03 January 2012

උදේම වැදි බණ...

කොහොමින් කොහොම හරි 2012 අවුරුද්දත් ලැබුවා.. උපන්නට පස්සේ උදා වෙන 32වෙනි අවුරුද්දේ අග භාගය තමා මේ ගෙවෙන්නේ...හරියටම බැළුවොත් ජීවිතෙන් බාගයක් සෙත්තපෝච්චි... ඒ ඉතිං 60ක්වත් ඉන්නව නන්නේ.. කවුද දන්නේ අදද හෙටද කියලා.. ඒ හින්දා දැන් වැඩි වැඩියෙන් පිං දහං කරං ඉන්න ඕන කාලේ...

ලියන්න ගත්තට ලියන්නයි කියලා මහ දේකුත් නැහැ.. මේ ටිකේම පුදුම අපහසුවකින් ගත වෙන්නේ.. වෙන මුකුත් නෙවෙයි මේ අරයට මෙයාලට සුභ පතලා... ඇයි හත්ඉලව්වේ.. දකින දකින දන්න කියන මනුස්සයා එක පාරටම හිනාවෙලා "සුභ අළුත් අවුරුද්දක් වේවා..!" කියනකොට මං බුම්මගෙන ඉන්ටයෑ.. මාත් ඉතිං අමාරුවෙන් වගේ හිනා වෙලා "එසේම වේවා..!"කියලා බේරෙනවා... අම්මපා මේ "එසේම වේවා" කියන එක හොයා ගත්ත එකානං අදහන්ට වටිනවා.. නැත්තං ඔහොමවත් ෂේප් වෙන්නේ කොහොමද..?

කවුරු හරි සුභ පැතුවම ඒකට උත්තර නොදිත් බැහැ... ඒත් එකම වචනේ සිය පාරක් කියන්න ගියාම මට සංසාරේ එපා වෙනවා... දැන් මේ ඉන්න තැන ටිකක් හොඳයි..මෙහෙ වැඩිය කට්ටිය නැති හින්දා ඔය කරදරේට මුහුණ පාන්න වෙන්නේ උපරිම තිස් වතාවක් වගේ තමා... ඒ කියන්නේ මෙහෙ තිහකට වඩා පිරිසක් නැහැයි කියන එකනේ..ඒත් කලින් හිටිය තැන හත් අටසීයක් හිටියා.. ඒ මදිවට එතන අයට බොහෝම නරක පුරුද්දක් තිබුනා... ඒ තමා ගාඩ් රූම් එකටම ඇවිත් අතට අත දීලා සුභ පතන්න පුරුදු වෙලා හිටිය එක...

මං මෙහෙම කියනකොට සමහරුන්ට හිතෙයි මූ මොන කාලකණ්නියෙක්ද කියලා..ඒත් ඇත්තටම මට සංසාරේ කලකිරෙන දෙයක් ඒක... ඇයි යකඩෝ ඔය අත්වල මොන මගුල් තියේද..මොන මොන දේවල් අල්ලලා ඇවිත් අපිට අත දෙනවද කියලා කවුද දන්නේ..උදාහරණයක් වශයෙන් මං හරිම අකමැතියි බල්ලෝ බළල්ලු අත ගාන්න..එහෙම අතගෑවත් අත් දෙක හෝදගන්නකං මට මං ගැනම ඇතිවෙන්නේ අප්‍රසන්න ගතියක්... ඒත් ඔය ඇවිත් අත දෙන අය අතරේ මං දැනුවත්වම ඉන්නවා බල්ලෝ බළල්ලු අත පත ගාන සහ එහෙම අත පත ගෑවට පස්සේ අත හෝදනවා තියා හිතන්නේවත් නැති අය.. ඉතිං එහෙම කෙනෙක් අත දීලා ගියාට පස්සේ කොහොමද උහුලං ඉන්නේ... ඒ දන්න අය.. නොදන්න අය තව කොච්චරක් ඇද්ද රටේ තියෙන තරං ජාති අත ගාලා එන... අන්න ඒ වගේ දේවල් හින්දානං මට ඕක මහම ඇනයක්...

එක අතකින් අර ඉස්සර තිබුන අත් දෙක එකතු කරලා "ආයිබෝං" කියන එක කොයි තරං පිරිසිදු ක්‍රමයක්ද..? කොයි තරං සෞඛ්‍ය සම්පන්නද..? මේ අපේ උන්ටත් සුද්ද කරන කරන එක කරන්න ගිහිං බෝ කරගෙන තියෙන වැරදි ක්‍රමවලට වඩා...

ඔය අතට අත දීම ගැන මං අහලා තියෙන කතාවනං ඉස්සර ඔය සුද්දෝ වැද්දෝ වගේ කාලවල කොයි වෙලෙත් මරාගන්න සෙට් වෙච්ච ගමන් හින්දා කවුරු හරි එකෙක්ව දැක්ක ගමන් උගේ දකුණු අත අල්ලගන්නේ අනිත් එකාට කඩුව ඇදලා අරං තමන්ට ෂොට් එක දෙන්න බැරි වෙන්නයි කියලයි... ඒක පුරුද්දකට ගිහිං තමා කියනවනේ ඔය අතට අත දීම ඇවිත් තියෙන්නේ... ඕවා මොනවද අර හීතල රටවල් බෙල්ලට හීතල වදින එක නවත්තන්න කරපු දේ පස්සේ කාලෙක "ටයි" පටිය දක්වා දුරදිග ගිහිං තියෙන අස්සේ අපේ මේ ගිරීස්ම රටේ ඉන්න උන්දලත් දාඩිය මුගුරු පෙරං ටයි ගැට ගහගෙන පාර තොටේ ගිනි කාස්ටකේ ඇවිදං යනවා වෙච්ච කොට... මට ඔය ටයි බැඳන් පාරේ යන බුවාලා දැක්කම පුදුම සංතෝෂයක් දැනෙනවා... ඒකට කියන්නේ කුරිරු සතුට කියලා නමක්...

හා හා උදේම ලියන්න දෙයක් නැතිව ඉඳලා මං මේ කරලා තියෙන්නේ අළුත් අවුරුද්දේම බැන අඩ ගහන එකනේ... දැන් ඉතිං සතියක විතර වෙලේ ඉඳින් බ්ලොග් එකේ..මූණු පොතේ මට සුභ පතපු අය කේන්ති ගන්නවා එහෙම නෙවෙයි... මේක ඒ හැටි කරදරයක් නෙවෙයි.. මොකද ඔක්කෝටම එක පාර අවසානෙදී එසේම වේවා කිව්වම ලග නැවියැකිනේ... ඒක ඒ හැටි අවුලක් ඇති දෙයක් නෙවෙයි...

ඒත් ඉතිං මූණු පොතේ නොනවතින සුභපැතුම් ටැග් කිරිල්ල වගේ දේවල්නං හෙනම කරදර තමා..හැබැයි ගිය අවුරුදු වලට සාපේක්ෂව මේ අවුරුද්ද ඒ කර‍දරෙත් වැඩිය විඳින්න උනේ නැහැ..මං හිතන්නේ හුග දෙනෙක් දැන් දන්නවා ඒක අනිත් අයට වදයක් කියලා... එහෙම තේරුම් අරගෙන කටයුතු කල හැම දෙනාටම බොහෝම ස්තූතියි...ඒ වගේම දැන් මදෑ සුභ පැතුවා.. දැන් ඔය සුභ පැතුම් වලින් කෙරුණ යහපත් කාරණා ඇත්ත කරගන්න මහන්සි වෙන එකයි ත්යෙන්නේ කවුරු කවුරුත්..එහෙම නැතිව බලං හිටියොත් ඔය එකක්වත් සුභ වෙන එකක් නැහැ මයෙ හිතේ...

මටනං ඉතිං එහෙමට කියලා ලොකු සුභ වැඩ නැහැ..දැනට වැඩකට කියලා තියෙන්නේ මේ මාසේ මැද යන්න ඉන්න යාපනේ සවාරිය සැලසුම් කිරීම විතරයි... ඒක ගිහිං ආවට පස්සේ බලන්න ඕන තව මොනව හරි දෙයක් තියේද කියලා සාර්ථක කරගන්න...

හා හා ඔය මදෑ උදේම මල්ල ලෙහා ගත්තා...

47 comments:

  1. ආ...වැඩ අල්ලලා තියෙන්නෙ...යාපනේ ගමනට සුභ පැතුම්..

    ReplyDelete
  2. අනේ මම එක වෙන්න හිතන් හිටියේ. කොහේද මේ ලකියා එක්ක බෑ. ඇත්තටම ලකියට වෙන වැඩක් නැද්ද?

    ReplyDelete
  3. @බට්ටි
    :P
    එක වුනා කියලා හම්බ වෙයි ඔයාට අලගෙඩියක්...

    ReplyDelete
  4. @ ලකී
    අනේ ඔයාට මේ අලුත් අවුරුද්දේ අල ගෙඩියක්ද ලැබුණේ. හොද වෙලාවට මම දෙක වුනේ. :D

    ReplyDelete
  5. Hikz.....'Happy New Year....'
    ඇද්ද බොට?

    ReplyDelete
  6. @බට්ටී
    ආ..ඇති..ඇති..සික් මේක නම් කටක් නෙවෙයි ලවුඩ්ස්පීකර් එකක්...දැන් ඔය "නරියා සහ මිදිවැල" නොහොත් " බට්ටී සහ අලගෙඩිය" පෙන්නුවා ඇති..මාරයගෙ පොස්ට් එක කියවලා අර හාපුරා කියලා ඕමන්තෙන් එහාට යන ගමන සාර්තකව වෙන්න්a කියලා සුභපතන්න... ඌ ඔය ගමන යන්නෙ ගොඩක් කැප කිරීම් කරලා..කොටින්ම කිව්වොත් ට්‍රින්කො යන්න තියන අවස්ථාවකුත් අහිමි කරගෙන

    ReplyDelete
  7. මං හතර. අද හොඳම තෑග්ග දෙන්නෙ හතරවෙනියටලු. :D

    ReplyDelete
  8. ආ, යාපනේද? මෙහෙමයි:
    අනුරාධපුරේට යනකම් මග කෝච්චිපාරවල්... මෝටර් සයිකල් හරියට ඇක්සිඩන්ට් වෙනවා ඕවගෙන් දාන්න ගිහින්!
    කොහොමත් මෝටර් සයිකල් කියන ඒවා ඇක්සිඩන්ට් වෙනවා... ඕවගෙ රොද ගැලවිලා විසි වෙන්න පුළුවන්; කන්ටේනර්වල හැප්පෙන්න පුළුවන්; පාරවල ලිස්සලා වැටෙන්න පුළුවන්.
    මග කඩවල කෑම හරි ජරාව. ඕවා කෑවම බඩේ අමාරු. අනුරාධපුරෙන් එහාට වැසිකිළි යන්න වෙන්නෙ කැලේට තමයි. ඒත් ඒ කැලෑවල තවමත් හංගපු බිම් බෝම්බ...
    එහෙට හරි වැස්ස මේ දවස්වල... මෝටර් සයිකල්වල ගිය හැමෝටම තෙමිලා, නිව්මෝනියාව.
    වැස්ස නැති වෙලාවට දූවිල්ල. දූවිලි ඇස්වලට ගිහාම, නහයට ගිහාම.....
    එහෙ හෝටල්නම් ගන්න දෙයක් නැහැ. ඒත් ඒක දැනගන්න හම්බෙන්නෙ හෝටලේට ගියොත්නෙ. හෝටලේට යන්න පාර හොයා ගන්න බැරිවුණහම... ඒ තරමට එහෙ අතුරු පාරවල්නෙ.

    :D

    ReplyDelete
  9. //හරියටම බැළුවොත් ජීවිතෙන් බාගයක් සෙත්තපෝච්චි// දැං ඉතිං පවුලක් පංසලක්.... ආ පංසලේ කාලෙ උඹ ඉස්සෙල්ල කවර් කරලනෙ ඉන්නෙ. පවුල තමා ඉතුරු.:D

    සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  10. @නලිනි චන්දිමා
    මොකෑ මේහැටි භය කරන්නෙ?

    ReplyDelete
  11. @ලකී සහ බට්ටි...

    ඇරු ඇරු..දෙන්නගෙම නැටි ඉතිරි වෙනකල්ම අරු...:D:D:D

    @ඔබයියා...

    සික් ඉතරක්..ආයෙම සුභ පැතුං... අනේ ඔබී අක්කා අද හෙටම වර ගෙදර..මේකයේ කෙරුං හමාර වෙන්ට...

    @නලිනි...

    පැහැදිලි ඉරිසියාව...:P
    අවුලක් නැහැ පාරේ වැටිල අහුලගෙන ඉස්පිරිතාලෙට දුන්නොත් දැනුම් දෙන්ට කියලා එක්කෙනෙක් මට නම ගම විස්තර දාලා කාඩ් එකක් හදලා දීලා තියෙන්නේ...

    @රාජ්...

    යකෝ සුභ පතනවා හොඳයි අති භයංකර දේවල් ගැන කියලා බය කොරනවට වඩා...
    "එසේම වේවා..!"

    ReplyDelete
  12. අහ්.. බොට සුබ නව වසරක් වේවා.........!


    අඩේ ඔය කිවුවට අනුරධපුරෙන් එහා පැති වල කෑම නියමයි බන්...
    පරාවල් ඵුහ් ඒවනේ පාරවල්.....

    ReplyDelete
  13. මටත් අර උඹ විඳින කුරිරු සතුට දැනෙනවා සමහර වෙලාවට
    ඒත් ඉතින් බඩ රස්සාව කරගන්න කරන දහන් ගැටනේ ඒ ඔක්කොම කියල හිතුනම කුරිරු සතුට පහන් සංවේගයකට මාරු වෙනවා :)

    ReplyDelete
  14. මාරයියේ සුබ අලුත් අවුරුද්දක්...මේ ගාලු යන්ඩ එනවනේ

    ReplyDelete
  15. මුන් දෙන්නා මේ අවුරුද්දෙත් පටන් ගත්තා. නලිනිනම් ලංකාවේ කියමුකෝ. මේ ලකියටවත් වැඩක් නැද්ද හැමදාම එක වෙන්න බලන්නෙ. යකෝ අපිට නෝ චාන්ස්. මේක මාර කෙලියක්නෙ. දෙන්නටම කියන්නේ ආයිත් එක වෙන්න බැහැ. අපිත් ඉන්නවා හරිය. එකට ආවත් දෙක තුන වගේ දැම්ම නම්, අපිත් එක වෙන්න එපාද? හරිය.

    ReplyDelete
  16. සුබ නව වසරක් වේවා.!

    අර කිවුවත් වගේ අනුරාධපුරෙන් එහාට ඔක්කොම පාරවල් කාපට් කරලලු තියෙන්නෙ. සුබ ගමං.

    ReplyDelete
  17. නලිනි,
    සහතික ඇත්ත. ඕවයේ යනවා තියා හිතන්නවත් හොද නැහැ. තව මොටෝ සයිකලේ අම්මේ හිතන්නවත් එපා.

    ReplyDelete
  18. හි හි....අර ටැග් කිරිලි කතාව නම් සිරා අයියා.....මටත් මහ ඇණයක් වුනා....අඩු තරමේ අකුරු දෙකක් හරි කමක් නෑ කොටලා එව්ව නම් එකක්....එහෙව් එකේ මුන් කරන්නේ ටැග් කරන එක....හි හි....යාපනේ සවාරිය පටන් ගත්තද?සුභ ගමන් එහෙනම්....

    ReplyDelete
  19. සුභ අළුත් අවුරුද්දක් වේවා මාරයියේ.කමක් නෑ නෙ විස් කොලාට....

    හැම තැනම ගමන් යන්නට හැකි වේවා.තව තව කෑම හැදීමට හැකි වේවා...

    ReplyDelete
  20. අනේ වාසනාවන් අවුරුද්දම!!! බලාපොරොත්තු තියන්නේ හැමතිස්සෙම ඉටු නොවෙන ඒවා... මේක බලාපොරොත්තුවක් නෙමේනෙ, වැඩක්නෙ නේද? ඉතින් ඒ වැඩේ අති සාර්ථක අයුරින් ඊෂ්ඨ වේවා කියල පතනවා!!!

    රට්ටු කියන කථා ගනන් ගන්න එපා මලේ... ජනඅවන්හල් තියේ මදී නොකියන්න... ජනතාවට කන්න බොන්න ගිමන් හරින්න..
    අපි මහ වැස්සෙත් ගිහින් ආවෙ..

    බොරුනම් බලපන් ඕන්..
    http://www.facebook.com/ajax/photos/album/edit/dialog/dialog.php?album_id=2877674426120

    ReplyDelete
  21. එහෙනම් ඉතිං බැති සිතින් යාපනේ ගිහිල්ල එන්නකෝ..තව පෝස්ට් දෙක තුනකටම ඇති වෙන්න කාරණා හොයාගෙන..

    ඕං මමත් සුබ නව වසරක් වේවා කියල පැතුවා.

    ප. ලි

    අරහෙ කකා බනිනව සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතන්න එපා කියලා.

    ReplyDelete
  22. කවුරු උනත් ඕනවට වඩා සුභ පතන එක වදයක් කියන කතාව නම් හරි. වැඩට එන පාරෙ ඇඳුම් කඩේක වැඩකරන සිකියුරිට් කෙනෙක් ඉන්නව දැකල පුරුදුයි කියල කතා බහ කරපු. ඊට පස්සෙ ඔය මනුස්සය උදේකට එහෙම දැක්කොත් ගුඩ් මෝනින්ග් කියනව. ඊයෙ ඔතනින් යද්දි එලියට දුවන් අවිල්ල සුබ පැතුවා, මාත් දෑතින්ම අල්ලල අතට අත දුන්න. ඒත් මොකක් හරි වැඩකට යද්දි, පාරක් එහෙම අහනව වගේ නෙවෙයි, හිතවත් කමට උනත් එකම විදියක සුබ පතීමක් නම් වදයක්.

    ReplyDelete
  23. අපි නම් එසේම වේවා කියල තමා කාට උනත් කියන්නෙ සුභ අලුත් අවුරුද්දක් වේවා කියන්නත් කලින්. සීනි සම්බල් වැඩේ ගොඩ මාරයියෙ.

    ReplyDelete
  24. අම්මපා අර හෙල්මට් කැමරාවක් තිබුනනම් ගිහින් ඇවිත් වීඩියෝ පෝස්ට් එකක් දාන්ට තිබුනා..

    මතක ඇතුව ග්ලවුස් කුට්ටමක් අරගෙන යන්ට.. ඒත් ලේසියෙන් ගලවන්ට පුළුවන් එකක්. මොකෝ යාල්පානම් තන්ගච්චි කෙනෙක් අතින් අල්ලන්ට හැදුවොත් එපා කියයි මොනවා අතගාලා ඇවිලා හිටියත්...

    සුභ ගමන්

    ReplyDelete
  25. හුරේ...............................!!!

    මම අද දහඅට වෙනියා...

    යේ ... යේ.... යේ.....!!!


    මහ මූදෙන් එහාටත් ට්‍රිප් සෙට් වෙන... ඒවා යන්නට ආර්ථිකේ ෆිට් වෙන එල කිරි නිවු ඉයර් එකක් වේවා...!!!

    ReplyDelete
  26. අර....තංගච්චි බලාන්ට වෙන්න ඇති යාපනේ යන්නෙ....? :P

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. Happy New year !!!!! කිව්වා එහෙනම් . මිට පස්සේ කාට හරි සුබ පතන්න කලින් ලයිෆ් බෝය් දාල අත හෝදලා ද අහන්න . අපේ අම්මලාගේ නැන්දම්මලගේ ඉඳන් හත්මුතු පරපුරම යාපනේ ගිහින් තියේ . මන් ඇර. සුබ ගමන්

    ReplyDelete
  29. උදා වූ නව වසරේ තොට කෙලවේවා...
    (එසේම වේවා කියලා එහෙම කියන්නෙ නෑ... හරී...)

    ReplyDelete
  30. යකෝ 60ක් ඉන්න හිතාගෙන ඉන්නවද?
    වැඩි නැද්ද බන් . .
    අපි නම් තව කමක් අනෙ කියතෑකි . . දරු මල්ලෝ රස්සාවක් වත් කොරන කම් ඉන්න හිතන එක . .
    තෝ මක්කටෙයි එච්චර කාලයක් . .
    ඉක්මනට මැරියන් බන් . .
    හික්ස් හික් හික්
    ටයි පටි දාන උන් අහුවෙච්චි වෙලාවක බොගේ බෙල්ල හිර නොකලොත් පුදුමයි

    ReplyDelete
  31. /මට ඔය ටයි බැඳන් පාරේ යන බුවාලා දැක්කම පුදුම සංතෝෂයක් දැනෙනවා... ඒකට කියන්නේ කුරිරු සතුට කියලා නමක්.../

    මේක තමයි අල්ලලම ගිය කෑල්ල... මමත් ඔය සතුට ලබනවා ලංකාවට ආවම කොළඹ දිහාවෙදි. හක් හක්.

    උබට සුබ.. අහ් එක්කො ඕනි නෑ... උබට ජය.

    ReplyDelete
  32. @නිශ්...

    ඔව් බං අහන අහන කෙනා පාරවල් ගැන දෙන වාර්ථාව හොඳයි... කෑම ගැන අත්දැකීමත් ගිහිංම තමා බලන්න වෙන්නේ.. ඔය සමහර අය කියන කතාවලට අපි සැලෙයි..හික්...

    @ලොකු පුතා...

    ඒක ඇත්ත බං ඒත් ඕක හදාගන්න බැරි වෙනසක්ද ලංකාවේ මිනිස්සුන්ට..එහෙම නැත්තං ඒක ලොකුකමක් කියලා හිතං ඉන්නවද මංදා...

    @Raj..

    එසේම වේවා සහ..ගාළු ගමනටනං එන්ට හැටියක් නැහැ මලේ...

    @වෙද ගෙදර මහ වෙදනා...

    මොකද මේ හරිය හරිය ගාන්නේ..ගම දකුණේවත්ද..?:D:D:D

    @Praසන්ன...

    එසේම එසේම...

    ඔව් ඔව් බලමු එහෙම ඇති කියලා හිතං තමා යන්නේ...

    @මකුළුවා...

    තැන්කූ කිව්වා...ටැග්නං ඕන නැහැ...

    @නිසුපා...

    කමක් නැහැ කමක් නැහැ තව තව විස් කොරන්ට..අද මේ පෝස්ට් එක දැම්මත් හරි වෙනදට වඩා විස් කිරිලි හැම තැනම..මං කරගත්ත ගොං කමක්..හික් හික්...

    තැන්කූ තැන්කූ අර අවසාන පැතුමට...

    @තනෝජා රාජපක්‍ෂ...

    මාරයා ඔන් ලැයින් අක්කා... මං දවාලේ කිව්ව විදියට ඕක මට බලන්ට වෙන්නේ 5 වෙනිදා හවස් කොරේ තමා...

    @cjgayan...

    තැන්කූ කිව්වා ඒ පැතුමටත්..අනිවා ගමනක් කියන්නේ අනිවා පොස්ට් එකක් හෝ දෙකක්...

    ReplyDelete
  33. @ගුණේ...

    හුග දෙනෙක්ට ඔය අත්දැකීම තියේ..ඒත් ඉතිං අමාරුවෙන් ඉවසනවා..

    @පිණිබිඳු...

    ආ මං දැක්කා නගා පණිවිඩ පොජ්ජක් මංදෝ කරලා තියෙනවා.. කොම්පීතර සීනි සම්බෝල ගැන...

    @Indunil...

    පික්ෂුද මල්ලි තංගච්චිලා අත දුන්නට මං නැහැ නෙව හිත දෙන්නේ...
    අම්මපා ඔය වගේ කැමරාවක් හොයාගෙන අටෝ ගන්නට තිබුනානං සොක්..එහෙනං බොලාට අවුරුද්දම බලන්ට වෙන්නේ වීඩියෝ කෑලි තමා...

    @පොඩි මෑන්...

    මුහුදෙන් එහා නේද..හිටුකෝ මේ මුහුදෙන් මෙහා ටික කවර් කොරනකල්..ඊට පස්සේ කොහොම හරි ලෝක බොලේ වටකුරුද කියලා බලන්ටවත් යන්ට ඕන තමා..පොඩ්ඩටත් තැන්කූ ඈ..

    ReplyDelete
  34. @දිල්...

    මං බොට කිව්වා කියලා හිතාගං හුහ්..තංගච්චි...:D:D:D

    @Bindi...

    හත්වළාමේ මේ ඇවිදින් ගිය එකේ ඕකට දවස් දෙකක් වෙන් කොරගන්ට තිබුනා නෙව.. අපරා‍දේ... මං දැක්කා ආපහු ගියා කියලා තිබුනා...

    @Jeew...

    එසේම නොම නොවේවා...!

    @දුකා...

    මගේ එකම පැතුම අනේ තොට 120ක්ම අඩු නැතිව ලැබිය කියලා තමා... එතකොට තේරෙයි ඒකේ රඟ...හැක්

    @පිස්සා පලාමල්ල...

    හික් හික් හික්..හා හා උඹටත් එසේම...

    ReplyDelete
  35. ඔන්න බව්වෝ ඇල්ලුවේ නැහැ. ඇල්ලුවත් මාත් එ‍වලෙම අත හෝදනවා... සුභ නව වසරක්..

    ReplyDelete
  36. පූෂා... උඹට කරනු ලබන් අවසන් නිවේදනයයි... මාරය හැරෙන්නෙ පොල් පැලේ පැත්තට.. ගෙට පලයන්....

    ReplyDelete
  37. අපොයි එහෙනම් අතට අත දීලා නෙමෙයි ආයුබෝවන් කියලා සුභ පතනවා..මට අද මාරයාව ගොඩක් මතක් උනේ ගොසිප් එකේ තිබ්බ ලිපියක් දැකලා..මම තව ටිකකින් ඒක ලියලා දාන්නම්..කොහොමත් මම බඩගිනි වෙලාවට මේ පැත්තට එනවා..මෙකේ කෑම දිහා බලන් පපඩමක් කෑවත් හරිනෙ..

    ReplyDelete
  38. ඕන්න ඔහෙ ගිහින් අපිටත් විස්තර ටිකක් කියලා දමාපන් මල්ලියෙ !

    ReplyDelete
  39. හුරේ......... මම 38... :D

    ReplyDelete
  40. සුබ අළුත් අව්රුද්දක් මාරයියේ.... (නොකියා බැරි කමට කිව්වේ ඈ...)

    ReplyDelete
  41. අවුරුදු 32 වයසක්ද මලයෝ ? කිකම් අපිට හිත් අමාරුවෙන කතා කියන්න එපා.. අර අනිත් කතාව නම් ඇත්ත මොන මල ජරාව අතගගා ඉඳල අත දෙනවද කවුද දන්නේ ?විසේසයෙන්ම පස්ස නොහොදන සුද්දෝ !

    ReplyDelete
  42. මේ පැත්තට මුලින්ම ආවෙත් අද..ඒත් ඉතින් සුබ අලුත් අවුරුද්දක් කියන්නත් බයයි..බැනුමක් අහන්නවෙයිද දන්නෙ නෑ..ඒ නිසා සද්දෙ වහගෙන ඕන් අපි ගියා අයියෙ..

    ආයු බෝ වේවා..! :)

    ReplyDelete
  43. යාපනේ සවාරියෙ විස්තර බලන්න ආසාවෙන් බලන් ඉන්නවා....

    ReplyDelete
  44. මම උඹව හම්බ උන දවසට අතට අත දෙන්නෙ හොඳට පුක කසලා......

    ReplyDelete
  45. ඔන්න මමත් කිව්වා කියලා හිතාගන්නකෝ!

    ReplyDelete
  46. //අනුරාධපුරෙන් එහාට වැසිකිළි යන්න වෙන්නෙ කැලේට තමයි. ඒත් ඒ කැලෑවල තවමත් හංගපු බිම් බෝම්බ...//

    මේක තමයි ඕයි නැගලම යන කෑල්ල . . . . කෝමද මාරයා අනුරාධපුරේ ලන්දක් අස්සෙ රිංගලා හාවෙක් අල්ලන්න සෙට් වෙද්දිම . . . . . ඩෝං !!! (එක්කොත් ඉතුරු ටික ඕනැ නෑ)

    ReplyDelete