05 November 2011

සුළු දෙයින් සතුටු වෙන එකේ වාසිය...




අද උදේ ගෙදරට කඩං පාත් උනේ වැඩ කිහිපයක්ම කරන්න හිතාගෙන...
රෙදි හෝදන්න..උයන්න පිහන්න.. කේන්දරයක් දෙකක් බලලා දාන්න...එතකොට තව වැඩ පොලේ ඉන්න මගේ හිතවතා ජයරත්න අයියා පොඩි ලෝන් එකක් ඉල්ලුව හින්දා බැංකුව පැත්තේ ගෙහුං ඒකටත් කීයක් හරි උස්සං එන්න වගේ කාරණා කිහිපයක්ම හිතේ තියාගෙන.. ඒත් ආව ගමන්ම තව කරන්න වැඩක් තිබුනා.. ඒ තමා ඊයේ මං බලලා යවපු පොරොංදං සටහනක මේල් එක ලැබිලා නැහැ කියලා ඒ අදාළ කෙනා විසින් කතා කරලා කිව්ව හින්දා ඒක මොකද උනේ කියලා බලන්න තමා..

කොහොම හරි එන ගමන්ම මං පාන් අරං ආවා උදේට නෙලන්න කියලා හිතාගෙන...මොකද උදෙන්ම උයන්නේ නැතිව ටිකක් දවල් වෙලා උයන්න පුළුවන්නේ එතකොට.. ඉතිං පාන් පෙති තුන හතරක් කපලා ඒකට මාගරින් ටිකක් තවරලා මං ආසම විදියට.. ඒ කිව්වේ සීනි ඉහලා තමයි..මොකද මට ඔය පොෂ් විදියට කෑහැකියැ සීනි නැතිව... පොඩිකාලේ ඉදලා ආස මාගරින් ගාලා සීනි ඉහලා කන්ට තමා.. ඉතිං ඒකත් ඒ විදියට කරලා තේ කහට කෝප්පෙකුත් හදාගෙන ලැප් එකත් දිග ඇරගෙන වාඩි උනා මගේ සුපුරුදු ඉස්තානේ.. ආ ආ මං ඒක ඔහේලට පෙන්නලා නැහැ නේද...හිටු හිටු ඒකත් පොටෝ එකක් ගහන්ට...



ඔය තියෙන්නේ...

ඉතිං ඔතන වාඩි වෙලා ඩිංග වෙලාවක් යනකොට මට ඇහෙනවා අල්ලපු ගෙදර අයියා කෑ ගහනවා...

"වතුර නැති වෙන්න එන්නේ වතුර නැති වෙන්න එන්නේ"

හුටස් මට තේරුනා මොකක්ද වැඩේ කියලා..අද මොනවා හරි රෙපෙයාර් එහෙකට වතුර කපන්නයි යන්නේ.. මාත් ඉතිං දඩ බඩ ගාලා රෙදි හොදන ලොකු බේසමට වතුර එහෙකුත් පුරවලා ලොකු වීදුරු බෝතල් දෙකකටත් වතුර පුරෝන කොටම වතුර නැවතුනා..හරිනේ ඉතිං.. දැන් කොරහංකෝ...

උයලත් ඉවරයි.. රෙදි හෝදලත් ඉවරයි..හොඳ වෙලාවට හැමදාමත් වගේ උදේ එනකොට වැඩ පොලෙන් නාලා ආව හින්දා හවස් වෙනකල් දෙවෙනි ට්‍රිප් එක නාන එකනං කල් දාලා හිටියෑකි.ඒත් ඒ කියන්නේ අද බයික් පැදිල්ලත් කරන්න වෙන්නේ නැහැ... මොකද මට දුවිල්ල කාගෙන කොහේ හරි ගිහින් ආව ගමන් නාන්ට ඕන ලෙඩක් තියෙනවා...

ඒත් ඉතිං මොනවා කොරන්ටද ගේ ඇතුලට වෙලා ඉන්ටත් බැහැනේ කියලා මං කල්පනා කලා ෆිල්ම් එකක්වත් බලන්ට යන්ට කියලා... එහෙම හිතලා මං මගේ දුක බුකියේ එහෙම කියලා ටිකක් කල්පනා කොරනකොට තමා මට මතක් උනේ කපලා තියෙන්නේ වතුර මිස ලයිට් නෙවෙයි නේද කියලා.. ඇයි යකෝ ෆිල්ම් බලන්න මොකටද එහෙ මෙහෙ යන්නේ ලයිට් තියෙනං ෆෑන් එක වැඩනේ.. ඔය ෆෑන් එක වැඩ නැත්තං තමා මං ගෙදරින් පිටට පැනලා දවස ගත කරලා එන්නේ.. මොකද ඒ තරමටම හුලං පාරට මං හුරු වෙලා.. ෆිල්ම් එකක් බලන්න ගියාම ඉතිං හොදට හුලං වදින තැනකින් වාඩි උනාම ඔහේ ඉදලා එන එකනේ..

ඉතිං ඒ හෝල් ගානේ යන එක අහක දාලා ඔහේ හිටියා කලින් බාලා තිබුන හින්දි පිචැර් එහෙකුත් දාගෙන ඒකේ නම මොකක් මේ..ආ හරි "සින්දගී නා මිලේගී දෝ බාරා" මං හිතන්නේ එකේ තේරුමනං ීවිතේ දෙපාරක් ලැබෙන්නේ නැහැ කියලා වෙන්ට ඕන... මට ඉතිං හින්දි ‍ෙිල්ම් බලලම හුරු වෙලා ඒවාත් සෑහෙන්ට තේරෙනවා සිංහල ගානටම.. ඒත් මල උලව්වේ මේක හින්දි උනාට වැඩි හරියක්ම ඉංගිරිසියෙන් නෙව කතාව... ඉතිං කොහේ තේරුං ගන්ටද.. ඒත් පොඩ්ඩ පොඩ්ඩ අල්ලගෙන බලාගෙන කරගෙන ගියා.. භාෂාව නොතේරෙන හින්දමද කොහේද ෆිල්ම් එක හදපු එකාටත් වඩා හුගක් දේවල් මං තේරුං ගත්තා.. මොකද කියන දේමත් නෙවෙයිනේ මං දැන් තේරුං ගන්නේ.. කොහොම උනත් ඒක හොඳ ෆිල්ම් එකක්..

ඉතිං ඒක ඉවර වෙද්දී හුගක් දවල් වෙලා.. ඊට පස්සේ මං කල්පනා කලේ වතුපිටිවලට හරි නිට්ටඹුවට හරි ගිහින් දවල්ට කඩේකින් කාලා බැංකුත් ගිහින් එන්ට ඕන කියලා.. ඒත් ඉතිං නැගිටින්ට තියෙන කම්මැලි කොමට..ඒ කිව්වේ මං ඉතිං ඔය පෙන්නලා තියෙන පුටුවේ වාඩි වෙලා.. කකුල් දෙක දිග ඇරලා අර මංම හදාපු මේසේ යට තට්ටුව දිගේ තියා ගත්තම ආයේ නිකං දිව්‍ය භවනේ වැඩ ඉන්නවා වගේ තමා.. මං එහොමම නිදා ගන්නවත් එක්ක හුග වෙලාවට.. ඉතිං දැන් මට නැගිටින්න කම්මැලි කමට ඉන්න අතරේ මෙන්න යකඩෝ මගේ ගේ අයිති අයියා ඇවිත් ජනේලෙන් එබිලා අහනවා...

"මල්ලි අද ඉව්වේ නැහැ නේද..?පොඩ්ඩක් ඉන්ට කොහේවත් යන්ට එපා මං කෑම එකක් ගේනවා" කියලා... මල කෙලි දාහතයිනේ... මං ඉතිං දෝබනේට නෙවෙයි ඇත්තටම කෙනෙකුට කරදරයක් වෙන්ට කැමති එකෙක් නෙවෙයි.. ඒ හින්දා දඩි බිඩි ගාලා නැගිටලා "අනේ අයියේ එපා..මං මේ කෑම ගේන්න යන්යි ලෑස්ති උනේ කිව්වා" උනත් උන්දෑ "නැහැ නැහැ කොහේවත් යන්න එපා කියලා දුවලා ගිහින් ගෙනත් දුන්නේ නැද්ද තඩි කෑම පිඟානක්.. ඒක තමයි ඔය තියෙන්නේ ඉහළින්ම දාලා...

ඉතිං අන්තිමේදී මගේ කෑම පුරස්නෙත් එහෙමම විසඳුනා...
......................................
උදේ වතුර කැපුව ගමන්ම මට ඉතිං ඔළුවට හෙන නොරිස්සුමක් ආවා.. ලයිට් නැතිව ගියාම හිතට එන්නේ අර මහ කේන්තිය මුසු ඉච්ඡාභංගත්වයක්.. ආන්න එයින් එකක්... ඒත් හැමදාමත් වගේම තත්පර ගානක් අතරේ මං සන්සුන්... ඔහොම නෙවෙයි ජීවිතේදී ලැබුන හුගක් පාඩු කරදර වලදී දැන් මට ඔය විදිය හුරු වෙලා... "හරි ඒක නැතුවට මට කමක් නැහැ" ඔන්න ඔහොම හිතුවා අල්ලලා දැම්මා... ඊට පස්සේ ඒ නැති දේ නැතිව ජීවත් වෙන්න හිත හදා ගත්තා...

ඉතිං මොනවා උනත් මං එකක් දන්නවා හැම දේම අත අරින්න පුරුදු වෙන්න වෙන්න ජීවිතේ හුගාක් පහසු වෙනවා විතරක් නෙවෙයි නැති වෙච්ච දේවල්වලට වඩා හුගාක් දේ අපිව හොයාගෙන එනවා... නැත්තං අදම ගේ අයිති අයියලාගේ ගෙදරට අමුත්තෝ එයියෑ.. මට වතුර නැති උනාට එයාලට ස්ටොක් ටැංකි තියෙනවනේ.. ඉතිං හොඳට රසට උයලා මේ මටත් කන්ට දෙන්ට හිතෙයියෑ... මොනවා උනත් මං ජීවත් වෙනවනේ අප්පා අඩුවක් පාඩුවක් නැතිව ඕන දේ ඕන වෙලාවට හම්බ වෙලා.. ඉතිං තව වෙන මොන මගුලක්ද..?මං අදත් සතුටින්...

45 comments:

  1. wathura nethath ubata hodata kanna lebunane banz

    ReplyDelete
  2. වතුර නැති දවසට කන්න ඉස්සෙල්ල දුර දිග කම්පනා කල්ලා මන් නම් අර කක්කුස්සි පේපර් රෝලක් අරන් එනවා !!! බොලත් එහෙමද ?

    ReplyDelete
  3. ඕක සුළු දෙයින් සතුටු වෙන එකෙ වාසිය නෙවේනෙ, කම්මැළි වීමේ වාසිය. බැරිවෙලා කම්මැළිකමක් නැතුව නැගිටලා ගෙදරින් ගියානම් ඕක හම්බෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  4. කෑම එක දැක්කහම නම් කටට කෙලත් උනනවා...
    කොහොමවුණත් ලැබිච්ච දෙයින් සතුටුවෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් තමයි.

    ReplyDelete
  5. කොහොමටත් අපිට ලැබෙන විදිහට තියන විදිහට ජීවත් වෙනකොට වසි තමා මොකද අමතරව ලැබෙන ඒවා හම්මබ වෙන්නෙ බෝනස් විදිහටනෙ.

    ReplyDelete
  6. මේ ජ්‍යොතිෂ කාර්්‍යාලෙද යාලූ...කෝ බන් ලිතක්වත් පේන්න නෑනේ.උඹ හදහන් බලන්නේ දිවැසින්ද?(මම විහිළුවක් කලේ.)සෙනසුරූ මාරුවේ ඉතිරි පලාඵල විස්තරත් ලියන්න.ඔයා ඒක නියම විදියට ලියනවා.

    ReplyDelete
  7. මාර අයියෙ මේක දැම්මට පස්සෙ බඩ රිදුනෙ එහෙම නැද්ද?

    ReplyDelete
  8. මාත් මේ වතුර කපනකම් තමයි ඉන්නේ...ඒත් දැන් නං බඩගිනියි අප්පා....

    ReplyDelete
  9. බොට දැන් හිතෙනව ඇති හැමදාම වතුර නැති උනානං හොඳයි කියල නේද.
    දැන් උඹ කෑම එකත් අල්ලල දැම්මද?

    ReplyDelete
  10. උදේට මාජරින් සීනි එක්ක පාන් බාගයය්, දවල්ට ඔක්කොම තෙල් දාපු කෑම එකය්, රෑටත් කොහොම හරි මස් බිත්තර එක්ක කොත්තුවක් ගිලහන්.
    මේක, මට නයිටක් ගහන්න කතා වුනේ.
    ප. ලි.
    ඕව කැපිල යන්න බීර නං බීල හරි යන්නැහැ, 35% - 40% අතරෙ ඒවම තමා බොන්න වෙන්නෙ. ඕනේ නං අර ඕනය ගෙන් අහල බලහං

    ReplyDelete
  11. yako ube bodima marune ekata man inna bodime ganii patta lobai pu.. wath hodanawada manda wathura yana nisa..ubalata kannath denawa me gani nam api kana ekath illa ganna size eke hik ubata hoda thanak ahu wela

    ReplyDelete
  12. හා ඉතින් සුදු පාං කෙලලා ඔය තෙල් හැළිය බඩෑතුලට දමාන පිලිං එකක් බලලා සුට්ටක් නිදාන හවහට තව පෝස්ටුවක් කොටන ගමන් කොත්තුවක් කෑවම මරු....!

    දෙකොනින් අල්ලා ගැසුවාම තෙල් වෑහ්හෙයි තවටික දොහකින්...

    මේ.. පාන් කන්ටම ඕනෑනම් අර පරලු පාන් ගෙනැත් තියන් කන්ට....
    කන්දෙන් පල්ලෙහට යන කල ඉල්ලං කන්ට වෙයි නැහ්නං...

    ReplyDelete
  13. @ මාරයා , JHOඨ්HඓSHඇළැණ්ඛැ

    පොරොන්දම් කීවාම මට පොඩි අයිඩියාවක් පහළ වුණා.
    නිකා ඉන්න වෙලාවක බලපන්කො මගේ ලග්න කේන්දරේයි නවාංශක කේන්දරෙයි දෙකේ පොරොන්දම් ගලපලා. එකාගෙම කේන්දර දෙකක පොරොන්දම් ගලපල බලන්න මීට කලින් කාටවත් හිතිල නැතුව ඇති නේද ?

    නව සොයා ගැනීමක්නම් පේටන්ට් එක මට :)

    ReplyDelete
  14. //හැම දේම අත අරින්න පුරුදු වෙන්න වෙන්න ජීවිතේ හුගාක් පහසු වෙනවා විතරක් නෙවෙයි නැති වෙච්ච දේවල්වලට වඩා හුගාක් දේ අපිව හොයාගෙන එනවා...//

    මට නම් වැදුනේ ඔය ටික තමා !!!

    ReplyDelete
  15. හෙ හෙ හැබෑටම මාර අයියෙ උබට ඔච්චර පොඩ්ඩක් කලා ඇතිද බන්.ඔය බත් එකක් නෙමේ 'අඩුවක්' නෙ බන්

    ReplyDelete
  16. කෑම පිඟාන දිහෑ බැලුවාම අයියේ උඹ ලද දෙයින් සතුටු වෙන බුවෙක් කියලා කට පුරාම කීවැකි.

    "සින්දගී නා මිලේගී දෝ බාරා" ඒක නම් නියම ෆිල්මක් තමා ..මාත් ආසාවෙන්ම බලාපු එකක් .

    පුටුව නම් එල ඈ

    ReplyDelete
  17. අර නලිනි කියලා තියන කතාව හරි. මේකෙන් පෙන්වන්නේ සුළු දෙයින් සතුටු වෙන එකෙ වාසිය නෙමේ, කම්මැලිවීමේ වාසිය.

    ReplyDelete
  18. මේ "සුළු දෙයින් සතුටු වීමේ" සංකල්පය අපි හිතන් ඉන්න එකම නෙවේ.
    1. ලැප්ටොප්
    2. කැරකෙන කුෂන් පුටු
    3. කොම්පියුටර් ටේබල්
    4. ඔය දාල තියෙන ජාතියෙ කෑම පිඟන්
    5. එහෙම කෑම ගෙනත් දෙන අය්යලා/අක්කලා
    6. බයික්
    7. හින්දි ෆිල්ම්
    8. ගිණි පොළියට ණය දීම

    තව මොන මොනවා තියෙනවද දන්නෑ....

    ReplyDelete
  19. අනේ මාරයියේ, අපිටත් බැරියැ හලෝ ඔහොම ලද දෙයින් සතුටු වෙන්න.:D
    මොනව වුනත් මම නම් හොඳට බඩ පිරෙන්න කාල බීල තමයි මේ බ්ලොග් එක බලන්න ආවෙ. ඒ හින්ද හොඳයි. :D
    මොනව වුනත් ලැබීම නම් මරු.

    ReplyDelete
  20. ඉංගිරිසි චිත්‍රපටි ටිකකුත් බලන්න.
    ඊට පස්සේ හින්දි ඒවායේ නොතේරුන බාගේ බලන්න පුළුවනි!

    ReplyDelete
  21. සතුටින් නම් මදෑ..:))

    බත් එක දැක්කාමනම් කෙලත් ගිලුනා.බඩේ අමාරු හැදුනොත් ඕන් මං නම් නෑ.

    ReplyDelete
  22. අයියලගෙ ගෙදර මගුල් ගෙයක් හරි කොටහලු ගෙයක් වගේ දෙයක් තිබුනැයි. කොහොමත් හෙට උදේ උඹට බඩ යනවා නහුතෙට. ගිලපු කෙල තොගේට.

    ReplyDelete
  23. සුළු දෙයින් සෑහීමකට පත් උනා කිව්වම මම හිතුවේ සම්බෝලයි බතුයි කියලා...මේකනෙ මෙයාගේ සුළු දේ... :P

    මම ඒත් බැලුවා මාරයියා කොහොමද මම උයපුවම ඉව්වෙ කියලා...ඇයි දෙයියනේ ඔය කෑම පිඟානේ තියෙන්නෙ අද දවාලෙට මම හදපුවා එහෙම පිටින්ම, කහ බත්, අල, මගේ ප්‍රියතම බම්බටු මෝජු( ඒවා තියේනම් බත් දෙපාරක් කෑ හැකි :) ) සලාද සහ පපඩම්.....

    ReplyDelete
  24. මාරයා සල්ලි පොලියටත් දෙනවද? :)

    ReplyDelete
  25. හෙන ගහපිය තොට . . . මේ මාලුයි බතුයි විතරක් කාල ජීවිතේ ගැටගහගන්න අපිට මෙවුව පෙන්නනවට

    ReplyDelete
  26. meya kaala wisthara kiyanawa apith ewa balanawa.apitath pissune ithin :D :D

    ReplyDelete
  27. අලංකාර, වර්ණවත් සහ රසට ඇතැයි කියා හිතෙන කොලෙස්ටරෝල් සපිරි කෑම පිඟානක්!

    ReplyDelete
  28. අනිත් මොනා ගමේ තාලේ උනත් ලැප් එක නම් පොෂ් මාරයා අයියා...

    ReplyDelete
  29. ඔය පිඟාන නේද මූණු පොතේ දාල තිබුනේ? අපි හිතුවේ මේ මාරයියම උයාගෙන කියලනේ.

    ReplyDelete
  30. මාරයා මේ වෙද්දී තදබල බඩේ රුජාවක් පෙළෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි.
    මම මේ හුනා කියන්නෑහේ කියන්නේ..

    මටත් කෙල ජුන්ඩක් ගිලුන බං... :)
    (අපිත් ඉතින් අපේ හයියෙන් හත්තියෙන් බතක් මාළුවක් උයාගෙන කන උදවියනේ, ඉතින් මෙහෙම කරන එක හරිද අපිට)

    ReplyDelete
  31. ලැප්ටොප් මේසෙනං එළ ඈ....දම්රෝ කාරයා දැක්කොත් ඌට දුක හිතෙයි !!!!!

    ReplyDelete
  32. අපිත් ඔහොම කෑම දෙන්න ඇහුවාම එපා එපා අයියේ ඔන්නැ වගේ පාඨ පාවිච්චි කරනවා මාරයො.. :P (නමුත් ඒ කියන්නෙ හා කමක් නැ දියං කියලා වගේ:P)

    ReplyDelete
  33. මේ මාරයියා.. මං නිකමට අහන්නෙ.. අර ගෙවල් අයිතිකාර මනුස්සයාට බැදපු නැති දුවෙක් (ඇන්ටි දුවෙක්) ඉන්නවදැ ? O_o

    ReplyDelete
  34. @Sanoj...

    ආයෙත් අහලා...

    @Weni...

    අනේ ඔය සුද්දගෙ වැඩ කිඩ මට පුරුදු නැහැ ආයිබෝං...

    @ඇනෝ-1...

    අප්පා..වැදි බණ නවතා හුඟ කාලයක් වෙනවා දැන්...

    @නලිනි චන්දිමා...

    මේ ලෙඩ කාගෙන්ද ඉතිං බෝ උනේ...?

    @උදාර...

    කන්ට පින..(කාලා තෙල...)

    @ලොකු ඡෝන්...

    අන්න හරි...

    @JHOTHISHALANKA...

    නැහැ මචං මේ ගේ ඇතුලේ කෑල්ලක්...හිටිං හිටිං ඉතිරි ඒවා ටිකත් දාන්ට බලන්ට...

    @චතුරංග ජයවර්ධන...

    මොන පිස්සුද මල්ලියේ... මේ ඉන්නේ යසට...

    @Niroshan...

    දැන්නං බඩගිනි නැතිව ඇති...

    @Praසන්ன...

    අපොයි වතුර නැති වෙන්නනං එපා එහෙම ලේසියට.. ඊයේ වතුර..අද වැඩ පොලට 9ට ලයිට් කපනවා.. හිටිංකෝ වේලි වේලි...
    ඔව් බං..කෑම එක අල්ලලා බඩටම දැම්මා...

    @Observer...

    හොඳට ඉන්න අපිව නරක් කරන්ටමයි මේ යෝධයා හදන්නේ..සික් විතරක්...

    ReplyDelete
  35. දානයක් තිබිල වගේ . නලිනි කිව්වහේ සුළු දේවල් ඔහොම නම් .....

    ReplyDelete
  36. මේක ඉතිං සුළු දෙයින් සතුටු වීමක් නම් අපිට කියන්න දෙයක් නැතුව යනවනේ අයියේ.. හැබැයි ඉතිං කෑම පිගානට නම් කටට කෙලත් ඉණුවා.

    ReplyDelete
  37. හැමදේම වෙන්නේ හොදටයි කියන්නේ ඕකට වෙන්න ඇති මං හිතන්නේ...

    ReplyDelete
  38. @ දොස්තර නෝනා...
    // මේ "සුළු දෙයින් සතුටු වීමේ" සංකල්පය අපි හිතන් ඉන්න එකම නෙවේ.
    1.
    2.
    .
    .

    තව මොන මොනවා තියෙනවද දන්නෑ....//

    ඇයි..

    බටර් පාං.

    නැතුවම බැරි හුලං පෑං

    ReplyDelete
  39. මාරතුමාගේ පින තමා පින. ඒක හොඳට පල දීලා. දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ ඕවාට තමා :))

    ReplyDelete
  40. ස්ටොක් ටැකියෙන් ලයින් එකක් ඉල්ලගන්න, පොඩි ජෙනරේටර් එකක් ටොයිලට් කඩදාසි රෝලක් වගේ තව සුලු දෙයක් ගත්තම ඒ සුලු ප්‍රශ්න ඉවරයි.

    ReplyDelete
  41. උබ ඕක මූනු පොතෙත් දාල තිබ්බනේ අයියේ... ඉතින් උබට බඩේ රුජාවක් එහෙම ආවෙ නැතෙයි... නැතුවත් ඇති... උබ කෑම වල පින්තූර දදා අපිට කරන අපරාධ වලට බඩේ රුජාරු හැදුනනම් මාරයෙක් කොහෙද... හික් හික්

    ReplyDelete
  42. ඇ මාරය්යේ ලද දෙයින් සතු‍ටු විම කිවේ මේකටනම්.... මිටත් වඩා දේවල් බලාපොරොත්තුවක් හිතේ තිබුනද?? පොස්ටෙක දාලා දවස් 2ක් ගිහිනේ ඇයි අය්යේ බඩේ අමාරුව ඇත්තටම හැදිලද උඩ කෙල ගිලපු ගිල්ලිලට

    ReplyDelete
  43. @ සපතේරු උන්නැහේ: :D +++++++++++++

    ReplyDelete
  44. කිසිත් නොකියමි.....

    ReplyDelete