14 December 2011

ටිං ටිං ගාළු යයි...

හරි අපි නවත්තමු තැනින් පටාන් ගමුකෝ.. දැන් කොහේද අපි නැවතිලා හිටියේ..ආ හරි මහ පාර මැදනේ...

ඉතිං අපි ඔන්න යනවා..පට්ට පාන්දර ගාළු යනවා ගාළු පාර දිගේ... මොකක් ඇහැවුවා..? හයිවේ..?

යන්න මෙයාලා යන්න... හයිවේ කියන වචනෙත් තහනං වචනයක් කරලා තිබුනේ මුළු ගමන පුරාවටම... කාටද මංදා තව ටික කාලයක් ජීවිත යාත්‍රාව පදවන්න ඕන කියලා ඕකේ යන්න කතා කරන්න එපා කියලා මුලින්ම කියලා තිබුනේ... හයිවේ ගැන කතා කලොත් අර කලින් කිව්ව වියවස්තාවේ 18/1/ඒ-ඈ කොටස යටතේ වචනය පිට වී මීටර් සීයයක් ඇතුලතදීම වාහනෙන් බස්සෝනවා කියලා තමා කිව්වේ.. ඉතිං ආයේ මොටද ඕවා ගැන කියලා පාන්දරම පයින් අදින්නේ..අපිත් ඉතිං කෂාය බීපු මොක්කුද වගේ දැන් යනවා ගාළු පාරේ...

කොහොම හරි දැන් මගේ කල්පනාව අර ඊයේ පනවපු දඬුවම ලිහිල් කරගන්න පුළුවන් වෙයිද කියලා.. ඔව් අර අද දවල්ට කන්න නැහැ කියපු එක...

ඉතිං ඔහොම යනකොට රියුදුරු අසුන පැත්තෙන් සද්දයක් එනවා...

"පානදුරේ මෝනිස් එක අහු වෙනවද කියලා බලලා කියන්න මොනවා හරි කන්න ගන්න"

ඇහ් වැඩේ හරි... ඊයේ පනෝපු නීතිය උදේ වෙනකොට අමතක වෙලා.. මං ඉතිං ප්‍රීතියෙන් පිනා ගියා... ඒත් හත් ඉලව්වේ පානදුරේ මෝනිස් එක අහු වෙනවද කියලා බලන්නේ කොහොමද දැන්.. ඒ වෙනකොට කළුතර පාලම උඩ අපි.. දැන් ආපහු යන්නයෑ පානදුරේට... ඒත් ඉතිං මං නෙවෙයි මීක් කියන්න ගියේ... පිටි පස්සේ හිටිය ඉබ්බයි පූස් ජෝඩුවයිත් සද්ද නැහැ..උන් දන්නවයෑ පානදුරේ ගැනයි කළුතරයි ගැන.. උන්ට කිව්වනං ගාල්ලට කලින් හම්බන්තොට පාස් වෙනවද කියලා බලන්න කියලා ඒත් ඔළුව වනයි...

මං දැන් සද්ද නොකර යන්නේ කොහේ හරි තැනක් අහු වෙනකල් මොනවා හරි ගන්න...ඒ අතරේ පිටිපස්සෙන් හීනියට කෙඳිරිල්ලක්...

"ම්හ්..ආහ්...."

ඇහ් ඒ මොකක්ද යකෝ ඒ.. බැළුවා ඔළුව කරකෝලා බැලින්නං අර ඉබ්බා නිදි කිරනවා..මට විතරක් නෙවෙයි ඔය සද්දේ ඇහුනේ රියදුරු අසුන අරා වැජඹුන මැඩම් හිට්ලර් ටත් ඇහිලා... ඒත් එක්කම මගේ දකුණු කණ පැත්තෙන් අකුණක් ගැහැවුවා වගේ...හිටි හැටියේ...

"අඩේයි.... ඉබ්බා නැගිටපාං..මං හප්පනවා මේක කෑලි යන්න..එකෙක්වත් නිදියන්නේ නැහැ වාහනේ යද්දී..."

හරිනේ ඒකත් අර කලින් කියපු වියවස්තාවෙම එකක්..ගමන් යද්දී නිදියෑම තහනම්..හේතුව අපි හැමදාමත් නිදියනවනේ ගෙදරදී..ගමනක් යන්නේ නිදියන්න නෙවෙයිනේ..ඒ හින්දා ගමනේදී නිදියෑම තහනම්..

අනේ ඉතිං ඉබ්බා කට්ට ඇතුලට දාගන්න හැදුව බෙල්ල ආයෙම එළීයට දාලා ඔහේ යනවා.. කිව්වට මොකද ඔය අස්සේ මටත් නිදිමතයි..ඒත් මොකටද ඒවා කියන්නේ..මං හෙන උනන්දුවෙන් වට පිට බල බල යනවා වගේ පාර පැත්තට ඔළුව හරෝලා ටිකක් දොයියනවා..ආයේ ඇස් ඇරලා අර පැත්ත බලනවා... ඔහොම යද්දී අයෙම අර ඉබ්බා කොඳුරනවා...

"පැය බාගයක්වත් නිදා ගන්න තිබ්බනං..."

"මොකක්ද ඉබ්බා තෝ කිව්වේ..?හප්පනවා තෝ ඉන්න පැත්ත.."
හුටා යකෝ මං ඉන්නෙත් ඒ පැත්තෙනේ...මගේ ඇගේ වතුර ලේ උනා...

ඒ පාර ඇති වෙච්ච මර බයත් එක්ක මංම පටං ගත්තා ඉබ්බට දෝස්මුරේ දාන්න...

දැන් ඔන්න ඌ ටිකක් විතර කෙලින් ඉන්නවා.. ඒ අස්සේ අලි මදිවට හරක් කිව්වා වගේ අර පූස් ජෝඩුවත් බෙලි පටලං දොයියන්න හදනවා... මට දැන් මුං නිදියනවද කියලා බල බල යන්න වෙලා..මගේ පාඩුවේ නිදා ගන්නත් නැහැ..හරිම කරදරේ...

ඔහොම යන අතරේ සැරින් සැරේට ඉබ්බා ඉල්ලීම් කරනවා...
"විනාඩි දහයක්..?"
"විනාඩි පහක්...?"
"අනේ එක විනාඩියක්..?"

මොන... ඒත් එක්කම එන අර ගෝරනාඩුව...

ඔහොම කොහොම හරි ගියා ඉස්සරහට.. යාන්තං ඇරලා තියෙන බේකරියක් ගාව නවත්තලා ගත්තා උදේට කන්න බනිසුයි.. දවල්ට කන්න පානුයි දෙකම... අපි පස්දෙනාටයි කන්නෙලියෙදී අපිත් එක්ක කැලේ බලන්න යන මාර්ගෝපදේශක තුමාටයි ඔක්කෝම කට්ටිය හයයිනේ ඒ හයට ඇති වෙන්න පාන් ගෙඩි පහයි.. මෙන්න දැන් ලෙඩේ..

"යකෝ පාන් පහක් කන්න උඹලා යක්කුද..?"

අනේ ඉතිං පුදුම දෝස් මුරයක් අහගෙන මං ඒත් පාන් අරගත්තා.. මංනේ දන්නේ මගේ සූටි බඩේ තරම.. පාන් කන්න කියලා කලින් දවසේ අරං ආව සීනි සම්බෝල බෝතලයක් තිබ්බා උනත් කෝකටත් කියලා ගත්තා පරිප්පු බෑග් එහෙකුත්.. ඔව් ඔව් ඉතිං දීසී පීරීසි තියෙන එකක්යෑ.. පොලිතින් බෑග් එහෙකට පරිප්පුත් දාගෙන ඔන්න යන්න ගත්තා... ඊට් පස්සේ යන ගමන්ම උදේට කෑවා... මංනං සුට්ටයි කෑවේ..මාළු බනිස් එකයි.. ටී බනිස් තුනයි.. කිඹුලා බනිස් බාගයයි... ඉබ්බත් මං වගේම තමා වැඩිය නැහැ..සීනි බනිස් තුනයි.. කිඹුලා බනිස් එකයි..ඌට ටී බනිස් කන්න බැහැයි කියන්නේ...

හරි ඔහොම ගෙහුං ගෙහුං ගාල්ලටත් ගියා... ගාල්ලෙන් ටිකක් විතර මාතර පැත්තට මංගච්ඡනකොට වම් පැත්තට තිබුන උඩුගම පාර දිගේ කිලෝ මීටරම තිහක් හතළීහක් විතර ගෙහුං තමා අපේ ගමනාන්තෙට ආවේ...

"කන්නෙලිය වන රක්ෂීතය..."


ඉතිං ඔන්න අපි හැමෝම වාහනෙන් බැහැලා අපේ ගමන් මළු එහෙම සූදානම් කරං බැස්සා ගමන ආරම්භ කරන්න... ඉතිං මේක වැසි වනාන්තරයක් නෙව..වැසි වනාන්තරයක් කිව්වම එකේ අනිවාර්යෙයන් ඉන්නවනේ මිනින්දෝරු දෙපාර්ථ මේන්තුවේ කට්ටිය..ඒ කිව්වේ කූඩැල්ලෝ...

ආන්න ඒ හින්දා අපි වේලපහම වැඩේට සූදානම් උන්..එක එක්කෙනා එක එක විදියට... මටනං ඉතිං ඔය කූඩැල්ලෝ ඒ හැටි ගේමක් නෙවෙයි..මොකද ඉස්සර දියතලාවේ ට්‍රේනින් කරන කාලේ ඇති පදං ඕකුං කාලා තියෙනවා..දවස ගානේම කූඩැල්ලෝ දහදෙනෙක්වත් කාලා නැත්තං ඒක දියතලාව නෙවෙයි වෙන කොහේ හරි වෙන්න ඕන... කොටින්ම කියනවනං ඔය කූඩැල්ලෝ නොකාපු තැනක් නැහැ... දෙපතුලේ සිට ඉහ මුදුනටම යනකල්... ඔව් ඔව් අතර මගදී හම්බ වෙන වැදගත් ස්තෘනත් කාලා තියේ..ආයේ ඉතිං නැහැ කියන්න ඕනයෑ.. එහෙම දවස්වලට ඉතිං ඇග පුරා ලේ...

ඉහ මුදුනේ කෑවේ කොහොමද කියලත් කියන්නංකෝ...

ඒ දවස්වල අපිට නිකං යන්න එන්න බැහැනේ..යන යන තැන පිටේ පැක් එක...අතේ වෙපන් එක..කකුල්වල බූට්..හිසේ හෙල්මට්..ආ ඉන්නකෝ මං ඒක මෙහෙම කියනවට වඩා ලේසියි පිංතූරයක්ම දානවා...

ඔය තියෙන්නේ..කොහොමද ඉස්සරහින්ම යන පොර ඇදිරියෑකි නේද..?


ඉතිං ඔන්න එහොම දුවලා දුවලා පැයක් දෙකක් ගියාම හිටි හැටියේ කියනවා හරි විනාඩි පහක් රෙස්ට් කරපියවු කියලා..ආන්න එහෙම වෙලාවට අනන් මනන් නැහැ ඉන්න තැනම බිම වාඩි උනා පැක් එකට පිට දීලා හේත්තු උනා හෙල්මට් එක ගලවලා පැත්තකින් තියා ගත්තා..ආයෙම විනාඩි පහකින් කියනවා හරි ආයේ දුවපියවු තියලා..බොහෝම අමාරුවෙන් අර පිටේ තියෙන පැක් එකත් උස්සං කඳ කෙලින් කර ගන්න ඕන..ඒක අනිවාර්ය අවම බර කිලෝ විසිපහයි... එයිට මදිනං බර හරියන්න වැලි මල්ලක් ඇතුලට දන්න ඕන... කෝස් එකේ අවසානේ වෙද්දී ශය බර කිලෝ 35 දක්වා විතර වැඩි කරන්න ඒන..ඒ කියන්නේ පැක් එකේ අඩියේ හැමදාම කිලෝ දහයක දොලහක වැලි මල්ලක් තියෙන්න ඕන...

ඉතිං කොහොම හරි දනි පනි ගාලා නැගිටලා ආයේම හෙල්මට් එක ඔළුවේ දාගන්නවා දුවනවා..

අනේ ඔහොම වෙලාවක හෙල්මට් එක බිම තියලා ඒකට ගොඩ උන් කූඩැල්ලෙක් කාපි මගේ හිස් මුදුනම...
ටික වෙලාවක් යනකොට ඔළුව දිගේ පැණී බේරෙනවා වගේ ලේ වැක්කෙරෙනවා..මොනවා කරන්නද දුවපාං තමා... හෙල්මට් එක ආයෙම ගලවන්න වෙන්නේ හවස ට්‍රේනින් ඉවර උනාම... ආන්න එහෙමයි හිස් මුදුනටත් කූඩැල්ලෝ වග කිව්වේ..
(ඔන්න ඔහොමයි ළමයි නෝන්ඩි නැතිව පොර ටෝක් දෙන්නේ.. දන්නේ නැත්තං අපෙන්වත් ඉගෙන ගන්ඩලා හරිද..?)

ඔන්න ඔය වගේ දේවල් හින්දා ඒක ඒ හැටි ගානක් නැති උනත් නිකංම කවා ගන්න ඕන නැහැනේ..ඒ හින්දා කෝකටත් කියලා දන්න ශිල්ප දාලා ලෑස්ති උනා... මං ගෙදරින් යද්දිම දුම් කොළයක් අරං ගිහින් තිබ්බා..ඒකත් සාක්කුවේ දාගෙන මේස් වලට කලිසම් කකුල් එහෙම යට කරගෙන මෙන්න මේ වගේ තමා ලෑස්ති උනේ...

පේනවනේ.. නියම සංචාරකයා.. ඒත් කොහේද මං ලක ලෑස්ති වෙලා ඔළුව උස්සද්දිම කවුරු හරි කෙනෙක් කිව්වනේ..

"අඩේ මේකා ටිං ටිං වගේ කියලා.."

හරි බඩුම තමා..ගිය පාර වව්නියා ගිය එකේ අනික..ඒ ගමනෙදී මගේ රෝම ධාතුව දැකලා හොල්මං වෙච්ච උන් මට "බූලා" කියලා කාඩ් එකක් ගැහැවුවනේ.. මේ පාර එක තමා "ටිං ටිං" මං හිත හදා ගත්තා..

ඔන්නං මාරයා බූලා වී අවසනදී ටිං ටිං වීමේ අන්දරය...

හරි මෙතන ඉඳින් තියෙන්නේ ගමනේ විස්තරේ.. ඒත් ඒක කියන්න දැන් මට වෙලාව මදි..මොකද මං දැන් ඉන්නේ ආරක්ෂක මුර කුටියේ හොඳටම හෙම්බත් වෙලා..වෙලාව රෑ අටත් පහුවෙලා..මං තවම නා ගත්තේ නැහැ.. කෑම එක මේසේ උඩ දුක් විඳිනවා... මං නාලා කාලා ඉන්න එපෑ... හෙටත් ආයේම තව ගමනක්.. ඔව් අර සෙට් එකත් එක්කම තමා... අපි හෙට යනවා ඓතිහාසික යාපහුව රාජධානිය නරඹන්න.. නරඹන්න කිව්වට ඇත්තටම යන්නේ මාගේ පාදස්පර්ශයෙන් ඒ භූමියත් පාරිශුද්ධ භූමියක් බවට පත් කරන්න තමා.. ඉතිං ඒ ගමනේ විස්තරයි.. මේ ගමනේ විස්තරයි.. ඒ විතරක්ද සති අන්තයේ ආයේම යන්න ඉන්න තවත් ගමනක විස්තරත් මං ඉස්සරහට ටික ටික හරි ලියඤ්ඤං.. එහෙනං මං ගියා..හෙට සමහර විට විජයබාහු හරි පරාක්‍රමබාහු වගේ නමකින් පෝස්ට් එකක් එන්නත් පුළුවන්...දන්නවනේ ඇයි එහෙම වෙන්නේ කියලා..?

හරිනේ එහෙනං කස්ටියටම ටටා කිව්වා..මට සුභ ගමන් වේවා..!

35 comments:

  1. මංනං සුට්ටයි කෑවේ කියුවට සුට්ටක්ම තමයි නේද කාලා තියෙන්නේ හිහි..

    ReplyDelete
  2. අඩේ.. මාරයියේ තව මාරයාගේ හෝරාවක් තියෙනවනේ.බොලාගේ තැන කියලා හිතාගෙන මං ඒකට රිංගුවා.පිස්සු බම්ප් වෙලා අයෙ බම්ප් වුනා.ඒක වෙන එකක්ය කියලා මිටර් වුනාම තාමා බුක්මාක්වල වාටිනාකම මට තේරුනේ.

    ඔය වැසි වානාන්තරයකට රිංගන්න මාර ආසාවක් තියෙන්නේ.(විශේෂයෙන් සිංහරාජයට) කොහෙද තාම බැරිවුනානේ.. :/

    ReplyDelete
  3. හපෝ මිනින්දෝරුවොනම් මට අරහං. අපි කන්නලියෙයි සින්හරාජෙයි දෙකේම ගිහිල්ලත් මගේ කකුලේ එකෙක් වත් එල්ලුනේ නැහැ...ඇයි ඉතින් දෙපාරම මගින් හැරිලා නවාතැනට ගියානේ :) එච්චරට බයයි මම ඕකුන්ට

    ReplyDelete
  4. මම සිංහරාජ ගිහින් තියනවා . මෙතනට ගිහින් නැ. ආසයි යන්න විස්තර ඇහුවාම .

    ReplyDelete
  5. ටින් ටින් කතාව දැන් නේ තේරුනේ. අනේ මන්ද ඕව ගැලපෙනවද කියලා නම්. මාරයියත් මරභීත බයෙන් නේ ගමන ගිහින් තියෙන්නේ...:)

    ReplyDelete
  6. මාරයා මාර සංචාරය පටන් අරගෙන වගේ...
    එකක් ඉවර වෙන්න එකක්.
    පලයන් පලයන් ගිහින් ඇවිත් විස්තර දාපන්, ජය වේවා කිව්වා

    ReplyDelete
  7. @නලිනි චන්දිමා...

    ලකී පෙන්නවත් නැහැ නේද..?

    @වර්ණා...

    බොහෝම සුට්ටයි අනේ..මගේ තියෙන්නේ දසූට්ටං බණ්ඩියක්නේ...

    @ZuRi...

    අපොයි සූරි ඔයා මේකෙන්නං තුන් වෙනියා..ඒත් ඉත.ිං පීනුම් තරගෙකට වගේ ගියානං කප් එක ගහන්න තිබ්බා...

    @KC...

    ඔව් මල්ලි තව එකක් තියෙනවා..මටත් ඒක හම්බ වෙලා තියේ..ඒත් ඒක අප්ඩේට් වෙන්නේ නැහැ..සමහර විට පටන් ගත්තට පස්සේ මගේ එක දැකලා ඒක අතෑරලා දාන්න ඇති...

    හිත හිත ඉන්නේ නැතිව යන්න..ආයේ ඉතිං කල් දාන්න දාන්න ඕවා නොකෙරෙන වැඩ ගොඩටයි වැටෙන්නේ...

    @සයුරි...

    හප්පච්චියේ ඔයාගේ ජාතියේ ගෑණු දැරිවියෝ රැලක් අපි යද්දිම කෑ ගහගෙන ආපහු ආවා...අපිට යන්න බැරියෝ කූඩැල්ලෝ කනවෝ කියං...

    @Gimhani...

    වෙලාවක යන්න කල් අරින්නේ නැතිව...

    ReplyDelete
  8. මෝනිස් එක තියෙන්නේ පානදුර නෙවෙයි බං මග්ගොන!කලුතරින් ගාල්ල පැත්තට වෙන්න විනාඩි 15ක් වගේ!

    ReplyDelete
  9. මේ කතාව ටිං ටිං උනේ ඇයි කියලා දැන්නේ තේරුනේ.. දැක් කවුද එතකොට කැප්‍ටන් හැඩොක්??

    සුභ ගමන් වේවා අයියේ.. ගිහ්න් ඇවිත් ඒ විස්තරත් දැම්මනම්...

    ReplyDelete
  10. මාර ට්‍රිප් එකක්නේ . කවුද අප්පේ ඔය පෝරිසාද මැඩම්.

    ReplyDelete
  11. හික් මාර ටීන් ටීන් ;)

    ReplyDelete
  12. බොල මාරයියේ මාර සීන් එකනේ වෙලා තියෙන්නේ! කට්ටිය හිතාන ඉන්නේ ඕකේ ඉන්න පූසා මේ මං පූසා කියලනේ! :D

    ReplyDelete
  13. මේ මාරයෝ උබ මේ හොරිකඩ පූසව කුජීත කරන්න එපා

    ReplyDelete
  14. ඔය පැත්තෙද කැලේ මැදින් පාරක් කපන්න ගිහින් මණ්ඩලේ කචල් උනේ පහුගිය දවස්වල????

    ReplyDelete
  15. අර කව්ද කිව්වා වගේ කන්නෙලිය කියන්නේ කාලෙකදි සිංහරාජයේම කොටසක් වෙන්න ඇති . ඇත අතිතයේදි සිංහරාජය ඉඳන් සමනල අඩවිය දක්වාම වැඩිහරියක් කැලැ තමයි . ගවරා කියල දැනට ලෝකේ නැති සතෙක්ගේ ඇට කටු පතලකින් හම්බවුනේ රත්නපුරේ ටවුමෙන් ලු .

    යකෝ හයිවේ එකක් තියෙත්දි නිකන් ගාලු පාරේ යන්න නම් තොපෙ(අපේ) මහරජතුමා හයිවේ එකක් හැදුවෙ මොකටද ?

    මර බිය ඇතිවුනාලු , මාරයටත් බර බිය ඇතිවෙනවද

    ReplyDelete
  16. ගමන නම් උපරිමයි වගේ. මම කන්නෙලියේ තියා සිංහරාජේ වත් ගිහින් නෑනේ... :(

    මෝනිස් ට වඩා උදේට කන්න හොඳයි සිංහගිරි එක.
    හැබැයි අයියේ පානදුරේ කොහෙද මෝනිස් එකක් තියෙන්නේ? මේ අවුරුද්දේ අලුතෙන් දාල වත්ද?? මම දන්න මෝනිස් නිව් මෝනිස් දෙකටම යන්න තිබ්බ ඔයාල ට ඒ වෙලේ හිටියේ කළුතර නම්!ඔය සීන් එකට නම් ටින් ටින් නෙවෙයි තොම්සන් තමා ගැලපෙන්නේ :D

    ReplyDelete
  17. එතකොට මෝනිස් එක දැන් තියෙන්නෙ පානදුරේ නේ...
    කන්නෙලිය තවම තියෙන්නෙ කන්නෙලියෙද බන්...
    @ නලිනි.
    ඕන නම් මීට පස්සෙ ඔයාගෙ කොමෙන්ට් එකත් මමම දාන්නම්...කී වෙනියද කියල බලල මම අහවලා කියලා දාන්නනෙ තියෙන්නෙ...:D

    ReplyDelete
  18. දුංකොළ සාක්කුවෙ දාගෙන ගියාම කූඩැල්ලො කන්නෙ නැද්ද?
    දැන් ඔය දවල්ට කන්න තියෙන පාං පහෙන් හතරක්ම කෑවෙ උඹ නෙමෙයි කියල එහෙම කියනව නෙමෙයි.

    ReplyDelete
  19. හුරේ.... අද මම විසි දෙක...

    ReplyDelete
  20. අප්පා ගිය මාසෙ වෙන ගමනක් යන්න ගොහින් පාර වැරදිලා මම කන්නෙලියෙ ගියා.......

    ඈහ් බන් ඔය ගිය උන්ගෙ ඇස් පොට්ටද අර ටින් ටින් කොලුගේ අහිංසක මූන වගේද බොගෙ ඔය ගොරහැඩි මූන

    ReplyDelete
  21. අපෝ ඔයා හරි නරක ලමයෙක්... ඔච්චර ඇවිදින්නේ නරක ලමයි...

    -- අපිට ඉරිසියා නෑ.. --

    ReplyDelete
  22. අපි සිංහරාජෙ යද්දි සපත්තුවෙ ඉඳල මුළු කකුල් පුරාම සිද්ධාලේප ගාගෙන ගියේ... මනින්නෝ එකෙක්වත් ආවෙ නෑ ලඟටවත්...

    ReplyDelete
  23. මෙන්න Ashieee අනවසර ඇඩ් එකක් දාලා

    ReplyDelete
  24. මමත් ආසම තැනක්. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම වගෙ යනවා...

    ReplyDelete
  25. කන කෑමේ හැටියට ලඟපාත බේකරියක් දාගත්තොත් වැඩේ ගොඩ වගේ..

    ReplyDelete
  26. යකෝ මේ අපි කොට්ටව කැලේ කියල කියන තැනද කොහෙද බං

    ReplyDelete
  27. මෝනිස් තල කැරලි... ම්ම්ම්....
    මාත් ගියා බොල කන්නෙලියේ.. දාන්නම් ළඟදීම..

    ReplyDelete
  28. //මාගේ පාදස්පර්ශයෙන් ඒ භූමියත් පාරිශුද්ධ භූමියක් බවට පත් කරන්න//

    දැන් මං වගේ එවුන් ලංකා පොළොවට පය තිබ්බම මොකද වෙන්නෙ?

    ReplyDelete
  29. @ඔබා අයියා,

    // දැන් මං වගේ එවුන් ලංකා පොළොවට පය තිබ්බම මොකද වෙන්නෙ? //

    වෙන මොනාවෙන්නද, මහ පොළොව කම්පාවෙයි අපොයි අන්න අරූ ඇවිල්ලා කියලා.. :p

    ReplyDelete
  30. අපිත් ඔය උඩුගම පාරෙ අසල තමයි වාසය කොරන්නෙ... අපේ ගේ බල බල නෙ ගිහින් තියෙන්නෙ.... කලි කිවුවනං කහට එකක් බොන්න තිබුන හකුරු කෑල්ලකුත් එක්ක කස්ටියටම.. ෂික්.,.. කොහෙද කියන්නෙ නෑනෙ...

    ReplyDelete
  31. අර "නාන තොටුපල" කියල ඊ තලයක් ගහල තියන පැත්තට ගියේ නැද්ද ?

    ReplyDelete
  32. @ බුරා,
    ලංකා පොලොව සතුටින් අඬනවලු, ඔබා ඉස් කමින් සූන් කියල....හෙහ්....හෙහ්....

    ReplyDelete