20 December 2011

කන්නෙලියේ යන්න හිතං ඉන්න ඔබට...

මේක මේ මීට කලින් අපි කන්නෙලි ගිය ගමන ගැන විස්තර ඇහුව කීප දෙනෙක්ගේ ඉල්ලීම මත ලියන්න යෙදෙන ඉතා කුඩා ලිපියක්...

හුගාක් ගමන් බිමන් යන්න ආස අයට තියෙන ගැටළුවක් තමා ඒ සඳහා කොපමණ මුදලක් වැය කරන්න වෙනවද කියන දේ...ඇත්තටම මට උනත් ඕක සෑහෙන ප්‍රශ්නයක්..කොයි තරම් ආස උනත් ඔහේ ගණන් හද හද ඉන්නවා කීයක් යයිද කියලා..මොකද අපි අපේ ජීවිතේ අනිත් වැඩ දාහක් අස්සේ‍නේ මේ වගේ අමතර ගමන් යොදා ගන්නේ... ඉතිං ඉඳ හිට චාරිකාවක් යනවා වගේ නෙවෙයි නිතර ගමන් යන්න ආස නම් ඒ සඳහා වැය කල යුතු මුදල් ප්‍රමාණය අවම කර ගන්න එක වැදගත් කාරණාවක්...

මං වගේම අපේ අනිත් සෙට් එකත් හම්බ වෙන තැනකින් තියෙන හැටියට කාලා ඔය කොහේ හරි වැටිලා නිදියගෙන යන්න එන්න කිසිම වෙලාවක පස්ස ගහන අය නෙවෙයි..ඇත්තටම අපේ ගමන්වල තියෙන විනෝදයත් ඒකයි...

හුගාක් ගමන් යන අයට තියෙන අවුලක් තමා ඒ ගමන් ගිහිල්ලත් ගෙවල්වල වගේ ඉන්න උත්සහ කරන එක..සමහර විට ගෙවල්වල ඉන්න විදියටත් වඩා දේවල් හොයන එක..ඒත් ගමන් යෑම පිළීබඳව මා ඇතුළු අපේ නඩය සලකන මූලිකම දේ තමා අපි යන්නේ රට තොට බලන්න කියන දේ.. ඇත්තටම නිදා ගන්න එක අපි හැමදාම කරනවනේ...බඩ පැලෙනකල් තුන් වේලට බත් කන එකත් එහෙමයි... එක දවසක් දෙකක් බත් නොකෑවා කියලා මැරෙනවයෑ... කෝච්චි ස්ටේෂන් එහෙක වැස්ස නැති කාලෙක ඉටි කොලයක් එළං නිදා ගත්ත කියලා අහස කඩං පාත් වෙනවයෑ... ඔන්න අපේ සාමාන්‍ය දැක්ම...

ඉතිං ගමන් යෑමේදී ඔය දේවල් ගැන සැලකීම අඩු කරලා තමා හුගක් වෙලාවට ගමනේ යෙදෙන්නේ..ඒත් හරි හමන් විදියට කන්න බොන්න තැනක් අහු උනොත් එහෙම කන බොන එකත්..හොඳ නවාතැන් පොලක් අහු උනාම එතන නැවතිලා නිදා ගන්න එකත් නොකරනවා නෙවෙයි..ඒත් ගමනට වඩා ඒ දේවල්වලට මූලික ස්ථානයක් දීලා වැඩ කරනවා අඩුයි...

හරි අපි එමු කන්නෙලිය ගමන ගැන අපි ගිය විදියත් ඔබ එහි යනවනං කල හැකි දේ ගැනත් කතා කරන්න...

පළමු දේ තමා ගමනාගමනය... ගාල්ලට බස් එකේ ගිහින් එතනින් උඩුගම බසයක නැගලා යන විදියටත් කරන්න පුළුවන්... ඔය විශ්ව විද්‍යාල වල ළමයි වගේ කට්ටියට එහෙම යන එක හොදයි මොකද ඒක අඩු වියදම් මාර්ගයක් හින්දා... එහෙම නැතිව වාහන තියෙන අයට ඒ ඒ වාහන වලින් යන්නත් පුළුවන්...

ගමනේ දුර ගැන කියනවනං කොළඹ සිට ගාල්ලට කිලෝ මීටර් 116 කුත්..එතැන හිටනං උඩුගමට කිලෝ මීටර් 32 කුත්.. උඩුගම සිට පනන්ගලට කිලෝ මීටර් 06 කුත්.. පනන්ගල සිට කොරලේගම පාරේ කන්නෙලිය වන රක්ෂිත පිවිසුම ගාවට කිලෝ මීටර් 02 කුත් වශයෙන් සම්පූර්ණ කොළඹ සිට ගමනට කිලෝ මීටර් 156 ක් තමා තියෙන්නේ... තම තමන්ගේ වාහනවල ඉන්ධන පිච්චෙන හැටියට ඒ ගමනට යන වියදම හදාගන්න පුළුවන්නේ...කොළඹ සිට නොවන අය තමුන්ගේ ප්‍රදේශයේ ඉඳලා ගාල්ලට දුර බලලා ගාල්ලේ සිට කන්නෙලියට ඇති කිලෝ මීටර් 40ත් එකතු කරලා දුර හොයාගෙන ඉන්ධන වියදම හොයා ගන්න... කැබ් සර්විස් එහෙකින් කතා කරං යනවනං කිලෝ මීටර් ගානට වාහනයක් කතා කර ගත්තම වැඩි අවුලක් වෙන්නේ නැහැ...

ඊ ළගට නවාතැන්...

අපි නං ගියේ උදේ ගිහින් හවස එන්නනේ..ඒත් එයිට වඩා හොදයි එක දවසක් රෑ එහෙ ගත කරන්න බලං යන එක...පළමු දවසේ දවල් එකොලහ විතර වෙනකොට එහෙට ගියානං එයාලාගේ ගමන් සැලසුම් වලින් පළමුවැන්න වෙච්ච නාරං ගස් ඇල්ල දක්වා ගමන තෝරගෙන යන්න පුවවන්..එකොළහට ගියානං හවස 5 විතර වෙද්දී ආපහු එන්න පුළුවන්.. ඒ ඇවිත් කන්නෙලිය රක්ෂීතයේ ඇති සංචාරක නිවස්නය තුල නවාතැන් ගතෑකි.. හැබැයි ඒකට කල් ඇතිව බත්තර මුල්ලේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයෙන් කාමර වෙන් කරන් යන්න ඕන...
මෙන්න ඒ සඳහා කතා කරලා විස්තර දැන ගත හැකි අංකය...

0112866631

ඔය කාමර ඒ හැටි ගණන් නැහැ..එක්කෙනෙකුට රුපියල් 250ක් වගේ තමා වැටෙන්නේ... ඒ වගේම හොදින් පිරිසිදු කරන ලද ඇඳ ඇතිරිලි සඳහා රුපියල් 10කුත්.. කොට්ට උර සඳහා රුපියල් 5 කුත් ගෙවලා ඒවත් ලබා ගත හැකියි.. අපි යන ගමන් හාල් එළවළු ආදිය අවශ්‍ය ප්‍රමාණයට ගෙනිහින් දුන්නම එයාලා උයලා දෙනවා..ඒ සඳහා එක් අයකුට ගෑස් වියදම ලෙස රුපියල් 10 ක් වගේ තමා අය කරන්නේ.. එහෙම බැළුවම එක් කෙනෙකුට රාත්‍රියක් ගත කරන්න රුපියල් 300 ක්වත් වැය නොවන තරම්... අවශ්‍ය ඕනෑම ආකාරයකට කාමර වෙන් කර ගත හැකියි..ඇඳන් 02 කේ සිට ඇඳන් 05 දක්වා කාමර තියෙනවා... දැන ගත් ආකාරයට කිසිම අවුලක් නැති ඉතාමත් සුපිරිසිදු තත්වයේ ඇති කාමර හා ඒවාටම සම්බන්ධ නානකාමර... බය නැතිව කැත නැතිව නැවතුනෑකි.

පලවෙනි දවසේ නාරංගස් ඇල්ල දක්වා බලලා ඇවිත් හොදට නාලා කාලා රෑටත් පහලට බසින සතුන් එහෙම බලලා නිදාගෙන පහුවදා පාන්දරම ඇහැරුනානං උදේම නැවතත් කුරුල්ලන් සතුන් එහෙම බලලා දවස පටන් ගන්න පුළුවන්..උදේ හතෙන් පස්සේ ඒ දේවල් බලන්න ලේසි නැහැ.. ඒ හින්දා පහට වගේ අවධී වෙලා ඒ දේවල් බලලා උදේ අට විතර වෙද්දී කම්බලේ කන්ද මාර්ගයේ ගමන යොදා ගත්තනං හවස තුන හතර වෙද්දී ඔබේ චාරිකාව නිමා කලෑකි...

ඊට පස්සේ තියෙන්නේ ආපහු එන්න තමා...ඔය විස්තර ටික ඇති නේද කවුරු හරි එහෙ යන්න හිතං ඉන්න කෙනෙකුට ගමන් වියදම් හදා ගන්න... අපේ වියදං ගැන කියනවනං කාර් එකට තෙල් ගහන්න ගිය වියදම ඇරුනම...ඒක මං හරියටම දන්නේ නැහැ..ඒත් රුපියල් හාර දාහකට ආසන්නයි කියලා තමා හිතන්න වෙන්නේ..ඒත් කාර් එකේ පස් දෙනෙක් ගිය හින්දා හාර දහ මගී සංඛ්‍යාවෙන් බෙදුවම එක්කෙනෙකුට අටසීයක්වගේ වෙලා ඇති...

කෑමටනං අපිට වියදමක් උනේ නැති ගානයි... උදේට බනිස් කාලා..දවල්ට පරිප්පුයි සීනි සම්බලුයි එක්ක පාන් කාලා මොන වියදමක්ද..? වේල් දෙකටම දාහක්වත් යන්න නැතිව ඇති...

ටිකට් වලට එක්කෙනෙකුට 28 ගානේ පස් දෙනාට 140යි..මාර්ගෝපදේශක ගාස්තුව 500 යි... තව ඉතිං මාර්ගෝප දේශකතුමාට හිතේ සංතෝසෙන් දෙන දෙයක් තමා... එහෙම බැළුවම අපි පස්දෙනාට කන්නෙලි ගිහින් එන්න 6000ක් වගේ තමා වියදම් වෙලා තියෙන්නේ උපරිම... ඒ කියන්නේ එක්කෙනෙකුට රුපියල් 1200ක් වගේ... ඒක ඒ හැටිම නරක නැහැ නේද..?

ඔය කියපු විස්තර අනුව තම තමන්ගේ අවශ්‍යතා සලකා බලා ගමන යොදාගන්න... වියදම් හදා ගන්න... පරිසරේ කන්නේ නැතිව ලස්සන ගමනක් ගිහින් එන්න...

කන්නෙලි ගමනට පස්සේ ගිය යාපහුව/රැස්වෙහෙර/නිල්ලග්ගම/කයිකාවල ගමන් විස්තරයත්..ඊටත් පසුව ගිය රිටිගල/අනුරාධපුරේ/තන්තිරිමලේ/ ගමන ගැනත් ‍විස්තර හා මේ වගේම විය හියදං ගැනත් මං ඉස්සරහට සටහනක් යොදන්නං.. ඒ වගේම ඉදිරි දවස්වල යන්න හිතං ඉන්න මීමුරේ/යාපනේ/පාසිකුඩා/බදුලු බණ්ඩාරවෙල/හෝටන්තැන්න/විල්පත්තු/උඩවළවේ/පානම/ වගේම නැගනහිර වෙරළ තීරයේ බොහෝමයක් තැන් ගැනත් ඒ වගේම විය හියදම් සහිත විස්තරයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමුගන්නා මා...
-සංචාරක මාරයා...

32 comments:

  1. අද දවසට දෙවෙනි පාරටත් එක.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්...

    ReplyDelete
  3. සංචාරක මාරයා උනාට කමක් නෑ සංචාරය කරන අයගෙ මාරයා වෙන්නේ නැතුව :D
    අපිත් ට්‍රිප් යනකොට ඔය නවාතැන් ගැනනං හොයන්නෙ නෑ. හෝර්ටන් තැන්නෙනං දෙපාරක් රෑට නැවතිලා හිටිය සර්කිට් බංගලෝ එකක. මතකනෙ අර ගෝන.

    ReplyDelete
  4. ඇහ් අයියා ලංකාවේ දුර මනින්න පටන් ගත්තදැ???? අපි ඉතිං කවදා යන්නදැ අයියණ්ඩි......... බලමුකෝ.......

    ReplyDelete
  5. කොහොමත් ට්‍රිප් ගිහින් ගෙදර වගේ සැපට ඉන්න ඕනේ නම් කරන්න තියෙන හොඳම දේ ට්‍රිප් එක නොගිහින් ගෙදරට වෙලා ඉන්න එක :))

    ReplyDelete
  6. සංචාරය මගෙත් හොඳ විනෝදාංශයක්....
    අපිත් උඹල වගේ තමයි, ලොකු ලොකු දේවල් හොයන්නේ නැහැ
    තියෙන හැටියකට කාල වැටිලා ඉඳල එනවා
    යනගමනෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න එක තමයි අරමුණ වෙන්න ඕනේ

    ReplyDelete
  7. ඔය විස්තර ටිකම මමත් අහන්න කියලයි හිටියේ! දැන් හරි එකත්!

    ReplyDelete
  8. මාර මිනින්දොරැවෙක්නේ.නරකද ඔය ජොබ් එකෙන් ඒකට මාරැ වුනා නම්.
    ආ යනවනම් තව ක්‍රමයක් තියෙනවා.පිටකොටුවෙන් උඩුගමටම යන්න පුළුවන් එක බස් එකෙන්.මගේ හිතේ දවසකට යන්නේ බස් 5ක්වගේ. ඕන් එයින් එකක ගියොත් පැය 4න් වගේ උඩුගමට යන්න පුළුවන්ලූ.

    ReplyDelete
  9. සැපට කාල බීල ඉන්න බැරිනම් ට්‍රිප් යන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete
  10. බොහෝම ස්තුතියි. "මාර චාරිකා උපදෙස්". අංක එක

    ReplyDelete
  11. ට්‍රිප් එකක් ගිහින් ගෙදර වගේ ඉඳල ෆන් එකක් නෑ.

    @බට්ටි : පිටකොටුවෙ ඉඳන් උඩුගම යන බස් එක ගාල්ලෙන්ද යන්නෙ? එහෙමනම් ඒක ගාල්ලට එන්නත් පැය 4 ගන්නව.

    ReplyDelete
  12. ජනවාරි මුල ගාල්ල මාතර පැත්තේ යන්ඩ තමයි හිතන් ඉන්නේ....

    ReplyDelete
  13. මම අහලා තියන එකට උත්තරේ හම්බ වෙලා තියෙන්නෙ ...
    තැන්කූ ඈ ......

    ReplyDelete
  14. හොඳ විස්තරයක් යන්න ආසාවෙන් ඉන්න අයට . මටත් යන්න බැරි උන තැනක් . ස්තූතියි .

    ReplyDelete
  15. //එහෙම බැළුවම එක් කෙනෙකුට රාත්‍රියක් ගත කරන්න රුපියල් 300 ක්වත් වැය නොවන තරම්...//

    පැණි හඳට, එහෙමත් නැත්තං හොර පැණි හඳේ යන කට්ටියටත් හොඳ තැනක්ද?

    ReplyDelete
  16. @සමනල් පැටියා
    නෑ ඒවා ගාල්ල පැත්තෙන් නෙවෙයි යන්නේ. පැලවත්තේ පැත්තෙනුත් යනවා තව හික්කඩුවට ගිහින් බද්දේගමට ගිහිල්ලත් යනවා.

    ReplyDelete
  17. පරිසරේ කන්නේ නැතිව ලස්සන ගමනක් ගිහින් එන්න...- මේක අතිශයෙන්ම වැදගත්.

    ReplyDelete
  18. කන්නෙලියෙ බ්ලොග් ලියන්නිය මල්ලෙන් එළියට පැන ඇති සෙයක් පෙනේ නොපෙනේ....

    ReplyDelete
  19. කන්නෙලිය යන අතරම කොට්ටව කෑලේ පෑත්තටත් රවුමක් දාන්න පුලුවන්.....එතනත් මරු ස්පොට් එක...

    ReplyDelete
  20. @ බට්ටී : ඒක තමා. උඩුගම - කොළඹ බස් ගාල්ලෙන් යනව මමත් දැකලා නෑ.

    ReplyDelete
  21. හ්ම්ම් මමත් ආසයි ගමන යන්න. හිහි. එත් තාම කොහෙවත් ගිහින් නම නැහැ. ඉස්සරහට බලමුකෝ..

    ReplyDelete
  22. ඔබා මලයගෙ කතාවෙ නම් ගනිච්චියක් තියෙනවා වාගෙ ....

    ReplyDelete
  23. පිට කොටුවෙන් තියන උඩුගම බස් එකක යන්න ගියොත් කන්නෙලියට යන්න වෙන්නේ රෑට නවතින්න බලාගන තමයි. උඩුගම පනංගල පැත්තේ බස් සර්විස් එකත් අති විශිෂ්ට හින්දා උඩුගම කොලබ බස් ගැන බලා ඉන්නේ නැතුව පාන්දර නැගිටලා ගාල්ල පැත්තෙන් ගියොත් පැය හය හතකින්වත් යන්න පුළුවන් වෙයි. එන ගමන් මේ නත්තල් දවස් වල හිනිදුම කල්වාරි දෙවස්තානයත් බලාගන එන්න පුළුවන්.

    ReplyDelete
  24. ඔය තියෙන්නෙ යන අයට ඕනි කරන උපදෙස් ටික එල පහට !

    ReplyDelete
  25. ගොඩක් ස්තූතියි අයියේ මේ විස්තර දැම්මට..

    ReplyDelete
  26. // ඔබා මලයගෙ කතාවෙ නම් ගනිච්චියක් තියෙනවා වාගෙ .... //

    "ඔබා මලයගෙ"..!!?? හපෑයි, ඔබා මේක දැක්කොත් විනාසයි.... :D

    ReplyDelete
  27. අනේ ඇත්තටම මම ගිහිල්ලත් නැහැ කන්නෙලිය.. විස්තර කියෙව්වට පස්සේ යන්න ආස හිතුන..ඒ ගැන නොදන්න අයව දැනුවත් කලට ගොඩක් පින්.

    ReplyDelete
  28. බුදු අම්මෝ... "සංචාරක මාරයා"...?
    ඒ පාර මාරයා සංචාර කරන්නත් පටන් අරන්ද?
    අපි මේ සැනසිල්ලේ හිටියා මාරයට තව දුරය් කියලා. බලද්දි දැන් කිට්ටුවටම ඇවිත්.

    ReplyDelete
  29. @ බුරා,
    මොකෑ බොලේ ඒ?

    ReplyDelete
  30. නෑ ඉතිං  අපි වුනත් ඔබාට ඔබා අයියා, ඔබා අයියා කියනවා මිසක්.. හරිනං ඉතිං අර බුද්ධියා වගේ බුන්ටා සීයා කියලා තමා කියන්න ඕන, ඒත් ඉතිං වයසක මනුස්සයාගෙ හිත රිද්දන්න ඕන්නැති නිසා ඔබා අයියා කියනවා.. දැන් මේක දැකලා ඔබා උඩ ගිහිල්ලා මට බුරා අයියා කිවුවොත් එහෙම.. :p

    ReplyDelete
  31. තැන්කියු වේවා...

    ඒ වගේම නවතින්න බලාගෙන යන්න ඉන්න අයට තව ආරන්චියක් දෙන්නම්... බොහොම ලඟදිම මේ වගේ වන සංරක්ශිත වල තියෙන සමහර බංගලා බුක් කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්ම ගෙදර සිට කර ගත හැකි වේවි...

    ReplyDelete