11 November 2011

ගෝනුස්සන්ට එළුවන්ට හෙනහුරාගෙන් අපලයිද..?

මේකත් නිකං යකා බැඳ ගත්තා වගේ උනා නෙව... ඒත් ඉතිං තව දෙකක්වත් කියලා දාන්ටයි මේ කල්පනාව...

ගෝනුස්සෝ නොහොත් අර වෘශ්චික ලග්න කාරයෝ ටික..මගේ අත්දැකීම්වල හැටියට ජීවිත කාලේ පුරාවටම නොනවතින සටනක ඉන්න ඉවරයක් නැති ඈයෝ ටික... එවුන්දලට කරදර හිරිහැරවල ඉවරෙකුත් නැහැ..ඒත් ඒවට මුහුණ දීලා ලේසියකට සැලෙන්නෙත් නැහැ... අනිත් ලග්න කාරයෝ වගේ නෙවෙයි ඕනම කට්ටක් කන්න ලෑස්ති දරාගැනීම උපරිම උන්දලා ටික...

ඉතින් උන්දලාට කියන්ට තියෙන්නෙත් තව ටිකක් පටි තද කොරගෙන ඔය හිටියා වගේ ඉමු කියලා තමා... මොකද එහෙම කියන්ට කාරණාව..?

දැනට උන්දලගේ කේන්දරවල හය වැන්නේ ගුරු ඉන්නවා.. ඒකත් ඒ හැටි ගුණ මදි.. එතකොට ලග්නයේ..එහෙමත් නැත්තං ඔළුවේ රාහු.. කෙලින්නේ පිස්සු ඉන්නේ පාරේ..යන්නේ කොහේද උන්දලම දන්නේ නැහැ..හතේ කේතු මේ හොදට ඉන්න එවුන්ව නිකංම තරහා කරගන්නවා අහක යන තමුන්ට අයිති නැති බැනුං නොමිලේම අහ ගන්නවා..

ඔහොම ඉන්න අස්සේ මෙච්චර දවසක් එකොළහේ හිටිය හෙනහුරාගෙන් එහෙමටම කරදරයක් උනේ නැති උනත් මෙදා පොටේ උන්දෑ පනින්නේ වෘශ්චික ලග්න කාරයින්ගේ දො‍ලොස්වැනි කොටුවට.. ඒ කියන්නේ ලග්න ඒරාෂ්ඨකේ ආරම්භ උනා... දැන් ඕක තියෙනවා අවුරුදු හත අටක් ඉස්සරහට.. ඒත් දැන්මම බය වෙන්ට කාරි නැහැ..මොකද ලබන්නේ ඒරාෂ්ඨකේ උනත්..පැන්නේ වැයස්ථානය උන 12ට උනත් මේ තුලාව නෙව.. ඒ කියන්නේ හෙනහුරාට උච්ච රාසිය..එහෙම තියෙනකොට නරක අස්සේ හොඳයි කියන්ට ඇහැකි දේවළුත් පොඩ්ඩක් විතර වෙන්ට දෙවනවා.. හුගාක්ම ඉතිං පිනට දහමට පොදු වැඩට යන්ට වෙන එක තමා වෙන්නේ..එව්වත් ඉතිං නරක නැහැනේ.. හැබැයි තේරුං ගන්ට ඕන දෙයක් තමා මේ ඉස්සරහ අවුරුදු දෙකක විතර කාලේ ඇතුලත පින් දහං කරන..පොදු වැඩ සමාජ වැඩට යොමුවෙන අයට අපල අඩුයි.. ඒ හින්දා නිතරම හැකි විදියට ඒ වගේ දේවල්වලට යන එක හොඳා..

එහෙම නැතිව තමුන්ගේ පොට්ටනිය බලාගෙන ආත්මාර්ථකාමී විදියට ඉන්න අයටනං බඩුම තමා ඔන්න නොකිව්වයි කියන්ට එපා අතේ තියෙන තුට්ටු දෙකටත් කෙලවෙලා..මිනිස්සුන්ගේ කුණු බැනුනුත් අහං.. නඩු හබත් පටලං ඒවත් පැරදිලා රටේ තියෙන තරං කයි කතන්දර අහගෙන සනීපෙට හිටියෑකි.. එහෙමනං එහෙමයි...අරෙහෙමනං අරෙහෙමයි..මට පුළුවන් කියන්ට විතරනේ.. කොරගන්න එක තමුන්නැහේලාගේ වැඩක්නේ..විශේෂයෙන්ම මතක තියාගන්ට පොදු වැඩ කරනවා වගේම කිසිම විදියකට මේ ඉස්සරහා කාලේ ඇතුලත පොදු දේපලට අනුන්ගේ සම්පත් වලට හානියක්නං කොරන්ට හීනෙකින්වත් හිතන්ට එපා එක දෙක වෙලා රිටන් එක ලැබෙන්නේ....

කොහොම උනත් ඉස්සරහ මාස හය හතක් ඇතුලත පවුලට හෝ තමන්ට සමීප ඥාතීයෙක්ගේ හිත‍වතෙක්ගේ වැඩිහිටි සමීපතමයෙකුගේ මරණයක් වැනි දෙයක් අහන්ටත් ඉඩ කඩ තියෙනවා.. ඒ වගේම හය මාසයක් ඉක්ම ගිය තැන ඉඳන් අවුරුද්දක් වගේ කාලයක් හිටි හැටියේ වදින මංගල යෝගත් තියෙනවා... කොහොම උනත් මෙතැන් හිටන් 2014 මැද්දෑව වෙනකල්ම රාහුගෙන් කේතුගෙන් උනත් කරදර හිටින හින්දා ඔය හැම දෙයින්ම බේරිලා කරලා ඉන්ටනං හැකි තාක් අවංක වෙන්ට..සාධාරණ වෙන්ට.. හොරකං නොකර ඉන්ට.. මේ කාලය තමුන්ගේ අවංකකම ගැන පරීක්ෂාවට ලක්කරන කාලයක්ය කිව්වොත් මං හිතන්නේ මං හරි...

එහෙනං දැන් බලමු මේස ලග්නේ එහෙමත් නැත්තං එළුවන්ට යන කල දසාව...

මේස ලග්නෙන් උපන් අයගේ මෙච්චර දවසක් හයේ කොටුවට වෙලා හිටි මේ හාදයා උන්දලට ඒ හැටිම වදයක් දුන්නේ නැහැ..ඒත් පොඩි පොඩි අසනීප වගේ දේවල්..විශේෂයෙන්ම හයට අහුවෙන ප්‍රදේශවල..අසනීප ආදිය කොර කොර හිටියානං තමයි..ආ එහෙම කිව්වම මතක් උනේ..මතකැයි පහුගිය දොහේ මටත් කෙල වෙලා හිටියා අර මුත්තරා ගල් එහෙම හැදිලා... ඔන්න රහස...ඒකට ඉතිං ඔය හෙනහුරා වගේම රාහුවාත් දායක උනා..

ඉතිං මෙදා පොටේ හෙනහුරා යන්නේ කේන්දරේ හත් වැන්නට.. කොටින්ම කිව්වොත් හෙනහුරා හතේ...

හැබැයි ඒ හැටිම ගණන් ගන්ට එපා..උත්පත්ති කේන්දරේක හෙනහුරා හතේ හිටිල්ලයි..මෙහෙම පැන පැන එන හෙනහුරා හතට ඒමයි දෙක එකිනෙකට වෙනස්... ස්වභාවයෙන්ම හත් වැන්න කියන්නේ හෙනහුරාට නියම පොට් එක.. ඒ කිව්වේ කොටුවලින් බලවත්ම කොටුව හත වගේම රාශිවලින් බලවත්ම රාශීය තුලාව..එතකොට ඔන්න ඔය කියන වාසිය අනිවාර්යයෙන්ම මේස ලග්නකාරයට අඩුවක් නැතිව ලැබෙනවා...

ඒත් මතක තියා ගන්ට ඕන මේ දවස්වල රාහු ඉන්නේ 8වැනි කොටුවේ.. ගුරු ඉන්නේ ලග්නයේ එහෙමත් නැත්තං ඔළුවේ... උත්පත්ති කේන්දරයක එකේ ගුරු ඉන්න එක හොද උනාට කොටු පැන ගෙන යන ගමනෙදි ගුරු එකට එන එක ඒ හැටිම හොද නැහැ... එහෙම උනාම ලග ලග තීරණ වෙනස් කරනවා..රස්සාවල් වෙනස් කරනවා.. මේ කිව්ව එක නෙවෙයි මේ කරන්නේ.. තමුන්නැහේලට නියම මේස ලග්න කාරයෙක් මේ දවස්වල දගලන්නේ කොහොමද කියලා දැක බලාගන්ට ඕනනං ටිකක් එහෙ මෙහෙ බලන්ට..තේරුං ගත්තෑකි...

ඉතිං කොහොම උනත් සෙනසුරු හතට පනින එක නරකක් නෑ වගේම දැනට එකේ ඉන්න ගුරු ලබන අවුරුද්දේ මැද්දෙදි දෙකේ කොටුවට පැන්නම ඔය දැනට පිළීවෙලක් නැතිව වගේ ඉන්න අයට ටිකක් පිළීවෙලකට ඉන්ට හිතෙයි.. ආදායං පැත්ත උනත් හොද වෙලා..දැනට අවුරුද්දකට එක හමාරකට කලියෙන් අනුන්ට දීලා ගන්නට බැරිව තිබුන ණය තුරුස් එහෙමත් හිටු කියලා ලැබිලා එක විදියකට පිළීවෙලක් වේවි.. ඒ වගේම තමා දැනට හෙනහුරා හතේ ඉද්දි රාහු ගොයියාත් ලබන අවුරුද්ද මැද්දෑවෙදි ආපස්සට කොටුවක් පැනලා හෙනහුරා එක්කම හතේ ඉන්ට ගත්තම තමා සෙල්ලම තියෙන්නේ... ඕක කියලත් බැහැ නොකියත් බැහැ.. ඒත් අහක යන මගුලක් හරි කරේ කඩං වැටිලා බර ගානක් මේස ලග්න කාරයෝ හිර ජීවිතේට කොටු වෙන්ට හොදටෝම හැකියාව තියේ.. ඒ වගේම සමහර විට කසාද බැදලා ඉන්න මේස ලග්න කාරයොත් වෙන වෙන කොටු හරි පනින්ට තියා ගනී.. ඒ හින්දා ඔන්න දැන්ම තියා කිව්වා ගෙවල්වල උන්දලා තම තමුන්ගේ මේස ලග්න කාර සහකරුවන්ව සහකාරියන්ව දෙපට ලනුවකින් හරි බැදලා තියා ගනියවු ඉස්සරහ කාලෙදි...ආයේ මං නොකිව කියන්ට එපා...

හැබැයි තව එකක් මේ පැනිල්ල තරමක් හොඳ උනාට ඊ ළග පැනිල්ල ඒ කියන්නේ 2014/11/03 වැනිදා හෙනහුරා පනින්නේනං 8වැනි කොටුවට..කෙලින්ම අෂ්ඨම ඒරාෂ්ඨකේ.. ආන්න එතන ඉඳන් අවුරුදු දෙකකට වඩා ටික කාලයක් හොඳ කට්ටක් කන්ට වෙනවායි කියලත් මතක තියා ගන්නවා හොඳයි...

හරි ඔන්න දෙකක්ම ඉවරයි..දැන් මට මඟ ඇරුන ඒවට තියෙන්නේ මිථුන ලග්න කාරයෝ විතරයිද..? එහෙනං ඒක ඊ ළග ලිපියකින් ඉවර කරලා දාලා මං බේරෙන්නං..කතාව ඉවරයිනේ...

30 comments:

  1. මගේ ලග්නෙ අන්තිමටම
    :D

    ReplyDelete
  2. කෝ තුලා? ? ? මං අද එකද? ? ? :O

    ReplyDelete
  3. හුටා.. කෙලිය නේද තාප්පෙට. තෑන්ක්ස් මාරයෝ..

    ReplyDelete
  4. එන පොට හොද නැ වහේ.....එම කියලත් බැ....අපි සැලෙයි ඕවට .....

    ReplyDelete
  5. thula kooo bnnn kataka meeena ewa nane oya 3na kiyapanko thula kataka and meena

    ReplyDelete
  6. අනේ මගේ අය්යේ කටක ලග්නේ ගැනත් දාන්නකෝ
    -චරිත්-

    ReplyDelete
  7. "ඒත් අහක යන මගුලක් හරි කරේ කඩං වැටිලා බර ගානක් මේස ලග්න කාරයෝ හිර ජීවිතේට කොටු වෙන්ට හොදටෝම හැකියාව තියේ.."
    මේකෙනුත් කොහොම හරි පැන ගත්තොත් හරි නේද ?

    ReplyDelete
  8. අප්පා ඉල්ලන් පරිප්පු කියන්නෙ මේවට වෙන්න ඕන.

    ReplyDelete
  9. thula gana nadda marayye?????

    ReplyDelete
  10. තැන්කූ මාරයියේ... බලමුකෝ... :D

    ReplyDelete
  11. සික්.. යකෝ හොදක් කියලා එකක් නැ නේ.මේ කරුම ලග්නේ මොකට උපන්නද මන්දා.ගොනුස්සෙක් උනාට මං හරි ලාමකයි අයියෝ...මට මේක උහුලන්න බැ.දැන් ඔක හැම එකාටම පොදුයිද?. කෙන්දරෙන් කේන්දරේට වෙනස් වෙන්නේ නැද්ද?

    අම්බානක තෑන්ක් මාර අයියේ... ජය!

    ReplyDelete
  12. මට නම් ඔය ග්‍රහයින් ගේමක් නැ , මොකා කොහේට මාරු වුනත් මං ගනන් ගන්නෙත් නැ , ඒ වුනත් විශ්වාස කරන බහුතරය වෙනුවෙන් ඔය මාරු කෙලියෙන් රටට ලෝකයට වෙන්න පුලුවන් දේවල් ගැන යමක් ලියන්න පුලුවන්ද ?

    ReplyDelete
  13. මට පේන්නෙ .. එහෙනං මාරයත් මේසෙ වගේ ....

    ReplyDelete
  14. ඈ..කොටු පනිනවාලු..දැන් මාරයාත් කොටු පනීදෝ....

    ReplyDelete
  15. ලග්නෙ දන්නෙ නැති එවුන් මොකද කරන්නෙ?

    ReplyDelete
  16. // ඒත් අහක යන මගුලක් හරි කරේ කඩං වැටිලා බර ගානක් මේස ලග්න කාරයෝ හිර ජීවිතේට කොටු වෙන්ට හොදටෝම හැකියාව තියේ.. //

    හුටා.. එහෙමත් එකක්ද..?? බේරෙන්ටම බැරිවෙයිද බොල..??

    @ඔබා අයියා,

    ලග්නෙ දන්නෙ නැත්තං ඉතිං ඔය හොද පලාඵල තියෙන ලග්නයක් තෝරලා දාගන්න එකයි තියෙන්නෙ..

    ReplyDelete
  17. Mara malli ko ban thula?

    ReplyDelete
  18. අර ඔබාට තියෙන ප්‍රශ්නෙ තමයි මටත් තියෙන්නෙ.

    ReplyDelete
  19. තරාදි කාරයො ගැනත් කිව්වනම්..... පහු ගිය කාලෙනම් මගෙ තරාදිය හොඳටම අබලන් වෙලා තිබුනෙ........

    ReplyDelete
  20. මෙ මාර අයියෙ මම මේ නොදන්න කමට අහන්නෙ. මගෙ අතේ කොටලා ඉන්න ගොනුස්සටත් ඔය උඩ කියපු දේවල් වලංගුද. :D

    ReplyDelete
  21. මම වගේ වෘශ්චික ලග්නෙ රාහු මහ දශාව තියෙන අයට තවත් ශෝයි :). නේද මාරයෝ :)

    ReplyDelete
  22. මමත් ගොනුස්සෙක් තමා. මමත් එච්චර ඕව ගැන සැලකීමක් නෑ. විස්වාස කරන් නැතුව නෙමේ. එත් සැලකීමක් නෑ. බුදු හාමුදුරුවෝ දෙසුවා වගේ. මාරයත් ඕන් අනිත් අය වගේ බෝධි පූජා තිය තිය යන්න, සුර දාන්න, මුදු දාන්න කියල හෙම කිව්වනම් මම ඕව කරන එකක් නම් නෑ. එත් ඉතින් දැන් පුළුවන් තරමක් මාරය කියන විදිහට ඉන්න බලනවා. එච්චර සැලකිල්ලක් නැතුවට සාමාන්යෙන් ඔය කියන දේවල් මම දන්න (මමත් ඇතුළුව) සැහෙන අයට හරි ගිහින් තියෙනවා.

    මටත් ඔය රාහුද කොහෙද තමා ඉන්නේ. දැන් අවුරුදු 5-6 ඉදන් මටත් ගෙයක් දොරක් නෑ. ඔහේ බෝඩින් ගානේ ඉන්නවා. අම්මල තාත්තල නෑයෝ බලන්නේ ගියෙත් අවුරුදු ගානකට සැරයක්(ඇත්තම කිව්වොත් යන්න හිතෙන් නෑ. තරහ නිසා නෙමේ ). A /L ලිව්වා පළවැනි සැරේ ඉස්කෝලේ(මාරයට අල්ලපු එක. අර අවුරුද්දට සැරයක් සංග්‍රාමයක් කරන්නේ) නිදා ගත්තා. දෙවෙනි සැරේ ගොඩ. හැබැයි කැම්පස් (හිතන් හිටපු එක දසමෙන් මිස් උනාට සැහෙන හොද එකකට ආවා.එක ගැන කිසිම දුකක් නෑ) ගිහිනුත් නිදා ගත්ත එක තමා කලේ .හිතල නිදා ගන්නවා නෙමේ. කොච්චර ඇහැරිලා ඉන්න හැදුවත් නින්ද යනවා. කොහොම හරි ජාමේ බේරන් දැන් එතනිනුත් ආවා. ආවට ඔය කේන්දර සීන් නිසාද මන් දැන් නෑ හොද පඩියක් ගන්න, වාහන ගන්න, ගෙවල් හදන්න , හිර ගන්න හිතෙන්නෙම නෑ (සාමාන්යෙන් අනිත් අයට හිතෙන ඒවනේ). මොනවා කලත් පාඩුවේ ගානක් හොයන් වැඩි වැඩ නැතුව බෝඩිමට වෙලා සැනසිල්ලේ ඉන්න තමා හිත. මට කියල තියෙන විදිහට තව අවුරුදු දහයක් යනකන් මට මෙහෙම තමා.ඒකියන්නේ 35 විතර වෙනකන් (ජිවිතෙන් බාගයක් අපල.නරක නෑ :P). මොනවා කරන්නද ඉතින්.ලබා උපන් හැටිනේ?

    ReplyDelete
  23. bohoma pin maara ayye may tika blog 1ke dammata

    ReplyDelete
  24. Thank you.....im aries.....

    ReplyDelete
  25. මගේ යාළුවො ගොඩාක් උන් කියන්නෙ උන්ට ඉන්න එකම හෙනහුරා මන් කියලා ! එතකොට මගේ හෝරාව කොහොමද මාරයො හොයා ගන්නෙ ?

    ReplyDelete
  26. අනේ මාරයියේ මට 2011/11/18 සෙනසුරු ඒරාෂ්ඨකයක් ලබනවලු...ඒක ඉවර වෙන්නේ 2014/11/3 ලු...අනේ මට බයයි...හැමෝම මාව බය කරනවනේ...

    ReplyDelete
  27. හරි හරි මේ ඊයේ පෙරේදා ඔය වගේ එකක් වුනා...
    නොසැලී ඉන්න තමයි තියෙන්නේ....

    ReplyDelete