01 December 2011

ආවා ආවා...ඕන්න ආවා..මාර ගී අංක තුන..පොඩි කුමාරිහාමියේ....

පරණ ලේබලයක් අළුත් කරන්ට හිතුනා..අනික ලගකදී ඇඟට දැනෙන්ට දෙයක් කෑවෙත් නැහැ...
ඒ මදිවට හැම තැනම කට්ටිය ඇදගෙන නානවා දැක්කම මටත් නිකං මොකක්ද වගේ...

ඒ හින්දා ඔන්න ඔබ තමුන්නාන්සේලාගේ දෙසවන් පිනවන්නට කලකට පස්සේ නැවතත්....

ගායනය...
වාදනය..
සංගීත අධ්‍යක්ෂණය...
පටිගත කිරීම...

සියළු දේ එකම වහලක් යටදී...(මුරකුටියක් තුලදී...)
එකම දෑතකින්...
එහෙනං අහලම බලන්න හිතාදර සංගීත ලෝලී රසික රසිකාවියනි...

මාර ගී අංක 3 by ctkuamara

54 comments:

  1. මගේ අම්මෝ....මට මම ඉන්නෙ ඔෆීසියේ කියලා අමතක උනෝ මාරයියේ..... මොනා උනත් අයියගේ හැකියාව නම් නියමයි...

    ReplyDelete
  2. උඹ ඉස්ටේෂමක් ලඟද බං ජොබ් එක?
    කෝච්චියක් යනව ඇහෙනව පසුබිමින්

    ReplyDelete
  3. පොල් කටු දෙකියි
    ඔලිඳ බෝතලයයි
    මදටියා කෝප්ප දෙකයි

    මැටි කලයයි


    ඇඩෝ මාරයා එල එල දාමු බස් රේඩියෛා්වේ

    ReplyDelete
  4. හිකි හිකි අයියෝ හිනාව නවත්ත ගන්න බැරියෝ.......

    ReplyDelete
  5. මාරයියේ මේකනම් බස් රේඩියෝවේ පැයකට තුන් හතර පාරක්වත් ප්ලේ කරන්න ඕනේ :D

    ReplyDelete
  6. අඩේ.. බොට තිබුනේ සුපර්ස්ටාර් යන්ඩ. හැබැයි ඉට වඩා හොදයි බස් වල සින්දු කිව්වනම්.හොද ආදායමක් හොයන්න ඇහැකි...

    (වොයිස් 1 එල ඇ....)

    ReplyDelete
  7. හා හා පට්ට පට්ට...සීඩී එකකුත් ඔහොම්ම ගහල දාමු මාරයියේ...එල එල

    ReplyDelete
  8. //උඹ ඉස්ටේෂමක් ලඟද බං ජොබ් එක?
    කෝච්චියක් යනව ඇහෙනව පසුබිමින්//

    "හූ හඩක් පසුබිමේ තියා...."

    ආන්න පින්වතුනි දැන් තෙරුනා නේද වැපාගෙ කවිය කවුරු ගැනද කියල.... දැන් ප්‍රස්නෙ එතනින් එහාට පූසද හරි බීට්ල්ද කියන එකයි....

    ReplyDelete
  9. මරයෝ, බොලාට මාර ටැලන්ට් එකක්නෙ බොල තියෙන්නෙ.....! අපරාදේ උඹ ඉන්නෙ වැරදි ගමන් මාර්ගෙක......!

    දැන් ඉතින් අර වික්ටර් ගොයියගේ "ස" වගේ උඹ පටන් ගනින් "ප" කියල වත් එකක්.....!

    ReplyDelete
  10. මාරයා පොඩි කුමාරිහාමිට ගැයූ ගීය...........

    ReplyDelete
  11. සුවීට් වොයිස්...ආහ්...

    ReplyDelete
  12. ෂා.... පට්ටයිනේ ඈ.
    ඔබ ඉතා අනර්ඝ ලෙස සෘතියේ පිහිටා ගායනා කළා.
    මා ඔබව දෙවන වටයට යෝජනා කරනවා.

    ReplyDelete
  13. අවසාන 24 ට දැම්මා ඕන්..

    ReplyDelete
  14. ෂා මරු ඈ . ඔන්න ඊලඟට මාත් එක්ක යුග ගීයක් ගයන්න එන්න ඕන .

    ReplyDelete
  15. එල.. 2වනි වටයට තෝරා ගන්නවා..

    ReplyDelete
  16. ඇඩෙනවා මේවා අහන කොට ..කැලේ පිපුන මල් කැලේටම පරවෙලා යන්න දෙන්න හොද නෑ..

    ReplyDelete
  17. වොයිස් බැලන්ස්, පිචිං සුපර්බ්.
    හතරවෙනි වටයෙදි හම්බවෙමු.

    ඇත්තටම බං ඕක කියනකොට ළඟපාත කවුරුවත් හිටියෙ නැද්ද?

    ReplyDelete
  18. ම‍රේ මරැ.
    ඔහොම හැකියාවන් තියෙන්නේ හරිම පොඩි දෙනාටයි. ක්‍රිකට් වල වුනත් තුන් ඉරියව් ක්‍රීඩකයෝ හිටියත් සිව් ඉරියව් අය හරි අඩුයීනේ. ඒ කියන්නේ බැටින්,ෆිල්ඩින්, බෝලින් & කඩුළු රැකීම. ඒවගේ තමයී අයියත්
    ගායනය...
    වාදනය..
    සංගීත අධ්‍යක්ෂණය...
    පටිගත කිරීම... ආ අපිට නොකිව්වට රගපාන්නත් පුළුවන් ඇති නේ. :D
    voice range එල කිරි
    variation සුපර්
    ලකුණු සීයෙන් සීයයී.

    ReplyDelete
  19. පොඩි කුමාරිහාමි.... :D දැන්නෙ දන්නෙ ලතාගෙ හරි නම.

    ReplyDelete
  20. ඔය වචන සෙට් එකම වෙනස් තාලෙකට කියනවා වික්ටර් රත්නායක. අහලා තියනවද? :D

    ReplyDelete
  21. ලස්සනයි. හොඳ හැකියාවක් තිබෙනවා. දෙවනි වටයට සුදුසුකම් ලබනවා. අපි ඔබට සුභ පතනවා.

    ReplyDelete
  22. මරු මරු සුභ අනාගතයක්

    ReplyDelete
  23. හැමෝම හොඳා, හොඳා, කියනකොට මේක හිතයිද දන්නෙ නෑ, කට්ටිය කියන්නෙ ඇත්තටම කියල.
    මේකටත් අර රයිටර්ස් බ්ලොක්ද, මොකද්ද, කියන අසනීපෙ හැදීගෙනවත් එනවද මන්ද, එහෙමත් නැත්තන් පෙති ඉවර වෙලාවත්ද?
    කෝ මේ ඕනය එහෙම?

    ReplyDelete
  24. නියමයි අයියේ.. යමුද ඔය ස්ටාර් වැඩ සටහනකට... පළවෙනි තැන ශුවර්...

    ReplyDelete
  25. මුර කුටියෙ වැඩ නෑ වගේ, බලන්ඩ හොරු පැනලා " දුවලද " කියලා ..........
    හැකියාවට අතදෙන්ඩ කෙනෙක් නැතිද ?

    ReplyDelete
  26. ඔයාව තවත් එක් සුපර් ස්ටාර් කෙනෙක් කරන්න දෙන්න බෑ මාරයා අයියා! මාර වොයිස් එක නේ! එළ එළ!

    ReplyDelete
  27. පට්ටයි ආ.... ආයෙත් වැඩේ පටන් අරන් වගේ මාරයියා. මන් ඒත් බැලුවා මොකද සින්දු නතර වෙලා තිබ්බෙ කියලා.

    ReplyDelete
  28. සින්දු 3ම ඇහුවා...එකම කෝච්චියද කොහෙද හැමදම ලඟින් යන්නෙ.......

    ReplyDelete
  29. හත්තිල්ව්වේ ඔතෙන්ට වෙලා ඔව්වා කියන්නේ නැතුව CD එකක් කරපිය... ඔය තියෙන්නේ පට්ට වොයිස් එකක්....

    ReplyDelete
  30. ලෝක විනාසය අත ලඟලු...

    ReplyDelete
  31. ගෙදර ගිහින්ම අහන්න ඕනෙ.නියම වැඩක් කරලා වගේ පේන්නෙ.

    ReplyDelete
  32. මොනව කියන්නද මන්දා බං මේවට... :D :D

    ReplyDelete
  33. මට හිතුනා දෙපාරක් "ස" බලන්න යනකොට ලෙඩේ වැඩිවෙනවා කියලා මහවෙදනෝ... මෙන්න මේ පැත්ත බලන්නෝ..

    ReplyDelete
  34. මම මේ බස් රීඅඩියෝ චාට් ශෝ කරන ඩිලාන් ,ඔබතුමාගේ ගීතය අපි ලබන සතියේ චාට් ශෝ එකට තෝරගත් බව සතුටින් දැනුම් දෙමු. ඔබට තියෙන්නේ හැකි පමන ජන්ද රැස්කර ඊලග සතියේ ප්ලේ ලිස්ට් එකට ගීතය ගෙනියන එක පමනි,,
    ඔබගේ උත්සහය අපි අගය කරමු,තව තවත් මෙවැනි ගීත නිර්මාන ඔබගෙන් ලැබේවා කියලා ඉත සිතින් ප්‍රාර්තනය කරමින් මගේ මේ කෙටි ලිපිය අවසන් කරනවා.

    ReplyDelete
  35. මේක නම් මරු අයියා

    ReplyDelete
  36. මාර වොයිස් එකක්නේ.මාරයියා මෙතන නෙවෙයි ඉන්න තිබුනේ.....

    ReplyDelete
  37. සී ඩී එකට අනුග්‍රහයෙන් කොටසක්වත් දෙන්නං....

    ReplyDelete
  38. මාරයා අයියා, මේ කට්ටිය විහිලුවට කියන ඒවා ඇත්තට ගන්න එපා හරිය?

    ReplyDelete
  39. ආවා ආවා මාර ගී අංක 3.. හික් හික්

    ඇත්තටම බස් රේඩියෝ එකේ දාමුද?

    ReplyDelete
  40. @දිල්...

    ඔන්න රත්වෙලා..පැන පැන තලන්නයි තියෙන්නේ...

    @තිස්ස දොඩන්ගොඩ...

    එහෙං පිටිං හක්කේ පොල්...

    @වැප්...

    යකෝ ලෑලි පෙට්ටියෙන් ඔච්චර කලමනාවල සද්දේ ගතෑකිද..සිංදුව කෙසේ වෙතත් එහෙනං මං වැඩ්ඩෙක්...

    රේඩියෝවත් වහන්න වෙයිද මංදා..:D

    @ශානු...

    ආන්න බලන්න..සංගීතය උපරිමයෙන් විඳින ආකාරය...:D

    @පූසා...

    උඹ විතරයි බං මේක රිලීස් වෙච්ච වෙලේ ඉඳන් මට අත දෙන්න කතා කලේ දාහක් ඉරිසියාකාරයින් මැද්දේ..:D

    @KC...

    මොන බස්වලද මලයා..මේ තනිකරම තොරණ්වල සිංග් කරලා ගත්ත අත්දැකීම් මත පිහිටලා කරපු දෙයක්...

    @දොඩන්...

    ඔනව් ඔව්..නැතිව ආයේ..මේ ගමන්ම මේක සීඩී එහෙකට කොපි කරලා ඒක දානවා කබඩ් එකට..

    @සපතේරු උන්නැහේ...

    ටාගට් කවර් කිරීමට දැමූ බාල්දියේ ප්‍රතිප්‍රහාරය..හැක් හැක්...

    @දුමී...

    අම්මපා දුමී අයියේ මටත් නිතරම හිතෙනවා ඔය කතාව මං ඉන්නේ වැරදි පාරේ තමා කියලා...ආසාවට ගෑණු ළමයෙක් යන්නේ නැහැනේ මේ පාරේ...

    අනිවා "ප"බැරිනං "නී""ධා" හරි ගන්නවා...

    @පැණි දොඩම්...

    තැන්කූ තැන්කූ..
    (අඟලක් ඉහළට...)

    ReplyDelete
  41. මාරයියත් මාර ගායකයෙක්නේ මාරයි ඈ...

    ReplyDelete
  42. අර බස් අජිත් ද කවුද කියලා ගායකයෙක් ඉන්නවා නේද? එයාට දැන් competitor කෙනෙක් ඉන්නවා එහෙනම්..බස් මාරයා කියල.. හොඳ කටහඬක්..තව ටිකක් ඔපමට්ටම් කරගත්තනම් ඉස්තරම්..

    ReplyDelete
  43. Now Kathandara will also publish something similar to this....

    He is seriously lacking originality...

    ReplyDelete
  44. බ්ලොග්ස්ටාර් ශුර මාර

    ReplyDelete
  45. හොඳයි ඩෙමෝ එක. ඔය මොකක් හරි සුපරි ඉස්ටාස් පොරෝගැරැම් එකකට අරින්ටකෝ... :D

    ReplyDelete
  46. බැසයන පරපුරේ නැගඑන ගායක මාරා!.... මරු සින්දුව

    ReplyDelete
  47. @last Anonymous
    LMFAO

    ReplyDelete
  48. ෂහ් මාරයගෙ වොයිස් එක සෑහෙන හොදයිනෙ.:D

    ReplyDelete
  49. උඹ මේවාට රැවටෙන්න එපා.. කරන රස්සාව කරගෙන හිටු... මේ සිංදුවේ හොඳ රහක් තිබ්බට අහගෙන ඉන්න අමාරුයි... :D

    ReplyDelete
  50. මාරයත් මාර වැඩනේ කරන්නෙ
    රස්සාව කරන තැන මෙහෙම ආතල් එකේ ඉන්න පුළුවන්කම තියෙද්දී වෙන එව්වා මොකටද, නැද්ද බං

    තිස්ස අයියා මරු කමෙන්ට් එකක් දීල තියෙන්නේ. හික්...හික්..

    ReplyDelete
  51. මාරේ අයියටත් පුදුම දේවල් නේ හිතෙන්නේ.

    ReplyDelete
  52. ///ගායනය...වාදනය..සංගීත අධ්‍යක්ෂණය...පටිගත කිරීම...
    එකම දෑතකින්...///

    අද තමයි මේක ඇහුවෙ,,අනික් සේරමත් හරි..මේ එකම දෑතකින් කොහොමද බං ගායනය කලේ...කටින් නෙවෙයිද මේක කියන්නෙ...කොහොම ඔය සමහර ගායකයින්ට වැඩිය නම් උඹ හොඳයි.
    ඒ වුනාට ට්‍රිප් එකක් යනකොට කාරිය කිව්වට කමක් නැහැ...ඔය සමහර කොමෙන්ට් අහල උඹ සුපර් ස්ටාර් එහෙම යනව නෙවෙයි.

    ReplyDelete