11 January 2012

ගමනේ යා...

ඔන්න ඉතිං වැඩේ හරි...

බයිසි මෝටෝ එක ලෑස්තියි.. නිකං නෙවෙයි දෙපැත්තටම සයිඩ් බොක්ස් එහෙම එල්ලලා..හරිම අපූරුවට තියෙනවා..දැන් නිකං ඒක ලොරියක් වගේ... හෙන බරපතල පෙනුමයි...

සද්ද බද්ද එන තැන් හොයලා ඒවා හරි ගස්සලා සුළු සුළු දොෂ නිරාකරණය කරලා අහ් ඒ විතරද යමින් ගමන් ෆෝන් එක එහෙම චාර්ජ් කරගන්නත් පහසුකම් තියෙනවා දැන්..ඒකට ස්තූතිය හිමි වෙන්න ඕන අපේ ලකී උන්නැහේට තමා..උන්දෑ මට ඔටු දේසේ ඉදන් එද්දි ගෙනත් දුන්නා නෙව බොහෝම අපූරු හුරු බුහුටි ඉලෙක්ට්‍රික් ගැජමැටික්ස් එකක්..අද හවහා ඒකත් බයිසි මොටෝ එකට අමුණලා දැම්මා..දැන් ඒකත් වැඩ...

පෙට්ටි දෙකට තියෙන තරං බඩු මුට්ටු ටික පුරෝලා දැම්මා...දැන් ඉතිං තියෙන්නේ හෙට උදේට නැගිටලා නමෝ විත්තියෙන් පිටත්ව යන එක තමා...

ගමනේ ප්‍රධාන සැලසුම තමා පස්යාලෙන් හරවලා මීරිගම ඔස්සේ වාරියපොල පැත්තෙන් ගෙහුන් තඹුත්තේගම හරහා අනුරාධ පුරයට ගොහින් එතනින් මැදවච්චිය..වව්නියා..අලිමංකඩ ඔස්සේ යාපනයටත්...

ආපසු ගමනේදී යාපනයේ සිට සංගුපිටිය පාලම හරහා ඇවිත් පුනරීන් පැත්තෙන් ඇවිත් ඕමන්තට ලගා වෙලා ගිය පාරෙම ආපහු එන එකත්... තමා...

ඒ අතරේ 13 වෙනිදා පුළුවන් කමක් තිබුනොත් යනවා ඩෙල්ෆ් දූපතට..හැබැයි ඒක දවසම ගත වෙන ගමනක් වගේම දන්න විදියට නම් යන්න පැය එක හමාරකුත්..එන්න පැය එක හමාරකුත් ආදී වශයෙන් පැය තුනක මුහුදු ගමනකුත් තියෙනවා... කොහොම හරි බයික් එකත් දාගෙනම ගියානං කොහොමද කොළුවා ඩෙල්ෆ් දූපතේ කරක් ගහලා එනකොට... හප්පේ මතක් වෙද්දී නිකං කිචි කිචි වගේ...

එහෙම පුළුවන් උනොත් ආපහු ඇවිත් පුළුවන් තැනක් බලලා කියලා 13 රෑත් යාපනේම දපලා.. පහුවදා උදේ වරුවත් එහෙ ඉදලා දවාල‍ට ආපසු ගමන් ආරම්භ කරන්නයි කල්පනාව..සමහර විට හිතුනොත් එදා හවස් වෙනකල්ම යාපනේ අවට කරක් ගහලා රෑ වෙන්ට පැය තුනක් විතර තියලා ඇවිත් අනුරාධපුරේ නැංගුරම් දාලා පහුවදා හිමිදිරියේම එන්ටත් ඇහැකි.. කොහොම හරි මට 15 රෑ වෙන්ට මත්තෙන් ආවොත් ඇති නෙව...

ඉතිං ඔන්න ඔහොමයි තත්වේ... දැන්ට හැම දේම හොඳින් තියෙනවා..හොඳින් කෙරෙනවා... අද රෑට ටිකක් වැඩි පුර නිදාගෙන පාන්දර අවදිවෙන්ට එපෑ..එහෙනං අපි එනකල් මේ පැත්ත බලා කියාගන්ට කියලා කිව්වා... ඇවිදින් දාන්නං පොටෝ සහ විස්තර...

මට සුභ ගමන්..ඔහෙලාට සුභ අනාගතයක්..!

68 comments:

  1. චැහ්, ඇනෝ කමෙන්ට් එකක් දාන්න විදියක් නෑනේ මේ පෝස්ට් එකට.. :D
    අහන්න ප්‍රශ්ණ කීපයක්ම තියෙනවා :D :D

    ReplyDelete
  2. ඒ කියන්නෙ මං අහන්න හදන ප්‍රශ්ණය ගැන මූලික අදහසක් මාරයාට තියෙනවා කියන එකද දැන්..? :D :D :D

    ReplyDelete
  3. @Ansh Lucky Sri Jay...

    කමෙන්ට් එක නෙවෙයි උඹ ගැන මූලික අදහසක් තියේ...
    ඒ ඇති හොඳටම...

    ReplyDelete
  4. ලොල්...!!!!
    :D :D
    උඹ බය වෙලා නේද ඉන්නේ දැන්..?
    හා, හා.. මං ගියා ඔන්න.
    සුභ ගමන්...!!!

    ReplyDelete
  5. Documents එහෙම ඔක්කොම දාගත්තා නේද? ID, Passport, අර මොකද්ද card එක එහෙම. එහෙනම් දෙයියො වැඳ පුදාගෙන ගොහින් එන්ටකො මෙයා.

    ReplyDelete
  6. සුභ ගමන් මචෝ... පරිස්සමෙන් හිහින් වරෙන්.. බුදුසරණයි..!!!

    ReplyDelete
  7. හා හා පරිස්සමින් ගෙහුං එන්ට ඔන්

    ReplyDelete
  8. @Ansh Lucky Sri Jay...

    ආයෙත් කියන්න තියෙන්නේ "නටෆං" තමා...

    හරි හරි මචෝ තැන්කූ...

    @ඩී...

    පාස්පෝට් දැන් ඕන නැහැ..හැබැයි තව ඩිංගෙන් පාස්පෝට් අරං යන්න ඕන කාලෙකුත් එන්න තිබුනා..දැන්නං නිකංම පූස් පාට් එකෙන්ම ගියෑකි...
    තැන්කූ කිව්වා...

    ReplyDelete
  9. @Kush කුෂ්...

    තැන්කූ කිව්වා...

    @වර්ණා...

    වර්ණටත් තැන්කූ එහෙනං...

    ReplyDelete
  10. එහෙනම් අයියේ පරිස්සමෙන් ගිහින් එන්නෝ

    ReplyDelete
  11. @මහිම මදුරංග...

    මල්ලිටත් ස්තූතියි කිව්වා ඕං...

    ReplyDelete
  12. ජයවේවා කිවා පරිස්සමින් ගිහින් එන්ට ඉතින් .....

    ReplyDelete
  13. මතකනෙ? බයිසිකල් ඇක්සිඩන්ට් වෙනවා; මග දිගට වහිනවා; පාර දෙපැත්තෙ හොයා නොගත් බිම් බෝම්බ; කඩවල ජරා කෑම; චින්තනේට අහු නොවිච්ච පාරවල්......

    ReplyDelete
  14. @sameera...

    තැන්කූ තැන්කූ සමීර...

    ReplyDelete
  15. සුබ ගමන් අයියා.... පරිස්සමින් ගිහින් එන්න.....

    ReplyDelete
  16. සුභ ගමන්. එහේදී මෙහෙදී වගේ පාළු ස්ථාන වලට යාමෙන් වලකින්න..

    ReplyDelete
  17. @නලිනි චන්දිමා...

    මා කාටද මේක කියන්නේ...? :D:D:D

    @harshana1985...

    බොහෝම ස්තූතියි මලේ...

    ReplyDelete
  18. @Indunil...

    මෙහෙදි වගේ..? අහ් ඒ මොකක්ද බොල ඒ..?

    ReplyDelete
  19. සුබ ගමන්...පරිස්සමින් ගිහින් එන්ට

    ReplyDelete
  20. සුභ ගමන් මාරෙ..පරිස්සමෙන් ගිහින් වරෙන්...
    ඔය අපචාර ක්‍රියා වලට එහෙම යොමුවෙනවා නෙවෙයි..
    බයිසිකලේ ගමන හෙමින්...ටයර් ඕනවට වඩා රත් වෙන්න දෙන්න එපා...හැකියාවක් තිබුනොත් අමතර ටියුබ් එකක් ලග තියා ගනින්...

    ප.ලි.
    මතකනේ.අම්බලන්ගොඩ පහු වෙන්න ඕන.හික්කඩුවට පොඩ්ඩක් මෙහා..

    ReplyDelete
  21. @ නලිනි
    හයියෝ මම වැඩ...බඩු පැක් කරන්නත් ඕන. මේව බලන්නත් ඕන...මට එපාආආආආ..වෙලා තියෙන්නෙ

    ReplyDelete
  22. අමතර දත් බෙහෙත් ටියුබ් එකක්ද?

    අහ්, ඔය කිව්වෙ හරියටම පාර. :D ගිය මිනිහෙකුගෙන් පාර අහන එකේ හොඳේ....

    ReplyDelete
  23. වැරදියට හිතන්න එපා. :D

    මම කිව්වේ එහෙ තාම හැව ඇරපු හපුයියෝ ඉන්න පුළුවන් නිසා ජනයා ගැවසෙන තැන් වලට විතරක් යන ඒක ප්‍රවේසම් කියන ඒක.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. තංගච්චිව බලන්න යන්නෙ අත් දෙක වන වනාද ? පොට්ටුවක් වත් අරන් පලයන් අයියෙ ලකුණු දා ගන්නත් එක්ක....:P

    ආ තව එකක් අර ඔබා මාම කිව්ව අසනීප ගතියක් එහෙම නෑ නේද ? :P

    ReplyDelete
  26. මාරේ අයියේ පරිස්සමන් ගිහින් කාටවත් හිරිහැරයක් කරදරයක් නොකර . කාගෙ කාගෙත් හොඳ හිත දිනාගෙන් , පරෙස්සමෙන් යන දීපංකරේක ගිහිං රෑ බෝවෙන්න කලියෙන් ගෙදරට වරෙං .

    ReplyDelete
  27. පරිස්සමිං ගිහිං වරෙං මචං.

    ප.ලි.
    මතක ඇතුව ආපිකෝ සුපර් මාකට් එකකිං හරි ස්පෙයා පාට්ස් කඩේකිං හරි ටයර් ඉන්ෆ්ලේටර් කෑන් එකක් අරං පලයං. රුපියල් 1500ක් විතර වෙයි ඒත් නොදන්න පලාතක සයිකලේ තල්ලු කරනවට වඩා ඒක හොඳයි

    ReplyDelete
  28. නුවරපාරෙන් යන එක ලඟ නැද්ද.
    ඔය දැන් කොහොම ගියත් කුරුනෑගල හරහා නේද යන්න ඉන්නේ ? මීරිගමින් ගිරිඋල්ලට. ගිරිඋල්ලෙන් කුරුනෑගලට. කුරුනෑගලින් වාරියපොලට. එහෙම නේද යන්න ඉන්නේ ?

    ReplyDelete
  29. පරිස්සමින් ගිහින් එන්න මාරේ අයියා.

    ReplyDelete
  30. සුභ ගමන් මාරේ. හැබැයි පු‍තෝ ගමනෙන් යනකොට පස්ස පැත්ත බොරේට හදපු දෙල් කරිය වගේ වෙනවා. එතකොට හිටගෙනත් යනවා ටිකක් දුර. ජයවේවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  31. සුබ ගමන් මචං...
    පරිස්සමට ගිහිං ඇවිත් ගමනේ විස්තර දාපන්

    ReplyDelete
  32. එන්ජෝයි ද ට්‍රිප් කිව්වා....

    ReplyDelete
  33. දත් බුරුසුවයි,දත් බේතුයි ගත්තද? හා,,හා සුභ ගමන්

    ReplyDelete
  34. සියලු සිතුම් පැතුම් සාර්ථකව ඉටු කරගෙන (තංගච්චිවත් බලාගෙන) කරදරයකින් තොරව නැවත පැමිණෙන්න හැකියාව ලැබේවා.

    සුබ ගමන් මාරයෝ...

    ReplyDelete
  35. ජයවෙවා මාරයියෙ ..!!ඩෙල්ෆ් වලට නම් බයික් එක අරන් යන්න එක සුවර් නෑතො..!!එහෙ පොඩි බස් එකක් තියනවා වගෙ මත්කයි..!! පරිස්සමින් ගොහින් වරො ..!!

    ReplyDelete
  36. අර්ථ සම්පන්න ගමනක් ගිහින් වටිනා අත්දැකීම් සම්භාරයක් එකතු කරගන්නට හැකිවේවා..සුබ ගමන්..සුබ අනාගතයක්!

    ReplyDelete
  37. සුභ ගමන් සඟය. මා ඔබ තරම් පිනැත්තෙක් නොවේ.

    ReplyDelete
  38. අනුරාධපුරේ ටවුමෙනුත් යනවද?

    ReplyDelete
  39. පරිස්සමින් ගිහිං එන්න ලැබේවා..

    ReplyDelete
  40. පරිස්සමින් ගිහින් එන්ට අයියා....

    ReplyDelete
  41. සුබ ගමන්....යන තැනක පරිස්සමින් ගිහින් වරෙන්....

    ReplyDelete
  42. බුදු සරණින් පරිස්සමින් ගිහින් එන්න අයියේ.
    එද්දී මට කොට්ට කිලංගු ගේන්න අමතක කරන්න එපා හොදද?

    ReplyDelete
  43. මරයියේ ජයවේවා..එහේනං..ගෙහුං එන්ඩො..හැබැ පරිස්සමෙන් ඔය බයික් මොටො එකේ...

    ReplyDelete
  44. චේ ගුවේරා ඒ කාලේ කිලෝ මීටර බර ගානක ටුවර් එකක් ගිය කතාවක් මම කියෙව්වා. ඒත් මේ වගේම බයිසිකලේක. පස්සේ කාලෙක ඒක දැන් පුරාවස්තුවක් කරලා..

    අපේ මාරයටත් එහෙම වෙයිද? සුභ ගමන් කීවා හොද ෆොටෝ ටිකක් බලන්ට හැකි වෙයි..

    අපිට සුභ අනාගතයක්..! නෙවේ බොල "විශ්වාසනිය වෙනසක්" :)

    ReplyDelete
  45. ගිහින් ඇවිත් ඒ විස්තර අපිත් එක්ක කියමු මාරේ අයියේ.. සුභ ගමන්...

    ReplyDelete
  46. සුභ ගමන්, කොහෙන්ද ඹය සයිඩ් බොක්ස් ගත්තෙ

    ReplyDelete
  47. අපි පොඩි කාලෙ කානිවල් වල එහෙම පෙන්නුව 'මාරක ලිඳේ මෝට සයිකල් ධාවනය' කියල එකක්. මේකත් ඒ වගේ එකක්ද?

    ReplyDelete
    Replies
    1. මාරක ළිඳේ සීන් එක නං තාම තියෙනව නොවැ. මේක අළුත් එකක්, මාර බයිසිකල් චාරිකාව.

      Delete
  48. හපොයි වෙලාවට ලංකාව දූපතක් උනේ. නැත්තං මූ කොහෙං නවතීද කියන්න බෑ.
    සුභගමන්!

    ReplyDelete
  49. මරේ අයියා සුබ ගමන්...කුරුණෑගල පාර A28 මේ දවස්වල අළුත් වැඩියා කරනවා...ජාතියට තොප්පිය(දැයට කිරුළ) වෙනුවෙන්..... තාම හදලා ඉවර නම් නෑ....තඹුත්තේගම තලාව හරිය කොහොමද දන්නෑ.... දූවිලි නාන්න වෙයි.....අවුලක් නෑ....පරිස්සමෙන් ගිහින් එන්න....පින්තූර ගන්න හො‍ඳේ.... :D

    ReplyDelete
  50. සුභ ගමන් මාරයියේ

    ReplyDelete
  51. Wish your a Safe and Happy trip..........

    ReplyDelete
  52. Wish your a Safe and Happy trip..........

    ReplyDelete
  53. අනේ උබ තනියමද යන්නේ අයියේ? පරිස්සමට ගිහෙන් වරෙන් ......

    ReplyDelete
  54. පරිස්සමට ගිහින් එන්ඩ මාරයියෙ. බුදු සරණයි!

    ප. ලි.
    අර බයිසිකලේ යන ගමන් ගන්න පොටෝ කෑලි නැතුවට කමන්නෑ... හරිය?

    ReplyDelete
  55. හදිසියේ වතුර ටිකක් එහෙම හොයා ගන්ඩ බැරි වුණොත් කියලා ටිෂූ බොක්ස් එකකුත් අරන් පලයන්....

    ReplyDelete
  56. ඇහුවම ඉරිසියත් හිතෙනවා.
    අපිට කොහෙද පූසෝ මාළු අපි යනවද මූදු
    පරිස්සමෙන් ගිහින් එන්න මාරයියේ.

    ReplyDelete
  57. පරිස්සමෙන් ගිහින් එන්න.... බුදු සරණයි...!!

    ReplyDelete
  58. වෙලාවෙ හැටියට ඩෙල්ෆ් වල බූරිවොත් එක්ක පොටෝ ගහනවද දන්නැ නෑ.

    සුභ ගමං මාරයෝ. විස්තර ගොඩකුත් එක්ක පරිස්සමෙන් එන්න

    ReplyDelete
  59. සුභ ගමන් මාරයියා...

    ReplyDelete
  60. මාරේ අයියේ, පොඩි බැනර් කට්ටකුත් එල්ලන් පලයන්කෝ බයිසි මොටෝ එකේ. මේ අනේ මොනවා නැතත් ලැපියා චාජ් කරගනින් බුදු අයියේ, දවස ගානේ අප්ඩේට් ඕනා... මේ වගේ වැඩක් කරන පළමු බ්ලොග් රචකයා විදියට මාරේ අයියා ඉතිහාස ගත් වේවි...

    පරිස්සමින් ගොහින් එන්ට !!! ජයවේවා !!!

    ReplyDelete
  61. පරිස්සමින් ගෙහුං එන්ඩකෝ එහෙනම්... ජය වේවා!!!

    ReplyDelete
  62. දැන් මේක දැක්කෙ... මුන්දැ ගිහිල්ල ඇවිල්ලත් ඉවරනේ

    ReplyDelete