07 December 2011

ගැටවර දිවියේ අවසානය හා මැදිවියේදී සිදු වූ විපර්යාසය...

ඔහු දැන් ගැටවරයෙකි... මූලික පාසල් අධ්‍යාපනය නිමවා සිටි ඔහුට පවුලේ බරට කර ගැසීමට සිදුව ඇත. වැඩිමහළු සහෝදරයින් තිදෙනාගෙන් දෙදෙනෙකුම ඉගෙනීමට සමත්ය... තමාට බාල සොයුරාත් එසේමය.. එක සොයුරකු ලෙඩ ගානේය... පියා නොමැති පවුලේ බර මෑණීයන්ට පමණක් ඇදගෙන යාම අපහසු බව හොඳින් දත් ඔහු අනෙක් ඉගෙනුම ලබන සොයුරන් තරමටම තමා සමතෙක් වූවද මෑණියන්ට ඇති සුවිශේෂී බැඳීම නිසා අධ්‍යාපනය හමාර කොට ජීවිත සටනට මවට සවියක් වන්නට තීරණය කරන ලදි...

ඒ අනුව උසස් අධ්‍යාපන ජීවිතයටත්.. මෙතෙක් කලක් තාවකාලික සේවකයෙකු ලෙස කරමින් සිටි සමූපේ බඩු කිරීමත් නවතා දමා දන්නා හඳුනන අයකු මාර්ගයෙන් රැකියාවක් පිණිස කොළඹ බලා පිටත්ව යන ගැටයාට එහිදී පෞද්ගලික බස් සමාගමක සේවයට එක්වන්නට අවස්ථාව හිමි වේ...

ඒ බස් කොම්පැණී යුගයයි..හරි හැටි වයස සම්පූර්ණ නොවූ ගැටයාට උවමනා වූයේ කොන්දොස්තර රැකියාවක් වූවත් මුල්ම කාලය තුලදී කරන්නට වූයේ කොම්පැණිය සතු බස් රථ අතු පතු ගා පිරිසිදු කිරීමත්..ඒවා සේදීමත් වැනි සුළු සුළු කටයුතුය...

ගැටවරයාගේ කීකරුකමත්..වැඩි කතා බහක් නැති වීමත්.. ක්‍රමවත්ව වැඩ කිරීමත් ආදී කරුණූ මත වැඩි දිනක් යාමට මත්තෙන්ම ඔහුට තම අවශ්‍යතාවය වූ කොන්දොස්තර රැකියාව ලබා ගැනීම අපහසුවක් නොවුනි..එතැන් පටන් ඔහු උනන්දුවෙන් තම රැකියාව කරගෙන නිවසේ විය හියදං වල බර කරට ගෙන ජීවත් විය...

බස් සේවාවට එක්ව වසර දෙක තුනක් යද්දීම රටේ විශාල පෙරළියක් විය... විශාල ජනතා බලවේගයක් සමගින් පත්ව ආ ආණ්ඩුව රට තුල සුවිශාල වෙනස්කම් කරමින් සිටි අවධියකි ඒ.. එම රැල්ලට හසු වූ බස් සේවාවත් මෙතෙක් කලක් පැවති කොම්පැණී මුදලාලිලාගේ පාලනයෙන් ඉවත්කර රජයේ පාලනයට ගන්නා ලදි... මෙය බස් කොම්පැණිවල නිසි ස්ථාවරත්වයක් නැතිව සේවයකල බොහෝ සේවකයින්ට මහත් සතුටක් වූ අතර ඔවුන් සියල්ලන්ම පෞද්ගලික අංශයේ සිට රජයට සම්බන්ධ රැකියාවකට යාමට හැකි වීම පිළීබඳව මහත් සේ ප්‍රමෝදයට පත්ව උන්හ...

මෙකල වන විට "ඇච් ඇස් සී" විභාගය පාස් කරන්නට යෙදුන වැඩිමහළු සහෝදරයින් දෙදෙනාද බස් කර්මාන්තයට එක්ව සිටියහ... එහෙත් දෙදෙනාටම ගුරු විද්‍යාලයට පිවිසීමට සුදුසුකම් තිබූ හෙයින් ඔවුන්ට එම රැකියාවෙන් ඉවත්ව ඉගෙන ගන්නා ලෙස පැවසූ ගැටයා වැඩිමහළු සොයුරන්ගේ අධ්‍යාපනය සඳහාද සිය ශ්‍රමයෙන් උපයන සෑම සතයක්ම වියදම් කරනා ලදි. ඔහුගේ ජීවිතය කිසිසේත්ම සුවපහසු නොවීය...

වැඩිමහළු සොයුරන් දෙදෙනා ගුරු අභ්‍යාස විදුහලෙහි ඉගෙනුම ලබද්දී බාල සොයුරා "ඇච් ඇස් සී" සඳහා සුදානම් වෙමින් සිටිනු ලැබීය.. ඒ අතරම තෙවැනි සොයුරාට කුඩා කල හිසට පොල් ගෙඩියක් වැටීමෙන් වූ අනතුරෙන් ඇති වූ අතුරු ආබාධයක් වූ මානසික රෝගී තත්වය උත්සන්න වී ඔහු අංගොඩ මානසික රෝහලට ඇතුලත් කර තිබිණී. රෝගාතුර සොයුරා හට කෑම බීම රැගෙන මානසික රෝහලට යාම දිනපතාම පාහේ ඔහු අතින් කෙරිණී.. ඒ සඳහා මානසික රෝහලට නුදුරු ඩිපෝවකට ඔහු මාරුව සාදාගෙන සිටියේය... සති අන්තයේ ගුරු විද්‍යාලයට යා යුතු වූයේ වැඩිමහළු සොයුරන් හට උවමනා මුදල් ලබා දීමටය.. ඒ අතර වාරයේ නිවසටත් පැමිණ බාලයාගේ හා මවගේ අඩුපාඩු සොයා බලා කටයුතු කරන්නට ඔහුට සිදුව තිබුණි...මේ කිසිවක් මැසිවිල්ලකින් තොරව ඔහු අතින් සිදු වෙමින් තිබුණී...

කාලය ගලා යමින් තිබුණි... රට වටා පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ රැසක සේවය කරන්නට ඔහුට සිදුවිය... තරුණ විය කෙමින් වියැකී ගොස් මැදිවියට ආසන්න වී තිබුණි.. මේ අතරතුර කාලයේදී සිය පවුල වෙනුවෙන් විය යුතු සෑම යුතුකමක්ම ඔහු අතින් ඉටුව තිබුණී. වැඩි මහළු සොයුරන් දෙදෙනා ගුරු පත්වීම් ලැබ විවහා වී මහ ඉඩමේම දෙතැනක ගෙවල් සාදා පදිංචි වී සිටි අතර බාලයා ග්‍රාම සේවා නිලධාරියකු ලෙස ගමෙන් සැතැප්ම හත අටකට එහා ගමක සේවය කරන ලදි.. සේවයට ගිය ගමේම තරුණීයක හා විවහා වී එහිම බින්න බැසි ඔහු ගමට වැඩි පුර ඒම අඩු කොට තිබුණි... සුපුරුදු ලෙසින්ම තෙවැන්නා වූ අසනීප අවිවාහක සොයුරා මවත් සමඟ මහ නිවසේ තනි විය...

වයස හතළිහ ඉක්ම යමින් තිබුනද මේ වන තෙක්ම විවාහයක් කර ගැන්මට ඔහුට අවස්ථාව යෙදී තිබුනේ නැත... රට වට කොයි තරම් කරක් ගැසූවද කොතරම් යුවතියන් හමු වූවද මොන මොන අන්දමේ හිතවත්කම් ඇති වූවද ඒ කිසිවක් වැඩිදුර වර්ධනය නොවීය... එහෙත් එකම එක් වරක් එකම එක යුවතියක් අවන් අය පරදවා ඔහුව දැඩි ලෙස ප්‍රේමයෙන් මුසපත් කොට එයින්ම පීඩාකොට තිබිණී..එම අත්දැකීමත් සමඟින් ඔහු විවහා දිවියක් පිළීබඳව සිතා නොතිබුණි...

ඇය ඔහුගේම ගමේ වූ නෑදෑකමින් ඔහුට නෑනා කෙනෙකු වූ යුවතියකි... කුඩා කල සිට දැන හැදිනගෙන සිටි දෙපල යෞවන වියට එළඹෙත්ම ක්‍රමයෙන් පෙම්වතුන් බවට පත්වූවද දෙපාර්ශවයේම වැඩිහිටියන්ගෙන් එයට එල්ල වූයේ අහිතකර බලපෑම්ය...වැඩිම විරෝධතාවය වූයේ ඔහුගේම මවගෙනි...

පවුලට සලකන එකා විවහා වූවොත් අනික් උන්ට නොබලතිය යන හැඟීම මත ක්‍රියා කරන්නට යෙදුන මවගේ දැඩි තීරණ හමුවේ ඔහු අසරණ විය... ඇයගේ පැත්තේ ඥාතීන්ද ඔහුගේ මවගේ දැඩි විරෝධය හමුවේ නෑදෑකම් නැතිකරගැනීමට නොකැමැත්තෙන් එම සම්බන්ධයට ආධාර කිරීමෙන් වැලකී සිටින ලදි.. අවසන හදිසියේම වාගේ "ඈ දීගෙක ගියාය..."

ගමෙන් සැතපුම් දහ දොළහකට දුරින් පිහිටි දිස්ත්‍රීක්කයේ ප්‍රධාන නගරය ආසන්නයේ තරුණයකු සමඟ නිවසින් ආ යෝජනාවක් මත ඇය දීග යන විට ඇයටද කල වයස ඉක්ම යමින් තිබුණි... කොතරම් බාධක හමුවේ නමුත් අපගේ කතා නායකයා හා ඇය අතර සම්බන්ධය විවාහය තෙක්ම පැවතිණි..විවාහයෙන් පසුවද ඇය විවහා වූ තැනැත්තාගේ සිත දිනා ගැනීමට සමත් වීම මතත්..දෙදෙනාගේ සම්බන්ධය පිළීබඳව සැබෑ සතු දැන ගැනීමත්.. ආදී කරුණු මත ඔහුට එම නිවසෙහිද දොර නිතරම විවෘතව තැබිණි...

විවහා වී වැඩි දිනක් යාමට මත්තෙන්ම ඇයට දියණියක් ලැබුණූ අතර අපගේ කතානායක තරුණයා ඒ වන විට සිය රැකියාවෙන් ටිකෙන් ටික ඉතිරි කල මුදලින් එම ප්‍රධාන නගරාසන්නයේම මිලට ගෙන තිබූ අක්කර බාගයක් වැනි ඉතා වටිනා ඉඩම එම සිඟිති දියණියගේ නමින් ලියා දෙන්නට යෙදුණේ ඔහුගෙන් විය යුතු යුතුකමක් සේ සලකාය.. එම දියණිය ඔහුට දාව ඇයට ලැබුණ දරුවකු බව පසුකාලීනව පවුලේ තිබූ විශ්වාසය විය... ඇය විවහා කරගන්නට නොදුන් වැඩිහිටියන් දරුවා ගැන දැන දැනම එම විවාහය කර දී තිබූ වගද එම සිදුවීම් ගැන දන්නා වැඩිහිටියන්ගේ විශ්වාසය විය...

සිය කැමැත්තට විවාහය කරගන්නට නොදීමත් ඇය අනිකකු සතු වීමත්..ඇගේ දියණිය සම්බන්ධ කරුණුත් නිසා ගමට යාම ඒම අඩු කල ඔහු දීග ගිය සිය පෙම්වතියගේ නිවසට සමීප ඩිපෝවක රාජකාරී කරමින් ජීවිතය ගෙවා දමමින් සිටින ලදි... මේ වන විට ඔහුගේ වයස අවුරුදු හතළිස් දෙකකට ආසන්න වි තිබිණි...ජීවිතය ගැන කිසිදු අරමුණක් නැතිව දිවි ගෙවනවා විනා වෙනත් යමක් නොවීය..එහෙත්... නොසිතූ මොහොතක..නොසිතූ අයුරින් ඔහු කරා කුණාටුවක් හමා එන්නේ මෙන්න මේ අවධියේදීය...

70 comments:

  1. අදනං මං එකද කොහෙද?

    ReplyDelete
  2. ඔන්න මාරයෝ මම දෙක හොදේ ,, බොක්කටම වදින සිර කතාවක් බන් ,, ඉතුරු ටිකත් ඉක්මනට දාපන්

    ReplyDelete
  3. කෙටියෙන් ලියල තිබුනට දිග කතාවක් වග නම් පෙනෙනවා....මේ තරම් විස්තර දැන ගන්න උඹ තාත්තට කොයිතරම් කිට්ටුවෙන් ඉන්න ඇතිද.?

    ReplyDelete
  4. නියම තැනින් නතර කරලා. අනිත් ටිකත් ඉක්මනටම ආවොත් හොදා.

    තමන්ට එන ප්‍රස්නත් ඒවාට පිළිතුරුත් සොයමින් ජීවත් වෙලා ටික කාලෙට පස්සේ ඒ දිහා හැරිලා බලපුවාම ඇත්තටම හිතෙනවා අපි ජීවත් උනා නේද කියලා. ඒ මගේ අදහස.

    ReplyDelete
  5. ඔය කුණාටුව කියන්නෙ අනිවාර්යෙන් ඔතනට ගෑනු කෙනෙක් සම්බන්ධ ඇති.

    කාලෙකට පස්සෙ මේකෙ පළවෙනියට කොමෙන්ට් එකක් දාගන්න පුලුවං උණේ.

    ReplyDelete
  6. වෙලා නැතෝ... හවසට කියවන්නං....

    ReplyDelete
  7. @Praසන්ன...

    ආ ඔව් ඔව් එක තමා...
    ගෑණු කියන්නේ කුණාටුද ප්‍රසා..අළුත් ප්‍රොෆයිල් පික්චර් එකනං මරු ඈ..ළගදී ගත්ත එකක් නේද..? අර කලින් දාං හිටියේ පැටියා කාලේ ඒවනේ.. එයිට වඩා මේක හොඳා..

    ReplyDelete
  8. @ගින්නා...

    ඔව් ගින්නෝ.. පුළු පුළුවන් හැටියට මේක දානවා...

    ReplyDelete
  9. ඉතුරු ටිකත් ඉක්මනටම දැම්මනං හොඳා නේද ?

    ReplyDelete
  10. @ලකී...

    මං කිව්වනේ ලකී..මේ මගේ එක නවකතාවක වස්තුබීජය..මේකම තමා දිගින් දිගට යන්න තිබුන කතාව... ඒ යුගයේ සිට මගේ යුගය දක්වා...
    ඔව් අපි හැදුනේ අම්මා නැතිව...ඉතිං තාත්තා අපිත් එක්ක හැම දේම කියනවා සෑහෙන දුරකට...එයා නොකිව්ව ටික අම්මා ඉන්න කාලේ එයාට ටිකක් තද උනාම අහ ගත්තෑකි...

    ඒ දවස්වල බ්ලොග් තිබ්බේ නැහැනේ බං... අපේ තාත්තා එයාගේ බ්ලොග් එකෙ ලිව්වේ මගේ මතකයේ.. අම්මා ඒවට කමෙන්ට් දාලා ඒක අංග සම්පූර්ණ කලා...

    ReplyDelete
  11. @සුපර්...

    ඔව් මලේ..අන්තිමට හැරිලා බලපුවාම තමා පේන්නේ ඒ වෙලාවේ අපි මොනවා කලත් අන්තිමේදී මෙතනට ඇවිත් නේද කියලා...

    දන්නවනේ මෙගානං මෙගා..ආයේ ඉතිං බෙල්ල මුලින්ම කඩනවා...

    ReplyDelete
  12. කතානායකයා මෙහෙම හිත හිත ඉන්න ඇති නේද අයියේ?
    සාගතේ මොටද මි‍නිහෙක් සතෙක් නැති
    මාවතේ මොටද ගමනට ඉඩක් නැති
    රාමතේ මොටද මග පෙරලු නැති
    ජීවිතේ මොටද නෑණා කෙනෙක් නැති

    ReplyDelete
  13. වයසට කලින් පියෙකුගේ වගකීම් ගන්න වුණු තරුණයෙක්ගෙ කතාව.

    ෂිහ්, මට එක වෙන්න බැරි වුණා ගොඩ කාලෙකින්. :(

    ReplyDelete
  14. @Jeew...

    හරි හරි මේ දවස්වල ඔටුවන්ට කෑම දීලා පිරිමහන්න බැහැ නේද..අවුලක් නැහැ ඒවා වෙලාවට කරලා ඉඩක් තිබ්බොත් වරෙං...:D

    ReplyDelete
  15. @cjgayan...

    ඔහොම යනකොට දැමෙයි නෙව...

    ReplyDelete
  16. @බට්ටි...

    හොඳ වෙලාවට තාත්තා අනුන්ගේ කවි ඇදලා පැදලා තාලෙට කිවිවා මිසක් කවි ලියනවානං මං දැකලා නැහැ... එහෙම උනානං බලන්ට තිබුණා මොනවා කියයිද කියලා..

    ReplyDelete
  17. @නලිනි චන්දිමා...

    ඔව්..මමත් පිටතින් ඉඳන් බලනකොට මටත් හැමදාම හිතෙන දේ... සෑහෙන ගැටළු රැසක මුල...

    ReplyDelete
  18. නියමයි අයියේ, තාත්තා ගැන නේද ලියවෙන්නේ,
    අනිව අයියේ මේක් පොතක් විදිහට ගහන්ටම වටිනවා

    ReplyDelete
  19. දුක්බර කථාවක්. මේ ගැන මම කිසිත් කියන්න කැමැති නැහැ දැන්ම. පසුව යමක් කියන්නම්. මේ තරුණයා ගැන මට හොඳින් තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
  20. දැන් මාරයෝ මට තියන ප්‍රශ්නය මේකයි.
    පෙම්වතිය විවාහ වෙනවා නගරයේ තරුණයෙක් එක්ක. ඒ විවාහ වුන තරුණයාගේ පැත්තෙන් බැලුවොත්, එයාගේ බිරිඳට කලින් පෙම්වතාගෙන් දරුවෙක් හම්බවෙනවා. එතකොට මිනිහ ඒක ඉවසන් හිටියද ? එහෙම හිටියනම් මිනිහත් අමුතුම ඩයල් එකක් වෙන්න ඕනි.
    ප. ලි. ඇහුවේ වැරදි ප්‍රශ්නයක් නම් සමාවෙයන්.

    ReplyDelete
  21. @AmilaArt...

    ඔව් මල්ලි මේ ඒ කතාව තමා...

    ReplyDelete
  22. @වෙද ගෙදර මහ වෙදනා...

    ඔව් ඉස්සරහට තව කතා කරන්න දේවල් තියෙවී මොහු ගැන...

    ReplyDelete
  23. @Pisakkatuwa...

    නැහැ ඒක හොඳම ප්‍රශ්නයක් මෙතනට..මටත් ඒ චරිතය ගැන සෑහෙන පුදුමයක් තියෙනවා... මං හොඳටම දන්නවා පස්සෙන් පහු කාලෙක දෙන්නා එකට අඩියක් බවා ගහනවා.. ඒ වගේම ගම්පහ වොලිබෝල් උන්මාදයේ පුත්තු මේ දෙන්නම... කාලා බීලා වොලි ‍බෝල් ගැන කතාවක් ඇදගෙන බොහෝම සුහදව හිටියේ හොඳම යාළුවෝ වගේ... ඒ චරිතේ විග්‍රහ කිරීමට වෙනම පරිච්ඡේදයක් අහක් කරන්න ඕන...

    ReplyDelete
  24. @පිණිබිඳු...

    පිණි බිංදුව දැක්ක කල්...
    ඉතිං ඊට පස්සේ...වික්ටර් රත්නායකයන් මෙහෙම කියනවා...

    ඉතිං ඊට පස්සේ...ඔබේ රන් පිළී රූ..
    පාට පාට දේදුනුසේ..මා සිසාරා...

    අපි බලමු මොනවද පායපු දේදුනු කියලා...

    ReplyDelete
  25. අවසානය තෙක් බලා සිටිමි.
    …මේ පින්තූරෙනම් අමුතු ගතියක් තියෙනෙවා .

    ReplyDelete
  26. හොඳා හොඳා.....දාමුකෝ බලන්න කුණාටුවේ කතාව ඊළඟට!

    ReplyDelete
  27. මොන මගුලක්ද බං කියාගෙන ඇවිල්ල හොදම හරියෙදි නවත්තනව.

    ReplyDelete
  28. ko ithuru tika :/ බහිරවයා ගිලලද :/

    ReplyDelete
  29. කියෙවුවෙමි ..

    කාගේ කතාවද යන්න කමෙන්ට් වලින් තේරුම් ගත්තෙමි ...කතා නායකයාගේ කුළුඳුල් ආදරේ ෆැමිලිය වෙනුවෙන් කැප කරන්න වෙච්ච එක ගැන මට නම් මාර දුකයි

    ReplyDelete
  30. ඉතිරියත් දාපන් අයියේ... මම ආපු ප්‍රශ්නෙ පිසක්කටුව අහල... උතරෙත් උබ දීල නෙ අයියේ... ඉතිරිය දාපන් ඉක්මනට

    ප.ලි : මම අද උබේ කම්මැලි බත හැදුවෙමි. රෙසිපියට ස්තුතියි.

    ReplyDelete
  31. @Gimhani...

    බලං ඉමු..ඔහොම යනකොට අවසානයක් දකී නෙව...
    පින්තූරෙට එක එක ජාතියේ ප්‍රතිචාර...

    ReplyDelete
  32. @kandyan...

    හොඳායි හොඳායි..බලමු...

    ReplyDelete
  33. @වර්ණා...

    නැහැ මාරයා ගිලලා...

    ReplyDelete
  34. @හිස් අහස...

    ඔව් මලේ..පුද්ගලයා අපේ කවුද කියන එක අඳාළ කර නොගෙන පිටස්තරයෙක් විදියට බලද්දි ඒක ටිකක් අමාරු අත්දැකීමක්...

    ReplyDelete
  35. @පිස්සා පලාමල්ල...

    අහ් උඹ තාම යහතින්ද..?රෙසිපියේ හැටියටම කලානං උඹ මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ ඒක කාලා පැය හතරක් ඉක්ම යන්ට කලින් වෙන්ට ඕන...

    ReplyDelete
  36. තමුන් ගැන නොහිතා මුලු පවුලෙම බර කරට ගන්න දරුව තමන්ගෙ ජීවිතයක් පටන් ගන්න එකට විරුද්ධ වෙන දෙමව්පියො ගැන මම අහපු දෙවෙනි ඇත්ත කතාව මේක... පස්සෙන් පහු පවුලෙන් කොහොමත් වෙන් වුනු එකේ කතා නායකයාට තිබ්බ තමුන්ට කැමති තීරණයක් ගන්න මෙතනදි...

    චරිතය කාගෙ කවුද කියල නොසිතයි මේ කමෙන්ට් එක... ඉතුරු ටිකත් කියමු බලන්න...

    මාරයියා.. අලුත් පෙනුම නියමයි ඈ... මම කලින් දැක්කෙ ටයි එකක් දාල වගේ... හිහි..

    ReplyDelete
  37. @රාජ්...

    සොරි වේවා පිළීවෙලට එද්දි මග ඇරිලා...

    එහෙම තමයි බං..මං මේ මෙගා ලියන්ට ෆ්‍රැක්ටිස් කොරනවා...

    ReplyDelete
  38. @Ashieee...

    කතාව ඇත්ත..ඔය දේ වෙනවා..පවුලක් අතරේ උනත් මිනිස්සුන්ගේ හිත් වෙනස්නේ.. ඔය වගේ තැනකදී අර මිනිහට යන කල කොහොම උනත් අනිත් අය බයයි ගෙදරට තියෙන හයිය නැති වෙලා යයි කියලා... ඔයා වගේම මාත් දන්න මේ දේ උන තවත් එක චරතියක් මේක.. ඊට අමතරව මේ වගේම තව චරිත කිහිපයක්ම මට හම්බ වෙලා තියෙනවා..ඒ අයගෙන් සමහරක් ගැන කියන්න තියෙන කතා මෙයිට වඩා දුක්ඛිතයි...

    කට්ටියනං දන්නවා මේ කා ගැනද ලියන්නේ කියලා..ඒත් එහෙම නැතිව හිතාගෙන බලන එක වඩාත් හොඳයි...

    තැන්කූ ඈ.. මේ දවස්වල ඔය පිංතූරෙට ගල් මුල් වගේම ඉඳ හිට නගාලා වගේ අයගෙන් මලුත් හම්බ වෙනවා...

    ReplyDelete
  39. කියෝගෙන යනවා ඉතුරු ටිකත් කියෝලම කොමෙන්ට් කරන්නන්.

    ReplyDelete
  40. හොදම හරියෙන් කතාව නතර කරලා....

    ReplyDelete
  41. ඔව්වා නං මොනාද බං.. නැට්ට පිටින් අලි මැරෙන්නෙ...

    ReplyDelete
  42. මේ බ්ලොග් එක මුල ඉදන්ම කියවපු බ්ලොග් එකක් හින්දා කතාව ගැන තේරුම් ගන්න පුලුවන්

    ReplyDelete
  43. කියෙව්වා ..සේරම කියවල කමෙන්ට් කරන්නම් . තාත්ත කෙනෙක් ගැන පුතෙක්ට සාධාරණව ලියන්න හැකි කම ඉතාම අගය කරනවා

    ReplyDelete
  44. ඔයත් මාර ඩයල් එක තමා...අපිවත් පිස්සු වට්ටලා ඔයත් ඇග හිනි ඔලු බක්කෙක් වෙලා................

    ReplyDelete
  45. මාරයා,
    උඹ මේ ලියන දේවල් කවද හරි පොතක් විදිහට එළිදක්වන බලාපොරොත්තුවක් තියෙනවා කියල නේද මේක ලියන්න පටන් ගනිද්දී කිව්වේ

    ඒක එහෙමනම්:
    අද කතාවේ උඹේ වෙනදට තියෙන රිද්මය නැහැ
    පොතක තියෙන්න ඕනේ සියුම් ගලායාම මම මේකේ දැක්කේ නැහැ, උඹ හරි හදිස්සියකින් මේක ලිව්වා වගේ ගතියක් මට පේනවා

    මේ ලිපිපෙළ පටන් ගනිද්දිම උඹ කිව්වා මේ වටිනා මතකයන් වලින් උඹ පොතක් ලියන බව
    තාමත් උඹේ හිතේ ඒ අදහස තියෙනවනම් ගොඩක් හිතල හැමදේම ලියපන්
    ඒ වගේම උඹ වෙනද ලියන රටාවෙන්ම ලියපන්, ඒ රටාවේදී කතාවක ගලා යාම, කියවන්න හිතෙන රසමුසුතැන් විස්තර මීට වැඩිය තියෙනවා

    පොත ලියන්න "මේ බ්ලොග් පොස්ට් වලින් තල්ලුවක් ගන්නවා කියපු අදහස හරි" එහෙමත් නැත්නම් "පොත ලියන අදහස හරි" අතඇරියනම් මේ විදිහටම ලියාගෙන පලයන්.

    පොතකින් විඳින රසය මම මේ පෝස්ට් එකෙන් දැක්කේ නැහැ, අඩුම ගානේ වෙනද උඹ ලියන තත්ත්වයවත් මේකේ නැහැ.(මට දැනෙන විදිහට)

    පෝස්ට් එකේ කිසිම වරදක් නැහැ, ඒක බොහොම සංවේදියි. හිතට වැදුන කතාවක්.
    ඒ නිසා ඒ කතාවට අසාධාරණයක් කරන්නේ නැතුව කාලය අරගෙන හිමීට ඔක්කොම කරුණු එක්තැන් කරගෙන ලස්සනට ලියපන්, වෙනද වගේම.
    ජයවේවා....!!

    ReplyDelete
  46. කතාව ඉවර වෙනතුරු කොමෙන්ට් නොකරමි.....

    ReplyDelete
  47. @Observer...

    කොහොම හිටිය මනුස්සයද මෙහෙම කාර්ය බහුල උනේ... හපොයි බ්ලොග් එකක් පටන් අරං මෙවුන්දට වෙච්ච දේ... මං දන්නවා දැන් කොයි වෙලේ හරි ජොබ් එකට යන එකත් නවත්තලා බ්ලොග්වලට ඇරෙනවා...

    ReplyDelete
  48. @Dinesh...

    කට්ටියට බනින්න දෙයක් තියන්නත් එපෑ...

    ReplyDelete
  49. @පැණි දොඩම්...

    නැතුව නැතුව..මහ වනාන්තරවල නේද..?

    ReplyDelete
  50. @ItalyDilan...

    ඩිලා ඇතුළු බර සෙට් එකක් ඉන්නවා නෙව මගේ බ්ලොගේ මුල ඉඳ අගට කියවගෙන එන ‍කාණ්ඩේ..
    අපරාදේ කියන්ට බැහැ බොලාලට කතා කියන්නනං ඒ හැටි මහන්සි වෙන්ට ඕන නැහැ..කියන පරක්කුවට සීන් එකේ අග මුල අල්ල ගන්ට ඩිලාලට පුළුවන්නේ මේක බලලම තියෙන මතකයෙන්..

    ඒත් අළුත කියන අයට සමහර දේවල් පැහැදිලි මදි වෙන්ට පුළුවන් හින්දා ටිකක් වැඩියෙන් විස්තර කරන්ටත් එපැයි...

    ReplyDelete
  51. @Bindi...

    ස්තූතියි බින්දි...
    ඇත්තටම මුල්ම කාලේ මං ඔච්චර පැහැදිලි දැක්මක් ඇති කරගත්තේ නැහැ... මං හුගාක් තාත්තත් එක්ක මත වාදී අරගලවල හිටියේ..දේශපාලනයත් ඇතුළුව...

    ඒත් කාලයත් එක්ක මම රටේ හැම තැනම කරක් ගහද්දියි..එයාට ලැබුන අත්දැකීම් මටත් හමුවෙන්න ගත්තමයි මටම තේරුනා තාත්තට තව අවස්ථාවක් මගෙන් ලැබෙන්න ඕන කියලා...

    අද තනියම ජීවිතේ ගත කරනකොට මට තේරෙනවා එයාගේ ජීවිතේ මොන විදියටද ගෙවුනේ කියලා..ඇත්තටම මේ මම හිතන කාලයක්... කාලයත් එක්ක තාත්තා විසින් කරන කියන ලද දේ ගැන මැදිහත්ව බලන්න පුළුවන්කම මට ලැබිලා තියෙනවා...

    ReplyDelete
  52. @රතු මුහුද...

    අපි ඒමයි..හික් හික්...

    ReplyDelete
  53. @ලොකු පුතා...

    නැත නැත ලොකු පුත..මා එසේ නොකීවෙමි.. එහෙත් මා මෙසේ කීවෙමි...
    "පොත් කොට ලියන්නට යැයි සිතා කරුණු ගොනු කොටගෙන සිටි කතා තුනෙන් එකක් මා විසින් අමු අමුවේම විනාස කරමින් සිටිමි..."

    ඇත්තටම මේ යන්නේ සංක්ෂිප්තයක් විතරයි... මේක අවුරුදු අසූවක් දුරට පැතිරුන කතාවක් ලිපි කිහිපයකින් ඇදලා දැමීමක් පමණයි... කතාව මීට වඩා හුගාක් දිගයි... අර කිව්වත් වගේ මේක කටු සටහනක්.මේ යන කටු සටහන විස්තරාත්මකව ලියන්න මට සෑහෙන කලකුත්..සෑහෙන අකුරු ගොඩකුත් වැය වේවි.. උදාහරණයක් හැටියට කිව්වොත්
    "කාලය ගලා යමින් තිබුණි... රට වටා පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ රැසක සේවය කරන්නට ඔහුට සිදුවිය..."
    ඔන්න ඔය වාක්‍යය ඇතුලේ තියෙන කතා ටික මට ඇති වෙනම පොතකට උනත්..ඒක නවකතාව ඇතුලට ගනිද්දී ඒ තරම්ම දික් නොකලත් එයත් පරිච්ඡේද හත අටකටවත් දුවවන්න වේවී.. මොකද ඔය ඇතුලේ තියෙනවා බෝඩිං ජීවිතය.. බියර් බෝතල් එක්ක ගෙවෙන රසවත් සැදෑවන් රැසක සිදුවීම්...ගැහැණු... ඒක බොහෝම පුළුවල් පරාසයක්... ඒත් අද මං ඒක විස්තර කරන්න ගියොත් ඒක ඒ කතාවට කරන අසාධාරණයක් වගේම බ්ලොග් එක ලියන එක මට එපා වෙන වැඩක් වේවි..මොකද මං මේක ලියන්නේ හිතේ සහනය ඇති වීමට කරන දෙයක් විදියට විතරයි.. ඒ කියන්නේ හිතට එන දේ ඔහේ අතෑරිමක්.. ඒත් පොත කියන දේ ලියද්දි එයිට වඩා සෑහෙන්න හිතා බලා වචන හැසිරවීමත්..භාෂා රීති..ව්‍යාකරණ වගේ තාක්ෂනික පැති වගේම රසය පවත්වාගෙන යාමත් සිද්ධියක් විස්තර කිරීමේදී ඒ සඳහා සුදුසු වටපිටාව සකස් කිරීමත්..දෙබස් නිර්මාණයත්..මගේ අම්මේ මොන තරං වැඩ තියේද...

    අපි පොතක් කියවනකොට වැඩි හරියක් කරන්නේ කියවගෙන යන එක...අපි එ කතාව ඇදිලා යන පරිසරය හිතින් මවා ගන්නවා..ඒ කතා බහ අසා සිටිනවා..ඒත් අපිට තේරෙන්නේ නැහැ ඒ සඳහා රචකයා කොයි තරම් වේලාවක් අරං සියුම්ව අවස්ථාව නිරූපනය කරනවාද කියන කාර්යය.. ඒක මෙහෙම බ්ලොග් එකක් ලියන කොට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි...

    ඔබ කියන කාරණාවලට මා එකඟයි..ඇත්තටම මේකේ රසයක් නැහැ..ඒත් ඒ පොතක් ලියනවා කියලා කල්පනා කලොත්..ඒත් මේ පොත නෙවෙයි ඒකේ සැකිල්ල කියලා හිතුවාම ඒ හැටිම අවුලක් නැහැ නේද...?

    බොහෝමත්ම ස්තූතියි දීර්ඝ ප්‍රතිචාරයට...

    ReplyDelete
  54. @ඇනෝපිලිස්...

    හිටු බලාගෙන...

    ReplyDelete
  55. මාරයාගේ හෝරාවේ මම කැමතිම ජාතියේ එකක්.. නියමයි.... ලියන විදිය තමා මරුම... :)

    ReplyDelete
  56. @පොඩි මෑන්...

    තැන්කූ මලේ...

    ReplyDelete
  57. කොහෙද බොල ජොබ් එක අත හැරල බ්ලොග් වලට හැරෙන්නෙ, ජොබ් එක හින්ද තමා බ්ලොග් කියවන්න ලියන්න වෙලාව තියෙන්නෙ.
    අදත් කොමෙන්ට් වලට වග උත්තර බඳින්න පොරොන්දු වුනේ වැඩට ගිහින්. [මං වැඩ කොරන්නෙ දවල් 1.30 සිට රෑ 9.00 දක්වා]

    ReplyDelete
  58. @Observer...

    උඹත් අයියේ මං වගේම වැඩ කොරන හැඩයි...

    ReplyDelete
  59. ඇත්තම කියනවානම් මටත් පුදුම අර නෑනාව කසාද බැඳපු කෙනාත් මේ පුද්ගලයාත් අතර තිබුණු සම්බන්ධය... ඒ මනුස්සයගෙ හිතේ මාරයගෙ තාත්තා ගැන තිබුණු අවංකම හැඟීම මොකක්ද කියලා දැනගන්න විදියක් තිබුණා නම්....

    ReplyDelete
  60. @Miyuru...

    කවදා හරි මං මේක විස්තර ඇතිව ලිව්වොත් ඔය චරිත තුනටම සාධාරණයක් කරන්නම්... දැන්ම ඒ ගැන කියන්න විදියක් නැහැ...

    ReplyDelete
  61. ආච්චි අම්මා හෙන අසාධාරණයක් නොවැ කරල තියෙන්නෙ... කමක් නෑ.. හැමදේකම හොඳ පැත්ත බලමු... එහෙම නොවුනනම් අද මාරයෙක් කොයින්ද...

    දිගටම කියවනව... ඇත්තෙන්ම පොතක් ලියන්න සුපිරි බිජයක් වගේ...

    ReplyDelete
  62. මාරයෝ මොකෝ මේ කඩදාසිය ලිපේ දාල වගේ පණ කඩාගෙන ලියල තියෙන්නෙ. හීං සැරේ ආල වට්ටං දාල ලිව්ව න මීට වැඩිය රහ නැද්ද මං අහන්නෙ ? ඊලඟ කෑල්ලෙන් අහවර කරනව නෙමෙයි හරිය... [අදින්න දන්නෙ නැත්නං අර නිදහස් සිතුවිල්ලෙ රවී උන්නැහේගෙන් ඇහුවනං.. මිනිහ අඟල හැතැම්මට අදින්න රුසිය] :D

    ReplyDelete
  63. මොනවා කියන්නද කියලා හිකාලන්න බෑ.ඔහොම අවස්ථාවක ගැටළුකාරී වාතාවරණ පැන නැගීමේ අවකාශය වැඩියි. ඒ වුනත් මෙතනදී ඇතිවන මානසික මට්ටම ගැන බාහිර පුද්ගලයා අවධානය යොමුකිරීම සතුටට කාරණයක්.
    ජීවිතේ ඉගෙනගන්න ඔයාගෙ මේ කතාව ලොකු උදව්වක්.

    ReplyDelete
  64. අපිත් ඉතින් කතාවක් දෙකක් ගැන කියන්න යන්නේ. ඇවිල්ල බලල යන්න අමතක කරන්න එපා.

    බඩා මාමාගේ ළමා කතන්දර

    ReplyDelete
  65. මටනම් තාම පැහැදිලි මදි මේ කා ගැනද කියන්නේ කියලා. මොකා උනත් සිරා පොරක්... බලමුකො ඊලඟ එක.

    ReplyDelete
  66. කතාව ලස්සනට ලියනවා ඉතුරුටික කවදද එන්නේ

    ReplyDelete
  67. ලියපං ඉතිරිටිකත් . . . බලාගෙන ඉන්නව

    ReplyDelete
  68. මාරයා- කතාව මාරය.. ඉතිරිය අවශ්‍යයමය.. මාර පරාජයට ජය.. :)

    ReplyDelete
  69. කේ. ජයතිලකයන්ගේ "චරිත තුනක්" කතාවේ ඉසාගේ චරිතය වගේනේ මේකත්

    ReplyDelete