29 November 2011

අදනං බඩුම තමයි...

හෙන හුට්ටප්පරයයි...
උදේ රාජකාරිය ඉවර වෙලා ගෙදර ආවේ වැඩ කෝටියක් විතර කරන්න හිතාගෙන..ඒත් කෙලලා තියෙන්නේ තාප්පෙටම...

ගෙදර ආව ගමන් හාල් ටිකක් හෝදලා ලිපේ තියලා හදා ගත්තා මෝල්ටඩ් මිලික් එකක් ඔව් ඉතිං නැට්ටමොල්ට් එකක් තමා... කිරිං කැකර් දෙක තුනකුත් එක්ක ඒක බොන ගමන් ලැප් එක බෑග් එකෙන් අරං ඒකත් ඔන් කොරං වාඩි උනා ටිකක් වට පිටාවේ කියුං කෙරුං බලන්න...

ඒ කරලා ඉවර වෙලා ගියා කුස්සියට මොනවා හරි උයන්ට කියලා හිතං...අනිච්චේ දුක්ඛේ..කපලා නේද වතුර..කාලා වරෙංකෝ...

ඒ මදිවට තව මඟුලක්..ඒක උනේ පෙරේදා රාත්තිරියේ...
ඕං ඉතිං මං පෙරේදා රාත්තිරියේ ගං කබරයා වගේ දපලා දොයි.. ඔහොම දොයිගෙන දොයියගෙන යනකොට මට එක පාරටම වෙනසක් දැනිලා ඇහැ ඇරුනා..එක පාරට හිතා ගන්න බැහැ මොකක්ද ෂීන් කෝන් එක කියලා...මුකුත්ම පේන‍්නේ නැහැ..

ඇත්තනේ මේ රෑනේ..ඒ පාර අන්ධයා හැරමිට්ටෙන් ඇන ඇන යනවා වගේ මගේ ශ්‍රී හස්තය ඇඳ දිගේ අත පත ගාගෙන යවලා යාන්තං ටේබොල් ලෑම්ප් එකේ සුවිච් එක ගාවට යවලා ඒක ඔන් කොලා..හප්පා ඇහැට හෙන ගැහැව්වා වගේ... කලින් දවසේ එකේ මං මගේ පැත්තට හරවලා මොනවද පොතක් කියෝලා එහෙමම ඕෆ් කරපු ගමන්..ඒ පාර අඩවන් දෑසින් යන්තං ඇහැ කරකෝලා බැළුවා ඔරලෝසුව දිහා.. පට්ට පාන්දර තුනයි කාලයි..හයියෝ දෙයියනේ දොයිය ගත්තෙත් රෑ එකොලාමාරට වගේ..ඇයි මෙහෙම ඇහැරෙන්නේ...

මොනවා නමුත් වෙනසක් මට තේරුනා..ඔව් බෙල්ල හීතල වෙලා වගේ..හුටස් දාඩිය දාලා.. ඒක වෙන්ට බැහැනේ මෙච්චර ෆෑන් එකක් ඇඳ පාමුල තියං ඒකේ හුළං වැදි වැදි නිදියන මංතුමාට.. ඇහ් හුට්ටප්පරිජාලං... කෝ යකෝ හුළං.. ෆෑන් එක නැවතිලා නේද... ලයිට් එක පත්තු වෙනවනං කොහොමද ඒක නවතින්නේ..?

අමාරුවෙන් කෑලි බෑලි ටික අවතන කොරගෙන බැළුවා මක්කද වෙලා තියෙන්නේ කියලා...කරන්ට් එකත් තියෙනවා...සුවිච් එකත් දාලා..කිසිම වරදක් කියන්ට නැහැ...දැන් මොකද කරන්නේ..?නැගිටලා ඇගේ දැවටි දැවටි තිබුන සරං කෑල්ලත් එහෙං මෙහෙං ගැට ගහගෙන ගියා අනිත් කාමරේට..මගේ ආයුධ මල්ල අවුස්සලා ටැස්ටරේ අරං ආවා..ගැලෙව්වා බලන්න ෆෑන් එකේකෑලි බෑලි.. මල විකාරයයි සමහර ඒවා මල් ඉස්කුරුප්පුවෙන් ගලවන්ට ඕන ඒවා.. ඒ පාර ගොහිං ඒකත් ගෙනාවා.. ගැලෙව්වා කොනක ඉඳන්.. ප්ලග් පොයින්ට් එක ගාවින් පටන් අරං ෆෑන් එකේ මෝටරේට එනකල්ම...කරන්ට් එක එනවා..ටයිමර් සුවිචුත් කිසි අවුලක් නැහැ..අවුල තියෙන්නේ එක්කෝ කැපෑසිටර් එකේ..නැත්තං මෝටරේ.. කෑපෑසිටර් එකෙත් රත් වෙච්ච ගතියක්වත් කර ගඳක්වත් නැති හින්දා ඒ හැටිම අවුලක් වෙන්ට බැහැ මොකද ලේසියට ඕක පිච්චෙනවා අඩුයි.. මෝටරෙත් බෙයාරින් අව්ලක් නැති හැඩයි.. ෂුවර්ම නැත්තේ කොයිල් එක..?

මල උලව්ව දැන් ඉතිං හදන්නයෑ...ඒ පාර හතර විතර වෙලා කාමරේ දොර ටිකක් ඇරලා දාලා නිදා ගන්ට බැළුවා..ෆෑන් එක මස් කල ගමන්ම තියලා...මොන නින්දක්ද දාඩිය දාලා ඒ මදිවට දැන් මේකට මොකද කරන්නේ කියලා හිතෙනවානේ අප්පා..ෆෑන් එකේ කාලෙනං හරි..එක පාරකුත් මං ඕකට මෝටරේ පිච්චිලා වෙන මෝටරයක් ගෙනත් දැම්මා..ඕවට කොයිල් ඔතලා දාලා හරියන්නේ නැහැ හැමදාම අවුල...මේ පාරනං එහෙම මගුල් කර කර ඉන්න හිතකුත් නැහැ ඒ පාර තීරණය කලා මොන මගුල හරි අළුතින් ෆෑන් එකක් ගේනවා කියලා... මේ ටිකේ බැංකු පොතෙත් රුපියල් විසි තිස් දහක් කැරකි කැරකි තියෙනවා කරන්න දෙයක් නැතිව..සාමාන්‍යයෙන් මට ඔය සල්ලි එක්කහු කිරිල්ල හරි අමාරු වැඩක්... කීයක් හරි එකතු උන ගමන් මොනවා හරි මගුලක් කරන්නමයි හිත..

අවුලක් නැහැ ගේනවා අළුතින් එකක්.. දානවා මේ මස් ගොඩ අනිද්දට කුනු ටැට්ටරේට.. ආයේ මොකටද ඕක හයි කර කර ඉන්ට මගේ කාලේ නාස්ති කරන්නේ.. යන්තං ඔන්න ටිකක් නින්ද ගියාද කොහේද.. ඒත් එක්කම ගැස්සිලා ඇහැරුනා.. උදේ හයයි.. ඉතිං ඊට පස්සේ නැගිටලා උයලා පිහලා බත් බැදගෙන නාලා කරලා ගියා වැඩට.. අද උදේම ආවේ උයලා තියලා ගිහින් ෆෑන් එකක් ගේන්ටයි.. ලයිට් බිල් වතුර බිල් ගෙවලා එන්ටයි කියලා හිතාගෙනයි... දැන් ඉතිං ඔය කරලා තියෙන්නේ..බත් විතරක් කෑහැකියෑ.. වතුර බෝතල් දෙකත් අරං වැඩ පොලටවත් ගිහින් ඒක පුරෝලා ගෙනත් තිබ්බහම බොන්ට වතුරනං මදෑ... උදේ වැඩ පොලෙන්ම නාලා ආව හින්දා ඒකත් අවුලක් නැහැ හවස් වෙනකල් ඉවසං හිටියෑකි.. ඒත් දැන් මේ කාස්ටකේ පලකෝ නිට්ටඹු.. ඒ ගිහින් ඇවිත් දාඩිය පොල්ල දාපුවහම ඇග හෝදගන්ටවත් නැතිව හිටපංකෝ ඌරා වගේ හවස් වෙනකල් ටැප් එක දිහා බලං...

දැන් ඉතිං කොතනින්ද පටන් ගන්නේ...
ෆෑන් එකක් ගේන්ට ඕන...වතුර ගේන්ට ඕන.. බිල් ගෙවන්ට ඕන... බැංකු යන්ට ඕන... කේන්දර බලන්ට ඕන...
ඒ අස්සේ මේ උයාගත්ත බත් එකට මොකද කරන්නේ...හපෝයි සංසාරේ...


46 comments:

  1. ඔන්න එක මම, ලිකියෝ, නිසුපා... හූ...........

    ReplyDelete
  2. හික් එක ගන්ඩ තියන ඉල්ලුම ලොල්

    ReplyDelete
  3. අනේ සාදු..... එන්න එපා වතුර තව සතියකට.... :D :D :D

    ReplyDelete
  4. ස්කීම් එකේ එහෙම වතුර කපනවද බන්.. මාර අප්සැට් එකනෙ.. ඔක්කොම තියලා ටිකක් නිදාගනින් මාරයියේ.........

    ReplyDelete
  5. නලිනි අද කන එකකුත් නැති වෙයි...නචියනෙ එක අරන් තියෙන්නේ...අනේ අපොයි......

    @නදී
    එක ගත්තම මාරයියා මොනවදෝ දෙනවලු නදී....අද ඒක හම්බු වෙන්නේ නචියට...හික් හික් හික්....

    අර බාගෙට තැම්බිච්ච බතට සම්බෝලයක් හදා ගන්න මාරයියේ...ඌරට මොන සොක්කයද කියලා හෝදන්නෙ නැතුව හදන්න...හික්

    ReplyDelete
  6. ආ අපෙත් ඔහොම එකෙක් හිටියා,
    කන අස්සෙ වෙඩිල්ලක් පත්තු වුනත් නැගිටින්නේ නැති එකා, ෆෑන් එක ඔෆ්ෆ් කර හැටියේ නැගිටිනවා,
    ඒ කට මෙතුමා සැපට නිදි,

    ReplyDelete
  7. හෙනහුරා මාරුවීමේ ප්‍රතිඵල තමා ඔය! පරිස්සමිං හිටහං.

    ReplyDelete
  8. මතක ඈතුව ටබ් එකක් අරන් තියා ගන්න .

    ReplyDelete
  9. මේ මොකෝ අප්පේ මට හූ කියලා. අහවල් කාරියකටද???

    ඔය බිල් එකතු කරගන්න එපා කියන්නෙ ඕක තමයි මාරයා අයියේ.

    ReplyDelete
  10. ඒක නේනනම් දිල් අක්කා කිව්ව වගේ ඌරන්ට මොන සෞඛ්‍යද අයියේ. ඔන්න ඔහේ පොල් සම්බෝලයක් හදලා EGB එකකුත් ගෙනැත් බත් මුට්ටිය ඉවර කොරානම් හරි නේ.
    මේ කොළඹ මිනිස්සුන්ට ලෙඩක්ද මන්දා.ෆෑන් නැත්නම් නින්ද යන්නේ නෑ. මට නම් ඕක දාලා තියෙනකං ඇහැ පියවනවා බොරැ.

    ReplyDelete
  11. නැගිටලා ඇගේ දැවටි දැවටි තිබුන සරං කෑල්ලත් එහෙං මෙහෙං ගැට ගහගෙන

    මාරයියා ඉරිච්ච සරමක්ද රෑට අඳින්නෙ එහෙන් මෙහෙන් ගැට ගහගෙන යන්න.. හික් හික්..

    ReplyDelete
  12. හූ....නලිනි තවම නෑ.....

    ReplyDelete
  13. බයිලා කියවන්නෙ නැතිව ඔය ගලවපු ෆෑන් එක හයි කොරහන්..!

    @දිල්

    ඒ මොකද නලිනි නොකා ඉන්නෙ? මාරයට කන්න නැති හින්දද?
    ඒක එහෙම නම් එහෙම වෙන්නෙ ඇයි?

    ReplyDelete
  14. ඔහොම තමයි සැපට හැදිච්ච් එවුන්....ෆෑන් එක වැඩ කරන්නෙ නැත්තන් අර ඒ සී එක දාගන්න තිබුනනෙ...අනික මේ මාසේ දවස් තුනක් වතුර කපනවා කියලා දැනුම් දුන්නෙ මාසේ මුල......මු මුලු ලෝකෙම වෙන දේවලූයි, ඊට එහා ග්‍රහ ලෝක වල වෙන දේවලුත් දන්නවා...වතුර කපනවා කියලා දන්නෙ නැහැ...
    ආ..අනිත් එක ..ඔය ෆෑන් එක කුණු ට්‍රැක්ටරේට දානවනම් සතියක් විතර නිවාඩු දාලා පාර අයිනෙ රැක ගෙන ඉඳපන්. අනිත් සේරම වැඩ ඉවර වෙලා වෙලාවක් තිබුනොත් විතරයි ඕක එන්නෙ..

    ReplyDelete
  15. උඹ වැඩිය නාන්නේ නැති එකේ වතුර නැති එක ලොකු අවුලක් නෙමෙයිනේ බං....

    ReplyDelete
  16. පරන ෆෑන් එක මට දියංකොයි අයියා ..

    ඒක නෙවෙයි මේ පට්ට සීතල කාලේ ෆෑන් දන්න උඹ ඒ රොප්පෙ ඉඳන් ඇවිල්ලද ? මේ සීත කාලේ උඳුවප් මාසේ !!

    ReplyDelete
  17. නැද්ද මාරේ අහලක පහලක ලිඳක් වත්.... නැත්තං පව් බං අයියේ උඹේ කාමරේ ඉන්න කැරපොත්තෝ මීයෝ වගෙ සත්තු ටික.

    ReplyDelete
  18. @නිශ්

    හත් දෙයියනේ මාරයියට කන්න බැරිවෙන හන්දා නෙමේ...එක වෙන්න බැරි උන හන්දා...පේන්නෙ නැද්ද ලකී තවමත් හූ කියනවා....

    ReplyDelete
  19. @හිස් අහස

    දන්නවද සඳරූ...දවසක් මම මුන්දට කතා කරද්දී මොකද්දෝ දඩ බඩ ගානවා...මම ඇහුවා මොකද්ද අයියේ ඒ සද්දේ.... මේ හීතලා දවස්වලත් උඹ ෆෑන් දාගෙනද කියලා....මුන්දා ගත් කටටම කියාපි අපි උඹලා වගේ හද්ද වන්නියේ නෙමේ...හොඳ සීත පලාත්වල ඉපදුන ඈයෝනේ ....ෆෑන් නොදා අපිට ඉන්න බෑනෙ කියලා...ඒ කියන්නේ යක්කල කියන්නේ නුවර...නුවර කියන්නේ හම්බන්තොට.....

    ReplyDelete
  20. උඹට ඕව වෙන්නෙ ඔය ‍කෑමවල ෆොටෝ දාගෙන කරන කෙරුවාව හින්ද තමයි.
    මටත් ඔය අතේ කීයක් හරි තියෙනකොට මොකක් හරි ගේන ලෙඩේනං තියෙනව.
    ඉස්සෙල්ලම ෆෑන් එක ගෙනාපං. නැත්තං අද රෑටත් නිදාගෙන හමාරයි.

    ReplyDelete
  21. "කීයක් හරි එකතු උන ගමන් මොනවා හරි මගුලක් කරන්නමයි හිත.."

    වෙන මගුල් නැතුව කසාද මගුලක් කර ගන්කො
    ඔන්න ඒකටත් ජය මංගලම් !!!

    ReplyDelete
  22. මාරය්යෙ.. උඹ වැරදිලාවත් අද කන්න එහෙම එපා වතුර එනකං..... බොගක් සෙට් උනොත් මොකෑ කොරන්නෙ... පත්තර කොලෙං පිහිදං මඩ පුවක වගේ තමයි ඉන්න වෙන්නෙ....

    X-Porter

    ReplyDelete
  23. //හිටපංකෝ ඌරා වගේ //

    වගේ ????? වගේ නෙමේ . . . "තමයි"

    ReplyDelete
  24. ගමුකො මරයියේ ඇහැට කනට පෙන සේර්වන්ට් ගර්ල් කෙනෙක්,, :D

    ReplyDelete
  25. ලයිට් වතුර කියන ඒවට බිලක් කියල කොලයක් එනව මාසෙ අන්තිමට. ඒක නොගෙව්වොත් ඔය සන්තෑසිය තමා...

    ReplyDelete
  26. මේ මල පාන්දර ෆෑන් එක වැඩ කරන්නෑ කියලා නින්ද පැත්තක තියලා ෆෑන් එක මස් කරන කෙනෙක් ගැන ඇහුවමයි. ඇයි හත්දෙයියනේ ඔය කාඩ්බෝඩ් කෑල්ලක් හොයාගෙන පවන් ගහගනින්කො අයියෙ. අපරාදෙ නින්ද.

    ReplyDelete
  27. ඩොන්ට් වොර්‍රි මෙයා, බත් එක පාත්තරේට බෙදා ගන්ට, ඕකට ඉහන්න ලුනු ඩිංගක්, ඈඩ් කොරන්ට ගාපු පොල් හැඳි දෙකක්, රතු ලූණු ගෙඩි දෙක තුනක් සහ බ්ලඩි හොට් මිරිස් කරල් දෙකක්. ඉතින් ඊට පස්සේ ඥම් ඥාම්.... කුයික් ඇන් ඊසි නේ?!

    ගොහින් සිහිල් සිසිල් පෑන් එකක් ඇන්න එන්ට රෑ බෝවෙන්ට කලින්.

    ඩී.

    ReplyDelete
  28. "මු මුලු ලෝකෙම වෙන දේවලූයි, ඊට එහා ග්‍රහ ලෝක වල වෙන දේවලුත් දන්නවා...වතුර කපනවා කියලා දන්නෙ නැහැ..."

    ලකී++++++++++++++++

    ReplyDelete
  29. අනේ ඇත්තට බලත්දි මාරයා මහා කම්මැලිම මාරයෙක්නෙ. මට නම් ඔය ෆෑන් මගුල පේන්න බැහැ. දවලට නම් නෝ ප්‍රශ්. රෑට ඕක දමපුවහම උදේට කථාකරන්නේ නහයෙන්.

    නලිනි,
    ??????????????????????

    ReplyDelete
  30. ආයෙම ෆෑන් එකක් ගන්නේ නැතුව AC එකක් ගත්තනම් හරි නේ. සද්දෙත් නෑ. නුවර එළියේ වගේ ඉන්න තිබුණා.එතකොට සුපිරි පන්තියේ.කැරකෙන පුටු,ලැප්ටොප් & AC..... :D

    @ මහ වෙදනා
    මටත් වෙන්නේ ඔය දේමයී. මුළු ඇගම වේලිලා උදේට නැගිටිද්දී.ඒත් ඉතිං වෙද මහත්තයෝ මේ මාරයියලා සැපට හැදුනු අයනේ. එව්වා නැතුව බෑ.

    ReplyDelete
  31. අර ACද මොකද්ද එකක් ඕකේ තියෙනවා කිව්වා නේද? නරකද අන්න එක දාගත්තොත්!

    වතුර ටිකක් නං පොලෝසියෙන් හරි ඉල්ල ගන්න බැරියා. රාළහාමි කෙනෙකුට කියන පරක්කුව විතරනේ

    ReplyDelete
  32. එකක් කඩතොළු හදාගන්නට
    ගොසින් තට වූ කාරියා.....
    දෙකක් කඩතොළු හදාගත්තයි
    අපොයි අපේ මේ මාරයා....

    ReplyDelete
  33. හපොයි මේකේ මාරයාට දීල තියෙන උපදෙස් දැක්කහම හිනාත් යනවා.
    "නින්ද යනකං කාඩ්බෝඩ් කෑල්ලකින් පවන් ගහගන්න"
    "ඇහැට කනට පේන සර්වන්ට් ගර්ල් කෙනෙක් ගන්න"

    හැබැයි ඔන්න මකරාගේ උපදේසේ නම් හොදයි.අර කිව්ව වගේ වෙන මගුල් නැතිව කසාද මගුලක් ගනින්කෝ.

    ඕන් අපි දැක්ක අළුත් පෑන් එක බස් එකේ දාලා තියෙනවා.

    ReplyDelete
  34. ඔය සෙනසුරු මාරුවේ අසුභ කම තමයි අයියේ.. ඉවසං ඉන්න...

    ReplyDelete
  35. හපොයි නිසූපා..!

    කස්ටිය බලං ඉන්නෙම මට වින්නැහියක් වෙනකල්ම නෙව..හයියෝ සද්ගුණවත් අහිංසක මංතුමා...මුංටත් ඉර හඳ පායනවනේ අම්මපල්ලා..ආ නැහැ ඉතිං මට පායන කොට මුනුත් ඒකෙන් එලිය ගන්නවා..අපි වගේඋනුත් ඉන්න හින්දම හොඳයි ලොකේට නැත්තං බලන්ට තිබුනාමුං ඉර හඳ නැති ලෝකෙක ටෝච් ගහං එහෙ මෙහෙ යන හැටි...

    යන්තං හවස වතුර ආවා...වතුර මදිවට මේ පෝස්ට් එක දාලා ටික වෙලාවකින් කැපුවේ නැද්ද ලයිටුත්...

    හැබැයි ඉතිං කොහොම හරි අද බිලුත් ගෙවලා ෆෑන් එහෙකුත් උස්සං ඇවිත්..කොණ්ඩෙත් කපලා..නාලා කරලා හැම දේමත් පිළීවෙලක් කර ගත්තා..කේන්දර බැලිල්ල තමා හිත එකලාසයකින් කරන්ට බැරි උනේ..දවස අහක ගියේම නැහැ...

    අනේ ඉතිං ආයිබෝංලා ලොකු කොමකට එහෙම නෙවෙයි අපි ඉතිං මේ රූං පෙත්තක් දාන් නිදියන්ට පුරුදු උනේ මේ බොහෝම මෑතකදී...ආසාවක් නැතිවට නෙවෙයි එහෙම ඒවා නොතිබුන හින්දා...මං දන්නවා හුග දෙනෙකුට මේ ෆෑන් කෙලිය අල්ලන්නේ නැහැ කියලා..ඒත් අපරා‍දේ කියන්ට බැහැ මටනං ඒක දැන් ඇඟට හුරු වෙලා...

    ආ දිල්...මං නැති අතරේ සද්දේ දාලා නේද..?නංගී..ඉන්නේ නිට්ටඹුවේ උනත් උප්පැන්නේ ගහලා තියෙන්නේ බළංගොඩ කියලා අරී...!

    ReplyDelete
  36. අනේ සාදු ! තව සල්ලි ටිකක් එකතු ගනින් අර මිස්ට් ෆෑන් එකක්.. වතුර දමලා ඔන් කලාම නිකන් ඒසී දැම්ම වගේමයි..

    ReplyDelete
  37. මාරයෝ අර මාරයා+ එකේ දාල තියෙන්නෙ අළුත් ෆෑන් එක වෙන්ටෑ..

    ReplyDelete
  38. කොළඹ ඉන්න කාල මාත් ෆෑන් එකට හුරුවෙලා හිටියා
    ඒ කාලෙනම් වැරදිලා හරි ලයිට් ගියොත් ඇහැරෙන ලෙඩේ මටත් තිබුනා
    ඒත් මාරයා වගේ ඔව්ව මස් කරන්නනම් ගියේ නැහැ

    දැන්නම් ඉතින් මොන ෆෑන්ද, පැය 24 ම A/C මිසක්
    (ලොකු කමකට එහෙම නෙමේ, නැත්නම් මේ කාන්තාරේ වසන්නේ කොහොමද.... හික්.. හික්)

    ReplyDelete
  39. මාරයියගේ වෙලාව නරක් වෙලා වගේ. නරකද කේන්දරේ ඔය කාටහරි කියල බලාගත්ත නම්. :P

    ReplyDelete
  40. විදුලි පංකාව ක්‍රියාවිරහිතවීම තරම් විපතක් මේ ලෝක ධාතුවේ නැත.

    ReplyDelete
  41. එතකොට ෆෑන් නැතුව නින්ද යන්නෙම නෑ. ෆෑන් වැඩ නැත්නම් ෆ්‍රිජ් එක කාමරේට ගෙනාවා, ඒකේ දොර ඇරලා තියලා නිදාගත්තා. :-)

    ReplyDelete
  42. මටනම් හිතෙන්නෙ හෙනහුරා ලබලා

    ReplyDelete
  43. එක ගත්තම අහවල් එකද හම්බෙන්නේ.......හික් හික් හික් ...

    ReplyDelete
  44. අද එදා වගේ ලග ගෙදරින් කෑම ලැබුනේ නැත්ද? :)

    ReplyDelete
  45. @kandyan
    "එතකොට ෆෑන් නැතුව නින්ද යන්නෙම නෑ. ෆෑන් වැඩ නැත්නම් ෆ්‍රිජ් එක කාමරේට ගෙනාවා, ඒකේ දොර ඇරලා තියලා නිදාගත්තා"

    අන්න ඒසී කරන අලුත්ම ක්‍රමය.
    උඹේ මොලේ තමය් මොලේ.

    ReplyDelete
  46. බොලේ වෙද මහත්තයටත් පීනසේ වගේ.
    බට්ටිටත් පීනසේ කියල දැක්ක.

    වෙද මහත්තයටත් පීනසේ නං අපිට මොනවා නොහැදි තියේද?

    ReplyDelete