05 December 2011

ජයග්‍රහණයේ කතාව...

පාන්දර හතරට ආසන්නයේදී නිදන්නට ගත්තද එයට වැඩි වේලා නොලැබුණි..ඒ මා පාසල් යායුතුව තිබූ හෙයිනි..නිදි වර්ජිත රැයක් අවසන සුළු මොහොතක නින්දකින් අනතුරුව නැවතත් අවදිව සූදානම්ව පාසල් යන්නට සිදු වූවද වෙනදාටත් වඩා උනන්දුවෙන් මා එදින පාසල් ගිය වග මතකයේ ඇත...

නිදිමත පුපුරු ගැසූවද අපහසුවෙන් ඉවසාගෙන සිටියේ පාසල ඇරෙන තුරුය..ඒ තුන් යම රැය මුළුල්ලේ හඬා අවසන සිතට ආ සැලසුම ක්‍රියාත්මක කිරීමටය...

පාසැල අවසන් වූ පසුව මා වෙනදාටත් වඩා ඉක්මනින් දිව ගියේ පාසල් මාවත ප්‍රධාන මාවතට යා කෙරෙන ස්ථානයෙහි වූ ප්‍රභාත් ස්ටෝර්ස් එක ඉදිරිපිටටය... ලෝහිත සංග්‍රාමයෙහි යෙදෙන සහෝදර පාසල් දෙකෙහි මලණූවන්ගෙහි පාසලට ගිය කවුරුත් ප්‍රභාත් ස්ටෝර්ස් නාමය හොඳන් දන්නවා ඇතැයි සිතනා අතර නොදන්නා අයට කෙටියෙන් කිවහොත් එය සාමාන්‍ය ග්‍රොසරියකි... ඒකේ නැති දෙයක් නැති තරමට භාණ්ඩ තිබිණි...සිල්ලර භාණ්ඩත්...ලිපිද්‍රව්‍යත්..පත්තරත්...කෙටි ආහාර වර්ගත්..බීම වර්ගත්..එකී නොකී සෑම දෙයක්ම එහි අලවි විණි...

පාසල ඇරුණූ දරුවෝ තම පාසල් වෑන් රථ පැමිණෙන තුරාවට මෙතැනට වී රංචු රංචු ගැසී කතා බස් කරමින් සිටීම සාමාන්‍ය දසුනක් වූ අතර..එයින් බොහෝ දෙනා තම අත ඇති මුදලට සරිලන ලෙස ප්‍රභාත් ස්ටෝර්සයෙන් ආහාර පාන රැගෙන භුක්ති විඳිති... මෙම කාලය තුලදී ආහාර වර්ග වලට අමතරව එහි වැඩි වශයෙන් අලවි වූයේ සිසිල් බීම වර්ගය... දිනකට බීම බෝතල් කේස් විශාල ගණනක් අවසන් කිරීමට කුසගින්නෙන් හා පිපාසයෙන් පෙලෙන දරුවන් සමත් වෙති...

වෙනදාට පාසල ඇරුනු ගමන් බසයක් සොයා බස් නැවතුමට දිව යන මා එදින එසේ නොකොට ප්‍රභාත් ස්ටෝර්ස් ඉදිරිපිට නැවතුනි..ඒ අන් කිසිවකට නොව ටොනික් මූඩි ඇහිලීමටය...

එවකට එක්තරා බීම සමාගමක් විසින් සිය බීම වර්ගයේ අලවිය වැඩි කිරීම පිණිස තෑඟි තරඟයක් පවත්වමින් සිටි අතර එහි එක් තෑග්ගක් වූයේ පාපන්දුවක්ය... ඒ සඳහා ඔවුන් විසින් නම් කල විශේෂ අකුරු සහිත මූඩි අටක් එකතු කල යුතු විය...එම අකුරුවලින් අකුරු පහක් පමණ ඉතා සුලභ වූවත් අකුරු තුනක් පමණ දුලභ කාණ්ඩයට වැටුනි..මාගේ මේ උත්සහය එම අකුරු අට සහිත මූඩි එකතු කිරීමය...

වොලි බෝලයක් ඕන කරන එකා මොකටද පුට් බෝලයක් දිනාගන්න හදන්නේ..?

ඇත්තටම අප විසින් පෙරදී මුදල් එකතු කොට ගෙන ආ පන්දුවත් මෙම බීම සමාගම විසින් දෙනු ලබන පාපන්දුවට සමාන විය..පංචාස්‍ර හැඩැති කෘතිම සම් කැබලි වලින් මැසූ එම වොලි බෝලයත් මෙම පුට් බෝලයත් අතර වෙනසක් නොවීය...මට දැන් උවමනා මොන ලෝකයෙන් හෝ ලොකු බෝලයක්ය..මා ඒ සඳහා කැප වී ක්‍රියා කලෙමි...

ගෙදර යන්නට පැයක් හමාරක් පසූ වූවත් එදින සිට සතියක් පමණ මා කාලය ගත කලේ ප්‍රභාත් ස්ටෝර්ස් එක ඉදිරි පිටට වී ටොනික් පියන් ඇසිලීමටය... මුදල් ඇති දරුවන් මිලදී ගන්නා බීම බෝතල්වල මූඩි සමහරකු එකතු කරතත් සමහර අය ඒ දිහාවත් නොබලති.. එවන් අය විසින් මූඩිය කඩය ඉදිරි පිටම බිම හෙලති.. මා එම මූඩි එකතු කරන්නට විය...

අවසන කෙසේ හෝ මාගේ උත්සහය සඵල කරමින් මා සතුව අඳාළ අකුරු අට සහිත මූඩි පෙළ එකතු වී තිබිණී...අවසන් මූඩියත් සොයා ගත් දින සවස මා නිවසට ආවේ මහද්වීපයක් යටත් කල අධිරාජ්‍යයකු විලාසයෙනි... ගෙදර ආ විගස තාත්තා සමඟ කතා බස් කොට එම මූඩි රැගෙන ගොස් බීම සමාගමේ ඒජන්තවරයකුගෙන් දිනුමට හිමි බෝලය ලබා ගැනීමට ඔහු එකඟ කරවාගන්නට එතරම් අපහසුවක් නොවූයේ..සිදු වූ සෑම දෙයක් පිළීබඳවම තාත්තා මැනවින් දැන සිටිම නිසාත් වියදම් කොට වොලිබෝලයක් මා හට අරන් දීමට තරම් ශක්තියක් ඔහු වෙත නොවූ නිසාත්ය..

කෙසේ හෝ ඊට පසු දින මා පාසල් ගොස් එන විට මාගේ ඇඳ උඩ අළුත්ම අළුත් බෝලයක් දිලි සෙමින් තිබිණ.. සතුටෙහි තරම කියා නිම කරන්නට වචන නොමැත...

.............................................

මාත් මල්ලීත් හැරුනු කොට අප සමඟ සිටි කොළුවන් දෙදෙනාද..පසුව අප විසින් කතා කොට එක්කාසු කර ගත් කොල්ලන් හතර දෙනෙකුද සමඟ අප එයින් පසුව සන්ධ්‍යා කාලයට සුපුරුදු ලෙස ක්‍රීඩා කරන්නට වීමු...එසේ ක්‍රීඩා කරමින් සිටියදී දිනක් අපගේ ක්‍රීඩා පිටිය පිහිටා තිබූ වත්ත පාමුල බෑවුමෙන් සුපුරුදු රුවක් සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන්නට විය..ඒ බොහෝම අලස ගමනිනි..අප දෙස හොරැහින් බලනා අතරම අප නුදුටුවාක් මෙන් අතට අසුවන ගල් කැට..කොටු කෑලි ආදිය අහසට විසි කරමින් ඒවා අල්ලමින් වට පිට බලමින් තමන්ගේ නොවන ගමනින් ඇදී ආවේ වෙන කිසිවකු නොව "කුමාර" නම් වූ කුඩා පෝරිසාදයාය... ක්‍රීඩා සමාජය දෙකඩ කිරීමේ මෙහෙයුමේ මුල් ගිනි පුපුර තැබූ කොළුවාය...

ඔහු එනු දුටු අප වචනයෙන් නොකීවත් සිතින් සිතා ගත්තේ කුමක් හෝ අවුලක් යාළුවාට වී ඇති බවයි.. ඒත් සමඟින්ම ඉඟියෙන් එකිනෙකා හා කතා බස් කොට ගෙන ඔහු නුදුටුවා සේ අපද ක්‍රීඩා කරන්නට වූ අතර.. පරංගියා කෝට්ටේ ගියාට වඩා සුළු දුරක් අඩුවෙන් වත්ත පුරා කැරකැවී අවසන අප අසලටම විත් පොල් ගසකට හේත්තු වී ඇඳ සිටි කොට කලිසමේ සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන අප දෙස බලා ඉන්නට විය..එතැන් පටන් අපගේ බෝලය ඔහු සිටි දෙසට යනවා වැඩි වන්නට විය... ටික වේලාවක් තමා අසලට පෙරලීගෙන එන බෝලය දෙස බියෙන් මෙන් බලා සිටියද වැඩි වේලා නොගොස්ම ඔහු එය අසුලා අප වෙත එවන්නට විය...

"කවුරුවත් අපේ බෝලේ අහුලන්න ඕන නැහැ.." ගයාන්ගෙන් මට උවමනා හඬ නිකුත් විණි...කුමාර අසරණව බලා සිටියේය...එතැන් පටන් ඇරඹුණේ ඇනුම් පද වර්ෂාවකි.. අසා සිටිය නොහැකිම තැන කුමාරගේ මුව විවර විය...

"අපේ බෝලේ පැළුනා චතුෂ අයියේ.." ඔහු කතාව ආරම්භ කරන ලදි...ආරම්භ කල කතාවට අප පොහොර නොදම්මත් ඔහු තනිවම කියවාගෙන යන්නට විය...

"පැළුනා නෙවෙයි පැළුවා අර ප්‍රසන්නගේ අයියා..ඌ හුළං ගහන්න කියලා අරං පැලෙන්නම හුළං ගැහැවුවා..ඌට ඒක පලාගන්නකං ඉවසුමක් නැතිව හිටියේ..හුළං අඩු වෙලා නැති වෙලාවටත් හුළං මදි මදි කිය කිය අරගෙන ඒකට හුළං ගහනවා..කෑ ගහලා නැවැත්තුවේ නැත්තං ඔහේ ගහගෙන ගහගෙන යනවා...ඒත් මේ ළගදී දවසක එපා කියද්දිම හුළං ගහලා ඒක පැළුවා...දැන් අපිට සෙල්ලං කරන්න විදියක් නැහැ.."

කතාව පැහැදිලිය...අප සියළු දෙනාටම එක් විට හිනා ගියේය..ඔයිට වඩා කුමක් සිදුවන්නද...ප්‍රසන්නගේ අයියා අප සෑම දෙනාම දන්නා පරිදි උපන් ගෙයි අළුගුත්තේරුවෙකි..පවුලේ අනිත් සියළු දෙනාම මෙන් නොව ඔහු නිතරම සිටියේ අනුන්ට ඊර්ෂ්‍යා කරමිනි. ඉගෙනීමත් දුර්වල වී පසුව ගරාජ් වැඩ ඉගෙන ඔහේ රස්තියාදු ගසමින් සිටිනවා ඇර කල යමක් නොවීය... ඔහු සිය බාල සොයුරන් සමඟද පසු වූයේ තරහිනි..ඒ ඔවුන් යම් තරමකින් ඉගෙනීමට දක්ෂයින් වූ හෙයිනි... අයියා විසින් මල්ලිලාගේ බෝලයට වැඩේ හරි ගස්සවා ඇත... එවකට පොඩි උන් වූ අපට මෙය උඩ පැන පැන සිනාසෙන්නට කාරණාවක් විය..

ආරංචිය රැගෙන ආ කුමාරව සියළු දෙනාම කතා බස් කොට නැවත අපගේ සංගමයට ගතිමි. එයින් පසුව එදා කැරැල්ල ඇති කල ආකාරය ඔහු විසින් අතිනුත් දමා විස්තර කරන්නට යෙදුණි.. ඔහුට ඇති ක්‍රීඩා සමාජ දෙකඩ කිරීමේ උවමනාවක් නොවන වග මා එදිනත් දැන සිටියෙමි..මා සිතුවාක් මෙන්ම එම වචන ඔහුගේ නොවීය..ඔහුට කියා ඇත්තේ ‍අපගේ සංගමයේ තනතුරක් නැති එවුන් දෙන්නාගෙන් එකකු වී සිටිනවාට වඩා ඔවුන් විසින් හදන ක්‍රිඩා සමාජයේ තනතුරක්ද ලබා දෙන බවයි.. ඒ අනුව මෝඩයකු වූ ඔහුව ඉත්තා කොට කැරැල්ල ආරම්භ කොට තිබිණී...

දින කිහිපයක් අවසන එකා පසුපස එකා පැමිණ අපට එකතු වූ අතර එයින් පසුව කිසිම දිනක කඩාගෙන යාමක් අප අතර නොවීය... කැරැල්ලට මුල් වූ කිහිප දෙනා හැමදාටම ඔවුන්ගේ වැරදුන උත්සහය අමතක කලේ නැති අතර ඔවුන් ඉද හිට හෝ මොනවා නමුත් අංචියක් අදින්නට සූදානම් වන විටම අනිකුන් සිටියදී කුමාර විසින්ම "ගිය පාරත් මතකයිනේ තොපි හින්දා අපිට වෙච්ච දේ.." කියන වචන ටික කැත නැතිවම කියන්නට හුරු වී සිටි හෙයින් මා හට කිසිදු දෙයක් කරන්නට ඉතිරි වූයේ නැත...

......................................

මේ මාගේ ජීවිතයේ ප්‍රථම දුක්ඛිත අත්දැකීම නොවේ.. ගෙදරට සොරු පැනීම... එහිදී ආරක්ෂාවට ක්‍රියා කිරීම නිසා තාත්තා බන්ධනාගාරගත වීම.. සෑහෙන කලක් ඇදෙන නඩුවක් පටලැවීම... අවසන වියදම් වැඩි වූ හෙයින් අම්මා විදෙස්ගත වීම... අම්මා රට ගියාත් සමගින්ම අවුරුදු හයේදීම පමණ තනිවම ඇඳක නිදන්නට හුරු වීම ආදි බොහෝ කටුක අත්දැකීම් ඇතත් ඒ සෑම දෙයටත් වඩා මේ මාගේ ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරය මා උගත් අත්දැකීමයි... අදටත් ජීවිතයේ කුමන අන්දමේ කරදරයකදී වූවත් මේ වොලි බෝලයේ කතාව මට නිතැතින්ම සිහිපත් වේ... එය ඇත්තෙන්ම මාගේ බැටරි ආරෝපණය කරවීමෙහි ලා සමත් මන්තරයක් බඳුය... සෑම විටම බින්දුවේ සිට ආරම්භ කිරීම ඉතා පහසු වග මා උගත්තේ මෙම අත්දැකීමෙනි.. එය මතක ඇති තුරාවට මා වැට්ටවීම කිසිවකුටත් පහසු නැත... ඒ බින්දුවෙන් එහාට වැටෙන්නට තැනක් නැති හෙයිනි...ඉඳින් අදටත් මා සවිමත්ය...

50 comments:

  1. කතා කියෝනකොට, මාරයට පොඩි කාලෙම හොඳ පන්නරක් ලැබුන බව නං හොඳින්ම පෙනුන දෙයක්

    ReplyDelete
  2. බිම ඉන්න මනුස්සයෙකුට තවත් වැටෙන්න පහලක් නෑ කියන කතාව තමයි මගෙ ඔලුවෙත් තියෙන්නෙ හැමවෙලාවෙම ! පොළවෙ පය ගහලා ඉන්න හුරු පුරුදු ජීවිතයක් තියෙන එකේ වාසි ඕවා තමයි මාරයා

    ReplyDelete
  3. පන්නරය නෙමේ ඉඳුනිල් වානේ පන්නරය, අපූරු කථා කලාව අමුතුම අත්දැකීමක්.

    ReplyDelete
  4. හප්පා..... පන්සීයත් හරි මේකත් හරි!

    "එය ඇත්තෙන්ම මාගේ බැටරි ආරෝපණය කරවීමෙහි ලා සමත් මන්තරයක් බඳුය"

    ජයවේවා!!!!

    ReplyDelete
  5. 'ඒ බින්දුවෙන් එහාට වැටෙන්නට තැනක් නැති හෙයිනි...'
    ඒකනං නියම කතාවක් තමයි මාරයෝ.

    ReplyDelete
  6. බින්දුවට වැටීම ගැන දුක්වෙමින් සිටින්නෝද වෙති , ඔවුන් ඍණ අගයන්ට වැටෙනා බැව් ඔවුන්ම නොදනිති , මාරයාගෙ මේ සටහන ඔවුන්ට වඩාත් වැදගත්ය

    ReplyDelete
  7. එළ කොල්ලෙක් නේ ...."පැදුරේ ඉඳලා අපි කොහොමද බිමට වැටෙන්නේ"

    ReplyDelete
  8. ඉස්සර "මැජික් බෝල" කියලා දේකුත් ඔහොම දුන්නා.මතක විදිහට චොකලට් එකකින්

    ReplyDelete
  9. හ්ම්ම්ම් බැටරි ආරෝපනය කරන්න පුලුවන් නේ..................?

    ReplyDelete
  10. හුගක් හිනාවෙන්නේ වැඩිපුර අඩන මිනිස්සුලූ. ඒ වගේම තමයී අතීතයේ දුක් විදපු මිනිස්සු අනාගතේදී හුගක් සැප විදිනවලූ.

    ReplyDelete
  11. පොඩිකාලෙ අත්දැකීම් අපිව සවිමත් කරනවා හොඳටම නේද?

    ReplyDelete
  12. //....තනතුරක් නැති එවුන් දෙන්නාගෙන් එකකු වී සිටිනවාට වඩා ඔවුන් විසින් හදන ක්‍රිඩා සමාජයේ තනතුරක්ද ලබා දෙන බවයි..//
    මේක ලොකු ලොකු තැන්වල අදටත් සිද්ධවෙන හැටි දැක්කම මට හිතෙන්නෙ ඒ දවස්වල මාරයගෙ පොඩි යාළුවන්ගෙ මොලේවත් මුන්ට නැද්ද කියල.

    ReplyDelete
  13. බෝලයක් පලන්න ඕනෑ නම් හුලං වැඩියෙන් ගහන්න.

    ReplyDelete
  14. හ්ම්.... ඔය දිනලා තියෙන්නෙ.පොඩි කාලෙ වුනත් හොදට මොලේ පාවිච්චි කරලා තියෙනවා.දැනුත් එහෙම වෙන්ටෑ...

    ReplyDelete
  15. මං කියන්නේ මං මේ කථාවට හරිම කැමතියි. මාර පොඩ්ඩාට මාර මොළයක් තමයි පහළ වෙලා තියෙන්නේ ටොනික් මූඩි ඇහිඳින්නට..... :D සුභ පැතුම් කු මාර අයියේ.........

    ReplyDelete
  16. නියමයි මාරයියේ..මාරයිය නං මාරම මාරයි... :D

    ReplyDelete
  17. ජය වේවා අයියා....!!!

    රජිත්>> මැජික් බෝල දුන්නේ 'මිස්ටර් පොප්'... මං ගාව තාම තියෙනව එකතු කරපු මැජික් බෝල පෙට්ටියක්ම...

    ReplyDelete
  18. ඊළගට මේ වෙන්ඩ කතන්දර ටික ඈ..?

    1. ගෙදරට සොරු පැනීම...
    2. එහිදී ආරක්ෂාවට ක්‍රියා කිරීම නිසා තාත්තා බන්ධනාගාරගත වීම
    3. සෑහෙන කලක් ඇදෙන නඩුවක් පටලැවීම
    4. අවසන වියදම් වැඩි වූ හෙයින් අම්මා විදෙස්ගත වීම...
    5. අවුරුදු හයේදීම පමණ තනිවම ඇඳක නිදන්නට හුරු වීම

    ReplyDelete
  19. කරදර වලට මූණ දෙන්න දෙන්න හිතේ හයිය වැඩි වෙනවා.

    ReplyDelete
  20. මරු අයියේ නියමයි
    ජය

    ReplyDelete
  21. මාරේ පන්නරය ලැබූ හැටි

    ReplyDelete
  22. අපූරු මතකයක් මාරයො...පරාජය ජයග්‍රහනයකට පෙරල ගන්න හැමෝටම බැහැ..උඹ ඉතින් මාරයනෙ...
    ප.ලි.
    හුලං වැඩියෙන් ගැහුවම බෝල පුපුරනවා..ඒත් ඉතින් බෝලෙට කට තියෙන එකක්යෑ මට හුලං ගහන්න එපෝ කියලා කෑගහන්න.
    ප.ප.ලි.
    ගෙම්බො බඩ පිම්බුවම උන් උඩ යනවද එහෙම නැත්නම් පුපුරලා මැරෙනවද ?

    ReplyDelete
  23. මාරයා පුංචි කාලෙ සෑහෙන දුක් කන්දරාවක් දරාගෙන හිටපු කෙනෙක් වගෙයි.... ඒත් ඒ අත්දැකීම් අද තමුන්ව ශක්තිමත් කරලනෙ....

    ReplyDelete
  24. වොලි බෝලෙට වඩා ෆුට් බොලේ බර වැඩියි! ෆුට් බෝලෙන් වොලි බෝල් ගහනවා කියන එක ලේසි නෑ. අත් පුපුරු ගහන වැඩක් ඒක........!
    ...........

    ඒ කියන්නෙ බල්බ් එකක් නොවී බැටරිටක් වෙන එක හොදයි නේද? ඒකත් වෙන්න ඕනේ රීචාජබල්..

    ReplyDelete
  25. However, you don't seem to be looking after your parents well! you live a lonely life without any of them and the true 'Maroons' spirit is not demonstareted!

    Peshala (98 batch)

    ReplyDelete
  26. මාරයා... උඹ අර ටොනික් මූඩි එකතු කරපු සීන් එක කිව්වහම .. දහ දොලොස් වතාවකට වඩා බලල තියෙන Steven Spielberg ගෙ The Terminal කියන චිත්‍රපටිය මතක් වුනා... බලල නැත්නම් හොයාගන බලන්න... Perseverance කියන වචනෙ තේරුම මම නියම විදිහට දැක්කෙ ඒකෙ Viktor කියන චරිතයෙන්...

    උඹ පෙන්නල තියෙන දහිරිය දැක්කහම මට ඒක මතක් වුණා..

    ReplyDelete
  27. ටොනික් මූඩි එකතු කරලා බොලයක් ගත්තා කීවාම ඒකත් නාලන්දෙ ඉස්සරහ ග්‍රොසරියෙ බිම වැටෙන මූඩි සෙල්ලංද කොල්ලො කීවලු ...............
    පොඩි කාලෙ අපිත් විනොදෙට ඔහොම එකතු කරලා තියනව හැබැයි මේ තරම් අදිෂ්ඨානයක් ඇතුව ඉලක්කයක් ඇතුව නේවී........
    පොඩි මාරයාට ජයවේවා !

    ReplyDelete
  28. ඔහොම ටොනික් මූඩි එකතු කරලා කෝක් එකෙන් මහා තඩි පොස්ටරයක් උස්ස ගෙන ආපු මතකයක් ඇවිස්සුනා මගෙත් !

    ReplyDelete
  29. මුළු කතාවම කියෙව්වහම, හරියට අධිෂ්ඨානය, හොඳ චේතනාවන් නොපරදින බව පෙන්වන ළමා චිත්‍රපටියක් වගෙ. ඇත්තටම චිත්‍රපටියක මේ කතාව තිබුණනම් මම විශ්වාස කරන්නෙත් නැහැ.

    @ Peshala (98 batch) : නිකම් විශ්මයාර්ථ ලකුණු (!) වැඩියි වගෙ කමෙන්ට් එකේ. ඔයිට නරකද එක ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක කොහෙද යන්නෙ? මල්ලෙ පොල් වගෙ කමෙන්ට් එකක් දැම්මනම්? :P

    ReplyDelete
  30. මේක ගොතපු කතාවක් කියල මට හිතෙන්නේ මොකද මන්ද.මාරයට දැන් ලියන්න දේවල් නැතුව වත්ද?

    ReplyDelete
  31. ජීවිතේ මුල්ම කාලේ ලැබුන ජීවිත අත්දැකීම් වලින් ලැබුන පන්නරයක්..

    ReplyDelete
  32. @ සපතේරු උන්නැහේ: යෙෂ්! ඒකෙ ප්‍රධාන චරිතයත් මේ වගෙ තමයි. ඒ ඒ මොහොතට අනුවර්තනය වෙලා, දිගටම තමන්ගෙ ඉලක්කයට යනවා.

    ReplyDelete
  33. මොනා කියන්නද . . . ??? කියන්න තියන ඒව ඔක්කොම උඩ ඉන්න සෙට් එක කියල ඉවරනෙ බං . . .

    ReplyDelete
  34. ඕනයා මමත් අද පරක්කුයි ඒවත් බලලම දැම්මා

    ReplyDelete
  35. යතුරු තියන කෝලා ටොනික් මූඩි එකතු කරලා බයිසිකලයක් දිනා ගන්න මම හෙන උත්සාහයක් දුන්නා කාලයක් ඒත් මම පරාදයි .. මට නොමිලේ කියලා ලැබුනු දෙයක් මගෙ මතකේ කොහේවත් නෑ බං ..

    නියම කතාවක් බං .. අර ගෙදෙට්ට හොරු පැන්න කතාව කියවන්න ආසාවෙන් ඉන්නේ ..

    ReplyDelete
  36. දොස්තර නෝනා කිව්වත් වගේ මේක ෆිල්ම් එකක් ගහන්න තරම් වටිනා කතාවක්
    බොක්කටම වැදුනා මචං...

    අන්න අන්න මාරයියේ, එදා බීම බීලා ටොනික් මුඩි විසිකරපු එක්කෙනෙකුත් ඇවිත්.... ;-)

    ReplyDelete
  37. උඹ මොනවා උනත් හිත හොඳ මනුස්සයෙක් එකනේ අච්චර දෙයක් කරපු උන්ව අයෙත් උඹ ගත්තේ .වැරදෙන් නෑ මරය ජයවේව!

    ReplyDelete
  38. මමත් කලා මතකයි.. ඔය ටොනික් මූඩි වැඩේ.. මට හැබැයි මොකක්දෝ එක අකුරක් හම්බුන්නෑ. අන්තිමට වැඩේ අතෑරලා දැම්මා.

    කොහොම හරි අන්තිමට මාර සමාජය ජය ගත්ත එක ලොකු දෙයක්..හිතන්ඩ යමක් තියන කථාවක් මාරයෝ. ඔය බින්දුවෙන් එහාට වැටෙන්නැති එක අපි හුඟ දෙනෙකුට අදාලයි.

    ReplyDelete
  39. "බෝලයක් පලන්න ඕනෑ නම් හුලං වැඩියෙන් ගහන්න."

    Ekane Kathandarage gon post walata niyamai kiyala comment watttene.....

    ReplyDelete
  40. අඩේ මාරේ, මාත් ගියේ ඔය ප්‍රභාත් ස්ටෝර්ස් ළඟ තියන ස්කොලේටම තමයි. ඔය සෙනග කන්දරාවේ සතියක් ටොනික් මුඩි එකතුකරපු එකත් මාර ගේමක්නේ. ඇයි බං ගෝතමියෙයි ආනන්ද බාලිකාවෙයි හෙන කෙල්ලෝ සෙට් එකක් ඔය වෙලාවට ඔතන ඉන්නවානේ. අපි නම් ෆැන් දාපු ගමන් තමයි ඔයවෙලවට ඔතන ඉන්නේ. උඹට මාරයා කියන්නේ නිකන් නෙවෙයිනේ.
    ලිඳේ වැටිච්ච එකා ලින් කටින්න්ම ගොඩ එනවා කියන්නේ ඕකට තමයි. බෝලෙන් බැහැල බෝලෙන්ම ගොඩ ගිහින්. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කිව්වා වගේ පොඩි මාරයාගේ ලොකු මාර ක්‍රියා.
    Beetle කියන අර කතන්දර සීරිස් එකම ඉක්මනට දාහන්.

    ReplyDelete
  41. මුලින් ආව කනට වැඩ අග ලොකු උනාට අගේ ආයුෂ කනට වඩා බොහොම කෙටියි මැරයෝ

    ReplyDelete
  42. හැම දෙනාටම බොහෝම ස්තූතියි නන් ආකාරයෙන් දැක්වූ ප්‍රතිචාර වලට...තෝරා බේරාගත්ත යමක් ලිවිය යුතුයැයි හැඟුන කිහිපයකට වචන කිහිපයක් කියන්නං...වෙලාවේ හිඟ පාඩු හින්දා...

    @කතන්දර...

    ඒක ඇත්ත පලන්න ඕනනං හුළං ගහන්න ඕන වැඩියත් එක්ක...හැබැයි කටුවලින් ඇන්නත් ඕකම කරන්න පුළුවන්...

    @බීටලේ...

    වෙන්න කතන්දර කියලා ජාතියක් තියං ලියන්න ගියාම හරි කරදරයි මචං.. ඔහේ එවෙලෙට එන දේ ලියනවා ඇර.. නැත්තං ඕවා කවදාවත් කතන්දර නොවුනොත් ඒක ඊට වඩා නරකයි... මොනවා හරි දෙයකින් පරණ මතකයක් ඇවිස්සුනාම එවෙලෙට ලියනවා ඇර මේක මේක ලියනවා කියලා සැලැස්මක් ගහං ලියන එක මට හරියන ක්‍රමය නෙවෙයි.. ඔය කිව්ව ඒවත් දවසක එළියට ඒවී ඒ ඒ දේට නිසි උත්තේජනය ආවම...

    @ලකී...

    ප.ප.ලි...:D

    @බුද්ධි...

    මචං කතාව ඔහොම උනාට මට අදටත් වොලි බෝල් ගහන්න බැහැ..ඒත් ආසයි..අත් දෙක රතු උනාම වේදනාව ඉවසන්න බැරි උනත් ජම්බෝලෙට හරි නෙලන්නයි හිත...ලොකු බෝල වලින් ගහන සෙල්ලං වලින් මට ඩිංගක් හරි පිහිටැව්වේ බාස්කට් බෝල් තමා...

    @Peshala (98 batch)...

    මචං මට තාමත් ඔය ඉංග්‍රීසි එහෙමට බැහැ.. ඒත් යාළුවෙක්ගෙන් අහ ගත්තා කියලා තිබ්බ ටික... ඇස් වහගෙන ගෙඩිය පිටිං අතගාලා ඇතුලේ හැටි කියන්න බැහැනේ... ඒ හින්දා මේ කතාව වගේම තව කතා බොහෝමයක් තියෙනවා ඇතුලේ.. අනික තමන්ගේ මට්ටමින් හැම දේම මනින්න යන්න එපා.. ඒකත් ඔය කිව්ව ස්ප්‍රිට් එකට හොඳ නැහැ. අනික පාසැල නිසා මිනිස්සු අමුතු වෙන්නේ නැහැ... අනිත් දේ මං දන්න පාසල් මිත්‍රයෝ නං ඔය විදියේ අමුතු උණ හදාගෙන නැහැ.. ඔය කියන ස්ප්‍රිට් එක පාසලෙන් ආපු එකක් නෙවෙයි මචං උඹට වෙන කොහෙන් හරි ආපු එකක්... ගණන් ගන්න එපා... තව කියන්න දේවල්නං තියේ.. ඒත් උඹ ඉස්කොලේ විකුණගෙන කතාවට ආව හින්දා මීට වඩා කියන්න බැහැ. මොකද සමහර විට උඹ පාසල පිට දාලා වෙන තරහක් පිරි මහන්න ආවද කියලා කියන්න බැරි නිසා..:D:D:D

    @සපතේරු උන්නැහේ...

    හොයාගෙන බලන්න ඕන ලොක්කා..

    @නලිනි චන්දිමා...

    අර කොහේදත් තිබුනේ ප්‍රබන්ධයට වඩා යතාර්ථය ප්‍රභලයි කියලා...:D

    @ඇනෝ...

    මිනිස්සු උනාම මෙන තරම් දේවල්නං හිතෙනවද නේද..? දැන් මෙහෙම ඇනෝ ඇවිල්ලා කමෙන්ට් කලාම මට ඔයා ගැන මොන තරං දේවල් හිතෙනවද..? ආන්න ඒ වගේ...

    ඇත්තටම මට දැන් නෙවෙයි කවදාවත් ලියන්න කියලා දේවල් තිබුනේ නැහැ... ඒත් ඔය මොනවා හරි ලිය උනා... ඒක එදයි අදයි කියලා මහ වෙනසක් නැහැ.. එහෙම අමාරුවෙන් හිත හිත ලියන්න තරංනං මට කවදාවත් කිසිම දෙයක් නැහැ...

    @Pisakkatuwa...

    ඒවත් ඔය කොයි වෙලේ හරි දැමෙන්නේ නැතෑ බං..ඕවා ලියන්න ඉතිං හිතටම එන්න එපෑ...

    ReplyDelete
  43. ඉස්සර අපිත් හොස්ටල් ඉන්න කොට ඔය පොඩි පොඩි බඩු ගත්තේ ප්‍රභාත් එකෙන් තමයි.අර කිව්ව වගේ එතන ඉන්න සෙනගයි එහාට මෙහාට යන කට්ටියත් එක්ක බැලුවහම ටොනික් පියන් අහුලන්න මාර ගේමක් දෙන්න එපැයි.ආපෝ මටනම් වොලි බෝල් ගැහිල්ල බැහැ.එකසැරයක් ගහලා මුළු රැම අත පුපුරු ගගහ හිටියා.

    ReplyDelete
  44. Ammata thaaththata salakanne nehe kiyanne wena tharahak pirimeseemada yaluwa? Methana amu heluwen iskolaya wikunagena kanne thamunnanse neda? Oya iskoola deke' bohomayak ratata yamak karana saha karapu minissu. thamunnanse wage 'maannakkara' nikamek newe!
    Thank you.
    Peshala

    ReplyDelete
  45. @Peshala...

    ඔබ කොහොමද තීරණය කලේ මම අම්මට තාත්තට නොසලකන දරුවෙක් කියලා... මෙතන මං මගේ හැම දේම කියලා නැති නිසා කියවා ඇති ටිකෙන් පමණක් ඒ තීන්දුව ගත්ත ආකාරයයි වැරදි.
    අනිත් දේ තමා කොතනද ඉස්කෝලේ විකුණන් කෑවා කියන්නේ..?

    "මාන්නක්කාර නිකමෙක්"... බොහෝම ස්තුතියි...ඒ කියමනට මං කැමතියි...
    මාන්නය නැති අය පෘතග්ජනයින් අතර සොයන්නට පුළුවන්ද..?ඒක එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන නමුත් හැමෝම එහෙමයි.. එතකොට අර පාසලේ ස්ප්‍රිට් එකක් ගැන කිවීමෙන් ඔබ පෙන්නුම් කලේ උගත් මාන්නය නොවේ නම් වෙන කුමක්ද..?
    මම නිකමෙක්ද කියලා මං දන්නේ නැහැ..සමහර විට ඔබේ පැත්තෙන් බලනකොට එහෙම පේනවා ඇති.. ඒත් මං කාටවත් වංචාවක් කරන්නේ නැතිව හම්බකරගෙන කාලා ලොකෙට බරක් නැතිව ජීවත් වෙන පුංචි මනුස්සයෙක් විතරයි... මොනවා හරි දේකට බොහෝම තදින් හිත රිදිලා ඇති පාටක් පේනවා..මොකද අවුල..? ඇනෝ ඇවිත් කමෙන්ට් කරන අයට මං සාමාන්‍යයෙන් උත්තර බඳින්න දඟලන්නේම නැති උනත් ඔබ මොනවා හෝ පුපුරු ගසන තරහකින් වග පේන හින්දයි මෙහෙමවත් උත්තර දුන්නේ... ඉවසන්න යහළුවා..හෝ ඇතැම් විට යෙහෙළියක් වෙන්නත් පුළුවන් ඒ කොහොම උනත් මොනවා හරි හිත රිදුන දෙයක් තිබුනනං ඒ ගැන කෙලින්ම කියන්න.. ඔබ නොදන්න මගේ මව්පියන් ගැන කතා නොකර...

    ReplyDelete
  46. Nama daalai thiyenne- Peshala.
    Hoyana deyak thaniwama hoyagena kaala jeewathwena eka thamai honda. Hema thenama Punchi borelle iskoolayai, nethnam 'Prabaath' ekai gena katha karala nokiya kiyanawa iskole gena.

    obe satahan mama kiyawanawa saha agaya karanawa. namuth methana thibuna vyathirekaya eya pamanai 'penena' paridi.

    Thawath ekak. paasalakin kerena pradana deyak thamai boho shisyayan yam ananyawoo sithuwili dhaarawakata genae'ma. eka thamai engrisi walin kiwwe spirit kiyala. (I wrote this in English and due to your inabity to comprehend it, typing in Sinhala as I don't have sinhala fonts)

    thamun ekka pupurugahana tharahak mata thiyenna mama obawa danneth nehe saha ashyraya karalath nehe. api hariyata danneth nehe oya eththatama oya iskoleta giyada kiyala. Giyath, e' saaradharma naama mathrokawa aaropanaya karagath bawa penena nisa saha ewayen paribhahira chinthanayakata urumakam paaana bawa penena nisa thamai kiwwe. Obata iskoole yaaluwan kee denek innawada aasraya karana? (you have said those whom you associate do not have that spirit) mama nam hithanne kauruth nehe kiyala(you were just a reject from that system but however, you seem to have built your own identity which I honour even as a security officer)

    Meya liwwe, obe lipi kiyawana kenek hetiyata misak wena deyakata nowei. Kenek komment ekak demmama (namath ekka) e'th ekka elli elli yannathuwa madyasthawa upekshawen iwasanna puruduwenna e'th thawath eka adahasak pamanak nisa.

    Charactor illuminates wisdom.

    Obata Jaya. digatama liyanna suba pathum.

    ReplyDelete