23 November 2011

මාර කෑම.. කිරි කොස් ...


හරි අද ලියන්ට යන්නේ හුග දෙනෙක් කැමතිම වගේම හුග දෙනෙක් අකමැතිම කෑමක්...ඇත්තටම ඔයාලට කියන්ට මේක බොහෝම රස කෑමක් වගේම සමහරුන්ටනං තඹ සතේක රහක් නැති කෑමක්.. ඒත් ඉතිං කෑවා නොකෑවා මයෙ මොකෝ... නැද්ද හා...

මේකත් මේ පාඨක ඉල්ලීමක් ඉෂ්ඨ කිරීමක් තමයි ඕං..ඒ කිව්වේ මගේ මූණූ පොතේ යාළුවන්ගේ ඉල්ලීම මත පල කරන ලිපියක්... මුලින්ම කිව්වා මේක අරාබි ඔටුවොන්ට නරඹිම තහනම්..නැත්තං උන් ටික බලලා කරලා අහක් වෙලා මට බැණ අඬ ගානවා...ආයේ මොටද මෙව්වා ලියලත් මේ අහිංසක මං මේකලාගෙන් මෙහෙමත් කතා අහන්නේ..එකෙක් බලන්නේ නැහැ ඕං කිව්වා...

හරි වැඩි කතා අනවශ්‍යයි..විස්තරේ අවශ්‍යයි..එහෙනං අපි බලමු මේක හදන්නේ කොහොමඳ කියලා...

මුලින්ම අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා හොඳින් පැසුණු කොස් මඳුළු..ඔව් ඔව් ඔයාලට ඉතිං මෙව්වා මෙහෙම කිව්වට පොස් මදි හින්දා මං කියන්නංකෝ අපිට ඕන වෙනවා ජැක් මඳුළුස්... ප්‍රමාණයනං ඉතිං තම තමුන්ගේ ගෙවල්වල කොටා බාන්ට ඉන්න උන්දලාගේ තරමට තමා..මංනං මෙතනදී සාමාන්‍යයෙන් හතර පස් දෙනෙකුට ඇති වෙන්ට උයලා තියෙනවා... මොකද මං කොස් හා කිරි කොස් කන්ට ගියාම කන්නේ ඒ හැටි වැදගත් තාලෙට නෙවෙයි... බත් වලට වඩා කොස්වලට මං මනාපයි නෙව..ඉතිං දමලා අරිනවා කිරි කොස් පිඟන් ගානට.. ඒ හින්දා තමා මෙහෙම ටිකක් වැඩිය හිටින්ට උයන්නේ...

හරි එහෙනං ඔයාලා දැන් කොස් හොයා ගත්තනං ඒවායේ ගම්..ඔව් ඔව් ජැක්වල හරියට ගම්නේ මෙයාලා.. ඉතිං ඒ ගම් ඔයාලගේ ඔය හුරුබුහුටි අත්වල ගාගන්න එපා... කොස් සුද්ද කරද්දි අත් දෙක ඇල් වතුරෙන් තෙමාගෙන කොස් සුද්ධ කරලා අවසානෙදී කොකනට් ඔයිල් ටිකක් අත්වල ගාගෙන ‍වියලි රෙදි කැබැල්ලකින් අත් දෙක හොදට පිහ දා ගත්තම ඔය ගම් ගතිය යනවා හොදේ... ආන්න එහෙම පොතේ හැටියටම වැඩේ කරගෙන කොස් මදුළු ටිකක් සුද්ද කරලා ඒවායේ ඇට ඉවත් කරලා මදුළු ටික දිග අතට ලියා ගන්න..අපි කොස් තම්බනකොට වගේ හරස් අතට ලියන්නේ නැහැ කිරි කොස්වලට කොස් ලියද්දී ඒවා දිග අතටයි ලියන්නේ.. ඉතිං ආන්න එහෙම කොස් මඳුළුත් ලියාගෙන ඒ මඳුළු වලින් ඉවත් කර ගත්ත කොස් ඇටස් ටිකත් සුද්ද කරලා ඒකටම එකතු කර ගන්ට ඕනි.. කොස් ඇටස් සුද්ද කරන එකත් ඒ හැටි දෙයක් නෙවෙයි..ඒවායේ සිබිඩි අහක් කරලා ඔය අතට අහුවෙන මොකක් හරි බර දේකින් දෙතුන් පාරක් තැළුවනං ඊට පස්සේ කොස් ඇට පොතු යවන එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි..ඉතිං ඔය තියෙන්නේ එහෙම සුද්ධ කර ලියා ගත්තු කොස් මඳුළු හා කොස් ඇටස් තමා හරිය...



ඉතිං එහෙම ලියා ගත්ත කොස් වලට මෙන්න මේ කලමනා ටික එකතු කරන්න...
රම්පේ
කරපිංචා
රතුළුණූ
සුදුළුණු
අමු මිරිස්
කුරුඳු පොතු
උළුහාල්
ගම්මිරිස්
කහ කුඩු
මිරිස් කුඩු
තුනපහ කුඩු

පේනවා නේද පින්තූරේ.. ඔය විදියට දාපුවම හරි..මෙතනදී මං ගම්මිරිස්නං කුඩු පොඩ්ඩක් එකතු කලේ..ඒත් ඇත්තටම ගම්මිරිස් ඇට දෙකක් තුනක් එකතු කරන එක තමා හරිම විදිය..ඒත් ඉතිං ගෙදර තියෙන ඒවා එපෑ දාන්න නේද..?මං කිරි කොස් හදන්න ගත්ත වෙලේ ගම්මිරිස් ඇට තිබුනෙත් නැහැ වේලිච්ච මිරිස් කරල් තිබුනෙත් නැහැ..ඒත් ඉතිං මං සැලෙයිද ඕවට...
හරි ඊ ළගට පොල් කිරි එකතු කලා තිබුබා ලිපේ තැම්බුවා...මතක ඇතිව ලෝස් නැතිව කිරි එකතු කරන්න..ඒත් ඉතිං පොල් කිරි නිකං රත්තරං වගේ පලාත්වලඉන්න අය ඕකට මිටි කිරිම නොදා දිය කිරෙන් ලිපේ තියලා හොදට කොස් තැම්බෙනකොට මිටි කිරි ටිකක් දැම්මත් අවුලක් නැහැ.හැබැයි මං එක පාරක් වතුරෙන්ම තම්බලා අන්තිමට කිරි ටිකක් එකතු කරලා කිරි කොස් හදපු වෙලාවළුත් තිබුනා..පොඩිම වෙනසක් ඇරෙන්න මහ අවුලක් නැහැ.. ඒ හින්දා පොල් හිග පළෘත්වල අය වැඩියම බය වෙන්න එපා..හරිනේ...
ඉතිං කිරි කොස් එක හොදට ලිපේ තැම්බිලා නටලා නියම ගානට ආවට පස්සේ ඒක පොඩි තෙම්පරාදුපාරක් දාගන්න ඕන... මෙන්න මේ විදියට තෙල් ටිකක් වෙනම ඇතිලියක රත් වෙන්න ඇරලා ඒකට අබ..කරපිංචා..රතුළුණූ..සුදුළුණූ..සහ මතක ඇතිව වේලිච්ච මිරිස් කරලක් එහෙම කඩලා දාලා ඒ ටික බැදෙන කොට අර උයා ගත්ත කිරි කොස් ටික ඒකට හිමිහිට එකතු කරලා හොඳට හැදි ගාග්තතනං හරි...


මේ පින්තූරේ මිරිස් නැති උනේ මේක හදනකොට ගෙදර මිරිස් නොතිබ්බ හින්දා කියලා මං කලින් කිව්වනේ..ඒත් ඉතිං මට ඒක හිතට මදි වගේ..පස්සේ මං ඔක්කෝම කරලා ඉවර වෙලා කඩේට දුවලා මිරිස් කරල් ටිකක් ගෙනාවා..කොහොමත් කිරිකොස් එක්ක බත් කන්න මිරිස් බැදුමකුත් එපෑ.. ඉතිං ඒ ගෙනත් බැද්ද මිරිස් කරල් දෙකක් මේකට කඩලා උඩින් දැම්මා..

වැඩේ ගොඩ.. ඔය තියෙන්නේ ලස්සනට...

ඔය ඔක්කෝම කරලා අනිත් කලමනාත් හරි ගස්සලා අන්තිමට ඊයේ දවල්ට බත් ඩිංගකුත් එක්ක කිරි කොස්..ගොටු කොල සම්බෝල.. සහ මං ආසම විදියට කර වෙන්න බැදපු හාල් මැස්සනුයි මිරිස් කරලුයි එක්ක දමලා ඇරියා මදි නොකියන්නම...

48 comments:

  1. 2. මම කොස් නොකමි. මට ඔය පින්තූර දිහා බලන්නටත් අප්පිරියාය. ඒ හින්දා පෝස්ට් එක නොකියවමි.

    ReplyDelete
  2. stuthiy ayyandi :) kos hoyagena hadala balanna ona.bari unoth ithin janawari maase oyama oka hadala dennako.mama kaala yannam :D :D

    s.c

    ReplyDelete
  3. badaginiyoooooooooo

    ReplyDelete
  4. මේක පොශ් අයට තමයි හදන්න වෙන්නෙ.තියෙන විස්තරේට... අපිට හරි යන්නෙ නෑ..
    කොස් ඇට පොතු නියපොත්ත අස්සෙ ඇනුනහම ගලෝ ගන්ඩ ටෙක්නික් එකක් එහෙම නැද්ද මල්ලි ?
    මෙව්වා රහට උයලා අපිට නොදී කනවට හෙටම අහල පහල තියෙන කොස් ගහක ඉන්න වවුලෙක්ම රීපිය මේකාගෙ ඔළුව උඩටම !

    ReplyDelete
  5. කිරි කොස් කන්නට අපිත් මනාපය. ගෙවල් වල ඇති කොස් ගස් ඔක්කොම කපා විකුණා ඇති නිසා දැන් හොඳට පැහුණු කොස් ගම් වලත් හිඟය. ඉතින් ඉස්සර ගස් යට වැටී කොස් ඇට පැල දාන තරම් කොස් තිබුණු රටේ දැන් කොස් හිඟය. මේ කියන්නේ කොළඹ කිට්ටු අපේ ගමය. අනෙක් ගම් ගැන නම් දන්නේ නැතිය.

    කිරිකොස් මාළුව උයාලා අහක්කලා ඊට උඩින් බැදපු පහේ ඩිංගකුත් ඉහලා දානවා නේද මාරයියේ ???

    ReplyDelete
  6. කොස් සුද්ද කිරිල්ල තමා එපා වෙන්නේ.. කන්න නම් ඉතින්.... :)

    ReplyDelete
  7. මේ දොස්තර නෝනෙ..ඇත්තටම ඔයාට වැඩ නැද්ද හැබැටම ?..එයා කොස් කන්නෙත් නෑ..එනව මෙතන...හහ්...වෙන වැඩක් නැත්තම් අර බාගෙට ලියල තියන කතාව ඉවර කරල දාන්නකො....මේ දවස් වල මෙලෝ රහක් නැති දේවල් මේ බ්ලොග් වල තියෙන්නෙ..

    ReplyDelete
  8. මට හිතෙන්නෙ මගේ ප්‍රියතම කෑම කිරිකොස් කියලා.
    තව දෙයක් මම දැක්ක මේ ඡායාරූපයේ තිබෙන්නේ මල්ලි කන්න බෙදා ගත්ත කෑම එක නම් මම හරි සතුටුයි. බත අඩුවෙන්, එලවළු මාලු පිණි වැඩියෙන් නියමයි. "ආරෝග්‍යා පරමා ලාභා"

    ReplyDelete
  9. කිරි කොස්නම් මගේ ප්‍රියතම කෑමක්. තෙම්පරාදු කරනකොට රම්පෙ කෑල්ලක් එකතු කරන්න ඕන. ඒකෙන් එනවා පුදුම රසක් හා සුවඳක් ..

    ReplyDelete
  10. ඊයෙ රෑටම මිල්ක් ජැක් ටිකක් හදා ගත්තා ඕන් ....... මොකටද ආයෙ නිකං පරක්කු කරන්නෙ ........
    ඔන්න ඔය මාලුවට උඩින් හොද කලු කුඩු ටිකක් ( බැදපු තුනපහ ) ටිකක් දැම්මනං රසයි සුවදයි 2 ක්ම එකට
    ඔය කොස් නැති පලාත්වල උදවිය අපේ සදරු ලමයට ඊයක් එහෙම දාලා ටිකක් ගෙන්න ගන්වනං හොදයි මට මතක විදිහට මිනිහට ඔය ජැක් කියන ජාතිය එපා වෙලා හිටියා

    ReplyDelete
  11. අපේ පැත්තේ නං ඕනෑ තරං ජැක්..
    එපා වෙනකං ඔව්වා කනවා කොස් වාරෙට...
    රස කෑමක්!

    ReplyDelete
  12. මම නම් මාරම ආසයි කිරිකොස් මාලුවත් එක්ක බත් කන්න. ආයේ ඉතින් හාල් සේරුවක් වත් කන්න පුලුවන්. හික්ස් :)

    ReplyDelete
  13. කිරි කොස් වලට ඉතිං හොඳට මිටිකිරි දාපු තරමට රසයි. ඔය පින්තූරෙ විදියට කෑමක් දවල් දෙකට විතර සෙට් වුනොත් පිඟානටත් දෙවි පිහිටයි. ස්රූස්ස්ස්ස්ස්ස්ස්ස්....

    ReplyDelete
  14. පොල් කිරි වෙනුවට ඔටු කිරි දාල මේක හදන්න බැරිද......මෙහේ ඕනතරං ඔටු කිරි..............

    ReplyDelete
  15. නෙද්දකිං...කාලා මදිවට අපිට ගෙල ගිල්ලවන්ඩ මෙතන පින්තූරත් දානවා.... :/

    ReplyDelete
  16. @වෙද ගෙදර මහ වෙදනා

    අපෝ...මහ වෙදනට ඒකවත් තේරෙන්නෙ නෑ...මෙයා මේ කොරහක් තරමේ බත් එකක් ගිලලා අපිට කැටයම් දාන්නයි ඔය පින්තූරේ දාලා තියෙන්නේ....

    ReplyDelete
  17. දැන් ඉතින් කොස් හොයපන්කෝ!

    ReplyDelete
  18. යකඩො මූ මගෙ දවල් කෑම පිගාන පොටො ගහලද? වෙන්න බෑ මෙ සෙරම මම අද දවල්ට කාපුවනෙ. උදෙ කොස් ඇට තලන්න ගිහි තව ඩිංගෙන් වෙන වෙන ඒවත් තැලෙනවා

    ReplyDelete
  19. ලොකු ජෝන් තව ඒවාත් තැලෙන්න ගියා කිව්වෙ ...??? ඇඟිලි වෙන්නැති මයෙ හිතේ ????

    ReplyDelete
  20. ඔහෙ හිටු ලබන සතිය වෙනකල්..... තොට කිරි කොස් ම කවන්ඩ...

    ReplyDelete
  21. kos mehe natha :( duka thama. meka balala kela gilimi. enyweis tank q.

    d.

    ReplyDelete
  22. කොස් කිරල තමයි ගන්න ඕනෙ . . . . එතකොට තමයි පදම නියමෙට එන්නෙ

    ReplyDelete
  23. // දිල් said..

    නෙද්දකිං...කාලා මදිවට අපිට ගෙල ගිල්ලවන්ඩ මෙතන පින්තූරත් දානවා.... ://

    // weni said
    හෙටම අහල පහල තියෙන කොස් ගහක ඉන්න වවුලෙක්ම රීපිය මේකාගෙ ඔළුව උඩටම ! //

    +++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  24. උඹට මාරයා ඇර වෙන කවුරු කියල කියන්නද? අපි වගේ අසරණයොන්ගෙ සුදහ ගින්දරත් එක්ක සෙල්ලම් කරනවද උඹ...!!!

    ReplyDelete
  25. කිරි කොස් කාපු කාලයක් මතක නෑ අයියේ.. දැං ඉතින් ටික දවසක් යනකම් හිත අප්සට්..

    ReplyDelete
  26. අපෙ අප්පො........
    මේ මාරයියත් හදන්න දන්න දේවල්......

    හොඳ වෙලාවට අද හෙට ලන්කාවට යනවා. ගිය ගමන් හදව ගෙන කනවා කියල හිතුනා.

    ReplyDelete
  27. වේලල [ඩිහයිඩ්රේටඩ්] පිටරට යවන කොස් මදුළු වලින් කිරිකොස් මාළුව උයන හැටි දැන ගන්න කැමති අය විමසන්න.
    ඔටු කිරි වලින් වුවද ඉවිය හැක.

    ReplyDelete
  28. අම්මෝ මගේ ආසම කෑමක්. මගේ ප්‍රියතම කෑම ලිස්ට් එක තමයි කොස් වෑංජන,දෙල් වෑංජන, ගහල වෑංජන, මංඤ්ඤොක්කා වෑංජන (ලිව්ව හරිද මන්දා) ඔව්ව තියෙනව නම් ඉතිං දෙපාරක් බත් බෙදා ගන්නවම තමයී.
    හැබැයි අයියේ ඔය ෆොටෝ දන්නේ නම් බලාගෙන. මොකද ලගදීම බඩේ අමාරැවක් එහෙම හැදෙන්න පුළුවන්. අපි කෙල ගිලින විදියට එහෙම නොවුනොත් තමයි පුදුමේ.

    ReplyDelete
  29. තෝව දීයාම කාපිය.. හිටුකො, මම වේලපු කොස්වලින් හරි ඕක හදනවා..

    කිරි කොස් වලට නියමටෙම ගැලපෙන්නෙ අමු ගම්මිරිස් ඇට ටිකක් දැම්මොත් තමා බං.. ඒවත් එක්ක හැපිලා එනකොට ලොවෙත් නෑ..

    ReplyDelete
  30. නරකද ඔය කට්ටිය කියල තියෙනව වගේ ඔටු කිරි ටිකක් ගෙන්නගෙන ඔය වැඩේ කරන්න පුලුවන්ද කියල බැලුවොත්.

    ReplyDelete
  31. කෝ ඔය අරාබි ඔටුවෝ ටික වරෙල්ලා මාරයට අල්ලන් නෙලන්න..

    ReplyDelete
  32. හැහ් කිරි කොස්.....................:)

    ඔය සුදු කැකුලු බත රතු කැකුලු උනා නම් මමත් දෙසා බානවා බුරිය උල් වෙන්නම.

    ReplyDelete
  33. වෙලාවට මම කිරි කොස් වලට ආසා නෑ.එක දවසක් අපේ ආච්චි කෙනෙක් හදපු කිරි කොස් කාලා මට බඩේ අමාරුවක් හැදුනා.ඒ නිසා එදා ඉදන් කිරි කොස් කන්නෙ නෑ.

    ReplyDelete
  34. kirikos hadana heti dammata isthithi ape gahe dan kos thiyana wa hetama kiri kos hadanta onee

    ReplyDelete
  35. තොට බඩම පලයන් . . . !!

    ReplyDelete
  36. අන්තීමට ලුණු ටිකක් කාලා වතුර ටිකක් බොන්න වෙනවා......... :D කෝ බොල අයියේ ලුණු? :D :D :D

    ReplyDelete
  37. අර බත් පිඟානෙ combination එක නං මරු... හොඳ වෙලාවට දවල්ට කෑවයින් පස්සෙ මේක දැක්කේ...

    ReplyDelete
  38. මමත් ආසම කෑමක් තමයි.. හව් හව්

    ReplyDelete
  39. අවුරුදු තුනකින් කොස් මාලුවක් කෑවේ නෑ බන්. බඩගින්නෙ ඉන්න වෙලාවට මේක දැක්කහම ඉතින්...

    ReplyDelete
  40. දැන් ඔක්කොමත් හරි කොහෙන්ද කොස් හොයන්නෙ ??

    ඔබා මාමේ කිව්වනම් ඒ විදියත්....

    ඕනයා... බොගේ කට තමා කට.

    ReplyDelete
  41. හයියෝ...මං ඉල්ලපු එකම මට මග ඇරිලා නොවැ....කටට කෙළ ඉනුව දැක්කම... මං කලින්ම ගෙනත් තියා ගත්තු කොස් බෝතලයක් තියෙනවා.... මේ කියපු විදියට හදන්න ඕන.... මං කිරිකොස් හදද්දි ගම්මිරිස් දැම්මෙ නැහැ, ඇටවත්, කුඩුවත්.... අර තෙම්පරාදුවට නම් අබ ඇට ටිකක් දැම්ම.... බොහෝම ස්තුතියි මේකට....

    ReplyDelete
  42. මං මේ රෙසිපියෙ විදියට කිරි කොස් හදන් කෑවා නෙව..... නියමයි... එකම වැරැද්ද උනේ හොඳ ෆ්‍රෙෂ් කොස් ටිකක් නැති එක.... අපට කොහෙද ඉතින් ඒවා.... බෝතල් කරපු ඒවනෙ.... ඒවයෙ අමුතු ලුණු ඇඹුල් රසක් එනවා... එහෙමයි කියලා රොඩ්ඩක්වත් ඉතුරු උනේ නෑ... කවුරුත් ගසල ඇරියා.... හට්ටියෙ අතුල්ලගෙනත් කෑවා අන්තිමට.....
    තැන්කූ හොඳේ.....

    ReplyDelete
  43. මමත් ආසම කෑමක bath nathuwa nikanuth kanawa machan

    ReplyDelete