07 December 2011

හිටි හැටියේ ලියැවෙන පද...

මැදියම් රැයේ අවදිව..
සිටිනා කලට තනියම..
නැගෙනා සහස් සිතිවිලි.
මසිතේ කලා කලබල...

නිහඩය අවට සැම තැන..
නිසලය සෑම පෙදෙසම..
එනමුත් හදේ සිතිවිලි..
සසලයි තවම නිදි නැත..

දෙනුවන් බරව ඇති මුත්..
නිදිමත නොයේ අසලට..
සිත තුල උපන් කලබල..
මෙලෙසින් තබමි කවි කර...

දිදුලන සඳක් නොපෙනේ..
තරු කැල අදුරෙ ගැවසේ..
නිදනා ලොවක බොහෝ දෙන..
මා හට නින්ද නොම ඒ..

දිලෙමින් තිබේ තුන් යම..
දැවෙනා විදුලි එළි සැම..
එනමුත් හදේ සැම තැන..
අදුරක් පැතිර ඇත තව...

අවදිව තිබේ කවි සිත..
නොමැතිව උවත් රහ මෙර..
දැවෙනා සිතේ සිතිවිලි..
සමඟින් රැයේ තනිවම...

සමුගෙන යන්න කාලය.
මේ යැයි සිතේ මාහට..
දිවියේ අඳුරු මතකය..
ගොනු කොට තබා නුඹ හට...

විනාඩි ගානකට කලබල කල සිත මුණූ පොතේ අකුරු වූ අයුරු...

24 comments:

  1. හිටි හැටියේ ලියවෙන පද නම් එලම තමයි ආ...

    ReplyDelete
  2. ඉතා උසස් නිර්මාණයක්....මැදියම් රැයේ කවියෙක්ගෙ කවිසිත අවදි වූ පසු කවි පිටාර ගලන ආකාරය මැනවින් පෙන්වා තිබෙන කවි පෙළක්.

    ReplyDelete
  3. අලුත් ප්‍රොෆයිල් පික්චර් එක හොල්මන්ද පොල්කොල... ඉලක්කම් පොල්ලටත් බලපායි... :)

    ReplyDelete
  4. කුමක්ද මේ අඳුර
    ඔබ සිතට ගෙනෙන කරදර
    බලාපන් හොඳට මිතුර
    ආදරයද තැවරුන අඳුර

    ReplyDelete
  5. හිටි හැටියේ ලිය උනත් අපූරු කවි පෙල..

    දැන්නම් ප්‍රොෆයිල් පින්තූරේ දැක්කම හිතෙනවා මේකනම් මාරයාගේ ප්ලේස් එකක් කියලා.. හැබෑටම කවුද අයි‍යේ ඕක හැදුවේ...

    ReplyDelete
  6. හිතල ලියන පද වලට වඩා
    හිටිහැටියේ ලියන පද ලස්සනයි.
    අපූරු පද ටික

    ReplyDelete
  7. මරු ෆොටෝ එක...හික්ස්....

    මේ...ඒක නෙවෙයි... ඔහේට බැරි වැඩක් තියෙනවැයි මාරයෝ...?

    ReplyDelete
  8. කවි ටික නියමයි..ඊට වැඩිය මට ප්‍රොෆයිල් පින්තුරේ නියමයි..

    ReplyDelete
  9. අර මුඩුම රැවුල කපලා නේද.. මම දැක්කේ ටයි පොල්ලක් දාන් ඉන්නවා වගේ.. නියම කවි ටික මචං. හුදකලාව, තනිකම, පාලූව, සාංකාවද කාංසාවද මොකක්ද එක, වේදනාව, නිහඬ බව, අඳුර ඔක්කෝම තියෙන කවි සෙට් එකක්...

    ReplyDelete
  10. මාරාන්තික ෆොටෝ එකක් නේ මේපාර දාලා තියෙන්නේ. කවුද හැබෑටම ඒක හදලා දුන්නේ.
    අපරාදෙ කියන්න බෑ මට නම් ඇදට වැටෙනවා විතරයි මතක. ආයේ ඉතිං ගල් බෝරයක් ගැහුවත් ඇහැරෙන්නේ නෑ 4ට බෙල් එක වදිනකල්.

    ReplyDelete
  11. ඔබට හැකි මුත් කව් පබදින්න
    මට නොහැකියි ඒ ශිල්ප දක්වන්න
    එනමුත් සබඳ මගේ ස්තුතිය පිළිගන්න
    කෙදිනක හෝ කව් පොතකුත් එලිදක්වන්න

    ReplyDelete
  12. ඕකට බේතක් නං තියනවා....

    ReplyDelete
  13. දැන් රෑට නින්ද යනවා හුඟාක් අඩුයි වගේ :))

    ReplyDelete
  14. රහමෙර නැතුවත් නියමෙට ලියලා තියෙන්නෙ.දැන් කාගෙන්ද අයියා සමු ගන්නේ.

    ප්‍රොෆයිල් පින්තූරෙ දැක්කාම මට මැරෙන ගානට හිනා ගිය... :D

    ReplyDelete
  15. හිත කළබල උනෙ විනාඩි ගානකට නිසා හොඳයි, මාරයා ලියපු අනිත් කවි වගේ මට මේ කවි ටිකත් ලස්සනයි, පින්තූරෙ නම් චොර :D

    ReplyDelete
  16. එළකිරි මාරයෝ ,, උබ පට්ට කවි කාරයෙක්නේ බලාගෙන යනකොට ( පක්ෂීන් නැති රටේ කාක්කාද පක්ෂියෙකි ලු .. විහිලුවට හොදේ )

    ReplyDelete
  17. මුගේ අලුත් ප්‍රෝපයිල් පික්චර් එක දැකල මුගේ හිතම කලබල වෙලා.

    ReplyDelete
  18. හිටි හැටියේ ලියඋනාට ලස්සනට ලියලා තියෙන්නේ ඔය..

    ReplyDelete
  19. ලයිට් තිබ්බත් ගෙදරට
    කළුවරයි නොවෙද හදවත
    හදේ අඳූර මකනට
    ගෙනෙන්න සඳක් ගෙදරට

    ReplyDelete
  20. පිරිටන් පෙති දෙකක් වත් ගහලා නිදාගනින්.... රෑට වැඩියෙන් වතුර බීපුවහමත් ඔහොම වෙනවා...

    ReplyDelete
  21. අර රාජ් කියල තියෙන බෙහෙත අරන් හරි චූ පාරක් දාල හරි බුදිය ගනිං, තමන්ට පිහිට වෙන්නෙ තමන්ගෙ අතම තමා.

    ෆොටෝ එක පරිස්සන් කරලා තියහන්, තියෙන තැන යාලුවන්ටත් කිව්වොත් හොඳා, මුණු පොතේ දාල ඇති මොකටද කියල [ප්‍රසිද්ධියෙ කියන එක හරි නෑ කියල හිතුන]

    ReplyDelete
  22. කවි ටික නම් මරේ මරු අයියේ...

    නයිට් ඩියුටි කරලා එක දිගට
    නිදන්න අමතක වෙලා වගේ ඇස් වලට

    ReplyDelete
  23. මැදියම නැගිට කලබල
    කරණ තනිකඩ හිතකට
    බෙහෙතකටයැයි ගැනුමට
    වෙන මුකුත් නෑ අත මිස

    ReplyDelete
  24. මේ යටලීයේ නාරි ලතා මල් පූදින සමයයි !!!

    ReplyDelete