24 November 2011

කොළුවාගේ කතාව...ඇස් ඇස් සී දක්වා...

එක්දහස් නවසිය තිහේ දසකයේ මැද භාගයේදී සියනෑ කෝරළයේ උපත ලද කොළුවෙකි. හෙතෙම පවුලේ හතරවැනි පිරිමි දරුවා වූ අතර ඔහුට වැඩිමහළු වූ තිදෙනාද කොල්ලන්ම විය. කොළුවාගේ උපතින් පසුවත් පවුලට දවත් දරුවකු එක් වූ අතර ඒකාත් කොළුවෙක්ම වීම නිසා පවුලේ පිරිමි දරුවන්ම පස් දෙනෙක් විය...අක්කර පහක පමණ ඉඩම් කට්ටියක හිමිකරුවන් වූ කොළුවාගේ පියා රැකියාව පිණිස වරින් වර සිල්ලර වෙළඳාමත් ස්තීර ලෙසම වගාවත් කරනු ලැබූ පළාතේ කොයි කා අතරත් ගෞරවය දිනා ගත් හතර රියන් පුද්ගලයෙකු විය...විටෙක බොහෝම නිවී සැනසුන අයකු වූ කොළුවාගේ පියා තවත් වරෙක සැඩ පරුෂ චණ්ඩියෙක් විය. ගම් තුලානේ කිසිවකුටත් හිස නොනැමූ ඔහුට වෙළඳාම එතරම් පිහිටියේ නැතත් ගොවිතැනත් යන්ත්‍ර මන්ත්‍ර ආදියෙහි සුළු පිහිටීමකුත් විය... එවකට පමණක් නොව අදටත් ඔහුගේ නම ගම් තුලානේ පැරැණ්නන් හොදින් හඳුනයි. ඔහුගේ දරුවන්ගේ දරුවන්ටත් අද අහවලාගේ මුණුපුරාලා කියනා සැණින් හඳුනන තරමට නමක් ඇතිව දිවි ගෙවූ අයෙකි.

අපගේ කතා නායක කොළුවා අනිකුත් සහෝදරයින්ගෙන් තරමක් වෙනස් විය. ඒකා පොඩි එකා සංදියේ සිටම මවගේ වටාම කැරකැවෙමින් ජීවත් වන්නට හුරු විය..අනිකුත් කොළුවන් ගමේ ගොඩේ කොළුකුරුට්ටන් හා කෙලි සෙල්ලමට යන විටත් මේ කොළුවා කලේ සිය මවත් සමඟ ඇය යන යන තැන පස්සෙන් එල්ලී යාමයි.ඇය ළිඳට ගියද.. පොල් අතු වලට ගියද.. කොහිල ගාලට ගියද.. පලා නෙලන්නට ගියද කොළුවා ඇගේ සෙවණැල්ල මෙන් විය...

කොළුවා කුඩා කලදීම එක්තරා වන්දනා ගමනක් යන්නට අවස්ථාව සැලසිණී ඒ වන විට ඒකාට වයස අවුරුදු දහයක්වත් නොවීය..ගමන යෙදී තිබුනේ සිරිපාදේ යෑමටය... කොළුවා වන්දනා නඩයත් සමඟ ගියේ නොගිහින්ම බැරි කමටය..කෙසේ හෝ ගෙදරින් පිටත්ව ගිය පළමු ගමන නිමවා නැවත පැමිණී කොළුවාට එම ගමනටත් එහා ගිය අමතක නොවන සිදු වීමකට මුහුණ දෙන්නට සිදු විය.. ඒ ඒකාගේ පියාගේ වියෝවයි..සිරීපාදේ ගොස් පැමිණී කොළුවාට දැක ගන්නට ලැබුනේ යන විට ඉතා හොඳින් සිටි පියාගේ නිසල දේහයයි.. ඒ කොළුවාට පිට ලැබුන දෙවන අමතක නොවන අත්දැකීම විය...

එතැන් පටන් කොළුවා තව තවත් මවට සමීප විය.කෙල්ලන් නොසිටි නිවසේ සෑම දෙයක්ම සොයා බලා කලේ අපගේ කතානායක වන මෙම කොළුවායි...විටෙක අමුඩ කෙටියක්ද..තවත් විටෙක සරං කඩමාල්ලක් කෙටි වන්නටද හැඳගත් හෙතෙම සිය මවට උදව් උපකාර වෙමින් ගෙදර දොර වැඩ සියල්ලක්ම ඉගෙන ගන්නට විය..ගමේ පන්සලේ තිබූ රජයෙහ් පාඨශාලාවට අකුරු කරන්නට ගිය කොළුවා එය නිමවූ සැණීන් ගෙදර දුව එන්නේ නිවසට උවමනා වතුර ඇදීමට..ඉවුං පිහුං කටයුතු කරන්නට..දර සොයන්නට... පොල් අතු වියන්නට ආදී දෙයටයි.

පියා මිය ගිය දින පටන් මවත් සමඟ එකතුව වත්ත පුරා නොයෙක් බව බෝග සිටුවා වැඩි මහළු සහෝදරයින් දෙදෙනාට අධ්‍යාපන කටයුතු රිසි සේ කරගෙන යාමට සැලසීම කොළුවා බොහෝ කැමැත්තෙන් කල දේවල් විය වැඩි මහල්ලන් දෙදෙනා සහ බාලම සහෝදරයා ඉගෙනීමට දක්ෂයින් විය.. කොළුවාට කලින් ඉපදුන දරුවා හෙවත් පවුලේ තුන් වැනියාට බාල කලදීම හිසට පොල් ගෙඩියක් වැටීම නිසා ඔහු ආබාධීතයකු විය.එම අනතුරෙන් පසුව කිසිදාක හරි හමන් ලෙස ශ්‍රවණ තත්වයක් නොවූ අතරම වරින්වර කාලවලදී යම් කිසි උමතු ගති ලක්ෂණද පෙන්වන්නට වූයෙන් ඔහුද පවුලේ අයට විශාල බරක් විය.

ඉගෙනුමට දක්ෂ සහෝදරයින් තිදෙනාත්..ආබාධිත සොයුරාත් වෙනුවෙන් කරන්නට තිබූ සෑම දෙයක්ම නොපිරි හෙලා ඉටුකරමින් අපගේ කොළුවා ටිකෙන් ටික උස් මහත් වන්නට විය. ඇස් ඇස් සී පන්තියට ඉගෙනුම ලබන සමයේදීම හෙතෙම ගමට හැතපුම් හතරක් පරණ දුරින් පිහිටි සමූපාකාරයක අත් උදව් කරුවකු ලෙස සේවයට ගියේය. එය ස්ථීර රක්ෂාවක් නොවූ අතර එදිනෙදා ලැබෙන දෙයක් රැගෙන ගෙදරට පැමිණෙන කොළුවා හැකි විදියකින් ඉගෙනීමද ලැබීය.. අවසන ඇස් ඇස් සී විභාගය සාමාන්‍ය මට්ටමින් සමත් වන්නට ඒකාට හැකියාව ලැබිණී...
______________________

කොළුවාගේ මී ළග පිම්ම ළඟදීම බලාපොරොත්තු වන්න...
..................................................

(පොත් කොට ලියන්නට යැයි සිතා කරුණු ගොනු කොටගෙන සිටි කතා තුනෙන් එකක් මා විසින් අමු අමුවේම විනාස කරමින් සිටිමි...)

38 comments:

  1. මම අහන්න කැමතියි කවුද මේ කොළුවා? කියලා

    මෙකේ තව කොටස් තියනවා කියන හින්දා මම හිතනවා ඒ කොළුවා ගැන මටම හොයාගන්න හැකිවේවි කියලා .

    ඒත් විටක මට හිතෙනවා මේ කතාවේ කොළුවා උඹයි කියලත් ඒත් අයියා උඹට සහෝදර සහෝදරියෝ උන්නද ? අම්ම තාත්තා ගැන , උන්න පලාත ගැන මම වැඩි විස්තර දන්නේ නෑ නේ ,,

    කවුද මේ කොල්ලා ?

    ReplyDelete
  2. මම හිතන්නේ මාරයාගේ තාත්තා වෙන්ටෑ...වැරදිනං තරහ අවසර ඕං.....

    ReplyDelete
  3. මොකා වුණත් මාරයා නම් නෙමෙයි... නේද මාරයෝ...

    ReplyDelete
  4. එහෙමම හිතන්න එපා බං.. ඔහොම ලියාගෙන යන එකයි තියෙන්නෙ, පස්සෙ කාලෙක ආයෙමත් සංස්කරණය කරලා පොතක් ලියන්න බැරියැ..

    මාත් හිතනවා මාරයා මේ ලියන්නෙ තාත්තා ගැනයි කියලා..

    ReplyDelete
  5. හැබෑට මොකාද බන් මේ කොලුවා

    ReplyDelete
  6. අවසානයක් නැති කතාමලාවක ආරම්බයක් ද?.......

    ReplyDelete
  7. තාත්ත ඇඹරැල්ල එහෙම හදපු හැටි මතක තිබ්බ විදියට මේ තමංගෙම කතාව වෙන්න බෑ!

    ReplyDelete
  8. කවුරු ගැන උනත් මේ මාරෙ ගැන නං නෙමේ . . . .

    ReplyDelete
  9. මාරයා නම් නෙමේ කියලා දන්නවා,,,ඊලග කොටසම බලමු

    ReplyDelete
  10. උඹේ පෝස්ට් වල තිබ්බ ගොඩක් දේවල් කට පාඩම් වගේ බං මට
    ඉතින් මට උඹේ තාත්තව අඳුනගන්න බැරි නැහැ
    "මේ කියන කොල්ලා එයාගේ අම්මගේ හෙවනැල්ල වගේ හිටියා" කියලා කාගේ හරි කමෙන්ට් එකකට උඹ දීපු පිළිතුරකද කොහෙද තිබුනා.
    මට මතක විදිහට මේක තිබුනේ මාර සරණියට අයත් පෝස්ට් එකක.
    සහෝදරයෝ ගැනත් තව කොතැනක හරි ටික ටික තිබුනා.

    උඹ හිතන්න එපා උඹ ඒ කතාව අමුඅමුවේ විනාශ කරනවා කියලා.
    පොතක් ලියන්නත් කලින් ඒකේ අත්පිටපතක් ලියවෙන්න ඕනිනේ. ඒත් දැන් උඹට තියෙනවා අලුතින් ලියන්නේ නැතුව අමතක වෙච්ච ඒවා කරදරයක් නැතුව එකතු කරන්නත් පුළුවන් හොඳ අත්පිටපතක්. මේකේ වෙනම පිටපතක් කොහේ හරි තියාගෙන පොතේ අත්පිටපත වගේ පාවිච්චි කරන්න තියා ගනින්.
    උඹ ඒ අත්පිටපත තමයි මේ ලියන්නේ, ලියපන් සහෝදරයා දිගටම
    උඹට ජය...

    මමත් මගේ තාත්තගේ ජීවිතේ මම දන්නේ නැති අකුරු අහුලනවා මේ දවස් වල අම්මගේ මතක පොතෙන්. ඒ නිසා මම දන්නවා බං උඹ මේ ලියන්න හදන කතාවේ වටිනාකම.

    ReplyDelete
  11. හිතාගන්න අමරුයි කොලුව කව්ද කියල. මටත් හිතෙන්නෙ පියා ගැන කියල

    ReplyDelete
  12. හරියට කියෙව්වෙ නෑ, නිවී සැනසිල්ලෙ කියෝල බලන්න ඕනෙ.

    ReplyDelete
  13. (පොත් කොට ලියන්නට යැයි සිතා කරුණු ගොනු කොටගෙන සිටි කතා තුනෙන් එකක් මා විසින් අමු අමුවේම විනාස කරමින් සිටිමි...)

    දැන දැන කරන වරදට සමාව... :P

    අර කිව්වත් වගේ පස්සෙ පොතක් කරන්න ඉස්සෙල්ලා, කරුණු ටික ගොනු කරගන්න මේක උපකාර වෙයි.

    ReplyDelete
  14. මොකෙක් හරි හාල්පාරුවෙක් කොපිකැට් කර ගන්නට ඉඩක් තිබුනත්, බ්ලොගේ මේ ලිවීම පොත වඩාත් හොඳින් ලිවීමට උදවු වේවි. හරියට චිත්‍රකථා ටෙලිනාට්‍ය වෙනවා වගේ, බ්ලොග් සටහන් පොත් වලට හරවා ගැනීමේ අවුලක් නැහැනේ..

    ReplyDelete
  15. මං හිතන්නේ කොළුවව අඳුර ගන්න පුළුවන්...! අපිට කවදාවත් නොලැබෙන අත්දැකීම් ගොඩක්...!

    ReplyDelete
  16. පියා‍නෝ....

    ReplyDelete
  17. කියවලා බලමුකො ඉතුරු කොටස් ටිකත්..ඔව් මේ ලියවිල්ල මූලික පිටපත කරගෙන ලියන මහා පොත ලියන්න පුලුවන් තමයි...

    ReplyDelete
  18. මම නම් හිතන්නේ මේ උබේ සීයා. ඒ කෙසේ වෙතත් නැවතත් ඉතාම ලක්ෂණ කථාවක් ලියවෙන්නයි යන්නේ. බොහෝම අපූරුයි. (මලේ මම ඊයක් එවනවා ඒ ගැන කල්පනා කරලා කියන්න.)

    ReplyDelete
  19. මටත් හිතෙන්නෙ මාරයගෙ තාත්ත ගැන වගේ තමයි ලියල තියෙන්නෙ.
    මේකවත් දිගටම ලියහං.

    ReplyDelete
  20. කොළුවා කවුද යැයි සිතන්නට උත්සහ නොගනිමි.... අවසානයක් වෙනතෙක් කියවලම බලමු

    ReplyDelete
  21. ඔන්න ඔන්න .. තදියම් නොවී ලියමුකො පොත සහෝදරයා

    ReplyDelete
  22. කොටස් කීයක් තියෙයිද දන්නෙ නෑනේ.. :/

    ReplyDelete
  23. හ්ම්ම් ලියහන් පස්සෙ පොතක් කරන්න බැරිය ඔය තියෙන කොමෙන්ට් වල දේව්ලුත් උදවු කරගෙන.

    කතාව කා ගැන උනත් උඹ මේක ලියන්න පටන් ගත්තට ස්තූතියි මේ දවස් වල හරි හමන් ලියවිල්ලක් නෑ හම්බ උනේ කියවන්න.............

    ReplyDelete
  24. හරි අවසානේදී නියම වයස හෙලි වුනා. :D

    එක්දහස් නවසිය තිහේ දසකයේ මැද භාගයේදී සියනෑ කෝරළයේ උපත ලද කොළුවෙකි.

    (මේ කථාවක් නං චරිත කවුද කියලා හොයලා වැඩක් නැහැ. කථාවක් නොවෙයි නං මේ අයියාගේ තාත්තා වෙන්න ඇති)

    ReplyDelete
  25. අනේ අයියේ පොතක්ම ලියන්නකෝ...හොද කතාවක් වේවි මේක.

    ReplyDelete
  26. මාරෙ කලින් දවසක විස්තර කරපු තාත්තා හදන කැබෙල්ල දලු මාලුව හෙම තාත්ත හදන්න ඉගෙන ගන්න ඇත්තෙ ආච්චි වටේ කැරකි කැරකි හිටපු හින්ද වෙන්න ඇති...

    පොත ලියන්න බ්ලොගේ උදව්වක් මිස හානියක් වෙන එකක් නෑ... මොකද තනියම පොතක් ලියගෙන ලියාගෙන යන කෙනෙකුට නැති වාසියක් බ්ලොගර් කෙනෙකුට තියෙනව... හොඳ ශාප් කියවන්නො ( හුඟක් බ්ලොගර්ස්ල හොඳ කියවන්නො කියලයි මට හිතෙන්නෙ )කීප දෙනෙකුගෙ අදහස් දැන ගන්න ලැබෙන එක... ඒකෙන් පොත ලියන වැඩේට උදව්වක් වෙයි...

    ReplyDelete
  27. කොළුවා මොකෙක් වුනත් කමක් නෑ. හැබැයී ඉතිං කොළුවා එක කොටහෙන්ම ඇස් ඇස් සී කොරා කියන්නේ කොළුවා ගහන කරනම් සේරම ගහනවා ඇත්තේ මෙතනින් පස්සේ වෙන්න ඕන.
    එව්ව ලියනකල් අපි බලන් ඉන්නවා.

    ReplyDelete
  28. //(පොත් කොට ලියන්නට යැයි සිතා කරුණු ගොනු කොටගෙන සිටි කතා තුනෙන් එකක් මා විසින් අමු අමුවේම විනාස කරමින් සිටිමි...)//

    නලිනි චන්දිමා ඒවාට සමාව දුන්නට මමනම් සමාව නොදෙමි.

    …ජයන්ත චන්ද්‍රසිරි "දඩුබස්නාමානය" කියා ටෙලියක් කලෙය. ඇත්තටම නාට්‍යයක් ලෙස ඔහු සාර්තකය ඒත් එම තෙමාව, ඔහු ඒක කෑවෙය නැත්නම් අමුවෙන්ම අනුබව කලේය.

    එය ටෙලියක් නොව චිත්‍රපටයක් කිරීමට තිබූ තෙමාවකි. එය නිපදවූවාට පසු 2000 වසරෙ Golden Globe සම්මාන උලෙලේ හොඳම විදෙශ චිත්‍රපටයට හිමි සම්මනයද ඇකඩමි සම්මන උළෙලේ හෙඳම විදෙශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානයද හිමි කරගත්තෙ Crouching Tiger, Hidden Dragon චිත්‍රපටයි. මටනම් හිතෙන්නෙ ඒක දඬුබස්නාමානය අනුසාරයෙන් නිපදවූවක් බවයි. (එසේ නොවුනත් එය වීමටත් ඉඩකඩ නැතුවා නොවේ.)
    ඒ අතින් බලන කල එම වරදම මාරයා කරන්නෙ නම් පාඨකයෙකු ලෙස ඔබ අපට කරන්නෙ දැඩි වරදකි.

    ReplyDelete
  29. ආයේ අහන්ඩ දෙයක් ඇතෑ මේ ලියවෙන්නෙ අප්පච්චිගේ කතාව........ නැත්තන් මුනුපුරා වෙන්ඩ විදිහක් නෑ නොවැ........... ,
    මං අකමැතිම වැඩේ ඔය හොදට ලියපු කතා විනාශ කිරීම ඉවසීමෙන් ලීවනං නරකද ?

    ReplyDelete
  30. අයියා පොත ලියන එකනම් අත ඇරලා දාන්න එපා ඔන්න, මේකෙන් ගැම්මක් අරන් ඒකත් ලියලා දාන්න

    ReplyDelete
  31. කවුද අයියේ මේ "කොළුවා"?

    ReplyDelete
  32. කොළුවා කව්ද කියලා මාරයාගේ හෝරාව කියවපු එකෙකුට හොයා ගන්න අමාරු නැහැ....මේ මාරයාගේ පියා ගැනනේ...

    ReplyDelete
  33. ඉවසගෙන කියවන් යං

    ReplyDelete
  34. 'මාරයාගේ හෝරාව" මම හැමදාම කියවන බ්ලොග් එකක් ...එත් අද තමඊ comment කලේ ...දැන් සිංහල typing ටිකක් පුළුවන් නිසා!

    ReplyDelete
  35. කියවන්න ආස හිතෙන කතාවක් පොඩ්ඩක් අගේ කරලා නේද අපිට ඒක කියන්නේ. මේ කවුද කොලුවා ??

    ReplyDelete
  36. කොළුව කවුරු වුනත් කමක් නැහැ. පරිස්සමෙන් හොඳ සිහියෙන් ඉවසීමෙන් ලියමු.

    ReplyDelete
  37. කිරිකොසුත් උයන්ඩ දන්න එකේ, මම නම් කියන්නෙ මේ මාරයාගේ ස්වයං චරිතාපදානයම තමා. ඔය කියන කොළුවත් උයන්ඩ හපනළු නේද ?

    ReplyDelete
  38. අපොයි වෙන්ඩ බෑ.. දැනුයි හරියට දැක්කේ.. මාරයට එච්චර වයස වෙන්ඩ බැහැ නේද. ඉහත ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා.

    ReplyDelete