28 December 2011

බිත්තර රොටී වගේ රොටී...

හරි බොහෝම කෙටියෙන් කියන්න යන්නේ බිත්තර රොටී හදන විදිය.. ඊට කලින් කියන්න ඕන අපි කඩෙන් කන බිත්තර රොටියට වඩා මෙව්වයේ හැඩේ සහ තවත් සුළු සුළු වෙනස්කං ටිකක් තියෙනවා.. ඒත් ඇත්තටම කඩේ තියෙන බිත්තර රොටී වලට වඩා උපරිම රසයි මේක.. හරි අපි බලමු මුලින්ම රොටිය සාදා ගැනීම ගැන...

පාන් පිටි ග්‍රෑම් දෙසිය පණහයි...
සීනි තේ හැන්දයි...
ලුණු තේ හැදි බාගයයි...
පොල් තෙල් හෝඑළවළු තෙල් මේස හැදි තුනක්..වතුර කෝප්ප තුන් කාලක් පමණ...

මුලින්ම කරන්න තියෙන්නේ පාන් පිටි ටික පෙනේරයක් ආධාරයෙන් හොඳින් හලා ගැනීමයි.. ඊට පස්සේ පිටි ඇනීමට සුදුසු භාජනයකට පිටි ටික දාලා..එයට ලුණු කුඩු හා සීනි එකතු කර හොදින් මිශ්‍ර කිරීම කල යුතුයි. ඊටත් පස්සේ තෙල් ටිකත් එකතු කර පදම බලමින් ටිකෙන් ටික වතුර එකතු කරමින් අතේ නොඇලෙන හා මෘදු ස්වභාවයකට එන තෙක් පිටි ටික හොදින් අනා ගැනීම කල යුතු වෙනවා...හොඳින් ඇනුන පසුව එම මෝලිය වටා හොදින් පොල්තෙල් තවරන්න ඕන.. හොදින් ඇනුන පිටි ගුලිය ලන්ච් සීට් එකකින් වසා තැබිය යුතුයි..

නියම විදියටනං එහෙම පැය දෙකක්වත් තියන්න ඕන.. එයින් පස්සේ නැවතත් අතේ තෙල් ස්වල්පයක් තවරගෙන අර පිපිලා තියෙන පාන් පිටි මෝලිය කුඩා කැබලිවලට කඩමින් ඒවාත් ගුලි කල යුතුයි.. මේ තියෙන්නේ එහෙම කොටස් කර ගත්ත පාන් පිටි කොටස්..හැබැයි මේවෑ නියම ෆිනිෂ් එක නැහැ..ඒකට හේතුව මං ඔය පාන් පිටි මෝලිය පදම් වෙන්න ඒ හැටි කාලයක් තිබ්බේ නැති එකයි..හරියටම පැය කාලෙන් මං මෝලිය කැඩුවා... මොකද හදිසි හින්දා...

ඉතිං එහෙම කෑලි කඩලා වෙන් කරපු ගුලි වලත් හොදින් මතු පිට තෙල් තවරන්න ඕන..එහෙම තවරලා ඒ කුඩා ගුලි ටිකත් තව පැයක් එක හමාරක්වත් තියන්න ඕන පිපෙන්න සහ පදම් වෙන්න..


හරි පිටි සකස් කිරීමේ මූලික කටයුතු ඉවරයි..දැන් අපි යං බිත්තර සකස් කරන්න... ඔය පහත තියෙන්නේ පේනවනේ..

බිත්තර දෙකයි..
කැරට් අලයයි..
ලීක්ස් ගහයි..
මාළු මිරිස් කරල් දෙකයි..
රතුළුණූ ගෙඩි දෙකයි..
සුදු ළුණු බික් තුනයි.
කහකුඩු තේ හැදි කාලයි..
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයයි..
ලුනු කුඩු තේ හැදි බාගයයි..
පහේ කුඩු තේ හැදි කාලයි.

ඔන්න ඔය ටිකෙන් බිත්තර ටික ගසාගෙන අනිත් දේවල් එයට එකතු කල යුතුයි..එළුවළු සහ ළුණු ආදිය සිහින්ව ලියා ගත යුතු බව කියන්න දෙයක් නැහැනේ...
හරි වැඩේ එච්චරයි... පිටි ගුලි ලෑස්තියි..බිත්තර මිශ්‍රණය ලෑස්තියි... දැන් තියෙන්නේ හදන්ට... අපි ගාව නැහැනේ අර කඩවල් වල වගේ හිතේ හැටියට රොටිය කරකවලා ගන්න තරං ලොකු ඇළුමීනියම් තහඩු ගහපු මේස..නැත්තං අපිටත් තිබුනා එහෙම කරකෝලා අරං හීනියට ගෝදම්බ රොටිය හදාගන්ට..මං ඔය කලින් හිටිය තැනේදි නං ඇළු මීනියම් සීට් අඩි තුනක් ගෙනත් කොන්ක්‍රීට් මේස ලෑල්ලකට හයි කරලා තිබුනා රොටී ගහන්ටම කියලා... ඒත් දැන් ඉන්න තැන එහෙම නැති හින්දා කලේ ලොකු සාස්පාන් පියනක තෙල් ගාලා ඒක උඩින් අර පිටි බෝලයක් තියලා අතින්ම තලලා ටිකක් තුනීකරලා රොටිය හදපු එකයි.. ඒත් ඒක කඩේ ගෝදම්බ රොටිය තරං තුනී වෙන්නේ නැහැ..ඒක අවුලක් කරගන්න එපා..

කරන්න තියෙන්නේ පුළුවන් තරමට තුනී කරලා ඒ මැදට අර හදා ගත්ත බිත්තර මිශ්‍රණයෙන් කොත ගහලා පුරෝපු මේස හැන්දක් අරං තියලා..පට පට ගාලා හතර පැත්තෙන් නවලා වහන එකයි... එතකොට නිකං ලොකු පිටි බෝලයක් වගේ පෙනුනත් ඒකත් ගණන් ගන්ට එපා.. දැන් කරන්න තියෙන්නේ තැටියක් රත් වෙන්ට තියලා ඒකටත් තෙල් ස්වල්පයක් ඉහලා ඒ තැටිය උඩින් අර හදාගත්තු පුරෝපු පිටි බෝලේ තියලා ඒක තැටිය උඩ තියෙද්දිම අතින් තලලා හරි ගස්සන එකයි.. රොට්ය පිච්චිලා හයි වෙන්න කලින් රත්වෙන තැටිය උඩදිමී අපිට පුළුවන් ඒක තලලා තුනී කරගන්ට...ආන්න එහෙම ගානට තුනී කර ගත්තාම කිසිම අවුලක් නැතිව අපිට ඔය පහත තියෙන ආකාරයේ රොටී හදාගන්ට පුළුවන්...හොඳිට දෙපැත්තම කර උනාම රොටී දෙක තුනක් එකට හේතුතු කරලා කෙලින් අතට තියලා පැත් ටිකත් රත් කර ගත්තාම නියමෙටම හිටිනවා... වැඩේ අති සාර්ථකයි... මං ඔය කියාපු ප්‍රමාණයෙන් එළවළු යොදපු හොඳ සරුසාර බිත්තර රොටී හයක් හැදුවා... එයින් දෙකක් කෑවම එක්කෙනෙකුට වේලකට හොඳටම ඇති...
පේනවා නේද හරහට කැපුවම තියෙන ලස්සන...ලස්සන වගේම තමා රසෙත්..උපරිමයි...
එහෙනං ඔන්න හදලා බලලා අපිටත් කියන්ට ඈ...

35 comments:

  1. රස කෑමක්..හික්ස්..බිත්තර..:D

    ReplyDelete
  2. රස වෙන එක අහන්න දෙයක්යැ... කඩවල්වල දාන්නෙ නිකන් බිත්තරයක් විතරනෙ....

    බිත්තරෙයි පිටි ගුලියයි...

    මේක මරු....

    ReplyDelete
  3. මාරයිනේ, හොදි ඕන නෑ වගේ.

    ReplyDelete
  4. කඩෙන් කන එක හොඳයි වගේ....:)

    ReplyDelete
  5. @Kasun
    ඔව් බං කඩෙන් කන ඒක හොදයි වගේ

    ReplyDelete
  6. මේ කෑම උයන ලිපි වෙනම ලේබල් එකකට දාල තියන්න.පස්සේ කාලෙක ඕන වෙයි.

    ReplyDelete
  7. මමත් ඉස්සර මේ විදිහට එළවළු රොටි හදල තියෙනවා ගෙදරදී
    දැන් ඉතින් කොහෙද ඔව්වට වෙලාවක්...
    බලමු බලමු ඉස්සරහට

    ReplyDelete
  8. පලවෙනි රූපෙ දුටුවාම මට බිටරත් එපා වුණා රොටිත් එපා වුණා .

    මෙවුවා ඉතින් බලනවා විතරයි අපේ අම්මට කීවට මෙවුවා හදලා දෙන්නේ නෑ නෙව . ගෑනියෙක් ගෙනාපු දාට ඒකිටවත් කියලා මෙවුවා හදාගෙන කන්ඩ ඕනෙ ..

    ReplyDelete
  9. මේක කාපු අය යහතින් සිටිත්ද?? පෙනුමෙන් නම් රසායි වගේ එල එල ඈ

    ReplyDelete
  10. බලමු ට්‍රයි එකක් දීලා...අවුලක් නැහැ සතියක් නිවාඩු ...වැඩිම උනොත් බඩ සුද්ද වෙයි....

    ReplyDelete
  11. දැන් ගෑල්ලමයි බිතර රොටි හදන්න නම් දන්නවා කියයි,,,ඒ පාර මාර සරණියයි ,මාර සංචාරකයයි විතරනේ මේකේ ලියවෙන්නේ

    ReplyDelete
  12. පලවෙනි රූපෙ දුටුවාම මට බිටරත් එපා වුණා රොටිත් එපා වුණා .
    හරියටම පැය කාලෙන් මං මෝලිය කැඩුවා... මොකද හදිසි හින්දා..

    ReplyDelete
  13. අපේ මහත්තයගෙ ප්‍රියතම කෑම... අද රෑටම හදනව... අවශ්‍ය ජාති ඔක්කොම තියෙනව.... හෙට කියන්නම් කොහොමද කියල.... බොහොම ස්තුතියි....
    හැබැයි තෙල් ටිකක් වැඩියෙන් දාන නිසා නිතර කන්න නම් හොඳ නැතුව ඇති නේද...?

    ReplyDelete
  14. සොරි වෙන්ට මාරයියේ..කලබෝලේට ටැපළුනා .

    මට කියන්ට ඕනි වුනේ

    Bizza වගේද Pizza

    ReplyDelete
  15. මේකෙ නම් බිත්තර රොටී වෙන්න බෑ මල්ලි.. වෙන කස්ටමයිස් කරපු නමක් දමන්න.. බිත්තර රොටී නම් නිකම්ම බිත්තර සහ රොටී විතරයි ! මෝල ද මොකද්ද එක කඩා ගත්ත එක හදිස්සියට..!!!!???? මන් නම් අනුමත කරන්නෙ නෑ ඒක.. පුරුද්දට ගියොත් එහෙම !

    ReplyDelete
  16. මාර බිත්තර රොටි

    ReplyDelete
  17. දැන් ඔය හදපු හයෙන් දෙකයිනං උඹ කෑවෙ ඉතුරු හතර කාපු අය මේ රොටිය සම්බන්ධව මොකක්ද කිවුවෙ.

    ReplyDelete
  18. අර ගුලි ටික අජූවයි නෙව, මට මතක් උනේ උදේ පාන්දර ගෙදර ඉස්සරහ මැටි පාරෙ...හැබැයි එන්ඩ් ප්‍රඩක්ට් එකේ නං ගතයුත්තක් නැත්තෙම නෑ :)

    ReplyDelete
  19. තැටිය රත්වෙච්චවෙලේ මාත් එකක් පුච්චගන්න ඕන.
    මමත් බිත්තර රොටී හදනව. මොකද කඩෙන් බිත්තර රොටී ගන්න ගියාම ගනං ඇහුවම මළපණිනව. බිත්තරයක් 18ට 20ට තියන කාලෙ ඔය බිත්තර රොටිය 35ට 40ට ගියා. දැන් බිත්තර 10ටත් තියනව. ඒත් රොටිය අරගනංමයි.

    ReplyDelete
  20. හ්ම්.... ඔයා මෙහෙම කෑම දාලා අපි ලව්ව හදවලා,කවලා,ලෙඩ කරවලා,මාරයා පෙන්නන්නද යන්නෙ අයියේ???
    අපි අහු වෙයි ඕවට...:)))

    ReplyDelete
  21. මමත් කැමතිම කෑමක්නෙ රොටි. කියෙව්වනං දන්නවා ඇති. ඒ හින්දා අනිවා මේක හදන්න ඕනේ. වේලාවක් හොයාගන්න එක තමා පුස්නෙ

    ReplyDelete
  22. මමනම් අකමැතිම අප්‍රියම කැමක් තමයි බිත්තර. මම ජිවතේට බිත්තර කලා නෑ. අපේ ගෙදර එවාගේ කැම කන්නේ නැති නිසා. (ඒ උනාට බිත්තර මිශ්‍ර බනිස්, කේක් කනවා.) එක නිසා මට බිත්තර පෙන්නත් බැ එවාගෙන එන ගද එහෙමයි. කවුරු හරි ලග බිත්තර කනවනම් මම ඉක්මනින් මාරු වෙනවා. නැත්තම් මට වමනට එන තරම් කැතයි. ඔය තමයි මගේ බිත්තර ඉතිහාසය :D

    ReplyDelete
  23. හිතේ ඇති නේ අපි හදයී කියලා මෙව්වා. :D

    @වර්ණා
    බොටත් දැක්ක දැක්ක එක ඕන නේ ?

    ReplyDelete
  24. බට්ටි අක්කේ මම හැදුවා හැබැයි හැඩේ නිකන් චාටර් වෙලා ආවේ.. හිකිස්‌..
    අනේ බට්ටි අක්කි හදලා දෙනවකො වදේ

    ReplyDelete
  25. මාත් ආසම කෑමක් තාම බිත්තර රොටි.. හැබැයි ඉතින් කඩෙන් ගන්න ගියාමනේ පිස්සු හැදෙන්නේ..
    @රාජ්
    අයියගේ කතාව සහතික ඇත්ත..බිත්තර ගණන් අඩු උනාට රොටි ඒ ගානම තමා..ගෙදර හදන් කනවා හොඳයි.

    ReplyDelete
  26. මාත් අකමැතිම කෑමක් තමා බිත්තර.මට බිත්තර ගඳයි.ඒත් මේකට නම් ආසා හිතුනා..මෙකම මාලු දාලා හදාගන්න බැරිවෙයි..කරි එක කලින් හදලා..මාරයා අයියේ එලවලු රොටි හදන්න බැරිද මේ පිටි මිශ්‍රනයෙන්.

    ReplyDelete
  27. උඩම බඩු ලිස්ට් එකේ බිත්තර නැති නිසා මං හිතුවේ බිත්තර නැති බිත්තර රොටී වගේ රොටි කියලා. වෙජී කෑමකුත් දාන්නකෝ...

    ReplyDelete
  28. කන්නම හිතෙනව නේ

    ReplyDelete
  29. අනේ තොගෙ බිත්තර රොටි.... මම කඩෙන් අරන් කනවා...

    ReplyDelete
  30. කටට කෙල උනාගෙන උනාගෙන උනාගෙන ආවා. මාරේ අයියට බඩේ ගාය හැදෙයි.

    ReplyDelete
  31. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete