12 December 2011

මඩ චුට්ටක්වත් ගෑවී ඇති ලිපි මින් මතු නොලියමි...

මුලින්ම කියන්ට ඕන දෙයක් තියේ.. ඒ තමා කලින් දාපු පෝස්ට් එක මකන්න සිදු වීම ගැන... ඇත්තටම ඒක මං ලිව්වේ මගේ සුපුරුදු රටාවටම තමා... වැඩි පරිස්සමක් නැතිව ඔහේ ලිව්වට මොකද ඒක පෝස්ට් කරලා ටික වෙලාවකින් ලැබුන කමෙන්ට් එක්කම මටම දැනුනා වැඩේ හරි මදි කියලා.. ඒ හින්දයි තවත් කිහිප කෙනෙකුගේ දැනුවත් කිරීමයි මත ඒකඉවත් කරන්න සිද්ධ උනා.. ඒ ලිපියට ප්‍රතිචාර දක්වපු කිසිම කෙනෙක් අහිතක් හිතන්න එපා..ඒකට හේතුව ඒ අය දක්වපු ප්‍රතිචාර සම්බන්ධ ගැටළු නෙවෙයි..මගේ ලිවීමේ ඇති උන වරදක්...

සාමාන්‍යයෙන් මං ලියන රටාව වෙනස් කරලා ආයෙම ඒක ලියනවට වඩා ඒ ලිපිය ඉවත් කරලාම දාන එක සුදුසුයි කියලා හිතුන නිසා ඒක අහක් කලා.. ඒ වගේම එයින් පසුව ලියන්න හිටිය පෝස්ට් එකත් නොලියම ඉන්න තීරණය කලා...

සාමාන්‍යයෙන් මං මේ බ්ලොග් එකේ ලියන්නේ මගේ එදිනෙදා ජීවිතය... ඒත් මං විතරක් නොවන.. දැනටත් මා සමඟ සිටින පිරිස සම්බන්ධ සිදුවීම්වලදී ඒවා මං ලියන විදියටම ලියන්න යන එක සුදුසු දෙයක් නෙවෙයි... මොකද මට මගේ දේවල් ඕන හැටියකට කියලා දාන්න නිදහස තිබුනට අනිත් අයගේ දේවල් එහෙම කියලා දාන්න මට අයිතියක් නැති නිසා... විශේෂයෙන්ම කියවන අයත් දන්න අය සම්බන්ධව...ඒ වගේම රාමුවක ඉඳන් ලියනවට වඩා නොලියා ඉන්න එක පහසුයි... ඒ හින්දා මීට පසුව මං තනියම යන එන ගමන් ගැනත් මා පමණක් සම්බන්ධ ක්‍රියාකාරකම් වලටත් මගේ පෝස්ට් සීමා කරන්න මං අදහස් කලා...ඒ අනුව ළඟදීම චාරිකා සටහනක් ලියන්න මට අවස්ථාව හම්බ වේවි..එදාට අපි ඒ සටහනෙන් හම්බ වෙමු...

ඉතිං ඔය වගේ කාරණා හින්දා බේරේ වැවේ හංස බෝට්ටු පදින්න ගිය කතාවයි.. ඊට පහුවදා කන්නෙලිය වනාන්තරය බලන්න ගිය කතාවයි මගේ අතින් ලිය වෙන්නේ නැහැ.. ඒ සම්බන්ධ ඡායාරූප බලන්න ඕන අයට මගේ මුහුණු පොතේ ඒ සඳහා අවස්ථාව තියෙනවා...
..............................

රයිටෝ එහෙනං අපි දැන් යං වෙන කතාවකට... ඒත් කියන්නයි කියලා මහ ලොකු කතාවකුත් නැහැ..අහ් එකක් මතකේ තියේ.. ඒත් ඒක දැම්මොත් ඔය කලින් කිව්ව ලොකු ටෝක් ඔක්කෝම නිකං වතුරේ යනවා..ඒත් මට මොකද..?

කතාව මෙහෙමයි..හරි සරලයි... ඒකත් ඔය කන්නෙලිය කතාවටම සම්බන්ධ අතුරු කතාවක්...

වැඩේ උනේ සෙනසුරාදා උදේ...මං වැඩ ඇරිලා එන්න ලෑස්ති වෙනකොටම වගේ ආවා කෝල් එකක්...

"අයියේ අද ඔයාලා කොහේද යන්නේ..?"
ඒ වෙනකොට මං අර ගෙහුං එඤ්ඤං පෝස්ට් එක දාලා තිබුනේ..

"ආ අපි යනවා නංගි කැලෑවක් බලන්න.."

"කොහේද කැළෑව..?"

"මේ කන්නෙලිය කියලා කෑලෑවක්..ගාල්ල පැත්තේ.."

"ඇහ්..."

කතා කල කෙනා නිකං ලොක් උනා වගේ උනා..අර "ඇහ්" කියන වචනෙත් එක්කම නිකං "ඥැක්.." නියනවා වගෙත් ඇහුනා...

"ඇයි මොකද නිකං ඥැක් ගෑවුනේ..?"

"නැහැ අයියේ මේ මේ... ඒ අපේ ගමනේ..."

කිව්වා නෙවෙයි කතා කල කෙනාට කියඋනා..හපොයි සංසාරේ... මදෑ කොලා... අපි මේ කැලෑ කියලා බලන්න යන්නේ මෙයාලගේ ගමද..?

"අනේ අයියේ අර දිල් අක්කට වෙච්ච එකේ අනික නේද මට උනේ..?"

ඒත් ඉතිං මං බැළුවා දිල්ට මොකද උනේ කියලා..ආ එතකොටයි මතක් උනේ දිලත් ඉතිං නුවර කිව්වට නුවරමත් නෙවෙයිනේ...නුවරින් සුට්ට දුරකනේ..කොච්චර සුට්ටද කියනවනං භූමි තෙල් බෝතල් දෙකයි..හනසු තුනයි..හුළු අතු එකයි..ඉටි පන්දම් පහ මාරයි... හරීම ළගින් ඉන්නේ නුවරට..

හපොයි සංසාරේ...

32 comments:

  1. දසමෙන් මිස් වෙලා :(

    ReplyDelete
  2. චහ්... නියමයිනෙ අද මමද ඉස්සෙල්ලා ආවෙ. කවදාවත් නැතුව ?

    මිගාර

    ReplyDelete
  3. පුහ්. හොඳ වැඩේ අපිට නම් ඔය ට්‍රිප් යන මිනිස්සු පෙන්නන්න බෑ. අනික ඔයාලා එහෙ අගිහින් බැලුවේ කූඩැල්ලෝ විතරයි නේද?... ආ සර්පයෝ තව නේද?
    අපි නම් ඊර්ෂයා කරන්නේ නෑලු ඔන්න

    ReplyDelete
  4. මාරයියත් එක්ක ගියපු ගමන් සගයෝ ටික අඳුරන්නේ නැති වුනත් අර මකපු පෝස්ට් එක කියෙව්වහම සීමාව ඉක්මවා ගිය එකෝම එක හෙළිදරව්වක් තියෙනවා කියල හිතුනා. මකපු එක හොඳා. හැබැයි එලටම ලියලා තිබුනා.

    අර Name/URL ක්‍රමයත් එකේ අවුලක් නැතිනම් විතරක් දමා ගන්න බැරිද? ඒ ක්‍රමයේ ආරක්ශාවනම් දුර්වලයි තමා..

    ReplyDelete
  5. මම ලංකාවෙ වැඩකරපු තැන සෙට් එක වතාවක් කන්නෙලියෙ ගියා . . .අපිත් එක්ක වැඩකලා ගාල්ල පැත්තෙ ගෑනු දරුවෙක් චූටි කුක්කු කියල (චූටි කුකූ කියල තමයි අපි කතා කලේ, එයාම කට වරද්දගෙන තමයි ඒක වෙනස් කරගත්තෙ). . . කට වරද්දාගැනීමට ඉතා ජනප්‍රිය . . එයා තමයි යෝජනා කලේ කන්නෙලියෙ යමු කියල . . . මෙන්න මේ විදියට . . "අයියෙ අර ගාල්ලෙ තියෙන්නෙ කැලෑවක් . . . "තන් එලිය"ද මොකක්ද්ද කියල . . අපි එහේ යමු"

    ReplyDelete
  6. මූනු පොතෙ පින්තූර ටික දැක්කම මම හිතුවා මරු කතන්දර ටිකක් හම්ම්බවෙයි කියලා

    ReplyDelete
  7. මම උදේ අර කලින් දාපු ලිපිය දැක්කා.. දවල් කියවන්න බලද්දී ඒක නෑ.. ඒත් බැලුවා ඒ මොකද කියලා..

    කවුද අප්පේ මේ කන්නෙලිය පැත්තේ ඉන්නේ??

    ReplyDelete
  8. මගෙත් යාලුවෙක් ඉස්සරලාම හම්බවෙච්ච දවසේ ගම අහනකොට කිව්වේ...මං කොළඹ..කියලා... කොළඹ කොහෙද කියලා අහනකොට කිව්වේ..බොරැල්ල කිට්ටුව... බත්තරමුල්ල තලංගම පැත්තට යන්න ඕන කිව්වා...තව අහනකොට කියපි...තලංගම පහුකරලා යන්න ඕන...හෝකන්දරට ටිකක් එහා පෝරේ කියන ගම..කියලා....පෝරේ...කොළඹ 9 :-)

    ReplyDelete
  9. අයියෝ උදේම ඒක දැක දැක බලන්න බැරි උනා නේ

    ReplyDelete
  10. මාරයත් 'කන්නෙලිය' පැත්තෙ කට්ටියට කිව්වේ කොළඹ ඉඳල කැලේ බලන්න ආව කියලලු, එහෙ යන්නනෙ ඔය සූට් එකක් මහල ඇඳල හෙම ෆොටෝ එකක් අරන් බ්ලොගෙත් දැම්මෙ.

    ReplyDelete
  11. අනේ මන්ද මේවට මම කිසිවක් නොලියමි. ඔබෙ සැප මගෙ සතුටයි :D

    ReplyDelete
  12. මල් හතයි........ උදේ දාන පොස්ට් කියවෙන්න ‍රැට නිසා කලින් පොස්ට් එක ගැන කිසිත් නොදනිමි......... දැන් ඉතින් හොයහල්ලාකෝ කන්නෙලියේ බ්ලොග් කාරිණිය කවුද කියලා

    ReplyDelete
  13. වෙලාවට ඔය කන්නෙලියට යන්නෙ අපේ ගේ පිටිපස්සෙන් නොට් ගම :P
    හැබැයි ඊට එහා ගියාම ගම.. හිනිදුම.. :D

    සැයූ: මින් ඉදිරියට මේ බ්ලොග් එක කියවීමද සීමිත කරමි..! (මඩ නැතුව වැඩන් කැ බං අයියේ :-/)

    ReplyDelete
  14. මඩත් ඕනනෙ. මට අර පෝස්ට් එක මිස් උනා කමක් නැහැ. හැමට යහපතක් වෙනුවෙන් නම්.

    ReplyDelete
  15. මදෑ ඉස්සෙල්ලා පෝස්ට් එකත් බලන්න එක්ක ආවා ඒක නෑ නෙ. දැන් කවුද කන්නෙලියෙ එක්කෙනා.

    ReplyDelete
  16. මඩ චුට්ටක්වත් ගෑවී ඇති ලිපි නොලියා මෙන්න මේවගේ ටොන් ගනනින් මඩ ඇති ලිවීම වටනේය.

    ReplyDelete
  17. ඒව අවලාසියි හොඳෙයි...
    මම ඒක කියවන්න බලනකොට බඩු මිසිංග්...

    ReplyDelete
  18. මම බලද්දිත් කතාව තිබුනේ නැහැ.
    හ්ම්ම් කන්නෙලිය ගමක් තමයි, ඔව්.

    ReplyDelete
  19. ඔය ගම කොහෙද කියල ඇහුවම කියන කතාව නම් හැමෝම වගෙ කියන එකක් නෙ.
    අපෙ ඔෆිස් එකට අලුතෙන් ආපු එකෙකුත් කිව්වෙ එහෙම තමා.
    ගම ඇහුවම නුවර කිව්වා... නුවර කොහෙද ඇහුවම තෙල්දෙනිය පාරෙ ටිකක් දුර යන්න ඕනලු. පස්සෙ බැලින්නම් මූ ඉන්නෙ මහියංගනේ.

    ReplyDelete
  20. අපි යන්න යනව දුර ගමනක් කන්කසන්තුරේ
    නැට්ට පිටින් අලි මැරෙනවා මහ වනන්තරේ..

    ඕව නම් මොනාද නේහ්.........කන්නෙලියෙත් නුවරත් බ්ලොග්කාරිනියන් දෙදෙනාට උණුසුම් සුභ පැතුම්....

    ReplyDelete
  21. උඹ හොස්පිටල් එකේ එහෙම නෙමෙයි නේද ඉන්නෙ.

    ReplyDelete
  22. අව්ලක් නෑ. මාර්යියත් පොස්ට් මකනවා එහෙනම්.. ගණන් ගන්න එපෝ.. වැරදි වෙනවා කාටත්...

    ජය..

    ReplyDelete
  23. පව් මාරයියා...දිල්ට ටිකක් මඩ ගැහුවේ නැත්තන් මාරයියට හරි නෑ...හරි නෑ වගේලු...ඒ හන්දා ඔය හිතේ තියෙන සාංකාව යන්නත් එක්ක ඔන්න ඔහේ තව මඩ ටිකක් ගහප්න් අයියේ...අතින් පයින් යනවා කියලයෑ... නිකන් කෙටෙන අකුරු ටිකනෙ....අනික ඉතින් උඹ දිල්ගෙ කැම්පස් කාඩ් එක දන්න එකා වෙච්චී තව ඉතින් අහවල් දෙයක්ද...ඔන්න ඉතින් ඒකත් කියලම දාපන් අයියේ....එතකල් උඹට නින්ද යන්නෙ නෑ කියලත් දිල් දන්නවනෙ....

    ආ ඒක නෙමේ අයියේ ඔය භූමි තෙල් බෝතල් දෙකයි..හනසු තුනයි..හුළු අතු එකයි..ඉටි පන්දම් පහ මාරයි පත්තු කොරන් උඹ දිල්ලෑ ගෙදර ගියේ අහවල් එකටද ? ඒකත් ලියාපන්කෝ....අපිටත් දැන ගන්න :P

    ReplyDelete
  24. මේ කවුද බොලේ මේ කන්නෙලියෙ කෙල්ල .......

    ReplyDelete
  25. කන්නෙලියෙ ගෑනු දරුවා නම් දනිමි.....

    පොස්ට් එක නොදමපු එක නම් වරදි දෙයකි.

    හැහ් ඔය කියන විදිහට දිල් ඉන්නෙ වන්නි හත්පත්තුවෙද බන්..............?

    ReplyDelete
  26. ලිපිය මැකුවට පැය තුන හතරක් විතර තිබිලා තිබුනොත් ලිපිය හොයා ගන්න පුළුවන්.හොයාගෙන බලන්න ඕන.මොකක්ද ලියලා තියෙන්නේ කියලා.හප්පට සිරි මේකේ එකට කමෙන්ට් දාන්න තියෙන තරගේ.

    ReplyDelete
  27. හරි හරි කියලා තියෙනවා වගේ මේ පෝස්ට් එකේ මඩ බිංදු නම් නෑ. තියෙන්නේ මඩ ගෝනිනේ.
    අර කිව්වත් වගේ මොකටද අයියේ ඔය තරම් අමාරැවෙන් දිල් අක්කලගේ ගෙදර ගියේ? ඇරත් මෙච්චර දිව්නු වෙච්ච ලෝකෙක කව්ද අප්පා ඔය හුළු අතු පත්තු කරන් යන්නේ.ගන්නකෝ කෑලි දෙකේ ටෝච් එකක්. :D

    ReplyDelete
  28. මදෑ කොළා!
    මඩ හෝඳලා රජ කමට ගන්නයි හිටියේ.

    ReplyDelete
  29. හ්ම්ම්.. චාජ් කරන ටෝච් එකේ බැටරි බහිනකං,ඊටපස්සෙ භූමි තෙල් බෝතල් දෙකයි..හනසු තුනයි..හුළු අතු එකයි..ඉටි පන්දම් හය මාරයි.
    මේ කිව්වෙ මට යන්න ඕනෙ දුර. :O

    ReplyDelete
  30. හපොයි සංසාරේ :))

    ReplyDelete
  31. කන්නෙලිය මරු තැනක්, එතනට යනවනම් දවස් කීපයක් නතර වෙන්න බලාගෙන යන්න ඕනේ.
    මටත් පොඩි අදහසක් තියෙනවා කන්නෙලිය ඉන්නේ බ්ලොග් කාරිනිය කවුද කියලා... :))

    ReplyDelete