07 January 2012

ජනප්‍රියම බ්ලොග්කරුවා සෙවීමේ යුගයේ අවශ්‍යතාවයට විසඳුමක්...

බුදු අම්මියෝ.. අපේ රටේ හුගාක් ප්‍රශ්න තිබුනා ඒ කාලේ... දැන් ඒ මුකුත්ම නැහැ..අපේ මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න... ඒ හින්දා දැන් අපිට වෙලා තියෙනවා වෙන වෙන ප්‍රශ්න හොයං යන්න..ඇයි ඉලව්වේ ප්‍රශ්න නැතිව අපි කෝමද ජීවත් වෙන්නේ..අපිව ජීවත් කරවන්නේ ප්‍රශ්න... ඉතිං දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ප්‍රශ්න නැතිකම..ඉතිං දැන් හැම තැනම අපි ප්‍රශ්න හදන්න සෑහෙන්න දත කන්න වෙලා...

ඉතිං මේ ගැන මේ දවස්වල බ්ලොග් අවකාසෙත් හෙනට ප්‍රශ්න..ඉතිං ඒකේ අළුත්ම එක තමා ජනප්‍රිය බ්ලොග් කරුවා සෙවීම.. ඕක හොයා ගත්තම අපිට සෑහෙන්න දෙයක් කරන්න පුළුවන් වෙයි මං හිතන්නේ...

ඉතිං මාත් මේ දවස්වල ඔළුව පටලෝගෙන උදේ රාත්තිරියේ කල්පනා කොරන්නේ කොහොමද ඕක හොයාගන්නේ කියලා... ඒත් අන්තිමේදී මට පිහිටට මගේ මිත්තරයෙක් ඉදිරිපත් උනා...

ඒකා හෙන දස්සයා... කොහොම හරි කල්පනා කරලා හෙන ජ්‍යාමිතික සූත්‍ර කිහිපයක් මට ඉදිරිපත් කලා මෙන්න මෙහෙම ඕක හොයා ගතෑකි කියලා මං ඒ ටික දාන්නංකෝ මෙතන...


ඒ අනුව මෙහෙමයි කරන්න තියෙන්නේ...

මුලින්ම අපි කෙනෙක්ගේ හිට්ස් ගාන පොස්ට් ගානෙන් බෙදන්න ඕන...

ඊට පස්සේ කොමෙන්ට් ගානත් පොස්ට් ගානෙන් බෙදන්න ඕන..හරිද..?

ඊට පස්සේ ඔය දෙක මෙන්න මෙහෙම එකතු කරලා.. සම්බ්න්ධ කරලා.. කම්බයින් කරලා මෙව්වා කරලා ඒ හරහා මෙව්වා එක හොයාගන්න ඕන.. මොකක්ද අපි හොයාගන්නේ.. මෙව්වා එක හරිද..?

හරි දැන් එතකොට ඔක්කොම් ඉවරයිද..නැහැ... අපිට තව තියෙනවා කරන්න දෙයක්... ඊට පස්සේ අපි බ්ලොග් එකේ හිට්ස් ගාන කොමෙන්ට් ගානෙන් බෙදන්න ඕන... ඊට පස්සේ අර කලින් ආපු මෙව්වා ඒකට මේකත් මෙන්න මෙහෙම එකතු කරලා..සම්බන්ධ කරලා..කම්බයින් කරලා..මූට්ටු කරලා..පූට්ටු කරලා මෙව්වා කොරලා දාන්න ඕන... එතකොටත් අපිට මෙව්වා එකක් ලැබෙනවා...

ආන්න ඒක තමා දැන් මේකේ පොදු මෙව්වා එක.. එතකොට ඒ මෙව්වා එක හොයාගත්තම අනිත් අයගෙත් මෙව්වා එක්ක ඒක මෙව්වා කොරලා බැළුවම අපිට පේනවා ඒ ඒ බ්ලොග් එක‍ කොතනද තියෙන්නේ කියලා... එතකොට හරිද..?

ඒකත් හරි කියමුකෝ.. ඒ එක විදියක්..

දැන් මෙන්න දෙවැනි විදිය...

දන්න කියන බ්ලොග් ඔක්කෝම ගන්නවා අපි මෙන්න මෙහෙම එක තැනකට..කොහොමද..මෙන්න මෙහෙම..ඒ අරගෙන අපි බලනවා ඒවට වැටිලා තියෙන කමෙන්ට් ගාන... ඊට පස්සේ කමෙන්ට් අඩුම බ්ලොග් උඩටත්..වැඩිම ඒවා පහළටත් එන්න අනු පිළීවෙලින් ලයිස්තුගත කරනවා..එතකොට උඩින්ම තියෙන්නේ ජනප්‍රිය බ්ලොග්.. යටටම තියෙන්නේ ජනඅප්‍රිය බ්ලොග්...

ඇයි එහෙම වෙන්නේ..ඒකටත් අර යාළුවා මට මෙහෙම පැහැදිලි කලා.. උදාහරණයක් විදියට ඒ යාළුවගේ බ්ලොග් එකට කොමෙන්ට් නැහැ වැඩිය..ඒත් ලියන එව්වා ඉස්තරං... ඒත් මේ මෙලෝ රහක් නැති තණකොල මැල්ලුන් හැදීමයි.. පොලේ යෑමයි කඩේ යෑමයි කරන මට ඊට වඩා කමෙන්ට් වැඩියි... ඇයි එහෙම වෙන්නේ..?

ඒ තමා ඊරිසියා සූත්‍රය... හොඳ ලිපි තියෙන බ්ලොග් වලට මිනිස්සු කොමෙන්ට් නොකරන්නේ තමුන්ගේ තියෙන ඊරිසියාව හින්දා..ඉතිං අර යාළුවට කොමෙන්ට් නැහැ.. මොකද අපි හරි ඊරිසියයිනේ එහෙම ඒවට..ඒත් මෙලෝ රහක් නැති ඒවට මිනිස්සු කමෙන්ට් ඒ ඒවට ඊරිසියා කරන්න දෙයක් නැති හින්දා...

එතකොට පැහැදිලියි නේද කෝවද ජනප්‍රිය සහ හොඳ කියලා..කමෙන්ට් අඩුනං හොඳයි..ජනප්‍රියයි.. කමෙන්ට් වැඩිනං නරකයි ජන අප්‍රියයි..

ඔය සූත්‍රයට තමා කියන්නේ ඊරිසියා සූත්‍රය කියලා..

එතකොට වැඩේ ඉවරද..? නැහැනේ..දැන් තමා ලස්සනම මෙව්වා එක තියෙන්නේ...

ඒ කියන්නේ දැන් ඔය සූත්‍ර දෙකම ඇසුරෙන් හොයාගත්ත අගයන් දෙකත් මෙව්වා කරන්න ඕන අර කලින් විදියටම..ඒ කොහොමද..මෙන්න මෙහෙම එකතු කරලා..සම්බන්ධ කරලා............

හරිනේ... දැන් තමා අපිට නියම අගයන් එන්නේ..ඊට පස්සේ ඔව්වා හරහා අපට ලැබෙන අගයන් අනුව අපි ඕවා වර්ගීකරණය කරනවා මෙන්න මෙහෙම...

ඒ කියන්නේ හොඳම ඒවා ලෝකෙම ජනප්‍රිය.. ඊ ළග එව්වා දිවයිනට ජනප්‍රිය.. එයින් පස්සේ පළාත්වලට ජනප්‍රිය... පළාත්වලින් පස්සේ දිස්ත්‍රික්ක වල ජනප්‍රිය එවා..එයිට පස්සේ ප්‍රාදේශිය සභාවලට ජනප්‍රිය ඒවා.. ගමට ජනප්‍රිය ඒවා.. ගෙදරට ජනප්‍රිය ඒවා..අවසානෙදී තමුන්ගේ කාමරේට ජනප්‍රිය ඒවා ආදී වශයෙන්...

ආන්න එහෙම හොයා ගත්තාම තමා මේක ඉවර වෙන්නේ... දැන් ඔබට පුළුවන් ඔබ ඉන්නේ කොතනද කියලා බලාගන්න...

ඔය සම්පූර්ණ සූත්‍රයට කියන්නේ "පූස් ඊරිසියා සූත්‍රය" කියලයි... නම මං නෙවෙයි ඌම දාපු එකක්...

කොහොමද මගේ යාළු පොඩි එකාගේ මොලේ.....උගේ සූත්‍ර වල‍ට අනුව ඌ සෑහෙන්න ජනප්‍රිය බ්ලොග් කරුවෙක්... ඒ කියන්නේ කාමරේට ජනප්‍රිය බ්ලොග් කරුවෙක්..ඒ හින්දා ඌ මගේ වගේ පාන්කඩ බ්ලොග්වල කොමෙන්ට් කරන්නේ නැහැ කියලත් මට සතුටින් දැනුම් දුන්නා..එහෙම කරලා උගේ තත්වේ බස්සගන්න ඌට බැහැළු..ඒ පාර මාත් කල්පනා කලා මටත් දැන් තියෙන්නේ කාටවත් කමෙන්ට් නොකර තත්වේ ආරස්සා කරගෙන ඉන්න ඕන කියලා... එතකොට මාත් ලොකු බ්ලොග් කාරයෙක් වෙනවා වගේම හෙනට ජනප්‍රිය වෙන්නත් පුළුවන්...

දැන් ඔන්න මගේ මිත්තරයට පින් සිද්ද වෙන්න ඒ ප්‍රශ්නෙත් විසඳුනා... ඒත් ඉතිං දැන් ආයෙමත් හොයපංකෝ ප්‍රශ්නයක්.. මේ ප්‍රශ්න නැති රටේ අපිට විසඳන්න...
--------------------------------------

අස්ථීර ලෝකේ ස්ථීර දේ නොමැත...

45 comments:

  1. අනේ මන්දා..අපි නම් පුළුවන් විදියට පුලුවන් ඒවා කියවලා කොමෙන්ට් එකක් දාලා යනවා...ගන්න පුලුවන් දෙයක් හිතට ගන්නවා..එච්චරයි..කවුරු ජනප්‍රිය වුනත් මේ තමන්ගෙ වටිනා කාලය කැප කරගෙන අනුන් වෙනුවෙන් වටිනා දෙයක් උත්සාහ කරන හැම බ්ලොග් කරුවෙකුටම මම ගරු කරනවා..

    ReplyDelete
  2. මතකද අර Praසන්ன කියල එකෙක් බ්ලොග් එකක් පටන්ගත්ත.

    ReplyDelete
  3. බ්ලොග් ලෝකෙ අලුත් සෙල්ලම ජනාප්‍රිය බ්ලොගේ සෙවීම. මෙහෙම කරලා මිව්ව එකම මෙහෙම හොයලා අනිත් එක මෙහෙම කොරලා දෙකම එකතු කරලා,, කොම්බයින් කොරලා,, මෙහෙම කරලා කරන සෙල්ලම්,,

    හෙක් .. හෙක්... අනේ දන්න දෙයක් ලිව්ව. කිව්ව දේට පිලිතුරු දුන්නා. වෙන මොනවද මලේ.

    ReplyDelete
  4. ඔය පළමුවෙනි මෙව්වා එකයි අනිත් මෙව්වා එකයි දෙකට එකට එකතු කරන විදිය මෙන්න.

    http://youtu.be/oQi4N6LTJHo

    !

    ReplyDelete
  5. බුදු අම්මියෝ?

    මාරයා ට වැරදුනාවත්ද?
    එහෙම කියන්නේ අම්මාට අම්මී කියන අයයි.
    අම්මාට අම්මා කියපු අපිට නං කියවෙන්නේ බුදු අම්මෝ කියලාමයි.

    ReplyDelete
    Replies
    1. මාරයා පොෂ් වෙන්න හදන්නෙ කතන්දර....

      Delete
  6. ඔන්න කතන්දර තව ප්‍රශ්නයක් හදල. දැන් ඉතිං හොයපංකො ඒකටත් උත්තර.

    ReplyDelete
  7. .
    අනේ කමෙන්ට් නොකර හිටියොත් මට යන කල දසාව මොකක්ද??
    මාව මෙව්ව වෙලා යයි.

    ReplyDelete
  8. ඕනෙමනං අපි චන්දයක් තියමු... හිටපල්ලකො මන් දානවා පෝල් එකක් ඇවිත් ක්ලික් කරපල්ලා හරිය.....

    ReplyDelete
  9. මගේ සයිට් එකෙන් ඇදල ගත්ත මාතෘකාවට මාරය දීල තියන උත්තරේට මම දුන්න උත්තරේ මෙතන පේස්ට් කරනව.

    "මාරයා,
    //..ඉතිං දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ප්‍රශ්න නැතිකම..ඉතිං දැන් හැම තැනම අපි ප්‍රශ්න හදන්න සෑහෙන්න දත කන්න වෙලා...
    ඉතිං මේ ගැන මේ දවස්වල බ්ලොග් අවකාසෙත් හෙනට ප්‍රශ්න..ඉතිං ඒකේ අළුත්ම එක තමා ජනප්‍රිය බ්ලොග් කරුවා සෙවීම.. ඕක හොයා ගත්තම අපිට සෑහෙන්න දෙයක් කරන්න පුළුවන් වෙයි මං හිතන්නේ...//

    ඔයාගෙ පෝස්ටුවෙනුයි මේක උපුටා ගත්තෙ. හැබැයි මට නං ඔය කියන විදියෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මම මේ පෝස්ට් එකෙන් උත්සාහ කලේ ඇනෝකෙනෙකුගෙ සූත්‍රයට විකල්ප ක්‍රමයක් ඉදිරිපත් කරන්න මිසක් කාගෙවත් හිත් රිදවන්න නෙවේ. ඒවගේම ජනප්‍රියත්වය ගැන කා එක්කවත් තර්ක කරන්නත් ලෑස්ති නෑ. හැබැයි මම උනන්දුයි ජනප්‍රියත්වය ගැන මණින මිමි ගැන, ගණිත ක්‍රම ගැන. ඒකයි මගේ පෝසටුව දැම්මෙ. නම් සදහන් වීම නිසා හිත්රිදීමක් ඇතිවුනානං සමාවෙන්න! "

    ReplyDelete
  10. නැත! මේ කියා ඇත්තේ මාගැන නොවේ:)

    ReplyDelete
  11. අර ජනප්‍රියයි ජන අප්‍රියයි කියන එක තෝරන්නේ ක්මෙන්ට්ස් වලින්ද...බලපු ප්‍රමානෙන් නෙමෙයිද..කොහොම උනත් යාලුවා මොලේ තියෙන කෙනෙක්..අපිට නෑනේ මාරයියට වගේ හොඳ යාලුවෝ

    ReplyDelete
  12. දැන් ඔය එව්වා මෙව්වා කොරන ඒවා අමතක කරල දාල මාරය තමයි පොර කියල අපි හිතාගත්ත නම් වැඩේ ෆිනිශොං .

    ReplyDelete
  13. දැන් ඕක තෝරලා ඊට පස්සේ මොකද කරන්නේ . . ?
    මම නම් දත කාගෙන හොයන්නේ අන්න ඒක.

    ReplyDelete
  14. ගනන් ගන්න එපා.ඔයාල ලියන ඒවා ආසාවෙන් කියවන පිරිසක් ඉන්නවා. සමහරු මොනවා හරි ලියල සතුට හරි තරහව හරි පිට කරල යනව සමහරු මොකුත්ම නොකිය හිතෙන් බැන බැන යනවත් ඇති. දවස ගානෙ බ්ලොග් ලෝකයෙ කියවන අය වැඩි වෙනවා කියවන අය තමන්ගෙ රුචිකත්වය අනුව තම තමන්ට ගැලපෙන වීරයො වීරවරියො තෝරගන්නවා. අර සිංහලයගෙ තියෙන කැත පුරුද්ද "රිසියාව" ඉතින් මෙතනත් එන යන අයටත් පහල වෙනවනේ.කිසිඳු වෙනසක් නොකර ඔය යන විදිහට යන්න.ප්‍රසිද්ධ වෙන කෙනා ජනප්‍රිය වෙන කෙනා හරි විදිහට මතුවෙලා එයි පිලිවෙලට.

    ReplyDelete
  15. මේක නිකන් විභාග කොමසාරිස් z score එක හදපු හැටි කිව්වා වගේ "එකතු කරලා සංයුක්ත කරලා කොම්බයින් කරලා"
    පස්සේ නඩුත් දායිද දන්නේ නෑ අදහස නම් පංකාදුයි අර කාමරේට ජනප්‍රිය බ්ලොග් තියෙන්නත් එපැයිනේ හි හි

    ReplyDelete
  16. එතකොර දිස්තිරික්කයේ ස්ථානයයි රටේ ස්ථානයයි හොයන්නේ කෝමද ?

    ReplyDelete
  17. අනේ බලපන් මාරයියේ මගේ මෙව්වා එකත් වේලෙන මෙව්වා එකක්,,ලියන්න දේකුත් නෑ ඒ මෙව්වා එකේ,, ඒත් මටත් ඕනා ජනප්‍රිය වෙන්න,,, මම නම් උබලගේ ඒවට කමෙන්ට් කරන්නේ මාව ජනප්‍රිය වෙන්න,,ඒ වගේ ජනප්‍රිය වෙච්ච උන් ඉන්නවා ගොඩක්,,

    ReplyDelete
  18. ඔච්චර දගලන්ඩ ඕනා නෑ.. ජනප්‍රියම බ්ලොග් එක සඳරුවගේ " හිස් අහස ". මට හිතෙන්නේ ඔය මොන සූත්තරේ දාලා බැලුවත් උගේ එක එකට එනවා... නෑ කියන උන් ඔක්කොම කුහකයො..

    ReplyDelete
  19. බ්ලොග් එකකට කමෙට් එකක් දාන්නෙ ජනප්‍රියතාව මත නොවේ ලිපියේ ආකර්ශනය සහ අන්තර්ගතය මතයි ( එය ගැඹුරු ලිපියක් වීමේ උවම්නාවක් නැත ) . අවශ්යවන්නේ විවිධත්වයයි ....
    මෙහිදී අඩුවෙන්ම සදහන්වූ සත් සමුදුර , කෝච්චි බ්ලොග් එක , දුමී මේ ඔක්කොම ජන්ප්‍රිය බවයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  20. මයෙ බ්ලොග් කඩමාල්ලට් ඔය ලිස්ට් එකක යටිං හරි එල්ලගන්න පුලුව්ං වෙයි නේද මචං ???

    ReplyDelete
  21. මගේ ආසම බ්ලොග් එක කෝච්චි බ්ලොග් එක, ඒකට කොමෙන්ට් වැටෙන්නෙ නං බොහොම ටිකයි. හිට්ස් කොච්චරද කියල, කොයි තරං පරනද, අනං මනං, මං හෙව්වෙ වත් නෑ. අනිත් කට්ටියට එච්චචර උනන්දුවක් නැතිව ඇති, ඒ වුනාට මගෙ ආසම මාතෘකාවක්.

    Click here to have a look at it

    ReplyDelete
  22. මං ඉස්සෙල්ල දාපු කොමෙන්ට් එකේ සඳහන් කල බ්ලොගේ, අපි කාටත් කියවන්න වටින පෝස්ට් එකක් මේක. Click here. Click here.

    ReplyDelete
  23. ඊරිසියා සූත්‍රය නම් පට්ටයි ඈ... මමත් කැමති නෑ නොවැ මගේ තත්වය බස්සාගන්නත්!!!

    ReplyDelete
  24. මං මේක සිරාවටම කියන්නේ මාරයියේ.. ඇත්තටම හුගක් හොද බ්ලොග් තියෙනවා කමෙන්ට්ස් නැතුව වේලි වේලි.කමෙන්ට් කරනවා කියලා හුගක් උන් කරන්නේ එකිනෙකාගේ පිට කසාගන්න එක.ඒ වගේම බ්ලොග් ලියන එකාත් කෙමෙන්ට්ස් වලට‍ උත්තර දෙද්දී, තදින් උත්තර දෙන්න ඕනේ කමෙන්ට් වලටත් උත්තර දෙන්නේ කෑල්ලට ලියුම් ලියනවා වගේ.මොකද කමෙන්ට් කරපු එකාගේ හිත රිදිලා ආයිත් කමෙන්ට් නොකර ඉදියි කියන බයට.ඕන මගුලක් වෙයන් කියලා කියන්න තියෙන දෙයක් ඩිරෙක් කියන එකෙක්ට මං දන්නේ බුවා විතරයි.(මගෙත් එක්ක හැමතිස්සෙම ඇරගන්න ආවත්.)

    ඇඩ් පෙන්නනෙ නැත්තම් බ්ලොග් කාරයෙක්ට හම්බකරන්න තියෙන්නේ කමෙන්ට්ස් වීතරයි.කමෙන්ට්ස් නැතුව හොද බ්ලොග් වැහිලා යන්න ඉඩදෙන එක අපරාධයක්.තමුන් කියවපු පොස්ට් එහෙකට වෙලාව තියෙන විදියට කමෙන්ට් කරලා සප් එකක් දෙන එක හැමෝගෙම යුතුකමක්.....

    ReplyDelete
  25. මුට අද වැඩියිද මන්දා?

    ReplyDelete
  26. මෙය මඩක්ද සිනා වෙන්නට ලියුවක්ද නැතිනම් සීරියස් පෝස්ට් එකක්දැයි සිතා ගත නොහැක... එව්ව එක කෙසේ වෙතත් මගේ මෙව්ව එකේ සැටියට නම් ජනප්‍රියතාව මැනීමට යාම මෝඩ කමකි....

    රසිකයන් කමෙන්ට් කරන්නේ තමන්ගෙ රුචිකත්වයට අනුව... ඒ වගේම හැමෝම නොදන්න බ්ලොග් කොච්චර ඇත්ද... ලිවීමෙන් රචකයා ලබන තෘප්තිය වගේම අපි වගේ කියවන්නන් වෙනුවෙන් ඕගොල්ලො කරන්නේ සේවයක්... ඒකයි මගෙ හැඟීම... ඒ නිසා ගෞරවය ලොකු, පොඩි, ප්‍රවීණ, නැගී එන, සම්භාව්‍ය බ්ලොග් වගේම මේලෝ රහක් නැති බ්ලොග් ලියන හැමෝමට එක විධියට ලැබිය යුතු බවයි මගේ අදහස...

    ReplyDelete
  27. අඩේ පටලැවිල්ලක් වගේ බොල.. ඔය කියන පෝස්ටුවෙන් මාරයට ගහන්න අදහසක් තියෙන්න නැතිව ඇති කියල හිතනවා. මම දැක්ක ඒ පොස්ටුව. මිනුම් දඩු කේස් එකක් නේද???

    බී කූල් කොල්ලනේ.. :)

    ReplyDelete
  28. තේරුන මාරේ අයියේ ඔය "පූස් ඊරිසියා සූත්‍රය" දාලා බලන්න ඕන... පළවෙනි එකයි දෙවෙනි එකයි මෙවුවා කලාම හරිනේ??

    ReplyDelete
  29. කාලයක් සිනමාව, සිංදුවල සහ ටෙලිඩ්‍රාමා ලේබල් කලා 'ප්‍රබුද්ධ' සහ 'පීචං' කියලා. දැන් ඒ ලෙඩේ බ්ලොග් වලටත් ඇවිල්ලද????

    ReplyDelete
  30. "ජනප්‍රිය බ්ලොග් කරුවා " කවුරුන්ද යන්න සොයා ගත්තා කියා ඇති ඵලය කුමක්ද?
    මේ සූත්‍ර වලට අනුව නම් බ්ලොග් අවකාශයේ කමෙන්ට් කර දැන හැදුනුම් කමක් ඇති කරගෙන ඉන්පසු බ්ලොග් එකක් ආරම්භ කර එහි එක් පෝස්ට් එකක දැමීමම ජනප්‍රියම වීමට හේතුවේ.
    ජනප්‍රිය බ්ලොග් කලින් කලට වෙනස් වෙනවා කියන එකට එකඟයි.
    මමනම් බ්ලොග් ලිපි ලියන්නේ දැනට සිංහල බ්ලොග් ලියන එක්දහස් ගනනට(ආසන්න වශයෙන්) විතරක් බලන්න නෙවෙයි.ඒත් අවාසනාවට හැමදාම අපේ ලිපි කියවන්නේ එකම පිරිසක්.ඒ වගේම සර්ව කාලීන වටිනාකමක් ඇති ලිපි ලියන්න තමයි මගේ උත්සාහය.සෙනසුරු මාරුව ගැන අපි ලියන විස්තරයක් වටින්නේ ඒ කාලෙට විතරයි.ඒත් මහ වෙදනා වගේ කෙනෙක් "දියවැඩියාව පාලනය කිරීමේ ක්‍රම" ගැන ලියන ලිපියක් හරි මාරයාගේ කෑම පොස්ට් එකක්, දුමීගේ විහිළු කතාවක්,සදරුගේ අත්දැකීමක් වගේ දේවල් හැමදාටම රස විදින්න පුළුවන්.වටිනාකමක් තියෙනවා.
    ඇත්තටම මම ආසයි මේ අද ඉන්න බ්ලොග් ලියන්නෙක් මගේ ලිපි කියවනවට වඩා තව අවුරුදු 60 - 70 ක් ගිහින් අනාගත බ්ලොග් කියවන්නෙක් මගේ ලිපි කියවනවට.(එතකොට මම මැරිල තියෙන්නත් පුළුවන්.).ඉලන්දාරියා නැති වුනත් එයාගේ ලිපි ඕන කාලෙක කියවන්න ලැබෙනවා වගේ.

    ReplyDelete
  31. දැන් ම‍රණේ අයියා ඕවා මෙව්වා කරන එක මෙව්වා කරන්නේ කොහොමද?

    ReplyDelete
  32. තරග ඇතිමුත් ලොවේ දස අත, තරඟ කුමකට මෙවන් නිදහස් සිතුවිලි වලට.......

    ReplyDelete
  33. එව්වා මෙව්වා එකතු කරලා මෙව්වා එව්වා එකතුකරලා කොම්බයින් කොරලා ගත්ත රිසල්ට් වලින් දැන් කවුද 1?

    ReplyDelete
  34. අහ් !!! රාජ්ගේ නවාතැන එකේ මේකයි * http://raj1st.blogspot.com/2012/01/blog-post_06.html ඇනොනිමස් ආතල් එකේ මේකයි *http://anonymousaya.blogspot.com/2011/12/blog-post_31.html දැක්කම තමයි වැඩේ තේරුනේ.

    මගේ අදහස ඇනොනිමස් ආතල් එකේම කමෙන්ට් කරන්නම් මාරයියේ...

    ReplyDelete
  35. මට හිතෙන්නේ වැඩියෙන්ම බලපෑමක් කරන්න පුළුවන් කෙනා තමා සුපිරිම බ්ලොග් කරුවා .... එහෙම බලනකොට අනොනිමසා තමා දැනට ඉන්න සුපිරිම බ්ලොග් කරුවා ... උ ගිය සතියේ ලියපු එකක් ගැන අපි තාම කතාවෙනවා..............

    ReplyDelete
  36. මම නම් හිතන්නෙ ඔය යාළුවාය කියන කෙනා තමයි අර Z ලකුණු ක්‍රමය හදපු කෙනාටත් උපදෙස් දීලා තියෙන්නෙ... බලාගෙනයි මාරයියේ ඔයාටත් යන එන මං නැති වෙයි ඔය උපදෙස් අනුව රෑන්කිං කලොත්...

    ReplyDelete
  37. JHOTHISHALANKA කිව්ව එක තමයි මටත් කියන්න තියෙන්නේ. කෙනෙක්ට ආයෙ ආයෙත් කියවන්න පුළුවන් දෙයක් බ්ලොගේක ලියවෙනවා නම් ඒවා හැමදාටම ජනප්‍රියයි. හැමෝටම, හැමදාම ඔය වැඩේ කරන්න බෑ තමා. ඒත් ඒ වගේ පෝස්ට් දෙක තුනක් හරි තමන්ගේ බ්ලොග් වල පළ කරන්න පුළුවන් නම් ඒක අපෙන් පස්සේ බ්ලොග් කියවන්න එන අයට කරන සේවයක් වේවි.

    ජනප්‍රිය බ්ලොග් එකක් කියලා නෑ. එක එක්කෙනාගේ රුචිකත්වය අනුව ඔය ලිස්ට් එක වෙනස් වෙනවා. මම නම් මොනවා නැතත් හැමදාම බලන බ්ලොග් 10-15 ක් තියෙනවා. මේ එයින් එකක්...

    මාරේ අයියා පූසාට මඩක් ගහනවාටත් වැඩිය, බ්ලොග් වල ජනප්‍රියභාවය ගැන සංවාදයක් ගෙනියනවාටත් වැඩිය දෙයක් මේ පෝස්ට් එක යටින් තියෙනවා කියලා මට හිතෙන්නේ.

    මොනවා නැතත් අපිට, බ්ලොග් කලාවට වාද භේද වුවමනා නෑ. තම තමන්ගේ තරහ-මරහ අනෙක් අය පිටින් අරින්න ඕනේ නෑ. ඔය අනෙක් සංසද, සංවිධාන වලට වැඩිය බ්ලොග් රචකයෝ කියන්නේ ආදර්ශමත් පිරිසක්ය කියලා ලෝකෙට පෙන්නන්න ඕනේ අපිම තමා.

    ReplyDelete
  38. අපි හැමෝම එකමුතුව ඉන්න උත්සාහ කරන එකයි මම දකින විදිහට හරි ක්‍රමය.

    ReplyDelete
  39. ඇනොනිමස් ආතල් එකේ මෙව්වා එක දැක්කම මට ඒත් නිකමට හිතුන උඹ මේවගේ මෙව්වා එකක් දායිද කියල. නින්දේදී යන මෙව්වා එකක් තරම් වත් ඔව්ව ගණන් ගන්න එපා බං.

    ReplyDelete
  40. මෙව්ව කරල මෙව්ව කරල.. අනේ මගෙ කට..

    ReplyDelete
  41. ඔය ජනප්‍රිය එක හොයාගන්න එක ඔච්චර වැදගත්ද බන් මාරෙ අයියෙ...

    ReplyDelete
  42. මචං මම මේ තාම ගනනය කරගෙන යනවා. උත්තරේ හම්බ උනාම දාන්නම් ;-)

    ReplyDelete