10 January 2012

අපේ කතාවේ ඇය...

එක්තරා රැයකදී වයස අවුරුදු දහසයත් දහ අටත් අතර වයස් වූ යුවතියක් සිය ඇදුම් කිහිපයක් අබලං සූට් කේසයක දමාගෙන නිවසින් පිටතට ඇදුනේ ඇගේ නිවසේ වූ සියල්ලන්ටම හොර රහසිනි. ඇය එන මග බලා සිටි තරුණයකු ඇයව කැඳවාගෙන යාම පිණීස කුලියට ගෙනා මෝටර් රථයක් නොඑසේනම් ටැක්සි කාර් එකක්ද සහිතව රැයේ ගණදුර සමඟ බලා සිටින ලදි.

අඳුරේ ඇදුනු යුවතියගේ ඡායාව හඳුනා ගත් හෙතෙම වහා ඉදිරියට ගොස් ඇයගේ සූට් කේසය ඉල්වාගෙන කාරයට දමාගෙන ටැක්සියේ රියදුරුට ගමනාරම්භයට සලකුණු දී ඇයත් සමගින්ම එහි නැගී එම ගම්පළාතින් පිටව යන ලදි...

..................................................

මෙම කතාව එයින් වර්ෂ ගණනාවකට පසුව ඇය විසින් පවසනු ලබන විට එම ප්‍රකාශයෙහි සෑහෙන පරස්පර තැන් තිබුනු අතර..ඇය කියූ දේ පිළීබඳව සත්‍යාසත්‍ය කෙසේ වූවද සිදු වී තිබූ එකම කාරිය නම් තරුණීය තරුණයකු සමඟ රැයේ ගණදුරට මුවාව සැඟව යාමයි... ඇගේ වදන් වලට අනුව එය පැහැරගෙන යාමකි. එහෙත් එතැනට සූට් කේසය පැමිණීමත් සමඟින් එම කතාව බිඳ වැටෙන අතර එයට පිළීතුර වන්නේ තමා පිටමං වූයේ ගෙදර අය හා සම්බන්ධ කරුණක් නිසා කොහේ හෝ යාමට බවත්ය..

එහෙත් එම වේලාවේදීම තරුණයාගේ පැමිණීමත්.. තරුණයාට එම ගමන යන වේලාව දැන්වීමත් ආදී කරුණූ රාශියක් මත එය කෙසේ සිදු වීද යන්න ගැන තර්ක කරනවාට වඩා යුවලක් පැන යන ලදි යන කෙටි වාක්‍ය කණ්ඩය භාවිතා කිරීම ඉතාමත් පහසු වන බැවින් ලෙහෙසි මාර්ගය තෝරා ගත් අතර මෙහි කතා දෙකක් ඇති බව මෙසේ හෝ කියන්ට යෙදුනේ ඇයටත් නිදහසට කරුණු කියන්නට අවස්ථාවක් සලසා දීම පිණීසය...

පිරිමි දරුවන් දෙදෙනෙකුත්..ගැහැණූ දරුවන් හය දෙනෙකුගෙනුත් සමන්විත අද කාලේ නම් බරපතල යැයි කිව හැකි පවුලක ඇය සිව්වැනියාය..වැඩි මහළු පිරිමි සහෝදරයින් දෙදෙනාත්..එක වැඩිමහළු සොයුරියකුත් හැරුනු කල අන් සියළුම ගැහැණු දරුවන් ඇයට වඩා බාලයන් වූහ... රැකියාව ලෙස ටේලර් කෙනෙක් නැතිනම් ඇදුම් මසන්නකු වූ පියා පළාතේ ප්‍රසිද්ධ කලාකරුවෙකි..

...............මාස්ටර් යැයි කියූ පමණීන් එවකට එම ප්‍රදේශයේ ජන සමාජය ඔහුව හොඳින් හඳුනයි. ටීටර් නමින් හඳුන්වනු ලැබූ නාට්‍ය විශේෂය ජනප්‍රියව පැවති සමයේ එම පළාතේ සිටි ටීටර් මාස්ටර් ඔහුය... වාර්ෂිකව පළාතේ රඟ දක්වනු ලබන ටීටර් කිහිපයක්ම ඔහුගේ නිර්මාණ වූ අතර ඒවායේ කතාව..තිර රචනය..අධ්‍යාක්ෂණය නිශ්පාදනය සියල්ලක්ම ඔහු සතුවන අතරම ඇඳුම් නිර්මාණයත් එම ගොඩටම අයත් වේ.

රංගනයට මෙන්ම ගායනයටත් එක සේ හැකියාවක් ඇති මාස්ටර්ට සිය පවුලෙන් සෑහෙන නළු නිළියන් පිරිසක් සොයා ගැනීමට ලැබීම නාට්‍ය නිශ්පාදනයේදී අති මහත් පහසුවක් වූ අතර එම නිසාම එම පවුලේ සෑම අයකුම වයස් බේදයකින් තොරවම රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක බවට පත්ව සිටියහ... අපගේ කතා නායිකාවත් එසේම දක්ෂතා ඇති රංගන ශිල්පිනියක මෙන්ම අදටත් ඉතා සුමියුරු හඩින් ගායනයෙහි ලා සමත් කම් දක්වන්නියකි. මේ ඇගේ කතාවයි...

...............................................

නිවසින් පිටව යන්නට හදිසි තීරණයක් ගත්තද එතැන් පටන් එළඹුන දිවියේ සෑම දිනකදීම ඇය සිතින් සිය දහස් වාරයක් එම තීරණය පිළීබඳව පසුතැවුනාය කිව හොත් එය නිවැරදිය...

රූපත් තරුණයකු වූ මුත් ඇය සරණ ගිය ඔහු වෘත්තීමය සූදු අන්තුවකු බව ඇය දැනගන්නා විට බොහෝ ප්‍රමාද වී තිබිණී. අවසන දහසකුත් එකක් අඩු පාඩු මධ්‍යයේ ජීවත් වනවාට අමතරව දිනපතාම බීමතින් පැමිණෙන සැමියාගේ ඇණුම් බැණුම් පමණක් නොව ගුටි බැට දීම්වලටද ලක්වන්නට ඇයට සිදුව තිබිණ. සිය ගම්පළාත හැරදා ඔහුත් සමග කන්ත‍ලේ වැනි ඈත නොදන්නා පෙදෙසක කැලෑ බඳ ප්‍රදේශවල පොල්අතු මඩු වැනි නිවෙස් තුල දිවි ගෙවීමටත් පළමු දරුවා වූ ගැහැණූ දරුවා ඉපදෙන විටම මිය ගිය පසුව ලැබුන දෙවැනියා වූ පිරිමි දරුවාත් සමග අනන්ත දුක් කරදර මැද දිවි ගෙවා අවසන ඇය ජීවිතයේ දෙවැනි පැන යාමත් කලාය...

ඒ ඇගේ සැමියාගෙන් බේරී පලා යෑමයි...එයට හේතු වූයේ සැමියාගේ බීමත්කම..සූදූ කෙලීම..ගුටි බැට දීම් පමණක් නොව සූදූ අන්තු බේබද්දකුගෙන් විය හැකි තවත් වැරදි රාශියක් අන්තර්ගතය.. ඒ අනුව ඇය පලා ගියාය... රැකියාව පිණීස කන්තලේ පැමිණ වාඩි ගසාගෙන සිටි පිරිසේම වූ හිත හොඳ මිනිසුන් කිහිප දෙනෙකුගේ ආධාර මැද ඇය එයින් පැන ගිය අතර දරුවාද රැගෙන යාමට සැලකිලිමත් වූවාය...


එසේ ගොස් දින කිහිපයක් පමණක් සුවසේ සිටීමට ඇයට හැකි විණි.. ඒ තමා නොදන්නා නමුත් මනුස්සකම තිබූ නිවසකය..එම නිවස ඇයට අර කැලෑවෙන් පැන ඒමට උදව් කල අය විසින් සොයා දුන් තැනකි... සැනසුම තිබුනේ ස්වල්ප කලකි...එය නිමා වූයේ ඇය සොයා ආ සැමියා ඇගෙන් දරුවාව පැහැරගෙන යාමෙනි..එතැන් පටන් ඇයට එම දරුවා දකින්නට නොලැබී වසර ගණනාවක් ගෙවී යන ලදි.එම වසර ගණන වසර විස්සකට ආසන්න යැයි කිව්වහොත් එහිද වරදක් නැත.

අවසන ඇය සිය ඥාති නිවසක නැවතී සුළු රැකියාවක් කරමින් තනිවම ජීවිතය ගත කරන ලදි... ගෝනි සංස්ථාව වැනි නමකින් කියඋන..අද වන විට දන්නා තරමින් ක්‍රියාත්මක නැති ආයතනයක සේවය කරන ලද ඇය සිය සැමියාගෙන් හා දරුවාගෙන් වෙන්ව..සිය මා පියන්ගේ දෝෂදර්ශණයට ලක් වීම නිසා ඔවුන්ගේ රැකවරණයක් නැතිවම ජීවත් වූවාය... උදේ සවස බස් රථයක නැගී වැඩපලටත්..සවස වැඩ නිමවී ඥාතිවරියගේ නිවසටත් ආදී වශයෙන් යමින් එමින් රැකියාව කරගෙන දිවි ගෙවූ ඇයට ඒ වන විට වයස විසි හතරක් පමණ විය...

ඒ ඇගේ කතාවයි... එය තවත් කතාවකට සම්බන්ධ වන ආකාරය අපි තවත් ලිපියකින් කියවමු...

37 comments:

  1. මට හිතාගන්න පුළුවන් මේ කවුරු ගැනද කියන්නෙ කියලා..හදිස්සි නැතිව හෙමිහිට හැඩ කරලා ලියමු..

    ReplyDelete
  2. අය්යෝ ලකී!

    මනුස්සයෙකුගේ හැඩ ගැසීමට ජීවිතයේ හැම පොඩි සිදුවීමක්ම බලපානවා.
    ඇගේ කතාව කොහොමද ගලන්නෙ කියලා බලමු.

    ReplyDelete
  3. මෙලෝ දෙයක් නොතෙරේ.....

    ReplyDelete
  4. කිසිවක් මීටර් නැත ,කතාව මීටර් වෙන්න ඔක්කොම ටික කියවලම එන්න වෙයි වගේ. මාරයියේ දාමුකෝ ඉතුරු ටිකත් ඉක්මනට

    ReplyDelete
  5. කිසිදෙයක් නොතේරේ කොළඹට කොටි ගැහුවා වැනිය

    ReplyDelete
  6. අවුරුදු 20කට පස්සේ අම්මට පුතා මුණ ගැහුනද ?

    ReplyDelete
  7. ලස්සනට පටන් අරන් තියෙනවා මාරයියේ
    ඉතුරු ටිකත් ඉක්මනට දාමු නේ

    ReplyDelete
  8. හුරේ ! මම 8
    කෝ අද කට්ටියට අමතක වෙලාද නැත්තන් ඒ වැඩේ officially නවත්තලද?

    ReplyDelete
  9. බ්ලොගයේ වූ කරුණු කාරනා බොහෝමයක් හිත ඇතුලේ ඇති බැවින් අවස්ථා සම්බන්ධය නම් මදක් අනුමාන කල හැකි වූවත් හැමදාමත් වගේ ඒ සියල්ලම පසෙකලා කතාව විඳීමට සැදී පැහැදී සිටිමි !

    ReplyDelete
  10. එක හුස්මට කියවාගෙන නම් ගියා...ඒත් කවුද මේ " ඇය " කියන එක ගැටළුවක්....බලමු ඉස්සරහට..

    ReplyDelete
  11. මාරයියා මේ කවුද කියලා කතාව අවසානයේදී කිව්වොත් මිසක්, මේ කාගේ කවුද කියන එක මටනම් වැඩක් නෑ. මට වැදගත් කතාවයි :)

    (කතා කොටස් කරනවානම් දවසට අඩුම ගානේ එක කොටසක්වත් දාන්න ඕනේ හරිද!)

    ReplyDelete
  12. කතාවනම් කියෙවුවා අයියේ.. ඒත් මේ "ඇය" කවුද කියලා තමයි නොතේරෙන්නේ....

    ReplyDelete
  13. කිසි අවුලක් නෑ... පිළිවෙලට යනවා... ඉතින් ඊට පස්සේ?

    ReplyDelete
  14. තවත් අගක් මුලක් නැති කතාවක් පටන් ගත්තා,හැබැයි ගොයියෝ මේකවත් ඉවර කරහං,මේ වගේ කතා කීපයක්ම මග හිටියා

    ReplyDelete
  15. මම ගැන නෙවේ නේද ඔය කියන්නෙ?

    ReplyDelete
  16. මට ඉස්සෙල්ලම දැන ගන්න ඔන මොකක්ද මේ ටීටර් නාට්‍ය කියන්නේ කියලා. ඉතිරි ටික කවදද.......?

    ReplyDelete
  17. මාරයා මල්ලි මරු කතාවක් අලුත් ආරකට ලියනවා.. යමු යමු බලන්න ඉස්සරහට..

    ReplyDelete
  18. මම ඒත් මේ බැග් එකක ඇදුම් දාගෙන ඇය යනවා කියද්දී හිතුවා මේ මං ගැනවත්ද ලියන්නේ කියලා. නෑ නෑ මම ගැන නම් නෙවෙයී මොකද යද්දී මග ඔය කියපු විදියේ කෙනෙක් හිටියේ නෑ නේ. :D
    (හේ හේ ...ලකීට අදත් අල ගෙඩියක්ද ලැබුනේ?හැබෑට ඔය අල කාලා ‍බොට ඇති වෙන්නැද්ද?)

    ReplyDelete
  19. ඉතාමත් සාරවත් කථාවක් අනාගතයේදී කියවන්න ලැබේවි කියා සිතනවා.

    මෙ ලකියයි නලිනියි නිසා අපිට එක වෙන්න බැහැනේ. අපි මේක බෙදා ගමු. දවසකට එක්කෙනා ගනනේ.

    ReplyDelete
  20. උඹ මේ කතාවවත් ඉවර කරනවද කියල දැම්මම කියහං.
    කොහොම උණත් හොඳ ආරම්භයක් වගෙයි.

    අනේ අපිටනං එක වෙලා ‍මුගේ බිත්තර කන්න ඕන නෑ. :D

    ReplyDelete
  21. මට නම් නිකන් වයර් මාරුවුනා වගේ වුනා... කියවන අයව පටලවන්න කියල හිතාගෙනම ලියනවද?.. වෙනද සීරියස් කේස් වුනත් පැහැදිලව ලියල තිබුනනෙ

    ReplyDelete
  22. දැන් උඹ මේවා දැනගෙන ඉන්න ඕන...
    අද නැතත් කවදා හරි දැන ගනී..මේක මේ ගමෙන් දන්නේ උඹේ අම්මයි මායි විතරයි...
    අපේ නෑදෑයොවත් දන්නෙ නැහැ............... මම හරිද මන්දා ?

    ReplyDelete
  23. ඊලඟ කතාවෙන් සම්බන්ද වෙන විදිය බලමු....

    ReplyDelete
  24. මටත් තෙරුනේ නම් නෑ..ඉතුරු ටික කියවල තේරුම් ගන්න බලමු.. :)

    ReplyDelete
  25. මේකත් අර කතාවෙම කොටසක් බව පැහැදිලිව තේරෙනවනේ
    ඇය කවුද කියනඑක තේරුම් ගන්නත් කිසිම අපහසුවක් නැහැ

    කියවන්නන් බහුතරයක් ගැන දුකක් ඇතිවුනා :((

    ReplyDelete
  26. තෙරුනේ නම් නෑ.....

    ReplyDelete
  27. කතාවේ අවස්ථා සම්බන්දය නම් මට හිතා ගන්න පුලුහන්...

    ඒක කවුද කොතනද කියලා දැන්ම කියන්න ඕනි නෑ නේ ...

    බොට තවත් මෙවැනි ලිපි ලියන්න සිත් පහල වේවා............

    ReplyDelete
  28. කව්ද කියා අවැසි නොවුවත් කව්ද කියා දනිමි. නමුත් එය වැදගත් නැත, වැදගත් වන්නේ චරිතය තුල උපන් චිත්ත චෛයිතසික සම්බාරය හා එයින් නැගුනු ක්‍රියාවන්ය...

    ReplyDelete
  29. මේ අර ටිකක් කියල නවත්තපු කතාවෙ අනිත් පැත්ත. ගෝනි සංස්ථාව කියන කොට මතක් වුනා කව්රු ගැනද මාරය කියන්නෙ කියල.

    ReplyDelete
  30. කලබලයක් නෑ..... හෙමීට ලියමු මාරයෝ. දිග ගමනක් යන්න නම් හෙමීට හති නොවැටී යන්න ඕනෙ.

    ReplyDelete
  31. කවුද ඇය කියලා තේරුම් ගන්න කතාව ඉවර වෙනකන් කියවන්න වේ වගේ....

    ReplyDelete
  32. මාරයගෙ පරණ කතා ඔක්කොම කියවපු ඕනම කෙනෙකුට ...
    සැක කරන්න පුලුවන් නේ කවුද කියලා ...

    ReplyDelete
  33. කවුද කියලා කට්ටිය සැක කලාට මට නම් බෑ ඕන්.පරණ පෝස්ට් කියවන්න වෙයි වගේ ඒකට.ඔන්න ඔහේ ඕනෙ නෑ.කතාව කියවලාම බලමු.

    ReplyDelete
  34. මේක අර කොළුවගේ කතාවේ අතුරු කතාවද මාරයියේ?
    ලියන රටාවේ පොඩි වෙනසක් තියෙනවා.
    වෙනදට වඩා පැහැදිලියි.ඔයා එහෙම ලියනකොට හරි අමුතුයි.ඒ උනාට හොදයි.

    ReplyDelete
  35. කථාව දිග වැඩි උනාට කමක් නෑ තව ටිකක් හෙමිහිට ලිව්වොත් තව තවත් රසවත් වේවි මයෙ හිතේ. පරණ කතා ටික කියෙව්වොත් අවස්ථා සම්බන්ධය හොඳින් අඳුර ගන්න පුලුවං හැමොටම.

    ReplyDelete