27 December 2011

රිටිගල... යනවනං ඔන්න තැන්...

ආයෙමත් චාරිකා සටහනක්..කට්ටියට එපා වෙලා බනිනකල්ම දාන්න තරං ගමන් විස්තර තිබුනත් මං මොටද බැනුං අහන්නේ..ඒ හින්දා වැඩියමත්ම නෙවෙයි එකක් දෙකක් තව දාන්නං..එහෙම නැතිව පහුගිය ටිකේ ගිය ගමන් ගැන ලියන්න ගියොත් මට වෙන වැඩක් කරන්න වෙලාවක් අහු වෙන එකක් නැහැ...

හරි මේ පාර කියන්න යන්නේ රිටිගල ගැන... අහලා තියෙනවද රිටිගල ගැන... මෙතන බොහෝම සුන්දර තැනක් වගේම ඓතිහාසික වටිනාකම් විතරක් නෙවෙයි පුරාවිද්‍යාත්මක වැදගත්කමක්ද ඇති තැනක්...ඒ විතරක් නෙවෙයි ජනප්‍රවාදවලටත් සම්බන්ධ තැනක්...

ඇත්තටම මේක කන්දක්..සාමාන්‍යයෙන් විශාලව පැතිරී ඇති රජරට පෙදෙසේ ඇති ශේෂ කඳු අතරින් ඉතාමත් සුවිශේෂී තැනක් මේ රිටිගලට හිමිවෙනවා..අපි බලමු මේ වැදගත් කම් කොහෙන්ද ආරම්භ උනේ කියලා...

ඒකට අපි මුලින්ම යන්න ඕන රාමායනයට..අහල ඇතිනේ අර රාම රාවණා යුද්දේ..අහලා නැති අය කරුණාකරලා රාමායනය හොයාගෙන කියවන්න බොහෝම ලස්සන කතාවක්..හැබැයි ඒක බලලා මදි.. ඊට පස්සේ අපේ අරිසෙන් අහුබුදු මහත්තයගේ සක්විති රාවණ නාට්ටියත් බැළුවනං තමා වඩාත්ම හොද.. මොකද රාමායනය තනිකරම ඉන්දියාව හෝදලා ලංකාව කුණූ ගොඩක් ගානට දාන කතාවක්..

දැකලා ඇතිනේ අර හින්දි ෆිල්ම්වල හිටනං ඉන්දියානුවෝ මූණූ දහයකින් යුක්ත ලොකු පඹයෙකුට දුනුවලින් විදලා හෙන උත්සවයක් ගන්නවා අවුරුද්දකට සැරයක්..ඒ මේ රාමායන කතාව අදටත් උන්දලා සමරලා ගන්න ආතල් එක තමා... ඒත් ඕකේ ලාංකීය වර්ෂන් එක අපේ අරිසෙන් අහුබුදු මහත්තයා ලියනවා හරි ලස්සන විදියට..හැබැයි ඉතිං රාමායනය වගේම තමා ඒකත්..නෙලනවා රාමට..නග්ගනවා රාවණව ඉහලට..ඔය දෙකම කතා විතරයි. මං කිව්වේ එක එක්කෙනා එකම ෂීන් කෝන් එක තම තමන්ට ඕන හැටියට ලියන විදිය ගැන උදාහරණයක් තමා ඔය රාමායනයත්..සක්විති රාවණත් කියන්නේ..හරියටම කිව්වොත් දැන් මේ අපේ ජනමාද්දියකාරයෝ කියන උදවිය ප්‍රවෘත්ති ලියන විදියටම තමා...

ඒ කිව්වේ අද වැරදිලාවත් බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියනං ඕක හඩ්සන් සමරසිංහලා මහින්ද අබේසුන්දරලා ලියන්නේ බුදු හාමුදුරුවෝ වැඩියේ ජනාධිපති මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නයි කියලා නෙව.. ඕනනං කියන බණ පදවල වොයිස් කට් එකක් අරං අහිතකර කොටස් කපලා ඕන ටික අරං ඒකටම හරියන්න වොයිස් කට් එහෙකුත් දායි..

එයාලා එහෙම කරනකොට සිරසෙන් සහ ඔය උපුල් ජෝසප් උන්නැහේලා ඒක ලියන්නේ පෙන්නන්නේ වෙන විදියකටනේ.. බුදු හාමුදුරුවෝ වැඩියේ මෙහෙ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ තියෙන හින්දා ඒ ගැන හොයා බලන්න සහ රජයට අවවාද කරන්න කියලනේ..අර කලින් වගේම එයාලත් වොයිස් කට් දෙයි ඒකට හරියන විදියට..

ආන්න එහෙම තමා මේකත්...

හරි ඉතිං කියන්න ගිය කතාවට යමුකෝ.. ඔය රාමායනේ එන සුප්‍රසිද්ධ රාම රාවණ යුද්දේ අස්සේ ඊතල පාරක් කාලා පැත්ත වැටුන රාමට බෙහෙත් කොරන්ට ඕන උන වෙලේ වෙද පප්පා දීපු වට්ටෝරුවට අනුව හනුමා යනවා හිමාලෙට.. ඉතිං ඒ ගියාට මොකද හනුමාට වට්ටෝරුව අමතක වෙනවා.. හනුමත් අරින්නේ නැහැ ඒකා ඒ වංගියේ කොරන්නේ හිමාල කන්දේ ඔය කියපු ‍‍ඖෂධ තිබුන හරියේ කන්දක් පිටිං ගලවං කරේ තියාගෙන මෙහෙට එනවා පිම්මක් ගහලා අහසින්...ඒ ඇවිත් ඕන කරන බෙහෙත් ටික අරගෙන ලෙඩා ගොඩ දාගත්තට පස්සේ ආයෙම වංගියක් අර කන්දත් අරං යනවා තිබුන තැන හයි කොරලා එන්ට කියලා.. ඒක ඒ විදියටම කොලාට මොකද ඔය පිම්ම ගහලා යන එනකොට අර කන්දෙන් ඇබින්දං කෑලි දෙකක් ගැලවිලා වැටෙනවා බිමට..ආන්න ඒ කෑලි දෙකම වැටෙන්නේ ලංකාවෙම තැන් දෙහෙකට..තුන් වැනි කොටසක් ගැනත් මට කියවන්න ලැබිලා තියෙනවා මොකාක් හරි නමුත් පොතකින්..ඒත් ඒ කොටහ වැටුනේ මහ මුහුදට වෙන්න ඕන..

ඉතිං මේ වැටුන කෑලි දෙක තමා අද අපි රිටිගල සහ රූමස්සල කියලා හඳුන්වන්නේ..ඔන්න ඔහොමයි ජනප්‍රවාදයේ එන්නේ...(හැබැයි රූමස්සලනං රිටිගල අහලකින්වත් තියන්න බැහැ..ඒත් රූමස්සලත් ටිකක් විතර හොඳයි.)

ඉතිං මේ රිටිලත් තියෙන්නේ හිතාගන්න බැරි අමුතුම ගතියක්... අර අපි දන්න සාමාන්‍ය අනුරාධපුරේ පැත්තේ කාස්ටක ගතිය මේ රිටිගල නැහැ..ඒකේ මුදුනට යන්න යන්න නුවර පළාතේ ගියා වගේ තමා... ඒ වගේමයි බෙහෙත් හේත් පැලෑටි වර්ගත්... ඔය වගේ දේවල් හින්දා ඇත්තටම හිතෙන්නේ මේකනං වෙන කොහෙන් හරි ගලෝලා ගෙනත් මෙතන හයි කලා වගේ කියලා තමා...ඒ තරමටම මේ රිටිගල කන්දේ පළාතට වෙනස්ම වූ ලක්ෂණ තියෙන්නේ...

අනිත් පැත්තෙන් මේක ප්‍රසිද්ධ වෙන්නේ මහසෝනා නිසා..දන්නවනේ කවුද කියලා..අර ගෝඨයිම්බරගේ ෆ්ලයින් කික් එකෙන් බෙල්ල ගලෝගත්ත හාදයා.. රිටිගල ජයසේන.. අන්න උන්දෑ.. මේ රිටිගල කියන්නේ ආන්න ඒ ජයසේනගේ වාස භූමිය.. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ආදි යක්ෂ ගෝත්‍රික ජනාවාසයක් තමා මේ රිටිගල.. එතනින් ගිහාම දැන් නැති උනත් සුද්දන් ලංකාවට එන විටත් රිටිගල ආශ්‍රිතවත් වැද්දන් සිටි බව කියවෙනවා.. පස්සේ පස්සේ ඒ අය මහියංගණය පොල්ලේ බැද්ද ආදී ප්‍රදේශවලට මාරු උනාට රිටිගලත් වැද්දන්ගේ වාස භූමිවලට අයත් කොටසක්..රිටිගල..තෝනිගල..රතුගල වගේ හුගක් නං ගං වැදි ජනයාගේ උරුමයත් එක්ක බැඳිලා තියෙන තැන්...

එතනින් ගියාම මේක යක්ෂ ගෝත්‍රික ජනාවාසයකට පසුව රහතන් වහන්සේලා වැඩ සිටි ආරාම සංකීර්ණයක් බවටත් පත් වෙලා තියෙනවා..ලංකාවේ පළවෙනි මහරහතන් වහන්සේ වෙච්ච "අරිට්ඨ මහරහතන් වහන්සේ" වැඩ සිටි ආරාමයත් මෙතනයි කියලයි කියවෙන්නේ.. මේ ආදී වශයෙන් අති විශාල වැදගත්කමක් ඇති තැනක් තමා රිටිගල...

අද එහෙට යන අපිට මොනවද බලන්න තියෙන්නේ..ඔව් ඇත්තටම මං ගිහින් තියෙන පුරාවිද්‍යාත්මක බිම් වලින් හොඳම තැනක් තමා රිටිගල.. ඒ තරමටම ලස්සනට පැරණී නටඹුන් ආරක්ෂාවෙලා තියෙන හොඳින් සංරක්ෂණය කරමින් සිටින තැනක් මෙතන..ඉපැරණී ආරාම සංකීර්ණය අදටත් පැහැදිලිව දැක ගන්නටත්..එහි තිබූ ලැගුම් ගෙවල්..පුස්තකාලය.. රෝහල.. දාන ශාලා.. භාවනා සංකීර්ණ..පෙත් මළු..ඒ වගේම සුන්දර "බන්දා පොකුණේ නටඹුන්‍‍..හැම දෙයක්ම පුදුමාකාර විදියට ආරක්ෂා වෙලා තියෙන තැනක් මේ..

ඒ වගේමයි අනුරාධපුරේ පොළොන්නරුවේ වත් දකින්න ලේසි නැති ආකාරයේ කළු ගල් ඔප දැමීමක් මෙතන දකින්න පුළුවන්..ඔබ කෙදිනක හෝ ගිය විටක එහි ආරාම සංකීර්ණයේ ඉහළම මළුවට ගිය විට බලන්න එහි ඇති හතරැස් අත්තිවාරමක් වැනි කොටුව දිහා.. කළු ගල් පූවරු 4කින් කොටු කරලා ඇති තැන..එක ගල් ලෑල්ලක දිග සහ තනි ගල කොහොමද එතනට එච්චර ලස්සනට ගෙනත් හයි කලේ කියලා හිතලා බලන්න.. ඇත්තටම විශ්මිතයි.. එහි නිමාව බලන්න... අර සුනිල් එදිරිසිංහ මහත්තයා කියන අවුකන ගල් සියුමැලි කල ගල් වඩුවා මෙතනදී රිටිගල ගල් වඩුවාට පරදිනවා කියලා ඔබට නොසිතුනොත් ඒක පුදුමයක්...

ඉතිං වැඩි විස්තර ඕන නැහැ..මං කියන්නම් ගමන් මාර්ගය...ඔබ කොළඹ සිට යනවනම් ඔබ මුලින්ම යායුතුයි දඹුල්ලට...

දඹුල්ලේ සිට පාරවල් තුනක් තියෙනවා මෙහි යන්න...
1-දඹුල්ලේ සිට ත්‍රිකුණාමල පාරේ ගොස් හබරණීන් වමට හැරී මරදංකඩවල දෙසට යන විට කිලෝ මීටර් 13ක් පමණ යද්දී හමුවන රිටිගල මාර්ගයේ දකුණට හැරී යාම...(කහ පැහැති මං සලකුණු)

2-දඹුල්ලේ සිට අනුරාධපුර ඒ-9 පාරේ කැකිරාවට ගොස් කැකිරාවෙන් දකුණට ඇති ගනේවල්පොල පාරේ ගොස් ගනේවල්පොල හන්දියේදී ඔබට හමුවන මරදංකඩවල හබරණ පාරේ දකුණූ පසට හැරී ගොස් කිලෝ මීටර් තුනක් හෝ හතරක් වගේ දුරකදී හමුවන රිටිගල මාර්ගයේ වමට හැරී යාම..(තදනිල් පැහැ මං සලකුණු සහ අහස් නිල් පැහැ සලකුණු...)

3.දඹුල්ලේ සිට අනුරාධපුරය දක්වා ඒ-9 පාරේම ගොස් කැකිරාවෙන් හැරෙන්නේ නැතිව දිගටම ගිය විට හමුවන මරදංකඩවලින් දකුණු පැත්තට හරවා කිලෝමීටර් 12ක් පමණ හබරණ පැත්තට ගොස් රිටිගල මාර්ගයට වමට හැරී...(තදනිල් පැහැ මං සලකුණු...)
ඔතනින් පලවෙනි මාර්ගය හරහා රිටිලගට ගියාම රිටිගල කියලා සඳහන් ලොකු නාම පූවරුවක් හම්බ වෙනවා..එතනින් හැරෙන්න තියෙන්නේ දකුණට.. අනිත් දෙකෙන් කොහොම ගියත් වැටෙන්නේ ඒ නාම පූවරුව ගාවටමයි..හැරෙන්න වෙන්නේ වමට..එච්චරයි..හරිම ලේසියි හොයාගන්න...

එහෙමනං මං මෙතැන් පටන් විස්තර කියන්නම් ඡායාරූප වලින්...ඒක පහසුයිනේ... මං මේකට ඡා‍යාරූප එකතු කරන්න ගිහං බොහෝම කට්ටක් කෑවා..මොකද ඇත්තටම දාන්න ඕන පින්තූර 50ක් විතර තිබුනා..ඒත් එච්චර දැම්මොත් මේ පොස්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යන හින්දා අමාරුවෙන් කපලා කපලා 22කට ගෙනාවා...අපි ඒ ටික බලමු...

ඔය තියෙන්නේ රිටිගල කන්ද එයට නුදුරු වෙල් යායක් ලගදී අපට පෙනුන ආකාරය...
අතර මගදී හමු වූ කුඹුරක තිබූ පැලක්..මේ පැතිවල වගාවට අලින්ගෙන් බොහෝම බාධා තියෙනවා..අලින්ට මිනිස්සුන්ගෙන් බාධා..ඒත් අනතුරු අඩුයි...වගා පාළු හැර...
රිටිගල පිවිසුම..මෙතනට යනකල්ම ඔබට වාහනයකින් යන්න පුළුවන්..මෙතැනදී ඔබට පුළුවන් මාර්ගෝපදේශකයකුගේ උපකාරය ලබා ගන්නට...
බන්දා පොකුණ...විශාල භූමියක් පුරා පැවති ජලාෂයක්..
ඔය තියෙන්නෙත් බන්දා පොකුණම තමා..දැන් ඒක නැවත සකස් කරගෙන යනවා වතුර පිරවීම පිණීස..මේ කාලෙම ගියොත් මිස ආයේ කවදාවත් වතුර පිරෙව්වට පස්සේ ඔකේ අඩිය දකින්න ඔබට නොහැකි වේවි...
ඇතුළු වද්දී හමුවන ගල් පාලමක්..එයට උඩින් අප යා යුතුයි...
ආරාම සංකීරණයේ පිවිසුම් පියගැට පෙළ...
ආරාම සංකීර්ණයේ අභ්‍යන්තර ගමන් මාරුගයේ ඇති පැරණී ගිමන්හලක පාදම...ස්ටාර්ගේට් ෆිල්ම් එකේ අර අපූරු දොරටුව සිහිපත් උනා මටනං...
සම්පූර්ණ ආරාම සංකීර්ණයම මෙහෙම ගල් ඇතුරූ මාර්ග පද්ධතියකින් එකින් එක සම්බන්ධයි..
ඔය තියෙන්නෙත් අර කලින් කියාපු මාර්ග පද්ධතියේම කොටසක්..
මෙතන ඇති ලස්සන මං කොහොම කියන්නද..? ගිහිංම බලන්න...
මේ තියෙන්නේ ඔය මාර්ග පද්ධතියේ බිම ගල් සවි වී ඇති ආකාරය.. පුළුවන්නං හොයාගෙන බලන්න මේ වගේම පිරිද්දීමක් මං දැකලා තියෙනවා ඉපැරණී ඉන්කා සහ මායා වරුන්ගේ නටඹුන් බිම්වලින්.. ගල්වල එක් එක් හැඩයන්ට අනුව අනිත් ගල් පිරිද්දීම පහසු නැහැ...ඔය ආකාරයේ පිරිද්දීම් සෑහෙන ප්‍රමාණයක් මෙහිදී දැක ගත හැකියි... ඇත්තෙන්ම අපූරුයි...
මේ තියෙන්නේ රෝහල... බෙහෙත් ඔරුව වගේම බෙහෙත් පොකුණ..එතකොට උණුවතුර ටැංකිය..බෙහෙත් ඇඹරුම් ගල්... රෝගීන්ට ප්‍රතිකාර කරන ගල් ආසන... හුගාක් දේ මෙතන තියෙනවා ඒ වගේම විශේෂ දෙයක් තමා ඖෂධ පොකුනේ ජලය බැස යාම සඳහා ඇති කානු පද්ධතිය...
මේ තියෙන්නේ එම කානු පද්ධතිය..බලන්න අද වගේමයි නේද කියලා... අර ඉස්සරහින් පේන්නේ කානුව පිරිසිදු කිරීම සඳහා ගල් ලෑලි වලින් වැසූ කුඩා කුටීර...
පුස්තකාලය... ලගටම ගිහින් බැලිය යුතු පුදුමාකාර ස්ථානයක්..මෙහෙම කිව්වට වැඩක් නැහැ...
පුස්තකාල ගොඩනැගිල්ල තුල ඇති ගල් කොට්ටය... මේකට හේත්තුව දාගෙන සනීපෙට හිටියැකි...
ආරාම ගොඩනැගිලි.. මේවා ගැනත් කියන්න විදියක් නැහැ..ගිහින් බලන්නම තමා තියෙන්නේ.. ඒ තරමටම සුවිශේෂී නිර්මාණ රාශියක් මේ ගොඩනැගිලිතුල තියෙනවා...
භාවනා මධ්‍යස්ථාන යැයි සිතියහැකි ශාලා...මෙයට සමාන්තරව හොඳින් සකස් කල සක්මන් මළුවක්ද දැකිය හැකියි...
සුවිශේෂී නිර්මාණයක්.. කැසිකිලියක්... බලන්න ඒකත් හදලා තියෙන අපූරුව..අනික්වා කොහොමට ඇද්ද මේක මෙහෙමනං..

එහෙමනං ආයේ කියන්න තියන්න එපා...ඊ ළග නිවාඩුවටම යන්න උත්සහ කරන්න.. අවශ්‍ය කරන ඕනම උපදෙසක් ලබා දෙන්න මම කැමතියි.ඒ වගේම එහි සිටින මාර්ගෝපදේශකයෙක් සම්බන්ධ කරදීමටත් ඒ හරහා පහසු නවාතැන් ආදිය වූවත් සකස් කර ගැනීමට අවස්ථාව සලසාගැනීම ඔබට කල හැකියි...

ඒ වගේම මට අතෑරුන තැන් ගැන විස්තර සපයන මෙන් අපේ හසිත මලයා ඇතුළු හිත මිතුරන්ටත් මතක් කර සිටිනවා...බොහෝමත්ම ස්තූතියි මෙච්චර දිග එකක් කියෙව්වට...

45 comments:

  1. ලස්සන තැනක්....:D

    ReplyDelete
  2. පින්තූරත් දැම්මානම් අගෙයි අයියා..

    ReplyDelete
  3. දවසක යන්න ඕනා රිටිගල ජයසේනවත් හම්බවෙලා එන්න බැරියැ...

    ReplyDelete
  4. මොනවා හරි අවුලක් වෙලා පොස්ට් එක අතර මගදී පබ්ලිෂ් වෙලාද මංදා...

    ReplyDelete
  5. දැන් ටික දොහක ඉඳලා රිටිගල ජයසේනට මාරයා වැහිලා කියලයි ආරංචිය..

    ReplyDelete
  6. හොද සටහනක්. ඔබ ගිය ගමනේ ඡායාරූප ටිකක් දෙන්න පුළුවන්නම් මම කැමතිය් ඒවා භාවිතා කරලා වෙනත් කරුණුත් ඇතුලත්ව ලංකාදීප පුවත්පතට ලිපියක් ලියන්න. මා සතුව තිබෙන්නේ අදින් අවුරුදු 10 ට පමණ පෙරාතුව ගත්තු ඡායාරූප

    ReplyDelete
  7. @සජීව විජේවීර...

    ඇත්තටම මේ ගමන අපි හතරදෙනෙකුගේ ගමනක් සහ රැගෙන ගිය ඩිජිටල් කැමරාව අපේ ගමනට එකතු වෙන්න බැරි උන පස්වෙනි ගමන් සගයගේ.. එහෙම බැළුවාම මේක හුගක් හවුල් කාරයෝ ඉන්න ගමනක්..ඔය ඡායාරූපවල අයිතිය අපි හැමෝටම හවුලේ තියෙන්නේ..මම ඒ අයගෙනුත් අහලා ඔබට අවශ්‍ය ඡායාරූප ලබා දෙන්නම්.හැබැයි හුගාක් කොලිටි නැති වෙන්න පුළුවන්..මේ තියෙනවා වගේම තමා..මොකද පොඩි ඩිජිටල් කැමරාවක් වගේම අපි තුන්දෙනෙකුගේ ජංගම දුරකථනවල කැමරා මලින් ගත්ත ඡායාරූප තමා මේ හැම එකක්ම...

    ReplyDelete
  8. මාරයි.. මාරයි.. මාරම මාරයි...
    තැනත් මරු. විස්තරයත් මරු. පුන්තුරත් මරු.

    ReplyDelete
  9. බොහොම ස්තූති ... වැදගත් විස්තර ගොඩක් දැනගත්තා....

    ReplyDelete
  10. @ලකී...

    ස්තූතියි ලකී මහත්මයා.. ඇත්තටම ලස්සනයි නෙහ්..?
    :D

    @නිසුපා...

    පින්තූර දාලනේ තියෙන්නේ නිසූපා..ඔයාට පෙනුනේ නැද්දෑ?ආයෙම වංගියක් බලන්න...

    @හරී...

    ජයසේනනං මේ දවස්වල නැහැ..ඒත් රිටිගල බණ්ඩාරව මුණගස්සලා දෙන්න පුළුවන්...

    @Indunil...

    :D:D:D

    ReplyDelete
  11. ආර් එල් ස්පිට්ල් මහත්මයාගෙ පොත්ව්ල මේ රිටිගල , රතුගල ,
    …පොල්ලබෑද්ද ගෑන බොහෝ විස්තර කියල තියනවා .
    …හරි ආසයි යන්න . ගොඩාක් ස්තූතියි විස්තර වලට .

    ReplyDelete
  12. @Pisakkaatuwa...

    ස්තූතියි කිව්වා...

    @Sammani...

    සම්මානිටත් ස්තූතියි කිව්වා ඕං...

    ReplyDelete
  13. කර්නිගෝල් ඉඳල වැල්ලව පැත්තට යනකොට, දොළුකන්ද කියල එකක් තියෙනව. දොළුකන්දෙත් හුඟාක් බෙහෙත් ප්ලාන්ට්ස් තියෙනවලු. කර්නිගෝල් පැත්තෙ පොරවල් කියනව අහල තියෙනව දොළුකන්දත් හනුමන්ත් අතින් වැටිච්ච් කෑල්ලක් කියල.

    ReplyDelete
  14. @Gimhani...

    අපරාදේ ගිම්හානිලා මේ ළගදී ඔය අහලින් ගිහිනුත් ආවා නේද..?කලින් කිව්වනං ඔයාලටත් ගිහිං එන්න තිබුනා...

    ReplyDelete
  15. ඈහ්...මේ මම ඉස්සර වෙලා බලපු පොස්ට් එක නෙවෙයිනෙ...පින්තූරත් දාලා තියෙන්නෙ...දැන්නෙ මේක නියම සංචාරක සටහනක් වගේ පේන්නෙ..මම ඉස්සර වෙලා ලස්සනයි කිව්වෙ මම ඔතනට ගිහින් තියන නිසා කොහොමත් ලස්සන තැනක් බව දන්න නිසයි..
    ප.ලි
    ඒත් මම යනකොට අර අන්තිමට තියන හනුමන්තාගෙ පිළිරුව දැක්කෙ නැහැ...ඒක කොතනද තියෙන්නෙ..ආයෙ ගිය වෙලාවක බලන්න ඕන..:P

    ReplyDelete
  16. ලස්සන තැනක්. බලන්න යන්න ආසයි ඒ උනාට පින්තුරේ තියෙන ලස්සන එතන නැතිව ඇති. :D

    ReplyDelete
  17. ලඟින්නම් ගියා තමයි . ඒත් මම හිතන්නේ මේක වෙනම යන්න ඕන ට්‍රිප් එකක් .

    ReplyDelete
  18. @Observer...

    ඔව් ඔබා අයියේ එහෙම මතේකුත් තියෙනවා..රිටිගල..දොළු කන්ද..හා රූමස්සල කියන්නේ රාවණ රජුගේ ‍ඖෂධ උයන් කියලත් තව මතයක් තියෙනවා.. ඒත් පුරාවෘත්ත වලට අනුව කියවෙන්නේ තුන්වෙනි කෑල්ල දොළු කන්ද කියලා නෙවෙයි මං හිතන්නේ..දොළු කන්ද ගැන මට හරියටම කියන්න බැහැ තමව මොකද මං ගිහින් නැහැ..අර කට්ටිය රෙදි කරේ තියං යන කාලේ යන්න හම්බ වෙලත් මං ගියේ නැහැ..ඒ ඉතිං කන්ද එක්ක ආරෝවකට නෙවෙයි විගඩං බලන්න ඇති අකමැත්ත හින්දා... හිටුකෝ පුළුවන් වෙච්ච වෙලාවක ඒ අහත් ගෙහුං එන්ට...

    ReplyDelete
  19. @ලකී...

    මං හිතන්නේ මොනවා නමුත් අත් වැරැද්දකින් මගේ අතින් ලිය ලිය ඉන්නකොට මේක පබ්ලිශ් වෙලා..ඒකයි අවුල...
    ආ හනුමන්තාගේ පිළීරුවද..ඒක තියෙන්නේ රූමස්සල..:D


    @Nadun Ranaweera...

    අනේ බං උඹ ඉන්නෙත් අනුරාධපුරේ නේද..? ඔච්චර ළග තිබිලත් තාම මොනවා කරනවද නොබලා..පින්තූරේ මොන ලස්සනක්ද..ගෙහුං බල..කම්මැලිකොමට ගේ ඇතුලටම වෙලා නොහිට...

    @Gimhani...

    ඔව් ඒත් පැය තුනක් විතර වෙන් කරගත්තත් බලා කියාගෙන එන්ට බැරිවෙන එකක් නැහැ..ඒත් ඉතිං හොඳ වරුවක් විතර මේකට වෙන් කරන එක තමා..ඒකත් උදේ වරුව හවස 4 විතර වෙද්දී අලි බහින්න ඉඩ තියෙනවා පාරට..අපි ගියෙත් හවස් වෙලා..ඒත් යන්තං බලාගත්තා...

    ReplyDelete
  20. යන්ටම ඕනි තැනක් තමයි..ඒත් දැන් තියෙන වැඩ ගොඩයි නිවාඩු නැති කමයි බැලුවහම නම් ලබන ආත්මෙවත් යන්න් පුලුවන් වේදැයි සැකයි අෆ්ෆා !

    ReplyDelete
  21. @Weni...

    ලබන ආත්මේ බොට ඕවා බලන්ට වෙන්නේ අපායේ තමා..දැන්ම පල...

    ReplyDelete
  22. අයියණ්ඩි දැන් හරියට ට්‍රිප් යනවා නේ? කවුද අප්පේ ඔයාගෙ පස්සෙන් යන කැමරමන්?

    ReplyDelete
  23. අයියේ, ඔතැන බලලා එන්න කොච්චර විතර වෙලාවක් යනවද? ලගදි ලන්කාවට ආවම අනුරාධපුරේ යන්න හිතන් ඉන්නවා, ඒ ගමන්ම මෙතැනටත් යන්න පුලුවන් වේවිද කියල බැලුවෙ

    ReplyDelete
  24. @බට්ටි...

    මාව කවදත් ආවරණය කරන්නේ රාජ්‍ය මාධ්‍ය වලින් තමයි නංගි...

    @mier...

    මෙතන බලන්න සාමාන්‍යයෙන් පැය තුනක් වෙන්කලානං ඇති වේවි... එයිට වඩා කාලය ගන්න වගේම තව පැයක් විතර අඩු කරන්නත් පුළුවනි තමුන්ගේ ගමන් අවශ්‍යතාවයන් මත..කිසිම අවුලක් නැතිව අනුරාධපුරේ යන ගමන් බැලියෑකි.. කැකිරාවෙන් හෝ මරදන්කඩවලින් හරවපුවාම පැය බාගයකින් විනාඩි 45කින් වගේ ගියෑකි මෙතනට.. ගිහින් එතනත් පැය දෙකක් හෝ තුනක් ගත කරලා ආපහු අර වගේ වෙලාවකින් එන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රධාන පාරෙන් හැරිලා ගමන් කිරීමටත් එක්ක පැය හතර හමාරක් පැය හතරක් වගේ කාලයක් හොඳටම ඇති.

    ReplyDelete
  25. ගිහින් බලන්න ඩිස්කවරී චැනල් එකේ ancient aliens ප්‍රෝග්‍රෑම් ටික. මේ වගේ තැන් ලෝකේ පුරාම තියෙනවා. ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙකුත් ඒ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරනවා. ඒත් ලංකාවේ නටබුන් නම් තාම පෙන්නුවේ නැහැ.

    http://www.history.com/shows/ancient-aliens

    ReplyDelete
  26. ආනාගතයෙදි යන්න හිතාගෙන ඉන්න තැන්වලින් එකක්.රිටිගල ගැන කියවලා තිබුනට අද තමයි දැක්කේ. ස්තුතියි....

    ReplyDelete
  27. පිස්සුම හැදෙනවා අනික් නටබුන් එක්ක බලද්දි මෙහෙ නටබුන් වැඩිය විනාශ වෙච්චි බවක් පේන්න නෑ මාර ගති පින්තූර ටික අර කලින් පිලිම වල ෆොටෝ ගත්තු කෙනාමද ගත්තේ.යන්න ආස හිතෙනවා අප්පා

    නියමයි අයියේ මැක්සා

    ReplyDelete
  28. විස්මයජනක සිරි ලංකා.... හරිම ලස්සනයි...

    මෙහෙම තැනක් තියෙනව කියල දැනගෙනවත් හිටියෙ නැහැ... හොඳට සංරක්ෂණය වෙලා තියෙනව... මෙතන ඉතිහාසෙ ගැනත් දැන ගන්න කැමතියි...

    ReplyDelete
  29. මාරයියා මට හිතා ගන්න බැහැ බං උබ කවුද කියලා.. අපේ ඉන්න චක්‍රවර්තිලාට වැඩි වැඩක් උබ නිහඩව කරනවා. මේ කමෙන්ට් එකෙන් ඒක කියන්න බැහැ. එක වචනයයි මම දන්නේ..

    "ෆට්ට"

    ReplyDelete
  30. මාත් ඔය රිටිගල ගැනයි ජයසේනයා ගැනයි අහලා තිබුණට ඔතෙන්ට ගිහිල්ල නම් නෑ.
    යෝජනාවක් දාල බලන්ට ඕනෑ මේ සැරේ අපේ බැචුලර් ට්‍රිප් එක එහාට දාගන්න පුලුවන්ද කියලා ...

    ReplyDelete
  31. මේ මාරයියේ මායාවරුන්ගෙයි,ඉන්කාවරුන්වයි බලන්න ගිය ගමන දාන්න අමතක වෙලා වගේ නේද

    ReplyDelete
  32. මේක දැක්කාම යන්න පුදුම ආසාවක් ඇතිවුණා... අපේ නගාල නම් දැන් සතියකට විතර කලින් ගියා... වැස්සයි කිව්ව නිසා ගමන කොහොම උනාද කියල තාම දන්නෙ නෑ... අනේ බොහෝම ස්තුතියි....

    ReplyDelete
  33. ඊළඟ පාර ලංකාවට පාත් වුනහම යන්න ඕනේ..... බොහෝම ස්තූතියි මාරයියේ විස්තරේට.....

    ReplyDelete
  34. රිටිගල ජයසේනගේ පිළිමයක් නේද අන්තිම ෆොටෝ එකේ තියෙන්නේ.... නියමයි බන්... ඒ දවස් වලත් කණ්නාඩි දාලා ඉඳලා තියෙන්නේ...

    ReplyDelete
  35. තාමනම් ගිහින් නැහැ.. යන්න ඕනා :))

    ReplyDelete
  36. ඉපැරණී ඉන්කා සහ මායා වරුන්ගේ නටඹුන් බිම් බලන්න ගිය විස්තරේ දාන්න අමතක වෙලාද කොහෙද? ඒකත් ෆොටෝ එක්ක දැම්මනං හොඳයි.

    කොහොම උනත් මේ ‍විස්තරේ නං නියමෙට කරල තියෙනව. ෆොටෝ ටිකත් එලටම තියෙනව. හැබැයි අර අන්තිම ෆොටෝ එකනං ටිකක් ඇන්ටික් වගේ.

    ReplyDelete
  37. ලස්සන සටහනක් මාරයා.
    මමත් යන්න ආසාවෙන් ඉන්න තැනක්....

    ReplyDelete
  38. රූමස්සල හිමලේ කොටහක් කියලා අහල තියෙනවා. කොහොමටත් අපේ ගම් පලාතෙනේ තියෙන්නේ. ඒත් රිටිගලත් එකේ කොටහක් කියලා දන්නෙ අද නොවෑ..

    ආතර් සී. ක්ලාක් මහත්මයානම් කියන්නේ රූමස්සල කියන්නේ උල්කාපාතෙක කොටහක් කියලා.

    ReplyDelete
  39. රිටිගලට පැරණි පොතපතේ භාවිතා වුණු නම තමයි "අරිට්ඨ පබ්බත" කියන්නේ. ඒ නම සැකසෙන්නේ ඇත්තේ ලංකාවේ මුල්ම රහතන් වහන්සේ වුණු අරිට්ඨ මහ රහතන් වහන්සේ මේ ස්ථානයේ වැඩ සිටීමත් සමඟ වෙන්න ඕනේ.

    ඒ වගේමයි මේකේ පුස්තකාලයේ ගල් කොට්ටයට පස්සේ දාලා තියෙන ඡායාරූපවලින් පෙන්නුම් කරන ගොඩනැගිලි විශේෂය හඳුන්වන්නේ "පධානඝර" නමින්.

    ඒවා සකස් කරන්නේ කෘත්‍රිමව ජලය පුරවපු පොකුණක් වැනි නිර්මාණයක් මධ්‍යයේ භාවනා කරන්න කුඩා ගෙයක් නිර්මාණ කිරීමෙන්. මේ කාර්යයෙන් භාවනානුයෝගියාට සිසිලසක් ලබාදුන්නා වගේම බාහිර සමාජයෙන් වෙන්වෙලා සසර දුකෙන් මිදෙන්න කරන උත්සහය මේකෙන් සංකේතවත් කරන්න ඇති.

    ම්ම්ම් මාවත් මතක් කිරීම ගැන තුති :)

    ReplyDelete
  40. එක දෙයක් කියන්න අමතක කරල, මේ ආරාම සංකීර්ණය තියන්නෙ දැවැන්ත නා වනයක් මැද කියල, එතකොට ත්‍රිපිටකයෙ තියන ජේතවනාරාමය ගැන හිතුවොත් මෙම ස්ථනයේ ඇති සම්බන්ද කම ගැන මොකද හිතෙන්නෙ :) ජේත කියන්නෙ පාලි වලින් නා වලට ඉතුරු ටික පින් ඇත්තෝ හිතා ගනිත්වා..

    ReplyDelete
  41. අම්මපා ඔන්න ආවා නියම කොමෙන්ටුවක්... ෂුවර් එකට අර මේක ජම්බුදීපය කියන සැට් එකේ මල්ලි කෙනෙක් වෙන්න ඕන... අනේ මල්ලියේ යන්නකෝ රෝස තිරිවාන කැටිය පැත්තේ.. මෙහෙ මොන නාද..අන්න නා... පැරණි ආරාම සංකීර්ණයකුත් තියෙනවා තැනින් තැන.. අන්න එහෙනං ජේතවනේ... හලි සෝක් නේද..?

    ReplyDelete