21 November 2011

කට්ලට් හදමු නේද..?

වැඩි විස්තර කියන්න ඕන නැහැ බොහෝම ලේසි පහසු රසවත් කෑමක්.. ඔය ගෑණු දරුවන්ට එහෙම ගෙදර ඉන්න වෙලාවට කරලා බලන්ට ඇහැකි ලේසිම දෙයක් මේක.. අම්මලා තාත්තලා මහන්සි වෙලා හම්බ කරලා ගෙදරට ගෙනත් දාන එළවළු පහේ ටිකටයි..අල මාළු එතකොට තෙල් ටිකට එහෙම කෙලවලා දාන්ටයි මේක මරු වැඩේ..ඒත් ඉතිං ඒ වගේද ඒ අය මහන්සි වෙලා එද්දී උණු උණූවේ හදපු කට්ලට් එහෙකුත් එක්ක දුං දාන ඉඟුරු ප්ලේන්ටියක් දුන්නම දැනෙන සංතෝසේ.. නේද..? ඒක ඔය අල ගෙඩියකට තෙල් ටිහකට සමාන කොරන්න පුළුවන්ද..?නැද්ද මං අහන්නේ...

දැන් එතකොට මේක ගෑණු දරුවන්ට විතරක්මද..ඇයි කොල්ලන්ට නාකද..? නැහැ නැහැ ඔය තේ එකක් බොන්ට වගේම වෙනින් දෙයක් බොන වෙලාවකට උනත් මේක මල් මසුරං කෑමක් නෙව.. ඒ හින්දා උන්දලටත් දැන කියා ගත්තට පාඩුවක් නැහැ...

හරි මං කෙටියෙන් කියාගෙන යන්නං... මේක කියන්න ඒ හැටි අමාරු නැහැ මොකද මං ඊයේ කට්ලට් හදන ගමන් ඇති වෙන්න පින්තූර ගත්තා..

මෙන්න එහෙනං පින්තූර ආශ්‍රයෙන් පැහැදිලි කිරීම...

තම්බා ගත් ලොකු අර්තාපල් අල දෙකක්.. තම්බා ගත් මාළු කැබැල්ලක් හොඳින් පොඩි කර මිශ්‍ර කර ගන්න..ඔතනදී අර්තාපල් වෙනුවට සමහර අයනං කිරි අලත් ගන්නවා ඒත් කලවමට අර්තාපලුත් ඕන මං හිතන්නේ.. මාළු වෙනුවට සැමන් ගන්නත් පුළුවන් තම්බ තම්බ ඉන්න ඕනත් නැහැ.. ඕනනං කටු ඉවත් කර තම්බා ගත්ත මස් වර්ගයක් උනත් ගතෑකි.. ඒත් නැත්තං තම්බපු බිත්තර උනත්...

තලාගත් ඉඟුරු..සුදු ළුණූ... ටිකක්..හීනියට කපා ගත් කරපිංචා..අමු මිරිස්..රතු ළුණු..කුරුඳු පොතු..කරඳමුංගු(එනසාල්)..කරාබු නැටි..ඔය තියෙන ගානට වගේ...

හීනියට ලියා ගත්ත කැරට් අල බාගයක්....ගෝවා කොළ දෙකක්..ලීක්ස් කොල දෙකක්...බෝංචි කරලක්...

හරි දැන් ඔය ටික ලෑස්ති කරගෙන මුලින්ම භාජනයක් ලිප තියලා රත් වේගන එද්දී ඒකට තෙල් ටිකක් දාලා..ඒ තෙල් රත් වෙද්දී අර අමු මිරිස් සුදු ළුණු තියෙන පීරිසියේ තියෙන කලමනා ටික තෙලට දාලා ටිකක් විතර කර බැදගන්නවා..ඒ ටික ටිකක් පාට වැටීගෙන එද්දී එළවළු දීසියත් එකතු කරනවා..ඒ ටික හොදට තෙම්පරාදු වෙන්න ඇරලා ඒකටම අපි දාන්න ඕන මෙන්න මේජාති...

ලුණු කුඩු තේහැන්දක්...(තම තමන්ගේ හැටියට අඩු වැඩි කර ගන්න..)
ගම්මිරිස් තේ හැදි බාගයක්..
තුනපහ කුඩු තේ හැඳි බාගයක්..
කහ කුඩු තේ හැදි කාලක්...

කැමතිනං විතරක් මිරිස් පොඩ්ඩකුත් එකතු කලාට වරදක් නැහැ.. ඒත් ගම්මිරිස් විතරක් උනත් ඇති ඕකට...

හරි දැන් මේ ටික නියම ගානට තෙම්පරාදු වෙලා ආවම ඒකට එකතු කරනවා කලින් තම්බා පොඩි කර ගත් අල සහ මාළු මිශ්‍රණය...

දැන් බලාගෙන යන්න පහලට තොරණේ සිත්තර ටික...











හරි තොරණේ සිත්තර මෙතනින් ඉවරයි.. ඊට පස්සේ තියෙන්නේ තොරණේ විස්තරේ...

ඔන්න ඔහොම හදා ගත්ත මිශ්‍රණය ටිකක් නිවෙන්න ඇරලා ඕකටම දෙහි බෑයක ඇඹුල් එහෙමත් එක්කාසු කරලා ඊට පස්සේ කුඩා බෝල හෝ තමන් කැමති හැඩයකට..කැමති ප්‍රමාණයකට ගුලි සකස් කරගන්න...

ඊට පස්සේ අපිට ඕන වෙනවා බිත්තර සුදු මදයක්..ඒක හදා ගන්න දන්නවනේ..බිත්තරයක් කඩලා දීසියකට දාලා.. එකෙන් කහ මදේ අහක් කරගන්න එච්චරයි..

ඊටපස්සේ අර ගුලි කරගත්ත කට්ලට් බෝල ටික බිත්තර සාරුවේ යන්තමට තවරලා ඒත් එක්කම දා ගන්න ඕන බිස්කට් කුඩු දාලා තියෙන පිඟානකට... බිස්කට් කුඩු කිව්වට ඉතිං ඔය කඩවල්වල දෙන්නේ පාන් කුඩුනේ..එව්වා තමා ඕන..ඉතිං අර බෝල බිත්තර සාරුවේ දවටලා ඊ ලගට බිස්කට් කුඩු වල එහාට මෙහාට ටිකක් පරිස්සමට පෙරලලා හොදට කුඩු තැවරෙන්න ඇරලා ඒ ගුලි ගැඹුරු තෙලේ බැඳ ගන්න ඕන... ඒ ටිකනං කියන්න දෙයක් නැහැනේ...තාච්චියක් ලිපේ තියලා ඒක රත් වෙනකොට පොල්තෙල් හෝ තමන් කැමති තෙල් වර්ගයක් ඒකට දාන්න ඕන..මේකටනං තෙල් ටිකක් දාලා හරියන්නේ නැහැ...මොකද කට්ලට් එකම ගිලිලා යන්න තෙල් ඕන...

ඉතිං එහෙම තෙල් දාලා..ඒ තෙල් හොදට රත් උනාම කට්ලට් බෝල ඒවාට දාලා හොදට බැඳ ගන්නයි තියෙන්නේ..ඒ ඉවර උනාම අපිට ලැබෙනවා අර ඉහලම තියෙන්නේ පින්තූරයක්..ආන්න ඒ වගේ ලස්සනම ලස්සන..සුවඳම සුවඳ..රසම රස.. කට්ලට්...

දැන් ඒක කන හැටිත් මං කියන්න ඕනද..?

47 comments:

  1. හපොයී අර බෝල ටික රවුං මදි වගේ ................

    ReplyDelete
  2. තැන්කූ ඈ............. අද මං කනාවට වගේ එක

    ReplyDelete
  3. ඕකටම සෝස් ඩින්ගිත්තක් ගෙදරදීම හදා ගන්ට ඇහැකිද ?

    ReplyDelete
  4. අපි හදනකොට එලවළු දාන්නේ නෑ. මේ විදියටත් හදල බලන්න ඕන. අපෝ කන හැටි කියන්න ඕන නැ.

    ReplyDelete
  5. මං ඊයෙත් කෑවා අයියේ...

    ReplyDelete
  6. කට්ලට් කමු නේද කියල පෝස්ට් එකක් දැම්මොත් ඔන්න අපිටත් එන්න පුළුවන්.

    ReplyDelete
  7. මෙව්වා බලන්ටොන නැ.. අපෙ අම්මට කිවානම් හදා ගත්තැහැකි.. වෙන දෙයක් නැද්ද ලියන්න ? කෑම අපි කොහොම හරි කනවා.. ඔයා වෙන දෙයක් ලියන්න.. මොකද ලියන්න දේවල් නැද්ද ඇ?

    ReplyDelete
  8. මේවා බලන හා හදන්න යන උදවියට..
    අප්සට් උනොත්...
    freeanushka.blogspot.com/2011/07/blog-post_06.html

    ReplyDelete
  9. අපේ සපතේරු හාමිනේ කට්ලට් හදන්න හරි සූරයි... හැබැයි අර කියපු බිත්තර සුදු මදේට කෝන්ෆ්ලවර් වගේ මොනවහරි දානවද කොහෙද... මොකද මම දැකල තියෙන විදිහට සුදු පාට මිශ්‍රණයක දවටල තමා පාන් කුඩු එකට දාන්නෙ... හිටු අහල බලන්න...

    ReplyDelete
  10. දැනට මේ තියෙන විදිහටම ඇදගෙන යනවා. කට්ලට් පස්සෙම කමු.... :(

    ReplyDelete
  11. මමත් එළවළු නම් දාන්නේ නෑ. අල, සැමන්, ගම්මිරිස්, ලුනු කුඩු, අමු මිරිස්, රතුලූනූ පමණයි. කන්නේ බටර් ගාපු පාන් එක්ක. දිවිය ලෝකෙදිත් ඒ වගේ කෑවා මතකයි.

    ReplyDelete
  12. මෙදා පොටේනම් රෙසිපියේ අවුලක් තියෙනවා. කට්ලට් වලට එළවලු දාල..!!!

    ReplyDelete
  13. ඔෆිස් එකේදි මේක කියවලා.. එන ගමන් කාර්ගිල්ස් එකෙන් ගත්තා රෙඩි මේඩ් කට්ලස් පැකට් එකක්.. හිටුකො බැදගෙන කන්න !

    ReplyDelete
  14. සික් ..ආයෙත් පටන් අරන්..
    කාපිය .ඉතින් කාපිය..අන්තිමට අපිවත් කාපිය...

    ReplyDelete
  15. ටිකක් වැඩිපුර හදල.. අපිට එන්න කිව්වනං නෑවිත් ඉන්නවද ... මේක හරි වැඩක්නේ යකෝ..අපි මෙතන කෙළ පෙරන් බලන්නෝන..

    ReplyDelete
  16. //ආන්න ඒ වගේ ලස්සනම ලස්සන..සුවඳම සුවඳ..රසම රස.. කට්ලට්...// බියර් බෝතලයක් (හෝ දෙකක් වුවද කම් නැත)
    තොලගාමින් බයිට් එකට ගන්න....

    ReplyDelete
  17. @ඇනෝ - උඹලට කට්ලට් එකක් කාගෙන ඉන්න බැරි හැටි , අනුන්ගේ එවමයි හොයන්නේ

    @මාරයා- එලවලු දානව දැක්කේ අදමයි බං , කොහොම වෙතත් කට්ලට් කියන්නෙ මගේ ප්‍රියතම කැමක්

    ReplyDelete
  18. කන හැටි කියන්න ගත්තොත් බොන හැටිත් කියන්න වෙයි නේද මාරයියෙ..හික්ස්...

    ReplyDelete
  19. මේකත් හදලා ඇන්න ගියේ අර ඉඹුල් කිරිබත් ගෙනිච්ච කෙනාටම වෙන්නැති....අපිට කොයින්ද පූසෝ මාළු...නේද කොළුවො...හි හී...හී

    ReplyDelete
  20. දිල් ..ඔය පූසා කිව්වෙ අහවලාටද ?..

    ReplyDelete
  21. මාරේ අයියේ මේක ඔය කියන විදියට හෙන වියදම් යන කෑමක් බං . ඔය එක බෝලෙකට අඩුම තරමේ රු20වත් වැය වේවි

    අපෙ බජට් එකට හරියන කෑමක් දාපංකෝ අයියා !

    මම නම් හැදුවොතින් නම් හදන්නේ ඕකේ එල්වලු අයින් කරලා , බිත්තර දානෙම නැතුං . මාලු වගේ දේවලුත් ඉවත් කරලා තමයි ඔන්න එතකොට අපිට දරන්න හැකි ගානකට කට්ලට් කන්න හැකියි .

    රෙසිපියට තෑන්ස්ක් ඈ

    ReplyDelete
  22. @හිස් අහස

    කැරට් 250g රුපියල් 40 යි..එළවළු ගිණි ගණන්...හපොයි සඳරූ මේ කාලෙට මෙයාලා වගේ සල්ලි කාරයෝ මේ වගේ කට්ලට් හදලා කෑවට අපිට නම් බෑ... ඔන්න ඔහේ අඩු බජට් කෑම නෙමේ..මේ වගේ කට්ලට් හදාගෙන අපිටත් ගෙනත් දෙන්න කියමු...හුටා....සඳරූට කට්ලට් එද්දී කුණු වෙලා තියේවි...

    @ලකී

    ඒ පූසත්...අහවල් පූසත් හැරෙන්නට තවත් පූසලා සිටියිද ? :P

    ReplyDelete
  23. කට්ලට් රවුම් වෙන්නේ නැත්තේ මුගේ අතේ අප්සැට් එක හින්දා....

    ReplyDelete
  24. "පොල්තෙල් හෝ තමන් කැමති තෙල් වර්ගයක්"

    එන්ජින් ඔයිල් දානවා නං S.A.E.30 හෝ 40,ගියර් ඔයිල් දානව නං ATF 90 වගේ එකකින් නියම රස,ගුණ,ලබා ගත හැක.
    බ්රේක් ඔයිල් දානව නං ෂුවර් කරල DOT30 වගේ එකක් පාවිච්චි කරන්න

    ReplyDelete
  25. ආ...කියන්න අමතක වුනා, ගෑල්ලමයි කටලිස්, අග්ගල හෙම හදන කොට බෝලෙ සයිස් එක, ශේප් එක ගැන බොහෝම පරිස්සං විය යුතුයි.
    මොකද 'ඕනය' වගේ කට කැඩිච්ච එකෙක් දැක්ක ගමන් ඕකට කතාවක් හදනව, ෂුවර් & ෂොට්.

    ReplyDelete
  26. @සඳරු , දිල් - ක්ව්ද කියන්නෙ එලවලු ගාන වැඩියි කියල , මාරයගෙන් අහල බලන්න පොර තමයි ලංකාවේ බඩු වල මිල ගණන් හරියටම දන්නේ . පොරගේ අවසන් වෙලඳ පොල විග්‍රහයට අනුව , මිල ගණන් සැහෙන්න අඩුයි මේ වෙනකොට

    ReplyDelete
  27. අපි නම් කට්ලට් හදන්නෙ එළවළු නොදා... මේ විදියටත් හදලා බලන්න ඕන....
    අනේ අනේ ඔබා මාමෙ.... හිකිස්...

    ReplyDelete
  28. අඩේ මාත් මේ ඇහුවමයි එළවළු දානවා කට්ලට් වලට.. එතකොට කට්ලට් දවස් 2-3ක් තියාගන්න බෑ නේද බං, නරක් වෙන්න බලනවනේ.. විශේෂයෙන්ම කැරට්, ගෝවා වගේ තෙත් ගතිය වැඩි එළවළු.. මමනං කරන්නෙ කට්ලට් ටිකක් වැඩිපුර හදලා ෆ්‍රිජ් එකේ දාගෙන තියාගෙන දවස් 2-3ක් තිස්සෙ ටික ටික බැදගෙන කනවා උනු උනුවෙම.. ඒක නිසා මට නං ඔය එළවළු දාන එක ටෙස්ට් කොරන්න වෙන්නෙ නෑ.. :)

    ReplyDelete
  29. උණු උණුවෙන් කට්ලට්... හම්මෝ...කෙළ බේරෙනවා.

    ReplyDelete
  30. මෙච්චර එළවලු ගොඩක් දාල කොත්තුවක් වගේ වෙයිද?කමක් නෑ රසට තියෙයිනේ..
    @සදරු
    උඹ කියනදේවල් ඔක්කොම අයින් කලොත් කට්ලට් එක ඇතුලෙ ඉතිරි වෙන්නෙ හුලං ටිකක් විතරයි.
    @Observer
    ඇත්තටම ඔබා කට්ලට් හදන්නෙ බ්රේක් ඔයිල් දාලද?

    ReplyDelete
  31. යකෝ අපි හදන ඒවට එලවලු දාන්නෙ නෑනෙ.
    දැන් ඕක කන්නෙ මොනවගේ බීමක් එක්කද කියලත් කිවුවනං තමයි හොඳ.

    ReplyDelete
  32. කට්ලට් දවටන්න කෝන්ෆ්ලවර් පාවිච්චි කලහම බොහෝ වෙලාවක් යනකම් මැලවෙන්නේ නැතිව තියාගන්න පුලුවනි.
    අත් හදා බලන්න....

    ...සුභා...

    ReplyDelete
  33. කට්ලට් බදින කොට පුපුරන්නෙ නැතුව බැද ගන්නනම් බිස්කට් කුඩු තවරලා ටික වෙලාවක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනෙ.

    ReplyDelete
  34. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    ඇත්තමයි...දැක්කෙ නැතෑ අර දාල තිබ්බ ගණන් පහුගිය දවස්වල...ඒ නම් හැබැයි සල්ලි දීල ගත්ත ඒවා වෙන්න බෑ.... පොළේ විසික් කරන ඒවා පැත්තක් ගොඩ ගහලා තියෙනවනෙ...ඒවා වෙන්නැති අරන් එන්නේ..මොකද අපි ගන්න ගියාම මාරයියගෙ ගණන් වල නෑනේ... :P

    ReplyDelete
  35. @ මියුරු,
    පලවෙනි කොමෙන්ට් එකටද දෙවෙනි එකටද හිකිස් ගෑවෙ?

    ReplyDelete
  36. තොට ආයි කියන්නෙ නෑ මේ කුකරි පාඩම් නවත්තල ලියහන් ජූංඅල ගැන හරි පන්සලේ කතා හරි.

    කෝ මේ පොස්ට් එකේ කොටසක් අඩුයි නේ;

    කාපු කෙනාගෙ කොමෙන්ට් දාන්න අමතකවුනාද හිතා මතා අමතක කලාද?:D:D

    ReplyDelete
  37. එළවලු නම් දාන්නේ නැහැ අපි නම්.. බලමු මෙහෙමත් හදල බලන්නම්.. :))))

    ReplyDelete
  38. මේ කතා වලට සැලෙන්න එපා අයීයේ. දැන් මේ කියන අය අනිවා ඔයාගේ මෙනූ එකේ රස බලනවමයී. මාර සරණියට ජයවේවා.
    මම නම් මග බල බල ඉන්නේ පරිප්පු හොද්දේ සිට ඩෙවෙල් එක දක්වා උයන්න උගන්නනකල්.

    ReplyDelete
  39. ඔබා...ඇයි නැටුම් තෙල්?????

    ReplyDelete
  40. මාරයා මලේ දැන් මේ වයිවාරන්න කෑම ජාති ගැන රෙසිපී කියවන ගම මහගේ කෙනෙක් කෑමට ලොල්වෙලා ඔය තනිකඩ නවාතැනේ පදින්චියට ඒවි.. කශ්ටියක් පෝලිමේ ඒවි මගෙ හිතේ...

    ReplyDelete
  41. මාරයියා හදන විදියට තමයි මාත් හදන්නෙ. එතකොට එලවලු නොකන මගේ ඇච්චො දෙන්නගෙ බඩට හොරෙන්ම එලවලු යවා ගන්න පුලුවන් නිසා.මම කරන්නෙ නම් පාන් පිටි වලට ලුනු සහ වතුර ටිකක් දාල දිය කරල ඒකෙ දවටල අරන් ඊට පස්සෙයි බිස්කට් කුඩු දවටන්නෙ...
    ලොකුස්සා

    ReplyDelete
  42. අනේ හැබැට මේ ඔබා මාමා කියන කතා....
    වයසෙ හැටියට නොවෙයි කතාව..
    හික්.... හික්.... හිකීස්......

    ReplyDelete
  43. අඩේ එළවලුත් දානවද බන් අයියේ ?

    ReplyDelete
  44. yaluwo cutlet walata elawalu danawada ?

    ReplyDelete