28 December 2011

රෝල්ස්.. චීනෙත් නැති චීන කෑම...

මං මේ ළගකදී රෝල්ස් හැදුවනේ..ඔව් ඔව් අර චෛනීස් රෝල්ස් කියලා කියන කෑම තමා..ඒත් ඕවා චීනේ තියෙනවද කියන්නනං මං දන්නේ නැහැ ඕං...රෝල්ස් විතරක් නෙවෙයි මං ඊයේ රාත්තිරියේ බිත්තර රොටිත් හැදුවා..ඒ ගැනත් මං ඊ ළගට පෝස්ට් එකක් දාන්නං.. ඔය දෙකම මගේ ප්‍රියතම ආහාර නෙව...

ඒත් පොඩි අවුලක් තියෙනවා.. ඒ තමා මේකෙදි මට පින්තූර ගැනීම ගැන පොඩි ගැටළුවක් මතු වීම..දන්නවනේ ඉතිං මගේ ඉවුම් පිහුං වලදී ඒවාට අඳාල පොටෝ ගන්නේ මගේ ජංගම දුරකථනයේ ඇති කැමරාව ආධාරයෙන් මංතුමාම විසින් කියලා.. ඒත් අනිත් කෑම හදද්දී වගේ නෙවෙයි මේවා හදනකොට එක්තරා අවස්ථාවකදී ෆොටෝ ගන්න බැරි තත්වයකට පත් වෙනවා... ඒ කියන්නේ අදාල ආහාරය සකස් කරන විට අත් දෙකම උපයෝගී කර ගන්න වෙන වෙලාවල් තියෙනවා..ඒ කියන්නේ බිත්තර රොටී හදනකොට රොටිය ඇදලා සකස් කලාට පස්සේ ඒක පරිස්සමට ගලවලා අරං රත්වෙලා තියෙන තැටිය උඩට දානකොට තනි අතෙන් කරන්න බැහැනේ මලාට..ඉතිං ඒ වෙලාවට අතේ තෙල් වතුර සහ පිටි තැවරෙන්න අවස්ථාව වැඩියි.. ඉතිං කොහොමද ෆෝන් එකෙන් පින්තූර අල්ලන්නේ..ආන්න ඒ වගේ කේස් හින්දා මට ඔය කෑම දෙකේදීම ෆොටෝ කෑලිවලට වැඩි අවස්ථාවක් දෙන්න බැරි උනා.. ඒ හින්දා හැම අවස්ථාවක්ම පෙන්නන්න විදියක් නැහැ...ඒත් අපි බලමු තියෙන හැටියට වැඩේ ගොඩ දාන්න...

අවශ්‍ය ද්‍රව්‍ය...

තම්බා පොඩි කරගත් අල සහ මාළු
හීනියට ලියා ගත් එළවළු
තම්බාගත් බිත්තර
ලියාගත් රතුළුණූ/සුදු ළුණු/අමු ඉඟුරු/අමු මිරිස්/කරපිංචා/රම්පේ/
කරාබු නැටි දෙක තුනක්
කුරුඳු පොතු
ලුනු කුඩු
කහ
ගම්මිරිස් කුඩු
පහේ කුඩු
මිරිස්කුඩු
දෙහි
----------
පාන් පිටි
සීනි
කිරි (පොල් කිරි හෝ එළ කිරි..)
----------
බිත්තර සුදු මද
බිස්කට් කුඩු
තෙල්
(ඔය ජාතිවල අවශ්‍ය ප්‍රමාණ ඒ ඒ තැන්වලදී කියලා ඇති...)
ඔය තියෙන්නේ හොඳින් තම්බා පොතු ඇර පොඩි කරගත් අර්තාපල් අල සහ එසේම තම්බා කටු ඉවත් කර පොඩි කර ගත් මාළු... මේකට සාමාන්‍ය තරමේ අල ගෙඩි තුනකුත් මාළු ග්‍රෑම් 100 කුත් වගේ මම ගත්තා ඒත් අවසානයේ පිරවුම හදලා ඉවර උනාම හෙන ගොඩක් ආවා... ඒ හින්දා රෝල්ස් දහයක් විතර හදන්න හිතන අය අල ගෙඩි දෙකකුත් මාළු ග්‍රෑම් 60කුත් වගේ ගත්තනං ඇති.
ලීක්ස් ගස් බාගයයි කැරට් අලයයි හීනියට කැපුවා...
බිත්තර තුනක් තම්බලා ගත්තට මොකද ඔච්චර ගියේ නැහැ ඕක තව හීනියට කපන්න උනා අන්තිමේදී මං රෝල්ස් හදන ගමන් බිත්තර එක හමාරක්ම කාලා දැම්මා...ඒ කියන්නේ රෝල්ස් දහයකට හීනියට කැපුව බිත්තර දෙකක් හොඳටම ඇති.මොකද බිත්තර එක හමාරකින් මං හැදුවේ ‍අටක් වගේ හින්දා...
ඕවනං ඉතිං ටික ටික ඒ කියන්නේ රතුළුණු ගෙඩි තුනක් සුදු ළුණු බික් දෙකක් අමු මිරිස් කරලක්..අමු ඉගුරු අගල් බාගයක විතර කෑල්ලක්..කරපිංචා කොල හත අටක්..රම්පේ අගලක විතර කෑල්ලක් හීනියට ලියලා ගත්තම මදෑ...



මුලින්ම භාජනයක් ලිප තියලා ඒක රත් වෙනකොට තෙල් මේස හැදි දෙකක් විතර දාලා ඒකට ඔය ඉහත දක්වපු හැම දේම ටික ටික එකතු කරලා පිරවුම සකස් කර ගන්න ඕන.. එතනදී අල අන්තිමටත්..ඊට කලින් මාළුත්..මාළු වලට කලින් එළවළුත්..එළවළු වලට කලින් අනික් කලමනා ඔක්කෝමත් දාගන්න ඕන...එළවළු දාන්න කලින්ම ඕකට කහකුඩු තේ හැදි කාලක්/පහේ කුඩු තේ හැදි බාගයක්/මිරිස්කුඩු තේ හැදි කාලක්/ගම්මිරිස් තේ හැදි බාගයක්/ලුණු කුඩු තේ හැදි එකක් විතර එකතු කරන්න...අලත් එකතු කරලා අවසන් උනාට පස්සේ දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න..දෙහි බෑයක් වැඩිත් එක්ක...

ඊ ළගට තියෙන්නේ රෝල්ස් එකේ දවටනය හදා ගන්න... ඒකට හලා ගත් පාන් පිටි ගෑම් දෙසිය පණහකට සීනි තේ හැන්දයි..ලුණු කුඩු තේ හැදි තුන්කාලක් විතරයි..කිරි කෝප්ප එක හමාරක් විතරයි වගේ දාලා ඔය පෙන්නලා තියෙන පදමට දියාරුවට මිශ්‍රණයක් හදාගෙන තැටියක් රත් කරලා ඒකට තෙල් ස්වල්පයක් දමලා අර මිශ්‍රණයෙන් ටික ටික දාලා අර තෝසේ හදනවා වගේ හැන්දෙන්ම තුනී කරලා ඔය පේන ආකාරයට දවටනය හදා ගන්න ඕන.. ඕකට කහ ටිකක් එකතු කරලා හැදුවනං පෑන්කේක් එකේ දවටනයම තමා...ඔහොම දවටන දහයක් විතර හදා ගත්තට පස්සේ අපිට ගියෑකි අවසන් අදියරට... ඒත් එකේ පොටෝ මට ගන්න උනේ නැහැ..ඒත් මං කියන්නං ඒක ගැන ඒ හැටි අමාරු කේස් එකක් නෙවෙයි...

ඉතිං එහෙම හදාගන්න රොටිය වගේ දවටනය මැදින් අර අපි හදපු මිශ්‍රණයෙන් ටිකකුත් හීනියට කපාගත්ත බිත්තර කැබලි දෙහෙකුත් දිග අතට තියලා රොටියේ දෙපැත්තෙන් ඇතුලට නවලා රෝල් කරගෙන ඒ රෝල් එක ගසා ගත් බිත්තර සුදු මද වල තවරලා එයින් පස්සේ බිස්කට් කුඩුවල දවටලා ගැඹුරු තෙලේ බැඳ ගන්නයි තියෙන්නේ.. එයිට පස්සේ තමා ඔන්න ඔය ආකාරයේ රෝල්ස් අපිට දැක බලා ගන්න වෙන්නේ...
රසය ගැන කියන්නනං ඒවා කාලම බලන්න ඕන... මේවා කාපු අයනං තාමත් යහතින් ඉන්නවා වගේම නරකක් කිව්වේ නැහැ...

28 comments:

  1. හදල බලනව අනිවාර්යෙන්ම .

    ReplyDelete
  2. අනිවාර්යෙන්ම හදල බලනවා...

    ReplyDelete
  3. මාර සීන් එකනේ බන් , මම කොමෙන්ට් කරනකොටම මෙන්න ඒ විදිහටම තවත් කොමෙන්ට් එකක්.. සිරවට මම කලින් එක දැක්කේ නැ

    ReplyDelete
  4. මමත් කැමතිම කෑමක්....ගෙදර හදනවනම් තවත් කැමතියි..බලමු ට්‍රයි එකක් දීලා

    ReplyDelete
  5. කන්නේ නැති වුනාට හදන්න නම් ආසයී.

    ReplyDelete
  6. හදන්නැතුව පුලුවනැ...........

    අයියේ ඕක එතකොට බිත්තර-මාළු චැයිනීස් රෝල්ස්ද? හී...... :D

    ReplyDelete
  7. හි හි... මට මේ දවස්වල කිසිම මහන්සියක් නැතිව ඔය ඔක්කොම කෑම ජාති හම්බවෙනවා...

    ReplyDelete
  8. අපේ අම්මත් හැදුවා... ඒවා රෝල් වෙලා තිබුනෙ ටික වෙලාවයි... පස්සෙ රෝල් වෙච්ච දිග ඇරුනා... :D

    ReplyDelete
  9. @හා පැටික්කි (MS)

    තියෙන ඔක්කොම දාලා හදන හන්දා ඕවට නම් අපි දා ගන්න ඕනෙ හා පැටික්කියේ.... :P

    ReplyDelete
  10. ඔය පේස්ට්‍රි ෂීට්ස් කඩෙන් ගන්නත් පුළුවනි නේද?

    ReplyDelete
  11. දැන් ඔය උඩ කමෙන්ට් කරලා තියන එක ගෑල්ලමයෙක්වත් මාරයා මේ රෝල්ස් හදන විදිහ දැම්මේ නැත්නම් රෝල්ස් එකක් හදාගන්නවත් දන්නෑ වගේ කමෙන්ට්ස් කරලා තියෙන්නේ,,,අනේ කාලේ වනේ වාසේ කිවුවලු

    ReplyDelete
  12. බිත්තර රොටී කීයක්‌ එක පාරකට කන්න පුලුවන්ද ? (හොදි නැතිව)

    :D

    ReplyDelete
  13. දැන් ඕක හදල කාපු අයගෙ විස්තරත් දැම්මනං තමයි හොඳ.

    ReplyDelete
  14. ෂා ආසාවේ බෑ මරුනේ මාරයෝ බලන් ගියාම වැඩේ ඒ තරම් අමාරු නෑ වගේ.එල ඈ තව දේවල් දාමු ඈ

    ReplyDelete
  15. ඉඳහංකො මාත් තව රෙසිපියක් දාන්න හෙට අනිද්දම.
    කාල තියෙනවද Beef Stir Fry ?

    ReplyDelete
  16. @ දිල් අක්කා.....

    ඒකත් එහෙමයි නේද..... හික්ස්....

    @ ItalyDilan

    මොකක්ද ඩිලාන් අයියේ මාරයියට ලැජ්ජා කරන්න එපා...... අර ටීවි වලත් එහෙමනේ. ඉඳලා හිටලා බැලුවත් කතා කරලා කියන්නේ "මං හැමදාම නොවරදවාම බලනවා අක්කි....." කියලා.....
    තව "අපේ ගෙදර අර තෙල්මයි ගන්නේ." "මේ බටර් විතරයි කන්නේ...." කියන්නේ.
    ඒ වගේ තමා මාර සරණියේ ප්‍රෙක්ශිකාවෝ වුන අපිත්......
    හැකිස්......

    අපි දන්නෑ අනේ මාර සරණියේ යනකම්ම.......

    ReplyDelete
  17. මේකනං මටත් හදන්න පුවවන් වගේ.

    ReplyDelete
  18. මමනම් හදන්න දන්නවා. අම්මිගෙන් තමයි ඉගෙන ගත්තේ :)))

    ReplyDelete
  19. මාත් දන්නවා.....

    ReplyDelete
  20. ඕව හදනකොට පොටෝ ගහන්න ගං ගෑණියෙක්....

    ReplyDelete
  21. මලේ .. ඔය ගැඹුරු තෙල් ගන්ට තියෙන්නෙ කොහෙද කියලත් කට්ටියට කියලා දුන්න නම් ....

    ReplyDelete
  22. මං නම් වැඩිය කැමති නෑ ඕවා කන්න.ඒත් අපේ අම්මට ඕවා හදන්න ආසාවක් ආවානෙ. ඉතිං හදන්න ඕනෙ ඉක්මනට..:))

    ReplyDelete
  23. මමත් දන්නවා.. සැමන් හරි මාළු හරි දාලා තමා හදලා තියෙන්නේ.. බලමු බිත්තරත් දාලා හැදුවාම කොහොමද කියලා... :)

    ReplyDelete
  24. කෙල ගිල ගිල බැලුවා.හදන්නම ඕනේ මාත්.ඒත් ඇයි අර පෙස්ට්‍රියට සීන දාන්නේ..පැනි රස වෙන්නේ නැද්ද එතකොට

    ReplyDelete
  25. මේක මමත් ආසම කෑමක්... කොහොම හරි හදනව....

    @ ඔබා මාම,

    මාර උපදෙසක්නෙ මාරයට දීල තියෙන්නෙ... මාරය උයන්නයි... ගෑණි පොටෝ ගහන්නයි...හික්ස්... ඔන්න මාරයෝ කරනව නම් වැඩේ අළුත් අවුරුද්දෙ....

    ReplyDelete
  26. @ Miyuru,
    ඕකත් එක්ක එන ගෑණිට ඉස්සෙල්ලම ඉසකුඩිච්චියක් දාල සනීප කොර ගන්න පුළුවන්ද බලන්න වෙයි... :-)

    ReplyDelete
  27. අම්මේ .... කටට කෙලත් ආවා බන්, ඕක කාලා රස්ණෙට ප්ලේන් ටී එකක් බීවා නම් එල.

    ReplyDelete