31 December 2011

පිස්සු නැත්තං ෂෝක්...

වෙලාව උදේ හය හමාරයි... ඊයේ හවස හයට විතර මං වැඩට ආවේ..මේ කරන්නේ මේ අවුරුද්දේ අන්තිම රාජකාරී මුරය... පොතේ හැටියටනං අද උදේ අට වෙනකොට මං ඩියුටිය ඉවර කරලා ගෙදර යන්න ඕන..ඒත් මගේ අනිත් සගයා අද තව වැඩි පුර පැය බාගයක් හෝ පැයක් පමණ ප්‍රමාද වෙලා එන්නද කියලා ඊයේ හවස ඇහැවුවේ ගෙදරට හාල් පොල් මුට්ටි වගේ දේවල් ටිකක් ගෙනත් දාලා එන්න ඕන කියලයි.. හෙට අළුත් අවුරුද්දේ කිරිබත් උයන්ට...

මං ඉතිං ඒකට හා කියලා කිව්ව හින්දා අද නවය වෙනකල්වත් අදින්න වෙනවා... ඒ කියන්නේ වැඩ අතරෙම උදේම මොනවා හරි ලියලා දාන්න වෙලාව තියෙනවයි කියන එකයි...

ගත වෙච්ච අවුරුද්ද ගැන හැරිලා බලන්න දෙයක් නැහැ..ඒක හොඳයි... හොඳටම හොඳයි... මං හිතන්නේ සෑහෙන කාලෙකින් මං සතුටෙන්ම හිටිය අවුරුද්දක්..හෙනට කලබල අවුරුද්දක්... ගිය අවුරුද්ද ඇතුලත පදිංචිය දෙපාරක් වෙනස් කරන්නත්... අළුතින් ආදායම් මාර්ගයක් ඇති කරගන්නත් පුළුවන්කම ලැබුනා...ආදායම හොඳ පැත්තට එනකොට කලින් කරගෙන ඇවිත් හිර වෙලා හිටිය පිං අතේ වැඩ දෙකක් හිතේ හැටියට ගොඩ දාන්නත් පුළුවන්කම ලැබුනා.. ඒ මදිවට අවුරුද්ද අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා නොනවතින චාරිකා කිහිපයක අත්දැකීමත් හරහා අමතක නොවන අන්දමට වසර අවසන් කරන්න ලැබුනා...

ඒ හැම දේටමත් වඩා මේ වසර වැදගත් වසරක් හැටියට හිතේ රැඳිලා හිටින්න මට උදව් කල මගේ හිතවතුන් කිහිපදෙනා සිහිපත් කරන්නත් ඕන..ඔවුන් නිසා වසරේ අවසන් කාලය බොහෝමත්ම සුන්දර කාලයක් උනා. ඒ වගේම ඒ හැමදේකටම මුල් උන මගේ හිතමිතුරිය..මේ බ්ලොග් අවකාසේ හරහාම ඇති වූ මිතුදම මාව හුගාක් වෙනස් තැනකට අරං ගියා කිව්වොත් නිවැරදියි... මට වගේම අම්බානකට යකා නගින කෙනෙක් උනත්..මට කේන්ති යන වෙලාවට ඒක තේරුම් අරං නොකර සද්දෙන් මං කියවන දෙයක් අහගෙන ඉන්නත්..ඊට පස්සේ වෙලාවක අල්ලගෙන හොඳටම දෙහි කපන්නත්... බූරුවා.. මීමා.. වගේ සුන්දර නම් වලින් නිතරම මා අමතන්නත්... පොඩ්ඩ වරදිනකොට හිටු කියලා බනින්නත්.. මොනවට හරි තද උනාම මාව බුකියෙන් අහක් කරලා කතා නොකර ඉන්නත්.. පස්සේ ආයෙම එකතු කරගන්නත් ආදී වශයෙන් දාහකුත් එකක් ගෝරනාඩු අස්සේ හැමදාමත් සුහදතාවය ආරක්ෂා කරගෙන අනිත් උන් ටිකත් එක්ක මං පොඩ්ඩ ඇත්නං දාගන්න වලි වලදි මැදට වෙලා බේරුම්කාරිණියක් විදියට කටයුතු කරන්නත් සමත් නුඹට දහස් වරක් ස්තූතියි...

ඒ වගේම පසුගිය වසර පුරාවටම මගේ පාළුව නැති කර ගන්න මං ඔහේ ලියාගෙන ගිය මේ බ්ලොග් එක කියවමින් ඒ ඒ අවස්ථාවලදී සුදුසු පරිදි ප්‍රතිචාර දක්වමින් මගේ දුක සැප බෙදා හදාගත් සමස්ථ සිංහල බ්ලොග් රචකයින් හා කියවන්නන් සියළු දෙනාටමත් බොහෝමත්ම ස්තූතියි...

හරි දැන් ඒ කතා ඉවරයි..ඕනනං අසා සිටි ඔබ සැමට ස්තූතියි කියලත් කිව්වා කියලා හිතා ගන්න...

එතකොට අළුත් අවුරුද්ද.. ඔව් ඒකත් හෙට ඒවී.. ඔය පහුගිය අවුරුදු වගේම ඔහේ ගෙවිලා යාවී... ලබන අවුරුද්දේ දෙසැම්බර් අවසානයෙත් මං ජීවත් වෙලා හිටියොත් සහ සිංහල බ්ලොග් අවකාශයේ හිටියොත් මේ වගේම ලිපියක් ලියාවි... ඔච්චරයිනේ... ඊට වඩා වෙන මොනවද..?

ආ තව එකක් මෙච්චර දවසක් යනවා යනවා කියලා හිතං හිටියට යා ගන්න බැරි උන මගේ මෝටර් සයිකල් චාරිකාව...යාපනය බලා ගමන නම් ලබන ජනවාරි මාසයේ යන්නම තමා හිතං ඉන්නේ.. ඒ හින්දම ඔන්න ඊයේ දවාලේ බයිසිමොටෝ එකට දුන්නා හොඳ සාත්තුවක්... පහුගිය දවස්වල තිබුන පොඩි පොඩි ලෙඩ ටික ගැන හොයලා බලලා ඒවා හදලා කරලා සර්විස් පාරක් දීලා... ඒ මදිවට දුම් පරීක්ෂාවත් කරලා අළුත් අවුරුද්දට ලැයිසොම එහෙමත් අරගෙන ආවා..කොහොම හරි ඊයේ දවසට ගෙඩි රුපියල් හත් දාහක් විතර මේකට යට කොලා... ඒත් දැන් හිතට පොඩි ෆිට් එකක් තියේ..හිතුනොත් අද හෙට යනවා පංචිකාවත්ත පැත්තේ බයික් එකට හයි කරන්න පොඩි පෙට්ටි කෑල්ලක් හොයා ගන්න.. ඒකත් හරි ගියානං කොල්ලා ගොඩ... දැන් එතකොට තියෙන්නේ මගේ සගයත් එක්ක කතා බස් කරලා දවස් තුන හතරක නිවාඩුවක් හදා ගන්න තමා...

ඒත් ඉතිං එකම එක අවුලක් තියේ... ඒ තමා ඉහලින් එන තර්ජන...

"තෝ අපිව දාලා තනියම යාපනේ ගියොත්..අපි තෝව දාලා යනවා ට්‍රින්කෝ.."

ඔන්න තියෙන අවුල.. ඔයාලා අහලා තියෙනවා නේද අර පිස්සන්කොටුවේ කිතුලට නැග්ග පිස්සට වෙච්ච දේ..? අර දවසක් පිස්සෙක් පිස්සන් කොටුවේ තිබුන කිතුලට නැගලා ඒකෙන් බහින්නේ නැති වෙලාවේ එතනට ආව රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින්..හෙද හෙදියන්.. නෙවෙයි අවසානයේ දොස්තරලත් කොච්චර කිව්වත් පිස්සට බහින්න කියලා..පිස්සා නෙවෙයි බැස්සේ..ඒත් ඔය අතරේ එතනට ආව එක පිස්සෙක් පොරවකුත් අරං ගහ කපන්න කලින් බැහැපිය කියලා එක පාරයි කිව්වේ අර උඩ හිටිය පිස්සා කෙලින්ම බිමට බැහැපි.. අවසානයේ ඔය ගැන අහපු දොස්තර කෙනෙකුට අර පිස්සා කියලා තිබුනේ "සර්ලා වගේද සර්..අරූ පිස්සෙක්නේ.. ගහ කපන්නම ඉඩ තියෙනවා" කියලයි...

එතනනං පිස්සව ෂුවර් නැති හින්ද අරූ බිමට බැස්සා කියමුකෝ.. ඒත් මෙතනදීනං පිස්සු නැතත් අර ආව තර්ජනේ ගැන පොඩි සැකයක් තියෙනවා...

38 comments:

  1. මං එක. ලකී තාම නිදි වගේ. :D පව්.

    ReplyDelete
  2. සුභ නව වසරක් ! ..ඔබතුමාලගේ අනාවැකි සාස්තරේට පේන්නේ නැද්ද 2012 ලෝක විනාශය ගැන එහෙම , සහ මම දෙක .

    ReplyDelete
  3. ලබන්නා වූ නව සුපයෙන් හා චාරිකාවෙන් සපිරුණු සුභ නව වසරක් වේවා. තවද ඔබා මාමාගේ උපදෙස පරිදි, ෆොටෝ ගන්ට නෝනාව ගෙදරට ගෙන්වා ගන්ට ලැබේවායි පතමි..

    ReplyDelete
  4. ලුකී අයියාට අද 4 වෙනි තැනත් අහිමි උනා ඕන්

    ReplyDelete
  5. සුභ ලෝක විනාසය..... අහ් නෑ නෑ වැරදුනා! සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  6. සාමය සතුට පිරි කෑම බීම වලින් උතුරණ සුභ නව වසරක් වේවා....!

    ට්‍රිප් ගැන නම් කතා කරන්න එපා.....! ගෙදර ට්‍රිප් එක ගියත් බය හිතෙනවා කවුරු කවුරු තරහා වෙයිද කියලා...!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා මාරයියේ!

    ReplyDelete
  9. මාරයාට සුබ අලුත් අවුරුද්දක් වේවා !
    යාපන ගමන වගේම ලබන අවුරුද්දෙ හැම ප්‍රර්ථනාවක්ම ඉටුවෙන්න කියල පතනවා.

    ReplyDelete
  10. සාමය සතුට පිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා මාරයියේ!

    ReplyDelete
  11. ඕං එහෙනම් මමත් සුභ පැතුවා.

    මාර සරණිය පිරි..මාර දේශාටන පිරි..මාර සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  12. .
    අපිට ජීවිතේට සවියක් දෙන්න , හරි වැරදි කියා දෙන්න ,,අපි තනි වෙලා නැ කියල හිතෙන්නෙ තමන් ලඟ හිත්වත් කෙනෙක්, ආදරේ කරන කෙනෙක් ලඟ ඉන්න කොට .
    ඔබ ඒ වාසනාව ලබල තියනවා. මේ වසර වගේම නව වසරත් ඔබට වාසනාවන්ත වසරක් වේවායි ඉත සිතින් පතනවා!

    ReplyDelete
  13. සුභ අළුත් අවුරුද්දක් වේවා අයියේ

    ReplyDelete
  14. යහපත් බලාපොරොත්තු ඉටුවේවා!

    ReplyDelete
  15. යහපත් බලාපොරොත්තු ඉටුවේවා...!

    ReplyDelete
  16. ලබන්නා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි....එලම කිරි....ෆ්‍රෙශ්ම ෆ්‍රෙශ් සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  17. මාර පැතුම් ඉටුවන සුභ අළුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  18. සුභම සුභ අව්රුද්දක් වේවා මාරයියේ..

    ReplyDelete
  19. බයිසිකලේ යාපනේට . . . ??? හ්ම්ම් නරකම නෑ . . . .
    බයික් එකේ ගමනක් යද්දි පරිස්සං වෙන්න ඕනෙ සාධක 3ක් තියනව . . හොඳට හිතේ තියාගනිං
    1. වැල්ල
    2. බල්ල
    3. කෙල්ල
    දුර ගමනක් යද්දි ඔය 3න් එකක් හරි හරහට හිටියොත් විනාසයි

    උඹට ලබන්නාවූ 2012 අවුරුද්ද යහපත් පැතුම් ඉ‍ටුවන සුභම සුභ අවුරුද්දක් වෙන්නයි කියල පතනව

    ReplyDelete
  20. කෑමෙන් ජය වෙන සුභ නව වසරක් වේවා කිව්වා අයියේ...

    ReplyDelete
  21. යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  22. සුභ නව වසරක් වේවා මාරයෝ...!!!!

    ප.ලි.
    @ ***
    මෙච්ච්ර ගුණ කථනයක් කරල තියෙන එකේ නිකමට ස්තූතියි කියල පල..හපොයි.. මෙහෙමත් මිතුරියො...:P

    ReplyDelete
  23. කට්ටිය මොකද එක දෙක ගාන්නේ..... මං තරඟෙට ආවොත් කැලේ දැන් අන්තිම උනාට..... නැද්ද මාරයියා..... හික්ස්.......

    එහෙනම් වැඩි වැඩියෙන් රට පුරාම යන්න ‍ලැබෙන පාටයි අළුත් අවුරුද්දෙත්....

    ReplyDelete
  24. බයික් ගමන් පරෙස්සමින්.
    සුභ අළුත් අවුරුද්දක් වේවා මාරයියට.

    ReplyDelete
  25. හැපි නිවු ඉයර්... යාපනේ යන්න කලින් ගෙට්ටුවට ගාල්ලෙ එන්නෙ නැතෑ... ??

    ReplyDelete
  26. එහෙනං ඔන්න හැපි නිව් ඉයර් කීවා........., ගිහිලලා එන්ඩ යාපනේ අපිටත් බලන්ඩ පොටෝ ටිකකුත් අරගෙන........ ජයවේවා.

    ReplyDelete
  27. සියළු පැතුම් මල්පල ගැන්වෙන සුභම සුභ නව වසරක් වේවා මාරයියේ

    ReplyDelete
  28. 2012 මාරයාගේ අවුරුද්ද... :D ජයෙන් ජයම වේවා...!!!

    බයික් එකේ උපදෙස් මාලාවට මේකත් දාගන්න...

    "හරක් පුකෙන්, බලු ඔලුවෙන්"

    තේරුම : පාර හරහා හරකෙක් පනිනවා නම් බයික් එක හරකගේ පිටිපස්සෙන් දාන්න..ඌ අනිවා කඩාගෙන පාර පනිනවා... බල්ලෙක් පනිනවා නම් බයික් එක උගේ ඔලුව පැත්තෙන් දාන්න.. බල්ලා අනිවා ආපහු හැරෙනවා...

    ReplyDelete
  29. යාපනේ බැරි නං ඕන තුත්තුකුඩියක ගිහින් වරෙං, හැබැයි මේ දැන් හිතා ගත්ත, ඕනයයි මායි, 'නැගෙනහිර' යනකොට උඹව ඩ්‍රයිවර් වැඩේටවත් එක්ක යන්නෙ නෑ කියල.




    "Happy New Year...!!!"

    ReplyDelete
  30. මාරයියටත් සුභ සුභ අලුත් අවුරුද්දක්....! හ්ම්ම් අර වගේ යාලුවෙක් ඉන්න එක නම් ගොඩක් වටිනවා.....

    ReplyDelete
  31. සුබ නව වසරක් වේවා....!!

    බයික් එකේ ගමන පරිස්සමින් ගිහිං වරෙන්, ජය වේවා

    ReplyDelete
  32. මාරයියට සුභ නව වසරක් වේවා..එසේම සුභ ගමන් මාර චාරිකාවට... :D

    ReplyDelete
  33. නව වසර සුබ වේවා.!!

    @ඕනයා,

    බයික් එකේ ගමනක් යද්දි පරිස්සං වෙන්න ඕනෙ සාධක 3 වගේම පරිස්සං කරගන්න ඕන සාධකේකුත් තියෙනවා නේ.. ඇයි *ල්ල..!?

    ReplyDelete
  34. සුභ නව වසරක් වේවා අයියේ..

    අපිට තව කෑම වට්ටෝරු ටිකක් මාර සරණියෙන් දකින්න ලැබේවා!!!

    ReplyDelete
  35. යාපනේ කියන්නෙත් මහා ලොකු දුරක් ද? ඔන්න ඔහේ ගිහින් එන්න මාර අයියා. මටත් බයික් එකේ නම් යාපනේ යන්න බැරි උනා. ඒත් ට්‍රින්කෝ නම් ගියා. දවසක යාපනේත් යන්න ඕනේ ගිහින් ඇවිත් විස්තරේ කියන්නකෝ. සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  36. @Buratheno - අනිවා , විශේෂයෙන්ම බයිසකලේ පල්සරයක් නම්

    ReplyDelete
  37. මාත් එහෙනම් .. ඔන්න මාර විදිහටම සුබ පතනවා.
    ''මාර විදිහටම තවදුරටත් අනුන්ට උපකාර කරමින් වැඩ වාසය කිරීමට මේවසරෙත් ඉඩ කඩ ලැබේවා''

    ReplyDelete
  38. පරිස්සමෙන් ගමන ගිහින් ඇවිත් බ්ලොග් එකේ විස්තර දාන්න.මම ඔය වගේ දවස් ගනන් පිට හිටියොත් මගේ කේන්දර රස්සාව හබක්..

    ReplyDelete