25 November 2011

අනාගතය වෙනුවෙන්...අළුත් බ්ලොග් අඩවියක්...

කතා කරන්න දෙයක් නැහැ පුදුමාකාර සතුටක් දැනුන මොහොතක්... දැන් කාලෙක ඉඳන් බල බල හිටිය දෙයක් ඔන්න යාන්තං හරි ගිහින්..කොටින්ම කිව්වොත් මං දන්න කියන මල්ලි කෙනෙක් බ්ලොග් අඩවියක් ආරම්භ කලා... මං හිතන්නේ අදට වඩා ඉදිරියේදී මේ ගැන කතා කරන්න බොහෝ දේවල් අපට තියේවී...


හදවත පතුලෙන්ම සුභ පැතුම් මල්ලියේ... මීට වඩා කියන්න දෙයක් නැහැ...ඉතිරි ටික කියන එක උඹට බාරයි.බලවත් හතුරන්ට වඩා මෝඩ මිතුරන් තමා හා එකතුව අන් අය හා වාද කරන්නට යාම උඹටත් විපතක් වෙන්නට පුළුවන් හින්දා මං සද්දේ වහලා ඉන්නං..ඒත් හැමදාමත් උඹත් එක්ක මාත් ඉන්නවා...

කාලෙකට කලින් "පොෂ් වෙන්නේ කොහොමද" කියලා කියා දීපු ලිපියක් අන්තර්ජාලය හරහා අපි හුග දෙනෙක් කියෙව්වා මතක ඇති..මමත් ඒ ලිපියට ඇති වූ කැමැත්ත මතම දින කිහිපයක් මගේ බ්ලොග් එකෙත් එහි හිමි කරුවාගේ අවසරය මතම පල කරන්නට යෙදුනා..එය රස විඳ ඇති අය වේ නම් ලේඛනයෙහි හා අදහස් පල කිරීමෙහි ලා ඔහුට එම ලිපියේ හිමිකරුට ඇති අපූරු හැකියාව තේරුම් ගොස් ඇති.. මේ වෙන කවුරුවත් නොව මෙම බ්ලොගයේ හිමිකරුයි...

25 comments:

  1. අප්පා...එයා ලියන්නේ හෙන බැරෑරුම් දේවල් ගැන නේද..මට නම් තෙරෙනේන්නෙත් නෑ වගේ

    ReplyDelete
  2. බය වෙන්න එපා ඩීප්ස්...:D:D:D
    ඔය පටන් ගත්තා විතරයි..ඉස්සරහට අපේ ඔළු වකූර් කරනවාට සැකයක් නැහැ...

    ReplyDelete
  3. හොඳ බ්ලොහ් එකක් වගේ පේනවා..හැබැයි කොමෙන්ට් කරන්න ඉස්සර කියවන්න ඕන...කියවන්න ටිකක් නිදහස් වෙලාවක් ලැබෙන කම් ඉන්න ඕන...

    කිරිකොස් සහ කට්ලට් අතරට ඉඳලා හිටලා මේ වගේ දෙයක් දාන එක හොඳයි..

    අඩෝ..කව්ද යකෝ උඹට ඉන්න බලවත් හතුරෝ..
    මිතුරන් ගැන නොඅසමි.

    ReplyDelete
  4. මමත් ගිහින් කියෙව්වා
    ස්තුතියි මාරයා...

    ReplyDelete
  5. ඕකේ අයියේ ගිහින් බලන්නම්....

    ReplyDelete
  6. පිං සිද්ද වෙනවා මාරෙ අයියා, අපිටත් හිතට එන දෙයක් මිනිස්සුන්ට කියා ගන්න පොඩි ඉඩක් අරන් දුන්නට...මේ කරන පොඩි වැඩේ කවුරුත් ඉවසීමෙන් බලලා අපෙත් වැරදි ඇතොත් හදා දෙන මෙන් ඉමහත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා...හැමෝටම ස්තූතියි...!

    ReplyDelete
  7. amma gahai kiwwalu aiya supirima akak thama mn aka hamadama hari kiyawanawa

    ReplyDelete
  8. මගේ අවංක අදහස ...අපි වැනි හුදී ජනයාගේ පහසුව පිණිස තව ඩිංගක් සරල කලා නම් අගෙයි . නිකන් යෝජනාවක් විතරයි . කමෙන්ටු දාන්න පැහැදිලි මදි . තවම සේරම කියෙව්වේ නම් නැහැ . මේ දවස්වල වල ටිකක් බර පතල දේවල් කියවන්න අමාරුයි . [ නැතුව අපිට ඕව තේරෙන්නේ නැතුව නෙමේ ..DD ]...
    සුබ පැතුම්

    ReplyDelete
  9. හපුච්චෝ ඒක කියවන්න බැරියෝ
    බර වැඩියෝ

    ReplyDelete
  10. ඔව් චානකයි බින්දියි කියන විදිහටයි මටත් දැනුනේ
    ඒත් ඒක අපේ ප්‍රස්නයක් කියලත් හිතේ
    පොඩ්ඩක් කෙටි වුනානම් කියවන්න හිතේවි මට
    පතරංග ගතිය වැඩි වුනහම ලියන්නාටත් කියවන්නාටත් ඉක්මනින් හති වැටේවිද?
    හිතුනු දේ ලිව්වා - හැමෝටම සාධාරණ නොවෙන්ට පුලුවන

    ReplyDelete
  11. පලමුව මෙය අවස්ථාවක් කර ගන්නවා නැවතත්, "ඔබ තමයි මාවත් බ්ලොග් ලෝකයට හඳුන්වා දුන්නේ", එයට ස්තිති කිරීම මා කර ඇතත් මෙය ඒ පිළිබඳ මතකය අලුත් කරනවා.

    ඒ බ්ලොගය සටහන් කොට තබා ගමි එය මවිසින් කියවා එහි කමෙන්ටුවක් දමන්නම්.

    ReplyDelete
  12. මේ ලේඛකයාගේ අදහස් ගොඩක් මූණු පොතට සීමා වෙලා තිබුණේ... බ්ලොග් එකක් නොලියන බව දැනගත්තට පස්සේ මම මූණු පොතේ ඇඩ් කරගත්තා ඔහුගේ අදහස් කියවන්න ඇති කැමැත්තට...

    මේ බ්ලොග් කරුවාගේ අදහස් එක්ක ගැලපෙන්නෙ නැති වුණත් තවත් මේ වගේ අලුත් බ්ලොග් එකක් තියෙනවා... ඒකටත් මෙතනම ප්‍රචාරයක් දෙන්නම්...

    voice of thambu

    ReplyDelete
  13. ඒක මරු! ඒකෙ තියෙන කාලය හරහා යෑම කියෙව්වද? සුපිරි!!!

    ReplyDelete
  14. බැලූ බැල්මට හොද බ්ලොග් එකක් වගේ අයියා.ඒත් පොඩ්ඩක් දග වැඩියි වගේ ලිපි.වෙලාවක් අල්ලගෙන නිවීසැනසිල්ලේ කියවන්න ඕනෙ.

    ReplyDelete
  15. හැමෝම එක විදියට ලියන්න ඕන නැහැ මේ අපි කිව්වට . විවිධ පරාසයන් තියෙන එක හොඳයි

    ReplyDelete
  16. මමත් බැලුවා. තෙරුන් නැහැ වගේ ඒවා. :((

    ReplyDelete
  17. මමත් කියවුව link එක දිගේ ගිහින්. නියමයි කාල තරණය සුපිරි ලිපියක්. ආතර් සි ක්ලාර්ක් ගේ පොතක් කියෙවුව වගේ.
    තැන්කු මාරයෝ.

    ReplyDelete
  18. ම‍යි ගෝට්.. ටූ කොම්ප්ලෙක්ස් ෆොර් මී ටූ අන්ඩස්ටෑන්ඩ් ද බස් ඉස්ටෑන්ඩ්.
    ඩිංගක් සරල උනානම් ඕකේයි වගේ.. මම හිතන්නෙ, හ්ම්.. අනේ මන්දා... ඔය නොදන්න මඟුල් :)

    ඩී.

    ReplyDelete
  19. ගොඩක් වැදගත් වෙන දේවල් එකේ තියෙන්නේ

    ReplyDelete
  20. කියවන්න කලින් ගොඩවුනු ගමන් ම හොදයි කියා ඇගට දැනුනා කිවූ පසු මොලේටද ඒ රස දැනේවී කියා සිතනවා කියවලා බලලාම කියන්නම් කෝ ඔන්න මම කියවන්න යනවා :D

    ReplyDelete
  21. අයියා මේ යාළුවාගේ ෆෙස්බුක් අඩී එක දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  22. ανε ματαναμ μελό μαγυλακ θερυνναθώ.. τικακ κιυεωωα.. ολυωα καρακεεγενα ένα νισαα νιώαλαα δαμμα...

    ReplyDelete
  23. මේ ලේකයා ගැන ඇත්තටම බීටල් කියල තියෙන දේ හරි... නියම වැඩක් මාර අයියෙ... කට්ටියට කියපු එක වටිනව.. මනම් ඕක කලින්ම බැලුවා...

    ReplyDelete