21 November 2011

ස්තූති දෙකක් සහ නැවතත් "ස"...

වෙලාව රෑ දොලහත් පහු වෙලා..සාමාන්‍යයෙන් මේ මම ලියන වෙලාව නෙවෙයි.ඒත් අදනං අකුරක් හරි ලියලා යන්න ඕන කියලා හිතුනා..මොකද මේ ටිකේම මුකුත්ම ලියන්න තරං වෙලාවක් හොයා ගන්න මට බැරි උන හින්දා.

500 වෙනි පෝස්ට් එක දැම්මා දැම්මමයි මාව වැඩ කප්පරක හිර උනා...ඉතිං ඒ ටික ඉවර කරලා නිදහසේ කමෙන්ට් වලට උත්තර දෙනවා කියලා හිත හිත හිටියට මොකද ඒක කරන්න තරං වෙලාවක් ලැබෙන පාටක් නැහැ..ඉතිං අන්තිමට තීරණය කලේ මෙහෙමවත් අකුරක් ලියලා දාන්ට ඕන කියල...

500 වෙනි ලිපියත් කියවලා ඒකට කමෙන්ට් කරපු..සුභ පතපු සහෘද ඔබ සැමටම බොහෝම ස්තූතියි..වෙන වෙනම ආමන්ත්‍රණය නොකලට අමනාප වෙන්ට එපා ඕං..කොළුට මේ දවස්වල හරි අවිවේකයි... වැඩ කටයුතු අතරේ ඩිංග වෙලාවකට හිත හෑල්ලු කොර ගන්ට ඕන උනාහ ඔය මූණු පොතට එහෙමත් නැත්තං ගූගල් බස් එහෙකට ගොඩ වෙලා මොන මොනවා හරි දෝඩෝලා ගියාට එක දිගට මොනවා හරි ලියන්න තරං නිවනක් තිබුනේ නැතුවා... දැනට යන හැටියට හෙට දවස හිතං ඉන්න විදියට වැඩ කරගත්තෝතින්නං අනිද්දා ඉඳන් සාමාන්‍ය විදියට ලියන්ට ඇහැකිවෙයි..ඒත් ඒ කිසිම දෙයක් ගැන හරියට කියන්ට විදියක් නැහැ...

ඉතිං කොහොමින් කොහොම හරි වැඩ කටයුතු අටෝරාසියක් මැද්දේම උනත් අද මං මගේ තිබුන ආසාවක් ඉස්ට සිදධ කොර ගත්තා.. ඒ තමා අර මීට කලින් වංගියකත් මං කිව්ව "ස" ප්‍රසංගය නැරඹීම..

කලින් වතාවේ මං නෝන්ඩි වෙලාම ගියේ ඔය "ස" බලන්න ගිහින්නේ... ඒත් යන්තං අවුලක් නැතිව මෙදා පාර වැඩේ කෙරුණා. ස බැලිල්ලට අවස්ථාව සලසා දුන්න උන්දැටත් බොහෝම පිං ඕං...

අහ් එහෙම කිව්වම කියන්ට තව කාරණයක් තියේ නෙව...මට ඉතිං නොවැම්බර් මාසේ 20 වෙනිදා "ස" බලන්න දන්න කියන කෙනෙක් ටිකට් අරං දුන්නා කියලා මං කලින් කිව්වද කොහේද නේද..? ඉතිං වැඩේ කියන්නේ දෙන්න ගත්තම දෙයියෝ බඩ කට පුරෝලම දෙන්නැහේ මේ 20 වෙනිදා "ස" බලන්න හිතං ඉන්න මට 09 වෙනිදත් "ස" බලන්න ටිකට් දෙන්න හැදුවා නෙව අපේ වෙනියා..‍. වෙනියා කිව්වේ ඉතිං අර අභ්‍යාස කතා ලියන වෙනියා තමා..ඉතිං ඒකටත් මං කෙරෙහි දයානුකම්පාව පහළවීම කරණ කොටගෙන ඒකාට ලැබුන අවස්ථාවක් මට දෙන්ට හැදුවා නෙව..ඒත් එකම මාසයක් ඇතුලත දෙපාරක් "ස" බලනවා කියන එක රසයට හොඳ නැහැ වගේම මට නිවාඩු නැති වීම හින්දා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න මට උනා..

ඉතිං කොහොම උනත් අද හැන්දෑ වරුවේ බොහෝම නිවී හැනහිල්ලේ "ස" ප්‍රසංගය බලන්න මට හැකියාව ලැබුනා.. මේ බ්ලොග් බලන කියන උන්දලත් හිටියනං "ස" බලන්න ගෙහුං... අර අන්තිම වෙනකොට විසිල් ගගහා "ස" බැළුවේ මාරයා එහෙමනං නෙවෙයි ඕං...

37 comments:

  1. තූ.. තූ... තූ... අර යහතින් ඉන්න මිනිහට මේක කියන එව්ව... මම හිතුවෙ බලන්න යන්න ඉන්න එකා ගැන මොකවත් කිව්වවත්ද කියල...

    ReplyDelete
  2. හික් හික්... පොඩ්ඩක් අවසානේ වෙනස් කොරන්ට උනා ඈ...

    ReplyDelete
  3. දැන් ඉතින් මගෙ කොමෙන්ටුව වලංගු නෑ නොවැ... කියවන එවුං මඤ්ඤං නොකර ඒකත් මකල දැම්මනං හොඳා...

    කොහොමද මම කලින් පාර කොමෙන්ටුවෙදි මතක් කරපු "පොඩිකුමාරිහාමියේ" පාර.. එල නේද.. ?

    ReplyDelete
  4. මට ඒ කතාව මතක් උනා සිංදුව යද්දිම..ඒකනං එළම තමා... ඒත් සරපිනාව ගැහැවුවේ ජයන්ත රත්නායක...ඔන්න ඔහේ අරක තියෙද්දෙන් අමුතුවෙන් කියලා අපේ උන් මඤ්ඤං වෙන්ට දෙයක් නැහැ..:D

    ReplyDelete
  5. ඇත්තටම මට ඉස්සර "ස" පිස්සුවක් තිබිලා තියනවා. රාමක්‍රිශ්නා එකෙදි වික්ටර් රත්නායක මාව වඩා ගෙනත් තියනවා හැමදාම බලන්න එනවා කියලා මෙ මම කියුවෙ 1978-79 විතර කතාවක් හොඳෙ.

    ReplyDelete
  6. හික් හික්. . . වෙනියගෙ බ්ලොගේ නම වෙනස් කරන්න කාලෙ හරි වගේ . . . .

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඇති යන්තම් බැලුවනම් සතු‍ටුයි. දැන් මාසයක් තිස්සේ ඉඳම් ඇගිලි ගැන ගැනනෙ හිටියේ...

    ReplyDelete
  9. ඔක්කොමත් හරි, අර "කොළුට මේ දවස්වල හරි අවිවේකයි" කියල තියෙන්නෙ කා ගැනද? ගෙදර වැඩට කොල්ලෙක් තියාගෙන ඉන්නවද? ඌට අවිවේක වුණහම ඔයාට ලියන්න වෙලාවක් නැති වෙන්නෙ කොහොමද? :D

    ReplyDelete
  10. ආංකල විට්ටර් එක්ක උබත් පොටෝ එකක් ගත්තේ නෑද බන් සොරෝවා වගේ

    ReplyDelete
  11. මාරයා බෑ කියලා සෝරෝව රෙකමදාරු කල එකෙන් ඌ හරි ගොඩ ගියා ඒකෙන් ! හැබැයි සෝරෝ නම් ෆොටෝ කෑල්ලක් ගහ ගත්තා..
    @ ඕනයා - කියන තැනකට වඬින්නම් උඹනම් අලුත් නමක් යෝජනා කරන්න එපා මෙතන !

    ReplyDelete
  12. මල්ලි මෙය ලියන්නේ ඔබට ස්තුති කිරීමටයි. මගේ දියණිය වෙනුවෙන් ඔබ මට කළ උදවට බොහෝම ස්තුතියි. මම අපේ සිරිත් පමණක් කලා. කෙල්ලව හිර කරලා තිබ්බෙත් නැහැ. බොහෝම නිදහසේ හිටියා. අපිත් එක්ක ගමන් බිමන් ගියා. කොටු කරලා තිබ්බේ නැහැ. ඒත් අපේ විදියට නැකතකට නැව්වා. මමයි වෙදහාමිනේයි. ඔබට බොහෝම ස්තුතියි. මට අවශ්‍ය නැකත සාදා දුන්නාට.

    ReplyDelete
  13. "ස" කොහොමත් නියමටිනේ ලොක්කා

    ReplyDelete
  14. @ලොකු ඡෝන්...

    ආ ඔව් ඔව් ඒ දවස්වල කතාවක් තිබුන තමයි..පොඩි එකෙක් වඩාගන්න ගිහින් ඒකා විට්ටර් මාත්තයගේ අතේ චූ කොලයි කියලා..:D:D:D

    @ඕනයා...

    ඕකට නංනං කීයක් කියලා දාන්නද බං..?

    @Gimhani...

    ආයෙත් අහලා...අතේ ඇගිලි මදිවෙලා කකුල්වලත් ගැනලා අන්තිමට අහල පහල උන්ගේ ඒවයිනුත් දහයක් විතර ගැන්නමයි දවස උදා උනේ..ඕං බලමු ඒකෙත් හැටි නේද..?

    @නලිනි චන්දිමා...

    මෙතන වෙන කොල්ලෝ ඉන්නවද අනේ..මං ඇර..?පොඩ්ඩක් බලන්නකෝ වට පිටාව..:P

    @ItalyDilan...

    මොන පොටෝද බං..ඒ හරියට කිට්ටු කරන්නවත් බැහැ..එච්චරට සෙනග.. අත පය බේරං එළියට ආවෙත් බොහෝම අමාරුවෙන්...කොච්චර අමාරුවෙන්ද කිව්වොත් එක පාරක් බලද්දි මගේ කකුලක් එහා පැත්තේ හිටි ගෑනු ලමයෙක් අරගෙන යනවා..

    @Weni...

    සෝරෝවා වැඩ කාරයා..කොහොම හරි ඌත් ගොඩ මාත් ගොඩ..තව එකයි ඉන්නේ ඕක පෙන්නන්න තරං විට්ටර් ඇම්ම ගහපු..අර අපේ බුල්ටො කොළුවා...

    @වෙද ගෙදර මහ වෙදනා...

    සංතෝෂයි අයියා ඒ ටික ඒ විදියට කෙරුනනං...දරුවට කියන්න මාරයගේ සුභ පැතුනුත් එයාට දුන්නා කියලා අනාගතේ සාර්ථක වෙන්ට..(ළමයා බය උනොත් නලෝ ගන්න එක බොලාගේ වැඩක් ඕං..)

    @Raj...

    නැතිව නැතිව...

    ReplyDelete
  15. මූ කොල්ලෙක් නං කොල්ලන්ට කියන්නෙ මොකා කියලද දන්නෑ.

    ReplyDelete
  16. ඒගමන මේකෙ අකුරු පොඩි කරලද? නැත්නම් මගෙ ඇස් පේන්නෙ නැතුවද?

    ReplyDelete
  17. font එක කලින් සයිස් එකටම තියමු ද ?

    ReplyDelete
  18. හප්පේ ඇති යන්තම් ගිහිල්ලා...

    මටත් ආයෙත් යන්න ආසා හිතුනා..

    ReplyDelete
  19. එහෙනම් අන්තීමට " කොළුවා " " ස" බැලුවලු...... මාරයියට බලන්න ලැබුනේ නැතත් " කොළුවා " හරි බලා ගත්තනෙ... :P

    ReplyDelete
  20. මොකක්ද බන් මේ කොලු කතාව...

    ReplyDelete
  21. අනේ පව් අර ඔයාගේ කකුල අරන් ගිය කෙල්ල . දුකයි අප්පා

    ReplyDelete
  22. මදෑ දවස වරද්දන්නෙ නැතුව "ස" බලාගත්තා.

    ReplyDelete
  23. මොකද්ද මල්ලි අර විසිල් ගහපු කතාව ? බල්ටි තිබ්බෙ නැතෙයි ?

    ReplyDelete
  24. අපොයි ඇති යන්තම්... කොළුව 'ස' බැලුවැයි කියන්නෙ....

    ReplyDelete
  25. හා හා එහෙනම් 'සා'බැලුවා නේ.............

    ReplyDelete
  26. ඔය 'කොලු' කතා කියන්නේ පරෙස්සමෙන් මාරය මල්ලි, ඔය අන්තිම පේළියෙ එහෙම ඉන්නව කොල්ලො පෙන්නන්න බැරි එවුන්

    ReplyDelete
  27. 'ස' මමත් බලල තියෙනෝ..

    ReplyDelete
  28. අල්ලපු ගෙදර ඉඳලත් මට යන්න බැරි උනානෙ තවම.

    ReplyDelete
  29. අඩෝ මාරයෝ උඹ ඡන්දේ ඉල්ලන්දද හදන්නේ ?? 500 න් පස්සේ ලියන්නේ නෑ කිව්වා නේද?

    ReplyDelete
  30. චැහ්, මේක මේ විසිල් ගගහ නට නට බලන සංදර්ශනයක්ද? මං හිතං හිටියෙ සම්භාව්‍ය එකක් කියලා.

    ReplyDelete
  31. ළඟදි ඉඳන් මොකක් හරි පෙරළියක් වෙනවා..මොකක්ද මේ කොලුවෙක් ගැන කියවන්නෙ....මට නම් මඤ්ඤං..

    දැන් "ස" හරිනෙ.. ඊ ළඟට තියෙන්නෙ ඉතින්
    "ග" ගන්න...
    "ප" ගන්න
    කැ‍මති නම් අනික්වත් ගන්න පුළුවන්....

    ReplyDelete
  32. "ස" නොඇසූ කන් කුමටද ? "ස" නොබැලූ දෙසවන් මක්කටද ?

    කොන්ග්‍රැජුලේෂන්ස් මාරයෝ......ලංකාවෙ ඉපදිච්ච එකෙක් නම් මැරෙන්න කලින් "ස" නොබැලුවොත් වැඩක් නෑ.....!

    අහෝ දෙව්දත් නොදුටු මොක්පුර....!

    ReplyDelete
  33. කවුද යකෝ විසිල් ගැහුවෙ.. ඒකා සයන්නට විසිල් ගැහුවනම් විසිල් ගහන්න ඕනෙ එකකට මොනව ගහයිද දන්නෙ නෑ..

    ReplyDelete
  34. කොහොමින් කොහොම හරි අන්තිමේ " ස " බැලුවනේ.. එකම මදෑ...

    ReplyDelete
  35. @දුමී - මල කෙලියයි , මම 'ස' බලලත් නැ , බලන්න අදහසකුත් නැ , වික්ටර් රත්නායකව එච්චර දිරවන්නෙත් නැ මොකෝ කරන්නේ ??

    ReplyDelete
  36. බුවා ළමයට භක්සණයවෙන්නේ භාතිය සන්තුස් වැනි අසහාය ගායකයෝ වෙන්න ඇති. අහෝ ව්ක්ටර් නොදිටි මොක්පුර.

    ReplyDelete