06 December 2011

කටු ගේ හා රට කජු...

ලියන්න ඕන ඒත් දෙයක් සිහියට එන්නෙ නැහැ.
කරන්න වැඩ තිබුනත් ඒවා කරන්න හිතකුත් නැහැ. අද වැඩපලේ එක දිගට අදින තුන් වෙනි දවස..මගේ අනිත් සගයගේ ආදරණිය බිරින්දෑ තරමක් අසනීප වෙලා රෝහල් ගත කරලා... ඉතිං උන්නැහේට ගෙදරට වෙලා ඒ කටයුතු බලා කියා ගන්න ඕන හින්දා මං දිගටම රාජකාරියේ...

දැන් ජීවිතේ ටිකක් අමුතු පිළිවෙලකට යන්නේ... කාලයක් තිස්සේ හුරු වෙලා හිටියේ වැඩට යනවා..ආපහු එනවා..කනවා බොනවා නිදා ගන්නවා..බ්ලොග් එකේ මොනවා හරි ලියනවා..කමෙන්ට් වලට උත්තර බඳිනවා..ඔන්න ඔහොමනේ...

ඉස්සර වැඩට ගියාම කලින් හිටිය තැනනං ඔළුව උස්සන්න බැරි තරමට වැඩ රාජකාරි..අටදෙනෙක්ගේ වැඩ බලන්නයි..මටම වෙන් උන පොත් පත්වල වැඩ ටිකයි හැම තැනින්ම එන ප්‍රශ්නවලට උත්ත දෙන්නයි.. වැඩ කටයුතු කෝටියයි...දවස් දෙක හමාරෙන් නිල් පෑනක් ඉවර වෙන තරමට ලියනවා..මාසෙකට මට විතරක් පෑන් 12ක් යනවා රතු පෑනුත් එක්ක..

එහෙම වැඩ කර කර ඉඳලා දැන් මේ ඉන්න තැනට වැටුනම එක පෑනක් මාස දෙක හමාරකින්වත් ඉවර කරන්න බැහැ..ඔන්න වැඩ කටයුතුවල වෙනස හිතා ගත්තෑකිනේ..දැන් තියෙන්නේ බලා ගත්ත අතේ බලං ඉන්න..ඒත් එහෙම ඉන්න එකම මහා වදයක් හින්දත්... ගූගල් බස්වල පදිංචි වී සිටීම අහිතකරයි කියලා දැනුන හින්දත් බැස්සා රැකියාව අස්සෙම හීනියට වගේ කේන්දර බිස්නස් එකට...

දැන් වැඩේ ගානකට යනවා..වැඩට ආව දවසට මෙතන වැඩ ඉවර කරලා කේන්දරයක් බලන්න ගන්නවා..ඒ අතරේ ඔළුවට නිදහසක් ඕන උනාම එබෙනවා නෙට් එකට.. ආයේ කේන්දරේට..ඔහොම වැඩ පලේ දවස ගෙවෙනවා..

ඊට පස්සේ ගෙදර ගියාට පස්සෙත් ගෙදර අස්පස් කරලා උයලා පිහලා හිතුනොත් කේන්දරයක් පටල ගන්නවා..නැත්තං කොහේ හරි ඇවිදින්න යනවා... ඉස්සරට වඩා දැන් ගමන් බිමන් වැඩියි...ඒකටම හරියන කිහිප දෙනෙක් හම්බ වෙච්ච එක තමා වෙනසට හේතුව...

උන්දලා එක්ක මුලින්ම ගියා අනුරාධපුරේ..වව්නියාව හරහා ඕමන්ත බලා ටුවර් එකක්.. ඊ ළගට පුංචි කෝච්චියේ අවිස්සාවේල්ල පැත්තට...එයින් පස්සේ තාම දුර ගමනක් සෙට් උනේ නැහැ..ඒත් පහුගිය ටිකේ එයින් එක්කෙනෙක් දෙන්නෙක් එක්ක සංගීත ප්‍රසංගයක් බලන්න වගේම නාට්‍යයක් බලන්නත් යන්න පුළුවන් උනා.. ඒ අතරේ ගිය සතියේ අපි දෙන්නෙක් හදිසියේම ගියා කෞතුකාගාරේ බලන්නත්.. පොඩි කාලේ එකම එක පාරක් ගියාට පස්සේ ඔය ගියාමයි...

ඒ හිච්චි එකා සංදියේ ඔහේ ගියා උනාට මං ආසාවෙන් හිටිය දේ බලන්න උනේ නැහැ... ඒ තමා අර යෝධ තල්මසාගේ ඇට සැකිල්ල... දන්නේ නැද්ද ඉස්කෝල ගුරුවරු..ඒ ඒ අයට ඕන ඕන දේවල් පෙන්නුවා..අර කොටසට යන්න වෙලා මදි කියලා දක්කං ගියා සත්තු වත්තට...ඉතිං කටු ගේ කියලා නම ඇහෙන කොටම මතකෙට එන්නේ අරයා මෙයාකියලා තිබුන ඔය ඇට සැකිල්ල තමා..ඇත්තටම මං ඉස්සර හිතං හිටියේ ඔය ඇට කටු තියෙන තැනක් තමා කටු ගේ කියන්නේ කියලා.. පස්සෙනේ දන්නේ තොරණේ විස්තරේ... ඒත් එච්චර එකේ අර ඇට සැකිල්ල දකින්න නොලැබුන එක හෙන අඩුවක් හැටියට තමා මට හැමදාම දැනුනේ...

කොහොම උනත් ගිය සතියේ දවසක හදිසියේම ඕක බලන්න යන්න සෙට් උනා.. ඔය කටුගේ බලන්න යන්න තියෙන ආසාව මං එක්කෙනෙකුට වේලපහ කියලා තිබුනා නෙව.. කොහොම හරි කලින් දවසේ කතා කර කර ඉන්නකොට මං කිව්වා හෙට කරන්න දේකුත් නැහැ කියලා.. ඒ පාර "යන්න කටු ගේ බලන්න" කියලා කිව්වා උනත් ඕක බලන්න තනියම යන්න කම්මැලි හින්දා ඒ කතාව ඒ හැටි ඇදුනේ නැහැ..ඒත් පහුවදා දවල් වෙද්දි එයාටත් කම්මැලිකම ඔළුවට ගහලා ඇහැවුවා මොකදෑ කරන්නේ කියලා.. ඒ වෙනකොට මං අර මගේ ගායන හැකියාව එළි පෙහෙළි කරපු දවස නෙව..ඉතිං ඔය ගායන හැකියාව කට්ටිය පස්ට ගගහා ඉන්න අතරේ තමා කටුගේ බලන්න යන කතාව ආයේ ඇදුනේ.. ඒත් එක්කම මං දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන අවධානය පැත්තකින් තියලා ගියා දඩි බිඩි ගාලා කොළඹ... මොනවා උනත් කටු ගේනේ...

ඔන්න වැඩේ හැටි කියන්නේ මාව කොළඹ ඇරලා එක්කෙනෙක් ඇනෝ ඇවිත් මට මඩ ගහලා කමෙන්ට් දාලා.. කාට කියන්නද මේ අසාධාරණ...ඒත් ඉතිං කොහොම හරි අපි එදා බොහොම නිවාඩු පාඩුවේ කටුගේ බලන්න ගියා..අර අතෑරුන ආසාව වෙච්ච යෝධ තල්මසාගේ ඇට සැකිල්ලත් ඕන් හිතේ හැටියට බලා කියාගෙන..කෞතුකාගාර ගොඩනැගිල්ල පිහිටි භූමියේම අළුතින් හදලා තියෙන ස්වාභාවික විද්‍යා කෞතුකාගාරෙත් බලලා ආපහු ආවා..ඒත් ඉතිං ඒ කෞතුකාගාරේ බලන්න ගියාට වඩා හොදයි නොගියනං කියලා මට හිතුනේ ඒකෙදී මට පහර දීම පිණිස සෑහෙන නං ගං ලිස්ට් එකක් අනිත් කෙනා අතට පත් වීම තමා..එව්වා මොනවද කියලා වැඩිය ලියන්ට බැහැ..මං මොටද ඉල්ලාගෙන වළඳන්නේ...

අහ් ඒ විතරක්යෑ... කටු ගේ ඇතුලේ ඇවිදිද්දිත් මට සෑහෙන අසීරු අවස්ථාවන් වලට මුහුණ පාන්ට සිද්ධ උනා ඕං.. ඒ තමා මේ කටු ගේ පවත්තගෙන යන උන්දලට වෙන තියන්න දෙයක් නැතිවට වගේ ඒකේ ගෙනත් තියෙන උපකරණ වර්ගයක් දකින දකින වාරෙට.."අන්න ඔයාගේ උපකරණ.." කියලා ඒවා පෙන්නිල්ල.. මාත් ඉතිං ඇරියේ නැහැ ඔය මලකඩ කාපු කතුරු පිහිතල එහෙම පෙන්නලා යන්තං ජාමේ බේරගත්තා... මං අහන්නේ වෙන තියන්න දෙයක් නැතිවටද මංදා ඔය හට්ටි වට්ටි හිරමංතල ඕකේ තිබ්බේ හැබෑට... ඒ මදිවට එක එක ජාතියේ හැදි..වලං... ඒත් ඉතිං එතන තිබුන සමහර දේවල්නං තාමත් පාවිච්චියට ගන්ට ඇහැකි තත්වයෙන් තිබුන හැටි දැකලා මගේ බඩ පපුව හෝස් ගාලා ගියා..අපරාදේ මෙව්වා වීදුරු කබඩ් අස්සේ නාස්ති වෙනවා නේද වැඩක් නොගෙන කියලා..හා හා ඒවා කියලා මොටද දැන්...

කොහොම හරි අපි කටු ගේත් බලලා මොන මොනවද මංදා අමුතු කෑම ජාතිත් ගිලලා.. දොඩං වීදුරු දෙක ගානේ බීලා ආපහු ගෙවල්වලට මාරු උනා...ඒ ගිහින් ආවම තමා මට මතක් උනේ යකෝ දවසක මෙහෙමත් වෙන්ට බැරි නැහැ නේද කියලා...ඒ කොහොමද..?

ස්ථානය-කොළඹ කෞතුකාගාරය.. රාජසිංහ රජුගේ සිංහාසනය තිබෙන කොටස..
වේලාව-කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනයට විවෘතව තැබෙන වේලාව..

දර්ශනය- කෞතුකාගාරය නැරඹීමට පැමිණි මවක් හා කුඩා පුතකු ප්‍රදර්ශන භාණ්ඩ නරඹයි...

"අම්මේ අම්මේ අර ලොකු පුටුව මොකක්ද..?"

"ආ පුතේ ඒක තමා රජතුමාගේ සිංහාසනේ.."

"ඉතිං අම්මේ ඒක මොකටද..?"

"පුතේ එකේ තමා රජතුමා වාඩි වෙලා ඉන්නේ.."

"අම්මේ එතකොට අර මොකක්ද..?"

"ආ ඒ තියෙන්නේ පුතේ රජතුමාගේ කඩුව.."

"ඒක මොකටද අම්මේ..?"

"ඒක පුතේ රජතුමාගේ ආරස්සාවටනේ.."

දරුවා තරමක් පහත් වී බලා සිට නැවතත් අම්මාගෙන් මෙසේ විමසයි...

"එතකොට අම්මේ ඒ දවස්වල රජතුමා රට කජුත් කෑවද..?"

"හෑ..."

............................
දෝත පුරෝලා රට කජු පිරෙව්වම කන්න ගියාම රට කජු ඇට බිම වැටුනට මං මක් කරන්නද..?

39 comments:

  1. මේකේ එක වෙන්න හෙන ගේමක් යනවා නේද..? :)

    ReplyDelete
  2. මාරයියේ...කටු ගේ අතුගාන්නෙම නැද්ද??? :P

    ReplyDelete
  3. @Beetle...

    :D:D:D

    @මකුළි‍‍...

    එහෙම අතු ගෑවොත් කඩුවත් අතු ගායි නේද..?

    ReplyDelete
  4. ඒකත් එහෙමද? රටකජු කෑ බවක් රාජසිංහ චරිතාපධානයේ නැහැ නේන්නම්. හොඳයි තව චුට්ටක් ගෑටුවනම් මම දෙනවනේ රජ කෑමක්. ඇයි ආවේ නැත්තේ????

    ReplyDelete
  5. මටත් ඔතනින් එනකොට යන්නම හිතෙනවා.කාලෙකින් ගියෙත් නෑ නෙ.

    ReplyDelete
  6. @වෙද ගෙදර මහ වෙදනා...

    එඤ්ඤං එඤ්ඤං..ඊ ළග වතාවේ කොළඹ රටට මංගච්ඡපු වෙලාවක...

    @නිසුපා...

    ගෑණු ළමයි ඔහොමමයි..හිත හිත ඉන්නවා විතරමයි...:D

    ReplyDelete
  7. කියන්න දේවල් සීයක් මතක් උනා

    මඩ ගහන එක නරක වැඩක් කියන්නෙ

    ඕන් මන මුකුත් කිව්වෙ නෑ.........:D:D:D

    ReplyDelete
  8. රජකාලේ ඇත්තටම රට කජුත් තිබුනද බොලන්( රජකාලේ මම ලංකාවේ හිටපු නැති නිසයි ඇහුවේ ) ,, හොදයි හොදයි ඉතින් දිගටම රාජකාරිය කොලා කියල මාසේ අන්තිමට ඕව අපිටද

    ReplyDelete
  9. මාරයගෙ වර්තමාන රාජකාරි කරන ස්තානය ගැන නම් කවර කතාද ? කවුරු හරි ගිහින් ගෙට්ටුව මහ හයියෙන් සද්ද කරලා දොරටත් ගහලා බැරිම තැන ජනේලෙට ගලකින් ගැහුවම තමයි මූට කොම්පීතරගෙන් එහා ලෝකයක් තියනවා කියල මතක් වෙන්නෙ...හොරු ආවොත් කුමන කතාද ?
    පොස්ට් එක ගැන නම් කියන්න තියෙන්නෙ ඉතින් " රජ්ජුරුවෝ කුඩු කෑවා " කියල තමයි..:D

    ReplyDelete
  10. @නිශ්...

    ආ උඹ හිච්චි එකා..මඩ ගහන්නෙම නැහැ..

    @ගින්නා...

    රජ කාලේ මොකද රට කජු නැති වෙන්නේ..අර තියෙන සිංහාසනෙත් රටින් ගෙන්නපු එකක් වෙච්චි කොට...

    @ලකී...

    යකෝ ඒ වෙලාවේ ආරක්ෂක පද්ධතිය පරීක්ෂාවකට භාජනය කරමින් උන්නේ... ඒකයි එහෙම වෙන්නේ..අනික ඒ වෙලාවට ගේට්ටුවෙන් හොරු එන්නේ නැහැ කියලා තමා සිස්ටම් එකේ තියෙන්නේ..ඒ හින්දා සෙන්සර් ඔක්කෝම හරවලා තිබුනේ අනිත් පැත්තේ වැටට... කොහේද උඹලා දන්නවද ඕවා...

    ReplyDelete
  11. ඇයි බං උඹ රස්සාව කරන තැන මේසෙට ගගහ සින්දු කියන එක මාසෙකට කී පාරක් කරනවද?
    මාරයගෙ තල්මස් ඇටසැකිලි දොලදුක සන්සිඳිල වගෙයි කාටහරි පිං සිද්දවෙන්න. මොනවද බං ඔය කාපු අමුතු කෑම ජාති.

    ReplyDelete
  12. @ ලකී, ඒ වෙ‍ලාවෙ ගේට්ටුවෙන් හොරු ආවත් ඊට වඩා වටිනව එහා පැත්තෙ වැටට පල්ලෙහා පාරෙන් යන ගෑනුළමයි ආරක්ෂා කරන එක.

    ReplyDelete
  13. මටත් මගේ හදහන බලවගන්න ඕනා... :DDDDD

    ReplyDelete
  14. පොඩි එකා විනාසයි...

    ReplyDelete
  15. පොඩිඑවුන් නොමග යන බැවින් කටුගෙය තුල ආහාර ගැනීම සම්පුර්ණයෙන් තහනම් කලයුතුය.

    ReplyDelete
  16. ඒ කියන්නේ ඔයා අපිට හොරාම මෙතනින් කොළඹ ගියා. එව්ව හරි වැරදි වැඩ හොදද අයියේ. නරකද පොඩ්ඩක් ගොඩවෙලා ගියානම්.

    ReplyDelete
  17. පොඩිඑවුන් නොමග යන බැවින් කටුගෙය තුල ආහාර ගැනීම සම්පුර්ණයෙන් තහනම් කලයුතුය.

    ReplyDelete
  18. මාතෘකාව දැක්කහම එකපාරටම හිතුනෙ මාරයත් "ගේ" කතාවක් ලියල කියල... :D

    ReplyDelete
  19. "තරහ වෙන්න එපා ඔන්න නිකම් කොළොප්පන් කලේ..
    කොළඹ වටේ හතර අතේ රවුමක් ගහමුද ප්‍රියේ..."

    ;-)

    ReplyDelete
  20. දෝත පුරෝල රට කජු පිරෙව්ව එකනම් හරිම වැරදි .

    ReplyDelete
  21. මටත් කටුගෙ බලන්න හිතුනා . හැබැයි රටකජු ගෙනියන්න නරකයි .

    ReplyDelete
  22. මාරයගෙ මූනත් හොදයි කටු.... එක්කෝ ඕන නෑ.

    ReplyDelete
  23. ඒ කාලේ රජා කජු වල ලෝකල් එක කන්න ඇත්තේ..

    ReplyDelete
  24. මාරය ඉතිහාසෙත් වෙනස් කරන්න හදන්නෙ....

    ReplyDelete
  25. " ඉස්කෝලෙ සර්ලා දක්කාගෙන ගියා " ය කියන්නෙ...ඒ කාලේ මාරයියා හරකෙක් ද ? නෑ මම මේ දන්නෙ නැති හන්දා අහන්නෙ...:p

    ReplyDelete
  26. මෙහෙම ජොබ් වාසනාවන්!
    කේන්දර බලනවා, නෙට් එකේ පදිනවා, බ්ලොග් ලියනවා...
    ජයවේවා!

    ReplyDelete
  27. කාලයක් තිබ්බ බං මමයි මගෙ සහෝදරයයි හැම සෙනසුරාදටම කෞතුකාගාරෙ බලන්න යන සහ හැම ඉරිදම සත්තුවත්තට යන . . . .

    ReplyDelete
  28. හරි හරි, මට ටක්කෙටම හිතා ගත්තැහැකි වෙලා තියෙන දේ....! මාරයා කටුගෙට යනකොට ඒකෙ සික්කාව අඳුනනවා...! ඊට පස්සෙ ඒ සික්කාගේ මාර්ගයෙන් සිංහාසනය තියෙන වීදුරු කූඩුව ඇතුලටම යන්න මාරයට චෑන්ස් එක වදිනවා...! වීදුරු කූඩුවට ගිහිල්ලා විතරක් නෙමෙයි, සිංහාසනේ වාඩි වෙලා, කඩුවත් උකුල උඩ තියාගෙන මාරයා අර සික්කා දවල්ට කන්න ගෙනාපු රට කජු ගොට්ටටත් කෙලලා....! ඒකට රණ්ඩුවෙනකොට රට කුජු හැමතැනම වැටිලා...! ඒ සද්දෙට කවුද එනකොට කලබල වෙච්චි පාරට අර සික්කා මාරයවාත් එලියට ඇද්ලා දාලා දොර වහලා....! තාමා රට කජු ටික සින්හාසනේ පාමුල...!


    හරිද ?

    ReplyDelete
  29. මම පොඩි කාලෙ හිතන් හිටියෙ කටු ගේ කියන්නෙ කටු වලින් පුරවපු යන්න අමාරු තැනක් වෙන්ටැ කියල.

    රට කජු ලෙලි බිම දාපු එකනම් හොඳ නැහැ දරුවො.

    රාජකාරි ස්තාන්යෙ රහස් හෙලි කිරීමත් නුවනට හුරු නැත.

    ReplyDelete
  30. හදිසියේ බ්ලොගයට ගොඩ වූ මෝඩ දරුවා පිළිබඳව දැනුම් දුන් හිතවතුන්ට මගේ ස්තූතිය...

    ReplyDelete
  31. සික් මම තාම කටු ගේ බලන්න ගිහින් නෑ බන්

    ReplyDelete
  32. අවුරුදු ගනනාවකින් ගියේ නෑ කටු ගේ බලන්න.. උදේ හවා දකින කුකුලගෙ කරමලේ කහ පාටයි කියනවනෙ..

    ReplyDelete
  33. අපිත් යන්න ඕන ආයිත් . උදේ හවා ඔතනින් ගියත් පොඩි කාලේ ගියාට පස්සේ යන්න බැරි වුනා .

    ReplyDelete
  34. ඒක නේන්නං.. දෝත පුරාලා රටකජු දුන්නම පොතු අරින්නෙ පොලීසියෙන්ද, නේද..?? :D

    ReplyDelete
  35. හලේ දවසක යන්න ඕන.. ලැජ්ජාවයි මම ගිහිල්ලා නෑනේ... හැමදාම ඉස්සරහින් යනවා විතරයි :(

    ReplyDelete
  36. ඇත්තමයි මාත් එක පාරන ගිහින් තියෙන්නේ... ආයෙම යන්න ඕන.. එතකොට මරයියා දාලා ආපු රටකජුත් බලන්න බැරියෑ...

    ReplyDelete
  37. ඕනය මොකද්ද යකෝ ඒ කතාවෙ තේරුම..

    ReplyDelete
  38. රජ්ජුරුවෝ රට කජු කෑවා කියලා නම් දන්නේ නැහැ. ඒත් හොඳ රට විස්කි ගැහුවා කියලා නම් දන්නවා. හිස් විස්කි බෝතලයක්වත් තිබ්බේ නැද්ද අයියා :))

    ReplyDelete
  39. ඊඊඊ... මට මේක මිස්වෙලානේ
    දැන් දැක්කේ...
    මමත් රට එන්න කලින් දවසක හාමිනේත් එක්ක කටු ගේ එහෙම බලාකියාගෙන ෆොටෝ ටිකකුත් ගහගෙනම තමයි ආවේ
    ආපහු වෙලාවක ගිහින් බලන්න ඕනේ රාජසිංහ රජතුමාගේ විස්තරේ වෙනස් කරලද කියලා
    රජතුමාගේ සිංහාසනය, කඩුව සහ බයිට් එකට ගත් රටකජු ඇට කිහිපයක්.... :))

    ReplyDelete