13 December 2011

තහනම ඉවතට ටින් ටින් නැවතත් ප්‍රදර්ශනයේ...


(මෙම බ්ලොග් පෝස්ටුව යම් යම් ගැටළු නිසා ඉවත් කරන්නට යෙදුණු අතර..නැවතත් අඳාළ අංශ අතර කතා බස්වලින් පසුව පල කරන්නට යෙදුණි...)


හොඳායි කස්ටියම දන්නවනේ මංතුමා පහුගිය සති අන්තයේ ගමන් කිහිපයක් යනවය කියලා කිව්වා... ඉතිං මේ සැරසෙන්නේ ඒ ගමන් බිමන් ගැන කියලා දාන්ට තමා...

මුලින්ම අපි පටන් ගනිමු හෙනහුරාදා දවස ගැන..උදේම වැඩ ඇරිලා යන්ට ඔන්න මෙන්නය කියලා තියලා මං බ්ලොග් එකේ පොඩි සටහනකුත් දාලා නෙව මාරු උනේ..

උදෙන්ම ගියාට මොකද උදෙන්ම නෙවෙයි මං ගමන පිටත් උනේ..දහවල් දොළහට ආසන්න වෙලා..ඉතිං ඒ වෙලාවට කලියෙන් අපේ නඩේට කොටා බාන්ට මොනවා හරි හදාගන යන්ට ඕන කියලා හිතුන හින්දා මං එදත් උදෙන්ම අත ගැහැවුවා නොදන්න කෑමක් හදන්ට.. මෙතුවක් කාලෙකට හදලා නැති උනත් කොටා බාන්ටනං බොහෝම මනාප දෙයක් වෙච්ච රෝල්ස් තමා හදාපු කෑම... ඉතිං ඒ ගැන මං ඕනනං වෙනම පෝස්ට් එකක් දාඤ්ඤංකෝ.. මුලින් මුලින් අට පට්ටං උනත් කොහොම හරි එකාට එක ගානේ කොටා බාන්ට රෝල්ස් ටිකකුත් තනාගෙන..රෝල්ස් හදන්ට ලක ලෑස්ති ලොක පිරවුමෙන්ම කටලිස් ටිහිකුත් හදාගෙන මං මද්දියාහනයේ ගෙදරින් පිටත් උනා කොළඹ යන්ට කියලා...

ඉතිං හවස් කොරේට කලියෙන් කොළඹ රටට ගෙහුන් අනිත් ගොබිලෝ ටිකත් සූජානං කරගෙන අපි කට්ටිසම ගියා දර්ශණීය වැවක් බලන්ට.. ඔව් ඔව් අහපු ගමන් හිතට එක එක අදහස් පහළ කොරවන ඒ සුවිශාල නගරයේ ඇති ප්‍රසිද්ධ වැව් රාජයා.."බේරේ..වැව" තමා අපේ පොට් එක උනේ...

බේරේ ගැන කිව්වහම ඉස්සරනං ඇත්තටම අපේ හිතට එන්නේ මහ නරකාදියක් ගැන හැගීමක් උනත්..අද වෙනකොට ඒක එහෙම නැහැ... කොළඹට සුවිශේෂී අලංකාරයක් එක් කරමින් අද වෙනකොට බේරේ වැව කියන්නේ සෑහෙන පිරිසක් නිතර විවේකයෙන් විනෝදයෙන් සැදෑ කාලය ගත කරන්න එකතු වෙන තැනක්...
ඉස්සරනං සෑදෑ කාලය ගත කරන්න තියා හදිසියකට ඔය හරියෙන් බස් එහෙක යද්දී උනත් අපි ගියේ නහය තද කරලා වහගෙනනේ.. ඒ තරමට සුගන්ධවත් ගතියක් ඕකේ තිබුනා නෙව..ඒත් අද වෙනකොට තත්වය එහෙං පිටිංම වෙනස්...

ඇත්තටම ඔය තත්වයට බේරේ වැව ගෙන්න මූලික උනේ මංගල සමරවීර ගොයියා කියලයි මගේ මතකයේ තියෙන්නේ... ඔය යෝධයා කොරපු අමන වැඩ කොච්චරක් උනත් මේ වගේ එකක් දෙකක් අතරින් පතර තියෙනවා හොඳක් කියන්න ඉතිරි උන... ඉතිං ඒ මැටි වැඩ කොහොම උනත් මේක කරන්න අත ගහපු එක ගැන ලකුණු නොදී බැහැ... වර්ථමාන රජයේ ආර්ක්ෂක ලේකම් වරයා මූලික කොටගත් කොළඹ සංවර්ධන කටයුතු වලදීත් මේකට සෑහෙන වැඩ ටිකක් කෙරුන බවයි දැන ගන්ට තියෙන්නේ... අද කඩේ යනවට වඩා දේවල් තියෙන හින්දා අපි හැරෙමු මගේ සවාරිය පැත්තට...

ඉතිං බේරේ වැව අසල සන්ධ්‍යාව ආරම්භ කොරන්ට කලියෙන් අපි හතර දෙනා ටිකක් විතර පොෂ් කඩ පොජ්ජකට ගොඩ වෙලා හිට මෝටර් බෝට්ටුද මොනවද මංදා කියලා කෑමක් ගිල්ලා... හැබැයි ඒ බෝට්ටුවක් තනියම ගිලින එකත් පහසු නැහැ..ඒ තරමට විසාලයි... කොහොම හරි බැරි මරගාතේ මං ඒකත් ගිල්ලය කියමුකෝ..ඒත් මාර ජංජාලේ... අපේ නඩේ ගුරාට තද වෙලා...


ඇයි එහෙම තද උනේ..ඒකට හේතුව තමා අපිත් එක්ක සවාරියේ යන අනිත් ඩබල මෝටර් බෝට්ටු කාලා ඉවර කොරගන්ට අසමර්ථ වීම.. නඩේ ගුරාගේ හරි නීතී.. එව්වා හරි තද නීති.. ඉතිං එයැයිගේ වියවස්ථාවේ අංක 421313 න්2 වගන්තිය යටතේ ලබා දෙන ආහාර අවසන් කිරීමට අසමත් වීමේ චෝදනාව මත පසුවදා දිනයේ උදෑසන සහ දහවල් ආහාරය අපිට අහිමි කරවන බවට තදින් දන්වා හිටියා නෙව...

වරද කලේ අරුං දෙන්නා..ඒ කිව්වේ අපිත් එක්ක ගිය ශුඩු (හඩු) පූෂා සහ අපේ නඩේට එක්කාසු වෙච්ච අළුත්ම සාමාජිකාව වෙච්ච පූෂාගේ ප්‍රිය "වෙන්ට බිරින්දෑව" වෙච්ච පූෂී..ඉතිං මුං දෙන්නා දගලලා දගලලා කොච්චර කෑවත් මෝටර් බෝට්ටු දෙක අහවර කොරන්ට අසමර්ථ උනා... ඒත් දඩුවම නියම උනේ අපි තුන්දෙනාටම...

"තොපි තුන්දෙනාටම හෙට කෑම නැහැ.."

මහා ගර්ජනාවක් නිකුත් උනා...මං කොච්චර උත්සහ කලත් මං අසරණයි අහිංසකයි..මේ වරදට මාගේ සම්බන්ධයක් නැතැයි කියලා ඔප්පු කොරන්ට..ම්හූ..ඒක පහසු උනේ නැහැ..වියවස්ථාවට අනුව කලින් නොතිබිච්ච 634928 වැනි වගන්තිය ඒ මොහොතේම එකතු උනා...

"වැඩිහිටියකු වශයෙන් පොඩි උන්ට කෑම කා අවසන් කරවීමට අසමර්ථ වීමේ වරද මත තොටත් කෑම නැහැ හෙට"

ඔන්න අළුත් වගන්තිය..මාත් ඉතිං මොකාද එකා වගේ බලං හිටියා...දැන් ඉතිං කාහංකෝ හෙට දත් මිටි...

ඉතිං එයිට පස්සේ අපි සුභ මොහොතින් ගියා අති සුන්දර බේරේ වැව අසබඩට... ඒ ගොහිං මුලින්ම එතැන තිබුන ලස්සන පාලමෙන් එහෙම එතෙර වෙලා බේරේ වැව මැද ඇති කුඩා දූපතේ කරක් ගහලා අවට සිරි නරඹලා පොටෝ කෑලි දෙක තුනක් එහෙම අල්ලලා එයින් එළීයට ආවා... එයින් පස්සේ අදහස වැව පුරා හංස බෝට්ටුවකින් සංචාරය කොරන්ට...ඒත් එතනදී අපි අසරණ උනා...


එදා පෝය ඩේ එක... ඉතින් "පෝය ඩේ හොලිඩේ" කියන ප්‍රසිද්ධ නියමයට අනුව එදා හුගක් දෙනෙක් මෙහෙට ඇවිත්.. බෝට්ටු පදින්න බර ගාණක් බලං ඉන්නවා... ඒ පාර බෝට්ටු සවාරිය පසුවට කල් දාලා අපි වැව වටා පා ගමනින් සංචාරය කොරන්ට තීරණය කොලා... කොහොම හරි ඒ විදියට සෑහෙන වෙලාවක් වැව වටේ යන්ට කාලය ගෙවිලා ගියා...ඒ අතර තුරේදී අපිට අපේ කකුල් ගාවින්ම බරපතල සාකච්ඡාවක නිරත වෙමින් ඇවිදගෙන ගිය තාරාවෝ සෙට් එහෙකත්... අපි පොටෝ අල්ලනවා දැක්කම දුවගෙන ඇවිත් ඒ පොටෝවලට හරි අපූරුවට පෙනී හිටිය ලොකු කොක්කු වගේ එවුවෝ සෙට් එහෙකුයිත් අහු උනා.. උන් කොක්කුද හංසයොද..මොක්කුද කියන්නනං මං දන්නේ නැහැ...කොහොම හරි එහෙම උන් වගයක් හිටියා..


ඔය ඉන්නේ තාරා සෙට් එකක..උන්ට අපේ ගානක් නැහැ..බර කතාවක...මේ පහළ ඉන්නේ අර අනිත් සෙට් එක...

ඉතිං කොහොම හරි හවස් අතේ ගිය අපි ඔය වැව වටා සංචාරය නිමා කරනකොට හොදටම කරුවල වැටිලා.. ඒ අතරේ අවට ගොඩනැගිලිවල විදුලි ආලෝක පද්ධතීන් ක්‍රියාත්මක වීම හින්දා එව්වායේ ලස්සනත්..ඒ ගොඩනැගිලිවල ආලෝකය වැව් දිය මතට වැටිලා මැවුන සුන්දර දර්ශනයි බලන්න අපිට පුළුවන් උනා...


කොහොම හරි එදා ඒ සුන්දර සවස් කාලය නිමා කරමින්... ඒ සැදෑවේ අපි එතනින් පිටත් වෙලා ආපහු ආවා අපේ එදා රාත්තිරිය සඳහා සූදානම් කර තිබූ තාවකාලික නවාතැන් පලට...


පසුදා පාන්දරම අපේ චාරිකාවේ දෙවන අංගය වෙච්ච වැසි වනාන්තරයක් නැරඹීමට යාම සඳහා වූ ගමන වේලපහින්ම පිටත් වීමේ අරමුණ ඇතිව එදා රාත්තිරිය අපිට කොළඹම නැවතී සිටීමට තැනක් වෙන් කරලා තිබුනා... අපි ඒකට ගියාට පස්සේ ඔන්න අපේ ගමනේ අනිත් සඟයා වෙච්ච "ද ඉබ්බාද ෆොටෝ ග්‍රැපර්" අපිව හොයාගෙන අපේ ලැගුම් හලට ආවා...දැන් අපේ නඩේ සම්පූර්ණයි...

ඉබ්බා නිකං නෙවෙයි ඇවිත් තිබුනේ..අපි හැමෝටම කන්න කියලා කොහෙන්ද මංදා තොසේ ගොඩකුත් අරගෙන... හනේ හත් ඉලවුවේ අර එයිට පැය දෙහෙකට කලියෙන් මෝටර් බෝට්ටු ගිලින්න බැරිව හිටිය පූස් ඩබල බිම පැදුරකුත් එලාගෙන...එක පිඟානකට තොසේයි වඩෙයි බෙදාගෙන මෙන්න ලස්සනට ගිලිනවා... පූසා ඉතිං අන අන පූසිට තෝසේ කව්වනවා...

"කන්ට පුතේ කන්ට..මේ කටත් කන්ට.." කිය කියා...අනේ මුංට වැඩිහිටියෙක් වශයෙන් කෑම කව්වන්ට බැරි වීම නිසා හෙට කෑමත් නැතිව ඉන්ට නියමිතව හිටි මට දැන් හොඳ හොඳ දේවල් සිහියට එනවා... වැඩිහිටි පදනම මත මාත් දඩුවම් ලබලා ඉද්දී අර පූසා හෙන වැඩිහිටි විදියට පූසිට තෝසේ ගිල්ලනවා..මෙව්වා ඉතිං කාට කියන්ටද..?

ඉතිං කොහොම හරි එදා රාත්තිරිය අපි කට්ටියම ඒ නවාතැන් පොලේ නැවතිලා හිටියා... සැලසුම තමා පසුවදා පාන්දරම අවධි වී සූදානම්ව හරියටම පාන්දර 4ට ගමන් ආරම්භ කිරීම...

ඉතිං අපිට තිබුන පහසුකම් බෙදා හදාගෙන පාවිච්චි කිරීමේ පහසුව පිණීස අපට වෙන වෙනම කාල සටහනකුත් පිළීයෙල වෙලා තිබුනා.. ඒ අනුව මුලින්ම අපේ "ද ඉබ්බාත්.. අනතුරුව පිළීවෙලින් "පූස් ඩබලත්" ඉන් පසුව මංතුමාත් අවසාන වශයෙන් "මැඩම් හිට්ලර්" වන අපේ නඩේ ගුරාත් අවධීවීම කල යුතුව තිබුනත් පාන්දර තුනට මංතුමා මුලින්ම ඇහැරිලා ලක ලෑස්ති උනා.. එයින් පසුව ඉබ්බා අවධීකිරීමට නාස්ති වූ විනාඩි පහත්.. ඉබ්බා විසින් නාන කාමරයේ ජල කරාමය දැක සතුටු වූ සිතින් යුතුව දිය කෙලීම නිසා නාස්ති වූ විනාඩි දහයත්.. පූස් ඩබල විසින් සැරසීම සඳහා වැය කල කාලයෙන් අපතේ ගිය විනාඩි පහත් ආදී වශයෙන් නාස්ති වූ කාලය විනාඩි විස්සක් නිසා අවසානයේදී ගමන නියමිත වේලාවට වඩා විනාඩි විස්සකින් පසු වී..ඒ කියන්නේ හරියටම හතරයි විස්සට අපි අපේ ගමන් රථයෙන් පාරට පැන්නා...

ඇත්තටම පූස් ඩබල විනාඩි පහක් නාස්ති කලා උනත් උන් දෙන්නා කාලය ඉතිරි කිරීම සඳහා සෑහෙන වෙහෙසක් ගත්තා... ඒ ගැන කියනවනං උන් දෙන්නා හරි ආදර්ශමත් පූස් ඩබලක්..කොටින්ම කිව්වොත් පූෂා පූෂීගේ කකුල් ගාව දණ ගහගෙන පූසිගේ කකුල් දෙකටම මේස් දමා සපත්තු ලේස් කරන විට පූසි විසින් පූසාගේ හිස පීරීම වැනි හවුල් ක්‍රියා මගින් සෑහෙන කාලයක් ඉතිරි කරන්නටත් උත්සහ කල අන්දම ප්‍රසංසනීයයි...

ඔන්න ඔය වගේ කලබලකාරී උදයකින් පසුව අපි ගාළු නගරය බලා ගමනාරම්භ කලා...

ඉතිං එහෙනම් ඊ ළග කොටසින් අපි අපේ ගමනේ වැදගත්ම කොටස ලියනකල් කට්ටිය ඉවෂා වදාරාගෙන හිටින්ට... ඕනනං මෙන්න මූණු පොතේ තියෙන ගමනේ ඡායාරූප රැගත් ඇල්බමයට යන පාර...

56 comments:

  1. කාත් එක්කද බන් රවුම් ගැහැව්වෙ.. මාර්,....

    ReplyDelete
  2. හුරේ... මම පහහහහ..... :D

    ReplyDelete
  3. ආ ටින් ටින් ෆිල්ම් එක එන්න කලින් මේ ලංකාවේ පෙන්නන අලුත් එකක් ද?

    මම හය... හික් හික්

    ReplyDelete
  4. හිහි ගනන් කොරන්ඩ ඉගන ගන්නවද මෙයාලා :)

    ReplyDelete
  5. කන්නෙලිය ගෙම්බො බලන තමා ප්‍රසිද්ධ ම0 දන්න විදිහට. . .

    ආ ම0 අට. . .

    ReplyDelete
  6. බේරේ මරු නේ හැබෑටම

    ReplyDelete
  7. මම 10ද ? , මංගල ගොය්යට බෙරේ කරන්න දුන්නේ නැත්තේ ආණ්ඩුවෙම කට්ටිය , ගෝඨාභ උන්නැහේ නොවේ නම් මෙදා පාරත් හබක් තමයි . සිරාවටම කොලඹ අලංකරනය ප්‍රසංශනීයයි

    ReplyDelete
  8. මාරය මේ හොඳින් කියන්නෙ, මකපු පෝස්ට් ආයෙ දානව නං ඒකට දාපු කොමෙන්ට් එක්කම දාන්න ඕනෙ.......හරිද ඩෝව්...
    දන්නවනෙ අපි හොඳට හොඳයි...නරකට නං ඊටත් වඩා හොඳයි.......හරිද ඩෝව්.....

    ReplyDelete
  9. මාරෙ අයියේ, කාපු බීපු වෙලාවට කියන ඒවනේ, ගනන් ගන්න එපා :D

    ReplyDelete
  10. ෂූ.. මරු පොට් එකකට ගිහින් තියෙන්නේ.. හවස් වෙලාවක බියර් කෑන් 1ක් අතේ තියාගෙන සිංදු තියෙන ෆෝන් එකකට ඇමිණීච්ච හෑන්ඩ් ෆ්‍රී එකක් කනේ ගහගෙන මනො පාරක්‌ ගහන්න කියාපු තැන.
    හැබැයි ඒ වගේ දේකට යන්න ඕනෙ ගංගාරාමෙන් එහා පැත්තට.ක්‍රෙස් කැට් 1 ඉස්සරහා හරියට.

    (ආවුස්‌.. අප්පා !!! අළුත් ඇදුමක් අන්දලා තියෙන්නේ.මාරු ඇ... 2012 දීම ඇන්දුවානම් තමයි මරේ මාරු... )

    ReplyDelete
  11. ඔය තාරාවන්ට යටින් ඉන්නෙ කරවැල් කොක්කු (Pelicans).

    බේරේ වැව සුද්ද පවිත්‍ර කරල ඔය තත්වෙන් තියා ගන්න එක දැකීම සතුටක්.

    රෝල්ස් හදන හැටි දාන්න, ඕකේයි? ඩැන්කියු!

    ReplyDelete
  12. අනේ මම ගනින්න දන්නෙ නෑ. මම කීයද අප්පා?

    එළ ට්‍රිපක් වගේ මේක නම්.

    ReplyDelete
  13. මං දාසය කියලා කීවොත් නිකං ඒක අර්ථ ගැන් වෙන්නේ මම මෙහෙකරුවා කියන එක වගේ ..

    ඒක නිසා මම දාහත

    බේරේ වැවට කෝමද දන්නෑ නම හැදුනේ ඒකේ මොනා හරි බේරෙනවද ?

    ReplyDelete
  14. මම කමෙන්ට් එක ලියන අතරේ රංගයා බලෙන්ම දාසය වෙලා හූ !! දාසය කියන්නේ මෙහෙකරුවා .. හූ හූ !

    ReplyDelete
  15. කස්ටිය ගණන් කරන්න ඉගෙන ගන්නවද කොහෙද ? දැන් මම කීයද ? තියෙන තැනක් දෙන්න මෙයාලා......

    අපෝ මාරයියේ බෝට්ටු බෝට්ටු කියලා ඕකට අපහාස කොරන්න එපා අප්පා...බෝට්ටුවට වඩා ටිකක් උඩ නමක් නෙ ... මට නම් මලාට ඔය ජාතියෙන් බාගයක් කා ගන්න බෑ..වෙන්න මහත්තයා එක්ක ඕවා කන්න ගියාම එයාට ඕවායින් එකකුයි..මගෙ එකෙන් තුන්කාලකුයි කන්න වෙනවා.... මග දිගට බැන බැන එන්නෙ ඉස්මුරුත්තාව කියලා....

    ReplyDelete
  16. ඔය මෝටර් බෝට්ටු මෙහෙ තියෙනවා අඩියක් දිග ඒවා.. කිව්වට විශ්වාස කරන්න, මට කන්න ඇහැකි ඒ එකක් තනිවම :D :D

    ReplyDelete
  17. තැගි ලැබෙන්නේ නැති නිසා කීය උනත් ප්‍රශ්නයක් නැ.
    අපිත් ලඟදී ගියා ‍රැපානේ කොලොම්පුරේ රව්මක්. හරිම සුන්දරයි ඇත්තටම.
    ගෝල් ෆේස් පිට්ටනියටත් බොගෝ අය ඇවිත් විනෝද වෙනවා. ඒත් ටිකක් කලින් යන්න ඕන නැත්නම් වාහන පාක් කරගන්න අමාරුයි. කොහොම උනත් හැමෝටමට ස්තූතියි විය යුතුයි අගය කල යුතුයි කොළඹ සංවර්ධන කටයුතු වලට දායකත්වය දුන්..

    රෝල්ස් හදන හැටිත් දාන්නකො එහෙනම්...
    පේනවද මේ පූස පූසා වගේ ඉන්න හැටි රවුම් ගහල ඇවිත්....

    ReplyDelete
  18. මන් 23 හූ හූ හූ !!!!! ( උඩ පනිමින් )

    ReplyDelete
  19. මං 22.
    අඩෝ මාරය අර ඔබා මාමා කියල තියෙනව වගේ මේකෙ ඉස්සෙල්ල දාල තිබ්බ කොමෙන්ට් ටිකත් දාපිය.

    @ වෙනී, එක්කෙනා දෙපාර ගානෙ දාන කමෙන්ට් ගණන් ගන්න එපා.

    ReplyDelete
  20. මේව කැත වැඩ...පොස්ට් එක ආපහු දානවනම් අපේ කොමෙන්ට් එක්කම දාන්න ඕන...ඈයි බයද ?
    හිටුකො..මම ඊ ළඟ වතාවෙ ආවාම මමත් යනව ඔය මෝටර් බෝට්ටු කන්න...
    එතකොට මම 24 නේ....

    ReplyDelete
  21. මම එක මම එක..............

    කන්නෙලිය කියන්නේ ට්‍රිප් එකක් යන්න ලස්සනම තැනක්.... ඒත් එහි යන අය එහි තිබෙන ස්වභාව සෞන්දර්‍ය රැකගෙන එන්න දැනගන්න ඕන.... ඒ වගේම තමයි කන්නෙලිය රක්ෂිත වනයේ කාර්ය මණ්ඩලයට සුවිශේශී ප්‍රණාමයක් පුද දෙන්න ඕන ඒ කරන්නා වූ මෙහෙයට... ගොඩාක් දෙනෙක් හිතන්නේ ලංකාවේ වැඩිම ජෛව විවිධත්වයක් තියෙන්නේ සිංහරාජේ කියලා... ඒත් උත්තරේ කන්නෙලිය... ටික දවසක් වැය කරලා කන්නෙලිය නාකියාදෙනිය දැදියගල (KDN Complex) රක්ෂිත වල ඇවිද්දානම් අන්න ඒක ජීවිතේ අමතක කරන්න බැරි අත්දැකීමක් වේවි....

    ReplyDelete
  22. පින්තූර ටික දැක්කම මතක් උනේ පරණ කෙල්ලව හික් හික්

    ReplyDelete
  23. එතකොට ටින් ටින් කියන්නේ කව්ද ?

    ReplyDelete
  24. එතකොට ටින් ටින් කියන්නේ කව්ද ?

    ReplyDelete
  25. එතකොට ටින් ටින් කියන්නේ කව්ද ?

    ReplyDelete
  26. මංගල සමරවීර කියන්නේ නාගරික සංවර්ධනය ගැන සහෙනේ හොද අදහස් තිබුණු ඒ අදහස් ක්‍රියාත්මක කල කෙනෙක්. එත් ඒ වැඩේට බාල්දි පෙරලුවේ ඒ කලේ ඒ ජනතාවත් එක්ක හිටපු දේශපාලකයෝ.
    දැන් ඒ වැඩේ කරන කෙනත් ඒක සැහෙන සාර්ථකව කරනවා. සමහර විට දෙන්නම සැහෙන කාලයක් පිටරට ජිවත් වෙලා තියන නිසා ඒ රටවල තියන දේවල් දැකල නිසා වෙන්න පුළුවන්. එත් මේ සැරේ වැඩේ කරන කෙනාට බාල්දි පෙරලන්න ලේසි නැති නිසා වැඩේ සැහෙන සාර්ථක වෙයි කියල හිතන්න පුළුවන්.

    සිංහරාජය ගැන සිතියමක් අරන් බැලුවොත් දකින්න පුළුවන් වෙයි සිංහරාජය කියල මාක් කරලා තියෙන්නේ කාලයක ඒක කොටසක් විතරයි කියල.
    මේ කැලය ගාල්ලේ කන්නෙලිය පැත්තටත් මාතර දෙනියාය පැත්තටත් විහිදිලා තියෙනවා.
    මීට අවුරුදු 200 විතර කලින් මේක අවිස්සාවේල්ල පැත්තටම තිබුන කියල තමා දන්නේ.

    පලි මාරයා මොකෝ "අනෝ" ඩිසේබල් කරලා?

    ReplyDelete
  27. "තියෙන්නේ කැලයක එක කොටසක් විතරයි කියල."
    කියල නිවැරදි වෙන්න ඕන

    ReplyDelete
  28. අර ගෝලෆේස් එක ලග වටරවුමේ (පරණ පාර්ලිමේතුව, ජනපති ලේකම් කාර්යාලය) ඇති ලයිට් කණු උඩ මේ පෙලිකන් ලා හරියට පිළිම වගේ ඉන්නවා.

    ReplyDelete
  29. කාලෙකින් කොළඹ දැක්කේ නැහැනේ කියල මතක් උනේ දැන්...
    ඉස්සර මම ඔය පැත්තේ අරක්ගෙන හිටපු කාලෙකුත් තිබ්බා
    කොහෙද දැන් අවුරුදු තුන හතරකින් විතර කොළඹ දැක්කෙවත් නැහැ
    ගමනක් ගියත් ඔය හරිය මගඇරලා නෙව යන්නේ

    අර උඩ හරියේ කෙනෙක් කියල තිබ්බ නේද Pelican ගේ සිංහල නම, ඒක වැරදියි
    උගේ සම්පුර්ණ ඉංගිරිසි නම Spot-Billed Pelican, සිංහල නම "තිත්හොට පැස්තුඩුවා"

    ReplyDelete
  30. හ්ම්ම් මරු සංචාරය

    ReplyDelete
  31. අංක 421313 න්2, 634928 වැනි වගන්තිය ......
    මාර වගන්ති සෙට් එකක්නෙ ....
    මම තාම ඔය වැවේ එක වටයක්වත් ගිහිං නැහැනෙ ......

    ReplyDelete
  32. එතකොට මොකද්ද ටින් ටින් ගෙ සම්බන්ධෙ? Tin Tin goes to Beira Lake වගේ මොකක් හරි අපි නොදන්න පොතක් වත් තියෙනවද?

    ReplyDelete
  33. මම 41! :D මම කලින් පෝස්ට් එක තියනවා දැක්කා. පස්සේ කියවන්න බලනකොට බඩු නෑ.:( එහෙනම් ඉතුරු මඩ ටිකත් ඉක්මනට දාන්නකෝ...:)

    ReplyDelete
  34. @අභීත
    වැඩිම ජෛව විවිධත්වයක් තියෙන්නේ නම් සිංහරාජේ තමයි අයියේ. හැබැයි වැඩිම ශාක විවිධත්වයක් තියෙන්නේ කන්නෙලියේ.

    ReplyDelete
  35. මම එහෙනම් 42 වෙන්ටැ. පූස් ඩබලට කන්න බැරි වෙච්ච මෝටර් බෝට්ටුවට වැඩේ දෙන්නනෙ තිබ්බෙ මාරයියෙ.

    ReplyDelete
  36. අඩේ... මම එකම comment එක තුන් පාරක්ම දාලනේ. එතකොට මම 31,32,32 සහ 44

    ReplyDelete
  37. @නලිනි චන්දිමා...
    @බනී...
    @දයාල් බතී...
    @සෝරෝ...
    @තාරක Dilsh@n...
    @වෙනී...
    @Mahesh Wickramasinghe...
    @නිශ්...
    @සුසන්ත...


    ඔබලා හට හිමි ත්‍යාග යථා කාලයේදී හිමිවනු ඇති අතර ඒ සඳහා ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා වලංගු මරණ දැන්වීමක් නිතර ලඟ තබා ගන්නා මෙන් දන්වා සිටිමි...:D:D:D

    ReplyDelete
  38. @රවා...

    ආනේ රවා අයියට අපේ බ්ලොග් එක මතක් වෙලා...

    ඇයි අයියේ ඔය තියෙන්නේ නම් ටික...කියෝලා බැළු නැතෙයි...

    @හසී...

    ආ ඔව් ඔව්..ඕනනං හැඩොක්ස්ගේ පාට් එක ඉතිරියි..ඕනද..?

    @නදී...

    පොඩි උන්නේ තව තාම ගණින්න ඉගෙන ගන්නවා..මං හිතන්නේ වැලි පිල්ලේ අකුරුත් ලියවන්ට වෙයි වගේ..

    @හසී රන්...

    මෙයා දැක්ක කල්..?
    ආසාවටවත් ගෙම්බෝ දැක්කේ නැහැනේ...

    @ඩිලාන්...

    මරුදත් අහනවා..මරේ මරු...

    @බුවා...

    ඔව් ඉතිරි ටිකත් ඔහොමම කෙරුණනං තවත් හොඳයි...

    @ඔබයියා...

    අප්පා මේ මීයෝ රා බීපුවම තියෙන කරදරයක් අම්මපා.. කොහේද ඉතිං පූසෝ ලංකාවට එවලනේ..

    @තාරක Dilsh@n...

    නැතිව නැතිව..මං නොදන්නවැයි..උපරිම මාසයයි..ඊට පස්සේ කට කලියාව දානවා උන්දැට..:D:D:D

    @KC...

    හප්පා අපි දැන් අමධ්‍යප...කතා කොරන්න එපා ඔව්වා ගැනනං... ඇඳුම වෙනස් කරලා ටික දවසක් ලොක්කා... ඕනනං 2012ට ආයේ එකක් අන්දමු...

    ReplyDelete
  39. @ඩී...

    අනිවා රෝල්ස් හැදිල්ල දානවා...සත්තු ගැනනං ආයේ මොනවද නේද..?

    @රංග-උගේ ලෝකය...

    උඹ බබා..වරෙං හරහට දාලා නලවන්න..:D
    ට්‍රිප නම් ගතිම තමා...

    @සඳරු...

    අම්මපා නමට මුල හොයන්න ඕන...
    රංගයා දාසයා‍ කෙසේ වෙතත් වැඩකරුවා...

    @Bindi...

    තැන්කූ කිව්වා...

    @දිල්...

    පව් අසරණයා..ඌට ඉහේ ඉඳින් දෙපතුලටම කවලා කවලා ඊට පස්සේ බඩ වැඩී කියලා යවනවා ජිම්..කොල්ලට ගිය කල..සංසාරේ...

    @ආන්ශ්...

    කිසිම ප්‍රශ්නයක් නැහැ මං නං විශ්වාස කරනවා උඹ ඔයිට ලොකු එකක් ගිල්ලා කිව්වත්..:D:D:D

    @Gimhani...

    අප්පා ගිම්හානිට වටිනා කියන තෑගි පාර්සලය අහිමි වෙනවා මේ තරඟයට සහභාගී නොවීම නිසා...

    අනිවා දාන්නං රෝල්ස් හැදීම ගැනත්...
    පූෂා වගේ නෙවෙයි මගේ පාට් එක ටිං ටිං...

    @Praසන්ன...

    හිටිං ඒ ටික හොයා ගන්න තියේද කියලා බලන්න...

    @ලකී...

    හිටහං බං ඒ ටික හොයලා දාන්නං...

    @අභීත...

    ඔව් අපිත් එහෙට ගියාට පස්සේ තමා දැන ගත්තේ සිංහරාජේ ඊට කුඩයි කියන එක... කාර්ය මණ්ඩලයේ සේවය ගැනත් සඳහනක් කරන්නම ඕන තමා...

    @ගුණේ...

    මං හිතන්නේ අර කෑම ජාතිවල පිංතූර ටික දැක්කම වෙන්ටෑ...

    @Pisakkaatuwa...

    වෙන කවුද ඉතිං..එඒකතාව ඉස්සරහට...

    ReplyDelete
  40. @මගේ කතාව...

    ඇනෝ ඩිසේබල් කලේනං මං මේ ටිකේ වැඩි පුර බ්ලොග් එකේ ගැවසෙන්නේ නැති හින්දා..ඒ කිව්වේ මේ ගමන් බිමන් හින්දා මට නෙට් එකේ ඉන්න වෙන්නේ නැති වීමත්... නෙට් ආව දවසටත් මගේ කේන්දර වැඩ ගොඩ ගැහිලා හින්දා ඒවට යොමු වෙන්න වෙලා තියෙන හින්දා නිතර මේ පැත්ත ගැන අවධානය යොමු කරන්න නොහැකි වීමත් නිසා... මොකද මං නැති අතරේ කවුරු හරි ඇවිත් ජරා තරලා ගියොත් ඒක අහක් කරන්නවත් මට වෙන්නේ නැහැනේ... ආන්න ඒකයි කාරණේ.. "මගේ කතාව" මොකද ඇනෝ හෙව්වේ...?:D:D:D

    සම්පූර්ණ කමෙන්ටු කිහිපයටම බොහෝමත්ම ස්තූතියි...

    @ලොකු පුතා...

    අන්න පැස්තුඩුවා වෙන්න ඕන තමා.. ඔය පෙලිකන්ලා- කොන්ලා මං දන්නවයෑ..හිංගලෙන් කිව්වනං අදුරන්න තිබ්බා...

    @වර්ණා...

    යෑෂ් යෑෂ්..මාර සංචාරය...

    @පන්සල් හංදිය...

    ඒ තරමට ඒ වියවස්ථාවේ නීති බං... එකක් නෑර දණ්ඩ නීතී...
    බොහෝම ලොකු අඩු පාඩුවක්...අද හෙටම ගොහිං රවුමක් දාලා එමු...

    @niroshini...

    ආ ආ..අළුත් ළමයෙක් ව‍ගෙයි...
    මෙහෙමනේ නගේ මේ "ටිං ටිං" වීමේ කතාව එන්නේ ඊ ළග කොටසින්...

    @Kasun...

    මඩ..?? චී චී අපි එහෙම මඩ ගහන අය නෙවෙයි...

    ReplyDelete
  41. @පිණිබිඳු...

    මේ මොනවා කියනවද..මාත් බොහෝම අමාරුවෙන් අරක ගිල්ලේ... තව කෑවනං මං ඩවුන්... එහෙම නොකල වරදටත් එක්ක තමා වියවස්තානුකූලව දඩුවම් නියම කොලේ...

    @Pisakkaatuwa...

    බලමු වැඩිම කමෙන්ටු ගණනටත් තෑග්ගක් දෙන්න ඇහැකි වෙයිද කියලා...

    ReplyDelete
  42. මම අන්තිමයගෙන් එක.. :)

    හම්මේ අර මෝටර් බෝට්ටුවේ සයිස් එක.. අයියා තනියම දෙකක්ම ඇද්දද???

    ReplyDelete
  43. ඔය කොකා වගේ එකා තමයි මචං "කරවැල් කොකා". මුතුරාජවෙල පැත්තෙ බහුලයි.

    ප.ලි.
    සබ්මැරීන් එකක් කන්න බැරි බඩවල් තියනවද බං . . . ??? ලැජ්ජයි

    ReplyDelete
  44. ඈ බොලේ... ඒ මෝටර් බෝට්ටුව තනියෙන් ගිල්ල අයත් හිටියද...
    දැන් නම් බේරෙ පැත්ත හරි ලස්සනයි වගේ.... ගඳ නැතිවෙච්චි එකම ඇති....
    අනේ අර රෝල්ස් හදාපු හැටිත් දාන්න ඈ.....

    ReplyDelete
  45. පොඩ්ඩක් හිටු මම මේ කීවෙනියද කියලා ගනන් කරනවා.

    ReplyDelete
  46. ඉස්සෙල්ලම මට කවුරු හරි කියනවද ඇයි මේ පෝස්ට් එක අයින් කරේ කියලා එක පාරක්..

    ReplyDelete
  47. මම අන්තිමයා නෙමෙයි :))

    ReplyDelete
  48. මාත් අන්තිමයා නෙවෙයි.. එල එල.. අපේ ප්‍රාන්තෙට නේ ඇවිත් තියෙන්නේ.. සන්තෝසායි..

    ReplyDelete