30 November 2011

බණනං බණ..කියුංනං කියුං... තව ඕනනං අතින් පයිනුත් දෙඤ්ඤං...


මේ දවස්වල හරි හරියට කතාවෙන දෙයක්නේ මේ බණ දහං ගැන.. එක එක හාමුදුරුවරුන්ගේ සුපිරි බණ ගැන.. එක එක තැන්වල එක එක වාද.. මංනං කරන්නේ දැක්ක ගමන් මාරුවෙන එක... ඇයි යකෝ ඔය අහන පුරස්න වලට උත්තර දෙන්න පුළුවන්නං මාත් පටන් ගන්නවනේ ගිහි බණ කිය කිය ඇවිදින්න.. බණ කියපු කාලෙනං කට පාඩං කරගෙන හරි පොත් පත් හොය හොය කියෝලා හරි.. දන්න කියන උදවියගෙන් අහලා කරලා නිවැරදි දේ හොයා දැනගෙන හරි ඔව්වා කිව්වා උනාට දැන් මේ බණ පොතක් අතින් අල්ලන්නේ නැති කාලේ ඔය පුරස්නවලට උත්තර දුන්නැකිද..?

දෙන්නත් පුළුවන්..ඒත් එහෙම දුන්නට පස්සේ ඒවා නිකංම්ම දීලා වැඩක් නැහැ..නියම විදියට ත්‍රිපිටකයේ කොයි තැනද ඒක සඳහන් වෙලා තියෙන්නේ..ඇයි ඒ දේ ප්‍රකාශ කරන්නට යෙදුනේ..එතකොට එහි ඇති පාලි පාඨවල පදරුත් ගැනීමේදී මූලික පාඨවල අර්ථය බිඳී ඇද්ද..කාරණා ගොඩයි.. එහෙම නැතිව මං පඬියා වගේ ඕවාට කට දාලා නිකං වරිගේ නහ ගන්නවට වඩා හොඳයි ගොනා සේ දෙන දෙයක් කාලා..වෙන දෙයක් බලං ඉන්න එක..

ඒත් කවුරු හරි කෙනෙක් පෞද්ගලිකව ඕවා ගැන හොයා බලද්දී මගෙන් ඇහැවුවොත් මං නිර්දේශ කරන්නේ එකම එක දෙයයි...එහෙම නැතිව ඔව්වට කට දාන්න යන එක අති භයානකයි.

ඒත් ඉතිං මට සමහර තැන්වලදී කට පියාගෙන ඉන්නම බැරි තැන් තියෙනවා..එහෙම අවස්ථාවක් මේ ඊයේ පෙරේදාත් උදා උනා...

ඉස්තානය මේ අහල පහල තියෙන රජයේ රෝහල...හරියටම තැන කියනවනං ඉස්පිරිතාලේ ලේ බැංකුව... ඔහේලාට මතක ඇතිනේ ගිය වංගියේ මං ලේ දෙන්ට ගොහින් මට කෙල උනා..ලේ බර නැහැයි කියලා මාව හැරෙන තැපෑලෙන් ආපහු එව්වානේ.. ඉතිං මං මොකද කලේ දුටු ගැමුණූ රජ්ජුරුවෝ සේනා සංවිධානේ කොලා වගේ..එදා පටන් ටික ටික කාලා බීලා මගේ අර අවරෝහණ පරිනාහ දේහය පෝෂණය කොලා..මොකද මට එහෙං කිව්වේ කොළ කන්ට..ඇට කන්ට..කිරි බොන්ට..මස් මාළු කන්ට කාලා හැදෙන්ට කියලනේ...

ඒත් ඉතිං කියන්ට කණගාටුයි පහුගිය මාස කිහිපයකට කලින් මට හරි හමන් විදියට උයා පිහාගෙන කන්ටවත් හැටියක් නොතිබුන හින්දා ආයෙමත් අර සද්ධන්ත සරීරය නිකං විස්කිරිඤ්ඤේ වගේ තත්වෙකට ආවා..ඒත් ඉතිං කාරණාව බුදු වෙන්ටම ඕන හින්දා..මාත් ඇරියේ නැහැ...ආයෙම වංගියක් මුල හිටං උය උය කාලා බොහෝම අමාරුවෙන් සරීර කූඩුව යම් කිසි තත්‍තෙකට අරං ආවා.. එහෙම අරං ඇවිත් හිතා ගත්තා මේ පාරනං දෙන එක දෙනවම තමා කියලා...දැන් ඔය මෙච්චර දවස් මගේ කෑම දැකලා දෙස් දෙවොල් තියාපු අය දන්නවනේ..මං ඒ හැම දේම කොලේ මේ ගේම ගොඩ දාගන්න කියලා..ඒ හින්දා ඔන්න පව් නෑ ආයේ හරිය...?

ඉතිං කොහොම හරි දැන් මේ දවස් දෙක තුනකට කලියෙන් මං රාත්තිරී වැඩ මුරේ අහවර කොරලා ගෙදර ගොහින් ‍කබඩ් එහෙක ලාච්චුව අවුස්සලා හෙව්වා මගේ පරණ ලේ දන්දීමේ පොත් පිංච..ආන්න බලන්න පින්වතුනි සොයන්නාට සම්භ වේ...ඉතිං මට විතරක් හම්බ නොවී තියෙන්ට හැටියක් නැහැනේ..ඒත් කියන්ට කණගාටුයි මට හම්බ උනේ නැහැ..ඇයි ඒ...?

ඇයි ඒ කියන්නේ ඒක ලාච්චුවේ දාලා තියෙන්ට එපෑ හම්බ වෙන්ට..මං ඒක දාලා තිබිලා තියෙන්නේ මගේ වෙනම තියෙන ලියුං කියුං බෑග් එකේ..ඒකේ තමයි ඉතිං ඔය බයිසිමොටෝ එකේ ලිපි ගොනුවයි.. මගේ විස්තර සහිත ලිපි ගොනුවයි.. එතනින් ගියාම එක්දහස් නවසිය බර ගණන්වල ඉඳන් මට ලැබුන ලියුම් කියුම් කිහිපයක් අතරින් වැදගත්ම කියලා හිතෙන ලියුං එහෙමයි දාලා තියෙන්නේ..දැන් ලෑස්ති වෙන්ට එපා ඒ මල්ල හොයන්ට එන්ට...

මොකද මං හිතං ඉන්නවා හෙට අනිද්දට ඇහැකි උනොත් ඒ ලියුං වලින් කිහිපයක් හරි මේ බ්ලොග් කටුවට අමුණන්ට..ඒකේ තියෙනවා හරි අපූරු ලිපි කිහිපයක් පල කොරන්ට පුළුවන් තරමට නිවිච්ච...

එයින් එකක් තියේ මගේ යාළුවෝ ටික මං පොලෝසියට ගිය වෙලාවේ මට එවාපු සමූහ ලිපියක්... එහෙං පිටිංම මඩ..තව එකක් තියේ ඒ පොලීසි ගමණින් පස්සේම අපේ මහප්පලගේ දූරු දෙන්නයි පුතණ්ඩියයි.. ඒ කිව්වේ අපේ අක්කයි නංගියි අයියයි ලියලා එවපු රෑප සටහන් සහිත ලිපිය... තවත් එහෙක තියෙනවා "අවංක මා සැමදා දුකේ" කියලා ඔය පදිය පැලැල්ල පැත්තේ ගැහැණු දැරිවියක් එහෙම ලියාලා එවාපු ලිපියකුත්.. මොනවා කොරන්ටද.. දැක්කෙත් එක දවසයි.. එදා ඒ මහ පට්ට පාන්දර යන්තං ඇඩ්රස් එක බස් ටිකට් එකේ ලියලා ‍කෙල්ලගේ අතේ ගුලි කොරලා ආවට මොකද කෙල්ල බලන්න නුවර යන්න කියලා ගත්ත නිවාඩුව කැන්සල් උනාට මං මක්කොරන්නද අප්පා..කෙල්ල දුකේ..මාත් දුකේ..ඒ ලව් එකත් එතනින්ම කැලේ... ඇයි යකෝ ඒ කෙල්ලත් පට්ට පාන්දර ඇහැරිලා දත කට මැදගෙන ගෙදරටත් ලොකු නයෙක් ඇරලා... නුවරට එනකල්ම පදිය පැලැල්ලේ ඉඳන් ඇවිත් පැය ගානක් කට්ට කාපුවාම තද නොවී තියේද..?මං කියලත් ඉතිං මක් කොරන්නද..හෙටයි කියලා අද නිවාඩු කැන්සල් කලාම..මොකද දැන් වගේ පෝං කිරිල්ලක් කරන්න පුළුවන් කාලයෑ ආයිබෝං...ඉතිං ඒක අති සාර්ථක විදියට ලියුං විස්සක තිහක සමරු සටහනකින් අහවර උනා...

හුටස් අදත් යන්නේ රෝං සයිඩ්..වර බස් එක පාරට...

ඉතිං කොහොම හරි මං කබඩ් එකෙන් පස්සේ හෙව්වා ඔය බෑග් එකේ..හප්පට සිරි ඔය තියෙන්නේ බඩු..එකක්නං මදෑ පොත්ම හතරක්... හැම එහෙකම එක වතාවයිද කොහේද... ඇයි ඉතිං පාරෙදි යනකොට අහම්බෙන් හරි දැක්කොත් ලේ දන්දීමක් තියෙනවා මං කරන්නේ යන වැඩේ නවත්තලා ඒකේ පෝලිමට හේත්තු වෙන එක.. ඒ යද්දී ඔය පොත් අරං යනවයෑ.. ඉතිං අළුත් පොතක්.. ආයේ පාරක් යද්දිත් ඔහොමම තමා.. ඉතිං එකම එක පොතකද කොහේද දෙවංගියක් ලිය විලා තිබුනදත් මංදා.. මට මතක නැහැ හරියටම වාර ගණන. ඉතිං කොහොම හරි එයින් හොඳයි කියලා හිතිච්ච එක පොතක් අරං සාක්කුවේ දාං මාත් ගෑටුවා ඉස්පිරිතාලෙට..

ඔයිට කලින් වතාවක් ගෙහුන් රිටන් වෙලා ආව හින්දා තැන දන්නවනේ.. අහ අහ ඉන්ට දෙයක් නැහැ ගියා තට්ටු කොලා දොරට...ඊට පස්සේ ඉතිං ආව කාරණේ කිව්වම පටස් ගාලා කොළයක් පුරවන්ට දීලා.. අර බර බලන තරාදිය උඩට නග්ගලා බරත් කිරුවා..කිලෝ 61 යි..හත් ඉලව්වේ වැස්ස දවසේ ඩෙනිමක් ගහං ගියේ ඒකත් තෙමිලා.. ඒ මදිවට අර ගෝනියක් වගේ ටී ෂර්ට් එකක්..ඒකත් තෙමිලා..මට ෂුවර් කිලෝ හැට ආවේ නං ඒ දෙකේ බරට..මගේ ගානේ එක කිලෝ එකක් තියෙන්ට ඇති ඕනනං... ඒත් ඉතිං මීට සති ගානකට කලින් කිලෝ 62ක් තිබුන එකා වෙච්චි හිත හේ බාලා ගියා..අදත් බඩුම තමාද මංදා කියලා..සාමාන්‍යයෙන් මගේ බර හිටින්නේ කිලෝ 58 සීමාවේ තමා..හොඳට කාලා කාලා තමා යාන්තං 62 කරගන්නේ..එයිට එහානං සුම්මා...

ඒත් ඉතිං අර මීසී නෝනා කෙනෙක් ඇවිත් ඇගිල්ලට කට්ටකින් ඇනලා ලේ බින්දුවක් එහෙම අරගෙන ගිහින් කිව්වා "ආ ලේ බර හොඳයි" කියලා..හම්මේ දැනුන සනීපේ... ඊට පස්සේ ඉතිං අර ඇඳකට ගොඩ කොරවලා ප්‍රෙෂර් බලන ගැජ මැටික්ස් එහෙමත් හයි කොරලා හීනි කටුවක් නහරයක් දිගේ සීරුවට බස්සලා ඔන්න පටන් ගත්තා ලේ ගන්ට...ලේටික ඇදිලා එන්ට පහසු වෙන්ට කියලා මිරික මිරිකඉන්ට බෝලයක් වගේ එහෙකුත් දුන්නේ නැතෑ අතට..මාත් මොකද ඔහේ මිරික මිරික හිටියා ඕං... මිරිකන්ට මිරිකන්ට හොඳයි..සනීපෙට ලේ ටික එනවා... ඔන්න ඔය අස්සේ තමා කාරණාව ඇදුනේ...


මගේ ලේ ටික ඇදෙනකල් මිසී නෝනලා පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා..කතාව පොත් ගැනයි පුස්තකාලයක් ගැනයි..පොත් කිව්වමයි පුස්තකාල කිව්වමයි ඉතිං මටත් කට පියං ඉන්ට ඇහැකියෑ... මාත් ඇහැව්වා කොහේද පුස්තකාලේ කියලා...?

බැලින්නං ඉස්පිරිතාලේම පුස්ථකාලයක් දාලාළු..ඉතිං මිසී නෝනලා ඇරු කියලා පොත් පත් කියවන්ට පටන් අරං.. මොනවා උනත් වැඩේ කරපු උදවිය බොහෝම වටින වැඩක් කොරලා තියෙන්නේ.. අඩුම ගානේ කියෙව්වත් නැතත් දැන් මිසී නෝනලා පොත් ගැන කතා බහ හරි කරනවානේ.. ඒත් මට තේරුන විදියට උන්දලා පොත් කියෝනවා වගේත් තමා...

කොහොම හරි ඔය අතරේ කතා උනා එක්තරා සඟරාවක් ගැන..සඟරාවක්මත් නෙවෙයි ඒක මාසික ප්‍රකාෂයක්...පත්තරයක් වගේ එකක්...

අනේ ඒක ගැන කියවන ගමන් එතන හිටිය මිසීලා තුන්දෙනාගේම අදහස උනේ ඒක කියෙව්වාම මනස තවත් අවුල් වෙන වග තමා..මාත් ඕක යන්තං උඩින් පල්ලෙන් වතාවක් දෙකක් කියෝලා තිබුන හින්දා මටත් ඒ කියමනේ ලොකු අමුත්තක් දැනුනේ නැහැ.. ඒ පාර ඉතිං මං හැමදාම කාට කාට උනත් දෙන උපදේසේ ඒ අය කෙරෙහිත් කරුණාවෙන් දීලා එන්ට ආවා...

ආන්න ඒක තමා මේ කියන්ට යන්නේ...

ඔය කවුරු කවුරු උනත් බණ දහං ගැන ඉගෙන ගන්ට ආසයි නං..ප්‍රායෝගිකව තමන්ට සෙතක් කරගන්ට විනා අරයට මෙයාට හරඹ දක්වන්ට උවමනා කමක් නැතිනං බය නැතිව කියවන්ට අපේ හිටපු අති උත්කෘෂ්ඨ සංඝපීතෘවරයාණන් වහන්සේ නමක් වන "අති පූජ්‍ය රේරුකානේ චන්ද විමල නාහිමියන්ගේ" බණ දහං පොත් ටික... ආයේ ඉතිං අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ රත්තරං පෙරාපු බණ ටික. අමුතු අමුතු තේරුං ගන්ට අපහසු දේවල් පටලලා නැහැ.. අමු අමුවේම පදෙන් පදේට ත්‍රිපිටකේ පෙරලන්ට ගිහින් අර්ථය වනසපු දේවල් නැහැ.. උන්වන්සේ සිය ජීවිත කාලය තුල ත්‍රිපිටකය හදාරමින්..ඒවා ප්‍රායෝගිකව අත් හදා බලමින්..අනුන්ට කියා දෙන්ට කලියෙන් තමන් තේරුං අරං ඉන්ට දරාපු උත්සහයක අග්‍රඵලය තමා ඒ පොත් වල අකුරක් අකුරක් ගානේ තියෙන්නේ..


දැන් හුගාක් තැන්වල තියෙන බණ පොත් දිහා බැළුවම අපිවත් මඤ්ඤං වෙලා යනවා... ඒවා කියවන වෙලේටනං හොඳයි වගේ තමා.. ඒත් අවසානෙට ඉතිරි වෙච්ච දෙයක් නැහැ..හරියට පිටකොටුවේ හාමුදුරුවන්ගේ බණ වගේ... මං ඔය හාමුදුරු ගොල්ලන්ගේ නං ගං වැඩිය ගාව ගන්නේ නැතිව ඉන්ට අදහස් කලත් ඔය නම ගෑවුනාට අමනාප වෙන්ට එපා.. ඒකට දෙන්ට තියෙන පහසුම උදාහරණේ තමා ඔය...

ඒ වගේමයි සමහරු අමු අමුවේම රේරුකානේ හිමියන්ගේ පොත් කොපි කර කර ලියාපු පොතුත් මං අතරින් පතර දැකලා තියෙනවා.. ඒකත් අවුලක් නැහැ..ඒක් එහෙං පිටංම කොපි කලානං..ඒත් වෙලා තියෙන්නේ කොපි කරන ගමන්ම කොපි නොකලා වගේ පේන්ට අතරින් පතර වෙනස් කරලා තියෙන දේවල් තමා.. ඒ කියන්නේ ඔබාපුවා... ආන්න ඒවයින් අර කරපු කොපියේ වටිනාකමත් ගිහින් ඒවත් එහෙං පිටිංම අවුල් ජාල වෙලා තියෙනවා.. ඔන්න ඔය වගේ දේවල් හින්දා පිං කැමති උදවියට දහම පටලවාගන්නේ නැතිව සරල සිංහලෙන් තේරුං බේරුං කරගන්ට ඕනනං ආන්න වටින කියන පොත් ටික...

දැන් රට වටේ ඕනම පොත් සාප්පුවක මේ පොත් කිහිපයක් හරි තියෙනවා මං දැකලා තියෙනවා.. ඊට අමතරව නොවරදින තැන තමා දෙහිවල ඇන්ඩර්සන් පාරේ පිහිටි "කිරම විමල ජෝති හිමියන්ගේ සිංහල සංස්කෘතික බෞද්ධ මධ්‍යස්ථානේ අලවි හල" එකක් නෑර පොත් ටික ඔතන තියෙනවා... තමන්ට කියවන්ටත්..දන්න කියන කෙනෙකුට තෑගි දෙන්ටත්.. දානයකදී මානයකදී පිරිකරකට දෙන්ටත් ඔය පොත් ටික හරිම වටිනවා... කැමැති කෙනෙක් සොයා බලා කියවන්ට..

ඔන්න කාටත් ලේසියට මේවා තියෙන ලින්ක් එහෙකුත් තියෙනවා..හොරකමක් කරනවා කියලා නොහිතා බාගෙන බලන්ට..මොකද පොකුණූවිට තියෙන රේරුකානේ හිමියන්ගේ පොත් ප්‍රචාරණය කරන අයගේ අදහසත් හැකි තාක් මේ දහම් පොත් ප්‍රචලිත කිරීම මිස අයිතිය තියාගෙන හම්බ කරන්ට නොවන හින්දා...

42 comments:

  1. උඩින් පල්ලෙන් කියෙව්වෙ, ආයෙ එන්නං රෑට කාල හෙම

    ReplyDelete
  2. සබ්බ දානං ධම්ම දානං ජිනාති..!! පිං සිදු වේවා, ඕවා ඩවුන්ලෝඩ් කරලා තියාගත්තට අවැඩක් වෙන්නෙ නෑ.. :)

    ReplyDelete
  3. යන්නෙ කොහෙද මල්ලෙ කොකනට්....:D

    ලින්ක් එකට තන්කූ මාරස්.....
    පුස්තකාල නම් කොහෙ දැම්මත් ඒක ලොකු දෙයක් බන් එකෙක් වත් කියවනවා අඩුමගානෙ

    පලි;
    කෝ අර එක වෙන්න දගලන නෝනා මහත්තුරු නෑ අද:D

    ReplyDelete
  4. @Observer...

    කකා ඉඳලා හරියන්නේ නැහැ අයියේ ඉක්මනට බණක් දහමක් කියවලා පිළීවෙලක් වෙන්ට බලන්ට...කන එක කොයි වෙලේ කර ගන්ට බැරිද..?

    @Buratheno...

    ඇත්ත ඇත්ත... නර කෙස් පැහෙන්න පටන් ගන්නකොට ඕවා කල්පනා කරලා වැඩ කරන එක හොඳයි...

    @නිශ්...

    ආයේ ඉතිං එහෙම නැත්තං මං නෙවේ වගේනේ බං... කොහේ ගියත් මල්ල අරං තමා...

    අම්මේ ඔව්..මගේ ලොකුම හීනයක් පුස්තකාලෙක පුස්තකාලාධීපති වෙන එකත්...

    ආ එයා මේ වෙද්දී ඉස්පිරිතාලයක් ඉස්සරහට වෙලා වැස්ස දිහා බලං ඉන්නවා කියලා ආරංචියක් ආවා...

    ReplyDelete
  5. ලින්ක් එකට නං බොහොම පිං!

    ReplyDelete
  6. පින් සිද්ධ වෙනවා කාට වුනත් හරි මග පෙන්වනවාට... ඔය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් පොත් වී.පී.පී ද ඇතුළුව තැපෑලෙන් ගෙන්වා ගන්නත් පුළුවනි...

    ReplyDelete
  7. ලියපු කොමෙන්ටුව දාල වැඩක් නෑ... බුරා එහෙම පිටින්ම මම ලියපු එක ලියල...

    ReplyDelete
  8. ලින්ක එකට නම් ගොඩක් පිං! මා ලඟ මේ පොත් හැම එකක්ම තියනවා. ඒත් ඩ්වුන් ලෝඩ් කරලා තියා ගත්තම ලෙහෙසියි.

    ReplyDelete
  9. හපෝයියා...යාන්තම් ලේ ඩිංඟක් දීලා තියෙන්නේ...

    කොහෙද ඉතින් උයනවාය...කනවාය කියලා පින්තූරත් එක්ක දැම්මට ඕවා කනවද අල්ලපු ගෙදරට යවනවද කවුද දන්නේ...නැත්තම් ඉතින් කන ඒව අහවල් තැනට බුරුස් ගාලා යනවා ඇති.... සරීර කූඩුවට උරාගන්නත් කලියෙන්....අනික ඉතින් ශරීර කූඩු බර වෙන්න උසත් තියෙන්න ඕනෙ නොවැ...හි හී හී

    අර පොත් පිංචේ ලකුණු කොලාද ? ගිය මාසේ 28 දා වෙන්න මහත්තැන්ලාගෙ ඔෆීසියේ තිබ්බ එකට ගියාගෙ ඔය පොත් පිංචත් උස්සාගෙන...ඒකේ පිටු පිරිලා ලේ දුන්න ඒවායින්...අනේ එතැන උන්න උන් ඒක ගනන් ගත්තෙ වත් නෑ...දැන් දීපී කාඩ් එක වගේ එකක්...

    ReplyDelete
  10. link එකට බොහොම ඉස්තුතියි,
    ඒ හාමුදුරුවෝ බොහොම සිහියෙන් අපවත් වුනේලු,"මෙන්න මේකට තමා ගොරෙද්දේ අදිනවා කියන්නේ" කියලා කුකුල්පන හාමුදුරුවන්ට කීවාලු,කුකුල්පන හාමුදුරුවොත් ඉතාම වටිනා කුඩා පොත් කීපයක් ලියා තිබෙනවා, තවත් දෙයක් ..ඒ පොත් වල අකුරු සංයෝජනය කරලා තියෙන්නේ කමලා ගමගේ මැම්...

    ReplyDelete
  11. ලින්කුවට බොහොම තුති , මම බොහොම ප්‍රිය කරන රචකයන් වහන්සේ නමක්

    ReplyDelete
  12. ඔන්න පින් අතේ වැඩ ....... සබැදියට ලබා දුන්නාට බොහොම පින්.

    ReplyDelete
  13. ඔය පොත් ටික කාළෙකට උඩදි තිස්ස අයියා මුහුණු පොතෙන් හඳුන්වා දීලා තිබුණා. මල්ලි ආයෙත් ඕවා බෙදාහදා ගත්තු එක හොඳයි..

    ReplyDelete
  14. අහ්හ් මරු මරු.. ඔහොම යන්.. ලේ දෙන එකත කොච්චර දෙයක්ද. බණ ගැන නම මම දන්නේ නැහැ ගොඩාක්. එත් ඔය පොත් නම් කියවල තියෙනවා.

    ReplyDelete
  15. අනේ මං ගෙදර හිටපු කාලෙ කියවපු පොත් ටික.... අපේ තාත්ත ළඟ ඔය ඔක්කොම තියෙනවා..... ළඟදි හිතුවා ගෙන්න ගන්න ඕන කියලා.... මාරයතුමාට බොහෝම පිං ලින්ක් එකට.....

    ReplyDelete
  16. ගුණසේන එකෙත් ඔය පොත් පෙළ තියෙනවා.

    ReplyDelete
  17. මේ රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන් එක්ක කරන සාකච්ඡාවක වීඩියෝ වගයක්. කොටස් තුනක් තියනව. බලන්ඩ.

    http://youtu.be/NJqLg1BL1ec

    http://youtu.be/vZOosGibKdo

    http://youtu.be/xudZNqvIS1Q

    ReplyDelete
  18. මොකද්ද බං "ආලේ බර හොඳයි" කියල නර්ස් කිව්වේ???

    ReplyDelete
  19. ගොඩක් ස්තුතියි link එකට.
    මැණික්

    ReplyDelete
  20. විස්කිරිඤ්ඤේ kiyala type kalee kohomada ayya??

    ReplyDelete
  21. ධර්ම දානය උතුම්ම දානය කියනවනේ....මාරයා ඒ කුසල කර්මයත් කර ගත්තා කියමුකෝ...

    ReplyDelete
  22. බොහොම හොඳයිනෙ බොලේ ....
    මාත් ඔය පොත් තවම කියවලා නෑ.
    දැන් ඉතින් මාරයාට පින් පිණිස කියවන්ට බැරියෑ.

    ReplyDelete
  23. "මගේ ලොකුම හීනයක් පුස්තකාලෙක පුස්තකාලාධීපති වෙන එකත්..."

    හීනේ හැබෑ කරගනිමුද මලේ?

    ReplyDelete
  24. නියම ලිපියක් මාරයියේ....මටත් ලේ දීමේ ආසාව තියෙනවා...හැබැයි ඉතින් මාරයියගේ තත්වේම තමා...මම පයින්ටුවක් දුන්නොත් මට පයින්ට් 2ක් හම්බුවෙනවා....ලිපිය නම් නියමයි....ගොනාවගේ බණ කියවන උන්ට අයියා නියම උත්තරයක් දීලා තියෙනවා...

    ReplyDelete
  25. මාරයිය දාන දෙකක්ම දීල තියෙන්නෙ. පිං අයිති වෙනව.
    අර සූට්ටං පොත් හතරම අරගෙන වෙලාවක ලේ බැංකුව පැත්තෙ යන්න. එහෙ උදවිය පොත් හතරම එකක් කරල දෙයි.

    ReplyDelete
  26. බොහෝවිට මාරයාගේ ලිපි කියවුනමුත් මම අදහස් ප්‍රකාස කර ඇත්තේ කලාතුරකින්
    මෙය හොද මගපෙන්වීමක් ලංකාවේ පිරිසිදු ලෙස දර්මය විස්තර කර ඇති
    එකම ග්‍රන්ථ පෙළ ලෙස හදුන්ව දිය හැකිය.රේරුකානේ හිමියන්ගේ පොත්
    පහත මගින්
    http://www.savanatasisilasa.org/Dhamma_Books/most-ven-rerukane-chandawimala-maha-thero.html

    English පරිවර්තනයකුත් ලබාගත හැක.

    තිලින

    ReplyDelete
  27. පිං අයිති වේවා

    ReplyDelete
  28. බොහොම ස්තූතියි ලින්ක් එකට.

    හැබෑ බෞද්ධයන් කළ යුතුවන්නේ දුහුනන් ධර්මයෙන් නිසි මඟට ගැනීම විනා "අඩෝ අපි සිංහලබෞද්ධ හරිය" කියා වෙනත් ආගමිකයන්ගෙන් වෙනත් ජාතීන් ගෙන් ගේම ඉල්ලීම නොවේ. ෆේස් බුකියේ ජාතියේ හෝ ආගමේ නාමයෙන් මුස්ලිම් ජාතිකයන්ට කුණු හරුපයෙන් බැන වදින මහා කළු සිංහලබෞද්ධයෝ දකින විට මටනම් ඇති වන්නේ මහත් සංවේගයකි. ඔවුන් අතින් මේ දහම කිළිටි වන බව ඒ "මද නුවණැතියන්" කවදා වටහා ගනු ඇතිද?

    ලේ දෙන්නට ප්‍රථම කෑමෙන් බීමෙන් ශරීරය පෝෂණය කර තිබිය යුතු වන්න සේ; අනෙකාට ධර්මය කියා දෙන්නට පෙර තමා ධර්මයෙන් පෝෂණය විය යුතුය, ධර්මය පිළිපැදිය යුතුය.

    ප.ලි: අඹ ගහෙන් මෙම සබැඳියට ප්‍රචාරයක් දුන්නාට අමනාපයක් නැතැයි සිතමි.

    ReplyDelete
  29. @මාලන්...

    කිසිම අමනාපයක් නැත...

    ReplyDelete
  30. පින් සිදුවේවා! වෙලාවක් ලැබුන ගමන් එක පොතක් හරි බලනවා.

    තව එකක්.... ඔය මොනවා කරත් වැඩක් නෑ...ඇඟපත ආරන්ට කෑවේ නැත්නම්....ඉස්සරනම් 'ඉතියෝපියාවෙන්ද ආවේ" කියලා අහනවා. දැන් ඒකත් බෑ මොකද දැන් එහේ සාගතයක් නැති හින්දා. දැන් අහන්ට වෙන්නේ 'ආශ්චර්යයෙන්ද ආවේ' කියලා :-)

    ReplyDelete
  31. අද මේ කරගත්තාවූ පින්බලෙන්..... ඔබ සිතන පතන බොඩියකින්................... වාසනාව ලැබේවා........

    ReplyDelete
  32. බොහොම පින්! අදම කියවන්න පටන් ගත්තා.
    කැමති කට්ටිය අජාන් බ්‍රහ්මවංස හාමුදුරුවන්ගේ opening the door to your heart කියන පොත ත් හොයාගෙන කියවන්න. :)

    @රතු මුහුද
    //ඔබ සිතන පතන බොඩියකින් වාසනාව ලැබේවා........ //
    බොඩියකින්??? :D

    ReplyDelete
  33. හරි දෙන අනිත් දේවල් තිබිච්ච්දෙන්.. අතින් පයින් දෙන්න ආවොත් නම් හුහ්.. අපි බලා ඉඳී අත් දෙක බැඳ ගෙන.. අම්ම්පා ගලකින් හරි ගහනවා !

    ReplyDelete
  34. අඩේ මාරය මෙච්චර කල් තෙල් ගිලල තියෙන්නෙ ඇඟ හදාගන්නනෙ.
    ලේ දීපු පිනෙනුයි, ලිංක් එක දීපු පිනෙනුයි ආයෙත් පාරක් ලේ දෙන්න හැකියාව ලැබේවා.

    ReplyDelete
  35. අයියා පිං අතේ වැඩක් කරලා.එකක් නෙවෙයි නේ දෙකක්ම.

    සාදු සාදු!!!!!!

    ReplyDelete
  36. ඕන් ආයෙ ඇවිල්ල කියෙව්ව.
    ලිපිය වැදගත් වෙන්නෙ ඔබීට.
    එයා තමා මටත් එක්ක බණ දහම් පින් කම් කරන්නෙ.
    ඔබී ගාවත් රේරුකානෙ හාමුදුරුවන්ගෙ ඇතුළුව සෑහෙන බණ පොත් තොගයක් තියෙනව.

    ReplyDelete
  37. මටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඔබේ වියමනෙන්. ස්තූතියි ඒ පිළිබඳව්. ඒත් නොදන්න දේ ගැන ප්‍රශ්නයක් නොදන්නවා වගේ අවංකව ඇසීම, නොදන්න බව අන් අයට පෙනීම ගැන නම් මගේ අසතුටක් නෑ. මා ජීවිතයේ අත් දැකි දේ දන්නා කෙනෙකු ලවා මුවහත් කර ගැනීමට මා කැමතියි.

    ReplyDelete
  38. @niroshini

    බෝදියකින්....වෙන්න ඕන...

    ReplyDelete
  39. Sri Lanka Tech said...
    //බොහෝවිට මාරයාගේ ලිපි කියවුනමුත් මම අදහස් ප්‍රකාස කර ඇත්තේ කලාතුරකින්
    මෙය හොද මගපෙන්වීමක් ලංකාවේ පිරිසිදු ලෙස දර්මය විස්තර කර ඇති
    එකම ග්‍රන්ථ පෙළ ලෙස හදුන්ව දිය හැකිය.රේරුකානේ හිමියන්ගේ පොත්
    පහත මගින් //
    තිලිනට ස්තුතියි, මං ඔබ පෙන්නු පාරේ ගොස් මට අවශ්යව තිබු දෙයක් සොයා ගත්තා එනම් නිවන 'අතක්කාවචරයි' කියන එක එය තිබුනේ අපේ හාමුදුරුවන්ගේ නිර්වාණ විනිශ්චය පොතේ 71 පිටුවේ.
    http://www.savanatasisilasa.org/Dhamma_Books/most-ven-rerukane-chandawimala-maha-thero.html

    English පරිවර්තනයකුත් ලබාගත හැක.

    තිලින
    November 30, 2011 10:06 PM

    ReplyDelete
  40. පින් සිද්ධ වෙන වැඩක් මාරයො...හරිම වටින පොත් ටිකක්..

    ReplyDelete