28 November 2011

පුළුවන්නං හඳුන ගන්න...

දැන් මෙහෙම හිතන්නකෝ..
ඔන්න අපි ඉන්නවා..අපි කිව්වේ අපි.. ඒකියන්නේ අපි හොඳද..

ඒත් අපි කිව්වට එතනින් කියවෙන්නේ මං..ඔයාලටනං ඔයාලා හරිනේ දැන් තේරුනානේ..

ඉතිං අපි මෙහෙම ඉන්නකොට නිකංම ඉන්නේ නැහැනේ මොන මොනවා හරි කර කර මේ සමාජේ ඉන්නවා.. ඒ ඉන්නකොට අපිට යම් යම් වෙලාවල්වලදී කාගෙන් හරි උදව් ඕන කරන වෙලාවල් තියෙනවා.. ඒ වගේම යම් යම් අය දැන අදුරගන්නත් ඒ අය එක්ක ආස්සරය කරන්නත් වෙනවා..

ඒත් ඒ අදුරගන්න අය හැමෝම අපිත් එක්ක හිතවත් වෙන්නෙත් නැහැනේ..සමහරු ඔහේ ඉන්නං වාලේ ඉන්නවා..සමහරු හොදින් ඉන්නවා වගේ ඉදන් හෙන ගේම් දෙනවා..තවත් සමහරුනං හොයලා බලලා උදව් කරනවා..සමහරු අපිට එක එක දේ තෑගි කරනවා.. ඔන්න ඔහොමයි කතාව...

......................................

හරි අපි හිතමුකෝ අපි ගමේ ඉද්දි අපිට දැන අදුරගන්න වෙන සුවිශේෂී කට්ටිය...

පන්සලේ හාමුරුවෝ..ගමේ වෙද මහත්තයා..ඉස්කෝලේ විදුහල්පති තුමා ගුරුවරු වගේ අය..තැපැල් මහත්තයා..ගිරාම සේවක.. පත්තර බෙදන කෙනා.. ඔය වගේ එක එක අය ඉන්නවා අපට දැන අදුරගන්න වෙන..

ඉතිං ඔය අඳුර ගන්න අය අතරේ ඉන්නවා සමහර විට ගමේ ඉන්න චණ්ඩි වගේ අය..එතකොට එක එක ජාතියේ කස්ට පොරවල්... ඉතිං ඔය කොයි කෙනාත් අපිට වැදගත් වෙන වෙලාවල් තියේ...

දැන් බලයි හැබිචෝල් පොරවල් අපට මොටෝ කියලා.. ඒත් එහෙමමත් බැහැ එහෙම උන්වත් දැන හදුනගන්න වෙනවා...

දැන් හිතලා බලන්නකෝ හදිසියේදී හරි අපිට කාගෙන් හරි කොක්කක් ඇදෙනවා... කන එක ෂුවර්ම තමා... ඉතිං අපිට මේකට තනියම බහින්නත් බැරිනං අපිට සිද්ධ වෙනවා දන්න කියන කෙනෙක්ව මේකට හෙල්ප් එකට අල්ල ගන්න...

දැන් මේක පස්ට වලියක්..නිකං පුංචි පහේ ගේමක් නෙවෙයි...ඉතිං අපි කාවද මේකට අල්ලගන්නේ..?

යාළුවෝ ටික..ම්හ්..උන්ටත් කන්ට්‍රෝල් නැති අසප නඩයක් එක්කනං ගේම සෙට් වෙලා තියෙන්නේ උන්ගෙන් මේක පිරි මහ ගන්න අමාරුයි... ඉස්කොලේ මහත්තයා..මොන විකාරද..උන්නැහේ එක්ක ගිහින් අර නෙලන්න ඉන්න පෝරිසාදයින්ට ගණීතය විද්‍යාව උගන්නන්නද..?
හාමුදුරුවෝ..?......අරුං බණ අහන උන්නං හොඳයි එහෙම නොවුනොත්...

ගිරාම සේවක..?.........එවෙලෙටනං ෂේප්..ඒත් පස්සේ නෙලයිද කවුද දන්නේ...

ඔන්න ඔය වගේ වෙලාවට තමා හන්දියේ බෝක්කුව උඩ ඉන්න පච්ච ගුණේ අයියා එක්ක පොඩි ෆිට් එකක් තිබ්බනං හොදයි කියලා හිතෙන්නේ...ඒමනං පොරට කියලා අරුංට පොඩි සද්දයක් දාතහැකි..කවුද කැමති එහෙම බුවෙක් බැස්ස ගේමක් ඇදං යන්න...නිකං දැළිපිහි පාරවල් කන්නේ අහවල් එකටද..වැඩේ ෂේප්..

ආන්න ඒකයි උන්දලත් ඉන්න ඕන කියන්නේ...හදිසියකට ලොකු පෝරියලක් සෙට් වෙච්ච වෙලාවට ඔය අර්තෙන් දර්මෙන් දෙන අයවැඩක් නැහැ..ඒකට ඉන්න ඕන ඒකට හරියන බුවාලා.. පැහැදිලියිනේ...
..............................

එතකොට අපි එහෙම ඩස්ප පොරවල් එක්ක ෆිට් එකේ ඉද්දී උනුත් අපෙන් කීයක් හරි ඉල්ල ගන්න වෙලාවල් තියෙනවා...නොදී බැරි හින්දා හරි පස්සේ එක දෙක කරලා ලැබෙයි කියලා හරි හිතලා අපිත් දෙනවා.. ඒ විතරක්ද උන්දලත් සමහර විට හිත සංතෝස වෙච්ච වෙලාවක එක එක දේවල් දෙනවා. ඔය අර්තෙන් දරුමෙන් දෙන අය වැඩි හරියක් දෙන්නේ තවුසන් ටෝක්නේ... ඉදලා හිටලා ඕනනං ඔය කොපි පොතක් පැන්සලක් බණ පොතක් දෙයි.. ඕනනං කෑමක් බීමක් දෙයි... බෙහෙත් ටිකක් දෙයි..නැතිව නෙවෙයි..ඒවත් යහපත් දේවල් ජීවිතේට...

ඒත් ඒ වගේ දේවල් නෙවෙයි අර පොරවල් අපිට දෙන්නේ..හොරෙන් උස්සපු නිධානෙකින් ගත්ත භාණ්ඩයක්...හොරකං කරපු ඒවයින් උනත් මිල මුදලක්.. යම් යම් ආකාරයේ වටින කියන දේවල්...එහෙමත් නැත්තං අහල පහල උන්ටත් පෙන්නලා ටිකක් බය කරන්න පුළුවන් ජාතියේ ආයුධයක්..ඒ විතරක්ද සමහර වෙලාවට අඩියක් පුඩියක් ගහලා කාලා බීලා නටලා ජොලියක් දාලා යන්න පුළුවන් තැනකට සෙට් කිරිල්ලක්..
සමහර විට ඉස්කෝලේ විභාගේ කටේ තියලා පේපර් එකක් එහෙම උස්සලා දෙන්නත් බැරි නැහැ... එහෙම පොරවල් සෙට් උනාහම කරන්නේ නැති දෙයක් නැහැ..ඕනනං පේපර් බලන උන්ට තග දාලා ලකුණු ටික වැඩි කරලා හරි දෙන්නත් ඇහැකි..

ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවල්වලට එහෙම අස්ප ඩයල් එක්ක ගියාම ඔය ගෑණූ පරාණ හිටං සෙට් වෙනවා..මොකද උන් යන්නේ එහෙමත් ගෑණූ ගාවටනේ..සිංහලෙං කිව්වොත් කංසැප හිටං සෙට් වෙනවා ඔහොම පොරවල් එක්ක ලගින්න ගියාම...හොඳ හෝ වේවා..නරක හෝ වේවා ඒවා තමයි උන්ගෙන් අපිට ලැබෙන දේවල්..මොකද ඉතිං උන් දෙන්නේ උන් ගාව තියෙන ඒවානේ..එහෙම නැතිව අර්තෙන් දර්මෙන් දෙන්නයෑ...

ඉතිං ඒ විතරක් නෙවෙයි හැබැයි ඔහොම බුවාලා ආස්සරේ කරන්න ඕනත් පරිස්සමට..ඒ ඇයිද කියලා කිව්වොත් හිතන්නකෝ පන්සලේ හාමුරුදුරුවෝ අපිත් එක්ක තරහා උනා කියලා.. ඒත් කවදාවත් එන්නේ නැහැනේ කියා දීපු බණ ආපහු ඉල්ලන්න...එහෙමත් නැත්තං දහං පාසලෙන් දීපූ සහතික උදුරං යන්න..

ඉස්කොලේ මහත්තයා එයිද ගියපාර පලවෙනියා වෙච්ච වෙලේ දීපු තෑගි කට්ටලේ ඉල්ලගෙන..එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්..මොකද උන්දලා දැන උගත් සීලාචාර උදවිය...

ඒත් පුතෝ මෙහෙම ඩයල් ආස්සරේ කරන්න ගියාම සහ උන්ගෙන් උදව් ගත්තට අපි ටිකක් පරිස්සමෙන් ඉන්න ඕන..මොකද කොච්චර හොඳින් හිටියත් පොඩ්ඩ ගැස්සිච්ච ගමන් බඩුම තමා..සමහර විට ඇවිත් දුන්න දේ උදුරං යනවා විතරක් නෙවෙයි පිහි පාරකුත් දීලා යන්න පුළුවන් තෑග්ගක් හැටියට..

ආන්න ඒ හින්දයි එහෙම බුවාල එක්ක ආස්සරේ කරන එක ලේසි නැත්තේ.. එහෙම බලාගෙන ගියාම උන්ගෙන් ගන්නවට වඩා හොදයි නොගෙන හිටියනං කියලත් හිතෙන්ට ඇහැකි.හැබැයි අමතක කරන්නට එපා කලින් කිව්වා වගේ දෙන්ට ගත්තමත් අපේ හිත පුරෝලා දෙන්ටත් උන් දස්සයෝ..මොකද උන්දලා ගාව තියෙන දේවල් ලේසියෙන් නුදුන්නට අර ඉස්කෝලේ මහත්තුරු ගාව තියෙන දේවල්වලට වඩා සාමාන්‍ය පෘතග්ජනයෝ වෙච්ච අපිට හිත යන දේවල් තමා එහෙම බුවාලා ලග තියෙන්නේ...එව්වාට අපේ හිත යනවා වැඩී... අර හොඳ අය අපිට දෙන දේටත් වඩා...

....................................

ඔන්න කතාව ඉවරයි...
හෙනහුරා..අඟහරුවා..එතකොට රාහුවා එහෙම අඳුරනවද ඔය අය..?

40 comments:

  1. මං එක. ලකියෝ හූ හූ හූ.

    ReplyDelete
  2. අදනං යන්තං දෙකද කොහෙද?

    ReplyDelete
  3. මෙහෙමයි,
    ඔය ඉතින් ඔය ගති ටික ටික අපිටත් බෝවෙන්නෙ නැද්ද ආයිබෝං. ඊටවඩා හොදයි නේද හොද පැත්තට විතරක් සෙට් වීලා සිටින එක. වැඩිපුර දේවල් වලට වැඩිය හිත යන්නෙත් නැත්තං. මං කිවේ බෝතලේට,කං සැප වලට හේම.

    අමිල

    ReplyDelete
  4. මාරයටත් කවුරුහරි හෙන ගේමක් දීල වගෙයි.
    නැත්තං බෝතලේකට හරි කං සැපකට හරි සෙට් උනාද?

    දැන් මේකෙ කොමෙන්ට් දාන කට්ටියට තරගයක් තියෙනවද බං.

    ReplyDelete
  5. ඔන්න මමත් මුලට ආවා

    ReplyDelete
  6. ඇයි මාර අයියේ ගේමක්ද??? මට නම් ඔය ඕන හෙනහුරෙක් අඟහරුවෙක් එකයි..... හෙනහුරා මාරු වෙන්නේ නැත්තම් මාරු කරන්නත් අපි දන්නව....:D

    ReplyDelete
  7. සම්පූර්ණ ඇත්ත කතාව. මමත් ඕක හොඳට අත් විඳලා තියනවා. පුලුවන් තරං දෙපැත්තම ෂේප් එකේ තියා ගන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. ගොඩයාමක් නෑති තැනකදි නම් ශේස් වෙන එක තමයි හොඳම...

    මොකක්ද ඉතිං මේක කියන්ට හේතුව.....

    ReplyDelete
  8. ෂික්..මහ අසභ්‍ය දේවල්නෙ ලියලා තියෙන්නෙ....මට තේරුනේම නැහැ...හිටපිය මම ගෙදරටම ඇවිත් තේරුම අහගන්න...

    ප/ලි.

    ලැජ්ජ නැද්ද මන්දා මේ වගේ පොස්ට් වලට මුලින්ම කොමෙන්ට් කරන්න.

    ReplyDelete
  9. ගින්දර කෑවානම් අඟුරු රෙන්න වෙන්න බව දැනන් ඉන්න එපැයි බන් . . .

    දැන් බොලා කියන්නේ මොකෑ . . ?

    පොරවල් ආස්සරේ කොරනකොට පරිස්සමින් ආස්සරේ කොරපල්ලා කියලද?

    ReplyDelete
  10. එහෙම කංසැප ලැබෙන්න ග්‍රහයෝ සෙට් වෙන වෙලාවලුත් තියෙනවද..? අපරාදේනේ කේන්දර පෝස්ට් උඩින් පල්ලෙන් බැළුවේ මෙච්චර කල්...

    ReplyDelete
  11. මාරයටත් හොඳ පෝරියලක් සෙට්වෙලාද කොහෙද අනිත් අයටවත් ජාම බේරගන්න උපදෙස් ටිකක් දීලතියෙන්නෙ.....

    ReplyDelete
  12. අපිනම් ඉතින් ගැහැණු ළමයිනේ,, ඕවට නැහැ .. හරිම නිවිච්ච උදවියනේ :)))

    ReplyDelete
  13. කරකවලා දීලා තියෙන්නේ ජොතිශ්ය පාඩමක් (ද ත් මන්දා?)

    සෙනසුරු, අගහරු, රාහු

    අප්සට් උනාට දෙන වෙලාවට අත පුරොලා දෙන්නේ.
    (හරිද මන්දා...)

    ReplyDelete
  14. මේක පොඩි ජොතිශ්‍යය පාඩමක් වගේ.....

    ReplyDelete
  15. අනිවා....අනිවා.... හැම එකාම ඕනෙවෙනව.. පරිස්සමට.. හැමඑකාම..

    ReplyDelete
  16. මට පේන්නෙ රාහුව එල කොල්ලෙක් වගේ..... අර අන්තිම හරියෙ කනෙං සැපදෙන කතාවකුත් කිව්වෙ.....ඒ..... මාරය්යෙ.... මට ඕකව සැට් කොරල දෙන්න බැරිය...?

    X-Porter

    ReplyDelete
  17. අනේ මංදා... මේක ඇතුලෙ ලොකු අභ්‍යන්තරයක් තියෙනව වගේ... දැනට මොකුත් නොකිය ඉඤ්ඤං...

    ReplyDelete
  18. ජ්‍යෝතිෂ පාඩමක් නේද :D හොඳටම වැදුනා!

    ReplyDelete
  19. ආ... රාහුව නෙමයි හෙනහුරා ද..? මොකාද මං දන්නෑ මට ඕව මඤ්ඤං....... මොකා හරි අර කනෙං සැප දෙන එකා..

    X-Porter

    ReplyDelete
  20. අයියේ ගැහුවයි ...!කවුරුවත් ?.

    ReplyDelete
  21. ලේබලය ජ්‍යෝතිෂ්‍ය කියන එක සමහරුන්ට පෙනිලා නැතුව වගෙයි. 'අඟහරු' තමයි චන්ඩියට උපමා කරලා තියෙන්නේ. 'අපි' කියන එකෙන් උපමා කරලා තියෙන්නේ ෆොන්සේකව. අඟහරුගේ රුචක යෝග බලෙන් ඉහලටම ගිහින් අඟහරු නීච උනාම හිරේ විලංගුවේ වැටුන. මන් හරිනේද?

    ReplyDelete
  22. කංසැප කියන එකේ තේරුම මොකද්ද?

    එක එක ගැන්සි බෝයිස්ලා පස්සෙ දුවන්ට කාරි නහැ එදිනෙදා වැඩ පිලිවෙත සහ ආස්සරය ඕකේනම්. අතින් පයින් නැතුව ඔළුවෙන් සාදාරනය සොයන මිතුරන් තෝරා ගන්නේනම් යහපත්ය. (Prevention is better than cure)

    ඩී.

    ReplyDelete
  23. හික්z
    සෙනසුරා ඒරාෂ්ඨකේකුයි රාහුවා මහ දශාවකුයි දීල තියෙන්නෙ පහුගිය 15 ඉඳන් ඉස්සරහට අවුරුදු 8ක් කකා බිබී ඇවිද ඇවිද ශපාන් එකේ හිටපන් කියල. මාරයෝ පොඩ්ඩක් බලල දෙන්න බැරිද අඟහරුවත් මට මක්ක හරි දීලද කියල ?

    ReplyDelete
  24. දැන් මාරයා අයියා කොහොම ඩයල් එකක් ද?.මන් දන්නේ නැති නිසයි ඔන්න ඇහුවේ ඈ

    ReplyDelete
  25. සොයි.. ජෝතිෂ්‍යය පාඩම.

    අඩේ.. මාත් හන්දියේ බෝක්කුව උඩ ඉන්න පච්ච ගුණේ අයියා එක්ක පොඩි ෆිට් එකක් තියාගන්න ඕන.

    ReplyDelete
  26. හක හක .. ඔය කං සැප වැඩි උනාමනේ සැප කනේ කියන්නේ..

    ReplyDelete
  27. හප්පෙ මටනම් ආඩතෝඩයි පැනඩෝලුයි වගෙ

    ReplyDelete
  28. ඒ කියන්නෙ ඔය කුජ සෙනසුරු රාහු නිකන් පච්ච ගුනේ වගේ කියල නේ.....හොඳට හොඳයි, නරකට ඊටත් වඩා හොඳයි...... මම හරි නේද....??

    ReplyDelete
  29. "එතකොට එක එක ජාතියේ කස්ට පොරවල්..."

    උඹ හින්දනේ බං අපේ උන් කෑම ගැන පෝස්ට් කියවන්නේ.....

    ReplyDelete
  30. අඩෝ.. මාර අයියේ... මං දැන් ලංකාවේ.... පොඩි උදව්වක් ඉල්ලා ගන්ඩ තියේ... 0778988662 ට මැසේජ් එකක් දීපන්...

    ReplyDelete
  31. සැඟවුණු අර්ථයක් තියෙනවා වගේ තේරෙන නිසා වැඩිය මුකුත් නොකිය ඉන්න එක ඇඟට ගුණයි
    ඒ උනාට අර කිව්ව ජාතියේ උදවිය ආස්සරේනම් පරිස්සමෙන් කරන තරමට හොඳයි, නොකර ඉන්න පුලුවන්නම් ඊටත් වඩා හොඳයි :)

    ReplyDelete
  32. අලේ..මාරේ මම මේ ග්‍රහයන්ගේ තරම හොදට අත්දැකල තියෙනවා..ගෙවෙන්නෙ රාහු..ඌ කදිම පොරක් ඕ0..ඉදිරියටත් අවුරුදු 3ක් තියේලු..ඒත් මේ හෙනහුරා ගැන නම් තාම හරියට හිතා ගන්න බෑ ...

    කුරුම්නියා.

    ReplyDelete
  33. ඒකනේ අපේ රජතුමා ඔය දුමින්දලා, මර්වින්ලා තියාගෙන ඉන්නේ...මොකද වලියකදි හෙල උරුමේ හාමුදුරුවන්ගෙන් වැඩක් තියෙන්වද?...හබයි මාරයා ලියලා තියෙනව වගේ මෙගොල්ලො දුන්න දේවල් ඉල්ලගෙන නම් එන්නේ නෑ....පොඩි පොඩි උදව් තමයි ඉල්ලන්නේ....ඔය නිකං මිනී මරලා නඩුව ශේප් වෙනකන් රට යන්න වගේ පොඩි උදව්!!!!

    ReplyDelete
  34. බල්ලොත් එක්ක බුදිය ගත්තොත් නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක.









    [ඔය ඕනයව එහෙම ආශ්‍රේ කොරන කට්ටිය දන්නව]

    ReplyDelete
  35. තේරුනේ නැද්දත් මන්දා...????

    ReplyDelete
  36. හැම ෆ්‍රෙඩාම වැදගත් මචං ....!

    ReplyDelete
  37. උඹට මගෑරිලා "බ්ලොග් ලියන කට්ටිය"

    @ඔබ්සර්වර්:
    අම්මප මම ඒත් කල්පනා කොලා මගෙ කිහිල්ල එහෙම අමුතු විදියට කසද්දි . . . සක් එදා ඔබා අයිය බිම වාඩිවෙලා දකුනු කකුලෙං කන කහද්දි මට ඔය ටික තේරුනේ නෑනෙව . . . .

    ReplyDelete
  38. රයිටෝ..ඔන්න ආවා උත්තර බඳින්න..ඒත් මේ තියෙන පුරස්න වලට උත්තර බැඳීම ලේසි පහසු නැහැ...කට්ටිය හිතු හිතු අතේ ගෙහුන් නෙව...

    ඒත් වරද්ද ගන්ට එපා..නම බලලයි බොන්ට ඕන වගේ ඩිංගිත්තක් ලේබලේ බැළුවනං ඔබ තමුන්නාන්සේලාට පේන්ට ඕන කේන්දර කියන ලේබල් කෑල්ල..ඊ ලගට අවසානෙන්ම ටිකක් තද පැහැයෙන් තියෙන වාක්කිය..ඕන්න ඔය කාරණා තේරුං බේරුං කරගත්තනං වැඩේ සිම්පල්..

    මං මේක ලියන්ට හේතු උනේ මගෙන් පෙරේදා දිහාවේ කෙනෙක් අහපු පුරස්නෙකට යම් කිසි පැහැදිලි කිරීමක් විදියටයි.. පුරස්නේ උනේ හෙනහුරාත් නරක නැහැ නේද කියන එක...

    ඔව් ඇත්ත හෙනහුරු අගහරු රාහු නරක නැහැ..ඒත් ඒ හැම වෙලේම නෙවෙයි..එක්තරා වෙලාවකට විතරක්..ඒත් මතක තියාගන්ට ඕන නරක හාදයගෙන් ලැබෙන උදව් ගැනීමත් තරමක් අවදානං කේෂ් එකක් කියන එක.එහෙම උන්දලා දෙනවා වගෙම තමාපොඩ්ඩ වැරදුන ගමන් අනිත් පැත්තටත් දෙනවා..

    හැබැයි මෙයාලා සුභ ගරහයෝ හැටියට අපි සලකන උන්දලා දෙනවා වගේ නෙවේ දෙන්ට තිබා ගත්තොත් පෙරලගෙනම දෙනවා... ආන්න ඒ ටික තමා මේ කියන්ට ගියේ...

    හත් ඉලවුවේ අපේ ෆොන්සේකා උන්නැහෙත් කරලියට ඇවිත්...

    එහෙනං කස්ටියටම ආයිබෝං කිව්වා...බොහෝම ස්තූතියි...

    ReplyDelete
  39. බ්ලොග් අවකාශයේ කෙල පැමිණි ,සයිබරය තුල බල්ටි ගසමින් එහි හිනි පෙත්තටම නැගී සහෘදයාණෙනි !! ( වචන සෙට් එක හරිද මන්ද )
    ඔබලාගේ බ්ලොග් කියවීමෙන් මතුන ජනිත වූ බොලොග් එකක් ලිවීමේ අදහස ඉටු කර ගනිමින් මවිසින් සාදාගන්න ලද මගේ මකර ගුහාවට පැමිණ ඔබගේ වටිනා අදහසක් ප්‍රකාශ කර එහි පවතින අඩුපාඩු පිලිබදව ම දැනුවත් කරන මෙන් ඉත්මත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිමි ......

    ReplyDelete
  40. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් ගෙඩි :))

    ReplyDelete