ කියන්නේ ගෙදර ගැන..අම්මා ගැන එහෙම කියවෙන ඉස්තානේ.. දැන් උන්දෑ මෙතන හොඳ දේ වෙන්නේ හෙනහුරා පහට ආවම ලැබෙන පොරතිපල වලටත් වඩා ඔය කිව්ව හතර වැන්නෙන් අහක් වෙච්ච එක තමා..මොකද හතර වැන්නේ හෙනහුරා ඉන්නවා කියන්නේ ටිකක් කරදර වැඩක්... ගෙදර ඉන්න එක එපා වෙන.. කොහේ හරි යන්ට හිතෙන හෝ යන්ට වෙන.. සමහර අයටනං උන් හිටි තැනුත් නැති වෙන දෙයක්..

ඒ වගේමයි මිථුන ලග්න කාරයින්ගේ අම්මලාට.. ගෙවල්වල ඉන්න අනිකුත් අයට.. පහුගිය කාල වලදී ටිකක් කරදර හිරිහැර ඇති වෙන්ට ඇහැකි... ඒ විතරක්ද වංචාවල් වලට අහුවෙන්ට වගේම අනුන්ට වංචා කරන්ටත් සිද්ධ වෙන්ට ඇහැකි කාලයක් තමා ඒ.. ඒ වගේම තමන්ගේ තිබුන හොඳ නමට ටිකක් හරි කැළලක් වෙන කාල සීමාවක්.. කරන කියන දේවල් රුයිතෙට හිටින්ටත් ඇහැකි. විවහා වෙලා හිටි අයත් එක්ක නොයෙකුත් අඩ දබර ආදිය වෙන්ටත් ප්‍රේම සම්බන්ධතා වල ගැටළු මතු වීමටත් හැකියාව තිබුන කාලයක්.. එතනින් ගියාම පපුවටත් ඒ හැටි හොඳක් නැහැ.. මංමේ කිව්වේ පහුගිය අවුරුදු දෙකක විතර කාලේ ගැන තමා ඕං..

ඒත් මේ එළැඹෙන පාලොස් වැනිදා දිහාවේ හෙනහුරු උන්දෑ ඔතනින් මාරුව දාලා පැන්නහම ඔය තිබුන කරදර දුරු වෙලා බාධක මග ඇරිලා..ආයෙමත් ගෙදර දොරේ පය ගහලා ඉන්න තරමේ පරිසරයක් උදා වෙන්ට ඇහැකි...

එතකොට අපි බලමු මේ පස් වැන්න වූ තුලාවට උන්දෑ ගියාම සිද්ධ වෙන්ට ඇහැකි දේවල් ගැනත් ඩිංගිත්තක් විතර...දැන් ඔය කලින් කිව්ව කරදර එහෙම පහව ගියාට මොකද මෙතැන ඉදලා ටිකක් ඔළුවට හරි නැති වෙන්ට ඇහැකි.. ඒ කියන්නේ හිතන පතන විදිය..කල්පනා කරන විදිය එහෙම තමන්ටත් නොදැනි වෙනස් වෙන කාලයක්...හැම කෙනාම තමන්ට හරහා ට හිටිනවා වගේ පේන්ටත්..අනිත් උන්දලා නෙවෙයි තමන් තමා හරි කියලා හිතෙන්ටත් ඇහැකි... ඒත් මතක තියා ගන්ට තමන් හිතන හැම එකම ඒ හැටි හරිනං නැති වෙන්ට ඇහැකි කියලා..

එතකොට ඔය ඉගෙන ගෙන ආව දේවල් වල වෙනසක් වෙන්ටත්... සමහර අයනං ඒ ඒ දේවල් අතෑරලා දාන්ටත්..එහෙමත් නැත්තං කරගෙන ආව විෂය මාලාවට සම්පූර්ණයෙන්ම පට හැනි හෝ වෙනස් විෂයන් ඉගෙනීමටත් යොමු වෙන්ට ඇහැකි.

අම්මලා තාත්තලා වෙලා ඉන්න අයටනං තමන්ගේ දරුවන් සම්බන්ධව ගැටළුත් මතු වෙන්ට ඇහැකි. එතකොට ටිකක් විතර අසනීප කරදර.. බඩේ ලෙඩ...වගේම වේලක් දෙකක් බඩගින්නේ ඉන්ටත් වෙන කාලයක් තමා...

ඒත් ඔය අස්සේ හොඳ කට්ටියකුත් ඉන්නවා.. ඒ තමා දේශපාලකයෝ... අන්න මිථුන ලග්න කාර දේසපාලකයින්ටත්..පොදු වැඩට..සමාජ වැඩට බැහැලා ඉන්න අයට වගේම ඒ හා ආශ්‍රිත රැකියාවන් හී නියුතු අයටත් මේක හොඳ කාලයක්...ඒ වගේ අයට සමාජ ප්‍රසාදය හිමි වෙන යම් යම් තනතුරු ආදිය හිමිවෙන කාලයක්.. එතනින් ගියාම මිථුන ලග්න කාරයින්ට මේ කාලයේදී ජීවිතේදී අමතක නොවන අන්දමේ ගමන් බිමන්..අත්දැකීම් වලට මුහුණ දෙන්ටත් සිද්ධ වෙයි.. පින් දහං කර ගන්න වගේම වටිනා කියන උසස් අයව අඳුරගන්න..ආස්සරය කරන්න එහෙම වගේම ඒ වගේ අයගෙන් සුළු සුළු උදව් උපකාර එහෙමත් හිමි වෙන ගතියක් තියෙනවා... ඒ වගේම පවුලට හෝ තමාට සම්බන්ධ වැඩිහිටි අයගේ මරණයක් හෝ වෙන්ව යාමක් වැනි දේවල් වගේම වැඩිහිටියන්ගේ උරුමයන් තමාට හිමි වීමේද හැකියාව පෙන්නුං කරනවා...

ඔය ඔක්කෝම අතරේ තමුන් කියන කරන දේවල් හරහා මහා පච පප්පලා කියලා අනිත් අයගෙන් අහගන්ටත් හැකියාව ලැබෙන හින්දා කියන දේවල් ගැන දෙපාරක් හිතන්ටනං ඕන..

ඉතිං ඔන්න ඔහොම කාලයක් තමා එන්ට තියෙන්නේ...

ඉතිං දුක් කරදර අඩු කරගෙන හොඳින් ඉන්න අයට කරන්න තියෙන්නේ වැඩ කිහිපයක් තමා...
පුළුවන් තරං වැඩිහිටි උදවිය ආස්සරය කරන්ට.. ඒ අයගේ අවවාද අනුශාසනා ලබා ගන්ට..නිතරම තමන් හරි නොවෙන්න පුළුවන් කියලා හිතලා අනිත් අයගේ මතය විමසන්න.ඒ අයගේ අදහස්වලට කන් දෙන්න..අනිත් අයට ගරු කරන්න.හැකි තාක් පාරතොටේ යන එනකොට පවා අනුන්ට උදව්වක් කරන්ට බලන්ට..පරිසරය පිරිසිදු කරන්ට... ශ්‍රමයෙන් දායක විය හැකි සෑම දෙයකදීම එහෙම කරලා සමාජයට උදව්වක් උපකාරයක් කරන්ට...කට පරිස්සං කර ගන්ට...කිසිම විදියකින්වත් වැඩිහිටියන්ට උගතුන්ට..සමාජයේ මොනයම්ම හෝ ආකාරයකින් කැපී පෙනෙමින් ජීවත්වන අයට වැරැද්දක් කියන්ට යන්ට එපා..අනුන්ට ගරහන්ට එපා.. එහෙම කරන අයට ඔය කිව්ව අපල ටික අඩුවක් නැතිවත්.. එහෙම නැතිව හොඳින් ඉන්න අයට ඔය කිව්ව කරදර අඩුවෙලා ගිහිල්ලා දියුණුවත් සැලසෙයි.. ඕන් මං ඒක අහවර කලා...

හරි දැන් කා ගැනද ඊ ගාවට ඕන.. පැහැදිලිව කියන්ට.. මොකද මං හිතං ඉන්නේ 11ක් කියලා 12 වෙනියට ඉතිරි වෙන එක නොකියා ඉන්ට.. මොකද කරන ඕනම වැඩක පළුද්දක් තියන එක මගේ විනෝදාංශයක්.. එහෙම නොකර වැඩක් කලාම මට නිකං හොඳ ළමයෙක් උනා වගේ මහ ලැජ්ජාවක් ඇති වෙන කාරණාවක්.. ඒ හින්දා අතෑරෙන එක ඔයාලා තීරණය කරගන්ට...

25 comments:

  1. /// මොකද කරන ඕනම වැඩක පළුද්දක් තියන එක මගේ විනෝදාංශයක්.. එහෙම නොකර වැඩක් කලාම මට නිකං හොඳ ළමයෙක් උනා වගේ මහ ලැජ්ජාවක් ඇති වෙන කාරණාවක්.. ///
    චික් විතරක් ..කියන කැත


    ඕන මගුලක් ..මම එක

    ReplyDelete
  2. මට බොහොම සාධාරන සැකයක් ඇති වෙනවා මේක කියෙව්වහම, ඔයාගෙ ලග්නෙ මිථුනද? :D

    ReplyDelete
  3. මම නම් තුලාවේ. ඒත් මගේ සමීපතමයෝ කීපදෙනෙක්ම ඉන්නවා මිථුන . ඔන්න කියෙව්වා. තුලාවට නම් මේ සෙනසුරාගෙන් හොදයි කියනවා නේද අයියේ?
    මම දෙවෙනියා..........:)
    ජයවේවා......!!!

    ReplyDelete
  4. //ඔයාගෙ ලග්නෙ මිථුනද? :D//

    //අනිත් අයට ගරු කරන්න.හැකි තාක් පාරතොටේ යන එනකොට පවා අනුන්ට උදව්වක් කරන්ට බලන්ට..පරිසරය පිරිසිදු කරන්ට..//

    වෙන්න පුළුවන්..මාරයා ඔය පරිසරය සුද්ධ කරන වැඩේ දැන් කාලෙක ඉඳලා කරගන යනවා.. ( අහල පහල් ගස් වැල් එහෙම )

    //කට පරිස්සං කර ගන්ට...කිසිම විදියකින්වත් වැඩිහිටියන්ට උගතුන්ට..සමාජයේ මොනයම්ම හෝ ආකාරයකින් කැපී පෙනෙමින් ජීවත්වන අයට වැරැද්දක් කියන්ට යන්ට එපා..අනුන්ට ගරහන්ට එපා..//

    හෙනහුරා ගියාට පස්සෙ ඕව කලාට කමක් නැද්ද ? නෑ මම නොදන්න කමට අහන්නෙ..

    ReplyDelete
  5. මාරඅයියා kataka.. ane kataka kiyannako.. :(

    ReplyDelete
  6. එහෙනං දැන් දේශපාලන ඇබෑර්තු තියෙන ඒවත් මෙකෙම දාන්ට....

    ReplyDelete
  7. පළුද්දක් ??? මං මේ නොදන්න කමට අහන්නෙ, ඔය පත්තර, පොත් වල නම් ලග්න පලාපල දානකොට ඒව දාන පිලිවෙලක් තියනව. ඒකට මාරයගෙ පලාපල විස්තරේ හතර අතට අනපු ප්රෙපහෙලිකාවක් වගේ, සැහෙන්නෙ වෙලවක් ගියා ලග්නෙ හොයාගන්න. කොහෝම හරි අන්තිමේ අහූනා. එල එල ඕං තැන්කූ හොඳේ......

    ReplyDelete
  8. කන්‍යා ලග්නය

    ReplyDelete
  9. මටත් කියන්න තියෙන්නෙ ravinumal කියපු ටිකමයි ටිකක් වෙනසකට තියෙන්නෙ මට මුකුත්ම තෙරෙන්නෙ නැති එකයි. මගෙ ලග්නෙ නම් මිථුන කියලා අහලා තියනවා

    ReplyDelete
  10. /* මිථුන ලග්න කාරයින්ගේ අම්මලාට.. */

    අඩෝ වලියක් ද?

    ReplyDelete
  11. @මැණික් - සුදු මැණිකේ -මමත් තුලා..
    මටත් ඔහොම කතාවක් නම් ඇහිල තියේ..!!!!

    ReplyDelete
  12. මිථුන ලග්න කාරයන්ගෙ රැකි රක්ෂා කටයුතු ගැන පොඩ්ඩක් කියනවද පිංවත් මාරයෝ ?

    ReplyDelete
  13. මං උන්නෙ අළුත් පන්නෙට මිතුනෙ ලක්න දොලහෙං අයිං කොරල වද්දෝ කියල මේ හැටි පරක්කු කොරන කොට.

    ReplyDelete
  14. ඒරාෂ්ඨකෙන් පරිප්පු කන කුම්භයෝ ගැන ලිව්ව නම් නේද හොඳ?

    ReplyDelete
  15. මොකද අර වලියට බර නෑ කියන පොර වලියට වලි සීන් එකට බැහැල....

    ReplyDelete
  16. මොකද මාරය අකුරු පුංචි කරල, නාකින්ට කියවන්න බැරි වෙන්නද?
    දැන් තමා ඔන්න නියම වලිය සෙට් වෙන්න එන්නෙ....

    ReplyDelete
  17. මගේනං මේව්වගැන වැඩි විස්වාසයක් නෑ.....

    ReplyDelete
  18. මාරය අර අලුත් කණ්නාඩි දෙක ගත්තෙ ඕකට තමයි. ඌටත් මේ සයිස් අකුරු ඉස්සර කියවන්න බෑ.

    අපි සැලෙයි ඔව්වට.

    ReplyDelete
  19. http://worldwish.tk/?p=27
    ගුප්ත විද්‍යාත්මක සෙනසුරු සහ නවීන විද්‍යාත්මක සෙනසුරු : සෙනසුරු ඇත්තටම මාරු වෙන්නේ කවදාද?

    ReplyDelete
  20. Kataka gana kiyanne nadda?

    ReplyDelete