20 December 2011

පැපරාසි ජනමාධ්‍යවේදියාගේ කතා වස්තුව...

කාර්යාලය විවෘතව ඇති මුත් තවමත් එහි කිසිවකු ඇති බවක් නොපෙනේ..සුපුරුදු ලෙසින්ම වේලපහින් එහි එන ප්‍රධානියා වෙනදාට තමා කාර්යාලයට එන විට සිටින කාර්යාල සහයකයා හා පිරිසිදු කරන්නන්ට අමතරව තවත් අයකු සිටිනවා දැක තරමක් පුදුමයෙන් මෙන් එදෙසට හැරී මෙසේ විමසයි...

"ආ මිස්ටර් **** මොකද අද උදේම ඔෆිස් ඇවිත් ගෙදර ප්‍රශ්නයක්වද්ද..?"

**** නම් වූ අපගේ කතානායකයා තරමක් ලැජ්ජාවෙන් මෙන් වට පිට බලා ඔහුගේ ‍කැරළී ගැසුනු හිසකේ කසමින් සිය සුදුවන් දත් දෙපල පෙන්නා සිනාසෙන අතරම පිළීතුරු දෙයි..

"නැහැ සර්..මේ..මේ..ආමේ මගේ මේසේ ගාව හරියට හැඩි වෙලා..මෙතන ටිකක් ගානකට ක්ලීන් කරගන්න කියලා වේලපහින් ආවා.."

ප්‍රධානියා තක්බීර් බැල්මකින් ***තයන් දෙස බලයි...
"ආ හොඳයි හොඳයි..එහෙනම් ඒක කරගන්නකෝ.." යැයි පවසා තම කාර්යාලය වෙත සෙමින් පිය මනිනා අතරතුරදී තමාට පමණක් ඇසෙන සේ මෙසේ මුමුණමින් යන්නට විය...
"මූට මොනව වෙලාද හැබෑට..වෙනදා මහ දවල්ට මිසක් වැරදිලාවත් වේලපහින් එන්නේ නැති එකා..මොකක් නමුත් මගඩියක් තියෙනවා.."

ජවනිකා අංක තුන නිමි...
--------------------

ජංගම දුරකථනය නාද වෙයි එදෙස බැළු එහි හිමිකරුවා හට මහ හඬින් හිනා යයි..හිනාව වෑයමින් යටපත් කරගෙන ඔහු දුරකථනයට පිළීතුරු දෙයි...

"හලෝ මල්ලී..මොකද උදේම..?"

අනික් පසින් නැගෙන්නේ මහා ගෝරනාඩුවකි...

"මොකක්ද යකෝ තෝ කිව්වේ..?කෝ අර උද්ගෝෂණේ..මං උදෙන්ම ඇවිත් කොටුවේ මගී පාලම උඩට වෙලා කැමරාවත් මානගෙන හිටියා..මොන මගුලක්වත් නැහැ..වෙනදටත් වඩා මෙතන නිස්කලංකයි..තෝ මට ලණුවක් දුන්නා නේද..?හිටපියකෝ මං තොට සෙට් කරන්න හොඳවැයින් ගේමක්.."

"මල්ලි කේන්ති ගන්න එපා..ඉඳලා හිටලවත් වේලපහ ඔෆිස් යන්න පුරුදු වෙන්න..නිකං පාරවල් ගානේ කැමරා අටෝගෙන දගලන වෙලාවේ..ඒක නෙවෙයි මල්ලි වෙලාවටම ආවද ඔතනට..?"

පෙර මෙන් කතාව වේගවත් නැත..තරමක ලැජ්ජාවකින් මෙන් කොඳුරන හඩක් නැගේ...

"අහ් නැහැ..නැහැ..මං මේ වෙන වැඩකටත් එක්ක..."

"ආ කමක් නැහැ මල්ලි..එහෙමවත් කියමුකෝ.."

"හරි හරි මං තියනවා..උදෙන්ම වැඩට ගිහිල්ලා පුරුදුත් නැහැ..ඔෆිස් ඇරලදත් මංදා..ෂික්"

දුරකථනය ක්‍රියා විරහිත වෙයි...

ජවනිකා අංක දෙක නිමි...
------------------------

ගූගල් චැට් බොක්ස් තුලින් ඇදී යන කතාව අස්සේ එකෙක් අනිකාගෙන් මෙසේ විමසයි...

"මොකද මල්ලි එක පාරටම කතාවට ආවේ.."

"ආ නැහැ මේ ඕප දූප ටිකක් හොයාගන්න.."

"අයියෝ මල්ලි මෙහෙ කොහේද ඕපාදූප ඔන්න හෙටනං නියම නිව්ස් එකක් තියෙනවා කවර් කරනවනං.."

"ඇහ් ඒ කොහේද..?"

"හෙට උදේට තමා මල්ලි..කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා..රංජිත් මද්දුම බණ්ඩාර තමා ගේම දෙන්නේ..කස්ටිය සප්ලයි කරන්නේ මර්වින් සිල්වා.."

"අම්මට උඩු..දෙන්නං පොරි හැලෙන්න...කීයටද අයියා වැඩේ තියෙන්නේ.."

"උදේ අටට තමා..ඒත් උඹ හතයි හතළිස් පහට විතර කොටුවට ගිහින් හිටහං හොඳ කැමරාවකුත් අරං..මගී පාලම උඩට නැග්ගනං නියමෙටම වැඩේ කලෑකි.."

"හරි හරි අයියේ මං උදෙන්ම යනවා.."

ඒ නිමා වූයේ ජවනිකා අංක එක බව කරුණාවෙන් සලකන්න...

40 comments:

  1. මාරයන්ගේ ලණු කෑවම ඔහොම තමයි. හැබැයි ඉතිං එක දවසක් හරි පාන්දර ඔෆිස් එකට ගිහිල්ල එතන තත්වෙ බලාගත්ත එකනං ලොකු දෙයක්.

    මොකද බං මේකෙ ජවනිකා අංක 2 දෙපාරක් තියෙන්නෙ.

    ReplyDelete
  2. අයියෝ සල්ලි :-D

    ReplyDelete
  3. මෙලෙස මාධ්‍යවේදීන්ට ලණු දීම (බි.පෙ.සි...බි.පෙ.සි..) හුහ්.. හරි කැත වැඩක්ය.. සහගහන අපරාධය !!! ( උදෙන්ම ඔෆිස් යවපු පිනම ඇති !) ඔව්වා මේ ආත්මයේම පල දිය හැකි කර්මයන්ය...

    ReplyDelete
  4. ආ.. ඔය දැන් උඩ තිබ්බ අංක දෙක, තුන වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  5. @Praසන්ன...

    යකෝ ඒ තරඟය අවසන් කරලා තෑගිත් බෙදලා ඉවරයි...

    අනිවා අනිවා..නැත්තං මුං ඔෆිස් යන්නේ මහ දවාලේ.. අර කිව්ව වරද හරි ගැස්සුවා..ස්තූතියි ලොක්කා...

    ReplyDelete
  6. @මරණේ...

    ඉරිසියා නොකර උඹත් කැමරාවක් අරං ලෑස්ති වෙයං..අපි දෙන්නං හෝඩුවාවල් ලෙසටම...

    ReplyDelete
  7. @Weni...

    ඇත්ත ඇත්ත මෙව්වානං කැත වැඩය...(බොසා තාම බය වෙලා කල්පනා කොරනවාළුය..)

    මේ ආත්මෙදි නෙවෙයි යකෝ අද දවසත් ෂුවර් නැහැ..අරෙහෙ කවකටු කෝණමාන අරං නිර්මාණ හද හද මකනවා කියලයි ආරංචිය...

    ReplyDelete
  8. Nශාන්ත කිවුවම හිතාගත්තහැකි කවුද කියල.

    ReplyDelete
  9. පව් නැද්ද පැපරාස්සයා? :D

    ReplyDelete
  10. හිතෙන විදිහට වැපා තමයි.... ඌ තමයි මෙ දවස්වල මේ වගේ වැඩ කරන්නේ.....

    තව සමහරු ප්ලේන් කඩන් වැටීම් වාර්තා කරන්න ගිහින් සිරිකත පත්තරේට අදහසුත් දක්වලා මලත් පැනලා ෆෝන් නම්බර්සුත් මාරු කරලා ඒක අනුන්ට දෙන එකත් නවත්තලා දැම්මා...

    තමන් ලණු කද්දියි අනුන්ට ලණු දෙද්දියි වෙනස ඒකද මන්දා......? :D :D :D

    ReplyDelete
  11. @Pisakkaatuwa...

    W.N.S.අන්ත කිව්වනං හරියටම හරි...

    ReplyDelete
  12. නිදහස් ජනමාධ්‍ය වේදින් අධෛර්යමත් කරන මෙවැනි කුමන්ත්‍රණ පරාජය කරන්න ඕන..මේකට විරුද්ධව අපි හෙට උදේ කොටුව දුම් රිය නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක් කරනවා.

    ****ට ආරාධනය කරනවා උදේම එතනට එන්න කියලා

    නිදහස් ජනමාධ්‍ය වේදින් අධෛර්යමත් කරන මෙවැනි කුමන්ත්‍රණ පරාජය කරන්න ඕන..මේකට විරුද්ධව අපි හෙට උදේ කොටුව දුම් රිය නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක් කරනවා.

    ****ට ආරාධනය කරනවා උදේම එතනට එන්න කියලා

    @ ***

    හු..හු

    ReplyDelete
  13. @නලිනි චන්දිමා...

    මොන පව්ද..? අද ඔය රාස්සයා මොනවා නමුත් හැරෙන තැපෑලෙන් ගිනි ගෙඩියක් දෙන්න ඉඩ තියෙනවා...

    ReplyDelete
  14. @අභීත...

    සිරිකතට නෙවෙයි යකෝ "හිරු එෆ් එම් එකට.." ඒ ව්‍යාපෘතිය අස්සෙත් ඔය පැපරාසියා හිටියා..මේ හක්කේ තිබුණ පොල් ගෙඩියක්...

    අනික ෆෝන් නම්බර්ස් මාරු කලේනං ඒ හින්දා නෙවෙයි... එයිට වඩා කරදරයක් හින්දා...

    ReplyDelete
  15. ඈහ්..මම මේක ටයිප් කරන ටිකට ඇවිත් ගිහින්..හොඳ වෙලාවට නම නොදා හූ කිව්වෙ

    ReplyDelete
  16. ලනු මාරයා... එල ගේමක් දීල වගේ..

    ReplyDelete
  17. @ලකී...

    අප්පද බොල ඒ කියන්නේ හෙටත් උදේම ඔෆිස් යන්න වෙයිද යාළුවට..මං දන්නවා මේකෙන් වෙන්නේ අර බොසාට පිස්සු හැදෙන එක තමා...

    @***
    මෙන්න මූ හූ තියනෝ...

    ReplyDelete
  18. @රංග - මගේ ලෝකය...

    යකෝ මූ බස්වල පුරුද්දට දැන් බ්ලොග්වලත් මුට්ටි අල්ලනවද..?:D:D:D

    ReplyDelete
  19. @සාතන්...

    සික් අපි නැහැ ඔව්වට...

    ReplyDelete
  20. අහෝ බේදයකි...!!!

    ReplyDelete
  21. අනේ මන්දා... මටනම් දුක ඔත්තුකාරයා ගැනමයි... ඔහොම ඉතින් වැරදි ඔත්තු දිදී ඉඳලා කොච්චර වැදගත් හරි ඔත්තුවක් දුන්නුදාට කොටියා ආ දා උන දේම තමා.. දුකේ බෑ අප්පා...

    ReplyDelete
  22. රංග Vs අභීත = මාරයා Vs වැප් ? ඉදිරියෙදි මෙවැනි මඩ සීරීස් එකක්ම බලාගන්න ලැබේවා!

    ReplyDelete
  23. අයියෝ සිරිසේන......:D

    ReplyDelete
  24. අභීත.. වරෙන් මල්ලියෙ ඉන්න කොහෙන් හරි... ලෝකෙට ණය වෙලා හරි මන් දමනවා උඹේ කටේ මසුරමක් !!!! සිරිකත පත්තරේට කියලද කිව්වෙ ? මට ආරංචි උනේ තරුණි පත්තරේ කියලයි !

    ReplyDelete
  25. මේක නම් මාරයගේ ඊරිශියාවට කරපු දෙයක්,,මොකද මාධ්යවේදියෙක් වෙන්න හිටියේ මූ නේ ,,දැන් අර ගොයියා වැඩ පටන් අරගෙන ,,,උගේ ගමන නවත්තන්නයි මේ යන්නේ

    ReplyDelete
  26. මේක එහෙම්පිටන්ම ඊරිසියාවට කරපු වැඩක්.... :D
    අරූගේ මාධ්‍යවේදී සිහියයේ පස්ස පැත්තට පයින් ගැහුවා වගේ වැඩක් මේක! :D
    වැපා උඹ සැලෙන්න එපා මචං හෙට කැමරාවත් අරං කොටුවට වරෙන්. මං තනියම හරි මේ වැඩේට විරෝධය පල කරලා උද්ගෝෂණයක් කරනවා කොටුව දුම්රියපල ඉස්සරහා :D

    ReplyDelete
  27. කෝ අපිට මේකට අදාල පුද්ගලයාගෙන් උත්තරයක් හම්බුණේ නෑනෙ.

    ReplyDelete
  28. ලණු දෙන්නෝ පසුව ලණු කන්නෝය

    ReplyDelete
  29. අදාල පුග්ගලයට තව නිවුස් එකක් ඕන්නම් දෙන්නම් මාත්..... හැබැයි මාර බොරුවක් නෙමෙයි.
    හික්ස්.... ;)

    ReplyDelete
  30. බර වැඩියි නේද?
    විපාකය ඩබල් වෙන්න පුළුවන් :/

    ReplyDelete
  31. හෆොයි ලණුවක් නෙමෙයි මේක කඹයක් නේ. මාධ්‍ය වේදීන්ට ඔහොම කරන්න හොඳද මම අහන්නේ. මේකට ලැබෙන රිටර්න් එකත් අපිට අහන්න ලැබුනොත් හොඳයි හැබැයි.:)

    ReplyDelete
  32. මේකට ලැබෙන රිටන් එක තව සුලු මොහොතකින් :DDD

    ReplyDelete
  33. හික් හික් අහෝ නිදහස් මාධ්‍යවේදියා....

    ReplyDelete
  34. වැපා හරහා ආපු නිසා සීන් එක පැහ්දිලියි

    ReplyDelete
  35. හය්යෝ මාද්‍යවේදී වැපා... ලොල් ..

    ReplyDelete